‘ආසනික්’ වසංගතයට බෙහෙත් තියෙනවා, ඒවාත් හේතුව කියපු තැනින්මයි

ආසනික්‌ තවමත් දිරවගන්න බැරි ද?

රජරට වකුගඩු රෝගයට හේතුකාරක අනාවරණය කර ගැනීම උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධානය වසර කිහිපයක්‌ පුරා සිදු කළ පර්යේෂණයක තොරතුරු සමුදායක්‌ පසුගිය සතියක එළිදැක්‌විණි. එහි දී හෙළි වූයේ රෝගය හට ගැනීමට ආසනික්‌, කැඩ්මියම් සහ ඊයම් වැනි බැර ලෝහවල සබඳතාවක්‌ තිබිය හැකි බවයි.

රෝගයට හේතුව ආසනික්‌ සහ කිවුල් ජලය බවට සාධක පළමු වරට ඉදිරිපත් කරන ලද්දේ මෙරට ස්‌වාධීන පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසිනි. එම අදහස්‌ නිසා රටේ මහත් ආන්දොලනයක්‌ මතු විය. එම පර්යේෂණ කණ්‌ඩායමේ සාමාජිකයකු වන රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා මේ අළලා ප්‍රශ්න -පිළිතුරු ස්‌වරූපයෙන් දක්‌වන අදහස්‌ සමූහයක්‌ මේ ලිපියට ඇතුළත් වෙයි.

ප්‍රශ්නය : යටපත් ව ගිය ආසනික්‌ පිළිබඳ සංවාදය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාවරණයත් සම`ග නැවත ඉස්‌මතු වී තිබෙනවා. ඒ ගැන අදහස කුමක්‌ ද?

පිළිතුර : සත්‍යය කවර දා වත් යටපත් කරන්න බැහැ. එය වතුරේ ඔබපු රබර් බෝලයක්‌ වගෙයි. කොයි වෙලාවේ හරි ඉස්‌මතු වෙනවා. මේකත් ඒ වගේ අවස්‌ථාවක්‌. යටපත් කරන්න තද කරලා, ඔබා ගෙන හිටපු රබර් බෝලය ටිකක්‌ උඩට ආවා. හැබැයි ඉතිං මේ අනාවරණය හරි හමන් එකක්‌ නො වෙයි. නැහැයි කියන්න බැරි නිසා බොහෝ ම අකැමැත්තෙන්, අමාරුවෙන් කරපු ප්‍රකාශයක්‌ වගෙයි පෙනෙන්නේ. මේකෙන් හොඳකුත් වුණා. රජරට වකුගඩු රෝගයට හේතුව ෆ්ලෝරයිඩ් ය, සයනොබැක්‌ටීරියා විෂ ය වගේ කොහෙත් ම පිළිගන්න බැරි අදහස්‌ මේ මඟින් ප්‍රතික්‌ෂේප වුණා.

ප්‍රශ්නය : ඇයි ෆ්ලෝරයිඩ්, සයනොබැක්‌ටීරීයා විෂ, රෝගයට හේතුකාරකය නො වේ ය කියා ප්‍රතික්‌ෂේප කරන්නේ?

පිළිතුර : අපි මේක මුල ඉඳන් ම කිව්ව කාරණයක්‌. ෆ්ලෝරයිඩ් නිසා හරි, ඇලුමිනියම් ෆ්ලෝරයිඩ් නිසා හරි මේ වගේ වකුගඩු රෝගයක්‌ හටගන්න බැහැ. අනෙක ලංකාවේ භූගත ජලයේ ෆ්ලෝරයිඩ් වැඩි තැන්වල නෙවෙයි රෝගීන් වැඩි. අපි මේක කිව්වට පස්‌සේ සමහරු ලංකාවේ ෆ්ලෝරයිඩ් සිතියමත් වෙනස්‌ කළා තමන් ගේ මතය නිවැරැදියි කියලා පෙන්වන්න. ඒත් හරි ගියේ නැහැ.

සයනොබැක්‌ටීරීයා විෂ තියෙනවා නම් තියෙන්නේ වැව්වල. ඒත් සියයට අනූ නවයයි දශම නවයක්‌ ම මේ ලෙඩේ හැදෙන්නේ ළිං ජලය බොන අයට. වැව් වතුර බොන අයට වකුගඩු ලෙඩ නැහැ. ඒකෙන් ම පේනව නේ සයනොබැක්‌ටීරීයා කතාව “යන්නේ කොහෙද මල්ලේ පොල්” උත්තරයක්‌ බව.

ප්‍රශ්නය : රජරට වකුගඩු රෝගයට හේතුකාරක පිළිබඳව, ආසනික්‌ කණ්‌ඩායමේ අදහස නැවත පැහැදිලි කළොත්..

පිළිතුර : කෘමිනාශක, වල්නාශක, දිලීරනාශක, රසායනික පොහොරවල (විශේෂයෙන් ටි්‍රපල් සුපර් පොස්‌පේට්‌) තියෙන ආසනික්‌ රජරට කුඹුරුවලට වැටුණ ම අනෙක්‌ පස්‌ වර්ගවලට වඩා වැඩියෙන් රඳවා ගන්නවා. කාලයක්‌ යනකොට ඒ ආසනික්‌ භූගත ජලයට එකතු වෙලා, කිවුලත් එක්‌ක සම්බන්ධ වෙනවා. ඒ කිවුල් වතුර බිව්වම “කිවුල + ආසනික්‌” සංයෝග වකුගඩුවල තැන්පත් වෙලා වකුගඩු ලෙඩේ හැදෙනවා.

ප්‍රශ්නය ( පිරිමි අයට ලෙඩේ වැඩියි කියන්නේ කොහොම ද?

පිළිතුර : ඒක හරි සරලයි නේ. මේ ලෙඩේ හැදුණු අය ගෙන් 85%ක්‌ ම පිරිමි අය තමයි. අද රජරට ප්‍රදේශවල භූගත ජලයේ කිවුලත් එන්න එන්න ම වැඩි වෙනවා. හැබැයි ඒ කිවුල් රස වැඩි වෙන්නේ කැල්සියම්, මැග්නීසීයම් ලවණ වැඩි වීම නිසා ම නො වෙයි. කෘෂි රසායන ද්‍රව්‍යවල තියෙන විවිධ අයන භූගත ජලයට එකතු වෙලා අද “ලවණ සුප්” එකක්‌ වෙලා. ඒ වතුර බොන්න බැහැ. එළියට බැහැලා සූර්ය රශ්මියට නිරාවරණය වෙලා ගොවිතැන් බත් කරන්නේ පිරිමි අය. ඒ අය ගේ ඇඟේ තියෙන වතුර ටික දැඩි සූර්ය තාපය හමුවේ වාප්ෂ වෙනවා. වතුර තිබහ එනවා. ඒත් බොන්න තියෙන්නේ කිවුල් වතුර. ඒවා බොන්න බැහැ. අප්පිරියයි. ඉතින් උගුරක්‌ දෙකක්‌ බීලා නිකන් ඉන්නවා. මේ පිරිමි ගොවි මහත්වරු යම් විදියකට විජලනයට (Heat stress and dehydration) පත් වෙනවා. එතකොට වකුගඩු ඇතුළේ ග්ලූකෝස්‌, ෆ්රක්‌ටෝස්‌ බවට පත් වෙලා වකුගඩුවලට විෂක්‌ ලෙස ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒක මේ අය ගේ වකුගඩු ගැහැනු අයට වඩා නරක්‌ වෙන්න ප්‍රධාන හේතුවක්‌. විජලනයට ලක්‌ වුණහම ඇඟේ තියෙන විෂ ද්‍රව්‍යවල සාන්ද්‍රණයත් ඉහළ යනවා. ඒකත් වකුගඩුවලට අහිතකරයි. ඒ ඇරුණාම කෘෂි රසායන ද්‍රව්‍යවල තියෙන ආසනික්‌ පහසුවෙන් ම සම හරහා අවශෝෂණය වෙනවා. මේවා පාවිච්චි කරන්නෙත් පිරිමි අය නේ. ඔන්න ඔය හේතු නිසා තමයි පිරිමි අයට ලෙඩේ වැඩි.

ප්‍රශ්නය : මේ අසනීපයට “කැඩ්මියම්” කියන බැර ලෝහයේ සම්බන්ධතාවක්‌ තියෙන බව තවත් පිsරිසක්‌ කියනවා. ඒ ගැන අදහස?

පිළිතුර : ඇයි නැත්තේ? තියෙනවා. කැඩ්මියම් කියන්නේ වකුගඩු විෂක්‌. කිවුල සහ ආසනික්‌ එකතු වෙලා තනන සංයෝගවලින් වකුගඩුවලට හානි කරන කොට එතැනට කැඩ්මියමුත් ආව ම “කොරේ පිටට මරේ ” වගේ. කැඩිමියම් කියන්නේ මේ අසනීපය උග්‍ර කරවන්න හේතු වන සාධකයක්‌. හැබැයි කැඩ්මියම් නැතුවත් මේ අසනීපය හැදෙනවා.

ප්‍රශ්නය : ඒත් ඒ කණ්‌ඩායම රෝගයට ප්‍රධාන හේතුව කැඩ්මියම් කියලා තරයේ ම කියා සිටිනවා.

පිළිතුර : ඔව්, ඕන කෙනකුට තමන් ගේ මතයක්‌ දරන්න පුළුවන්. දැන් ඔය කාලයක්‌ තිස්‌සේ කණ්‌ඩායමක්‌ රට දෙවනත් කළේ, ලෙඩේ හැදෙන්නේ ෆ්ලෝරයිඩ් නිසා කියලා. හැබැයි මොන මතය දැරුවත් ඒ මතයට පුළුවන් වෙන්න ඕනේ රෝගයේ ස්‌වභාවය, රෝග ව්‍යාප්තිය සංගත විදියට පැහැදිලි කරන්න. කැඩ්මියම් විතරක්‌ රෝගයට හේතුව ය, කැඩ්මියම් ප්‍රධාන හේතුකාරකය ය කියලා ගත්තොත් රජරට වකුගඩු රෝගයට එහෙම පැහැදිලි කිරීමක්‌ කරන්න බැහැ.

ප්‍රශ්නය : “කැඩ්මියම් ” අදහස අනුව පැහැදිලි කරන්න බැරි දේවල් මොනව ද?

පිළිතුර :

01. කැඩ්මියම් එන්නෙත් රසායනික පොහොරවලින්. මේ රසායනික පොහොර රටේ හැම තැන ම පාවිච්චි කරනවා. මාතරත් ගහනවා. ගාල්ලෙත් ගහනවා, ගම්පහත් ගහනවා. ඇයි එහෙනම් ඒ ප්‍රදේශවල ලෙඩ නැත්තේ?

02. රෝගීන් ගෙන් 99.9%ක්‌ ම භූගත ජලය පානය කරපු අය. වැව් වතුර බීපු අයට ලෙඩේ නැහැ. හේතුව කැඩ්මියම් නම් ඇයි ඒ?

03. ඇයි ලෙඩ්ඩුන් ගෙන් 85%ක්‌ ම පිරිමි අය වෙන්නේ?

04. දීර්ඝ කාලීන කැඩ්මියම් විෂ වීමක දී දක්‌නට ලැබෙන අස්‌ථි සංකූලතා සහ වෙනත් රෝග ලක්‌ෂණ මේ රෝගීන් ගේ නැහැ. ඒ ඇයි?

05. රෝගය හැදෙන්නෙ කන කෑමවල තියෙන කැඩ්මියම් නිසා නම්, ඇයි රජරට මිනිස්‌සුන්ට විතරක්‌ මේක හැදෙන්නේ? ආහාර ද්‍රව්‍යවල තියෙන කැඩ්මියම් ප්‍රමාණය මේ වගේ වකුගඩු රෝගයක්‌ හදන්න කොහොමත් ප්‍රමාණවත් නැහැ.

ප්‍රශ්නය : එහෙනම් ඇයි කැඩ්මියම් අදහසට පිළිගැනීමක්‌ ලැබිලා තියෙන්නේ?

පිළිතුර : ඒකට හේතු කිහිපයක්‌ තියෙනවා. කැඩ්මියම් කියන්නේ වකුගඩු විෂක්‌ කියන කාරණය බටහිර විද්‍යාඥයෝ තහවුරු කරගෙන තියෙනවා. හැබැයි ආසනික්‌ සුළු ප්‍රමාණවලින් ශරීරගත වීම නිසා වකුගඩු රෝග ඇති වෙනවා කියන කාරණය බටහිර විද්‍යාඥයෝ තහවුරු කරගත්තේ බොහෝම මෑතක දී. ඒත් තාම පර්යේෂණ මට්‌ටමේ තියෙන්නේ. ඇරත් කිවුල් ජලය සහ ආසනික්‌ කියන කාරණය මීට පෙර ලෝකයේ කතා බහට ලක්‌ නො වුණ දෙයක්‌. අලුත් අදහසක්‌ අපි ඉදිරිපත් කළාම ඒක කොච්චර සංගත වුණත්, තත්ත්වය පැහැදිලි කළත්, තියෙන සාධක සම`ග කොච්චර ගැලපුණත්, කිව්වේ සුද්දො නො වන නිසා පිළිගන්න බැරි හීනමානයක්‌ අපේ සමහර අය ගේ තියෙනවා.

කැඩ්මියම් නිසා වකුගඩු රෝග හැදෙනවා කියන එක සුද්දො කියපු එකක්‌ නේ. අපේ රටේ තියෙන අසනීපය පැහැදිලි කරන්න ඒ අදහසට බැරි වුණත්, සුද්දො කියපු එක “කට්‌ ඇන්ඩ් පේස්‌ට්‌” කළා ම ඒක හරි කියලා සමහරු හිතනවා.

හැබැයි කැඩ්මියම් එන්නෙත් මේ කෘෂිරසායන ද්‍රව්‍යවලින්. මම ඉස්‌සෙල්ලා කිව්වා වගේ මේ ලෙඩේට ඒකෙත් සම්බන්ධයක්‌ තියෙනවා. කැඩ්ම්යම් මේ ලෙඩේට හේතුවක්‌ ය කිව්වම, ඒ අදහස මුලින් ඉදිරිපත් කරපු මහාචාර්ය සරත් බණ්‌ඩාර මහත්තයාට ගොඩක්‌ අපවාදවලට ලක්‌ වෙන්න සිද්ධ වුණා. මොනවා වුණත් එතුමා රසායනික පොහොරවල තියෙන භයානකකම ගැන දිගින් දිගට ම කිව්වා. ඒ නිසා එතුමා ගැන අපේ තියෙන්නේ ගෞරවයක්‌. දැන් කරන්න ඕන ආසනික්‌ ද, කැඩ්මියම් ද, කියලා මරාගන්න එක නෙමෙයි. මේ දෙක ම එන්නේ බාල තත්ත්වයේ කෘෂි රසායනවලින් නිසා ඒකට වැට බඳින එක.

ප්‍රශ්නය : ආසනික්‌ වකුගඩු රෝගයට හේතු වන බව මුල් වරට කිව්වෙ කවුද?

පිළිතුර : ආසනික්‌ නිසා මේ ආකාරයේ වකුගඩු රෝගයක්‌ ඇති වන බව කිවිවේ අපි. ඒකට කිවුල සෘජු ව ම සම්බන්ධයි. 2011 ජනවාරි මාසයේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ, වසංගත රෝග ඒකකයේ තිබුණා ඔය ලෝක සෞඛ්‍ය සංවිධාන පර්යේෂණ කණ්‌ඩායමේ රැස්‌වීමක්‌. එදා තමයි රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ කියන එක මුල් වරට අප කිව්වේ. එදා වෙනකල් මේ පර්යේෂණ කණ්‌ඩායම ආසනික්‌ ගැන හිතලා වත් තිබුණේ නෑ. ඊට පස්‌සේ තමයි ඒ අය ආසනික්‌ ගැන හොයන්න පටන් ගත්තේ ඕන නම් මට ඒ සඳහා ලිත සාක්‌ෂි ඉදිරිපත් කරන්න පුළුවන්.

මම බය නැති ව කියනවා රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ සහ කිවුල. තව අවුරුදු 100ක්‌ පර්යේෂණ කරලා හරි ඔය නැහැයි නැහැයි කියන අයට ඕක පිළිගන්න වෙනවා.

හැබැයි වකුගඩු රෝගය කියන්නේ ප්‍රශ්නෙන් 1/4ක්‌ පමණයි. මේ පළිබෝධනාශක, රසායනික පොහොර ගහලා වවන හැම කෑමක ම ආසනික්‌ අඩංගුයි. ඒවා කෑවා ම ආසනික්‌ අක්‌මාවේ තැන්පත් වෙනවා. දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා තමයි අනෙක්‌ ප්‍රධාන ව්‍යසන තුන. මුළු දකුණු ආසියාවෙන් ම වැඩියෙන් ම රසායනික පොහොර පාවිච්චි කරන්නේ අපි. වෙළෝද පොළේ තියෙන හැම පළිබෝධනාශකයක ම වගේ ආසනික්‌ අඩු වැඩි වශයෙන් තියෙනවා. ආසනික්‌ කියන්නේ ලෝකයේ තියෙන අංක 01 පිළිකාකාරකයක්‌. බලන්න අද රටේ පිළිකා රෝගීන් අසාමාන්‍ය ලෙස වැඩි වෙන හැටි. මේක පැහැදිලි කරන්න වෙන ක්‍රමයක්‌ තියෙනව ද?

පාසල් ළමයින් ගෙන් 15% – 20%ක්‌ දියවැඩියා රෝගීන්. ඇයි මේ ආසනික්‌ අංශු මාත්‍ර ප්‍රමාණයක්‌ ටික කලක්‌ ශරීරගත වුණා ම දියවැඩියාවට වුණත් මඟපාදනවා. ආසනික්‌වලට පුළුවන් අග්න්‍යාශයේ ඉන්සියුලින් හදන එක නවත්වන්න. ඒ වගේ ම අක්‌මාවේ ග්ලූකෝස්‌-ග්ලයිකොජන් පරිවෘත්තියටත් ආසනික්‌වලින් බාධා ඇති වෙනවා. ඒකෙ අවසන් ප්‍රතිඵලය තමයි දයවැඩියාව. හෙපරීන් කියන සංයෝගය නිපදවන්නේ අක්‌මාවෙන්. ආසනික්‌වලට පුළුවනි ඒ සංයෝගය නිපදවන එක අඩු කරන්න. එහෙම නැතිනම් හැදෙන සංයෝගයේ ව්‍යුහය වෙනස්‌ කරන්න. හෙපරින් තමයි අපේ ඇඟේ රුධිරය කැටි ගැහෙන්න නො දී තියාගන්නේ. ඉතින් අහන්න දෙයක්‌ ද හෘදයාබාධ, මොළයට රුධිරය යන වාහිනීවල කැටි ගැසීම් ඇති වෙන එක. අද අපේ ගම්වල මිනිස්‌සුන්ට, මෙච්චර මහන්සි වෙලා වැඩ කරලත් මෙච්චර හෘදයාබාධ හැදෙන්නේ “හැම් බේකන්” කාල ද? නැහැ, ආසනික්‌ කාලා. ඒකයි මම කියන්නේ රජරට වකුගඩු රෝගය කියන්නේ ප්‍රශ්නේ එක කොටසක්‌ පමණයි. අනෙක්‌ ඒවා ගැන තාම කතා කරන්න වත් අරගෙන නැහැ.

ප්‍රශ්නය : මොකක්‌ ද ඉදිරිපත් කරන විසඳුම?

පිළිතුර : මුලින් ම මේ වකුගඩු රෝගය තියෙන ප්‍රදේශවල මිනිසුන්ට කිවුල නැති පිරිසිදු වතුර දෙන්න ඕනේ බොන්න.

ආසනික්‌ ද, කැඩ්මියම් ද, මේ හැම ජරාවක්‌ ම රටට එන්නේ බාල තත්ත්වයේ කෘෂි රසායනවලින්. වහා ම නිසි ප්‍රමිතියක්‌ ඇති කෘෂි රසායන පමණක්‌ රටට ගෙන්වන්න පියවර ගන්න ඕන.

ඒ වගේ ම මධ්‍යකාලීනව සහ දිගුකාලීනව කෘෂි රසායන භාවිත නො කරන ගොවිතැනකට ගොවීන් යොමු කරන්නත් ඕනේ.

ප්‍රශ්නය : එහෙම ගොවිතැනක්‌ තියෙනව ද?

පිළිතුර : ඔව් තියෙනවා. 2012 මැයි 30 විදුසර සතියේ විමසුම හැටියට මම ඒ ගැන ලිපියක්‌ ලිව්වා. ඒක කියවලා බලන්න.

ප්‍රශ්නය : මේ දවස්‌වල මොනව ද කරන්නේ? වකුගඩු රෝග පර්යේෂණ ඉවර ද?

පිළිතුර : ඉවර නෑ. දැන් තමයි හොඳ ම ටික. අපේ හේතු දැක්‌වීම මත පදනම් වෙලා දැන් අපි ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවා. ඔය මොන පණ්‌ඩිත කතා කිව්වත් කාට ද පුළුවන් වකුගඩු අසනීපේ සුව කරන්න. ලෙඩේ තියෙන පැත්තේ ම තියෙන පැළෑටි වර්ග කිහිපයක්‌ යොදාගෙන අපි ප්‍රතිකාර පටන් අරගෙන තියෙන්නේ. මූලික පර්යේෂණ සාර්ථකයි. මේ වෙලාවේ ඔක්‌කොම විස්‌තර දෙන්න බෑ. හැබැයි සුබ පෙරනිමිති ගොඩක්‌ තියෙනවා. මතක තියාගන්න, මේ ප්‍රතිකාර ගැන දැනුම අපට ලැබුණෙත් අර ලෙඩේට හේතුව කියපු තැනින් ම තමයි.

අපි බලමු කෝ ලෙඩ්ඩු හොඳ වෙන කොට මේ අය කියන්නේ මොකද කියලා….!

- විදුසර පුවත්පතෙනි

40,796 Viewers

62 Comments to “‘ආසනික්’ වසංගතයට බෙහෙත් තියෙනවා, ඒවාත් හේතුව කියපු තැනින්මයි”

  1. Potheguru says:

    can we find a medicine for AIDS from the God

    • Nishan says:

      කෙම්මුර දවස්වල දේවාලෙකට ගිහින් පොඩි ට්‍රයි එකක් දාල බලපන්.

    • Balaveagaya says:

      potheguru Deffinietley God will advise you to behave your self !

    • Seya says:

      You don’t have to ask god, any idiot should know that, protected sex and prevent infidelity would cure the Aids eventually or atleast won’t get HIV virus.

      IDiot

    • nilik says:

      Aids is something you get from immoral behavior. Finding a cure for it would give freelicense for all types of people to engage in all types of things.
      If a god ‘ were to treat people instead of doctors, S/he would never attend to aids guys.
      ( True there are children who get aids from mothers that is collateral damage. Best thing is to castrate those who get aids )

    • ඈතුලාන්තය says:

      හාපො ඔය ලෙඩෙට බෙහෙත් නෑති එකමයි හොද

  2. Dr.Ranjan says:

    Arsenic in groundwater and health problems in Bangladesh
    Md.Masud Karim,
    Dainichi Consultant Inc., 3-1-21 Yabuta Minami, Gifu 500-8384, Japan
    Received 1 July 1998. Accepted 1 March 1999. Available online 19 November 1999.
    http://dx.doi.org/10.1016/S0043-1354(99)00128-1, How to Cite or Link Using DOI
    Cited by in Scopus (164)
    Permissions & Reprints
    Abstract
    Arsenic is listed as a hazardous material and is a suspect carcinogen, reportedly responsible for lung and skin cancers. It is also a teratogen, which means that it is capable of crossing the placental membrane into the metabolic system of unborn children. The level of arsenic allowed in drinking water has been set at 0.01 mg/l by the World Health Organization (WHO). However, the maximum permissible limit of arsenic in drinking water of Bangladesh is 0.05 mg/l. The actual toxicity of arsenic to the human body varies depending on several factors as general health and diet. It is a cumulative substance, which slowly passes out of the body through urine, hair, fingernails/toenails and skin. In Bangladesh, most of the recognized stages of arsenic poisoning have been identified. The risk of arsenic poisoning in Bangladesh is increasing. The number of patients seriously affected by arsenic in drinking water has now risen to 7000 demanding extensive research in this field.

    This note addresses tubewell contamination in groundwater and health-related impacts. A previous study made by the author presents the subsurface occurrence of arsenic and the reason of contamination. The latest statistics available on the arsenic contamination in groundwater indicate that 52 districts around 80% of the total area of Bangladesh and estimate that around 40 million people are at risk. Patients with melanosis, leuco-melanosis, keratosis, hyperkeratosis, dorsum, non-petting oedema, gangrene and skin cancer have been identified. Among the affected people, the most common presentations are melanosis (93.5%), keratosis (68.3%), hyperkeratosis (37.6%) and dipigmentation (leuco-melanosis) (39.1%). Cancers were found among 0.8% and actinic keratitis and Bowen’s disease are identified among 3.1% cases. According to available data the Dhaka Community Hospital (DCH) identified 1903 patients with arsenical skin manifestations, the National Institute for Preventive and Social Medicine (NIPSOM) listed 800 arsenicosis patients and the Institute for Post-Graduate Medical Research (IPGMR) investigated 250 arsenical skin lessions patients.

  3. chin says:

    Horen Aran Kiyanne Mokakda Yako me minissu eda indala kiwa de

  4. 56 දරුවා says:

    Lucky
    ඔබේ දැනුම ගැන සන්තෝසේ බෑ.ඇඬෙනව තනි ඇහැට…
    මෝඩයෝ මුලින්ම මේ මනුස්සය චන්දෙ ඉල්ලුවේ MC එකට නෙවෙයි. පාර්ලිමේන්තුවට.

    අනිත් එක WHO එකේ වාර්ථා කොහොමද ඕයි ඒව හදන්නත් කලින් හොරකම් කරන්නේ.මේක ගැන කියල දැන් අවුරුදු දෙකක් විතර වෙනව. WHO වාර්ථාව ආවේ මේ මෑතකදි.

    උඹ නම් මේක ගැන පොඩි ළමයෙක් තරම්වත් දෙයක් නොදන්න බවයි පේන්නේ.
    අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

    • Lucky says:

      56 Daruwa, moo kohen hari chande illapu ekek ne. MC ekataka wada parliment yanna publicity one nisa wenna athi beheth hoya gaththa kiyanne.

      mama danna tika gena adana umba, godak danna patai penne. menna link eka http://www.island.lk/2008/02/01/features2.html

      WHO report ekak eka dawasen gahanna be. Okata data collect kara 3-4 years idala. commitee eke godak aya hitiya. Anika, oya committee eka thibuna serama hypothesis study keruwa. Report eka publish karanna godak kalekata kalin me group eka meeting waladi thamange observation kiwwa. Me hora research porawal ewa deyyangen hamba una kiyala porawal wenna hadanawa. 56 daruwa, obatath channa ta wagema deyyange hal kewila

      • Dr.Herath says:

        Dont lie.you dont know the truth.no body has not even suspect arsenic as an etiological factor for CKDu until Dr.Channa and group expressed it in the scientific committee meeting of the WHO on 18th January 2011.It has been clearly mention in the committee minutes.Credit should go to due place and persons.I was at that meeting and many people ewere witnessed.

        • Lucky says:

          I don’t lie Dr Herath. This is a CKD symposium and not the scientific session of SLMA. The difference is, all groups with different theories were invited to present. Look at the other presentations as well. There are so many theories.

          I simple terms, Jayasumana and his God team is not the first people to talk about arsenic and renal disease. Arsenic had been recognised as a known contributiong factor for can be a cause of parties were invited (please do a simple google search or advanced pubmed search, you will find papers like this one published before 2008 – http://pmj.bmj.com/content/79/933/391.abstract). What this group does is misleading people using media and making it hard to controll this epidemic. In any health or epidemic situtaion like this, public awareness and media play should be used properly for the public interest not for personal interests.

          And also read jayasumana’s abstract. in this case study, his controll is not really a controll. What he could do is select another controll from group of people recently move in to NCP to look at the level of arsenic accumilation over time. And also, they should have looked at the other habits such as alcohol consumption as Kasippu is a well known heavy metal source. what they have done is not a proper comparison which can lead to a strong conclusion. If you are a real professional, learn to read, question and understand before following like a blind man.

          CKD situation is a good example for the poor science practiced some sri lankan groups. Once, in 2007, a guy went on a TV and said that tank fish causes renal failure. Then people stopped eating tank fish which is the main source of protein for people in North Central Province. It could increase the malnutrition.

          My simple point is that this should be further investigated as a likely reason before jumping in to conclusions. Otherwise people will continue to die without preventing the real cause. To do that, it is very important to re-educate ” just followers without basis” like Herath.

        • Dr.Herath says:

          Lucky, you are so unlucky.your link does not reveal anything related to CKD.Dont mislead people.Hard water-Arsenic theory has not been formulated in anywhere in the world before this group introduced.Other thing is please remember in human poisoning no need of controls to compare.If it is poisoned that is it.there is a threshold for poisoning.if that level is exceeded it is poisoning.In medical setup no need to compare it with controls.research are different when dealing with living beings.

  5. බබා says:

    අපෙන් සුබ පැතුම්……

  6. ලක්මාල් says:

    අනේ බං උඹයි මායි දන්න විහිළු…

  7. wasantha says:

    Dr.Jayasumana , i think you have done great job.please save our innocent people. and do not stop fight against these educated liars

    • shaki says:

      And Dr. Jayasumana is a good man who try to save our heritage. I have read his articles in widusara news paper also. Good luck sir.
      I know professor Illeperuma well. He is my teacher. His knowledge is great, and all I know is he is not a man who worship western. But in this case we need a initiation to solve this. So good luck, this is good entrance to stop this and save the people… But in my knowledge the report of WHO cannot be trusted. Since it doesn’t use any scientific method.

  8. දියසේන says:

    ඔබ වාද වල පැටලෙන්න එපා එය ද්විකොටිකයි.ප්‍රංඥාව චතුස්කොටිකයි.ද්විකොටික එක්කෙනෙකුට චතුස්කොටිකය තෙරෙන්නෙ නැ.ද්විකොටින කියන්නෙ ඇත නැත අන්තයි

  9. RES says:

    Dr Channa plz dont lie. Tell any of place u were investigate for As contamination and method of analysis. Then others can go and chek those pleases for As Contamination.
    We know and we saw in Swarnawani news how come out As story.(From natha deviyo)
    And tell why we can see this porblem in only NC province ???.

    • nilik says:

      Please read the article. You get the answer to your question of NC province if you had read the article. You people are just like that. If you don’t like some idea then you do noting but criticize without listening or reading.
      That makes you smaller man. I too am skeptical about Natha Deviyo I dea, but if someone produces hypotheses that could be verified, then the way s/he got the hypothesis can not be questioned. Even scientific investigation does not go in to the validity of the source of hypotheses. It is the validity of the hypotheses that matters.
      In experimental sciences ( medicine ) there is nothing called 100% certainity.So as far as this problem is concerned dr Channa’s hypotheses is proven to be correct within a level of acceptable tolerance. Now we need action.

    • shaki says:

      first read well, then comment, these are good topics to be discussed. Don’t mess up them with unworthy comments.

  10. Dr.B.K.L.Fernando says:

    Well done channa.Nice explanation. consistent and coherent.

  11. Senkadagala says:

    මෙච්චර හදියක් වෙනකම් නාථ දෙයියෝ කොහෙද දැන් නැ හිටියේ.ලෙඩේ වන වෙනකම්ම කියල නැනේ මොකුත්ම.දැන් බෙහෙතුත් කියනවලු..???? මිනිස්සු 20,000 මැරෙනකම්ම මේ සිහල දේශය ගෙන මොකුත්ම හිතුනේ නැත්ද..?? වැඩේ වෙන්න කලින්ම එකේ බයානක කම දැක්කේ නැතැයි.තරහ වෙන්න එපා නාථ දෙවියන් ඉන්නවනම් ඔහු නොන්ඩි කලේ අපි නෙමේ ඔය ගොල්ලොමයි.

    • සමනලයා says:

      බූරුවා, හරකා, මීහරකා, ගොනා සහ වස්සා කියන්නේ උඹලටම තමයි.

    • shaki says:

      senkadagala hinda wenna athi me lassanata katha karanne, kohomath oya nuwara eun rata pawala dipu eke anishansha thama me thawath windawanne.

  12. Eagle Eye says:

    මට මේ ප්‍රශ්නෙ ගැන තිබුනෙ අවුල්සහගත බවක්- එක එක්කෙනාගෙ විවිධ අර්ථදැක්වීම් නිසා.

    කොහොම වුනත්- Dr චන්නගෙ මේ කරුනු පැහැදිලිකිරීම ඉතාම තාර්කික බවක් පෙන්වනව. ඔහු කියන ලෙසින්ම, අපේ බොහෝ දෙනෙක්ට යමක් සුද්දෙක්ගෙ කටින් කියනකම් ඔළුවට යන්නෙත් නෑ- ඔළුවට ගන්නෙත් නෑ. හිස් ඔළු වැඩිවීමේ ආනිසංශ.

    නිරීක්ශන හරි හෝ වැරදි වේවා- යහපත් වැඩක් කරද්දි -වැඩේට සහයෝගයක් නැතිවුනාට (වරදක් තියෙනවනම් පෙන්වන්න හෝ නිවැරදි කරන්න ) කකුලෙන් අදින්න සහ මානසිකව වට්ටන්න ඕනිතරම් කට්ටිය ඉන්නව.

    ඔබගේ ඉදිරි පරීක්ශන සහ වැඩකටයුතු සාර්ථක වේවායි හදවතින්ම සුභපතනව.

  13. bandara says:

    අනේ හැදෙන හේතු හොයාගෙන නැති බෙහෙත් හොයාගෙන නැති අනික් ලෙඩවලටත් ප්‍රතිකාර නාථ දෙවියන්ගෙන් අහගන්න බැරිද?

  14. Rosh says:

    ආසනික් පිලිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිකුත් කලා යැයි කියූ වාර්තාව ප්‍රෝඩාවක් – මහාචාර්ය ඉලේපෙරුම

    රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බවට තහවුරු කල වාර්තාවක් නැතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිකුත් කලා යැයි කියූ වාර්තාව ප්‍රෝඩාවක් බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඕ.අයි.ඒ. ඉලේපෙරුම මහතා පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කල බව පවසන වාර්තාවේ කිසිදු පිළිගත හැකි ලිපි ශීර්ෂයක් හෝ නිල මුද්‍රා නොමැති බවත්, යම් පර්යේෂණයකට අවශ්‍ය වන පාලක පරීක්‍ෂණය ගන හෝ විද්‍යාත්මක පදනම මත පිහිටා කල පර්යේෂණයක ප‍්‍රථිපල හෝ අඩංගු නැති බවද ඔහු පෙන්වා දෙයි. රටේ අනෙකුත් පළාත්වලින්ද නියැදි පරීක්‍ෂා කිරීමක් සිදුකර නොමැති බවත්, ආසනික් සුළු වශයෙන් රට පුරාම වායුගෝලයේ හා පසේ ඇති බවත් ඒවා ශරීරය විසින්ම බැහැර කරන බවත් මහාචාර්ය ඉලේපෙරුම වැඩිදුරටත් පවසයි.

  15. * says:

    අසනික් වලට වඩා දරුණුයි ගිනිකොන එවුන් කරන විනාසේ, ඔලුවිල් කවදාවත් ඔලු විලක් නොවේවා!

  16. R.Dias says:

    ආසනික් නිසා රටේ ඈතිවී තිබෙනා ගෑටලුවට පිලිතුර ඔහුගේ සාකච්ජාවෙ ඔහු විසින්ම දක්වා ඈත..එය ඔහුගේම සොයා ගෑනීමක් විය හෑක එනිසා එහි ගව්‍රවය ඔහුට දිය යුතුයි…

    ගොවි ජනතාව මෙවන් බුද්ධිමතුන් මීලග පාර්ලිමේන්තුවට පත් කල යවනු ඈත..

    ආකිමිඩීස් හෙලුවෑල්ලෙන් පාරේ දිව්වේ ඈයි කියා අපි සෑවොම දන්නවා… නුමුත් මොහු ඈතුලු කණ්ඩායම එසේ හිස හෑරුණු අතේ දුවන්නෙ ඈයි දෑයි සිතා ගෑනීමට බෑරිය…

  17. සුමංගල says:

    මේකේ පලවෙන කියෙව්වම තමයි තේරෙන්නේ ඇයි ධර්මපාලතුමා ආයේ ලංකාවේ ඉපදෙන්නවත් එපා කියල ඉන්දියාවට ගියේ කියල.

  18. R.Dias says:

    අපි ඉස්සර ටින් මාළු කනකොට ආච්චි කියනවා ඔව්වා විසයි…එනිසා කන්න එපා පුතා කියා…අපි හිතුවා ඈත්තටම මාළු විශයි කියා…පසුව තමයි තේරුනේ මාළු අඩන්ගු ටින් නිශ්පාදනය කරන්නෙත් අසනික් යොදා කියලා ..මොකො ටින් ලෝහයෙ නෑමෙන සුළු භාවය ගන්න ආසනික් යෙදිය යුතුයි කියා…

    2004 අපගෙ සහෝදර චීනය විසින් නිකුත් කල වාර්ථාවක ඔවුන් පිලිඅරන් තිබෙනවා ඔවුන්ගෙ ටින් මාළු තුල ආසනික් අඩන්ගුයි කියා…හෑබෑයි බියවියුතු ප්‍රමාණයට නෑහෑ කියාත් කියනවා..එය මිලි ග්‍රෑම් 0.7 කියාත් විසවීමට ටින් 9 කෑ යුතු බවත් කියනවා..1978 නිකුත් කල වාර්ථවකත් සදහන් වෙනවා ටින් මාළු තුල ආසනික් තිබෙනවා කියා….අද ද එය එසෙමෑයි..

    දිනකට අපි මාළු ටින් 50,000 ආහාරයට ගන්නවා කියාලා මාළු ඈමතිගේ වාර්ථාවක සදහන් වුනා..

    මේ ගෑන නාථ දෙවියන් කියන්නේ නෑත්තෙ ඈයි….?

  19. R.Dias says:

    Mar Pollut Bull. 2011 Jan;62(1):66-72. Epub 2010 Oct 8.
    Arsenic, cadmium, lead and mercury in canned sardines commercially available in eastern Kentucky, USA.

    Shiber JG.
    Source

    Biology, Nursing & Allied Health, Kentucky Community & Technical College System (KCTCS), Big Sandy District, 1 Bert T. Combs Drive, Prestonsburg, Kentucky 41653, USA. john.shiber@kctcs.edu

    Abstract

    Seventeen samples of canned sardines, originating from six countries and sold in eastern Kentucky, USA, were analyzed in composites of 3-4 fish each for total arsenic (As), cadmium (Cd) and lead (Pb) by graphite furnace atomic absorption spectrophotometry (AAS) and for mercury (Hg) by thermal decomposition amalgamation and AAS. Results in μg/g wet: As 0.49-1.87 (mean: 1.06), Cd<0.01-0.07 (0.03), Pb<0.06-0.27 (0.11), Hg ND <0.09. Values fall generally within readings reported by others, but no internationally agreed upon guidelines have yet been set for As or Cd in canned or fresh fish. The incidence of cancers and cardiovascular diseases associated with As ingestion is extraordinarily high here. With the role of food-borne As in human illness presently under scrutiny and its maximum allowable limits in fish being reviewed, more studies of this nature are recommended, especially considering the potential importance of small pelagic fishes as future seafood of choice.

    Copyright © 2010 Elsevier Ltd. All rights reserved.

    PMID: 20934728 [PubMed - indexed for MEDLINE]

    ආචාර්ය චන්න ජයසුමන මහතාණෙනි…..නාථ දෙවියන්ගෙන් අසා පිලිතුර දෙන මෑන..

  20. * says:

    ජලය පිරිසිදු කර බෝතල්කර විකිනිමේ අදහසක් ඇති වෙළදුන් පිරිසකගේ ගේමකුත් මෙය හරහා ඇත.

  21. Lucky says:

    Dr. Herath, Should have been sleeping from 2000 if you say that nobody even suspect arsenic before 2011. Being in a meeting doesn’t mean that you know all.

    You guys are so narrow minded and ego centric. This attitude of ” mama witharai hari” is the reason for not having any solution for renal problem in this area. It is true that WHO committee invited people with diferent ideas and hypothesis for their meetings and gave opportunities for presentations. But it doesn’t mean that the committee only learn from him.

    Why this Channa and group not presenting their findings in any peer reviewed scientific meeting or publish in any science journal? it is because, they just speculate by collecting ideas and other people and groups to get cheap publicity. otherwise they don’t have any background evidence. The hypothesis about Arsenic might be corrcet. but it should be proved properly. Otherwise, there will be wrong interventions for this andmeantime the issue will get worsen and more people die. This is an issue of human lives, not about ” nationalism” Natha Deiyyo” or “cheap publicity for political purposes”

    • Dr.Herath says:

      01.can you show me single instances where someone has suspected arsenic as the etiological factor for CKDu before 2011.
      02.As far as I know they have presented their findings in several international symposium and accepted by many academics.Please find details before misleading public for simple jealousy.

      • Lucky says:

        Your answer explains your way of thinking. you said “As far as I know….” that means you simply not sure about what you talk. you are just a believer. Why don’t you tell the people who read this forum – in which international symposium they presented this work? They haven’t even presented this in Sri Lanka Medical Association. Don’t speculate, argue with facts. When you deal with science and lives of people, jealousy is not a word to use.

        My simple point is, when you mis-lead the public and authorities on health related matters, the real solution for the problem will be further delayed claiming more lives. Understand this and get rid of your ego.

    • R.Dias says:

      you are absolutely right….these guys came out with the theory of Pesticides contamination at the initial stages…now they speak more about the Fertilizers of high volume..urea..TDM..TSP..SP…read the story of Dr.Gunadhaasa Amarasekera..

  22. Dr. S. N. Wijayasiri says:

    We should be very grateful to the young Dr Channa Jayasumana who is doing a magnanimous service to the nation with his courage, intellingence, knowledge and talent. I don’t think any of other professionals who are the fruits of our free education in the recent past has ever done anything closer to his great effort to the nation.
    It’s so moving to see him to being so patriotic too.
    He is a great inspiration to all young professionals and we should all encourage him and the team specially his Guru Prof Nalin who are trying enlighten whole motherland what kind of capacity we own and how we should be really independant without worshipping the west.

    • R.Dias says:

      are you an MBBS …? because it is from west…we should not worship them..we must have our own findings..

      • Godaya says:

        Wrong English….an MBBS????

        • මාතර ආතර says:

          @Godaya

          No big deal,besides,given the pronunciation of ‘e’ sound in M, ‘an MBBS’ is correct English,I thought.

          Might as well mind your Sinhala first,without imitating ‘Thuppahi singiris’ ‘kandoskiriyaa’in FM sinhala radios,which I hear when I travel in buses!

          ……Google Type Sinhala…..

    • මාතර ආතර says:

      @Dr.S.N.Wijayasiri

      100% agree.

  23. මාතර ආතර says:

    ”ප්‍රශ්නය : කෘෂි රසායන භාවිත නො කරන ගොවිතැනකට ගොවීන් යොමු කරන ගොවිතැනක්‌ තියෙනව ද?”
    ”පිළිතුර : ඔව් තියෙනවා. 2012 මැයි 30 විදුසර සතියේ විමසුම හැටියට මම ඒ ගැන ලිපියක්‌ ලිව්වා. ඒක කියවලා බලන්න.”

    මේ අපරදිග ඩොකා මේ 2012 මැයි 30 විදුසර සතියේ විමසුම ලිපියේ ලියා තියෙන හැටියට,?ගම්පහ කීනිගම?වගේ කුඹුරු වල වැඩ වලටත් තවත් අපරදිග ඩොකාල සමග මුලිකත්වය අරගෙන,වස පොර නොදා අස්වැන්න වැඩිකර වැඩ පෙන්නා,කරන්නේ ඉතා උතුම් මෙහෙයක්.

    අපේ E W අදිකාරම් මහත්තය අද හිටියනම්,
    මේ උත්තමයන් එක්ක ල එකතුවෙලා,
    බැහැල වැඩ.

  24. අරිටකිවෙන්ඩු පෙරුමාල් says:

    පුතේ ඔලිවර් ඉලේපෙරුම උබ නියම පෙරුමල්කෙනෙක් .මට කරලා ඉවර කරන්න බැරි උන වැඩ ටිකක් තියෙනවා මමහිතුව මගේ උරුමය තියන එකෙක් ඒ ටික ඉවර කරයි කියල.මේ සිංහලයෝ ටික මැරිලා ඉවර වෙනකන් ආර්සනික් ප්‍රශ්නයක් නෑ කියපන්.මම මේ රටින් බුද්ධාගම අතු ගාලම දැම්ම එක කාලේක.මට හරි සතුටුයි මගේ එකෙක් මෙහෙම වැඩ කරනවට.උඹට ජය.

  25. R.Dias නමින් ලියන එකාගේ තාත්ත says:

    පුතේ, මේවත් බලපන් මට තමයි මිනිස්සුන්ගේ සාපෙ වදින්නේ,

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=59965

  26. * says:

    කැරන්කොකු දළු මෙයට හොද බෙහෙතක්ද කියල හොයල බලන්න

    • * says:

      මෙම රෝගීන් අමුවෙන් රතුළුණු ගෙඩි 15ක් පමණ දිනකට පමණ ආහාරයට ගැනීම සුදුසුය

    • * says:

      *නිවෙරදි කිරීමක්, මෙම රෝගීන් අමුරතුළුණු ගෙඩි 15ක් පමණ දින ආහාරයට ගැනීම සුදුසුය.

      කොහොබ ගසේ පොතු තම්බා බිමට සුදුසුය.

  27. ANATHAYA says:

    Visva vidyala acharyawarungen viya yuththe mewage sewawakuyi. palaka pakshayatath, welendantath gethi nowi sathya heli kirimata owunta hekiyawa thiyenawa. namuth acharyawaru degollakata bedenawa. mudalata saha athmarthaya udesa. asanik prashne ekata hondama de. sathya heli karama prawesam vena kena prawesam venawa.

  28. අරලියා මල says:

    ජාති/ආගම/ව්ර්තිය බේදයකින් තොරව ඉක්මනින් මෙම රෝගටය බෙහෙත් සොයා ගැනීම මනුස්සකමට කරන සේවයක්

  29. * says:

    please check “Baobab tree” elements as a treatment, you can find them in madagascar and south africa

  30. REKKE says:

    OKATA KEHETIYA RABUKWATH GANNA ANE, EYA ONA EKAK DANNAWA

  31. keerthi says:

    Dear Sir

    Toxicity of Glyphosate ( Roundup ) May be cause to CKD (Kidney Disease)

    A recently published study by Italian researchers [3] examined the toxicity of four popular glyphosate based herbicide formulations on human placental cells, kidney cells, embryonic cells and neonate umbilical cord cells and surprisingly found total cell death of each of these cells within 24 hours. The researchers reported several mechanisms
    by which the herbicides caused the cells to die including: cell membrane rupture and damage, mitochondria

    In Anuradha pura district Farmers use Roundup as herbicide. they use this roundup without considering the requirement. so Glyphosate residual is entered to foods ( drinking water & crops ) this roundup residuals highly toxic to Kidneys. so this may be cause for Chronic Kidney Disease in NCP. there for Researcher & WHO experts should focus their attention to this point ( Roundup)

    Keerthi

Leave a Comment