සජිත් කියන විදිහට පේ‍්‍රමදාස ගෙවල් හැදුවනම් ලංකාවෙන් බාගයක් ඒ ගෙවල්වල

2012  ජන හා නිවාස  සංගණන වාර්තාවට අනුව  ශ්‍රී ලංකාවේ නිවාස අවශ්‍යතාවය ලක්ෂ 7 කට  අඩු බවත්  එම නිවාස  අවශ්‍යතාවය වැඩි වශයෙන්ම පවතින්නේ  කොළඹ ඇතුළු නාගරික  බල ප්‍රදේශවල  බවත්  එම අවශ්‍යතා තුළ පවතින  අංග සම්පූර්ණව ඉදිනොකළ තාවකාලිකව  පදිංචිව සිටින නිවාස ස්ථීර නිවාස බවට “ ජනසෙවණ දිරිය “ නාගරික නිවාස  සංවර්ධනය කිරීමේ  ජාතික වැඩසටහන මගින් පත්කරන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

විමල් වීරවංශ අමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ  නාගරික ජනාවාස සංවර්ධන  අධිකාරිය විසින්  කඩුවෙල නාගරික බලප්‍රදේශයේ   අර්ධ නිමි නිවාස හිමි  පවුල් 515 ක් වෙනුවෙන්  නිවාස අංග සම්පූර්ණව ඉදිකරගැනීම සදහා  රුපියල් මිලියන 100 ක් වටිනා නිවාස මූල්‍යාධාර  ප්‍රදානය කිරීමේ  “ජනසෙවණ දිරිය“  නාගරික නිවාස වැඩසටහනේ  සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවති උත්සවයට සහභාගී වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ජනසෙවණ නිවාස දස ලක්ෂයේ නිවාස හා ජනාවාස වැඩපිළිවෙලේ තවත් එක්  ඉදිරි පියවරක්  හැටියට  නාගරික බල  ප්‍රදේශවල අංග සම්පූර්ණ නිවසක් තනාගෙන නොමැති පොදු ජනතාව අංග සම්පූර්ණ නොවූ නැත්නම් අඩක් නිමකළ  නිවසක ජීවත්වන  ජනතාවගේ තත්ත්වය  නඟා සිටුවීම සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබාදීමේ ජනසෙවණ දිරිය ජාතික වැඩසටහන හැටියට  අද මෙම වැඩසටහන  ආරම්භ කරනවා. මෙම වැඩසටහනේදී විශේෂ අවධානය යොමු කළේ  මහනගර සභා, නගර සභා  බලප්‍රදේශවල තමන්ගේම  වූ  ඉඩමක නිවසක් හදාගත්තු  නමුත් එය අර්ධ වශයෙන් නැත්නම් අසම්පූර්ණව තනාගෙන ජීවත්වෙන පවුල් පිළිබඳවයි.  නාගරික ජනාවාස සංවර්ධන  අධිකාරිය  නාගරික බල ප්‍රදේශ වල මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයනවා වගේම  ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශවල  අන්ත අසරණ  වූ පොදු  ජනතාවගේ නිවාස  අවශ්‍යතාවය  ඉටුකිරීම සඳහා  තමන්ගේ කාර්යය ඉටුකරමින්  සිටිනවා. මෙම වැඩපිළිවෙල  කඩුවෙල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයෙන් ආරම්භ කරලා  අවුරුද්දක් පාසා නාගරික බල ප්‍රදේශවල ඉදිරියට ගෙනයන්න  බලාපොරොත්තු වෙනවා. “ යනුවෙන්ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා  “පසුගිය අයවැයේදී නිවාස ක්ෂේත්‍රය වෙනුවෙන්  මුදල් වෙන්කළ නිසා තමයි අපිට මෙම වැඩපිළිවෙල ආරම්භ කරන්නට හැකියාව ලැබුණේ. 2011 වර්ෂයේදී නිවාස 39,000 ක්  සංවර්ධනය කරන්න  අපට හැකිවුණා. පෙර වර්ෂ වලදී නිවාස 6000 ක්  7000 ක් නැත්නම්  10,000 කට අඩු නිවාස  සංවර්ධනය වෙනුවෙන්  දායකවුණු ජාතික නිවාස සංවර්ධන  අධිකාරිය 2011 වසරේදී නිවාස  39,000 ක්  සංවර්ධනය  කරන්න හැකිවුණා.  එම නිසා 39,000 ඇතුළේ නාගරික ජනාවාස සංවර්ධන  අධිකාරියේ  දායකත්වය අන්තර්ගතවෙලා තියෙනවා. නාගරික ප්‍රදේශවල  අවුරුදු 30, 40 ක කාලයක්  තිස්සේ ප්‍රතිසංස්කරණය නොවුන  මහල් නිවාස  සංකීර්ණ අද  පුඵල් ප්‍රතිසංස්කරණයකට ලක්වෙනවා.  රුපියල් මිලියන 300 කට  ආසන්න වියදමකින් මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය නවීකරණය කළා. ඒ වගේම අද සොයිසාපුර  මහල් නිවාස සංකීර්ණය  නවීකරණය කරමින් සිටිනවා. කොළඹ මහ නගර  සභා  බල ප්‍රදේශවල පීටර් කෙනමන්  නිවාස  ඇමතිතුමාගේ  කාළේ  ආරම්භ කරපු මහල් නිවාස සංකීර්ණ ගණනාවක් අවුරුදු 30 ,40 කට පස්සේ   ප්‍රථම වතාවට  අපි ප්‍රතිසංස්කරණය කිරීමේ   විශාල වැඩපිළිවෙලක් කරගෙන  යනවා. ඒ වගේම නාගරික  සංවර්ධන අධිකාරිය  ජනාධිපතිතුමාගේත්, ආරක්ෂක ලේකම්තුමාගේත්  නායකත්වය යටතේ  කොළඹ නගරයේ පැල්පත් නිවාස වල  ජීවත්වන  ජනයාට දියුණු  මහල් නිවාස  පද්ධතියකට ගෙනල්ලා පැල්පත්වල ජනතාවගේ ජීවිත ලස්සන  කරන  ගමන්  කොළඹ  අගනුවර ලස්සන  කරන්න ක්‍රියා කරමින් සිටිනවා.

අද අවතැන්වූවන් ලක්ෂ ගණනාවක්  නැවත පදිංචි කිරීම ආරම්භ කර  තිබෙනවා.  එපමණක් නොවේ   වතුකරයේ ජනතාවට  නිවාස සංවර්ධන අධිකාරියෙන්,   ඒ වගේම සමෘද්ධි සංවර්ධන අධිකාරියෙන්  දිළිඳු ජනතාවට   නිවාස වැඩසටහන්, රාජ්‍ය සේවයේ නියුතු අයට   මෙම වසරේ බිලියන 4 ක් පමණ යොදවලා  රාජ්‍ය සේවක නිවාස සංවර්ධන වැඩපිළිවෙළවල් දියත්වන වෙලාවක   මොරටුව ලුණාව සහ  අඟුලාන  ප්‍රදේශවල    නිවාස 600 ක පමණ   අලුත් මහල් නිවාස  සංකීර්ණ ආරම්භ කරලා  වැඩකටයුතු නිමවෙමින් තියෙනවා.  තවද නව මහල් නිවාස   ගණනාවක් ආරම්භ කරන්න අපි   කටයුතු සූදානම්   කර තිබෙනවා.  මේ සියල්ල සිදුකරන ගමන්   විශේෂයෙන්ම නාගරික බල ප්‍රදේශවල   ඉන්න යම්  මට්ටමක ජීවන තත්ත්වයක්  පවත්වාගෙන යන  නමුත් ජීවිතයේ  අභියෝග බොහෝම  අසීරුවෙන්  ජයගෙන ජීවත්වෙන  ජනතාව තමන්ගේ ඉඩමේ ඉදිකර   තිබෙන  නිවස සම්පූර්ණ කර සතුටින් ජීවත්වන  පරිසරයක් සලසා  දීමේ  වැඩපිළිවෙල තමයි   මේ ආරම්භ කරලා තියෙන්නේ.

ජනසෙවණ නිවාස  දස ලක්ෂයේ නිවාස  හා ජනාවාස  සංවර්ධන මෙහෙයුම ආරම්භ කළාට පස්සේ  මීට කලින් නිවාස   සංවර්ධනය ගැන  හිතපු නැති කඩුවෙල මහනගර සභාව වැනි ආයතන පවා මෙම වැඩපිළිවෙලින්  උද්යෝගයට හා   උද්දාමයට පත්වෙලා. ඔවුන් පවා  නිවාස සංවර්ධන වැඩසටහන්  ආරම්භකර  තිබෙනවා.  මීට කලින්   නගර සභා, මහ නගර සභා   මාර්ග, යටිතල පහසුකම් සංවර්ධනය   පවා අසීරුවෙන් සිදු කළ නිසා  නිවාස අංශය පිළිබඳ  අවධානය යොමුවෙලා තිබුණේ නැහැ.  ජනසෙවණ නිවාස දස ලක්ෂයේ නිවාස වැඩපිළිවෙල  නිසා නගර සභා හා මහ නගර සභා  අද අපි සමඟ එකතු වී   නිවාස ප්‍රශ්නය විසඳන්න  වැඩසටහන් යොදමින් සිටිනවා.  කාලයක් තිස්සේ පැත්තකට  දාලා තිබුණු  නිවාස අංශය කෙරෙහි  අද උද්යෝගයක් ඇතිවෙලා තියෙනවා.  එම උද්යෝගය ඇතිවීම  මඟින්   නිවාස දස ලක්ෂයේ නිවාස  හා ජනාවාස  මෙහෙයුම යථාර්ථයක් කරන්න අපට හැකිවෙලා තියෙනවා.

2012  ජන සංගණන වාර්තාවකට අනුව  වැඩිම  නිවාස  ප්‍රමාණයක් තිබෙන්නෙත්  ප්‍රධාන වශයෙන්  නාගරික බල ප්‍රදේශවල. නාගරික බල ප්‍රදේශවන  කොළඹ,  ගම්පහ , කඵතර, ගාල්ල, කුරුණෑගල, මහනුවර  යන දිස්ත්‍රික්ක වල  ලංකාවේ  නිවාස වැඩියෙන්ම තිබෙන  ප්‍රදේශ වගේම  වැඩි  නිවාස අවශ්‍යතාවයකින්  පෙළෙන  ජනතාව සිටින දිස්ත්‍රික්ක ලෙසත් හදුන්වන්න පුළුවන්.  එම ප්‍රදේශවල   අසම්පූර්ණ නැත්නම් සම්පූර්ණයෙන්ම ඉදිනොකර  පදිංචි වුණු   නිවාස වැඩිම ප්‍රමානයක්  තිබෙන්නේ නාගරික  බල ප්‍රදේශවල. කඩුවෙල   කියන්නේ  එයිනුත් ඉදිරියෙන්. 2012  ජන  සංගණන වාර්තාවට අනුව  මේ රටේ   ලක්ෂ 52 කට ආසන්න   ප්‍රමාණයක   ස්ථීර නිවාස  තියෙනවා.  ජන සංගණන වාර්තාවලට අනුව  මෙම නිවාස වලින් 75%  පමණ තිබෙන්නේ  නාගරික බල ප්‍රදේශවල.  එනම් කොළඹ, ගම්පහ,  කළුතර, ගාල්ල, කුරුණෑගල,  මහනුවර.  ජන සංගණන වාර්තාවට අනුව  වැඩිම නිවාස ප්‍රමාණය   තිබෙන්නේ  කඩුවෙල. කඩුවෙල ප්‍රාදේශීය සභා බල  ප්‍රදේශය තුළ නිවාස 75,000 ක පමණ  ප්‍රමාණයක්  තිබෙනවා. ඒ වගේම  වර්ග කිලෝමීටරයකට වැඩිම නිවාස  ඝනත්වය තිබෙන්නේ  කඩුවෙල.  වර්ග කිලෝමීටරයකට  නිවාස 3000 කට අධික ප්‍රමාණයක් කඩුවෙල  බල ප්‍රදේශය තුළ තියෙනවා. කොළඹ මහනගර සභා  ප්‍රදේශවලට  වඩා වර්ග  කිලෝමීටරයට නිවාස 1000 ක පමන වැඩිවීමක් කඩුවෙල  බල ප්‍රදේශය පෙන්නුම් කරලා තියෙනවා.

මේ මඟින් පෙනෙන්නේ ලංකාවේ වැඩිම  නිවාස  තොගය තියෙන නාගරික බල ප්‍රදේශය කඩුවෙල නම් වැඩිම නිවාස ඝණත්වය  තියෙන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය  කඩුවෙල නම් අංග සම්පූර්ණ නොවූ   නිවාස අංග සම්පූර්ණ  නිවාස බවට   පත්කිරීමේ ජනසෙවණ ජාතික වැඩපිළිවෙල ආරම්භ  කිරීමට සුදුසුම  නගරය කඩුවෙල  කියලා  අපි තීරණය කළා.  මෙම පළමු වැඩසටහන කඩුවෙලත්  ඉදිරි වැඩසටහන්  අනෙකුත් බල ප්‍රදේශවල ආරම්භ කරනවා.  අප අමාත්‍යාංශයේ ලේකම්තුමා  කඩුවෙල හිටපු ප්‍රාදේශීය ලේකම්  වශයෙන් කඩුවෙල පිළිබඳ හොඳ අව‍බෝධයක් තිබෙන නිසා  මෙම වැඩපිළිවෙල කඩුවෙලින් ආරම්භ කරන්න පහසු වුණා.

2012 නිවාස සංගණනයට කලින් නිවාස ලක්ෂ 12 ක්,  15ක් පමණ අවශ්‍ය බව  අප විසින් ලබාගත් වාර්තා අනුව විශ්වාස කළා.  නමුත් අද මහින්ද රාජපක්ෂ  ජනාධිපතිතුමාගේ  මහින්ද චින්තන වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් හැටියට   2012 ජන සංගණනයෙන් තහවුරුවෙලා තියෙනවා  මේ රටේ නිවාස  ලක්ෂ 7 කට අඩු  ප්‍රමාණයක් අලුතින්  හා වැඩිදියුණු කෙරුණු   නිවාස අවශ්‍ය බව.  මම විශ්වාස කරනවා මේ  කලාපයේ   අඩුම නිවාස අවශ්‍යතාවය  තිබෙන රට ශ්‍රී ලංකාව වීමේ හැකියාව  වැඩියි. අපි ඒ පිළිබඳ තොරතුරු හොයමින් සිටිනවා.  ලංකාවේ ස්ථීර නිවාස  ලක්ෂ 52 ක් තියෙනවා.  පොල් අතු වලින් හා  අනෙකුත් ද්‍රව්‍ය වලින්  හදපු ස්ථීර වහලක්    නැති නිවාස  123370 ක්,  ස්ථීර නිවාස  ලක්ෂ 52න්, ස්ථීර වහළක්  ඇති නිවාස ලක්ෂ 44 කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එයින් අපිට පැහැදිළියි අර්ධ ස්ථීර නිවාස 574,036. තාවකාලික වහළක්  සහිත අර්ධ ස්ථීර නිවාස  හා අලුතින් අවශ්‍ය නිවාසයි දෙකම එකතු කර බැලුවහම   ජනසංගණන වාර්තාවට අනුව 69,7406 නිවාස අවශ්‍යතාවයක් තමයි අද මේ රටේ තිබෙන්නේ.  එයිනුත් වැඩි ප්‍රමාණය තිබෙන්නේ අසම්පූර්ණ නිවාස සම්පූර්ණ නිවාස බවට පත්කරන්න.

ඒ අනුව අපිට  පේනවා  මේ අභියෝගය ජයගන්න පුළුවන් බව. නිවාස දස ලක්ෂයක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටින මොහොතේ තමයි  නිවාස ලක්ෂ 7 ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය බව  අපට අනාවරණය වෙන්නේ.  2005  පසු මහින්ද රාජපක්ෂ  ජනාධිපතිතුමාගේ  පාලන කාලය ඇතුළත  නිවාස සංවර්ධනය වෙනුවෙන්  දක්වන ලද අවධානය ඒ වෙනුවෙන්  ඉටුකරනලද භූමිකාව  මේ මඟින්  හොඳින් පැහැදිළි වෙනවා.

අපි මේ අමාත්‍යාංශය භාරගන්නකොට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ  හරිහැටි දායකත්වය ලබාදුන්නේ නැහැ. ඒ ආයතනයේ නිලධාරීන්  තමුන්ලාගේ  නිවසට ඇවිල්ලා කතා කරලා අවශ්‍යතාවය  වටහාගෙන ඒ අනුව  මෙම  වැඩපිළිවෙල ජනතාවට  ගැලපෙන  හා  අවශ්‍යතාවය අනුව ණය ප්‍රමාණය, ගෙවියයුතු කාලය  වෙනස්කරලා නම්‍යශීලී  ලෙස වැඩසටහන් සකස් කළා.  මට නිවාස නිලධාරී මහත්වරුන් කිව්වා   තොරතුරු රැස්කරන විට එක නිවසක නාට්ටාමි  වෘත්තියේ යෙදෙන  මහත්වරුන් හමුවෙලා   එයාගෙන් ඇහුවලු කොහොමද  ණය ගෙවන්නේ කියලා.  එයා කිව්වලු මගේ දවසක ආදායම   රුපියල් 5000 යි කියලා.  හැබැයි මෙම වැඩපිළිවෙල එයා ළඟට ගෙනිච්චේ නැත්නම්  දවසක රුපියල් 5000 ක ආදායමක් ලැබුණත්  එය එයාගේ නිවස හදාගන්නේ නැහැ.  එයාට හිතෙන්නේ නැහැ නිවස හදාගන්න.  ඒ නිසා එයින් වැඩියෙන් පීඩාවට පත්වෙන්නේ  ගෙදර ඉන්න ගෘහණිය.   ගේ ලස්සනට  තියාගන්න නිදහසේ ජීවත්වෙන්න කැමති ඔහුගේ  බිරිඳ සහ දරුවන්ට අවශ්‍යතාවය තියෙනවා.

සජිත් ප්‍රේමදාස මහත්තයා අපිට  බොරු චෝදනා  එල්ලකරනවා. මම හිතනවා එතුමාට  ආණ්ඩුව ගැන කතා කරනවාට වඩා තමන්ගේ පක්ෂය ගැන කතා කරන එක හොඳයි කියලා. 60, 70 දශකවලදී පමණ පීටර් කෙනමන් මහත්තයා විශාල නිවාස වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා.  යාපනේ මහල් නිවාස වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරලා තියෙනවා.  මාළිගාවත්ත මහල් නිවාස   සංකීර්ණය  ප්‍රථමයෙන්ම ආරම්භ කළා.  මොරටුව සොයිසාපුර  නිවාස ක්‍රමයත් ආරම්භ කළා.  එපමණක් නොවෙයි  කොළඹ නාගරික බල ප්‍රදේශයේ  වැඩි  ගණනක් මහල් නිවස ඉදිකරලා තියෙන්නේ  පීටර් කෙනමන් මහත්තයා. කොටින්ම කිව්වොත් නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානය හදලා තියෙන්නේ පීටර් කෙනමන් මහත්තයා. එදා 1977ආණ්ඩුව වෙනස් වුණා. එම වැඩපිළිවෙල එතනින් නතර වුණා.  රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා කෙනමන් මහතාගේ වැඩිපිළිවෙල  ඉදිරියට අරගෙන ගියා.  පීටර් කෙනමන් මහත්තයා තමයි  නාගරික බල ප්‍රදේශවල වැඩි කොටසක්  මහල් නිවාස ඉදිකරලා   තියෙන්නේ.  නමුත් පීටර් කෙනමන් මහත්තයාගේ  පවුලේ අයගෙන්  වැඩක් කරනකොට  අපිට  මෙහෙම  ‍බොරු චෝදනා එල්ලකරන්නේ නැහැනේ. 1979 – 1995  කාලයේ තමයි  ප්‍රේමදාස මහත්තයගේ නිවාස වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ, පළමුව නිවාස ලක්ෂයේ ඉන්පසු  නිවාස දස ලක්ෂයේ  වැඩපිළිවෙල පස්සේ  නිවාස  පහළොස්ලක්ෂයේ  වැඩ පිළිවෙලවල් එතකොට 1985 වන විට  නිවාස  විසිහය ලක්ෂයකට නිවාස ඉදිවෙලා තියෙන්න ඕන. ඔය එක ගෙදරක 4 දෙනා බැඟින්  ජීවත් වෙනවා කියලා හිතුවොත් එක්කෝටි හාරලක්ෂයක්  ප්‍රේමදාස මහත්තයා  හදපු  ගෙවල්වල අද  ජීවත් වෙන්න ඕන. ඒ කියන්නේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්.

1995 ජනගහනය එක්කෝටි අනූපන් ලක්ෂයයි. එම එක්කෝටි අනූපන්  ලක්ෂයෙන් ස්ථීර නිවාසවල ජීවත්වන  පිරිස බැලුවොත්  අඩුම ගාණේ  නිවාස ලක්ෂ 5 ක්  වත් වැඩිපුර තිබිය යුතුයි. මම කියන්නෑ ‍ ප්‍රේමදාස මහත්තය බොරුවක් කලා කියල. මේ කාලය වන විට නිවාස සංවර්ධනය කියන්නේ   රජයේ උද්යෝගය උනන්දුව  වැඩිවන ක්ෂේත්‍රයක්.  නිවාස සංවර්ධනය  කියන්නේ  රජය තනියම  කරන දෙයක් නොවේ.  මහජනයා සමඟ එකතුවී සිදුකරන වැඩපිළිවෙලක්. තමුන්නාන්සේලාගේ ඉඩමේ හදන නිවස ඉදිකරන්න  මූල්‍ය හා අනෙකුත්  අනුග්‍රහය  ලබාදීම  තමයි රජය විසින් සිදුකරන්නේ. රාජ්‍ය බැංකු හරහා රුපියල් බිලියන 4 ක්  පොදු ජනතාව වෙනුවෙන්  ආයෝජනය කරලා තියෙනවා.  ඒවගේම රජයේ වෙනත් ආයතන  ආදී සියලුම ආයතනවල එකතුව මගින් තමයි මේ නිවාස ලක්ෂ 7 ක අරමුණුකරා යන්නේ.

නිවාස තමයි හැම කෙනෙක්ගේම ජීවිතේ. කුලී වැඩ කරන කෙනා  වුණත් හවසට ගෙදර  එනකල්  තමයි  බලාගෙන  සිටින්නේ. තමන්ට හුරු පුරුදු වුණු   ජීවන සංස්කෘතික තියෙන්නේ නිවසේ. එම නිසා එම නිවස අලංකාරව තමන්ට  සුදුසු  තැනක් නොවුණොත්  එම පවුලේ පැවැත්ම අවධානමකට පත්වෙලා තියෙනවා. ඔවුන්ගේ දුරුවන්ගේ  පෞර්ෂත්වය වර්ධනය කෙරෙහි මෙම අසම්පූර්ණ වූ නිවාස බලපානවා.  එම නිසා නිවාස කියන්නේ පෞද්ගලික අවශ්‍යතාවයක්  වුණත් එම නිවස තුළ තමයි  සමාජයේ පැවැත්ම රදාපවතින්නේ.  නිවස තමයි දරුවන් දෙමව්පියන් සියල්ලම ජීවිතේ වැඩි කාලයක් ජීවත්වන තැන.  මෙතන තමයි සුවපහසුවට,  ආරක්ෂාව තිබිය යුතු තැන.  එම නිසා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද චින්තන ඉදිරි  දැක්මේ  පැහැදිලිව සදහන් කළේ  හැම නිවසක් අහිමි පවුලක් සදහාම  එතුමාගේ පාලන කාලය තුළ නිවසක් ලබාදීමට කටයුතු කරන බව.  එම වැඩපිළිවෙල තමයි අද අපි ඉදිරියට අරගෙන යන්නේ. අපරාධ වලින් පිරුණු  ජන සමාජයක අනාගත සුරක්ෂිතතාවය, හැදියාව නැහැ. මේ රටේ වටිනා  පුරාවස්තු මංකොල්ලකන මිනිස්සු  ජීවත්වන  සමාජයක් අනාගතයේ    පවතින්නේ නැහැ.  මේ රටේ ජනතාව සංස්කෘතියට  ගැළපෙන හැදියාවෙන්  යුක්ත  වුනොත් තමයි   අපට නියම ප්‍රතිලාභ හිමිවන්නේ.

සමහරු පහේ ශිෂ්‍යත්වය ගැන  ප්‍රකාශ ඉදිරිපත් කරනවා.  5 ශිෂ්‍යත්වය ගැන  සමහර වෘත්තිය සමිති   ප්‍රකාශ කර තියෙනවා ප්‍රශ්න පත්‍රය පිටවුණා කියලා. එමනිසා වහාම විභාගය අවලංගු කරන්න කියලා. එහෙම දෙයක් වුණා නම් ඒ පිළිබඳව තහවුරු කරගෙන එම ප්‍රකාශ කළා නම් කමක් නැහැ. නමුත් කටකතා ආරංචි නිසා මෙවැනි ප්‍රකාශ කරලා දරුවන්ගේ මානසිකත්වය අවුල් කරනවා. කිසිම කෙනෙකුට දරුවන්ගේ අනාගතය එක්ක සෙල්ලම් කරන්න  අයිතියක් නැහැ. දරුවන්ගේ  මානසිකත්වය එක්ක සෙල්ලම් කරන්න දේශපාලඥයින්ට, නිලධාරීන්ට, වෘත්තීය සමිති නායකයින්ට  අයිතියක් නැහැ. අපි කරන සියලු දේවල්වල අයිතිකාරයෝ මේ දරුවෝ. වැඩිහිටියෝ  ටික කාලයකින් නැති වෙනවා. මේ රට භාරගන්නේ දරුවෝ. යුද්ධය අවසන් කිරීමේ ප්‍රතිලාභ හිමිවන්නේ මේ රටේ දරුවන්ට.  යුද්ධය නැතිකරලා සාමය ඇතිකරලා  නිදහසේ ජීවත්වන්න සමාජය නිර්මාණය කරපු රජයක් දරුවන්ගේ අනාගතය සමග සෙල්ලම් කරන්නේ නැහැ. මේ රටේ විභාගක්‍රමයේ විශ්වාසය  බිදවට්ටලා,  දේශපාලන වාසි ගන්න සමහර පිරිස් වෙහෙසෙනවා. නිලධාරියෙකුගේ වරදක් සිදු‍වුණොත් එය නිවැරදි කරවලා  ඉදිරියට ගෙනයාමේ අරමුණ  ඇතැම් පක්ෂ වලට  නැහැ. එම නිසා දේශපාලන වාසි ලබාගන්න  දරුවෝ පාවිච්චි  කරන්න එපා. තහවුරු කරලා මාධ්‍ය පුකාශ කළා නම්  එය පිළිගන්නවා.  නමුත්  කට කතා නිසා මාධ්‍ය ප්‍රකාශ  කරලා  ජන ජීවිත, දරුවන්ගේ ජීවිත අවුල් කරන එකද   දේශපාලන පක්ෂ , වෘත්තීය සමිති වල වගකීම.  මම කරුණාවෙන් ඉල්ලනවා දරුවන්ගේ හිත් තලන්න එපා. දරුවන්ගේ ලස්සන ලෝකය විනාශ කරන්න එපා කියලා.  මේ ගෙවල් අපි හදලා දෙන්නේ දැරුවන්ට සතුටින්  ඉන්න.

සුදුස්සෝ සිටිය යුතු  තැන නුසුදුස්සෝ  සිටියොත්  එම කටයුතු අසාර්ථක වෙනවා. ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා ,  හමුදා ප්‍රධානීන් සියලුදෙනාම නියම ආකාරයෙන්  සුදුසු විදිහට කටයුතු කළ නිසා යුද්ධය අවසන් වුණා. මහජන  නියෝජිත ආයතනවලට සුදුසු  පරම්පරාවක් සකස් කළ යුතුයි. මොකද දක්ෂ දරුවන් යුද්ධය නිසා විශාල පිරිසක් නැතිවුණා. ඒ නිසා අද අපට දැනෙනවා ආයතන සමග වැඩ කරනකොට, සේවා නොලැබෙනකොට  එම අඩුව අපට දැනෙනවා. ශාසනයට  වෙන හානිය තවපැත්තක්.  නුසුදුසු පිරිස් ශාසනයට ඇතුළු වීම සිදුවෙනවා.  අද ජනතාව අතර ආගම් පිළිබද  විශ්වාසය බිදවැ‍ටෙන්න ප්‍රධාන හේතුව තමයි  මහා සංඝරත්න‍යෙත් ආගම් වලත් තිබෙන ප්‍රශ්න නොවේ. නුසුදුසු අය ඇතුළු වුණාම  සිදුවන  අවුල නිසයි එම ප්‍රශ්න ඇතිවන්නේ. දේශපාලන ලෝකයත් එහෙමයි. නුසුදුසු අය ඇතුළු වුණාම දේශපාලන කටයුතු අවුල් වෙනවා. මහා සංඝරත්නයට හානි සිදුවෙනවා එක් භික්ෂූන් වහන්සේනමකගෙන් සිදුවන  අඩුපාඩු ක්‍රියාවන් නිසා. එම නිසා ඒ වගේ සිදුවීම ඇතැම් පිරිස්  ආයුධ බවට පත්කරගන්නවා. ආගම් විනාශ කරන සමහර ආයතන පිළිබද පුවත්පත් වල පිටු ගණන් දැන්වීම දානවා. මේ රටේ ආගමික ගැටුම් හදන්න,  අහිංසක ජනතාවගේ ආර්ථික , සමාජ අඩු පාඩුකම් පාවිච්චි කර  මේ රටේ ආගමික , සංස්කෘතික , ජන සමාජය විනාශ කරන්න ව්‍යාපාර වලට ඉඩ දුන්නොත්  අනවශ්‍ය ආගමික ගැටුම්  ඇතිවෙන එක වළක්වන් බැහැ.  රජය විසින් එබදු ආයතන නැවැත්විය යුතුයි.  අවුරුදු දහස් ගණනත් තිස්සේ  සියලු ආගම් ජනතාව සහයෝගයෙන් ජීවත් වුණා. එම ආගම් අතර  ගැටුම් ඇතිකරන්න මූලධර්මවාදී කල්ලි ක්‍රියා කරනවා.

ආර්ථික ගැටලු නිසා  මව්පියෝ විදේශගත වෙනවා.  එවිට  දරුවන් සහ පියවරු   ගෙදර තනිවෙනවා.  එතකොට තමයි  විශාල වශයෙන්  දරුවන්ට විවිධ අපචාර සිදුවන පරිසරය උදාවෙන්නේ. ඒ නිසා  අපේ වගකීමක් තියෙනවා මෙම සමාජ  ගැටලු  විසදීමට කටයුතු  කරන්න. එසේම  මේ රට ආරක්ෂා කරගන්න වගේම, මේ රටේ  යහපත්  සමාජයක් ඇතිකරන්න වගකීම අපට තියෙනවා. මෙම වැඩපිළිවෙලට සහාය ලබාදුන් සියළුම දෙනාට අපි ස්තූතිවන්න වෙනවා”  යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යාවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, ජගත් කුමාර, රෝජර් සෙනෙවිරත්න, මොරටුව නාගරික මන්ත්‍රී සුරේශ් ඉන්දික, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ  ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා,  කඩුවෙල ප්‍රාදේශීය ලේකම් එම්. එස්.පී. සූරියප්පෙරුම,  නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ  සභාපති නීතීඥ  පාලිත ගමගේ,  ජනසෙවණ ජාතක නිවාස ලේකම්  කාර්යාලයේ උපදේශක  ලක්විජය  සාගර  පලන්සූරිය යන මහත්ම මහත්මීන් සහ  නිවාස  මූල්‍යාධාර ලාභීහූ විශාල පිරිසක් මෙ අවස්ථාවට සහභාගී වූහ.

16,179 Viewers

21 Comments to “සජිත් කියන විදිහට පේ‍්‍රමදාස ගෙවල් හැදුවනම් ලංකාවෙන් බාගයක් ඒ ගෙවල්වල”

  1. SAJITH KOLUWA NODANNA KAMATA KIYANA EAWA GANANGANNA EPAA.

  2. ajith rohana says:

    ane yako, premadasa karapu eken dasamayak wath umbata karanna be. wimal weerawans kiyanne nayata kahina wedak karanna beri thakatheruwek. anunwa vivechanaya karanawa wenuwata apita denena wedak karala pennapan. premadasa nethnam ada weddi umbath ne.

    • PeaceNet says:

      Ba ba Premadasa karapuwa megollo karanne koheda? Premadasa kollo 60,000k marala duppathkama nathi kala. ai nida ganna genna gaththu raththaran anda? Thawa Kobbakaduwa, Athulathmudali kambas karapuwa.Megollo koheda ehchchara hariyak karanne?

      • emma says:

        මෙය මේ පිස්සු කියනවා. ප්‍රේමදාසගේ රෙකොර්ඩ් මෙයාල කලා ඉවරයි … දෙමල කොල්ලෝ ලක්සගනක් මේරුව, ජනක පෙරේරා. ජෙරාජ් , ලසන්ත , තව රෙකොර්ඩ් ඕනෙද ? හා හා හා ;)

        මේවා පොස්ට් කරන්න හොදේ !

        • rumma says:

          paw. meruwe ahinasaka demala kollo wenna athi.
          un wepons aran enakota, balgena innada kiyanne. nikan baba wenna epa. e kale minee marapu demalu, dan babbu wenna hadanawa. warella nalawanna

        • PeaceNet says:

          ගම්මාන පිටින් අහිංසකයින් කැති ගාපු කොටි මරපු එකයි අහිංසක කොල්ලෝ මරපු එකයි අතර වෙනසක් තියනවනේ. දෙමල කොල්ලෝ කියන්නේ කොටි නම් ඉතින් ලක්ෂයක් මැරුවත් පවු නැහැ.

        • Constantine says:

          එතකොට අර ආන්ඩුවෙන් වියදම් කරල කන්න බොන්න දීල උගන්නලා රස්සාවල් දීල පුනරුත්ථාපනය කරල එලියට දැම්මෙ එලුවොද ?

        • gamaya says:

          දෙමල කොල්ලෝ ලක්සගනක් මේරුව හෙබෙය් ද්‍රවිඩ විමුක්ති කොටි සංවිදානයේ පුහුණුව ලැබූ සන්නද්ධ කුලී බටයෝ සහ සියදිවිනසගන්න බෝම්බ කරුවෝ.
          ජනක පෙරේරා – ද්‍රවිඩ විමුක්ති කොටි සංවිදානය වගකිවයුතු වේ.
          ජෙරාජ් – ද්‍රවිඩ විමුක්ති කොටි සංවිදානය වගකිවයුතු වේ.
          ලසන්ත – සරත් ෆොන්සේකා මෙහෙයවූ කුලී හමුදාව වගකිවයුතු වේ.
          ජෙනරාල් කොබ්බැකඩුව – ජනාධිපති ප්‍රේමදාස වගකිවයුතුවේ.
          ඇතුලත්මුදලි – ජනාධිපති ප්‍රේමදාස වගකිවයුතුවේ.
          උපාලි විජේවර්ධන – ජනාධිපති ප්‍රේමදාස වගකිවයුතුවේ. (http://www.divaina.com/2012/08/26/feature12.html.)

          තවත් තිබේ නම් කියන්න අපි උත්තර දෙන්නම්

      • gamaya says:

        දෙමල කොල්ලෝ ලක්සගනක් මේරුව හෙබෙය් ද්‍රවිඩ විමුක්ති කොටි සංවිදානයේ පුහුණුව යුදෙට පෙමිනි ලැබූ සන්නද්ධ කුලී බටයෝ සහ සියදිවිනසගන්න බෝම්බ කරුවෝ. එක මහින්ද විතරක් නෙමෙය් J.R, ප්‍රේමදාස, D.B විජේතුංග, චන්ද්‍රික එතුලු සේම කල

  3. Ranjith says:

    Premadasa tanikarama boruwa kale.Tamunge ewunta hambakaraganna.Un tamai me horakam karana culture eka ethikale.Ewagema nidan wedipurama heruweth ea kale tamai.Meawa lankawe unta mataka ne.

  4. sarath says:

    MEYA BILA GAHANAWA PEMADASA KARAPU EWEN BAGAYAK WATH MEYA KARANAHA

    PEMA DASA HADAPU MALEGAWATHA MALAL NEWASA TEKA REPAYARR KARAPU EAKA WETARE KALE HO HO HO HO ‘……………

    PODE WADAK KARALA DAWAS GANAK KAEWARU GAHANAWA WETARE

  5. lion-KADUWELA says:

    PREMADASA is MURDER …what he DONE for the MOTHERLAND …

    HE SPOIL our country…

    BLAST HIS NAME from MOTHERLAND !!!

  6. bbb says:

    ඔහොම යන් ඇමතිතුමෝ…

  7. Modaya says:

    mee monawa kiuwath ranasinha premadasa mahaththaya ee dawaswla karapu dewal walata garu karanna oner..

  8. සප්ත කන්‍ය says:

    පේ‍්‍රමදාස වැඩක් කලා,නොකලා නෙමෙයි,නමුත් එයා එයාට වඩා වැඩක් කරන්න පුළුවන් බුද්ධිමත්තු මැරුවා,(ඇතුලත්මුදලි,කොබ්බෑකඩුවලාවගේ)

  9. Arya Fernando says:

    රණසිංහ Pramadasa මහතා අති විශිෂ්ට රාජ්‍ය පලකයයෙක්! ඇතුලත්මුදලි මහතාගේ ගාතනය කෙලින්ම LTTE සංවිදානය කල දෙයක් , එම බව LTTE සංවිදානය විරු උත්සවයකදී පසු ව පවසා හිටිය, Pramadasa මහතාට මඩ ගසන්නේ එතුමඅ පොඩි පන්තියකින් අපු නිසා . කට්ටිය හිතන් ඉන්නේ කොපොදෝරු ඉහල කුල වල අතයට විත්රි මේක පාලනය කරන්න පුළුවන් කියලා

    • sam says:

      ekathamai rata eyage kale saubagya une.ltte ekata auda dunna,rate wadagath pudgalayan mara damma.dushanaya,wirakiyawa,nugathunta usas thanathuru,ugathun peennabari palakayek .gewal haduwa thamai.e unath gewal haduwa pramanayata wada katin hadapu pramanayath double karala kiuwe.ekanisane marichcha welawe minissu parawal wala dega natuwe.hoda deya hodai naraka deya narakai.

  10. chin says:

    සජිතය ගැනී වගේ අනුන්ගේ රෙදි උස්ස උස්ස බල බල යනවා. උට ඊට වඩා දෙයක් කරගන්න පණක් නැහැ.
    මුන් තමයි මහින්දගේ ආණ්ඩුව පෙරලන්න එන්නේ. පොනිලට ම හොඳ නංගි.
    කට පාඩම් කල වචන සෙට් එකක් කියාගෙන යනවා.

  11. A380 says:

    moota premadasge kapati moona avilla na, tiyenne hamage gon moona.

Leave a Comment