Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

‘විඤ්ඤූන්’ පිලිබඳ ප‍්‍රශ්ණය

August 31, 2012 at 12:04 am | Lanka C News.

‘විඤ්ඤූන්’ පිලිබඳ ප‍්‍රශ්ණය

පසුගිය දින දෙකකදී ස්වාධින රුපවාහිනී සේවයෙහි “සත්‍ය මිත්‍යාව සහ ලෝක විනාශය” සහ “සත්‍ය මිත්‍යාව සහ ලෝක ස්වභාවය” යන මැයින් විකාශය කෙරුණු “දොරමඩලාව” සංවාදාත්මක වැඩසටහන මෙම ලිපියට නිමිති වෙයි. එම වැඩසටහනට සහභාගී වූවන් අතර පුජනිය සංඝයා වහන්සේ දෙනම සහ විශේෂයෙන් මහාචාර්ය නලින් ද සිල්වා ගුරුතුමා විසින් මතුකරන ලද “විඤ්ඤූන්” පිළිබඳ වන ප්‍රශ්නය මගේ අවධානයට යොමු වෙයි. තවද නලින් ද සිල්වා ගුරුතුමා විසින්ම අපට දායාද කෙරුණු “නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය” ට හැකිතාක් අනුගතව මේ පිළිබඳව කරුණු කිහිපයක් ගොනු කිරීමට මම අදහස් කරමි.

එකිනෙකට ඉතා සමීප නමුත් අතිශය පුළුල් දාර්ශනික පසුතලයක් සහිත මාතෘකාවන් දෙකක් මෙසේ රුපවාහිනී වැඩසටහනකින් සාකච්ඡාවට ගැනීමේදී සහභාගී වූ ගරුතර ස්වාමීන්වහන්සේ විසින් අප තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් “කාලාමයන්”ට දේශනා කරන්නට යෙදුනු, සුත්‍ර පිටකයේ, අංගුත්තර නිකාය, තික නිපාතය, දෙවන පණ්නාසකය, මහා වග්ගයෙහි පස් වන සුත්‍රය හෙවත් කේසපුත්ත (කාලාම) සුත්‍රය උපුටා දක්වන ලදී. කාලාම සුත්‍රය බෙහෙවින් සාකච්ඡාවට බඳුන් වූද, විශේෂයෙන් බොහෝ බටහිර සහ බටහිර ලැදි විද්වතුන්ගේ අවධානය දිනාගත්තතාවූද සුත්‍රයකි. අප තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මනුෂ්‍යයෝ වෙත ලබා දී ඇති විශ්මිත නිදහස් චින්තනය පිළිබඳව මනා නිදර්ශනයක් ලෙස මෙම සුත්‍රය බෙහෙවින් උපුටා දක්වනු ලබයි. කෙසේ වෙතත් භාග්‍යවතුන් වහන්සේ ගේ මෙම උතුම් සම්බුද්ධ දේශනාව උපුටා දැක්වීමේදී සහ එය ඉදිරිපත් කිරීමේදී සිදුවන සැලකිය යුතු අඩුපාඩු රැසක්‌ ඇති බව තිසරණ සරණ ගිය ශ්‍රද්ධා සිතින් යුතුව, දහම් ගෞරවයෙන් ඒ ගැන සිත යොමු කරන කෙනෙකුට පෙනී යයි. කෙසේ වෙතත් කාලාම සුත්‍රය විග්‍රහ කිරීමේදී මතු වී ඇති මෙම ගැටළුව සාකච්ඡා කිරීම ඊළඟ ලිපිය තෙක් කල තබා “විඤ්ඤූන්” පිලිබඳ ප්‍රශ්නය දැන් සාකච්ඡා කරමු.

මහාචාර්ය නලින් ද සිල්වා ගුරුතුමා විසින් එහිදී ඉදිරිපත් කරන්නට යෙදුනු කරුණ වූයේ, පළමුව සමාජයක්, සංස්කෘතියක්‌ සහ ජාතියක් ලෙස අපටත් දෙවනුව පොදුවේ ලෝකයටත් නිසි මග පෙන්වීමක් සිදු කල හැකි “විඤ්ඤූන්” පිරිසක් පසුගිය සියවස් පහක පමණ කාලය තුල අපට අහිමි වී ඇති බව යයි සිතමි.

දෙවනුව ඉහත කී හේතුවත් ඊට අමතරව පසුගිය සියවස් පහක පමණ කාලය තුල බටහිර සංස්කෘතීන්, විශේෂයෙන් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය සහ චින්තනය විසින්ද  බටහිර විද්‍යාව යයි අප කියනු ලබන්න විසින්ද බිහි කරන ලද එම සංස්කෘතියෙහි ප්‍රමුඛ දාර්ශනිකයන්, විද්‍යාඥයින් සහ චින්තකයන් අප (අපි යනුවෙන් මා මෙහිදී අදහස් කරන්නේ ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධයන්, දෙවනුව ලෝකයේ ථෙරවාද බෞද්ධ සංස්කෘතීන් සහ අවසන් වශයෙන් සමස්ත මානව සමාජය සහ සත්ත්ව ලෝකයත්ය) ඇතුළු සමස්ත මානව ලෝකයේම  “විඥඥූන්” ගේ ස්ථානයට  පත්වීම නිසා ලෝකය ගමන කරමින් ඇති විනාශකාරී අඳුරු යුගය මහාචාර්ය නලින් ද සිල්වා ගුරුතුමාගේ අවධානයට යොමු වෙයි.

එතුමාගේම වචන වලින් සඳහන් කරන්නේ නම් “නිව්ටන්”, “අයින්ස්ටයින්”, “මාක්ස්” , “ඇඩම් ස්මිත්” , ආදීන් අපගේද  “විඤ්ඤූන්” බවට , නැතහොත් අපගේ “විඤ්ඤූන්” සිටි ස්ථානයට පත්ව තිබීම මහත් අවාසනාවකි. එය විනාශකාරී සහ ඒකාන්තයෙන්ම අන්තරායකරය. අප ඉන් මිදිය යුතුය. වහ වහා ඒ සඳහා ක්‍රියා කල යුතුය. අපේ ආහාර, සෞඛ්‍ය පිලිබඳ ප්‍රශ්න වල සිට, යටත් විජිත කරණය, ගෝලීය උණුසුම, න්‍යෂ්ඨික අර්බුද ආදී මෙකී නොකී දහසක් ප්‍රශ්න ඉහත කී “විඤ්ඤූන්” පිලිබඳ ප්‍රශ්නය සමග ගැඹුරින් බැදී පවතී.

එසේ නම් මූලික ප්‍රශ්නය අපේ “විඤ්ඤූන්” නම් කවරහුද ? යන්නය.

අතීතයේ අපට “විඤ්ඤූන්” සිටියේද? ඔවුන් අපේම “විඤ්ඤූන්” වීද? ඔවුන් කල කී දෑ මොනවාද? අපට අපේම වූ “විඤ්ඤූන්”  අද නැත්තේමද ? සුළුවෙන් හෝ එවැන්නන් සිටීද? නැතහොත් අපට නැවත අපේම වූ “විඥඥූන්” පරපුරක් නිර්මාණය කරගත හැකිද? එයින් ඇති ප්‍රයෝජන කිම? එසේ “විඤ්ඤූන්” නිර්මාණය කරගත් යුත්තේ කෙසේද? යනාදී මෙකි නොකී දහසකුත් එකක් ප්‍රශ්න අපට විසඳා ගැනීමට තිබේ. නමුත් සියල්ලටම කලින් අපි “විඤ්ඤූන්” යනු කවරහුද? ඒ අනුව අපේ “විඤ්ඤූන්” කවරහුද? යන්න විමසා බලමු.

සරලව කිවහොත් “විඤ්ඤූන්” සමාජයක ඉදිරිදැක්ම තීරණය කිරීමේදී පුළුල්ව බලපායි. ක්ෂේත්‍රය කවරක් වුවද පොදුවේ සමාජයක මිනිසුන් සිතන පතන ආකාරය ක්‍රියා කරන සහ ක්‍රියා කල යුතු ආකාරය කෙරෙහි පුළුල් බලපෑමක් ඔවුහු එල්ල කරති. බොහෝ විට ලෞකික තලයෙහි දී “විඤ්ඤූන්” දැනුමෙහි හා සංකල්ප වල නිර්මාපකයන් වෙති. නැතහොත් ප්‍රධාන ස්ථාපිත දැනුම් ප්‍රවාහයක් පවත්වාගෙන යන නියෝජිතයෝ වෙති. සමාජය ඔවුන්ගෙන් උගනී. ඔවුන් සංස්කෘතියක් පවත්වයි. එය සකස් කරයි. වෙනස් කරයි. බොහෝ විට “විඤ්ඤූන්” විසින් පවතින සංස්කෘතීන් තුලම සංකල්ප සහ දැනුම නිර්මාණය කෙරෙයි. කලාතුරකින් ඔවුන්ගෙන්ද සමහරෙක් නව චින්තනයක් සහ ඒ මත නව සංස්කෘතියක් නිර්මාණය කිරීමෙහි මුලික වෙයි. මට වැටහෙන පරිදි ඉහතින් කියන ලද්දේ “විඤ්ඤූන්” හඳුනා ගැනීමට උපකාර වන කරුණු කිහිපයකි.

දැන් “අපි” ගැන කතා කරමු. මම සිංහල බෞද්ධයෙක්මි. මේ ලිපිය පළමුව අරමුණු කරන්නේ සිංහල බෞද්ධයන්ය. එබැවින් “අපි” සිංහල බෞද්ධයන් වෙමු. වඩා නිවැරදිව කියන්නේ නම් “සිංහල ථෙරවාදී බෞද්ධයන්” වෙමු. අපට ශාස්තෘන් වහන්සේ නමක් සිටිති. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේය. උන්වහන්සේ අපේ, එනම් සිංහල බෞද්ධයන්ගේ ශාස්තෘන් වහන්සේ මෙන්ම නුවණැති සියලු දෙව් මිනිසුන්ගේමද ශාස්තෘන් වහන්සේ බව අපි අමතක නොකරමු.

අපි තිසරණ ගියෝ වෙමු. බුදු පියාණන් වහන්සේ සරණ ගිය අපි එහෙයින්ම උන්වහන්සේගේ ධර්මයේද සරණ ගියෝ වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නයේද සරණ ගියෝ වෙමු. මහා සංඝ රුවන, රහතන් වහන්සේලාගෙන් සමන්විත වෙයි. ආර්ය වූ මාර්ග ඵල ලාභීන් වහන්සේලාගෙන්ද සමන්විත වෙයි. එහි භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය “සද්ධානුසාරී”, “ධම්මානුසාරී” කල්‍යාණ මිත්‍ර වූ සංඝයා වහන්සේද වෙති.

එසේම මහත් ගුණ ඇති මග ඵල ලාභී උපාසක උපාසිකාවෝද සිටිති. ගිහිව සිටියදීම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී මග ඵල ලත් උපාසක උපාසිකාවන් වූ බව අපි දනිමු. එපමණක් නොව, දෙව් ලොවද බඹ ලොවද භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය, මග ඵල ලාභී වූද, මග ඵල නොලත් මුත් තිසරණයෙහි පිහිටි කල්‍යාණ වූ සත්පුරුෂ වූද  දෙවියන් බඹුන් සිටී.

භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව විමසන මට පෙනී යන්නේ අපේ “විඤ්ඤූන්” පළමුව අන් කවරකු හෝ නොව රහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලාම බවය. තෙරුවන් සරණ ගිය අපි නිසැකයෙන්ම ඒ පිළිගනිමු. මග ඵල  ලත් සතර අපායට නොවැටෙන සුළු ධර්මයෙහි විශාරද, ආර්යයන්ද රහතන් වහන්සේලාට පසුව අපේ “විඤ්ඤූන්” ය. ඉන් අනතුරුව “සද්ධානුසාරී” ,  “ධම්මානුසාරී” කල්‍යාණ වූ පුණ්‍ය ශක්ති ඇති, පුරන ලද පාරමී ඇති සත්පුරුෂයන් අපේ “විඤ්ඤූන්” වෙති. මෙහිදී අපි දෙවියන් අමතක නොකරමු. ආර්යන් වහන්සේලාත් කල්‍යාණ පෘථග්ජන වූත් තිසරණයෙහි පිහිටියා වූත් දිව්‍ය බ්‍රහ්මයන් අපේ “විඤ්ඤූන්” විය යුතුය.

දැන් මදක් ගැඹුරට මෙම කරුණු විග්‍රහ කරමු. ඉහත සඳහන් කරන ලද අපේ සියලුම “විඤ්ඤූන්” අඩුවැඩි වශයෙන් ගත කල එක් පොදු ලකුණකින් අපට විග්‍රහ කල හැකිය. ඒ අන කිසිවක් නොව තිසරණයෙහි පිහිටීමයි. වඩාත් තීක්ෂණ ලෙස ඒ විග්‍රහ කළහොත් මේ සියලු දෙනා අඩු වැඩි වශයෙන් “සම්‍යග් දෘෂ්ඨිකයෝ” වෙති. සම්‍යග්දෘෂ්ඨිය  පිලිබඳ විග්‍රහය ඇරඹෙන්නේ ම අප තිලෝගුරු තථාගත භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙනි. අපේ යුගයෙහි පළමු රහතන් වහන්සේද උන් වහන්සේ බව අපි අමතක නොකරමු. උන්වහන්සේ “විඤ්ඤූන්” අතර අනන්ත වුත්, අප්‍රමේය වූත්, ප්‍රතිමූර්තියයි. අග්‍රස්ථානයයි. සිංහල බෞද්ධ අප විෂයෙහි පමණක් නොව, දෙවියන් සහිත බඹුන් සහිත, මැරුන් සහිත දස දහසක් සක්වල සම්මා සම්බුද්ධ ආඥාව වෙයි. බලය වෙයි. උන්වහන්සේගේ ප්‍රඥාව විශ්මිතද පරිපුර්ණද වෙයි. එම නිසා අපි බිය නොවිය යුතුය. උන්වහන්සේ ප්‍රමුඛව උන්වහන්සේ අනුදැන වදාළ ධර්ම විනය පිළිගත් පිරිස, අපද අපේ සමාජයද අපේ ශිෂ්ටාචාරයද වෙයි.

“විඤ්ඤූන්” විග්‍රහ කර ගැනීමෙහි අපේ “ප්‍රමාණය” ද ආදර්ශයද භාග්‍යවතුන් වහන්සේත් උන්වහන්සේ සතු වූ සර්වඥතා ඥානයත් වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ එම උතුම් ප්‍රඥා ගුණ සයුරෙහි විවිධ මට්ටමින් හැසිරෙන තවත් උතුමෝ වෙත්. උතුම් සර්වඥතා ඥානය නමැති අනන්ත අහසෙහි පෙදෙසක හැසිරුණු ලොකු කුඩා පක්ෂීන් වන බුද්ධ ශ්‍රාවකයෝ වෙත්.  මහා රහතන් වහන්සේ ලා අතරින්ද, අතිඋතුම් වූ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමද  ඒ ඒ තනතුරු වලින් අග්‍ර යයි පුදන ලද අසූ මහා ශ්‍රාවකශ්‍රාවිකාවෝද මෙහිදී වැදගත් වෙයි.

දැන් තවත් වැදගත් ප්‍රශ්නයක් මතු වෙයි. නිවන් මග පමණක් අරමුණු කරගෙන ඒ සඳහා පිළිවෙත් පුරන සමාජයක් නොවන කල, වර්තමානයට සහ වර්තමානයේ ගොඩ නැගී ඇති ලෝකාධිපත්‍යයට, බටහිර විද්‍යාවට සහ ඒ ආශ්‍රිත දැනුම පද්ධතීන්ට (ඉහත කී අපේ “පළමු පෙළ විඥඥූන්” පරපුර අදට විද්‍යාමාන නොවන බැවින්) අපට කෙසේ නම් මුහුණ දිය හැකිද ? යන්නය.

මෙයට පිළිතුරද සිංහල බෞද්ධ අපට භාග්‍යවතුන් වහන්සේගේ දහම විමසීමෙන්ම ලබා ගත හැකිය යන්න මාගේ හැඟීමයි. පළමුව භාග්‍යවතුන් වහන්සේත් රහතන් වහන්සේලාත් අප්‍රමේය, අනාදේශක “විඤ්ඤූන්” යයි පිළිගන්නා අප ඒ මත පිහිටා කල යුතු විමසුම් සහගත කටයුතු කිහිපයක් වෙයි.

පළමුව කලයුත්තේ ශ්‍රද්ධාවෙන්ද වීර්යයෙන්ද යුතුව ධර්මය හැදෑරීමයි. එහිදී අප සමාජය සහ අනාගත පරපුර මුලික වශයෙන්, සුත්‍ර, විනය, අභිධර්මය සහිත උතුම් වූ ත්‍රිපිටකයත්, ඊට අදාළ පිළිගත් අට්ටකථා(අටුවා), සහ ටීකා සාහිත්‍යයත් ඒ මත තවදුරටත් පැනනැගුණු අනෙකුත් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයනුත් බාධක මැද වුවද හැදෑරිය යුතුමය. නැවතත් සඳහන් කල යුත්තේ එය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්ද, නුවණ මෙහෙයවීමෙන්ද මිස අන් කවර පදනමක වුවද පිහිටා කිරීමෙන් පලක් නොවන බවය. ධර්මධර, පුජනීය මහා සංඝ රත්නය ප්‍රධාන කොට ගෙන ධර්මය අර්ථ සහිතව විග්‍රහ කර විස්තර කර දිය හැකි වැඩිහිටි පරපුරක්  බිහි කර ගැනීමට හැකි සෑම උපාය මාර්ගයක්ම ගැනීම ඉහත කී අපේ “විඤ්ඤූන්” පරපුර ගත මාර්ගය නැවත ප්‍රතිස්ථාපනය කිරීමේද අපේම වූ නව “විඥඥූන්” බිහි කර ගැනීමේද පළමු පියවර වෙයි.

දෙවනුව, විශේෂයෙන් කිව යුත්තේ ධ්‍යාන භාවනා කරන, සිත සමාධිමත් කිරීමෙහි දක්ෂ පිරිසක් සංඝයා වහන්සේ මෙන්ම ගිහි සමාජය අතුරින්ද ගොඩ නගා ගැනීමට අප උත්සුක විය යුතු බවයි. මින් මා අදහස් කරන්නේ “නිවන් දැකීම උදෙසා බවුන් වැඩීම” පමණක් නොවන බව කිව යුතුය. නිවන් උදෙසා පින් දහම් කිරීම, කුසල් රැස් කිරීම, ශීල සමාධි ප්‍රඥා වැඩීම මුල් තන්හිද, ප්‍රමුඛතා වශයෙන්ද ලා සලකන අතර වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙහි දැනුම උකහා ගැනීම උදෙසා වය කෙරෙන කාලය,ශ්‍රමය හා වෙහෙස , පංච ශීලය මත පිහිටියවුන් අතරින් සැදුම්ලත් සමාධි වඩන පිරිසක් එසේ සමාධි වැඩීමට යොමු කිරීම අත්‍යාවශ්‍ය සහ වැදගත් කරුණක් ලෙස අපේ අවධානය යොමු විය යුතුය.

වියුක්ත ප්‍රවාද සහ හුදු තාර්කික දැනුම පැරදවීම.

බටහිරයන් අතරින් සමහරෙක් ඔවුන්ගේ සංස්කෘතිය සහ චින්තනය මත පදනම්ව අති දක්ෂ සහ ඒත්තු ගන්වන සුළු ලෙස න්‍යාය හෝ කතන්දර ගොතා ඒ අප ඇතුළු සියලු දෙනා මත බලෙන් පටවති. වියුක්ත දැනුමෙහි එතරම් දක්ෂයන් නොවන අපිද අපේ සංස්කෘතීන්ද එම බටහිර දැනුමේ ආධිපත්‍යයට නිරායාසයෙන් ගොදුරුව ඇත්තේ එවැන්නක් සිදුවන බවද නොදැනම මෙනි. නමුත් මා විශේෂයෙන් සඳහන් කරනු කැමති කරුණක් නම් වියුක්ත ප්‍රවාද වලට එරෙහිව, විශේෂයෙන් වියුක්ත ප්‍රවාදයන්හි ක්‍රියාකාරී ශක්‍යතාවන්ට (applications) එරෙහිව අපට විශේෂයෙන් යොදා ගත හැකි ශක්තියක් වන්නේ “සමථය” නොහොත් “චිත්ත ඒකාග්‍රතා බලය” බවයි. මෙය උතුම් වූ ත්‍රිශික්ෂාවෙහි (ශීල,සමාධි,ප්‍රඥා යන) සමාධිම අංගය යොදා ගැනීමක් බව වරදවා වටහා නොගත යුතුය. භාග්‍යවතුන් වහන්සේගේ  උතුම් වූ ත්‍රී ශික්ෂා සංඛ්‍යාත අනුත්තරීය ධර්ම චක්‍රය පෙරලීමට පෙරද විශේෂයෙන් චිත්ත සමාධිය (විදර්ශනා සමාධිය නොවෙයි) යම් යම් මට්ටම් වලින් දියුණු කරන ලද, ඒ ඇසුරින් අතිශය විශ්මිත හැකියාවන් සහිත මිනිසුන් බිහිකරනලද සුවිශේෂ දැනුම සම්ප්‍රදායන් ගණනාවක් තිබු බව බොහෝ දෙනා අමතක කරති. සෘද්ධි ප්‍රාතිහාර්ය ආදී අධ්‍යාත්මික වර්ධනය හා සෘජුව බැඳුනු කාරණා හැරුණු කොටගෙන චූල ගාන්ධාර විද්‍යා/ මහා ගාන්ධාර විද්‍යා/ මණිකා ශාස්ත්‍ර ආදී අනෙක විධ දැනුම පද්ධතීන්ද තිබී ඇති බව අප අමතක නොකළ යුතුය. (මේ දැනුම් පද්ධතීන් ගැන පසුවට විස්තර කතා කරමු). මීට අමතරව ලෞකික ධ්‍යාන විෂයද අතිශය ප්‍රබල ක්‍රියාකාරීත්වයන්ගෙන් යුතුව මානව සමාජයේ යම් යම් කාල වකවානු වලදී භවිතා වූ බවට සාක්ෂි ඒ බැව් සොයන්නන්ට ධර්මය සාහිත්‍යය ඇසුරින්ම බොහෝ දුරට ලබා ගත හැකිය. එබැවින් “සමථ සමාධි” වඩන (මුලිකව තෙරුවන් සරණෙහි පිහිටි) පිරිසක් බිහි කර ගැනීමත් ඒ අය හරහා ලෞකික සමාජයේ යහ පැවැත්මට උපකාර වන සහ විශේෂයෙන් අභියෝගාත්මක අවශ්‍යතා ජයගැනීමට දිරි දෙන යම් යම් ශිල්ප ශාස්ත්‍ර වර්ධනය කර ගැනීම හරහා ධර්මයට හා බුද්ධ දේශනාවට “අනනුගත නොවන” ලෞකික දැනුම පද්ධතීන් ගොඩ නගා ගැනීමටත්, අප ක්‍රියා කල යුතුය. දෙවියන්, යක්ෂයන්, ගාන්ධර්වයන්  ආදී යම් යම් විශේෂ ශක්තීන් ඇති දියුණු සත්ත්ව කොටස් සමග වසර සිය ගණනකට පෙර අප සතුව තිබුණු සෘජු සහ වක්‍ර සන්නිවේදන ක්‍රම බොහෝ සෙයින් අභාවයට යාමද අපගේ දැඩි අවධානයට යොමු විය යුතු තවත් කරුණකි. ඒ අනුව මෙම හැකියාවන් දියුණු කරන සහ පවත්වාගෙන යන “දෙවන පෙළ විඤ්ඤූන්” පරපුරක් ගැනද වහ වහා අපේ අවධානය යොමු කල යුතුය.

තෙවනුව විමසිය යුතු තවත් ප්‍රශ්නයක් වෙයි. සෘජුවම අපේ සංස්කෘතියට සහ චින්තනයට අනුගත නොවන නමුත් පොදු සමාජයේ සහජීවනය සහ යහපැවැත්ම උදෙසා වන අප සතු මූලික මූලධර්ම වලට අනුකුල වූත්, විරුද්ධ නොවූත්, සුවිශේෂ නිර්මාණත්මක ශක්තීන් විදහා දැක්වෙන සංකල්ප හා නිර්මාණ ඉදිරිපත් කරන්නවුන් “විඤ්ඤූන්” ලෙස අප පිළිගන්නේද? නැද්ද? එසේ පිළිගන්නේ නම් කවර නිර්ණායකයන් මත පිහිටාද? යන්නයි. මේ අප වඩාත් පරෙස්ස්සම් විය යුතු අවස්ථාවකි.

මා අදහස් කරන පරිදි ලෝකය බොහෝ විවිධ විෂමතාවන්ගෙන් ගහන බැවින් එක් වරම ආගන්තුක විශිෂ්ටයන් සහ ඔවුන්ගේ සංකල්ප, නිර්මාණ, දැනුම පද්ධති, පිළිගැනීම හෝ ඉවත් කිරීම නුවණට හුරු නැති බවයි. එනමුත් එවැනි අවසථාවකදී අප විසින් විශේෂයෙන් විමසා බැලිය යුතු නිර්ණායකයක් මෙහි දක්වනු කැමැත්තෙමි.

භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ ධර්මය නොමැති, නිවීම හෝ නිවන ගැන, නිරෝධය ගැන අදහසක් නොමැති යුගයන්ද ලොවෙහි තිබු බව අපි උගෙන ඇත්තෙමු. තවද කවර හේතුවක් නිසා හෝ මේ යුගයේදීද භාග්‍යවතුන් වහ්සේ ගේ දහම් ස්පර්ශය නොලද සංස්කෘතීන් සහ මිනිස් කොට්ඨාශ වෙයි. ඒ අතර පළමුව තිබූ බුදුසසුන පිරිහී අතුරුදන් වූ ජාතීන් හා සමාජයන්ද වෙයි. නමුත් ඉහත කී අවස්ථා දෙකෙහි දීම එවන් සමාජයන්හිද “නුවණැති” යම් මිනිසුන් පිරිසක් වුවද සිටිති. ඔවුහු උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය සඳහා වන පිළිවෙත් නොපුරති. තවද ඔවුහු තෙරුවන් සරණ ගියෝද නොවෙති. නමුත් ඔවුන් සතු පොදු ගුණයක් ඇත. ඒ සිංහල බෞද්ධ අපටද පොදුය. එනම් ඔවුන් අවම වශයෙන් “දශ වස්තුක සම්මා දිට්ඨියෙහි” පිහිටා සිටීමයි. ඔවුන්ද නුවණැතියන් යයි අපේ නිර්ණායක අනුව අපි කියන්නේ එබැවිනි. මෙම නුවණැත්තන් පරලොවක් විශ්වාස කරති. කර්ම කර්ම ඵල අදහති. පින් පව් විශ්වාස කරති. අවම වශයෙන් පංචශීලයෙහි ගුණ දකිති, ඒ පිළිගනිති. ඔවුන් “මව” සහ “පියා” යනුවෙන් විශේෂ වූත් මහෝපකාරී වූත් ආරක්ෂා ගරු කටයුතු වූත් දෙදෙනකු සිටින බව පිළිගනිති. තවද යම් කලෙක ලෝකයේ සත්‍යය අවබෝධ කරන ලද, යථාවබෝධය ඇති , ඇත්ත ඇති සැටියෙන් දැන එය ලොවට කියන උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, රහත්හු පහල වෙතැයිද විශ්වාස කරති. (දශ වස්තුක සම්මා දිට්ඨිය ගැන විස්තර වශයෙන් ඉදිරියේදී සාකච්ඡා කල හැකිය)

අපේ “විඤ්ඤූන්” තීරණය කිරීමේදී අවම සහ අවසාන වශයෙන් සලකා බැලියයුතු පිරිස ලෙස මා දකින්නේ මේ නුවණැති පිරිසය. වෙනත් සංස්කෘතීන්හි පැනනැගුණු විශිෂ්ට ඵලදායී සංකල්ප නිර්මාණ සහ දැනුම අවශෝෂණය කර ගැනීමේදී අපට මේ පිළිබඳව සලකා බැලීමට සිදුවෙයි. කෙසේ වෙතත්, කාලය, දීපය, දේශය, සංස්කෘතිය කුමක් වුවද අවම වශයෙන් “දශ වස්තුක සම්මා දිට්ඨිය” නොහොත් ලෞකික සම්මා දිට්ඨිය වත් නොමැති කවරකු හෝ දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත මේ තුන්  ලෝකයෙහි අපේ “විඤ්ඤූන්” අතරට කිසිලෙසකින්වත් වැද්ද නොගැනීමට සිංහල බෞද්ධ අප වග බලා ගත යුතුය. තවත් පැහැදිලිව කිවහොත්, බෞද්ධ සංකල්ප සහ චින්තනයන්ට ආගන්තුක වන විටෙක අවම වශයෙන් දශ වස්තුක සම්මා දිට්ඨියට වත අනුකූල වීම අපට අනිවාර්ය වෙයි.

මේ අනුව අවසාන වශයෙන් හා අවම වශයෙන් දශ වස්තුක මිත්‍යා දෘෂ්ඨියෙන් බැහැර වූ, වැඩදායක නුවණැත්තන් සහ නිර්මාණ කරුවන්ගේ සිට භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දක්වා අපිට “විඤ්ඤූන්” පරපුරක් සිටී. සැබවින්ම  එහි අයින්ස්ටින් ලා  නිව්ටන් ලා මාක්ස් ලා හෝ එවැනි අන්‍යයෝ නොසිටිති. නමුත් එහි අවශ්‍ය පමණ උතුම් ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාද, ආර්යයන් වහන්සේලාද, සම්යග්දෘෂ්ඨික දිවය බ්‍රහ්මයන්ද සිල්වත් ගුණවත් තිසරණ සහිත (මහා සංඝ රුවන ප්‍රධාන කොටගෙන) මනුෂ්‍යයෝද , ඊට අමතරව අප විසින් උත්සහ ගතහොත් ධ්‍යාන ලාභී සමාධි ලාභීන්ද සිටිති.

ඔවුන් අතර පරිසරය සුරා නොකන, තණ්හාවෙන් වියරු වැටී මුළු මහත් ගහ කොළ සතා සීපාවුන් ඇතුළු මිහිකත පරිසරයම විනාශ නොකර, හැකි පමණද නිසි පමණද පරිසරය සමග සහජීවනයෙන් ජීවත් වන ක්‍රමවේද, සංකල්ප නිර්මාණ ඉදිරිපත් කරන, අභියෝග ජය ගැනීමට උපකාර වන ඉන්ද්‍රිය සංවරය ගරු කරන අපේම  වූ “දෙවන පෙළ විඤ්ඤූන්” පරපුරක්ද සිටිති.

තෙවනුව, අඩු වශයෙන් “දශ වස්තුක සම්මා දිට්ඨියෙහි” වත් පිහිටි, බාහිර සංස්කෘතීන්හි උපන් ඒවායින් පැනනැගුණු අපේම නොවුවත් අපේ කරගත හැකි, අපේ කරගත්  “තෙවන පෙළ විඤ්ඤූන්” පරපුරක්ද සිටිති.

මේ පිරිස් ගැන ඉඩ ලැබෙන පරිදි ඉදිරියේදී  තවදුරටත් සාකච්චා කරමු. එතෙක් ඔබේ “විඤ්ඤූන්” තෝරා ගැනීමේදී නුවණැති  වීම ඔබට බාරය. තෙරුවන් සරණයි..!!!

මතු සම්බන්ධයි.

- සසිත් රාජසූරිය

65,575 Viewers
Print

328 Comments to “‘විඤ්ඤූන්’ පිලිබඳ ප‍්‍රශ්ණය”

  1. එස්.බී says:
    August 31, 2012 at 7:31 am

    ” විඤ්ඤූන් ” යකෝ මේ වචනෙ කියවන්න ගිහින් මගේ දිවයි නහයයි දෙකම උලුක් උනා….

    Reply
    • Joseph says:
      August 31, 2012 at 10:08 am

      “… පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහි ති” කියා අවසන් කරන දහම් වඳින ගාථාව කිසි දා කියා නැත්ද?

      Reply
    • halaya says:
      August 31, 2012 at 11:38 am

      sagith rajasuriya matiduni mama lipiyan pin kamati apeva danuwath kala obata mahath pin mahath annisansai.sadu sadu sadu.buddimatun bihi wava.

      Reply
  2. බබා says:
    August 31, 2012 at 10:35 am

    හොද ලිපියක්

    Reply
  3. ahinsaka says:
    August 31, 2012 at 10:48 am

    මෙම ලිපිය කියවා අවසානයේදී මට හැගුන දේ නම් මෙවැනි ලිපි කියවන අය අඩුකමයි ,,කොමන්ට් වලින්ම එය පැහැදිලි වෙනවා,,කුනු රස ඇති ලිපිවලට නම් කොමන්ට් කෝටියයි,,,,වැදගත් ලිපි කියවීමට බුද්දිය පහල වේවා,,,,,,

    Reply
    • සිතුවිළි says:
      August 31, 2012 at 5:36 pm

      හරවත් බුද්ධිමය ලිපි කියවීමට ඔබ දක්වන ඇල්ම අගය කරමි, LCN විසින් මාසයකට සැරයක් පල කරන පොහොය ලිපිය හා ඒ අතරතුර පල වන වැදගත් ලිපි කියවා බලන්න. ඇතැම් ලිපි ඔස්සෙ මතුවන සකච්චා මාසයක් පමණ ඉදිරියට ගමන් ගනී.
      ඔබ වැන්නවුනුත් මෙවැනි සකච්චා සඳහා පැමිනෙනවා නම් අගෙයි.

      Reply
      • luckmini says:
        September 1, 2012 at 4:25 am

        can you tell the name of the web site lcn

        Reply
  4. සත් සමුදුර says:
    August 31, 2012 at 11:43 am

    දහම් කරුණු පිළිබදව දැනගත හැකි වටිනා වෙබ් අඩවියකි මෙයත් – http://sathsamudura.blogspot.com/2012/08/blog-post_31.html

    Reply
  5. Pottu Amman says:
    August 31, 2012 at 12:13 pm

    Mewan sanwaa dathmaka lipi thawa thawath palawewa…!

    Reply
  6. මාතර ආතර says:
    August 31, 2012 at 12:27 pm

    මේ අඩවියේ ‘විඤ්ඤූන්’ කෙනෙක් වෙන්න දඟලපු Anonymouds one orig කොහේ ගියාද මන්ද?

    Reply
    • =/? says:
      August 31, 2012 at 1:26 pm

      විඤ්ඤූන් කියන වචනේ තේරුම නොදත් කමට අපි පලිද බන්!ඌ නම් පත බෑ වුන එක හොඳයි-හැබැයි තවම අවතාර කැරකෙනු පෙනේ.

      Reply
  7. සමනලයා says:
    August 31, 2012 at 12:38 pm

    දොරමඩලාවෙන්ම මෙම ලිපිය ආරම්භ කිරීම පිළිබඳව සසිත් රාජසූරියට මගේ ස්තුතිය. එම වැඩසටහනේදේ අපි දැක්ක දෙයක් තමයි ඇතැම් ස්වාමීන් වහන්සේලා පවා බටහිර විද්‍යාවට කොතරම් වහල්වී මං මුලාවෙලා සිටිනවාද කියා. එක් ස්වාමීන්වහන්සේ කෙනෙක් බටහිර දැනුම ගැනමයි දේශනා කලේ. මේ රූපවාහීනී භික්‍ෂූන්ගෙන් සිංලයාව බේරා ගන්නා ආකාරය පිළිබඳවත් ඊළඟ පිලිවලින් සාකඡ්චා කරන්නේ නම් හොඳයි.

    Reply
  8. බත් කන එකා says:
    August 31, 2012 at 12:48 pm

    මේ ලිපියේ ඇති දේවල් සමඟ 100% ක් එකඟ නොවුවත් ඊට‍ ආසන්න ප්‍රමාණයකටට එකඟ වෙමි. නමුත් මෙහිද ඇති යම් යම් වැරදි තැන් ගැන කතාකල යුතුය. විශේෂයෙන්ම මේ ලිපියේ සඳහන්, දැනුම ලබාගැනීමේ හා ගුරුතන්හි තබාගන්නා පුද්ගලයන් ගැන යම් ප්‍රශ්න ඇත.

    බෞද්ධ දර්ශනයට අනුව භාවනා ක්‍රම 2 ක් ඇත. සමත හා විදර්ශනාවයි. මෙහි සමතය ලෞකික ලෝකය කෙරෙහිත් විදර්ශනාව ලෝකෝත්තර ලෝකය කෙරෙහිත් බැඳී පවතී. බුදුන් මේ ලෝකයේ ඉපදීමට බොහෝ කාලයකට පෙර සිටද සමතය වඩා, යම් යම් දැනුම් මට්ටම් වලට පැමිණි පුද්ගලයන් සිට ඇත, දැනුදු ඇත. එහෙත් ඔවුන්ගේ දැනුමේ සහ හැකියාවන්ගේ යම් යම් සීමාවන් ඇත. එනම් ඔවුන් ලෝකය දකින ක්‍රමය ඒකාන්ත සත්‍ය නොවේ.
    දඹදිව බොහෝ කාලයකට පෙර සිටි යෝගීන් මේ ආකාරයට දැනුම ලබාගෙන ඔවුන්ගේ මතයන් සත්‍ය මතයන් ලෙස යම් ආගමක් වශයෙන් උගන්වා ඇත,එයින් හින්දු ආගම ආරම්භ වී ඇත. එමෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේද ඉන්දියාවට(හෝ යම් ආසියාතික රටකට) පැමිණ භාවනා ක්‍රම පුහුණු කර, සිත දියුණු කර යම් යම් ප්‍රාතිහාර්ය මගින් මිනිසුන් තමන්වෙත බැඳ තබාගෙන යම් දර්ශනයක් ඉදිරිපත්කර ඇත, එයින් ක්‍රිස්තු ධහම ආරම්භ විය. එමෙන්ම නබි තුමාද “කිසියම් ආකාරයකට” දැනුමක් ලබාගෙන මුස්ලිම් ආගම ඇතිකරන ලදී(මුස්ලිම් ආගම ක්‍රිස්තු ආගම මත පදනම් වී ඇත, මෙම ආගම් දෙකේම අන්තර්ගතය “බොහෝවිට” එක හා සමානයි).

    නමුත් සත්‍ය ඊට වඩා බොහෝ දුරින් ඇති දෙයකි. ලෞකික ධ්‍යාන වලින් යා හැකි උපරිම මට්ටම වන අෂ්ටම ධ්‍යානය දක්වා ගියද ඔවුන් ලබා ඇති දැනුම කිසිම ආකාරයකට පරිපුර්ණ නොවේ,නමුත් ඔවුන්ද ඒ බව නොදනී. එනම් ඔවුන්ගෙන් අප දැනුම හා ගුරුහරුකම් ලබාගන්නේනම් අපටද ඒ මට්ටමෙන් එහාට යා නොහැකි වනු ඇත.
    අනෙක් අතට “චක්‍ර” අවධි කර යම් යම් විශ්මිත හැකියාවන් දියුණු කල අය බොහෝවිට ලෞකික ආශාවන් පිටුපස ගොස් තමන් පමණක් නොව මුළු ලොවම විනාශයට පත්කළ අවස්ථා ඕනෑතරම් ඉතිහාසයෙන් ගත හැක.
    එනම් එවැනි “විඤ්ඤූන්” ගෙන් වන්නේ තව තවත් අප අගාධයට යනවා හැර වෙන දෙයක් නොවේ.

    සාරාංශයක් වශයෙන් ගත්විට මෙම ලිපියේ හා ලියුම්කරුගේත් සත්යන පරමාර්ථය අපේ රට ලෞකික වශයෙන් දියුණු කිරීම හා බටහිර ලෝකයාට අභියෝග කිරීම මිස සත්යම බෞද්ධයන් ඇතිකර,ථෙරවාදී බෞද්ද දර්ශනය අපේ රටේ තහවුරු කිරීම නොවේ. නමුත් වියයුත්තේ එය නොවේ. ථෙරවාදී බෞද්ධ දර්ශනය ස්ථාපිත උවහොත් බටහිරට, ඕනෑකමින් අභියෝග කිරීමට අනවශ්යධ වන අතර අපිට බටහිර අභියෝගයක්ද නොවීමයි.

    කලයුත්තේ, වහාම ධර්ම සංගායනාවක් ඇතිකොට දුශ්ශීල භික්ෂුන් ශාසනයෙන් පන්නා හෝ ඔවුන්ව හරි මගට ගැනීමට වැඩපිළිවෙලක් ඇතිකොට ශාසනය පිරිසිඳු කිරීමයි. ඊට පසු රාජ්යන අනුග්රවහයද ඇතිව භික්ෂුන්ගේ දැනුම වර්ධනය කරගැනීමට හැකි, සංවිධානාත්මක පිරිවෙන් අධ්යාෂපනයක් හා භික්ෂු විශ්වවිද්යායල ඇතිකර ඔවුට නිවැරදි මාර්ගයේ යෑමට අවස්තාව සලසා දීමයි. එවිට අපට අවශ්යප කරන, ථෙරවාදී බෞද්ධ දර්ශනය මත පදනම් වූ, පරිපුර්ණ “විඤ්ඤූන්” පිරිසක් ඉබේම පහල වේවි.

    එමෙන්ම අනෙකුත් සාමාන්යැ ජනතාවටද නිවැරදි ථෙරවාදී බෞද්ධ දර්ශනය ඉගෙනගැනීමට වැඩිදියුණු කල ධහම් පාසල් ක්රකමයක් හා සාමාන්යධ පාසැල් මගින් අවස්තාවක් ලබාදිය යුතුය,එයට රාජ්යට අනුග්රරහයද නොමදව දී ධර්මය පිලිබඳ ගැඹුරු වැටහීමක් ඇතිකළ යුතුය. මෙමගින් සත්යස ථෙරවාදී බෞද්ධ දර්ශනයම අපගේ “ගුරුතැන්හි” සිටීමෙන් කිසිම ආකාරයක වැරදි වැටහීමක් හෝ ධර්මය පිලිබඳ වැරදි අර්ථකතන සමාජගත නොවනු ඇත.

    Reply
    • R.Dias says:
      August 31, 2012 at 6:22 pm

      ඔබ මෙම ලිපියේ හරය නිවෑරදිව වටහා ගෙන ඈත..සිදුවිය යුත්තද දක්වා ඈත…සිදුනොවන්නේද එයමෑයි…අප කසාවත් හෑදියන් සහ දේශපාලුවන් කරවටක් වයිරී සහගත කියාවලියක නිග්ම ඈත…අප ඔබ වෙනුවෙන්..ඔබ අප වෙනුවෙන්..

      බුදුන් හට උන්වහන්සේගෙ දහම අවබෝධයට සින්හලයන්ට පමණක් සීමා නොවූවකි…අප කියනා මේ දහම කරුමයට සහ පින්පව් දෙක මත පල් කරනවා ඈරෙන්න ලෝ යහපතට යොදාගෙන තිබේ ද…?කුමක්ද ඔවුන් අද ජාතික ප්‍රශ්නයට දී තිබෙනා දායකත්වය..? මගෝඩියන්ගේ ක්‍රියාවලියක් මිස කරුණා ..මෙත්තා.. මුදිතා නිකම් වචන තුලට සීමාවී ඈත…අවුරුදු 2000 පවතිනා රටෙහි බුදු දහම අදහන පිලිගන්නා දෙමල ජාතික නිකායක් ගොඩ නගා තිබේ ද..?

      Reply
      • boothayaa says:
        August 31, 2012 at 6:43 pm

        නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයන්නෙ නැතුව ඉඳහන් බන්. අවුරුදු දෙදාහක් මේ රටේ දෙමළ මිනිස්සු හිටියෙ නෑනෙ.දෙමළ මිනිස්සු බෞද්ධ කරන්න ඕනැ කමක් නෑ ඒ මිනිස්සු හින්දු ආගම අදහගෙන ඉඳපුවාවෙ.

        Reply
        • සිතුවිළි says:
          September 1, 2012 at 10:36 pm

          භූතයා,
          දෙමළ මිනිස්සු නෙවෙයි මේ ලෝකේඉන්න කිසිම මිනිහෙක් දෙවියෙක් බඹෙක් බුද්ධාගම් කාරයෙක් කරන්න අපිට ඕනෑ නැහැ තමයි. හැබැයි බුදු දහම කියන්නේ ජාති කුල ගෝත්‍ර වලට බෙදී වෙන්වුනු දහමක් නොවෙයි.
          බුදුන්ම කී පරිදි සියලු ජාති කුල ගෝත්‍ර වලින් පැමිණන ජනයා සසුන් ගත වූ විට එක් එක් ගංගා වලින් මුහුදට පැමිනි ජලයේ අනන්‍යතාවය අහෝසි වී මුහුදු ජලය යන නම ලබන්නා සේ භික්ෂූ යන නම ලබයි.
          ඉතින් සිංහල අපි බුදුදහම රැක ගැන්මට ජීවිත පූජා කළ පමණින් එහි ඵල ලදහැකි එක ජනකොටස බවට පත් නොවේ. යමෙකු එසේ සිතයි නම් එය මහත් මුලාවකි.
          අපි රැක ගත් බුදු සසුන ගැන කයිවාරු ගසන්නට පෙර සිහි තබා ගන්න තායි මිනිසුන් හා රාමඤ්ඤයන් තමන් සතු උපසම්පදාව පවා අකන්ඩව රැකගත් බව.
          දහම් සකල ලෝක වාසීන්ටමයි.
          කැමැති කෙනෙකුට එහි රසය භුක්ති විඳිය හැකියි.

      • Salmal says:
        September 1, 2012 at 3:45 pm

        Reply to R.Dias,
        Why you want to build another muneswaram Temples all over the country? If we made Tamil Nikaya then it is the end of Buddhism & our country.Same like
        asking 13th Ammentment .Tamil cannot trust, They always insult buddhism
        Don´t write meaningless comment.

        Reply
        • R.Dias says:
          September 1, 2012 at 9:54 pm

          look at it from the point of view of the Lord Buddha probably would have looked at….did he give his teachings to Sinhalese.. No… gave it to the whole world…then what is the problem in creating Tamil Nikaaya…we have….Ramanna Nikaaya….Siyam Nikaaya…. what are the meanings of these Nikaayas… names tell us…Burma ( Raama Pura ) ..Thailand ( Siyama )…you see the generosity of the real Buddhists… It was because of those countries that Buddhism is prevailing in the Isand of Sri Lanka…

          We talk big about our belief in Buddhism and Lord Buddha..IF so who has attempted to re-establish Buddhism at least Maldives even todate…had that been done by the Britishers our yellow Birds would have re written the history that it was due to their efforts Buddhism was established in the Maldives…. we are bloody hypocrites ……Western forces invaded this messy feudal Island in 1505…and the Britishers established their Administration and unified the Country… ..they gave us a political system….legal system…Education system…transports system …Ports …Government…and left the unified Country for us to govern…Buddhists were able to conduct their religious practices….having received all that we now borrow from the west for our living…and yet call the invaders and traitors…this is how our great heroes betrayed the King of the Country in 1815….Finally the so called Sinhalese received a unified state without efforts….

    • mahesh says:
      August 31, 2012 at 7:30 pm

      ජේසු තුමා ඉන්දියාවේ ලඩාක් හි පිහිටි පන්සලක නැවතී (සමථ භාවනා ප්‍රගුණ කළ කළ බව) සිටි බව සඳහන් උතුරු ඉන්දීය සෙල් ලිපියක් ජපන් පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් සොයාගත් අතර ඒ බව ඩිස්කවරි රූපවාහිනිය වැඩසටහනක් මගින් ලොවවටා ප්‍රචාරය කර මේ වන විට වසර 15 කට ආසන්න වේ.

      Reply
      • Hipatuwa says:
        September 3, 2012 at 4:38 pm

        One time Prince Siduhath practised his way of liberation under the teachings of “Arala kalama and another two times with some other teachers.

        So can we claim that Lord Buddha was a disciple of Arala Kalama or Others?

        or else

        Can any body claim that prince Siduhath got nothing from above teachers?

        Reply
        • helaya says:
          September 5, 2012 at 12:59 am

          The answer is well explained in the buddhism. If you read little more you can find the answer very easily. Alara Kalama nad Uddakaramapuththa are in the buddhist history. it is not a hidden thing. Also the way Buddha deaviate from them is well explained.

          But the fact that Jusus lived in India is a hidden thing. It was hide in the cristian history.

    • හේතුවාදියා says:
      September 1, 2012 at 4:51 pm

      ලෝකයේ පැරනිම ආගම් 2 යුදෙවු දර්ශනය හා හින්දු දර්ශන යි. යුදෙව් දර්ශනය ඇතිව ඇත්තේ මැදපෙරදිග ආශ්‍රිතවයි කියා ඔබ හොදාකාරව දන්නවා ඇතැයි සිතමි එමෙන්ම එහි පදනම මැවුම් වාදයයි කොටින්ම කිවහොත් ආදම් ඒවා වැනි සංකල්ප එහි සංකල්පයි. එමෙන්ම ඉන්දියාව ආශ්‍රිතව ඇති වූ හින්දු දර්ශනයේ පදනම පුනුරුත්පත්තිය,භව, ආත්ම ඔය,ආද්‍යාත්මික ශක්ති දියුනු කර ගැනීම වැනි සංකල්ප මත තිබේ (හින්දුන්ගේ මැවුම්වාදී සංකල්ප ඇතත් එව්වා යුදෙවු දර්ශනයේ මැවුන්වාදයට වෙනස්)
      අර ඔබ තුමා කිව්වෙ මුස්ලිම් ආගම ක්‍රිස්තියානි මත යැපේ කියල සත්‍ය ඒක නෙවෙයි එහි මුල යුදෙවු දර්ශනයයි ක්‍රිස්තියානි හා මුස්ලිම් වැනි මැදපෙරදිග ඈත පෙරදිග ආස්‍රිත ඇති වූ දර්ශන වල මූලාරම්භය යුදෙව් දර්ශනයයි
      එමෙන්ම බුදුදම සහ හින්දු දමේ සමාන කම් ඇත බුද්ද කියන සංකල්පයම හින්දු සංකල්පයකි ඔබලාගේ හිත් එකග නොවූවත් සත්‍ය නම් බුදුදමද හින්දු දර්ශනය පදනමින් නිමිත වූවකි සම්යක්දෘශ්ටික දෙවි වරු බ්‍රාහ්මයො, යුග, කල්ප,කල්ප විනාශ ,පුනරුත්පත්ති,…. ඔය සියල්ල හින්දු ආගමින් ප්‍රෝශනය වූ දේවල්ම තමයි
      මට වැටහෙන අයුරින් නම් ආගම් වනාහි හුදෙක් එම සාස්තෲන් සිටි අවදියේදි එම සමාජයේ තිබුන දර්ශන වල ඉතා සුලු වෙනස් කිරීම් මගින් සෑදුන අලුත් උප න්යායන් වැනිය.
      මෙවැනිම බුදු දහමින් සෑදුන ,ක්‍රිස්තු දහමින් සෑදුන,මුස්ලිම් දහමින් තවත් උප කොටස් ඇත ජපානය,චීනය වැනි රටවල එවැනි බුදුදමේ උප උප දර්ශන මහා විශාල ප්‍රමානයක් ඇත එමෙන්ම අනිකුත් ආගම් වලද නිකායවල් වෙනම උප කොටස් ලෝකයේ ඕනෙ තරම් තියෙනව.
      ජේසුස් වහන්සේ යුදෙවු ආගමිකයෙකු ලෙස ඉපදී එයම විවේචනය කර එහිම උප දර්ශනයක් බිහි කලා සේම බුදුන් වහන්සේද හින්දු ආගමිකයෙකු සේ ඉපිද එය විවේචනය කරමින් එහිම උප දර්ශනයක් ගොඩ නැගුවා යැයි සිතේ

      Reply
      • බත් කන එකා says:
        September 2, 2012 at 10:01 pm

        @ හේතුවාදියා,
        ඔබතුමාට, බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන හේතුඵල වාදයට සමාන, හින්දු ආගමේ ඉගැන්වීමක් සඳහන් කරන්න පුලුවන්ද?

        Reply
  9. දේශපාලුවා says:
    August 31, 2012 at 3:35 pm

    විඤ්ඤූන්  නම් මම දන් නැහැ, ඒත් මාර පුත්තරයෝ නම් දන්නවා උන්තමයි (විශ්ව විද්‍යාල ආචාර්ය සංගමේ) FUTA එකේ ඉන්නේ න්ට ඕන අපේ රී රී මාංසේ හූරා කන්න

    ජාතික නිෂ්පාදිතයෙන් 6% ක් අද්‍යාපනේට දියව් කියනවා, යකෝ රජයේ ආදායමත් ජාතික නිෂ්පාදිතයෙන් 14%යි එතකොට රජයේ ආදායෙමෙන් 50%ක් විතර අද්‍යාපනේට, අනේ මන්දන්නෑ මේවා අහලා අඩන්නද හිනාවෙන්නද කියලා.

    https://www.cia.gov/library/publications/the-world-factbook/rankorder/2221rank.html?countryName=Sri%20Lanka&countryCode=ce&regionCode=sas&rank=197#ce

    ඒ උඩින් මුන් තවත් කියනවා,  ගෙවල් කුලී ආන්ඩුවෙ ගෙවපන්, ඉන්ටනෙට් වියදම් ගෙවපන්, ලමයි පුද්ගලික පාසැල්වලට යන්න ගෙවපන්, පඩි වැඩිකරපන් , යකෝ මුන්ගේ සේරම වියදමුත් රජයෙන් ගෙවපන්, ඊලගට පඩිත් ගෙවපන්, ජනතාවගේ මුදලින් ඉගෙන ගෙන, ජනතාවෙගේ මුදලින් සම්පූර්නයෙන්ම නඩත්තු වෙන්න හදන මුන්ට හිතක් පපුවක් නැහැ, මුන්ට ශාප වෙවා.

    කතෘතුමා මේ FUTA  ස්ට්‍රයික් එක ගැන තවතවත් සාකච්චා විය යුතුයි, මුන් ජනතාව ගේ ඇහැට වැලිගහලා බඩවඩා ගන්න හදනවා, බැරිද වසන්ත බන්ඩාර මහත්තයට ආරාධනා කරන්න, මේ FUTA මාෆියා ඉල්ලීම් ගැන මැද කොලමට ලිපියක් ලියන්න කියලා?

    Reply
  10. R.Dias says:
    August 31, 2012 at 6:09 pm

    මහාචාර්ය නලින් ද සිල්වා දක්වා ඈති අදහස නම් ඉතා අගනේය.. ” පසුගිය සියවස් පහක කාලයක් තිස්සේ අපටත් ලෝකයටත් මග පෙන්විය හෑකි විඤ්ඤුන් පිරිසක් අපට අහිමිවී ඈත.. ” දෑන් ඔහු මේ කියනා දෙය බුදු දහම සමග කොතරම් ගෑලපේ ද..? ..මොහු ව්යන්ගයෙන් කියන්නේ අප රට විදේශීය ආක්‍රමණ හේතුවෙන් එය සිදුවී ඈති බවයි. .එනිසා බටහිර සන්ස්කෘතීන්..ග්‍රීක..යුදෙව් ක්‍රිස්තියානි සන්ස්කෘතීන් තුල බිහිවු විඤ්ඤුන් අප රට තුල එනම් තේරවාදි බුදු දහම තුල පමණක් නොව ලොවේම විඤ්ඤුන් බවට පත් වී ඈත..එනිසා ලෝකයම විනාශකාරි දිසාවකට ගමන් කරමින් සිටී..

    ඔහුගේ අදහස් අනුව..නිව්ටන්..අයින්ස්ටයින්..මාක්ස්…ගෑලිලියෝ…ඈරිස්ටෝටල්.. පයිතගෝරස්… එන්ගල්ස්.. වෑන්නන් නිසා ලෝකය විනාශය ට යමින් සිටී..???විඤ්ඤාණය (wisdom) සහ විඤ්ඤුත්වයන් බිහිවීම සියලු මොහොතේ වෙනස් වී යමින් පවතිනා ලොව තුල පොදු දෙයක් බව ලිපිය ලියන්න ප්‍රධාන නලින් ලොක්කාට නොවෑටහෙන්නේ ඔන්න ඔය කියන විඤ්ඤුත්වයේ හේතුවෙනි..

    විඤ්ඤාණය කාලයට සහ පවතින සමාජ රටාවට සාපේක්ශයි…එය සිදුහත් කුමරුන් ලොව පහල වීමට ..කාලය..දේශය…දීපය…කුලය..මව්.. යන පස්මහ බෑලුම් බෑලුවා කියා කියනවා හා සමානයි….උන්වහන්සේ වීර්යෙන් අවබෝධ කොටගත්තේ දහම ජනයාට වටහා දුන්නේ එවකට පෑවෑති අනෙක් විශ්වාසයන් තිබියදි බව වටහා ගත යුතුයි….ශ්‍රාවකයින් තෑනුවේ සියල්ලන්ට එම දහම කියා දී තෙරක් නොපෙනෙනා මේ ඝොරතර සන්සාරයෙන් එගොඩ වීමට මිස ධර්මය වෑලද ගත්තන් හෝ දෑන ගත්තන් අනෙකුන් ඉදිරියේ පොර වීමට දෙසා බෑමට නොවෑ..නුමුත් අද සියල්ල සිදුවන්නේ පොර වීමට මිසක් වෙන කුමකට ද…?
    ලොවෙහි අනෙකුත් ජාතීන් තුලද උන්වහන්සේ ලොව පහලවූ කාලයේ ඔය කියනා විඤ්ඤුන් බිහිවූවා..නුමුත් තමන් වහන්සේග් විඤ්ඤුත්වය පොදුවේ මනුශ්ය සන්හතියම සසරෙන් මිදීමේ ක්‍රියාවලියකට යොමු කෙරුවා…සමහර විට එම තත්වය ලබා ගෑනීමට විය හෑකියි සාරාසන්ක්ය කල්ප ලක්ශයක් පෙරුම් පුරන්න ඈත්තේ?.භොව්තික ලෝකයේ නිස්සාරත්වය උන්වහන්සේ දුටුවා..

    අප රටේ අවුරුදු 500 තුල විදේශ ආධිපත්යක් නොතිබුනේ නම් ලොව ජයගත හෑකි විඤ්ඤුන් මෙලොව බිහිවේයෑයි සිතන්නා බුදුන්ගේ ධර්මය නොදකියි…අප බුදු දහම ආදෙශ කරමින් සිටින්නේ..බටහිර විඤ්ඤුගෙන් ලද අධ්යාපනය තුලින් ලද දෑනුමෙන් බටහිරයන් අද ලබා තිබෙනා භොව්තික ලෝකය අපට ජය ගෑනීමට නොහෑකි වීම ගෑන තිබෙනා හීන මානය සහ මනස් තුල ඈතිවී තියෙන විකුර්තිය අදහසයි..

    කෙටියෙන් කිවහොත් උන් අප දේශය ආක්‍රමණය කල බෑවින් අප සියළු දේ විනාශ වී ඈත එනිසා අද දුක්විදිනා ජාතියක් වේ..නුමුත් අප නොදන්නා දෙය නම් නොදන්නා බවයි….එනම් ලොව නොවෙනස් වෙන එකම දෙය වෙනස් වීම බවයි….මෙයට උගතුත් යෑයි කියනා අය විශේශයෙන් ඈතුලත් වේ.

    Reply
    • මාතර ආතර says:
      August 31, 2012 at 10:15 pm

      @R.Dias

      මම සිංහල බෞද්ධයෙක්‌මි. මා අනුගමනය කරන්නේ කාලාම සූත්‍රය ය. මම හැකිතාක්‌ දුරට ඇසූ නිසා, පොතක පතක තිබූ නිසා ආදී වශයෙන් නොපිළිගෙන ප්‍රශ්නයක මුලට ගොස්‌ එය විශ්ලේෂණය හා සංස්‌ලේෂණය කර ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගනිමි. එසේ නොහැකි වූ විට මගේ විඤ්ªන්ගේ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගනිමි. මට පුනර්භවය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂයක්‌ නැත.එහෙත් මම ඒ පිළිබඳ බුදුන් වහන්සේගේ හා ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙනත් අයගේ ප්‍රත්‍යක්‍ෂය පිළිගනිමි.මට කර්මවාදයක්‌ අවශ්‍ය නොවේ. බුදුන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂයෙන් ලබාගත් කර්මය පිළිබඳ දැනුම මට ප්‍රමාණවත්ය.බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි පට්‌ටපල් බොරු කතා ඉදිරියේ වැඳ වැටුණු, වැටෙන මහා ප්‍රාඥයන් යනුවෙන් හැඳින්වුණු, හැඳින්වෙන ඇතැමුන් පුනබ්භවය ප්‍රතික්‍ෂේප කළ බව, කරන බව මම දනිමි. ඔවුන්ට තිබුණේ, තිබෙන්නේ හීනමානයකි.
      Prof Nalin de Silva
      Irida Divaina 26/08/12

      Reply
    • Reply කරන්නා... says:
      August 31, 2012 at 11:24 pm

      යාළුවා
      මම මේ articale 1 වත් comment 1වත් කියෙව්වේ නෑ…
      මට දැක්ක ගමන් මෙහෙම comment කරන්න හේතු උනේ ‘විඤ්ඤාණය (wisdom)’ ලෙස දක්වා තිබීමයි…
      ඔයාගේ මවු භාෂාව මොකක්ද කියල නම් දන්නෙ නෑ… ඒත් වැදගත් දෙයක් තියනවා කියන්න.
      සමහර විට දන්නවාත් ඇති..
      එකම අදහසක් එන විදියට භාෂා 2 කින් හෝ කිහිපයකින් ඉදිරිපත් කිරීම බොහොමත්ම අපහසුයි..
      බොහොමත්ම අපහසුයි..

      එලෙස ඔබ ඉහතින් දැක්වූ wisdom යන්නට අවබොධය/ප්‍රච්නාව(prachgchawa) යන්නට අදහස් කර ඇති අතර පදාර්ථ වශයෙන් සමහර විට ප්‍රදේශ අනුව වෙනස් විය හැකිය..

      ඉතින් සබද,
      වචන පරිස්සමෙන්…..

      Reply
  11. කොල්ල says:
    August 31, 2012 at 8:52 pm

    කා ලග හරි මේ දොරමඩලාව වැඩසටහන තියෙනවා නම් youtube දාන්නකෝ…

    Reply
    • මාතර ආතර says:
      September 1, 2012 at 3:13 pm

      Doramadalawa -18-06-2012-4

      http://youtu.be/j6bMfyxN88s

      මේකේ කොටස් ඔක්කොම බලන්නේ කොහොමද කියල දන්නා කෙනෙක්ට කියල දෙන්න පුලුවන්ද?

      මන් උත්සාහ කළා බැරිවුනා. I am no computer savvy !

      Reply
      • Joseph says:
        September 1, 2012 at 10:15 pm

        මේ පාරෙන් එන්න.
        — http://katha32.blogspot.com/p/2012-18.html
        (ස්තුතියක් වෙතොත් නියම හිමි කරුවන්ට හා බ්ලොගය හිමි මගේ අදෘශ මිතුරාට ස්තුති කරන්න.)

        Reply
        • මාතර ආතර says:
          September 2, 2012 at 8:05 pm

          @Joseph

          ඔබට පින්!

        • Joseph says:
          September 3, 2012 at 2:32 pm

          සබැඳිය වෙනස් වී ඇති සැටියකි. නව සබැඳිය පරිශ්‍රමයෙන් සොයා ගතිමි.
          – http://katha32.blogspot.com/p/blog-page.html

  12. Senkadagala says:
    August 31, 2012 at 9:43 pm

    බලමුකෝ අපි කොච්චර දුරක් යයිද කියල.

    Reply
  13. මාතර ආතර says:
    August 31, 2012 at 11:03 pm

    අදාළ සාකච්චාව ඇතුලත් utube / ITN වෙබ් යොමුව කාට හරි මෙහි පල කල හැකිද?

    Reply
    • sam says:
      September 4, 2012 at 4:24 pm

      doramadalawa 2012-06-11 ta access karala ganna puluwan.you tube eketh thiyenawa.ithamath watina sakachchawak.hamoma balanna.

      Reply
    • sam says:
      September 4, 2012 at 4:27 pm

      samawanna, doramadalawa 2012-06-18 lesa wenas wiyayuthya.

      Reply
  14. GADOL says:
    September 1, 2012 at 2:47 am

    SADU SADU SADU

    Supreme Buddha has gone above and beyond of all intellectuals and scientists, all philosophers existed, all rulers of the world and all type of gods. It is proven that His teachings has surpassed all type of Sciences. No teacher has yet declared that himself to be a Perfect One, Worthy One, and a fully Enlightened One; but the Gautama Supreme Buddha has!

    Reply
    • =/? says:
      September 3, 2012 at 3:28 am

      ඕක තේරෙන්න උඹට අයින්ස්ටයින්ම කියන්න වුනා නෙව අම්මප!

      Reply
  15. GADOL says:
    September 1, 2012 at 12:12 pm

    Modern science says that some millions of years ago, the newly cooled earth was lifeless and that life originated in the ocean. Buddhism never claimed that the world, sun, moon, stars, wind, water, days and nights were created by a powerful god or by a Buddha. Buddhists believe that the world was not created once upon a time, but that the world has been created millions of times every second and will continue to do so by itself and will break away by itself. According to Buddhism, world systems always appear and disappear in the universe.

    H.G. Wells, in A Short History of the World, says ‘It is universally recognized that the universe in which we live, has to all appearance, existed for an enormous period of time and possibly for endless time. But that the universe in which we live, has existed only for six or seven thousand years may be regarded as an altogether exploded idea. No life seems to have happened suddenly upon earth.’

    The efforts made by many religions to explain the beginning and the end of the universe are indeed ill-conceived. The position of religions which propound the view that the universe was created by god in an exactly fixed year, has become a difficult one to maintain in the light of modern and scientific knowledge.

    Today scientists, historians, astronomers, biologists, botanists, anthropologists and great thinkers have all contributed vast new knowledge about the origin of the world. This latest discovery and knowledge is not at all contradictory to the Teachings of the Buddha. Bertrand Russell again says that he respects the Buddha for not making false statements like others who committed themselves regarding the origin of the world.

    The speculative explanations of the origin of the universe that are presented by various religions are not acceptable to the modern scientists and intellectuals. Even the commentaries of the Buddhist Scriptures, written by certain Buddhist writers, cannot be challenged by scientific thinking in regard to this question. The Buddha did not waste His time on this issue. The reason for His silence was that this issue has no religious value for gaining spiritual wisdom. The explanation of the origin of the universe is not the concern of religion. Such theorizing is not necessary for living a righteous way of life and for shaping our future life. However, if one insists on studying this subject, then one must investigate the sciences, astronomy, geology, biology and anthropology. These sciences can offer more reliable and tested information on this subject than can be supplied by any religion. The purpose of a religion is to cultivate the life here in this world and hereafter until liberation is gained.

    In the eyes of the Buddha, the world is nothing but Samsara — the cycle of repeated births and deaths. To Him, the beginning of the world and the end of the world is within this Samsara. Since elements and energies are relative and inter-dependent, it is meaningless to single out anything as the beginning. Whatever speculation we make regarding the origin of the world, there is no absolute truth in our notion.

    ‘Infinite is the sky, infinite is the number of beings,
    Infinite are the worlds in the vast universe,
    Infinite in wisdom the Buddha teaches these,
    Infinite are the virtues of Him who teaches these.’ – (Sri Ramachandra)

    One day a man called Malunkyaputta approached the Master and demanded that He explain the origin of the Universe to him. He even threatened to cease to be His follow if the Buddha’s answer was not satisfactory. The Buddha calmly retorted that it was of no consequence to Him whether or not Malunkyaputta followed Him, because the Truth did not need anyone’s support. Then the Buddha said that He would not go into a discussion of the origin of the Universe. To Him, gaining knowledge about such matters was a waste of time because a man’s task was to liberate himself from the present, not the past or the future. To illustrate this, the Enlightened One related the parable of a man who was shot by a poisoned arrow. This foolish man refused to have the arrow removed until he found out all about the person who shot the arrow. By the time his attendants discovered these unnecessary details, the man was dead. Similarly, our immediate task is to attain Nibbana, not to worry about our beginnings.

    Reply
    • R.Dias says:
      September 1, 2012 at 2:56 pm

      ඉන්ගිරිසි භාශවෙන් ඔබ කියා තිබෙන හෑල්ල ..ගණදෙවි හෑල්ල වාගේ වුනත්. ලිපියෙ අදහස අනුව ඔබ කථා කර තිබෙනා දෙය ඉතා සන්ශික්ප්ථව කියන්නේ නම්
      “. අනිච්චා වත සන්ඛාරා ..උප්පාධ වය ධම්මිනෝ…”

      ඉතින් ඔය දේ නොතේරෙන විඤ්ඤුන් තමයි කියන්නේ බටහිර ලොව විඤ්ඤුන් බිහිවීම සිදුවුනේ ලන්කාව සියවස් පහක් තිස්සේ විදේශ ආධිපත්ය යටත් කොට සිටීම කියා….

      Reply
      • මාතර ආතර says:
        September 1, 2012 at 8:52 pm

        @R.Dias

        ”බටහිර ලොව විඤ්ඤුන් බිහිවීම සිදුවුනේ ලන්කාව සියවස් පහක් තිස්සේ විදේශ ආධිපත්ය යටත් කොට සිටීම කියා”ලීවේ කවුද?උපුටා දැක්වුවනම්.

        Reply
        • R.Dias says:
          September 2, 2012 at 12:54 pm

          ලිපිය කියවා අවබෝධ ඛර ගනු මනෑවි…

        • මාතර ආතර says:
          September 2, 2012 at 2:40 pm

          @R.Dias

          ඔබගේ ‘ඔලුවේ’ මිසක්,මේ ලිපියේ,එහෙම ලියවිල්ලක් ඇති බවක් නොපෙනේ.

          Joseph ගේ දොරමඩලාවේ U tube යොමුවත් නරඹා එන්න.

          http://katha32.blogspot.com/p/2012-18.html

      • =/? says:
        September 3, 2012 at 3:26 am

        R.Dias,උඹට නම් ඔය වකුටු වෙලා තියෙන හැටියට දිග ඇර ගන්නම බැරි පාටයි මලේ.

        Reply
    • dhaham says:
      September 2, 2012 at 10:42 am

      acording to tha buddha,his dharmaya will not destroy by natural disaster,it will be destroy by people who doing wrong thin in the sasanaya .hence world never ended until there is bdu dhama. i am not fluent in english,and i also dont know to type sinhala

      Reply
      • SS says:
        September 3, 2012 at 8:30 pm

        http://www.google.com/transliterate/Sinhalese

        Reply
    • පිස්සා says:
      September 3, 2012 at 7:16 pm

      “Modern science says that some millions of years ago, the newly cooled earth was lifeless and that life originated in the ocean.” ලෙස GADOL උපටා දක්වා ඇති පාඨය සම්බන්ධවයි .
      මා විද්‍යාවෙන් බුදු දහම පහදා දීමට නොයමි , නමුත් අග්ඥාන සුත්‍රයේ සිංහල පරිවර්තන වල ඇති වැරදි වැටහීමක් මෙසේ විමසීමට ලක් කරමි . ලෝකය විනාශ වී සෑදෙන කල්හි ආබස්සර බ්‍රක්මයාගේ බවනෙහි දොරටුව තෙක් ජලයෙන් යට වූ බව ඇතැම් සිංහල පරිවර්තන වල සඳහන්ය . නමුත් මෙහිදී සිදු වී ඇති බව ඇතැමුන් දේශනා කරනුයේ ඇත්තේ “පැතිරෙන ස්වාබවයෙන් යුත් සිසිල් ගතියක් ” ආබස්සර බරක්ම ලෝකය තෙක් ඇති වූ බවකි . “Modern science says that some millions of years ago, the newly cooled earth was lifeless and that life originated in the ocean.” ලෙස ඇති පාඨය දකින විට මට මෙමෙ සුත්‍රය සිහි විය . අප සරණ ගිය සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය පිලිබදව මම තවත් පැහැදුනෙමි .

      @joseph
      නුඹ පෙර සටහනක නුඹ භුමි කම්පා ඇති වන ආකාරය පිළිබඳව යොමුවක් දක්වා එය පිලි නොගන්නා බව ප්‍රකාශ කර තිබුණි . ” එහිදී උන් වහන්සේ ආකාශයේ වායුව ඇති බවත්, වායුව මත්තෙහි, ජලය ඇති බවත්, ඒ මත්තෙහි ඝන පොලොව ඇති බවත් සුළං හමන විට ජලය සෙළවෙන බවත් ඒ රැල්ලෙන් පොලෝ කම්පන ඇති බවත් දෙසයි” ලෙස නුඹ දක්වා ඇත . මේ සදහා පිළිතුරක් දීමට සිටියත් ඒ සඳහා ප්‍රවිෂ්ට වීමට මගක් මට නොතිබුණි . මෙය ඊට පිවිසුමක් කරගනිමි . මෙහිදීද වායුව , ජලය යන ඒවා අප භාවිතා කරන වායුව , ජලය යන අදහසම දනවන්නේයි මම නොසිතමි . එයද මෙසේ එම ස්වභාව වලින් යුක්ත බව විය හැක . ඇතැම් විට බුදු රජාණන් වහන්සේ මෙසේ දේශනා කරන ලද්දේ මෙම ක්‍රියාවලිය තේරුම් ගැනීමට මෙපමණකින්ම දැනගැනීම ප්‍රමාණවත් වන නිසා වන බැවින් විය හැක . උදාහරණයක් ලෙස දක්වන්නේනම් පඨවි ධාතුව => මහා පොළොවටත් , ආපෝ ධාතුව => ජලයත් , තේජෝ ධාතුව => ගින්නටත් , වායෝ ධාතුව => වාතයත් උපමා කර විදර්ශනා වැඩිම දැක්විය හැක .

      @GADOL
      නුඹට පින් මේ අවස්ථාව ලබා දුන්නට

      Reply
      • මාතර ආතර says:
        September 4, 2012 at 12:24 am

        @පිස්සා

        භූමි කම්පා/සුනාමි ඇති වීම ගැන ත්‍රිපිටකයේ ඇති සඳහනට නුඹ විසින් දෙනලද පැහැදිලි කිරීම ගැන මා සෑහීමකට පත් වෙමි.

        අපට සතර මහා භූතයන් දැනෙන විදිය,බුදු රදුන්ගේ ‘විනිවිද දකින ඥානයට’දැනුන විදියට වඩා,වෙනස් විය හැක.

        Reply
  16. හම්බන් වෑල්ලේ කබ්බා... says:
    September 2, 2012 at 8:00 am

    අඩො සසිත් හිහ් හිහ් හිහ් …..

    Reply
  17. GADOL says:
    September 2, 2012 at 12:44 pm

    THERE IS NO GOD

    Supreme Buddha has gone above and beyond of all intellectuals and scientists,

    http://rt.com/news/scientists-ecstatic-over-new-age-beginning/

    Reply
  18. මාතර ආතර says:
    September 2, 2012 at 2:38 pm

    @සිතිවිලි

    ‘කයිවාරු Disclaimer’

    ‘ථෙරවාදී සිංහල බුදු සසුන’නිසා ථෙරවාදී බුදුදහම මේ රටේ මෙතෙක් රැකුන බවට ‘ඔබත් සමග කයිවාරු ගහන මෝඩයන්’ සුළුතරයක් සිටිය හැකි වුනත්,මා මේ පහල ලියා ඇති කරුණු ලියන්නේ ‘කයිවාරුවකට’නම් නොවේ.
    1.
    අන් රටවල ප්‍රධාන බසට සහ ප්‍රධාන ආගමට,ඒ රටවල හිමිතැන වැඳ පිලි ගන්නා මේ රටේ ඉන්න ‘කළු සුද්දන් ඇතුළු දෙමල සහ මුස්ලිම් ජාතිවාදීන්’,මේ රටත්,ථෙරවාදී බුදු දහමත්,මේ රටේ රැකුන-’සිංහල ථෙරවාදී බුදු සසුනට’පදනම් වූ,’සම කරුණා ගුණ මහිමේ’නිසා මේ රටේ මුස්ලිම් සහ දෙමල ජනයාද රැකුන,මේ රටේ ඉතිහාසයෙන් ප්‍රධාන බසට සහ ආගමට හිමි තැන දීමට විරුද්ධවී කුලප්පු වීම වනාහි ‘පල්ලි පිල්ලි/හුචක්කු පව්රශ සහ සුදු බමුණන්ගේ’ලනු කෑමෙන් ඇති වූ’පිස්සුවක්’ බව.
    2.
    පිළිම නෙලා නැති සිංහල,දෙමල,මුස්ලිම් විරුවන් පිරිස,සමගිව,නන්දිකඩාල් ගියේ,ඉහත කී,අපේ මහගම සේකරයන් විසින් දක්වන ලද ‘සම කරුණා ගුණ මහිමේ ඇති-මේ සිංහල අපගේ රට’ බේර ගැනීමට බව.
    3.
    මේ රටේ තරම් ‘ථෙරවාදී බුදු දහම රක ගැනීමට’ අවුරුදු 2600ක් තිස්සේ ලිඛිත ඉතිහාසයක් ඇති,දිවි පිදු සිංහල මිනිසුන් සිටි රටක් ලොව කිසිම රටක නැති බව.
    4.
    මා මේ ලියන්නේද,අපේ මුතුන් මිත්තෝ කළාසේ ඒ යුතු කම,මගේ දරු පරපුර ද කරනු ඇති බලාපොරොත්තුවෙන් මෙන්ම,”මේ රටේ සිංහල කෙනෙක් මහන වෙනකම් මේ රටේ බුදු දහම කිසි දිනෙක පැල පදියම් නොවනු ඇතය” කියා දෙසු මිහිඳු හිමියන් මෙන්ම,අපේ මහානාම හිමියන් මහාවංශය ලීවේද,’කයිවාරුවකට’නොවන බව.
    5.
    මේ රටේ ඔක්කොම ‘ක්ෂණිකව’නිවන් දක්ක වන්න දඟලන ‘බක තපස්-අපාය අද්දර-බද්දරලව’ අප හඳුනා ගත යුතු අතර,බුදු දහමට අනුව ‘මම’ නැති කල ‘ජාතියක්’ ද නැති බව දන්නා මා,මාගේ මේ අඩවියේ කෙටීමේ ව්‍යායාමය,හුදෙක් ‘ථෙරවාදී සිංහල බුදු සසුන’ මගේ හෙට පරම්පරාවට රැක දීමේ පරම චේතනාව සඳහා පමණක් බවත්,කැමති පින් ඇත්තෙක්, ඉන් ප්‍රයෝජන ගෙන රහත් වී,’මම සහ මගේ සිංහල ජාතිය’ යන ‘හැව’ හැර ගැනීමට ඉඩ හරින බවත්,ඉහත කී කිසිම කරුණක් නිසා ‘බුදු දහමේ ආරක්ෂකයා මාය,බුදු දහම අයිති මටය’කියා කීමට තරම් මා මෝඩයෙක්ද නොවන බවත් කීමට (කයිවාරු නොව) කැමැත්තෙමි.

    Reply
    • =/? says:
      September 3, 2012 at 3:24 am

      අනර්ඝ සම්පින්ඩනයකි.වකුටු වුනු කොඳු කෙලින් කරන්නට පත්තු කොපමණ ගැහුවත් වැඩක්ද මන්ද බන්.
      දැන් නම් ගිහි ගෙයින් නික්මෙන්න තරමට කලකිරිලයි මේ ඉන්නේ.

      Reply
  19. Sinhala says:
    September 2, 2012 at 8:13 pm

    Type in Sinhala

    http://unicode.malindaprasad.com/
    http://www.ucsc.lk/ltrl/services/feconverter/t1.html

    Reply
  20. මාතර ආතර says:
    September 3, 2012 at 12:35 pm

    මේ ලිපියේ තියෙන විදියට
    ‘තුන් වන වර්ගයට අයත් වන වින්ගූන්ලා’ වෙන්න
    දඟලන්නේ කවුද?

    Reply
  21. මාතර ආතර says:
    September 3, 2012 at 12:43 pm

    @Joseph ,

    මා ඔබට ලියා ඇති මගේ 6 වැනි ප්‍රතිචාරයට,i .e . ”එම නිසා ත්‍රිපිටකයේ දැක්වෙන ‘සසර/පුන භව/කරුම පඩිසන් දීම’ යනාදිය ගැන,’බටහිර විද්‍යා කතන්දර’ වලට අනුව බොරුය කියා කියමින්,’උන්’ අපට බැට දෙන විට,කාලාම සුත්‍රයේ අග භාගය පෙන්වා,ඒවාට පලිහ ඇල්ලීමට,එම ‘බටහිර විද්‍යා කතන්දර’උගෙනීම කාටත් හොඳය.” යන්නට,ඔබ ලියා ඇති ”සසර, පුනර්භවය ඔප්පු කිරීම පිණිස නොව, නවීන තාක්ෂනය ඉදිරියේ දෑස් නිලංකාර නොකරගෙන සිටීම පිණිසත්, දැනුම අනෙකා කොන් කිරීම පිණිස ආයුධයක් ලෙස භාවිතා කරන අසත්පුරුශයින්ගෙන් ගැලවීම පිණිසත්, ජිවිකාවෘත්තිය පිණිසත් බටහිර විද්‍යාව ඉතා හොඳින් ඉගෙන ගත යුතුය.” ප්‍රතිචාරය අරබයා මෙය ලියමි.
    1.
    අපේ සංඝයා වහන්සේ ‘ජිවිකාවෘත්තිය’ කෙසේ වෙතත්,ඔබ සඳහන් කර ඇති ‘අන් කාරනා’ සඳහා බටහිර විද්‍යාවන් උගත මනාය.
    2.
    මා දන්නා පරිදි ‘හින්දු ආගම’හැරෙන්නට,අනන්න්ත වූ කර්ම පඩිසන් දීම සහ පුන භවය ගැන සඳහන් වන්නේ බුදුදහමේ /ත්‍රිපිටකයේ පමණි;එකම වෙනස,බුදු දහමට /ත්‍රිපිටකයට අනුව සසරේ මුලක් නොපෙනෙන අතර,හින්දු ආගමේ සසර,’දෙවියෙක්’ විසින් මවන ලද මුලක් ගැන කියවීමත්,අග වනාහි ‘සදාකාලික වූ බ්‍රහ්මාත්මය’සමග එක්වීම ගැන කියවීමත්ය.එසේම,මේ ලොව සෑමදේම සිදුවන්නේ හුදෙක් කර්මය නිසා නොවන බවත් ත්‍රිපිටකයේ සඳහන්ය.
    3
    Anonymous one orig විසින්,සසරේ පෙර කරන ලද කර්ම පඩිසන් දීම සහ පුන භවය,හුදෙක් බුදු රදුන් කරන ලද ‘හින්දු කොපියක්ය’කියා මේ අඩවියේ ලියන විට,මා ඔහුට එලව එලවා ‘පහර’දුන්නෙත්,මා සමග එකල කැම්පස් එකේ ?තර්ක/සන්වාද කල,බටහිර/ජාන විද්‍යාවෙන් මත් වුන බටහිර ඩොකාල දෙන්නට,’උන් නොදකින එලෙක්ට්‍රෝන සෙලවෙන නිසා’බලුබය පත්තු වෙනවා කියා උන් පිලිගන්නවා නම්,’උන් නොදකින පෙර කරුම පඩිසන් දීම නිසා’,ඉතා අසාධාරණ ලෙස බටහිර විද්යාවටවත් සුව කල නොහැකි ලෙස දරුවන් උපදිනවය කියා පිලි ගන්න බැරි ඇයිද කියා,උන් නිරුත්තර වන ලෙස (කයිවාරුවකට ලියනවා නොවේ) (?තර්ක )සංවාද කලෙත්,මගේ ඉතා කුඩා බටහිර විද්‍යා දැනුමෙනි.එම නිසා අපේ සංඝයා වහන්සේ ද,එවන් ‘පොරවල්’ සමග සංවාදයට බටහිර විද්‍යාවන් උගත මනාය.
    4.
    ඔබ ඒවා ඇති ‘දොර මඬලව UTUBE ‘ හි,අපේ නලින් ප්රොපා,’ගුරුත්වාකර්ෂණය ඇත්තය කියා කියන කතන්දරේ’ඔප්පු කර පෙන්වන ලෙස බටහිර විද්‍යාවෙන් මත් වුන,අපේ කාලෝ ප්රොපා ඇතුළු ඕනෑම භෞතික වාදියෙකුට අභියෝග කරමින්,එසේ ඔප්පු කලොත්,එතුමන් විසින් ඔහුට ?නාථ දෙවියන් පෙන්වන බවට පොරොන්දු වී ඇත.

    Reply
    • Joseph says:
      September 3, 2012 at 2:26 pm

      1. ඔව්, උගතමනාය.

      2. නැත. තවත් බොහෝ අය කර්මය ගැන කතා කළහ. ජෛන මහාවීරයෝ ඔවුනතර ශ්‍රේෂ්ඨමයාය. ඔහු ‘කර්ම’ යන වචනය වෙනුවට ‘දණ්ඩ’ යන වචනය භාවිතා කළහ. උන්ගේ සව්වෙකු වූ උපාලි ගෘහපතියා කාය දණ්ඩය මහාසාවද්‍යය වන බවට තර්කයක් ගොතාගෙන බුදු රදුන් හා වාද කළ ආකාරය ඔබ දන්නවා ඇති සිතමි.

      3. ඔව්, මේ කටයුත්තට බටහිර විද්‍යාව පමණක් නොව බයිබලය හා එහි කොපියක් වන කුරානයත් ඒ දෙකටම මුලාශ්‍ර වූ පැරණි සුමේරියානු මැටි පුවරු ලිපි හා පුරාණ පර්සියානු අහුර මස්දහඃ ඇදහිල්ල ගැනත් යම් තරමකට දැන ගත යුතුය.

      4. ඔව්, ඔහුම මීට පෙර විදුසර ලිපි මගින් ඉලෙක්ට්‍රොන දුසිමක් එවන ලෙස ද අභියෝගයක් කළේය. (ස්වයංසිද්ධ කාලාම සුත්රාධිපති කාලෝ පොන්සේකා දොස්තර මහතා විසින් ගිනි පෑගීමක් ගැන ප්‍රසිද්ධ අභියෝගයක් ඉදිරිපත් කරන ලද්දේ ඊට වක්‍ර පිළිතුරක් ලෙස විය යුතුය.)

      Reply
      • මාතර ආතර says:
        September 4, 2012 at 12:17 am

        @Joseph

        2.
        ජෛන මහාවීරයන්ගේ සව්වෙකු වූ උපාලි ගෘහපතියා කාය දණ්ඩය මහාසාවද්‍යය වන බවට තර්කයක් ගොතාගෙන බුදු රදුන් හා වාද කළ දෙබස්,කෙටියෙන් ලීවොත් පින්.
        4.
        ‘මෙලොවට සහ එලොවට වැඩ පිණිස,වින්ගුන් විසින් මේ මේ දේවල් කුසල් ය කියා පෙන්වා දේද ,ඒවා පමණක්,තමනට අවබෝධ වේ නම් පමණක්,පිලිගන්නය’ කියා බුදු රදුන් විසින් දේශිත ත්‍රිපිටකයේ ඇති අග කොටස ගැන ‘තාම කියෙව්වේ නෑ වගේ’ සද්ද නැතිව ඉන්න/’තවමත් එතුමන් made no comments’ නිසා’, ‘ස්වයංසිද්ධ කාලාම සුත්රාධිපති කාලෝ පොන්සේකා ඩොකා’ හඳුනන නාම විශේෂණ පදේ,
        ‘කාලාම සුතරයේ-මුල් කොටසේ පමණක්-ස්වයංසිද්ධසූත්‍රරාධිපති’ වශයෙන් නිවැරදි විය යුතු.
        5.
        අපේ නලින් ප්රොපා ද කාලෝ ප්රෝපාද එකතු වී,කලින් නීති රීති වලට එකඟ වී,ගිනි පෑගීමේ පරීක්ෂණයක් ‘සජීවී රුපවාහිනියේ’පැවැත්තුවොත් කෙතරම් අගේද?

        Reply
        • Joseph says:
          September 4, 2012 at 1:08 pm

          2. http://thripitakaya.com/2010/09/%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92-%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA/

          4. මා ‘ස්වයංසිද්ධ කාලාම සුත්රාධිපති ‘ යයි කීවේ කාලාම සුත්‍රයේ ඔහුට අවශ්‍ය කොටස පමණක් තෝරාගෙන සිය මතය තහවුරු කර ගැනීම පිණිස එය අවියක් කොට ගන්නා නිසාය.

          5. කිසි පලක් නැත.

        • මාතර ආතර says:
          September 4, 2012 at 7:47 pm

          @Joseph

          2.
          පින්!
          5.
          අපේ නිවන් අවබෝධයට නම් කිසිම පලක් නැති වුනත්,අපේ නලින් ප්රොපා සහ අපේ කාලෝ ප්රොපා යන දෙදෙනා බොහෝ විට ‘අහසේ boxing ගසමින්’ වාද කර ගන්නා වූ,
          මේ රටේ සිංහලයට නැති දෙමල සහ මුස්ලිම් ජනයාට පමණක් ඇති ප්‍රශ්න මොනවද කියා
          සහ
          දේව බලෙන්,යටි පතුල් වලට තුවාල නොවී,ගිනි අඟුරු ගොඩක් උඩින්,ඉතා හිමින්,ඇවිදිය හැකිද යන්න,’දොර මණ්ඩලාව’ හරහා සජීවී රුපවාහිනිය මගින් එලි දැක්වුවා නම්,මුළු ලොවම ඇතුළු අප කාටත් හොඳය

  22. * says:
    September 3, 2012 at 1:32 pm

    විඤ්ඤූන් ගැන නොදනිමි, නමුත් ලබන නොවෙම්බෙර් මස අග වෙනකම් රජරට පැත්තට හරියට වැස්සක් නොලැබෙන පාටයි, අවශ්ෂය පියවර ගත්තොත් හොදයි.

    Reply
    • =/? says:
      September 5, 2012 at 12:05 am

      මොකක්ද බන් කල යුත්තේ? බාගෙට නොකිය කියන දේ කියපන්කො හරියට.

      Reply
      • * says:
        September 5, 2012 at 10:47 am

        තෙල් නැවක් මාසගානක් මුහුදේ තිබිල ගිලෙනකන් නිදා ගත්ත අපේ රටේ නුවනැතෝ, පණ්ඩිතයෝ මේවට මොනවා කරාවිද බන්, ජල කළමනා කරණය තමයි executive summary එක උඩින්ම ලියන්න තියෙන්නේ

        Reply
  23. Joseph says:
    September 4, 2012 at 4:19 pm

    පිස්සා,

    “newly cooled earth” සහ “life originated in the ocean.” ගැන පැහැදීමට දෙයක් නැත. විද්‍යාවේ එසේ ඉගැන්වේ. අපි ඉගෙන ගනිමු. “ආබස්සර බ්‍රක්මයාගේ බවනෙහි දොරටුව” ගැන කතාවක් මීට අදාල නැත. මහා කල්පය විනාශ වන විට අකනිටා බඹ ලොව තෙක් විනාශ වන බව දහමේ දැක්වේ. අකනිටා බඹ ලොව යනු රූප ලෝක වල ඉහලින්ම පිහිටි ලෝකයයි. ඊට ඉහලින් ඇත්තේ අරූප ලෝක පමණි. ධර්මයේ සඳහන් ලෝකය හා විද්‍යාවේ සඳහන් ලෝකය එකක් නොව දෙකක් බව ඔබට පැහැදිලි කර දිය යුතු නැතැයි සිතමි. කල්ප විනාශය ගින්නෙන් සිදු වන විට ගින්නත්, ජලයෙන් වන විට ජල කඳත්, වාතයෙන් වන විට මහා වාතයත් … අකනිටා බඹ ලොව දක්වා පැතිරෙන බවත් අකනිටා බඹ ලොවට පහලින් ඇති සියල්ල දැවී, ගිලී, … වැනසී යන බවත් කියවේ.

    —

    “මේ මහා පෘථිවිය ජලයෙහි පිහිටියේ වෙයි. ජලය වාතයෙහි පිහිටියේය. වාතය ආකාශගතය. ආනන්‍දය, යම් කලෙක ඒ මහා වාතයෝ හමත්. මහා වාතය හමනවිට ජලය කම්පා වෙයි. ජලය කම්පා වන විට පෘථිවිය කම්පා වෙයි. ආනන්‍දය, මහත්වූ භූමි චලනයක් ඇතිවිමට මේ පළමුවන හේතුවයි.” යනු ඔබ මට ඇමතීමට ප්‍රස්තුත හේතුවය. මා එය පිලි නොගන්නා බවක් නම් කීවේ නැත. ඇත්තනම් මා මෙවැනි දේ ගැන දරන්නේ උදාසීන මතයකි. මා කීවේ “මෙය එකළ පැවති භාරතීය විද්‍යාවට අනුව ලෝකයේ පිහිටීම හා භූ කම්පන විස්තර කළ ක්‍රමය බව මම සිතමි.” කියාය. මම මේ කතන්දර සැකයකින් තොරව ඒ සැටියෙන්ම සත්‍ය යැයි පිළි ගනිමි. මක් නිසාද යත් ඒවා එකල සම්මුති වශයෙන් සත්‍යයැයි පිළිගෙන පැවති නිසාය. බුදුරදුන් ඒවා යොදාගෙන දහම් දෙසූ නිසාය.

    ඒවා දැන් පිළි නොගැනෙන බවත් ඒ වෙනුවට වෙනත් කතන්දර (බටහිර විද්‍යාත්මක කතන්දර) ආදේශ වී ඇති බවත් මම දනිමි. පරණ කතන්දර පිළි නොගැනීමටත් අලුත් කතන්දර කතන්දර පිළි ගැනීමටත් හේතුවක් මම නොදකිමි. මක් නිසාද යත් මේවා කතන්දර පමණක් වන නිසාය. අකාලික වූ ශ්‍රී සද්ධර්මය යනු මේ සම්මුති හෙවත් කතා නොවේ. සම්මුතිය අවශ්‍ය වන්නේ පරමාර්ථය කරා එළඹීම පිණිස මිස සත්‍යද අසත්‍යද කියා වාද කිරීම පිණිස නොවේ.

    ඔබ ” ජලය යන ඒවා අප භාවිතා කරන වායුව, ජලය යන අදහසම දනවන්නේයි මම නොසිතමි. එයද මෙසේ එම ස්වභාව වලින් යුක්ත බව විය හැක” හා “ඇතැම් විට බුදු රජාණන් වහන්සේ මෙසේ දේශනා කරන ලද්දේ මෙම ක්‍රියාවලිය තේරුම් ගැනීමට මෙපමණකින්ම දැනගැනීම ප්‍රමාණවත් වන නිසා වන බැවින් විය හැක” කියා කියයි. ඔබට බුදු රදුන් දෙසූ දේ ගැන සැකද? නැත්නම් බුදුරදුන් නොත්රිදාමුස් කළ සේ කිව යුත්ත කෙලින් නොකියා වැල් බයිලා කියූ බව ඔබ සිතන්නේද? කෙසේ වුවත්, මේ ප්‍රකාශ දෙක නම් ඔබට තරම් නොවන බව සිතමි.

    Reply
    • සිතුවිළි says:
      September 4, 2012 at 6:15 pm

      කෙනෙකු යම් කිසි මතවාදයක් මතුකරන විට සහ ඒ කෙරෙහි වූ පිළිතුර සොයනා විට අප නිතැතින්ම මධ්‍යයෙන් පසෙකට තල්ලුවේ. එය වලකාගෙන රැඳී සිටීම අති දුශ්කර කාරියකි. එසේම මධ්‍යය කෙරෙහිද දෘශ්ඨිවාදීව නොඇලී අවබෝධයෙන් පසුවීම අතිශයින්ම දුශ්කරය. එසේ සිටීමට වෙර දරමු.

      joseph, ඔබගේ තුන් වැනි ඡේදයට යමක් එකතු කරන්නේ නම් අද පවතින අළුත් කතන්දරද මතු දවසක පරණ කතන්දර වනු ඇත.

      නැවතත් සාකච්චාව හොඳ තැනකට ගෙන ආ පිස්සාට මගේ ප්‍රනාමය.

      Reply
      • මාතර ආතර says:
        September 5, 2012 at 4:27 am

        Unfortunately, we have to use concepts in discussing these matters and the most difficult things to get rid of are concepts.

        Very often it was the Brahmins living in the time of Sammasambuddha who argued with the Bhagayavatun Vahanse conceptually but not the ordinary people such as Sopaka, Suneetha, who were not tied down to concepts.

        The intellectuals find it very difficult to get rid of or release concepts unless one has fulfilled parami dhamma in Sansara.
        Prof Nalin De Silva
        The Island 05/09/12

        Reply
    • පිස්සා says:
      September 4, 2012 at 8:02 pm

      අවසාන චේදයෙහි සඳහන් කරුණු වලට යමක් පැවසිය යුතුම වේ
      1) ඔබට බුදු රදුන් දෙසූ දේ ගැන සැකද?
      නැත , මා බුදුන්ගේ දේශනා සැක කළ කාලයක් තිබුණි . ඒ මා මෝඩයෙක් බව තේරුම් ගැනීමට තරම් දැනුමක් මටම නොතිබූ කාලයකය , ප්‍රශ්න කිරීමක් නොකර පිළිගන්නා මුලික සිද්ධාන්ත කිහිපයක් මත ගොඩනගාගන්නා විද්‍යාවක් මා එකල විස්වාස කළ බැවිනි . අද මා ශ්‍රද්ධාව මුල් කරගෙන බුදුන් අදහන්නෙකි , මා බුදුන්ගේ හෝ ආර්ය ශ්‍රාවයෙකුගේ දේශනාවක් වත් සැක නොකරමි .නමුත් ඇතැම් සිංහල පරිවර්තන වල ගම්‍ය අදහස් සැක සහිතය . විස්තර සහිතව කියන්නේනම් අග්ඥාන සුත්‍රයේ සිංහල විස්තර වල එවැනි පරස්පරතා බොහොමයක් මට ඇත , එහි ආබස්සර බ්‍රක්ම ලෝකයේ සිට නෙලුම් දණ්ඩක් දිගේ බඩගාගෙන පැමිණෙන ජීවයක් ගැන සදහන්ය , තවද මහපොලව ඇගිල්ලෙන් ඇන දිව ගා රසබැලු ආබස්සර සත්වයෙක් ගැන සදහන්ය , එකපාරම ඇති කරගත් මහා සම්මත රජ කෙනෙකුන් ගැන සටහනක් ඇත , මෙවැනි බොහෝ දෑ මෙම සුත්‍රයෙහි ඇත . මෙම තැන් මට සැක සහිතය .
      එය බුදුන්ගේ දේශනාව පිළිබඳව ඇති සැකයක් නොවන්නේය , එය මාගේ තේරුම් ගැනීමේ අඩුපාඩුවක් හෝ මා පරිහරණය කළ සිංහල පරිවර්තන වල අඩුවක් ලෙස පමණක්ම දකිමි .

      2 ) බුදුරදුන් නොත්රිදාමුස් කළ සේ කිව යුත්ත කෙලින් නොකියා වැල් බයිලා කියූ බව ඔබ සිතන්නේද?
      කිසි සෙත් නැත , කිවයුත්ත කෙලින් කියූ විට අපට තේරුම් ගැනීමට දැනීමක් නැති බව දන්නා විට උන් වහන්සේ උපමා වලින් ඒ බව දක්වා ඇත , ඒ අවස්ථා වල “ඒ බව මෙසේ උපමාවකින් දක්වමි ” ලෙස උන්වහන්සේ වදාරා ඇත . නමුත් අග්ඥාන සුත්‍රයේ සිංහල විස්තර වල මෙවැනි සදහනක් වත් නොමැති වීම මට ගැටලුවකි . ( අන් අය තේරුම් කර දෙන පාලි පාඨ හැර ඒවා තේරුම් ගැනීමට මට දැනුමක් නැත )

      3) මේ ප්‍රකාශ දෙක නම් ඔබට තරම් නොවන බව සිතමි –
      පුද්ගල ආරුඪ නාම පිලිබඳ නොඑල්බ අදහස් ඒ වෙලාවට දක්වන අදහස් පමණක් විමසීම මම අගයමි . ඉදිරිපත් කරන අදහසෙහි ඇති වටිනාකම නොවටිනාකම අන් අය පහදා දෙන පමණටම මාද නිවැරදි වන්නේමය .

      Reply
      • Joseph says:
        September 6, 2012 at 10:49 am

        මේ පැහැදිලි කිරීමට මගේ ආචාරය

        Reply
    • =/? says:
      September 4, 2012 at 11:42 pm

      ජෝසප්,උඹේ තුන්වන ජේදයේ අන්තිම හරිය ගැන ආඩම්බර වෙමි-[අකාලික වූ ශ්‍රී සද්ධර්මය යනු මේ සම්මුති හෙවත් කතා නොවේ.] මෙය නොතේරෙන බක පඬියන් පිනුම් ගහන්නේ කොහිදැයි මට නොතේරේ- උන්ට අනුව අපේ බුදු දහම ඉස්සරහට’විද්‍යාත්මක’කියා විශේෂණ පදයක් යෙදීම වීජයග්‍රහණයකි!මුන්ගේ ඇස් කවදා නම් විවර වේද?
      උඹට ජය.

      Reply
      • R.Dias says:
        September 7, 2012 at 3:28 pm

        ඔවු..ඔවු..1+ 1 = 2 නොවෙයි 3 කිව්වාහමත් කාටවත් තේරෙන්නේ නෑහෑ ඉතින් හරිම ආතල්…… ජෝසප් ලියාපු දේ උට තේරෙන්නේ නෑහෑ…ඉතින් =/? ට හරිම ආතල් මොකෝ පොර වීම නොවෑ අරමුණ.. නලින් ද සිල්වා වාගේ..

        Reply
  24. මාතර ආතර says:
    September 5, 2012 at 4:31 am

    පින්වතුනි,

    “මේ මහා පෘථිවිය ජලයෙහි පිහිටියේ වෙයි. ජලය වාතයෙහි පිහිටියේය. වාතය ආකාශගතය….”බුදු රදුන් විසින් අනද තෙරුන් අමතා දේශනා කල අයුරින්,(ත්‍රිපිටකය)

    මේ ලිපියේ ලියා ඇති පරිදි ‘තුන් වන ශ්‍රේනියේ ව්ඟුන් කෙනෙක් වීමේ අභිලාෂයෙන් නම්’නොව,
    ත්‍රිපිටකයේ ඉහත සඳහන් ‘සම්මුති සතර මහා භූතයන් ගැන’ ලිය වී ඇති දේ පැහැදිලි කර ගැනීම සඳහා, ‘නිර්මානාත්මක කතන්දරයක්’ මගේ සිතේ පහල වී ඇත.

    නිවන් අවබෝධයට,මෙම ‘සතර මහා භූතයන් පිළිඹඳ නිර්මානාත්මක කතන්දරය’ අදාළ නැතත්,මෙය සංවාදයට’ විව්ර්තය.එනම්,
    1.
    අනන්ත ‘රික්තකයක් වූ අභ්‍යව-ආකාශයේ’ සිට ‘බුදු නුවනින්’ පෘතුවිය දෙස බලන විට,පිලිවෙලින්,
    පළමුව,අභාවකාශ රික්තකයට මුසු නොවූ-වායු ගෝලය සහිත වාතයද(=”වාතය ආකාශගතය”) ;
    දෙවනුව,ජලය /ජල අංශු සහිත වලාකුළුද (=”ජලය වාතයෙහි පිහිටියේය”),
    තෙවනුව,ගෝලාකාරව කැරකෙන මුහුදු ජලයෙන් (75%) වට වුන පොළොවද (25%)
    (=”මේ මහා පෘථිවිය ජලයෙහි පිහිටියේ වෙයි”)
    පෘතුවිය පෙනෙන්නට ඇත.
    2.
    පොලොවේ ඇතුලේ ඇති ‘මදය’ ගැන විස්තරත්,ඊට පිටින් ඇති ඉතා සෙමින් සෙලවෙන earth plates ගැනත් සහ පොලොව තම අක්ෂය වටා කැරකෙන ගමන්,සූර්යයා වටේද කරකෙනාවාය යනුවෙන් පෙන්වා දෙනවාට වඩා,ඉහත සඳහන පමණක්,ඒ කාලේ හැටියට සෑහෙන බව,
    ‘බුදු නුවනට’ පෙනෙන්නට ඇත.
    3.
    ”යම් කලෙක ඒ මහා වාතයෝ හමත්. මහා වාතය හමනවිට ජලය කම්පා වෙයි. ජලය කම්පා වන විට පෘථිවිය කම්පා වෙයි.
    ආනන්‍දය, මහත්වූ භූමි චලනයක් ඇතිවිමට මේ පළමුවන හේතුවයි”ත්‍රිපිටකය

    ඉහත සඳහනට අනුව,පොලොව යටින්,අස්වාභාවික ලෙස තෙල් හාරාගෙන,ඒවා පුච්චලා,වාතයේ තිබුන සමතුලිතතාවය කඩා දමා,එනිසා (හෝ සමුද්‍රවානිජ ජාතකයේ එක දෙවි කෙනෙක් කල පරිදි) වාතය රත් වී හමා යාමෙන්,රත් වූ මුහුදු ජලයද කම්පා වීමෙන්,’බටහිර විද්‍යාවෙන්’සොයා ගත්ත-earth plates සෙලවී,භූමි කම්පා සිදු වෙන්න බැරිද?

    Reply
  25. මාතර ආතර says:
    September 5, 2012 at 11:28 am

    @සිතිවිලි

    සිතිවිලි says ,”සිවුරක් ඇඳගෙන සිටින මොහු, ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ බුදුන් කලේ එදා පැවති නොයෙකුත් ආගමික් මතවාද එකතු කර ඒවායේ ක්‍රීම් එක සමාජයට දීම බව පැවසීම ඔබ අනුමත කරනවාද?”සිතිවිලි

    මා එවැන්නක් කොහෙත්ම අනුමත කරන්නේ නැත.’එවැන්නකට ආසන්න වශයෙන් සමාන දෙයක් කරමින්,බුදු රදුන්ගේ පරිනිර්වාණය පසු ඇති වුනා වූ ‘හින්දු ආගම,’ බමුණන් විසින් නිර්මාණය කලාය කියා මා අසා ඇත.

    කෙසේ වෙතත්,දඹර අමිල තෙරුන් ගේ මෙම ප්‍රකාශය ඇතුලත් U tube clip එක,පුලුවන්නම් එවන්න.

    Reply
  26. මාතර ආතර says:
    September 5, 2012 at 11:45 am

    @සිතිවිලි
    @Joseph

    මේ ලොව කිසිම කලෙක,
    ‘සදා නොවෙනස් වන-එකම කතන්දරේ’නම්,
    බුදු කෙනෙක් ලොව පහල වුනේ නැතත්,ලොවේ වින්ගුන් විසින් දේශනා කරමින් පවතින,පස් පව් වලින් වැළකීම,’සතර මහා භූතයන්’නමැති සම්මුතිය,පෙර භවවල කරන ලද කරුම මේ භවයේදී පඩිසන් දෙන බව,මේ භවයේදී කරන කරුම ඊළඟ භව වල පඩිසන් දෙන්න පුළුවන් බව යනාදිය,දිගටම අඩු වැඩි වශයෙන් ‘තිබීමත්;
    නමුත්,කලින් වැඩ සිටි බුදු කෙනෙක් දේශනා කල ‘තිලකුණ ඇතුළු විදසුන’ පමණක් නැති වුන කල,
    එය ලෝ වැසියනට නැවත කියා දී,පුළුවන් තරම් පින්වතුන් ටික දෙනෙක් මේ දුක්ඛ සසරින් බේරා ගැනීමට,
    තවත් බුදු කෙනෙක් පහල වෙන බවත් ය.

    Reply
  27. R.Dias says:
    September 5, 2012 at 11:33 pm

    මාතර ආතර…සිතුවිළි…පිස්සා …ජෝසප් යන අනුවර්ත නාම වලින් අදහස් පලකරනා ඔබලා වෑනි තවත් උගත් මෝඩයන් සිටීද…? බුදු දහම ග්‍රන්ථ ගත කරන ලද්දේ භාරතයේ විසූ අශෝක අධිරාජයාගේ කාලයෙදි ය…එනම් බුදුන් පිරිණිවන් පා අවුරුදු 250 ගත් වූ පසුය..බුදුන් ගේ දහම එතෙක් පෑවතුනේ වාචිකව පමණයි..
    .වසර 250 යනු පරම්පරා 20 පමණ වේ…එවිට මෙම වසර 250 තුල කොතෙක් බුදු දහම පරිවර්තනයන්ට භාජනය වන්න ඈත්ද…? මෙසේ වෙනස් වීම් වලට භාජනය වූ බුදු දහම ග්‍රන්ථාරුඩ කරනා විට තව කොතෙක් දුරට බුදුන් දෙසූ දහමේ මුලික හරයට පටහෑනිව ලියවුනාදෑයි කීමට හෑක්කේ මොන ජගතාටද…?අද ඔය කියනා ත්‍රිපිටකය..කලාම සූත්‍රය ග්‍රන්ථාරූඩ කරනා ලද්දේ කවුරුන්ද…? එහි අඩන්ගු සියල්ල වචනයක් නෑර බුදුන් දේශනා කල ආකාරයටම ලියා තිබේදෑයි සහතික ලෙස ක්ය හෑක්කේ කාට ද..?

    එනිසා නිකන් පොර ටෝක් දෙන්න එපා…..බුදුන් දෙසූ දහම විග්‍රහා කිරීමට ඔය හෑකියාවක් තිබේ නම් කියන්න..

    ආකසඨ්ටාච භුම්මට්ඨා..දේවානාගා මහිධ්‍රිකා
    පුඥ්ඥථ්තන් අනුමෝදිත්වා තිරන්ගරඛ්ඛන්තු තිලෝක සාසනන්…

    එත්ථාවචාච අම්මේහි..සම්පධන් පුඥ්ඥ සම්පධන්..
    සබ්බේ දේවා අනුමෝදන්ථු සබ්බ සම්පත්ථි සිද්ධියා..

    Reply
    • මාතර ආතර says:
      September 6, 2012 at 11:41 am

      @R.Dias

      අපේ කලෝ ප්රෝපා මෙන් ඔබත් ‘කලාම සුත්‍රයේ මුල් භාගයට පමණක් අධිපති කෙනෙක්’ වග පෙනේ.

      ඔබ අහන පැනයට පිළිතුර කාලාම සුත්‍රයේ අග භාගයේ තියෙනවා.

      Reply
    • පිස්සා says:
      September 6, 2012 at 1:31 pm

      වසර 250 යනු පරම්පරා 20 පමණ වේ ? ——-
      ඔයාගේ පරම්පරාව බලු පරම්පරාවද ? වසර 250 ට පරම්පරා 20 යන්න

      Reply
    • =/? says:
      September 6, 2012 at 1:42 pm

      R.Dias,පල පල.මොන විග්‍රහද කවි පද හතරක් ගලපා ගන්න බැරි උඹ වැනි මුග්ධයන්ට!’බුදු දහම විග්‍රහ කරන්න’ නාල වරෙන්-නයගරාවෙන් හරි කමක් නැහැ.

      Reply
  28. Joseph says:
    September 6, 2012 at 10:45 am

    R.Diasට අනුකම්පාවෙන්:

    මාතර ආතර…සිතුවිළි…පිස්සා …ජෝසප් යන අනුවර්ත නාම වලින් අදහස් පලකරනා ඔබලා වෑනි තවත් උගත් මෝඩයන් සිටීද…?
    - ඇයි බං උඹ ?

    බුදු දහම ග්‍රන්ථ ගත කරන ලද්දේ භාරතයේ විසූ අශෝක අධිරාජයාගේ කාලයෙදි ය…එනම් බුදුන් පිරිණිවන් පා අවුරුදු 250 ගත් වූ පසුය..
    - මේ ඔබගේ අලුත් සොයා ගැනීමක් විය යුතුයි. සුභ පැතුම්!

    බුදුන් ගේ දහම එතෙක් පෑවතුනේ වාචිකව පමණයි..
    - ගැලපීමක් නැත.

    වසර 250 යනු පරම්පරා 20 පමණ වේ…එවිට මෙම වසර 250 තුල කොතෙක් බුදු දහම පරිවර්තනයන්ට භාජනය වන්න ඈත්ද…?
    - කවුද ඕයි දන්නේ, තමුසේ දන්නවද?

    මෙසේ වෙනස් වීම් වලට භාජනය වූ බුදු දහම ග්‍රන්ථාරුඩ කරනා විට තව කොතෙක් දුරට බුදුන් දෙසූ දහමේ මුලික හරයට පටහෑනිව ලියවුනාදෑයි කීමට හෑක්කේ මොන ජගතාටද…?
    - මුලික හරයට පටහැනිව ලියවුනා යයි කියන්න මුලික හරය දැනගෙන සිටිය යුතුයි නේද? තමුසේ ඒක දන්නවද?

    අද ඔය කියනා ත්‍රිපිටකය..කලාම සූත්‍රය ග්‍රන්ථාරූඩ කරනා ලද්දේ කවුරුන්ද…? එහි අඩන්ගු සියල්ල වචනයක් නෑර බුදුන් දේශනා කල ආකාරයටම ලියා තිබේදෑයි සහතික ලෙස ක්ය හෑක්කේ කාට ද..?
    - කාලෝ පොන්සේකා දොස්තර මහතාගෙන් සහ සිරි සමන්ත භද්‍රයන්ගෙන් අසා බලාපන්.

    එනිසා නිකන් පොර ටෝක් දෙන්න එපා…..බුදුන් දෙසූ දහම විග්‍රහා කිරීමට ඔය හෑකියාවක් තිබේ නම් කියන්න..
    - බුදුන් දෙසු දහම විග්‍රහ කිරීමට අපි මොන කුක්කොද? තමන් අධි-බුද්ධ යයි සිතා සිටින්නේද?

    පොර ටෝක් කෑල්ල, නම් ලොක්කා, උඹම තියා ගනින්, එය අපට අයිති නැත. ගාථාවක් වත් හරියට ලියා ගන්න බැරි, කහ කුරුල්ලෝ ගැන කතා කරන ද්වේශ චරිතයක් වන උඹ වගේ කුහක අසත්පුරුෂයෙක් සමග දහම් කතා නැත.

    Reply
  29. ඈතුලාන්තය says:
    September 6, 2012 at 1:57 pm

    ඩයස් මහතා බුදුදහම විකුර්තිවිම සම්බන්දයෙන් හොද තෑනකට කතාව ගෙන ආවා.ත්රිපිටක කාරනා 100%ක් ඈත්තයි කියල කියන්න බෑ.නමුත් 90%ක්ම සත්යය.එහෙම ඈත්තයි කියල කියන්න පුලුවන්වෙන්නෙ අතිත බික්ශුන් මෙ දර්ම කාරන කටපාඩම්කරගෑනිම සම්බන්දයෙන් දියුනු ක්රම ශිල්ප අනුගමනය කර ඈති නිසයි.නමුත් ගෑටලුව වි ඈත්තෙ ත්රිපිටකයෙ පාලි වචන සදාහා දි ඈති ඈතෑම් සාම්ප්රදාඉක අර්තයන් වෑරදි විමයි.මෙම සාම්ප්රදායික අර්ත බිහිව ඈත්තෙ පසුකාලිනව බිහි උන පෘතක්ජන බික්ශුන් ආර්ය මාර්ගය නොදන්නා කම නිසයි.මෙගොල්ලො බෞතික ලොකයෙ සාර්තකත්වයට ගෑලපෙනෙ පරිදි අර්තයන් වෙනස් කලා.මෙ සාම්ප්රදායික අර්ත ගෑලපෙන්නෙ බෞතික ලොකයට මිසක් ආර්යමාර්ගයට නොවෙ.***හොදම උදාහරනය ලෙස රතන සුත්රය ගෙන බලමු.ලන්කාවෙ අය හිතන් ඉන්නව මෙ සුත්රය ජප කලාම ආශිර්වාදයක් ලෑබෙනවයි කියල. එ උනාට එක එහෙම වෙන්නෙ නෑ. (එහෙම උනානම් මෙ රට සුරපුරයක් )ආශිර්වාදය ලෑබෙන්නෙ කියල තියන දෙය ක්රියාත්මක කලොත් පමනයි.මෙක දෙශනා කලෙ විශාලා මහනුවර තුන්බිය නෑති කරන්න (පලමුව දුර්බික්ශ බියත්, දෙවනුව රොග බියත්,පසුව අමනුශ්යයන් කරදරකිරිම නිසා හටගත් අමනුශ්ය බියත් හටගත්තා )ඉන්පසු මෙය සමනය කිරිමට බුදුරදුන් වෑඩියා.ගිහින් රතසුත්රය දෙශනා කලා.නමුත් එය ලන්කාවෙ මොඩයන් හිතන් ඉන්නව වගෙ මන්තර ජප කිරිමක් නොවෙ.යම් ස්තානයක ආර්ය බාවයට පත් උන අය (බුදුන් සහ මාර්ගපලලාබින් ) අඩු උනාම ස්වබාවික විපත් වෑඩි වෙනව.මිනිසුන්ගෙ අද්යාත්මය සහ සොබාදහමෙ ක්රියාකාරිත්වය අතර සම්බන්දයක් තියනව.එම නිසයි අද ලොකයෙ මෙතරම් විපත්.රතන සුත්රය දෙශනා කිරිමෙන් උන්වහන්සෙ උත්සහ කලෙ එම නුවර වෑසියන්ට ආර්යමාර්ගයට පත් විය හෑකි ඉට අවශ්ය වටපිටාව සෑකසිමයි.තුනුරුවන් ගෑන ඉගෑන්නුව.මෙ තුනෙන් මිනිසුන්ට පත්විය හෑකි ලෙහෙසි වන්නෙ සන්ග බාවයට පත්විමයි.සන්ග යන වචනය සදහා දි ඈති සාම්ප්රදාඉක අර්තය වෑරදියි.රතන සුත්රය තුල සන්ග යනු සොවාන් සිට අරහත් දක්වා උන මාර්ගපලලාබින් හදුන්වන නමයි.එසෙ නොමෑතිව පෘතක්ජන බික්ශුන් හෑදින්වු නම නෙමෙ.මෙ සුත්රෙ තියෙන්නෙ එම මාර්ගපලලාබින් ලබන වරප්රසාද.එම වරප්රසාද කිව්වම විශාලා මහනුවර දුකටපත් ජනයාට මාර්ගපලයකට පත්විමට උනන්දුවක් දෑනෙනව.එතකොට සන්ගබාවයට පත් විමට එම ජනයාට හෑකි වෙනව.එතකොට සන්ග බවට පත් උන සහ නොවුන පිරිස් ගනන විශාලා මහනුවර තුල සමතුලිත උනා. එවිට ස්වබාවදර්මය කම්පාවිම නෑවතුනා.(මිනිසුන්ගෙ අද්යාත්මය සහ ස්වබාවදර්මයෙ හෑසිරිම අතර සබදතාවයක් ඈත )එහෙම උනාම එම නුවර හටගත් තුන්බියන්ම නෑති උනා. (රොග,දුර්බික්ශ,අමනුශ්ය බිය .ඉස්සල්ල ඈති උනෙ දුර්බික්ශයන්.ඉන්පසු රොග වෑඩි උනා.ඉට පස්සෙ අමනුශ්යයන් හිරිහෑර කරන්න පටන්ගත්තා ) අදකාලෙ සන්ග යන වචනයෙ වෑරදි අර්තය නිසා ලොකු ප්රශ්නයක් වෙලා.මෙ වචනෙ දෙශපාලනෙට දාල.සන්ග සම්මෙලන කියල නම දාගෙන එව ඈතුලෙ වෙන වෑඩ දෑක්කම හිනා යනව.සන්ග යනු මාර්ගපලලාබින්ය.මෙකයි වසර 2600 කට පෙර තිබ්බ නියම අර්තයනමුත් පාලි වචනය වෙනස් වෙලා නෑ.වෙනස් වෙලා තියෙන්නෙ ඉට දි ඈති අර්තයයි.අද, සියලු චිවරදාරින් සන්ග බව පවසනව=බුදුදහම වෑරදියට පාවිච්චි කිරිම=බුදුදහම නමෑති නාගයා වලිගෙන් ඈල්ලිම=බුදුදහම නමෑති නාගයා දශ්ට කිරිම =රට අද්යාත්මිකව සහ බෞතිකව දුප්පත් විම.මෙකයි 21 වන සියවසෙ තෙරවාදි රටවල ශොකාන්තය…..මෙච්චර වටින දෙවල් කිව්වම මෙකෙ ඉන්න මෑට්ටන් මාව කන්න හදනවා.මාව අන්යාගමික ගොඩට දානවා.සන්ග=මාර්ගපලලාබින් යෑයි සිතා රතන සුත්රය කියවන්න.මෙකි නොකි තව ගොඩක් විකුර්තිවිම් තියනව.මෙ එක උදාහරනයක් පමනයි.මෙකයි තිත්තම තිත්ත ඈතුලාන්තය….

    Reply
    • පිස්සා says:
      September 6, 2012 at 2:15 pm

      රතන සුත්රය තුල සන්ග යනු සොවාන් සිට අරහත් දක්වා උන මාර්ගපලලාබින් හදුන්වන නමයි ?
      උඹට ඕක කියන්න රතන සුත්රේම ඕනේ උනානේ , මම සංඝයාට වඳින ගාථාව දැනගත්තේ රතන සුත්‍රය දැනගන්න කලින් . එකෙත් තියෙන්නේ ඔය අර්ථයම තමයි . එකෙන් තේරෙන්නේ උඹ තවම සන්ගයාට වඳින ගාථාවේ තේරුමවත් දන්නේ නැ කියන එකයි , එකේ තේරුම දන්නා සේරෝම දන්නවා “ශ්‍රාවක සන්ගෝ” කියන්නේ සොවාන් සිට අරහත් දක්වා ඵල ලාබින් බව . උඹ ඇත්තටම මෙච්චර කල් හිතන් හිටියේ එහෙමද ? කමක් නැ උඹ දැන්වත් දන්නවනේ

      Reply
      • ඈතුලාන්තය says:
        September 6, 2012 at 2:53 pm

        අම්මපා…එහෙනම් ඈයි ඔයගොල්ලන්ගෙ පෘතක්ජන චිවරදාරින් සන්ග සම්මෙලන කියා බොරු නම් තබා මිනිස්සුන්ව රවට්ටන්නෙ?එගොල්ලොත් සන්ගයාට වදින ගාතාවෙ තෙරුම දන්නෙ නෑතිව වෙන්න ඈති නෙද එහෙම නමක් දාගෙන ඉන්නෙ??????

        Reply
      • ඈතුලාන්තය says:
        September 6, 2012 at 3:16 pm

        අනෙක් අතට දෑන්කාලෙ බොහොදෙනා ලාන්කෙය බුදු සසුන පිලිබද පවසන “සන්ගායනාව” පෘතක්ජන බික්ශුන් මාර්ගයෙන් කරන්නෙ කෙසෙදෑයි විශාල ප්‍රශ්නාර්තයක් ඉතිරිව ඈත.මන්ද අනාගතයෙදි පෘතක්ජන බික්ශුන් දුසිල් මහනුන් ඉවත්කරනු ඈත්තෙ ඔවුන් දුසිල් නිසාම පමනක් නොව තමන්ගෙ පෞද්ගලික තරහකරුවන්ද වන නිසාය.සන්ගායනාවකදි තොරා ගත යුත්තෙ මාර්ගපලලාබින් මිස නිකායවල් වල ලොක්කන් හො මහාචාර්ය පට්ටම් දරා සිටින පෘතක්ජන නායක බික්ශුන් නොවෙ.

        Reply
      • පිස්සා says:
        September 6, 2012 at 5:28 pm

        අම්මපා…එහෙනම් ඈයි ඔයගොල්ලන්ගෙ පෘතක්ජන චිවරදාරින් සන්ග සම්මෙලන කියා බොරු නම් තබා මිනිස්සුන්ව රවට්ටන්නෙ?
        —- මම නම් නෙවෙයි ඔය නම දැම්මේ ආයුබෝවන්ඩ.

        එගොල්ලොත් සන්ගයාට වදින ගාතාවෙ තෙරුම දන්නෙ නෑතිව වෙන්න ඈති නෙද එහෙම නමක් දාගෙන ඉන්නෙ?
        —– වෙන්ඩ ඇති මයෙ හිතේ

        අනෙක් අතට දෑන්කාලෙ බොහොදෙනා ලාන්කෙය බුදු සසුන පිලිබද පවසන “සන්ගායනාව” පෘතක්ජන බික්ශුන් මාර්ගයෙන් කරන්නෙ කෙසෙදෑයි විශාල ප්‍රශ්නාර්තයක් ඉතිරිව ඈත.
        — මට නම් නෑ , “සංඝ ” කියන්නේ එකක් , “සන්ගායනාව” කියන්නේ වෙන එකක් .

        අනාගතයෙදි පෘතක්ජන බික්ශුන් දුසිල් මහනුන් ඉවත්කරනු ඈත්තෙ ඔවුන් දුසිල් නිසාම පමනක් නොව තමන්ගෙ පෞද්ගලික තරහකරුවන්ද වන නිසාය.
        ——මරුනේ , තමුන්නැහේ අනාගත වාක්‍ය කියන්නත් දන්නවනේ

        සන්ගායනාවකදි තොරා ගත යුත්තෙ මාර්ගපලලාබින් මිස නිකායවල් වල ලොක්කන් හො මහාචාර්ය පට්ටම් දරා සිටින පෘතක්ජන නායක බික්ශුන් නොවෙ.
        ———- හා

        Reply
        • boothayaa says:
          September 6, 2012 at 9:38 pm

          මාර්ගඵල ලාභීන් හඳුනාගැනීමට විශේෂ සලකුණක් නැති බැවින්ද මාර්ගඵල ඇතැයි අතන මෙතන ප්‍රචාරය කිරීමක් මාර්ගඵල ලාභීන් නොකරන බැවින්ද මේ කියන ආකාරයේ සංගායනා පවත්වන්නට කැසකවන්නන් හදන්නේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් සහ තවත් ටිකක් සෙවීම බව පැහැදිලිය.

          (ළමයි, අපි කෙරෙන වැඩක් ගැන කතා කරමුද?)

    • boothaya says:
      September 6, 2012 at 2:31 pm

      ජංජාලයේ බඩපිනුම් ගසන බෞද්ධ විරෝධී පඬියන්ට උවමනා ධර්මය පිළිබඳ සැක බෞද්ධ ජනයා තුල ඇති කිරීමයි.
      මුන් අවුරුදු 2500 කලින් තිබුණු දේ මතක තිබෙනවාක් මෙන් ඇදබාන්නේ කෙසේද යන්න පැහැදිලි කරනවා නම් හොඳය.
      තමන්ගේ අබෞද්ධ දෘෂ්ටින්ට ගැලපෙන අන්දමට බුදු දහම විකෘති වී ඇතැයි කන්කෙඳිරි ගාති.

      බෞද්ධ ආධ්‍යාත්මිකව දුප්පත් වී ඇත්තේ බුද්ධාගම වැරදියට ඇල්ලීමෙන් නම් මහා ධනවත් බටහිර රටවල් ආධ්‍යාත්මිකව දුප්පත් වී ඇත්තේ මොකද?

      Reply
      • ඈතුලාන්තය says:
        September 6, 2012 at 3:06 pm

        මාර්ගපලලාබින් පවසන්නෙ 2600කට පෙර පෑවිති දර්මය මිස දෑන්කාලෙ කාලින බන නමින් බන නොවන බන දෙසන තමුන්ගෙ පෘතක්ජන දෘශ්ටියට පෙනෙන ආකාරයට අදර්මය දෙසන කසාවත් හෑදගත් චිවරදාරින්ට අවශ්ය පරිදි නොවෙ.බෞද්ධයා ආධ්‍යාත්මිකව දුප්පත් වී ඇත්තේ බුද්ධාගම වැරදියට ඇල්ලීමෙන් වන අතර බටහිර වෑසියන් අද්යාත්මිකව දුප්පත් වි ඈත්තෙ අද්යාත්මය දියුනු කර ගෑනිමට සුදුසු මාවතක්/ක්‍රමයක්/දර්මයක් /ආගමක් ඔවුන් සතුව නොමෑති බෑවිනි.තවද වෑරදි වෑඩ කරන්නාට නිවෑරදි කරුවාව පෙනෙන්නෙ වෑරදිකරුවා ලෙස වන අතර නිවෑරදිකරුවාට වෑරදි කරුවාව පෙනෙන්නෙ වෑරදිකාරුවාලෙස පමනක්මය.ඔබටත් මටත් සිදුව ඈත්තෙ එයයි.

        Reply
      • මාතර ආතර says:
        September 7, 2012 at 10:22 am

        @ඈතුලාන්තය

        අපාය අද්දර බද්දර ගේ ‘ලනු’ ගිලින්න එපා!

        Reply
  30. ඈතුලාන්තය says:
    September 6, 2012 at 4:29 pm

    @dias,දර්මය පොතපතකින් ඉගෙන ගත නොහෑක.සිත පුරුදු කිරිම දර්මයයි.පොතපතෙ ඈත්තෙ දෑනුමක් පමනි.එය හරි හො වෑරදි වෙ.මජ්ජිම නිකායෙ සන්දක සුත්‍රයට අනුව පොතපතෙ තිබ්බ එක සත්ය සොයන්නෙක් විසින් එකවර නොපිලිගත යුතුයි.පොතක ඈති දෙයක් පිලිගන්නෙ එහි ඈති දෙය ප්‍රායොගිකව කල හෑකිනම් පමනි.ත්‍රිපිටකය සම්බන්දයෙන්ද කිව හෑක්කෙ එයයි.ත්‍රිපිටකයෙ ඈති දෑ ප්‍රායොගිකව කල හෑකි බෑවින් මටනම් ත්‍රිපිටකය සත්යයකි.පොත්පත් වලින් කටපාඩම් කල දහම දෙශනා කර පලක් නොමෑති බව පසක් කරන ප්‍රසිද්ද කාරනයනම් ලන්කාවෙ අපරාද වෑඩි විමයි.(මෑත ඉතිහාසයෙ )පොත්පත් වල දෑ දෙශකයන් ජනතාවට කිව්වද එම කාරනා දෙශකයාලගත් නෑත.අසන්නන් ලගද නෑත.දෙගොල්ලො දෙගොල්ලන්ට කරගන්නෙ ලොක බොරුවකි.බුඩිස්ට් චෑනල් එකෙ මුලු දවසම බන ගියත් අපරාද අඩු නොවන්නෙ එම නිසාය.කලයුත්තෙ මාර්ගපලලාබින් පවසන දහම (නියම තෙරවාදි දහම ) අනුගමනය කර එය තමුන්ගෙ හදවතට දෑනෙනම් පමනක් එය අනුගමනය කිරිමයි.එයයි බුද්ද දෙශනාව.දම්ම පදයෙ මෙලෙස ඈත-බහුම්පිවෙ සහිතන් භාසමානො.. සමහරු පොත්පත් හා ත්‍රිපිටක කරුනු බොහො දනි.(මෙතන ඉන්න බහුතරය මෙලෙසය )එසෙ ඉගෙන ලොකු කතා දමති.නමුත් ඔවුන් දර්මය පුරුදුකර නෑත.ඔවුන් නයට හරක් බලාගන්නන් වෑනිය.මෙයයි ඈතුලාන්තය….

    Reply
    • boothayaa says:
      September 6, 2012 at 10:13 pm

      වත්මන් සමාජයේ ඇති ප්‍රශ්නය හරි ථෙරවාද ධර්මය පිළිපැදීමේ අඩුවක් නොවන බව මම කියමි. සැමදාමත් සමාජයේ නිවන් අරමුණු කරගෙන ක්‍රමවත්ව පිළිවෙත් පුරන්නෝ සුළුතරය ය. හරි ථෙරවාදය දන්නේ අප පමණක් යැයි අන්තර්ජාලයේ විජ්ජා පෙන්වන්නන්ගෙන් කීදෙනෙක් මගඵලලාභීන්ද? ථෙරවාදය පිළිබඳ විවිධ අර්ථකතන වෙයි. මේ අර්ථකථන වල වෙනස්කම් මගඵලලාභීන්ට එතරම් වැදගත් නැත. ඒවා අනවශ්‍ය ලෙස හුවා දක්වන්නෝ බොහෝ විට ථෙරවාදය පිළිබඳ “අධිකාරිය” බවට පත්වීමට උත්සහ ගන්නන්ය.

      අධ්‍යාපනය ජනමාධ්‍ය ආදිය ඔස්සේ නූතනවාදී අපේක්ෂා ඉස්මතු කිරීමත් සමග සමාජය ආධ්‍යාත්මිකව සීග්‍රයෙන් පහලට වැටෙයි. මෙයට හේතුව වැරදි ථෙරවාදය යයි කියන්නා එක්කෝ හොඳ සිහියෙන් නොසිටී නැත්නම් ඉතිහාසය නොදනී. අනෙක් පසින් ඔහු ඉහත අවුලට ප්‍රධාන හේතුව වන සමාජ – සංස්කෘතික සෝදා පාලුව වසන් කරන්නෙකි.

      මීට අවුරුදු 150 කට පෙර තිබූ සමාජයත් සමග සසඳන විටත් අප ඉන්නේ ඉතා පහලිනි. ඒ පළිබඳ යටත්විජිත යුගයේ ලියවුණු වාර්තා ඇත, ඒ හැරත් මනුෂ්‍යඝාතනවල පසුගිය අඩ සියවස තුල සිදුවී ඇති ඉහල යාම සොයා බැලීම සෑහෙයි. මෙය හතර පෝයට සිල් ගත් මිනිසුන් සිටි රටකි. රටටම නිවන් දක්වන්නට සැලසුම් කරන අය රටින් සොලොස්කලාවෙන් කොටසක් පන්සිල් රකින තත්වයට පත් කරවා ගැනීමට උත්සහ ගන්නේ නම් වටී.

      Reply
      • =/? says:
        September 7, 2012 at 1:53 pm

        භූතයෝ,[රටටම නිවන් දක්වන්නට සැලසුම් කරන අය රටින් සොලොස්කලාවෙන් කොටසක් පන්සිල් රකින තත්වයට පත් කරවා ගැනීමට උත්සහ ගන්නේ නම් වටී.]
        උඹේ මේ අදහස මසුරන් වටී.අපි කරන්නටම ඕන දෙය තමයි උඹ ඔය අපුරුවට දක්වා ඇත්තේ-කොහෙද මේ මී හරක් ටිකක් ඉඳ ගෙන අද කල යුතු දේ නොකර සුරුස් ගාල නිවන් අවබෝධ කර ගන්නවන්න පොර කනවා-වගකීම්/යුතුකම් බල්ලට දාල.

        Reply
        • ඈතුලාන්තය says:
          September 7, 2012 at 6:49 pm

          ආර්යයන් වහන්සෙලා කිසිවෙකුට යුතුකම් වගකිම් ඉටු නොකරයි.කලත් කලාතුරකිනි.එසෙ ඉටු කරන්නෙ නම් එම පුද්ගලයා ආර්යයෙකු නොවෙ.මන්ද යුතුකම් වගකිම් ඉටු කිරිමට දෑගලිමෙන්ම පෙනෙන්නෙ අන් අය සමග බන්දනයන් සාදාගෙන ඈති බවකි.බන්දන අඩුවෙන්න අඩුවෙන්න යුතුකම් වගකිම් ගෑන නොසෙවිම ස්වාබාවිකයි. බන පදයක් කිව්ව ගමන් නිවන් ගිය ඔනෑ තරම් අය බෞද්ද ඉතිහාසයෙ ඈත. ඔබ ඔවා මෙතන ඉන්න මොඩයන්ටම කියා ගන්න.ආර්යමාර්ගයෙ ගමන්ගන්නන් අතින් පන්සිල් තියා මොන සිලයක්වත් කෑඩෙන්නෙ නෑත.රටෙ අපරාද සාර්තකව අඩු කල හෑක්කෙ දුක නිවිමෙ මාර්ගය කියා දිමෙන්ම පමනකි.සිත් දුශනය උන අයට පන්සිල් රකින්නයි කියා බලෙන් විලන්ගු දෑම්මාට එවා කඩා වෑටෙනු ඈත.ඔය පන්සිල් අනාදිමත් කාලයක සිට මන්තරයක් මෙන් ජපකර ඈත.තවත් පන්සිල් ගෑන මොනා කියන්නද???

        • boothayaa says:
          September 8, 2012 at 10:05 am

          දැං සමන්ට බඩ්ඩ තුමා එහෙම හෙම හොඳිං ඉන්නවද?

          අර පිට රට ගිය ට්‍රිප් එකේ පොටෝ වගයක් ගොසිප් එකේ දාල තිබ්බෙ ඒ දවස්වලනං හොඳට වග කියල තියනවා අපි දැක්කා.

      • ඈතුලාන්තය says:
        September 7, 2012 at 6:25 pm

        නිවෑරදි තෙරවාදය දන්නෙක් ටිවි නෙමෙ මොන මගුල ආවත් විවුර්ත ආර්තිකෙ ආවත් කිසිවිටෙක තමුන්ගෙ අද්යාත්මය විනාස කරගන්නෙ නෑ. ආර්ය මාර්ගයෙ ගමන්ගන්නෙක් බෙල්ල කෑපුවත් කිසිවෙකුට වෙනස් කරන්න බෑ.අනෙක් අතට දහම් ප්‍රචාරය සදහා අන්තර්ජාලය නෙමෙ මොන මාද්යය උපයොගිකරගත්තත් එහි කිසි වෑරෑද්දක් නෑත.ඉතිහාසය ඔබට ප්‍රශ්නයක් වි ඈත්තෙ එහි කටුක යතාර්තය නිසාය.අතිතයෙ අනුරපුර පොලොන්නරු යුගවලදි නිවෑරදි තෙරවාදය තිබු සමයන් විය.එකල ලන්කාවෙ එක් කොනක සිට අනෙක් කොන දක්වා ස්ත්‍රියකට කරදරයක් නෑතිව දිවා රෑ නොතකා තනියෙන් ගමන්කිරිමට තරම් අද්යාත්මය ශක්තිමත් විය.ආර්යමාර්ගයෙ ගමන්කරන පුද්ගලයන් රටක සිටිනම් කිසිවිටක සමාජ-සන්ස්කෘතික සොදා පාලුවකට මොන බලවෙගය ආවත් පත්වන්නෙ නෑත.ලන්කාවට එහෙම සොදා පාලුවකට ලක්විමට සිදු උන හෙතු අතර පලමු හෙතුව වන්නෙ නමට බෞද්දයෑයි කියාගන්නා පිරිස ආර්යමාර්ගයෙ ගමන් නොගත් බෑවිනි.එම පුද්ගලයන්ට මෙන්ම ඔබටත් බුදුදහම හුදු ආගමක් පමනක් වන්නෙය.මිට වසර 150 කට පෙර දෑන් අපි සිටින්නෙ ඉහල මට්ටමකය.දෑන්කාලෙ මිනිස්සු අද්යාත්මය වර්දනයකරගෑනිමට බොහො උනන්දු වෙති.තරුන ප්‍රජාවද එලෙසමය.දෙව්දත් තෙරුන් බුදුරදුන්ට ගල් පෙරලු බව දෙශනා කරන විටත් සාඩු..සාදු.. යෑයි කියා ප්‍රතිචාර දක්වන මොඩයන් අද නෑත.මිනිසුන් ඉතාම විමර්ශන ශිලිය. බුද්දිමත්ය.බුදුදහමෙ ස්වර්නමය සමයක් උදා වෙමින් පවති.එය පටන්ගෙන ඈත්තෙ දෑන්ය.එම නිසා මෙ සමය තවත් අදුරු නොවනු ඈත.සියලු බොරු කාර වන්චාකාර බික්ශුන් ජනයාගෙන්ම ප්‍රතික්ශෙපවන සමයක් උදා විය යුතුය.වර්තමානයෙ අද්යාත්මය පිරිහිමට වගකිව යුත්තෙ විවුර්ත ආර්තිකයම නොව ආර්යමාර්ගයෙ ගමන් නොකර අන් සියලු විකාර වෑඩ කරන බික්ශුන්වහන්සෙලාමය.

        Reply
        • =/? says:
          September 7, 2012 at 8:37 pm

          හෙහ් හෙහ්.. කතකට පිළිකන්නට හදිසියක වත් යන්නට බැරි: රාගයෙන්+ද්වේශයෙන් මත් වෙලා පන්සිල් පද පහ වත් රකින්නට බැරි ‘(අ)පල’ ලබපු ඇත්තෝ සිටින හෙයිනි.උඹේ ගොන් මොලේට මේවා කවදා නම් වැටහෙයිද!

    • පිස්සා says:
      September 6, 2012 at 10:30 pm

      “පොතක ඈති දෙයක් පිලිගන්නෙ එහි ඈති දෙය ප්‍රායොගිකව කල හෑකිනම් පමනි.ත්‍රිපිටකය සම්බන්දයෙන්ද කිව හෑක්කෙ එයයි.ත්‍රිපිටකයෙ ඈති දෑ ප්‍රායොගිකව කල හෑකි බෑවින් මටනම් ත්‍රිපිටකය සත්යයකි ” ලෙස දක්වා ඇති නිසා අතුරු ප්‍රශ්නයක් නගමි
      ඇතුලාන්තය , නුඹ බුදුරජාණන් වහන්සේ හට යමා මහා පෙළහර පෑමට හැකි බව පිළිගන්නේද ? නද්ද්ද ?

      පිළිගන්නේ නැත්නම් මා හට නුඹේ ඉහත ප්‍රකාශය ගැටළුවක් නොවන්නේය , එවිට නුඹේ ශ්‍රද්ධාව පිළිබඳව නුඹම විමසිය යුතුය .
      නමුත් නුඹ එය පිළිගන්නේ නම් ඒ නුඹට එය ප්‍රයෝගිකව කල හැකි නිසාදැයි මත්තෙහි ඇසිය යුතුය ?

      Reply
  31. R.Dias says:
    September 6, 2012 at 7:39 pm

    අහෝ…අහෝ…ජෝසප්…පිස්සා…මාතර ආතර….ඔබලා වෑනි පොරවල් මේ වෙබ් අඩවි තුල කොතෙක් සොයා ගත හෑකිද..? නුමුත් ප්‍රශ්ණයක් දිහා විචක්ෂණශීලීව බෑලීම පොරොවුනු අයට අපහාසු වාගෙයි පෙනෙන්නේ…මොකෝ අධිමානසිකය නෑමෑති හීනමානයෙන් පෙලෙනවා ද..?

    Reply
    • Joseph says:
      September 6, 2012 at 10:32 pm

      R.Dias ගේ හීනමානයනට අනුකම්පාවෙන්:

      අනේ පොර අයියා, ඔයා දන්න දේවල් අපි දන්නේ නෑ තමයි අයියා. ඔයානම් ධර්මාශෝක එක්ක එක ඇඳේ බුදියා ගත්තා වගේනේ කියන්නේ. අපි මොන හිකනල්ලුද.

      දෙයියම්පා මමනං උන්නේ ත්‍රිපිටකේ ලිව්වේ වළගම්බා කාලේ කියලා. ඔබ තුමාගෙන් තමයි දැන ගත්තේ ධර්මශෝකගේ කාලේ කියලා. ඔය විදියට විචක්ෂනව තව කොච්චරනම් ප්‍රශ්න දිහා බලන්න ඇතිද. හික්! ඔබ අපට දෙයියෙක්!!

      ඕං කියන්න ඕන ටික සහසුද්දෙන් කිව්වා. දැන් හොඳ අයියා වගේ අපට පව් නොදී ඔයාගේ අධිමානෙත් අරගෙන කැපෙන්න.

      Reply
  32. Joseph says:
    September 6, 2012 at 10:47 pm

    R.Dias ගේ හීනමානයනට අනුකම්පාවෙන්:

    අනේ පොර අයියා, ඔයා දන්න දේවල් අපි දන්නේ නෑ තමයි අයියා. ඔයානම් ධර්මාශෝක එක්ක එක ඇඳේ බුදියා ගත්තා වගේනේ කියන්නේ. අපි මොන හිකනල්ලුද.

    දෙයියම්පා මමනං උන්නේ ත්‍රිපිටකේ ලිව්වේ වළගම්බා කාලේ කියලා. ඔබ තුමාගෙන් තමයි දැන ගත්තේ ධර්මශෝකගේ කාලේ කියලා. ඔය විදියට විචක්ෂනව තව කොච්චරනම් ප්‍රශ්න දිහා බලන්න ඇතිද. හික්! ඔබ අපට දෙයියෙක්!!

    අර අවුරුදු 250 ට බලු පරම්පරා 20 කතාවනම් මාර විචක්ෂනයි අයියා; රැස් විහිදෙනවා. ඇයි අර බුදු දහමේ හරය ගැන කතාව. පුදුම විචක්ෂණයක් තියෙන්නේ. ඇයි ඕයි හරය දන්නේ නැති අපි වගේ උන් කොහොමද ඕක පොතේ ලියනකොට හරය වෙනස් උනා ද නැද්ද කියලා හරියටම දැන ගන්නේ. පොර අයියා හිටපු එක හොඳට ගියා. නිකන් පකුධකාත්‍යායන වගේ සින්දුවක් (සොරි ගාථාවක්… හික් !) කාරිය දාගෙන එනකොට මට නිකමට වගේ හිතුනා මේ නම් එසේ මෙසේ පොරක් වෙන්න බෑ කියලා. දැන්නම් හරියටම දැන ගත්තා.

    ඕං කියන්න ඕන ටික සහසුද්දෙන් කිව්වා. දැන් හොඳ අයියා වගේ අපට පව් නොදී කරුණාකරලා ඔයාගේ අධිමානෙත් අරගෙන කැපෙන්න.

    Reply
  33. ඈතුලාන්තය says:
    September 7, 2012 at 9:20 am

    @පිස්සානනි,වෑරදියට වටහා නොගන්න.මා ත්රිපිටකයෙ ප්රායොගිකත්වය සම්බන්දයෙන් මතුකලෙ ආර්ය මාර්ගය ගමන්කිරිම සම්බන්ද කාරනාය.මන්ද නිවන් දෑකිය හෑක්කෙ එම මාර්ගයෙ ගමන් කිරිමෙනි.එම මාර්ගය සත්ය බවත්,ප්රායොගික බවත්,එම මාර්ගය තුල ගමන් කිරිමෙන් තමාගෙ දුක නිවෙන බවත් තමන්ගෙ සිතට හදවතට දෑනෙනම් අනෙක් කාරනාද(යමාමහ පෙලහර වෑනි )සත්ය බව පිලිගෑනිමට සිදු වෙ. ***ex1- ග්රහලොවක් තුල ද්රව ජලය ඈති බව දනිමි.නමුත් ජිවයක් ඈත්දෑයි තවම සොයාගෙන නෑත.නමුත් ද්රව ජලය ඈත්නම් අනිවාර්යයෙන්ම ජිවයක් පෑවතිය යුතු බවට 99%ක ඉඩක් පවතින බව ඔන කෙනෙක් දනිමි.එනම් එම ලොකයෙ ජිවය පවතිනු ඈති බවට පිලිගෑනිමට සිදුවෙ.මෙ උදාහරනයෙන් මා කිමට උත්සහදරන්නෙ ආර්ය මාර්ගයෙ ගමන්කිරිමෙ ප්රායොගිකත්වය සහ එහි අවසාන පලය වන බුදුවිම සහ නිර්වාන අතර ඈති සබදතාවය පිලිබදවයි.අවසානයෙ සිදුවන්නෙ ඔබ පවසන ආකාරයෙ ශ්රිද්දාව අඩුවිම නොව වෑඩි විමය.මා කෙදිනක හො බුදුවරයෙක් උනොත් මා හට යමාමහ පෙලහර පෑමෙ හෑකියාව ලෑබෙන බවත් එදිනට එය ප්රායොගික බවත් මා හට හොදින්ම පිලිගත හෑකිය.එම විශ්වාසය ලෑබෙන්නෙ ආර්ය මාර්ගයෙ ගමන්කිරිම ප්රායොගික නිසාය.බුදුබව එම මාර්ගයෙ අවසානතම ගමනාන්තයයි/තත්වයයි. ***ex 2-මෙය තවදුරටත් ඔබට තෙරෙන උදාහරනයකින් පෑවසිමට කෑමෑත්තෙමි.කෑම්පස් එකකට ඈතුලත් වි පලමු වසරෙ සිටින සිසුවෙකුගෙන්, තමන් දිගටම ඉගෙන ගත්තොත් මහාචාර්ය තත්වයට පත්වි උපකුලපති පට්ටමක් ලෑබු විට කෑම්පස් එකක් තුල උපකුලපතිට බලය යෙදවිමට හෑකිවිම කෙතරම් ප්රායොගිකද? එය ඔබට පිලිගත හෑකිද? වෑනි ප්රශ්නයක් කවරෙකු හො නෑගුවොත් එය කෙතරම් විහිලුවක්ද?ඔබත් මාගෙන් අසන්නෙ ඔවෑනි විකාර ප්රශ්නයකි.නමුත් කෑම්පස් එකකට ඈතුලත් උන ලමයාට ඈතුලත් නොවු ලමයාට වඩා තමන්ට මහාචර්යවරයෙකු වි යම් දිනක උපකුලපති වි කෑම්පස් එකක් පාලනය කිරිමෙ හෑකියාව ලෑබෙන බවට ඈති විශ්වාසය ඉතාමත් වෑඩිය.මන්ද තමන් මහාචාර්යවරයෙකු විමෙ මාර්ගයට ඈතුලත්වි එය ප්රායොගිකව කරමින් සිටින බෑවිනි.(මෙයත් සමග ඔබ නෑගු බුදුන් පිලිබද ඈති ශ්රිද්දාව ගලපා බලන්න )

    Reply
    • පිස්සා says:
      September 7, 2012 at 11:43 am

      අදහසට ස්තුති වන්ත වෙමි

      Reply
  34. ඈතුලාන්තය says:
    September 7, 2012 at 10:26 am

    @පිස්සා , යම් කෙනෙකුගෙ ශ්රිද්දාව හොදින්ම ඉස්මතුවිම සිදු කල කෑක්කෙ ආර්ය මාර්ගයෙ ගමන්කිරිම තමුන්ට ප්රායොගික යෑයි සිතුනු දාට සහ එහි ප්රායොගිකව ගමන්කිරිමට හෑකි උන දාටය.(මාර්ගපලයකට පත් උනොත් ඔහු කිසිවිටක බුදුදහම හෑර නොයයි )එම දිනයෙදි ඔහුගෙ ශ්රිද්දාව කිසිවෙකුට වෙනස් කල නොහෑකි කිසිම අන්යාගමිකයෙකුට වෙනස් කල නොහෑකි මාහාමෙරු පර්වතය මෙන් ශක්තිමත් වෙ.එසෙ නොමෑතිව කවුරුන් කෙසෙ කිවත් නියම ඈතුලාන්තය නම් ආර්ය මාර්ගයෙ ප්රායොගිකත්වය නොදෑනුන මෙ මාර්ගයෙන් තමන්ගෙ දුක නිවෙන බව නොදෑනුනු සියල්ලගෙ ශ්රද්දාව තාවකාලික හො ව්යාජව බලෙන් මවාගත් ශ්රද්දාවක් වන බවයි.කෙදිනක හො ඔහුගෙ ශ්රද්දාව බාහිර බලවෙගයක් නිසා (අන්යාගමිකයන් )බිදෙනු ඈත.ලන්කාව තුල බුදුදහමට ඈති තර්ජනයන්ට නොබියව මුහුන දි සත්වයන්ගෙ දුක නිවිම උදෙසා මෙම දහම ලොකයෙත් ලන්කාවෙත් වියාප්ත කිරිමටනම් සහ අපරද අඩු කිරිමට නම් දුක නිවිමෙ මාර්ගය හෙවත් ආර්ය මාර්ගය ඔවුන්ට ප්රායොගිකව ගමන්කිරිමට හෑකි වන පරිදි එම මාර්ගයෙ ගමන් ගත් කෙනෙකු විසින් (මාර්ගපලලාබියෙකු විසින් )පෑහෑදිලි කර දිය යුතුය.පෙන්වා දිය යුතුය.මෙයට මාර්ගපලලාබියෙක් අවශ්ය වන්නෙ කෑලයක අතරමන්වි සිටින්නෙකු ලග කෙතරම් සිතියම් සහ මාලිමා තිබුනත් ඔහුව කෑලයෙන් එතර කිරිමෙ සාර්තකම හෑකියාව තිබෙන්නෙ එම කෑලයෙ ජිවත්වන කෑලයෙ අස්සක්මුල්ලක් නෑර දන්නා දඩයක්කාරයෙකුට පමනක් වන බෑවිනි.අන්යාගමිකකරනයට එරෙහිව දිය හෑකි සාර්තකම බෙහෙත මෙයයි.තවද 1500 ගනන් වල සිට පෘතුගිසි,ලන්දෙසි,ඉන්ග්රිසි වෑනි ජාතින්ගෙ ආගම්වලට ලාන්කිකයා දරුනු ලෙස බෑදුනෙ මෙසෙ මාර්ගය කිමට මාර්ගපලලාබින් විශාල ලෙස නොසිටි බෑවිනි.(ලන්කාවෙ අවසාන රහතන්වහන්සෙ කුරුනෑගල යුගයෙදි සිට ඈත )පොත්පත් වලින් පමනක් මෙය කල නොහෑක.මාර්ගයක් ගෑන එහි ගමන්කල කෙනෙක්ගෙන් අසා ගත යුතුය.නමුත් අද කාලෙ සිදුවන්නෙ බොදු බල සෙනා නම් වියාජ සන්විදාන සාදා මාර්ගපලලාබින් මර්දනය කිරිමයි.ඉට් හෙතුව මෙ අය ඉස්මතු උන හොත් මෙතෙක් කලක් හොර වෑඩ කරමින් සිටි පෘතක්ජන බික්ශුන්ට තමුන්ගෙ හොර වෑඩ අසු වි ලාබ සත්කාර අඩු විමට ඉඩ තිබෙන නිසාය.

    Reply
    • =/? says:
      September 7, 2012 at 1:47 pm

      ගොන් බාස්,අපේ රටේ 1500 ගනන් වල උනු දේවල් මෙතනට පටලව නොගෙන හිටු! ඔය බද්දරයත් එකල්හි ‘ඔය කියන පලය’ ලබා උන්න නම් දෙකක් නැහැ රිංගන්න ඇත්තෙම ඒ ආපු සනුහරේ ඇතුලටම තමයි- ඌම තමයි අපිට කොකා පෙන්වන්න එන්නත් ඇත්තේ! නොදොකින් උඹ අපේ කාලේ කනවා.

      Reply
      • ඈතුලාන්තය says:
        September 7, 2012 at 5:57 pm

        එසෙය.එසෙය.ඈත්ත තිත්ත නිසාත් ඔබලාට තර්ක ගොඩ නෑගිමට අපහසු නිසා මා නිහඩ වන්නෙමි.

        Reply
        • =/? says:
          September 7, 2012 at 8:22 pm

          තර්ක කල යුතු තැන උඹේ ගොන් මොලේට අහු නොවීම සම්බන්ධයෙන් ශෝක වෙමි.පුස් තර්ක නොකර වැඩක් බල ගනු!

  35. ඈතුලාන්තය says:
    September 7, 2012 at 12:18 pm

    boothayaa says”මාර්ගඵල ලාභීන් හඳුනාගැනීමට විශේෂ සලකුණක් නැති බැවින්ද මාර්ගඵල ඇතැයි අතන මෙතන ප්‍රචාරය කිරීමක් මාර්ගඵල ලාභීන් නොකරන බැවින්ද”-මෙ ප්රකාශය තනිකරම 200%ක බොරුවකි.මාර්ගපලලාබින් හදුනා ගෑනිමට විශෙශ සලකුනු ඈති බවත් ඔවුන් තම පලය නොසගවා ප්රකාශ කරන බවටත් ඈති හොදම සාක්ශිය ත්රිපිටකයෙ සන්යුක්ත නිකායෙ සුසිම සුත්රයයි.මෙ සුත්රයෙ විශෙශත්වය වන්නෙ මින් විස්තර වන්නෙ කෙලෙස් නෑති කල අයගෙ ස්වබාවයයි.කෙලෙස් නෑති කල අය තමන් කෙලෙස් නෑති කල බව අන් අයට කියනවාද නෑද්ද යන්න මෙහි සදහන් වෙ.
    බුදුරදුන් වෙලුවනාරාමයෙ වෑඩ වසන කල සුසිම නම් පරිබ්රාජකයෙක් රජගහනුවර වාසය කලා.ඔහුගෙ ගොලයො බුදුරදුන් වෙත ගොස් බබසරව හෑසිරෙමින් කියන දර්මය ඉගෙන තමන්ටත් ප්රකාශ කරන ලෙස සුසිමට පෑවසුවා.එසෙ පෑවසුවෙ එකල වෙලුවනාරාමයෙ බුදුන් ප්රමුක සන්ගරත්නයට ලාබ සත්කාර වෑඩිපුර ලෑබිමත් මෙ දර්මය ඉගෙන ගතහොත් තමන්ටත් ලාබ සත්කාර ලෑබෙයයි යන අපෙක්ශාවෙන්.ඉන්පසු සුසිමට ලාබ සත්කාර ලබා ගෑනිමෙ චෙතනාවෙන් මහනවිමට ඉඩ ලෑබුනා.
    මෙ අතර කාලයෙ බොහො බික්ශුන්වහන්සෙලා බුදුරදුන් වෙතා පෑමින මෙසෙ කියා සිටියා.

    ‘මට නෑවත උපතක් ඈත්තෙ නෑ.බබසර හෑසිරිම නිමා උනා අප කල යුතු සියල්ල අවසන්කලා.”
    බ්රක්මචරියාව අවසන්කාලා යනු රහත් උනා කියන එකයි.(මතන් කරනියන් නාපරන් ඉත්ත්ත්තායාසි-තවත් කලයුතු කිසිවක් ඈතෑයි නොපෙනෙ )එ කියන්නෙ රහත් උනා කියල ප්රකාශ කලා කියන එකයි.සුසිමට මෙ සියල්ල ඈසුනා. එ කියන්නෙ තමන්ගෙ මාර්ගපලය කියල තියෙන්නෙ ප්‍රසිද්දියෙ.ඔනම කෙනෙක්ට ඈහෙන්නයි කියන්නෙ.කිසිම රහසක් නෑ.සුසිම ගොස් එම රහතන් වහන්සෙලා හමු වි මෙසෙ ප්රශ්න කලා.

    ‘අයුශ්මතුන් වහන්සෙලා භාග්යවතුන් වහන්සෙ හමු වි ජාතිය ක්ශය උනා කියනවා,බබසරය ඉවරයි කියනවා,කරන්න දෙයක් ඉතුරුව නෑහෑයි කියනවා,නෑවත උපතක් නෑහෑයි කියනවා,ත්රිවිද්යාව ලෑබුවයි කියනවා,මෙලෙස ඔබවහන්සෙලා රහත් බව ප්රකාශ කරනව’
    එතකොට එම සන්ගයාවහන්සෙලා කියනවා
    ‘ඈවෑත්නි.එසෙය.අපි ඈත්ත කිව්වා.’
    ඉන්පසු සුසිම උන්වහන්සෙලාගෙන් තමන්වහන්සෙලාට ඉර්දි දක්වන්න පුලුවන්ද කියා ඈසුවා.ඉන්පසු එම රහත්වරු එහෙම හෑකියාවක් නෑහෑයි කිව්වා.ඉන් පසු සුසිම අන්යයන්ගෙ සිත් පෙනෙනවාද?අතිත සන්සාරයෙ උප්පත්තින් පෙනෙනවාදෑයි ඈසුවා(පුබ්බෙනිවාසය ).රහතුන්ගෙ පිලිතුර උනෙ නෑත යන්නයි.දස අකුසල් කරමින් මාර්ගපල අවබොද කල අයට අපහාස කලාම වෙන්නෙ මොකක්ද කියල ඈහුවා( ආර්ය ඔපවාදය ).රහතුන්, එම පුද්ගලයන් නිරයට යන බව පෑවසුවා.ඉන්පසු සුසිම තෙරුන් ඔබවහන්සෙලාට ආපායෙ දිව්ය ලොකෙ යන්න ඉන්න අය පෙනෙනවාද ගිය අය පෙනෙනවාද කියා ඈසුවා.රහත්වරු එසෙ නොපෙනෙයෑයි පෑවසුවා.ඉන්පසු සුසිම මෙ ප්රශ්න වලට රහතුන් සාර්තකව පිලිතුරු නොදුන් බෑවින් ඔබලාගෙ රහත්බව පිලි නොගන්නා බව පෑවසුවා. එතකොට එම රහතුන් මෙසෙ පෑවසුවා.
    ‘අපි ශුශ්ක විදර්ශක රහතන්වහන්සෙලා(එ කියන්නෙ තියෙන්නෙ රහත් බව විතරයි.අර හෑකියාවන් එකක්වත් නෑ ).අප ද්යාන ලබන්නෙ නෑතිව රහත් උන අය.අපි ප්රත්න්යා විමුක්ත වෙමු.”අයුශ්මත් සුසිම,ඔබ දෑනගත්තත් නොදෑනගත්තත් අපි ශුශ්ක විදර්ශක රහතුන් වෙමු.(එ කිව්වෙ මොකක්ද?ඔබ දෑන ගත්තත් නෑතත් එක අපිට වෑදගත් නෑ. හෑබෑයි අපි රහතුන් කියන එකයි )මෙවා අසා සිටි සුසිම භාග්යවතු න් වහන්සෙ වෙත ගියා.ගොස් පෙර කි රහතුන්ට කිසිදු හෑකියාවක් දෑක්විය නොහෑකි බවත් රහත්බව පිලිගන්නෙ කෙලෙසදෑයි විමසා සිටියා.බුදුරදුන් මෙසෙ ප්රකාශ කල සෙක.
    ‘සුසිම පලමුකොටම දම්මතිති න්යානය ඈතිවෙ.(විදර්ශනා න්යානය/විපස්සිනා).ඉන් පසු හෙතු පල දහම පෙනෙ.ඉන්පසු ටික කලක් මෙ න්යානය ඈති විට නිර්වාන න්යානය/මාර්ග න්යානය ඈති වෙනවා.(මාර්ග න්යානය,සොතාපත්ති මග්ග න්යානය තර්කයට අසු උනද සොතාපත්ති පලය තර්කයට අල්ලන්න බෑ )එහි ගමන්කල විට පල න්යානය ඈති වෙ’
    සුසිම-’භාග්යවතුන් වහන්ස,මෙහි අර්තය මට නොවෑටහෙ.’
    ඉන්පසු බුදුරදුන් අනිත්ය දුක්ක අනාත්ම පෑහෑදිලි කර එසෙ සිතන අයුරු ඉගෑන්නුවා.(එනම් විදර්ශනා න්යානය ඈති වන හෑටි පෑහෑදිලි කලා.සුසිම,ජාතිය නිසා ජරා මරන වෙයි කියා දකින්නෙද?
    සුසිම-එසෙය ස්වාමිනි.
    බුදුරදුන්-’අවිද්යාව නිසා සන්ස්කාර ඈති වන බව පිලිගන්නෙද?
    සුසිම-එසෙය.
    බුදුරදුන්-’ජාතිය නිරොද උනාම ජරා මරන දෙකට මොකද වෙන්නෙ?
    සුසිම-නිරොදනය වෙනවා (නෑති වෙනවා )අවිද්යාව නෑති උනාම සන්ස්කාර වලට මොකක්ද වෙන්නෙ?
    සුසිම-නිරොදනය වෙනවා.
    බුදුරදුන්-මෙසෙ දක්නා ඔබ නොයෙක් ඉර්දි විදින්නෙදා?
    සුසිම-නෑත ස්වාමිනි…..
    සුසිමට මෙ කියපු ටික අවබොදඋනා .ඔහු රහතෙක් බවට පත් වෙනවා.ඉන්පසු සුසිම තෙරුන්වහන්සෙ තමන්ගෙ ප්රොඩාව හෙලි කලා.තමන් දහම් සොරෙක් බව පෑවසුවා.ඉන්පසු බුදුරදුන් සාපරාදි සොරෙක් වද දි රජු විසින් හිස ගසා මරා දමනවාටත් වඩ්ඩා මෙ ශශනයෙ දහම් සොරෙක්ගෙ පෑවිද්දෙන් දුක්දොම්නස් ගෙන දෙන බව පෑවසුවා.
    මෙ සියල්ල මත පෙනෙන්නෙ මාර්ගපලය නොකිය යුතු බව පෑවසිම අමුලික,නින්දිත,වන්චාකාර,කුපාඩි පට්ටපල් බොරුවක් බවයි.රහත්වරුන්ගෙන් ප්රාතිහාර්ය පාන්නෙ එක කොටසක් පමනි.මාර්ගපලලාබින් ගෑනද කිමට ඈත්තෙ මෙයයි.දෑන් බූතයා වෑනි අයට කවා ඈති බොරුව වසර දහස් ගනනක් පෑරනි බොරුවකි.මෙය පරම්පරා බොරුවකි.මෙ සුත්රය බොරුයි කියන්න මෙ වෙබ් එකෙ හො මෙ විශ්වයෙ හො කිසිම සත්යවාදියෙක් නොමෑත්තෙමය.මෙයයි ඈතුලාන්තය……..

    Reply
    • boothaya says:
      September 7, 2012 at 1:12 pm

      තමන් ලබ්ධිගත් කවුරුන්හෝ සොරදෙටුවෙකුගේ මතය ප්‍රචාරය කරන ඇතුලාන්තය තුමා (ඇතුලේ අන්තයෙන් හමා එන්නේ අසූචි ගඳකි) සූත්‍ර පිටකයෙන් තැන නොතැන නොබලා උපුටා දක්වන්නේ බුදුහිමියන් ජීවමාන කාලයේ සිදුවීමකි.

      යමෙකුගේ මාර්ගඵල තත්වය ඉතාම නිවැරදිව පැවසීමේ හැකියාව ලොවුතුරා බුදුවරයෙකුට පමණක් ඇත්තකි. මහ ප්‍රාඥ සාරිපුත්ත තෙරුන්වහන්සේ පවා ඒ සඳහා බුදුහිමියන් විමසූ බව චන්න සූත්‍රය ආදියේ පැහැදිලිව සඳහන් වෙයි.

      අද සිටින ලාල් සිරිවර්ධන, සමන්ත බද්‍ර ආදී ජනතාව ඉදිරියේ ස්වයං ප්‍රතිරූපය පුම්බාගත් බොරුකාරයන් මෙන් අධිගමය ගැන කිය කියා ගිය වුන් සම්බුද්ධ පරිණිර්වාණයෙන් පසු තබා කලින්වත් ශාසන ඉතිහාසයේ නැත.

      අධිගම ලාභීන් කවුද නැත්තේ කවුද යන්න නිගමනය කරන්නේ අන්තර්ජාලයේ කෝලම් නටන විගඩමුන්ද? මේ කරුණ නිමක් නැති වාදයටත් පුද්ගල ප්‍රතිරූප පුම්බාගැනීමට පමණක් හේතුවන බොරුවක් පමණක් බැවින් ශාසනික සම්ප්‍රදායේ පිහිටමින් මෙන්ම ආර්ය උපේක්ෂාවෙන් යුතුව උන්වහන්සේලා වත්මනෙහිත් නිහඬවම තම ජීවිත ගත කරති. අවශ්‍යතාව ඇති කෙනෙකුට මග කියාදීමට ඇති හැකියාව මේ නිසා තවමත් මේ සසුනේ තිබෙයි.

      මෙබඳු ආතල් දෙන්නවුන්ට සසුන ගැන ඇති කැක්කුමක් නැති බව පැහැදිලිය. මා කලිනුත් කීවාක් මෙන් මේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් සොයන බොරුවක්ම පමණි. මේ පඬියන් අවසාන වශයෙන් අපට කියනු ඇත්තේ මෙකල අධිගමලාභීන් නැති බවත් දැන් බුද්ධ ශාසනය අවසන් බවත්ය.

      විචාර බුද්ධියක් තිබෙන්නවුන් සිතා බලත්වා. නැතියවුන් සම්බන්ධයෙන් අපට කළහැක්කක් නැත.

      Reply
      • ඈතුලාන්තය says:
        September 7, 2012 at 5:52 pm

        අප්පටසිරි…එ කියන්නෙ ලන්කාවෙ රහතන්වහන්සෙලා හිටියයි කියන්නෙත් බොරුවක්.අනුරාදපුර යුගයෙදිත් බුදුහාමුදුරුවො පිරිනුවන් පාලනෙ හිටියෙ…

        Reply
      • ඈතුලාන්තය says:
        September 7, 2012 at 6:57 pm

        දෑන් ත්‍රිපිටකයත් පෙන්න බෑ වගෙ???හික්..

        Reply
      • boothayaa says:
        September 7, 2012 at 11:07 pm

        දැං හැලිච්ච කලිසම ආයිත් උස්සගන්ඩ..

        Reply
    • =/? says:
      September 7, 2012 at 1:41 pm

      මීහරක් ඈතුලාන්තය,(උඹේ මේ උලව්(ඈ)නිසා-ඇතුලාන්තය කියලා නිවැරදිව ලියන්නත් බැහැ බන්!)උඹ ඔය වටින් ගොඩින් කියන්නේ අර බද්දරස්ට’තියෙනවාය කියන තත්වය’පිළිගන්න කියා නොවේද? මොන උපහරණය අරන් ආවත් ඒක නම් පිළිගන්න අපට හේතු ඇත්තේ නැහැ- ඒ නිසා කරුණාවෙන් කියන්නේ පල අහකට අපිට යමක් ඉගෙන ගන්න/සාකච්චා කරන්න තියෙන වෙලාව නොකා- අනික ලියන්න ඉගෙන ගෙන වර කෙටියෙන් හා ඉලක්කයට, මාගල් නොඑල.

      Reply
      • R.Dias says:
        September 7, 2012 at 3:18 pm

        ලන්කාවෙ හෑටි….පොරක් වීමට දගලන දෑගලිල්ල බුදුන්ගේ දහම අල්ලාගෙන…පුදුමයි සෝවාන් වුනේ නෑති එක තවම..

        Reply
        • =/? says:
          September 7, 2012 at 8:11 pm

          දන්නා දෙයක් තෙපලපන් ගොන් බාස්!උඹ අමු’පොරක්’බව උඹ ලියු දේ කියවීමෙන් අපට පසක් වී ඇත- ඒ කියන්නේ උඹට බුදු දහම ගැන ඇති දැනුමක්ද/එහි හරයේ වැදගත්කම ජීවිතය තුලට ගන්නටද බැරි පුස් නාම්බෙකි. එනිසා කරුණාකර අමු’පොරවල්’(බද්දර්ස්/සිරා/මීමන….//)ලියන දේවලට සම්මාදම් වෙයන් මෙතනින් ගොහින්, අපිට අපේ පාඩුවේ බණක් දහමක් අහල හැදෙන්න ඉඩ දීල!

      • ඈතුලාන්තය says:
        September 7, 2012 at 5:55 pm

        ඔබලාට තර්ක ගොඩ නෑගිමට අපහසු නිසා මා නිහඩ වන්නෙමි.

        Reply
        • =/? says:
          September 7, 2012 at 8:20 pm

          ඈ බන්,උඹ මේ කරන්නේ තර්කද? අනේ කාලේ වනේ වාසේ කිව්වලු! තර්ක කරන්න සුදුසු තැන නම් මෙතන නොවෙයි- මොකද එය කිරීමෙන් උඹටවත් මටවත් වෙන මොකෙකුටවත් වෙන සෙතක් නැති හෙයිනි.දහමේ අරුත දිවියට එකතු කර ගන්න බලපන්-රාගය/ද්වේශය/මෝහය අයින් කර ගෙන.බද්දර්ස්ට කියපන් උගේ පැවැත්මට මේ විදියට බෙර නොගහ,තනියම පරලොව සැපත් වන්නට කියා.

  36. ඈතුලාන්තය says:
    September 7, 2012 at 11:46 pm

    අයිසෙ =/?,මන් කටවහගත්තයි කිව්වට එහෙමත් කට වහන්න පුලුවන්ද?මෙක බුතයාටයි කියන්නෙ,මාර්ගපලලාබින්ගෙ චිත්ත ස්වබාවය පසක් කරන ප්‍රදාන තෑනක් නම් බන්දුල මල්ලිකාවන්ගෙ කතාවය.මෙතුමිය සොවාන් උන තෑනෑත්තියකි.එක් දිනක් දානය බෙදමින් සිටින අවස්තාවක ලිපියක් ලෑබුනි.එතුමියට එය කියවා බෑලුවිට පෙනුනෙ තමන්ගෙ සෑමියා සහ දරුවන් තිස් දෙදෙනා එක තෑන මරා දමා ඈති බවයි.නමුත් එතුමිය වෙනසක් නොපෙන්විය.සුපුරුදු පරිදි දානය බෙදමින් සිටියාය.එවිට එලගිතෙල් බොතලයක් සෙවකයෙකු අතින් බිදිනි.එය බලා සිටි සෙවිකාවක් මෙසෙ ප්‍රශ්න කරයි
    ‘ඔබ තුමිය මෙ වෑරෑද්දට අර සෙවකයාට දොස් නගන්නෙ නෑත්තෙ ඈයි?ඔබ තුමියගෙ පාලනය දුර්වලයි.”
    ඉන්පසු තම අත තිබු ලිපිය එතුමිය සෙවිකාවට පෙන්නුවා.පෙන්වා මෙසෙ පෑවසුවා.
    ‘මාගෙ සෑමියා ඈතුලු දරුවන් තිස් දෙදෙනාම මිය ගොස් ඈතෑයි දන්නා මා මෙ එලගිතෙල් බදුනකට කුමකට නම් කලබල වන්නෙද???”
    දෑක්කනෙ,ඔන්න තව තෑනක්.

    Reply
  37. පිස්සා says:
    September 8, 2012 at 1:46 am

    @boothaya
    මචන් , උඹ දක්වන අදහස් හරි , අපිට මාර්ග ඵල ලාභියෝ හදුනාගන්න බෑ , ඒකට හේතුවක් තියනවා ,මාර්ග ඵලයකට අයෙක් පත් වෙනවා කියන්නේ පුද්ගලයෙකුගේ දස සංයෝජන සියල්ලම හෝ කිහිපයක් නැති වෙන එක . ඒ කියන්නේ මාර්ග ඵලයකට පැමිණුන කෙනෙක් විදිහට බැලුවොත් උන් වහන්සේ අමුතුවෙන් ලබාගත් දෙයක් නොමැත . සත්තකින්ම ඇත්තේ දස සංයෝජන සියල්ලම හෝ කිහිපයක් නැති වීමය , එවිට උන් වහන්සේට මට යම් ඵලයක් ඇති බව කියන්න උවමනාවක් වෙන්නේ නැ , හේතුව ඔහු ඵලයකට පත් වන්නේ යමක් ලබාගැනීමෙන් නොවන නිසාය , ඵලයක් ලබනවා කියා ඇත්තටම ලබාගත් දෙයක් නැති බැවිනි . නමුත් අපට යමෙකුට මාර්ග ඵල නැති බව නම් කිව හැකිය , මක් නිසාදයත් දස සංයෝජන යමෙකු තුල ඇති බව දැනගැනීම පෘතක්ජන ඕනෑම අයෙක් දන්නා බැවිනි .
    සුසිමගේ ගේ කතාව මමද අසා ඇත , සුසීම සසුන්ගත වන්නේ දහම සොරකම් කිරීමටය , එහිදී මේ කතාව ගෙනහැර පෑ පුද්ගලයාට යමක් කීමට අමතක විය . එනම් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය හා අද ඇති වෙනස ඔව්න් නොදන්නා නිසාය , ඒ ඔව්න් රවටන පුද්ගලයා චතුරාර්ය සත්‍ය දේශනා කිරීම පසෙක තබා මාර්ග ඵල ලාභීන් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බව නිතරම අම්බැට්ටයන්ට පැවසීමයි , අවාසනාවට මෙම ඇම්බැට්ටයන් එම කතා හිස් මුදුනින් පිළිගනී .
    කෙසේ වෙතත් සුසීමගේ කතාව නිවැරදි කිරීම යෝග්‍ය යයි මම සිතමි . ( මා මෙය ශ්‍රවනය කලේ කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමින් වහන්සේගේ දර්ම දේශනාවක් අන්තර්ජාලයෙන් බාගත කරගෙනය – යොමුව ලැබුනොත් දක්වන්නම් )
    බුදුරජාණන් වහන්සේ ජීවමන සමයෙහි වස් කාලය යනු භික්ෂුන්ට ඉතා වැදගත් කාලයකි , වස් කාලය ආරම්භයේදී බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගන්නා භික්ෂුව වස් කාලයෙහි ඉමහත් වෙහෙසකින් නිවන් දැකීම අරමුණු කරගෙන භාවනාව වඩයි . වස් අවසානයෙහි මෙම බික්ෂුන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන සිරිතක් තිබුණි , එහිදී බුදුරජාණන් වහන්සේ ඔවුන්ගෙන් වස් කාලය ගැන විමසීමක් කරනුලබයි . එවිට එම බික්ෂුන් තමන්ට මාර්ග ඵලයකට පැමිණ ඇත්නම් එම ඵලය පිළිබඳව හෝ එසේ නොමැතිනම් තමන්ට සිදු වූ බාධා පිළිබඳව බුදුරජාණන් වහන්සේට සැල කර සිටි ,( හරියට අපි විභාගයක් ලියා ප්‍රතිපල ආ විට සමත් උවද අසමත් උවද දැනුම දුන් ගුරුවරයා මුණගැසෙන සිරිත වැනිය ) මෙවිට බුදුරජාණන් වහන්සේ ඵල වලට නොපැමිණි භික්ෂුන් හට අනුසාසනා කිරීමත් ඵලයන්ට පැමිණි භික්ෂුන්ට ප්‍රසංසා කිරීමත් සිදු කරයි . සුසීම දහම සොරකම් කර තමන් ලගද රහතන් වහන්සේ ළඟ ඇති ගුණ ඇති බව කියා ලබා ගැනීමේ අරමුණෙන් පැවිදි වූ නිසා බුදුරජාණන් වහන්සේව ඉතා සමීපව ඇසුරු කරයි , එම නිසා භික්ෂුන් කරන මෙම ප්‍රකාශ සුසිමගේද සවනෙහි ගැටෙයි . සුසිමට උවමනා වුයේ රහතන් වහන්සේ කෙබඳු ලක්ෂණ වලින් යුක්තදැයි දැනගැනීමටය , එමනිසා ඔහු රහත් භාවය සැල කර සිටින භික්ෂුන්ගෙන් අබිඥා , සමාපත්ති ගැන විමසයි , එවිට බොහෝ භික්ෂුන් පවසනුයේ එවැනි දේ තමන් තුල නැති බවය . මෙය ගැටළුවක් වූ සුසීම බුදුරජාණන් වහන්සේගෙන් මෙය විමසීමට ගිය විට බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය අසා “ආසවක්ඛය ඥාණය” පමණක් ඇතිව සුසීම රහත් ඵලයට පත් විය .

    මෙවැනි කතා වලින් ආදර්ශයට ගන්නේ රහතන්වහන්සේලා රහත් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බව නම්, ඔව්න් ගැන අනුකම්පා කිරීම හැර වෙන දෙයක් අපට ඇත්ද ?

    Reply
    • boothayaa says:
      September 8, 2012 at 8:44 am

      ඔව් ඤාණනන්ද ස්වාමීන්වහන්සේගේ දේශනාවලදී ඔය වස් කාලයේ දැඩි කැපවීමෙන් පිළිවෙතෙහි නිරත වීමෙන් මගපල ලබාගැනීමේ උත්සහ ගැනීම ගැන පැරණි කතා කිහිපයක මාද අසා තිබෙනවා.

      කොහොම වුණත් මේ කාලෙ කරන්න තියන්නෙ තමං කැපවීමෙන් සාසනයේ විමුක්තියක් ලැබීමට උත්සහ කිරීම නෙවෙයිලු ජනතාව ආධ්‍යාත්මිකව ශක්තිමත් කිරීමට උත්සහ ගැනීමත් නෙවෙයිලු

      “ජන මාධ්‍ය රහතුන්” රහතුන්ද නැත්ද වගේ කාරණා ගැන සෙවීම තමයි කොරන්ට තියන්නෙ දැං වෙන වැඩක් නැති වෙනවා “ජනමාධ්‍ය රහතුන්ගේ”

      බෙන්ස් ප්‍රාඩෝ ආදිය ගැන සෙවීම,
      බැංකු එකවුන්ට් ගැන සෙවීම,

      රහත් බව තහවුරු කිරීම සඳහා බැංකු එකවුන්ට් එක රාජසන්තක කරල මූණෙ වෙනසක් වෙනවාද බැලීම,

      ප්‍රාඩෝ එක කුඩු කරල හාට් බීට් එක මැනීම. එක කෙලියක් වෙන්නෙ දැන්. හිහ්!

      Reply
      • සිතුවිළි says:
        September 8, 2012 at 3:08 pm

        භූතයා,
        ඔබගේ කථාව උපහාසාත්මක උවත් හරවත්.
        බන්දුල මල්ලිකාවගේ කථාව යොදා කී දෙය අනුවනම් කල යුත්තේ ඔබ කී පරිදි අඩුගානේ ප්‍රාඩෝවේ වීදුරුවක් බිඳ හදවතෙහි වෙගය මැනීමයි. මග ඵල මැනීමට හොඳ අඩි කෝදුවක් ඈතුලාන්තය විසින් දී ඇත.
        එහෙත් බෞද්ධ සොයුරනෙ මේක විහිළුවට කියන කථාවක්, ප්‍රායෝගිකව අත්හදාබැලීමනම් බෞද්ධ කමට නොගැලපෙන්නක්.

        Reply
      • boothayaa says:
        September 8, 2012 at 5:02 pm

        මට උවමනා වුනේ මගපල ලාභීන් කවුදැයි විසඳාගැනීම ලංකාවේ බුද්ධ සාසනය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය බව පෙන්වීමට දඟලන සොරුන්ගේ මූඪත්වය හෙලිදරවු කිරීමයි. මෙය පැහැදිලිවම ජනමාධ්‍ය ඔස්සේ පොරවල් බවට පත්වීමට දඟලන චීවරධාරීන්, ගිහි පණ්ඩිතයන් සහ ඔවුන් බෙදාදෙන මානසික කුඩු ගැසීමෙන් නොමග ගිය පිරිසකගේ වැඩකි.

        මොවුහු බෞද්ධයන්ගේ අවිහිංසාවට මුවාවී ආරක්ෂිතව සිටිමින් ඒ මිනිසුන්ගේ විශ්වාසයන්ටද පහර ගසන කුහකයින් රැලකි. මේ පුහු අභියෝග අප භාර නොගත්තද මොවුන්ව හෙලිදරවු කිරීම වැදගත්ය. (මුස්ලිම් රටක මේ තත්වය ඇතිවුණා නම් වීමට තිබූ දේ සිතා ගත හැකිය.)

        Reply
    • සිතුවිළි says:
      September 8, 2012 at 3:01 pm

      පිස්සා සොයුර,
      සුසීම හිමියන්ගේ කථාව ගන ඔබ කියනා දෙය ඉතා අගනේය.
      මෙවන් කථාවකින් ගත හැකි හරය රහතුන් රහත් බව ප්‍රසිද්ධියේ කීමද? ඔබ ඉතා අගනා පැනයක් අසා ඇත. එහෙත් පිළිතුර අවබෝධයෙන් දැකිය හැක්කන් බොහෝ වෙත්නම් අප වාසනාවන්තයින්ය.

      මෙහි අන් පුද්ගලයින් හට නොගරහා අදහස් දැක්විය හැක්කන් වැඩි විය යුතුය.
      පසුගිය දිනවල මා ලියූ බොහෝ පිළිතුරු වාරනයට ලක්විය.හේතුවක් නොදනිමි

      Reply
  38. The vegan Mediator the truth explorer - සුන්දරා says:
    September 8, 2012 at 11:24 am

    සිල්වත්කම මෛත්‍රී සහගත කමතුලින් අතින්ද්‍රීය ඥානය ලබා එතුලින් බුදු දහම අවබෝද කලයුතුය .
    එසේ නැතිව පොතපත හා සාකච්චා ආශ්‍රයෙන් බුදුදහම අවබෝද කිරීමට යාමෙන් තවතවත් සැක සංකා ඇතිවී
    මනස වෙහෙස වී මුළු බුදු දහමම ප්‍රෙහෙලිකාවක් වේ .ඉතින් අපි එකිනෙකා තම තමාට අවංකව සිල් රකිමු .
    හසන්ත අයිය්යට දැන් මාතෘකා හිගයක් පවතින නිසා ඔහු අතීන්ද්‍රිය ඥානයෙන් අවබෝද කලයුතු කරුණු තර්කයෙන් හෝ
    සාකච්චා මාර්ගයෙන් අවබෝද කිරීමට සලස්වා කාලය කාදමමින් මෝඩ මිනිසුන් තුල නිමක් නැති සැක සංකා ඇතිකරමින්
    ඔහුගේ වැඩසටහන ඉදිරියට කරගෙන ගොස් මුදුනා වේ .ඒ අතර රජයට කඩේද යාමෙන් සියවුර්තීය ස්ථාවරත්වය ලඟා කරගැනීමටත්
    දියුණුවට යාමටත් දත කයි .

    Reply
  39. මාතර ආතර says:
    September 8, 2012 at 5:31 pm

    @සිතිවිලි
    @Joseph

    ඔබ දෙපලට අනුව,
    ‘වින්ඟුන් ගණයට’ අයත් වන්නේ,
    සුදුහත් සිරිත උපකාරී කර ගෙන බවතරණය නව කතාව ලියු අපේ මාර්ටින් වික්‍රමසිංහ මහතාද
    අමාවැස්ස නව කතාව ලියු අපේ ජයසේන ජයකොඩි මහතාද?

    Reply
    • Joseph says:
      September 8, 2012 at 8:26 pm

      ඔය දෙදෙනාම වින්ඥු නොවේ!

      මේ ලිපිය කියවන්න. රාජකාරි බහුල නොවූ දෙසතියක කියවූ හරසුන් ලිපි සිය ගණනක් අතර මට හමු වූ වැදගත්ම ලිපිය මේ.

      http://www.divaina.com/2012/09/09/feature02.html

      Reply
      • මාතර ආතර says:
        September 9, 2012 at 3:52 am

        @Joseph

        1.
        රාජකාරි බහුල නොමැති විටෙක,බටහිර ඩොකාල රු 90,000/= පඩි දියව් කියන LCNලිපිය යටතේ,මා ලියු කොමෙන්ටුවට ඔබගේ ප්‍රතිචාරේ බලාපොරොත්තු වෙමි.
        2.
        සරසවි ඇදුරන් ගේ ප්‍රශ්නය ගැන APE නලින් ප්රෝපා සමග නිරමාල් ඇදුරා සමග ඇතිවුන ‘වාද පිටියේ’වාදයද,utube ගොස් වෙලා තිබ්බොත් නරඹන්න.

        Reply
        • මාතර ආතර says:
          September 9, 2012 at 11:32 am

          @Joseph

          බවුන් වඩා එම ඥානයෙන් දේවදත්තයන් දුක් විඳින හැටි දුටුවාය කියා කියන හාමුදුරුවන්ගේ,
          ඔබ ඉතාමත් හොඳ ලිපියක්ය කියා වනන ලිපියේ
          6 වන ජේදයේ ඇති සිද්ධිය නම් නම්,
          ‘මා පිය උපස්ථානය නමැති කිරි කලයට’ දැමු,
          ගොම පිඩක් වන-ප්‍රඥාවෙන් තොරව ලියන ලද,ඇලීම්/ගැටීම් නැතිව, ‘පෙරා’ අත හැර දැමිය යුතු-ප්‍රසිද්ධියේ
          නො ලියවිය යුතුව තිබුන,
          ‘අමුම අමු මනෝ විකාරයක්’ සේ මට පෙනේ!

      • පිස්සා says:
        September 9, 2012 at 1:28 pm

        “රහතුන් වැඩි මග ඔස්සේ ” කියල මේ හාමුදුරුවෝ කියපු කතා සේරෝම ඇතුලත් PDF 1 ම ළඟ තියනවා , upload කරන්න ලේසි විදිහක් තියනවනම් කියන්න , මම upladd කරලා link 1 share කරන්නම් , මේක PDF ගොනුවක් ලෙස එලි දැක්වූ අයට හා මෙම ස්වාමින් වහන්සේට තවම අදිගමයට පත් වීමට නොහැකි වී ඇත්නම් මෙම පින ඔඋන්ගේ මාර්ග ඵල අදිගම පිණිසම හේතු වේවා

        Reply
        • මාතර ආතර says:
          September 9, 2012 at 5:24 pm

          @පිස්සා

          http://www.divaina.com/2012/09/09/feature02.html
          ලිපියේ,6 වන ජේදයේ ඇති සිද්ධිය වගේ,මා පිය උපස්ථානය නමැති කිරි කලයට’ දැමු,’ගොම’ පිඩක් වන-ප්‍රඥාවෙන් තොරව ලියන ලද,ප්‍රසිද්ධියේ නො ලියවිය යුතුව තිබුන,‘අමුම අමු මනෝ විකාර පමණක්,
          ඇලීම්/ගැටීම් නැතිව,
          ‘පෙරා’ අහක් කර,
          දේවදත්තයන් දුක් විඳින හැටි තමන් විසින් බවුන් වඩා දුටුවාය කියන මේ හාමුදුරුවන් ගේ ලිපි වල ඇති දහම් රසය විඳීම හොඳය.

        • Joseph says:
          September 9, 2012 at 10:24 pm

          ඔය ලිපි පෙළ දිවයින ට ලියන්නේ ඉන්ද්‍රජිත් සුභසිංහ කියන මාධ්‍යවේදියා. ඔහු මේ ලිපි පොතක් වශයෙන් පල කළා, ඒ පොත් වල ආදායම අරණ්‍ය වල අවශ්‍යතා ගැන වෙහෙසෙන පදනමකට ලබා දෙන බවත් කියා තිබුණා. මම පොත හෙව්වත් ලැබුනේ නෑ. PDF එක ලැබෙන එක හොඳයි, ඒත් මුද්‍රිත පොත අනිවාර්යයෙන් ගන්න ඕනේ. ඒ නිසා මෙය බෙදා දීමට පෙර තව වරක් කල්පනා කරන්න.

          PDF එක ප්‍රමාණය MB කීයද?

    • R.Dias says:
      September 8, 2012 at 8:45 pm

      මෙතෙක් ඔබ තිදෙනා මෙම ලිපිය හා අනෙකුත් අදහස් ගෑන දෑක්වූ අදහස් සලකා බලනවිට…බවතරණය ලියු මාර්ටින් වික්‍රමසින්හයන් … ඔය කියනා විඥ්ඥුන් ගණයට වෑටේ… හේතුව සසර කලකිරුනු …සියල්ල මෑඩනා ලද්දෙකුගේ…භොව්තිකය සහ අධ්යාත්මය ඉතා සියුම් ලෙස විග්‍රහ කර ඈති බෑවිනි… තවද.එයින් අද සියල්ලට ඉගෙන ගත හෑකි පාඩමක් ද තිබේ…කසාවත් හෑදියන් සියල්ලම බුදු දහම ව්යාප්ත කිරීම හෝ ආරක්ෂා කිරීම සදහා නොව තම ආත්මාර්ථය උදෙසාම බුදු දහම අලෙවි කරන්නන් ( Sales Representatives ) බවත් ආසාවන් මෑඩ පෑවෑත්වූවන් නොවනා බවත් ඔවුන් භොව්තික ලෝකයේ සම්පත් වලට ලොබවී අධ්යාත්මය සුනුවිසුණු කරගත් ගිහියන් පිරිසක් බවත් ..රට සහ ජාතිය ඉතා වේගයෙන් අගාධයකට ඈදගෙන යන්නන් බවයි…

      අද බුදු දහම ආරක්ශා කිරීමට කයිරාටික දේශපාලුවන් හට පෑවරීමෙන් එය මොනවාට පෑහෑදිලි වේද.. අද මෙවෑනි යථාවාදි ග්‍රන්ථයක් මහජනයා වෙත ඉදිරිපත් කලහෑකි කොන්ද පන ඈති ජගතෙක් සිටීද…? ඔබ තිදෙනාද නලින් ද සිල්වා ආචාර්ය තුමා වාගේ සියලු තරගකරුවන් දේශපාලන බලයෙන් පලවාහෑර තනියෙන් කයිවාරු කෙලින්නන් බවට පත්වී ඈත….

      Reply
    • සිතුවිළි says:
      September 9, 2012 at 10:04 am

      මා දකිනා හැටියට විඥ්ඥූන් යනු ප්‍රඥාව අවධිකලවුන්ය, ඒ නයින් බැලූ කල මොවුන් දෙදෙනාම එම ගනයට නොවැටෙන බව මට හැඟේ.
      ඩයස් කියා ඇති පරිදි මාර්ටින් වික්‍රමසින්ංහයන් බෝසතුන් ගේ අධ්‍යාත්මය විග්‍රහ කර ඇති අයුරු විශිශ්ටය. එය මාගේ දැක්ම අවදි කල බව මා අවංකවම කියමි.

      තරඟ කරුවන් පලවා හැරීම යන කරුන මාහට අදාල නොවනබව මාඩයස් සොයුරා වෙත අවධාරනය කරමි. ඔහුට මෙහි රැඳී සිටින ලෙස දිගින් දිගටම ඉල්ලීම් කරනු ලැබූයේ මා විසිනි. ජයක් අපේක්ශා නොකරන මාහට තරඟකරුවෙකු නොමැතිබව නැවත කියමි.

      ජෝසප් හා ආතර සොයුරන් තරමක් රළු භාශා විලාශ යොදාගන්නා යමක් තේරුම් ගත් අයලෙස මම දකිමි. මුලින් ඔවුන් හා ගැටුනු මාහටද ඔවුන් තේරුම් ගැනීමට යම් කාලයක් ගත විය.

      කසාවත් හැඳියන් යැයි සියළු භික්ශූන් හෙලා දැකීම හැර මා හට ඩයස්ගේ මත සමග ගැටුමක් නැත.

      සුහදව සාකච්චාව ඉදිරියට ගෙන යමු.

      Reply
      • මාතර ආතර says:
        September 9, 2012 at 11:49 am

        @සිතිවිලි

        ජන්මෙට වඩා පුරුද්ද ලොකුය කීවම ‘සසර පුරුද්දද’ අදාළ හෙයින්,
        මා හා Joseph රළු බසින් ලියනුයේ,සමහර විට අප දෙදෙනා හෝ මා පමණක්,
        පෙර භව වල,යක්ෂ/ප්‍රේත/කුම්භාණ්ඩ ලෙස ඉපිද,
        තවම විටින් විට මතුවන ‘සසර පුරුදු’ නිසා වන්නටද පුළුවන.

        Reply
  40. ඈතුලාන්තය says:
    September 8, 2012 at 11:14 pm

    1)බුතයා මෙසෙ පවසයි-” මට උවමනා වුනේ මගපල ලාභීන් කවුදැයි විසඳාගැනීම ලංකාවේ බුද්ධ සාසනය ඉදිරියේ ඇති ප්රධාන අභියෝගය බව පෙන්වීමට දඟලන සොරුන්ගේ මූඪත්වය”-බුදු අම්මො කියන පට්ටපල් බොරු.ඔය වාක්යය ඈත්ත වෙන්නෙ මෙන්න මෙහෙම කිව්වම,
    “මට උවමනා උනෙ මගපලලාබින් කවුදෑයි සෙවිමට උත්සහදරන සත්යවාදින්ගෙ උත්සහය යටපත් කර මාර්ග පලලාබින් ඔක්කොම හොරු බව පෑවසිමටත් (ඉන් වක්රව සන්ගරත්නය හොරු වෙ ) පන්සල් වලට වෙලා චුන් එකෙ දෙශපාලනය කරන නිවන් මාර්ගයෙ පෑත්ත පාලාතකවත් නොයන අසරන ජනතාවගෙ දානය කමින් මෑරකම් කරන හොර ගෑනු දුසින් ගනන් තියාගෙන ඉන්න බුදුන්ටත් නෑති මහාචාර්යපට්ටම් ගෙන උගතුන් බව කියමින් සමාජයෙ කෑපි පෙනෙන්න උත්සහ දරන හොර චිවරදාරින්ගෙ පෑවෑත්ම ආරක්ශා කිරිමටයි.”

    2)සිතිවිලි මෙසෙ පවසයි.- “බන්දුල මල්ලිකාවගේ කථාව යොදා කී දෙය අනුවනම් කල යුත්තේ ඔබ කී පරිදි අඩුගානේ ප්රාඩෝවේ වීදුරුවක් බිඳ හදවතෙහි වෙගය මැනීමයිඑහෙත් බෞද්ධ සොයුරනෙ මේක විහිළුවට කියන කථාවක්, ප්රායෝගිකව අත්හදාබැලීමනම් බෞද්ධ කමට නොගැලපෙන්නක්.”- අනෙ අපොයි.ඔය කියන ප්රායොගික අත්හදා බෑලිම කෙතරම් නොගෑලපුනද ඔබලා හිස් මුදුනින් තබා ගෙන සිටින හොර මෑර කසිප්පු ගහන චිවරදාරින් විසින් මෙ වසරෙ ගාල්ල පොද්දල සිද්දියෙන් සහ ගියවසරෙ දෙහිවල සිරිසදහම් ආශ්‍රමය කඩා දමන්නට බිමත්ව චිවරදාරින් පෑමිනි අවස්තාවීද මටනම් හොද හෑටි මෑන ගෑනිමට හෑකි විය.එම සිදුවිම් වලින් පිටිදුවෙහිමිගෙ නිර්දොශිබාවය හා ශ්රෙශ්ටත්වය තවදුරටත් ඔප්පු උනෙ දෙව්දත් තෙරුන් නොසිටියෙනම් බුදුන්වහන්සෙගෙ ශ්රෙශ්ටත්වයද කිසිදා පසක් කර ගෑනිමට නොහෑකි වන බව සිහිපත් වෙමිනි.

    3)පිස්සා මෙසෙ පවසයි” අපිට මාර්ග ඵල ලාභියෝ හදුනාගන්න බෑ” -අනෙ අපොයි එ පාර ත්රිපිටක්යෙ පිරි ඉතිරි ගිය මාර්ගපලලාබින් හදුනා ගත හෑකි තෑන් ඔනෑ තරම් තිබියදි මෙවන් ප්රකාශයක් කිරිම ඔබට නොගෑලපෙන්නකි. සුසිම සුත්ර ඈතුලු ත්රිපිටකය ප්රතික්ශෙප කර කෙනෙකු කෙරෙ ඈති පෞද්ගලික තරහනිසා මෙ ප්රකාශයෙන් ඔබ ලෑජ්ජාවට පත් වන්නෙ අන්යාගමිකයන් පවසන ත්රිපිටකය බොරුයි යන මතයට හිස නෑමිම නිසාය.ත්රිපිටකය තුල සුසිම සුත්රය ඈතුලු බොහො තෑන් වල එවන් ස්තාන සදහන් වන්නෙ අනාගතයෙදි අසරන වන මිනිසුන්ට බොරු නොකරන මාර්ගපලලාබින් හදුනා ගෑනිමටමය.*මෙ පෑනයට පිලිතුරු දෙන්න.බුතයා පවසන පරිදි රහතුන්ගෙ මාර්ගපලය සහ රහත් බාවය බුදුන් පමනක් හොදින් දන්නෙ නම්ද අනෙක් අය එය නොදෑනගතයුතුයි නම්ද සුනාපරන්ත දෙශයට පුන්න රහතන්වහන්සෙ වෑඩම කිරිමට ප්රතමව බුදුන් පුන්නගෙන් සුනාපරන්ත වෑසියන් පුන්නට හිරිහෑර කලොත් පුන්න කරන්නෙ මොකක්දෑයි උන්වහන්සෙගෙ රහත්බව දෑන ගෙනත් ප්රශ්නකලෙ ඈයි??? උන්වහන්සෙ ගෑන කාට දෑනගන්නද එහෙම ඈහුවෙ?අනෙක් අතට බුදුන්ට අනුන්ගෙ සිත් කියවිමෙ න්යානයද පවති.
    4)පිස්සා මෙසෙ පවසයි.” අපිට මාර්ග ඵල ලාභියෝ හදුනාගන්න බෑ, නමුත් අපට යමෙකුට මාර්ග ඵල නැති බව නම් කිව හැකිය , මක් නිසාදයත් දස සංයෝජන යමෙකු තුල ඇති බව දැනගැනීම පෘතක්ජන ඕනෑම අයෙක් දන්නා බැවිනි- ” මෙකනම් හතර බිරි කතාවකි.ඔබගෙ වාක්ය දෙක එකිනෙකට විරුද්දය.ඔබට යමෙක් තුල දස සන්යොජන ඈති බව දෑන ගෙන ඔහු තුල මාර්ග පල නෑතෑයි කිව හෑකි බව කිව හෑකිනම් පෘතක්ජන ඔබට දස සන්යොජන කෙනෙක් තුල නෑතිනම් ඔහු මාර්ගපලලාබියෙක් බව කිව නොහෑක්කෙ ඈයි?????ඔබ ගෑනත් අනුකම්පා කරනවා ඈරෙන්න වෙන් මොනා කරාන්නද?
    5)පිස්සා මෙසෙ පවසයි-”සුසිමගේ ගේ කතාව මමද අසා ඇත,එහිදී මේ කතාව ගෙනහැර පෑ පුද්ගලයාට යමක් කීමට අමතක විය . එනම් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය හා අද ඇති වෙනස ඔව්න් නොදන්නා නිසාය “මෙ ප්රකාශයට අනුව පොඩි ලමයෙකු පවා දන්නා අකාලික උන ඔබලා හදුන්වන දර්මය ඔබලාගෙ විරුද්දවාදි තරහකරුවන් නිසා ඔබලා කාලින කර ඈති බව පෙනෙ.එනම් ඔබට අනුව සුසිම සුත්රය වලන්ගු වන්නෙ එදාටය.අදට නොවෙ.එනම් සතිපට්ටාන සුත්රයද?(බුදු අම්මො..)රතන,මන්ගල, ආදි උන ඔබලාගෙ දර්මය වලන්ගු වන්නෙ එදාටය.එනම් නිවනත් වලන්ගු එදාටය . එනම් බුද්ද දර්මයද වලන්ගු වන්නෙ එදාටය. අදට එය අවලන්ගු කාසියකි.ඩයස් ඔබ කොහෙද? මෙන්න ඔබ දින්නො…..

    6)පිස්සා මෙසෙද පවසයි.-”කෙසේ වෙතත් සුසීමගේ කතාව නිවැරදි කිරීම යෝග්ය යයි මම සිතමි . ( මා මෙය ශ්රවනය කලේ කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමින් වහන්සේගේ දර්ම දේශනාවක් අන්තර්ජාලයෙන් බාගත කරගෙනය” එ කියන්නෙ ත්රිපිටකයෙ තියන සුසිම සුත්රය බොරුයි කියන එකයි.එ කියන්නෙ දර්මය බොරු බවත් කටුකුරුන්ද හිමිගෙ දර්මය නිවෑරදි බවත්ය.අනෙක් අතට සන්ග වචනය බික්ශුන්ට අමතනවාමෙන් පෘතක්ජනයන් විසින් අර්ත විකුර්ති කර නිර්න්මානය කල සින්හල කටුකුරුන්ද හිමිගෙ සුසිම සුත්රය නිවෑරදි බවය.එ කියන්නෙ මෙක බොරුවක්.
    මොනා නෑතත් ඉතින් මෙතන ඉන්න තර්ක තොර පගරනෑට්ටන්ගෙ කතා වලට වඩා පිස්සා ඉදිරියෙන් සිටියි.ඔබ ඈතුලු මෙතන අසරනයන් ගෑනත් අනුකම්පා කරනවා ඈරෙන්න මොනා කරන්නද?

    Reply
    • boothayaa says:
      September 8, 2012 at 11:49 pm

      ගාල්ලේදී සමන්ට බඩ්ඩ තුමාගේ යානා වහන්සේට කරන ලද හානිය පිළිබඳ අපේ අවංක කණගාටුව සහ විරෝධයද පළ කරමු.

      මචන්,
      මේ දවස්වල සමන්ට බඩ්ඩ මොකද කරන්නෙ? තමුන්නාන්සෙලට මාර්ග පල ලබා දෙන්න දර්ම දේසනා හදනවාද? දැං කොයි හරියෙද උන්නැහෙ ඉන්නෙ?

      Reply
    • සිතුවිළි says:
      September 9, 2012 at 9:03 am

      ඈතුලාන්තය සොයුර,
      ඔබ විසින් අනෙකා වෙත පහර දීමේ මතවාදයෙන් මිදෙන්න, මා කියනා කරුන සම්පූර්ණයෙන්ම විකෘති අරුතකින් ගෙන පිළිතුරු දීම මා පිළිගන්නේ නැත.
      මා සමන්ත භද්‍රයන් හට පහර දෙන්නෙකු බවට පත් කරන්නේ ඔබගේ දැක්මයි.
      එහෙත් සත්ත්‍ය ලෙසම මා පිළිගත නොහැකි හෝ ගැටුම්කාරී පුද්ගලයින් නොතකා හිඳින්නෙකි.
      මාගේ අදහස තුලින් සමන්ත භද්‍රයන්හට පහර දුන් උන් මා අනුමත කලායැයි ඔබ මතුකර ගත්තේ කොතැනින්දැයි ඔබම පෙන්විය යුතුය.
      ගැටුමින් තොරව, පූර්වනිගමන වලින් තොරව ඔබට සාකච්චා කල නොහැකිනම් ඔබද හිස් ප්‍රලාප දොඩමින් අනුන්ගේ කාලය කා දමන්නෙකි මේ මා දකිනා හැටියි.

      Reply
    • පිස්සා says:
      September 9, 2012 at 11:25 am

      @ඇතුලාන්තය
      නොදන්නා දෙයක් දන්නා කෙනෙකුගෙන් දැනගැනීමට මම ලැජ්ජා නොවෙමි , ම මෙතෙක් කලක් දන සිටියේ අපට මාර්ගඵල ලාභීන් හඳුනාගැනීමට නොහැකි බවකි , යමෙක් තමන්ට මාර්ග ඵල ඇති බව කී පමණින් එය විස්වාස කිරීම නුඹද අනුමත නොකරනු ඇතැයි මම සිතමි , ලංකාවේ ප්‍රකාශ කිරීම තුලින් මාර්ග ඵල ලැබූ විශාල ගිහි පැවිදි පිරිසක් ඇති බව නුඹද දන්නවා ඇත.
      එමනිසා මොවුන්ගෙන් සබැ ලෙසම ඵලයක් ඇති අය හදුනාගැනීමට හැකි ආකාරය අප කෙරෙහි අනුකම්පාවෙන් පහදන්නේනම් මැනවි ?

      ii – ඩයස් ඔබ කොහෙද? මෙන්න ඔබ දින්නො…..
      මා R .Dias අසා තිබු ත්‍රිපිටකය විකුර්ති වීම පිළිබඳව පැනයට පිළිතුරු නොදුන්නේ එය විකුර්ති නොවූ බව පැවසීමට නොහැකි නිසා නොව , ඔහුට බුදුවරු ,රහතන්වහන්සේලා පිළිබඳව මුලික අවබෝධයක් වත් නැති බැවින් මා දෙන පිළිතුර ඔහුට වැඩක් නොවන නිසාය , අනික ඔහු ප්‍රශ්න නගනුයේ සබැ ලෙසම පිළිතුරු අපේක්ෂාවෙන් නොවන බව හැඟෙන නිසාය , පිළිතුරු දීමට ගොස් ඔහුගේ පොරත්වයට හානියක් කිරීමට මටද උවමනාවක් නැති නිසාය .

      Reply
  41. සුන්දරා says:
    September 9, 2012 at 8:58 am

    කිරිබත්ගොඩ මෙන්ටල් හාමුදුරුවෝ ශ්‍රද්දාවෙන් මිනිස්සු මත්කරනවා මිසක් ප්‍රඥාවට යන්න ඉඩක් දෙන්නේ නැහැ .
    එයා සියල්ල දන්නා එක්කෙනවගේ පෙන්නගෙන මිනිස්සුන්ගේ සල්ලි වලින් මාලිගා වගේ වෙහෙර විහාර හදල නූපන් අකුසල්
    උපද්දනවා .ජනතාව බුදු දහමට යොමු කිරීමයි වශීකිරීමයි කියන්නේ දෙකක් .මෙයා මිනිස්සුනට කියල මල් දාස්ගනන් පූජාකර කර
    රත්තරන් පාට ඉදිකිරීම් කර කර ප්‍රතිපත්ති ගරුක නොවන පවුකාර සල්ලිකාර ගිහි පැලැන්තියක් වශීකරගෙන එයත් මුලාවෙලා
    අනික් අයත් මුලා කරනවා .මතකනේ සොමවතියේ බුදුරැස් බලන්න ගිහින් ගංවතුර ගලල වෙච්ච දේ .මට හිතෙන්නේ සෝමාවතියේ
    වන්දනාකරන සමයක් දෘෂ්ටික දෙවිවරුන් මේවට කැමති නැති නිසා මෙහෙම වෙන්නත් පුළුවන් .කෙසේ වෙතත් දැන් රටේ අසත්පුරිෂයින් මර්දනය
    කිරීමේ දැවැන්ත ස්වාභාවික සංසිද්දියක් කාලය විසින් කිරියාත්මක වෙමින් පවතිනවා.
    සමහර බික්ෂූන් වහන්සේලා පන්සලේ දැවැන්ත ඉදිකිරීම් කරාට ඒවාට සල්ලි දීපු බවුද්දයෝ කොච්චර අදාර්මිකව ඒවා ඉපයුවාද කියල ගානක් වත් නැහැ .උත්සවවල
    දුදන දායක චන්දාලයින්ගේ ගුණ ගායනා කරලා සත්පුරිසයින්ගේ ආත්ම අභිමානය චිත්ත දහිරිය නැති කිරීම මහා පාප කර්මයක් . ශ්‍රද්ද චූන් එකේ වශීවෙලා ඉන්න මෙයාලට
    ඒවා මතක නැහැ .
    මේ දැවැන්ත ප්‍රහාරය හමුවේ මේවාට ගොදුරුවන පුද්ගලයින් හා ආයතන
    දිහා සුපරීක්ෂාවෙන් බලා දර්මය අවබෝද කරගතයුතුයි .

    Reply
  42. මාතර ආතර says:
    September 9, 2012 at 11:01 am

    @Joseph
    @සිතිවිලි

    අමා වැස්ස සහ බවතරණය නවකතා දෙකම,ඔබ දේපල කියවා තිබේද?

    Reply
  43. මාතර ආතර says:
    September 9, 2012 at 11:55 am

    @සිතිවිලි

    සිතිවිලි says ,”ඩයස් කියා ඇති පරිදි මාර්ටින් වික්‍රමසින්ංහයන් බෝසතුන් ගේ අධ්‍යාත්මය විග්‍රහ කර ඇති අයුරු විශිශ්ටය.එය මාගේ දැක්ම අවදි කල බව මා අවංකවම කියමි.””සිතිවිලි

    මෙයට උදාහරණ,බවතරණය පොතෙන් ගෙන,කෙටියෙන් දක්වනවානම්,පින්.

    මාද බවතරණය කියවුවත්,අමා වැස්ස කියවන විට තරම්,’එවන් සත්‍ය අවදි වන සුළු කම්පනයක්’මට ඇති නොවුනි.

    Reply
    • සිතුවිළි says:
      September 10, 2012 at 6:00 pm

      ඔබ හා සකච්චාවෙන් පසු සොයා බලන විට මාගේ අමා වැස්ස පොත අස්ථානගත වී ඇත. පොතක් සොයාගේන් නැවත කියවා ඔබට පිළිතුරු දෙන්නම්.
      සත්ත්‍ය ලෙසම අමාවැස්සෙන් හිතෙ කාවැදුනු දෙයක් සිහි නොවේ.

      Reply
  44. නියම සිංහ says:
    September 9, 2012 at 7:39 pm

    මාර්ග ඵල ලාබීන් ගැන කිව හැක්කේ තවත් මාර්ග ඵල ලාබියකුට පමනක් බවයි මගේ වැට හීම ඊට පෙර දහමට ඇතුල් වී මේ දොරටු වශයෙන් බුදු හිමියන් සඳහන් කර ඇත්තේ කුමක්ද තර්කයෙන් යමක් ජයගැනීම සත්යම පිලිගැනීම හො අවබොදයද?
    ඇරිස්ටොටල් ගේ රූපික තර්කය මත ගොඩ නැගී ඇති තර්ක ක්‍රමයෙන් සත්‍ය සේවිම හෝ වාද කිරීම අනුවන කමකි යුරොපයේ මුල් බැස ගත් මෙම තර්ක ක්‍රමය අද අසම් පූර්න ඇත්ත බොරුකරන බොරු ඇත්ත කරන ක්‍රමයක් බව මේ තර්ක ක්‍රමයේ අසාර බව දුටුවන්ගේ මතයයි
    ඔබ කවුරුත් වාගේ අසා ඇති බාගෙට වැසූ දොරක් බාගෙට ඇරී ඇත්නම් සම්පූර්නයෙන්ම වැසූ දොරක් සම්පූර්නයෙන්ම ඇර ඇතැයි යන කියමන අදාල වන්නේ මේ රූපික තර්ක ක්‍රමයටයි නොදැනුවත්ව හො දැනුවත්ව බොහෝ දෙනා භාවිතා කරන්නේ මේ ක්‍රමයයි
    නමුත් හේගේලියානු වාදය මෙම තර්ක ක්‍රමය ප්‍රතික්ෂේප කරයි ඒ වෙනුවට දයලෙක්තික වාදය හා දයලෙක්තික තර්ක ක්‍රමය ඉදිරි පත් කරයි මෙම දයලෙක්තික තර්ක ක්‍රමය තුලින් හිතුවිලි හා විඤඤානය විග්‍රහ කිරීමට හේගල් උත්සාහ කර ඇති බවත් මේ තුලින් හේතුඵල වාදයක් ඉදිරිපත් කරඇති බවත් පෙනේ
    බෞද්ද අපගේ තර්ක ක්‍රමයක් ඇතිද? ඇත්නම් එය කුමක්ද? ඒවා විමසා බැලීමෙන් ප්‍රෙයාජනයක් ඇතිද?

    Reply
    • මාතර ආතර says:
      September 10, 2012 at 11:54 am

      @නියම සිංහ

      දයලෙක්තික තර්ක ක්‍රමය,උදාහරණ දෙමින්,කෙටියෙන් පැහැදිලි කලොත් පින්.

      Reply
    • ඈතුලාන්තය says:
      September 10, 2012 at 1:51 pm

      මාර්ගපලලාබින් පිලිබදව 100%ක්ම කිව හෑක්කෙ තවත් මාර්ගපලලාබියෙක්ටම පමනි.

      Reply
      • boothayaa says:
        September 10, 2012 at 11:35 pm

        මේ අනුව නිගමනය කල යුත්තේ:
        1. (අප්පට)සිරි සමන්ට බද්‍ර තුමා මාර්ගපල ලාභියෙකු බව
        2. එතුමාට වෙනත් මාර්ගපල ලාභීන් (සිටී නම්) හඳුනා ගත හැකි බව
        3. ජනප්‍රිය මාර්ගපල ලාබීන් සති අන්ත පත්තරවලට ඉන්ටර්විව් ලබා දෙන බව
        4. 1 සහ 2 දෙකම හරි බව
        5. 1,2 සහ 3 තුනම හරි බව

        (ඇතුලාන්තය තුමාගේ හිත සැනසෙන පිළිතුරක් ලබාදෙන්නෙකුට සමන්ට බද්‍ර තුමාගේ මීලඟ උපන්දින කේක් ගෙඩියෙන් කෑල්ලක් එවනු ලැබේ.)

        Reply
      • පිස්සා says:
        September 11, 2012 at 1:21 pm

        —-පිස්සා මෙසෙ පවසයි” අපිට මාර්ග ඵල ලාභියෝ හදුනාගන්න බෑ” -අනෙ අපොයි එ පාර ත්රිපිටක්යෙ පිරි ඉතිරි ගිය මාර්ගපලලාබින් හදුනා ගත හෑකි තෑන් ඔනෑ තරම් තිබියදි මෙවන් ප්රකාශයක් කිරිම ඔබට නොගෑලපෙන්නකි—-

        අනේ හොඳ එක වගේ කියල දීපන්කො මට මාර්ග ඵල ලාබින් හදුනාගන්න ආකාරය ?

        Reply
  45. Joseph says:
    September 9, 2012 at 11:01 pm

    ආතර මාමේ,

    මම ඒ ලිපිය ඉතා හොඳ ලිපියක් යැයි කියන්නේ උන් වහන්සේ සමාධියෙන් අපායේ දුක් විඳින දෙව්දතුන් දුටු නිසා හෝ මව්පිය උපස්ථානය ගැන වර්ණනා කර ඇති නිසා හෝ නොවේ. ඒ මුළු ලිපියම අනිත්‍යය හා නිවීම අරමුණු කරගෙන ලියැවී ඇති නිසයි.
    http://www.divaina.com/2012/09/09/feature02.html

    උන් වහන්සේ දුටු නිසා අප දෙව්දතුන් අපායේ දුක් විඳින බව පිලි ගත යුතුද? නැත.
    — උන් වහන්සේ දුටුවේ කිඹුල් කටක් මෙන් විශාල කටක් ඇති කටින් ගිනි පිට කරන (චීන මකරෙක් වැනි) දෙව්දතෙකි. පැරණි පොත් වල විස්තර කෙරෙන්නේ අපායේ පොළොවට, වහලට (එවැනි දෙයක් ඇත්නම්), හා බිත්ති වලට සවි වී ගින්නෙන් දැවෙන මිනිස් රුවකි. මේ ගැන නොගැලපීම් ඇත. එය ගැටළුවක් නොවේ.

    ඔබ ‘මා පිය උපස්ථානය නමැති කිරි කලයට ගොම දැමුවා’ යැයි කියන්නේ මහලු මවගේ තනෙන් කිරි උරා බීම ගැන විය යුතුයි. එය ඉතා සංවේදී විස්තරයකි. මේ ක්‍රියාව කරන පුද්ගලයා මහණ වී නැත. බැඳීම් සහිතය. ඒ බැඳීම් වලට වහල් වී සිටී. ඔහුගේ අභිප්‍රාය සිය රෝගී මහළු මව සතුටින් තබා ගැනීමයි. දස මසක් සිය කුස දරා, වේදනාවෙන් වදා, ලේ කිරි කර පොවා, වසර ගණනක් කැත කුණු අත ගා තමන් හැදු වැඩු මෑණියන්ගේ තනය කටේ තබා ගැනීම කුණු හරපයක් ලෙස ඔබ දකින්නේද? පිටින් නොව තමන් තුලින් දකින්න. හඳගමගේ අක්ෂරය තුලින් නොව සිංහල බෞද්ධ පුතෙකු ලෙස දකින්න. මගේ නෙතට කඳුළු නැංවීමට ඒ සිද්ධිය සමත් වූ බව කීමට මට ලැජ්ජාවක් නැත. මගේ මහළු මවට මම වඳින විට ඈ මා වැළඳගෙන මුහුණ සිප ගන්නේ තවමත් මිට වසර තිස් ගණනකට පෙර කළ ආකාරයටමය. මා කොතරම් ලොකු වුවත් මගේ කෙස් ගස් කිහිපයක් සුදු වුවත් ඈට මා තවම ඇගේ පුංචි සුදු පුතාමය. මෙය ‘අමුම අමු මනෝ විකාරයක්’ක් ලෙස දකින ඔබ සොළොස් වියැති විශාකාව මිගාර මාතාව වීම පිලිබඳ පුවතට කෙසේ ප්‍රතිචාර දක්වයිද?

    කෙසේ වුවත්, මා ඒ ලිපිය ඉතා හොඳ යැයි කියන්නේ ඔය කරුණු දෙකින් එකක් නිසා හෝ නොවේ. උන් වහන්සේ පැවිදි වීමට පෙර කළ දේ හරි හෝ වැරදි යන විනිශ්චයකට පැමිණීම වැදගත් නැත. එසේම උන් වහන්සේ සමාධියෙන් දුටුවා යැයි කියන නිරි-සතා ගැන තර්ක විතර්ක කළ යුතුද නැත.

    උන් වහන්සේ මුළු ලිපිය පුරා රන් හුයක් දිවෙන සේ දිග හරින මේ ජීවිතය, සැප සම්පත්, මනුෂ්‍ය අවශ්‍යතා හා සම්බන්ධතා තුල ඇති අනිත්‍යතාව විනිවිද දැකීමයි අවශ්‍ය වන්නේ. මේ මුළු ලිපිය පුරා කියවෙන්නේ අප ගැනය. සැපක් යැයි අල්ලාගෙන සසර දුක් විඳින සත්වයා ගැනය. උන් වහන්සේ මේ බැඳීම් වලින් මිදී නිවීම සොයා යාම පිලිබඳවය. ඒ නිවීම අප තුලත් ඇති කර ගැනීම පිලිබඳවය. ඒ දෙය නුවනින් දැකීමට ඔබට හැකි වේවා.

    එසේම කහ කුරුල්ලන්, කසාවත් හැඳියන්, හා දේශපාලනය ගැන කතා කරන ‘පොර ටෝක්’ ලාටද සැබෑ බුද්ධ පුත්‍රයන් තවමත් වැඩ වෙසෙන බව මින් පසක් වේවා!

    පිස්සාට, නියමසිංහට, සිතුවිලිට (හා ඇතුලාංතෙට වුවත්) මේ ගැන විග්‍රහයක් සැපයිය හැකිනම් අගය කරමි.

    Reply
    • මාතර ආතර says:
      September 10, 2012 at 11:46 am

      @Joseph

      1.
      පෙර භව වල කල කරුම පඩිසන් දීම,නිරය,දෙව් ලොව,රුපාරුප බඹ ලොව වල් ,පුන භවත් සමග නැවත ඉපදීම ඇති මේ ඝෝර සසර,’සමාජයේ සමතුලිතතාවය’ විනාසවන-පස් පව් නොකරව් යනාදිය,බුදු කෙනෙකුන් මෙලොවට වැඩීමට පෙරත් ,අපේ කලෝ ප්රොපා තවමත් කියවා නොමැති,කලාම සුත්‍රයේ දෙවන භාගයේ සඳහන්-’මෙලොව සහ එලොව ගැන විශ්වාස කරන-භෞතික වාදී නොවූ වින්ගුන්ලා’ විසින් සමථ භාවනා වඩමින්,(ලෝක විනාශය ලඟා වනතෙක්)දේශනා කරමින් හිටියත්,(අනාගතෙදීද )එසේමය,කලින් හිටපු (මුලක් අගක් නොපෙනෙන සසර අනන්තයක් නිසා සන්ක්යාවෙන් ගිනිය නොහැකි තරම්) එක් බුදු කෙනෙකුන් දේශනා කල තිලකුණ සහ විදසුන පමණක් මෙලොවින් නැති වී යන කල එම තිලකුණ සහ විදසුන නැවත දේශනා කිරීමට නැවතත් බුදු කෙනෙකුන් පහල වේ.
      2.
      ‘සරල රේඛීය’ චින්තනය පදනම කර ගත,බටහිර විද්‍යාවේ කතන්දර කාලයක් යනවිට වෙනස් වුනත්,කවදත් වෙනස් නොවන එකම ‘චක්‍රීය කතන්දරේ’ මෙයයි.
      3.
      අපේ E W අදිකාරම් තුමාද,ජිද්දු ක්‍රිෂ්ණ මුර්ති තුමාද,කරුම පඩිසන් දෙන,නැවත ඉපදීමේ සසර ගැන සඳහන් බුදුබණ යනාදිය ගැන වචනයක් වත් නොදොඩා කලේ,මිනිසුන්ව වෙනත් මගින් විදසුනට ලඟා කරවීමක් කියා මට සිතේ.
      4.
      ප්‍රසිද්ධියේ පුවත් පතක පල නොකළ යුතුව තිබුන ප්‍රස්තුත ‘අඥාන සිද්ධිය’ හැරෙන්නට,විදසුන් වඩා ඇති මෙම හිමියන්ගේ තිලකුණ ගැන කරුණු ඉදිරිපත් කිරීමේ විලාසය ගැන මමද සතුටු වෙමි.යකාට,නියමසින්හට,=/? ට,පිස්සාට සහ සිතිවිලිට මා පිය උපස්ථානය නමැති කිරි සහ ‘තනේ ඉරීම නම් ගොම’ වෙන් කර ගැනුමට බුද්ධිය පහල වේවා.

      Reply
    • නියම සිංහ says:
      September 10, 2012 at 2:51 pm

      Joseph
      කවුරු මොනවා කීවත් මම ඔබ හා එකඟ වෙම් චේතනාවමයි කර්මය වන්නේ යහපත් චේතනාවෙන් කල යුතු දෙ හඳුනාගෙන සම්මුතියට යටවී නොකරන්නේ ඒ ප්‍රඤ්ඤා වන්ත නොවේ යයි මාගේ අදහසයි

      Reply
    • පිස්සා says:
      September 10, 2012 at 10:27 pm

      මේ හාමුදුරුවෝ කියන කියන දේ වල සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව මම කීමට නොදනිමි , උන් වහන්සේ නිර්නාමිකව සිට මේ දේ එළිදක්වන නිසා උන්වහන්සේ මෙමගින් කිසිදු ලෞකික ලාබයක් අපේක්ෂා නොකරන බව නම් කිව හැකිය , එම නිසා උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම මේ දේ ගෙනහැර පාන්නේයැයි සිතමි .
      වැදගත්ම දේ මෙම ස්වාමින්වහන්සේ අප සසරෙහි ගමන් කිරීමෙහි ඇති ආදීනව පෙන්වා දෙන ආකාරය ය . දෙවියෙකු උවද මෙම තත්වයන්ගෙන් මිදීමක් නැති බව දක්වන උන්වහන්සේ සතර අපායෙන් මිදිය යුතු බවද හඟවයි . එනම් ක්ෂණ සම්පත්තිය ලද අවස්තාවේ අවම වශයෙන් සෝවාන් ඵලයට වත් පත් විය යුතු බව කියා දෙන්නේ අපුරු ආකාරයෙනි . කෙසේ වෙතත් මෙම හිමියන් මවට සලකු ආකාරය පිළිබඳව කතා කිරීමට මම මැලි වෙමි . යම් ගිහියෙකුගේ හෝ පවිද්දෙකුගේ ක්‍රියා කලාපය පිළිබඳව මා විවේචනය කරනුයේ ඔහු ඒකාන්ත වශයෙන් දුස්සීලයෙකු බව දන්නේ නම් පමණි ( මිත්‍යා දුස්ටික ආගම් වල සිල්වතුන්ටද එසේමය ) . මොනයම් ආගමක වේවා සිල්වතුන්ට ගැරහීමෙන් ලැබෙන විපාක මහත් දුක පිණිසම වන්නේය යන විස්වාසය මට ඇත . එම නිසා ඒ ගැන කතා නොකිරීම අපට වැඩදායක බව සිතමි .

      Reply
      • සිතුවිළි says:
        September 11, 2012 at 8:24 am

        විවේචනය පිළිබඳ ඔබගේ අදහස එකහෙලා අනුමත කරමි

        Reply
  46. R.Dias says:
    September 10, 2012 at 11:59 am

    මාතර ආතර….බව තරණය කියවිය හෑකි අන්ත දෙකක් තිබෙනවා… එකක් එහි දක්වා ඈති පරිදි මනුශ්ය ආශාවන් මෑඩ පෑවත්වීම හේතුවෙන් ශරීරය තුල සිදුවෙනා ඉතා විශාල වෙනස් කම් ගෑන සිතමින්… දෙවනුව එම වෙනස් කම් බුදුන් දෙසූ දහම සමග ගෑඹුරු විග්‍රහයකට එලඹීමෙන්..එවිට අධ්යාත්මය ගෑන් කියා ඈතිදේ පහෑදිලි වනු ඈත…

    .බහුතරය මෙම කෘතිය පිටවූ කාලයේ මාර්ටින් වික්‍රමසින්හයන්ව හෑදින්වූයේ කුපාඩියෙක් ලෙසටයි..බොදු විරෝධියෙක් ලෙසටයි…..ඔවුන්ට නොවෑටහුනු කරුණක් නම් බව තරණය යනු නව කතාවක් නොවනා බවයි….අද දිනද එය එසේ වනු ඈත…

    Reply
  47. R.Dias says:
    September 10, 2012 at 12:57 pm

    @ජෝසප් ….මෙලොව බිහිවූ මනුශ්යා ..ළදරු ….තරුණ….මහළු යනුවෙන් අවධි තුනක් පසුකොට මරණයට පත්වේ…කෙනෙක් ළදරු ක්‍රියාකාරකම් තරුණ හෝ මහළු වියේ පිලිඹිබු කරන්නේ නම් ඔහු හෝ ඈය මානසික විකුර්තියකින් හෝ ආබාධයකින් පෙලෙන්නෙකු විය යුතුයි…

    එ අනුව උපස්ථාන කරනා මෙම තරුණයා මහළු මවගේ තනයෙන් කිරිඋරා බීම විකුර්තියක් ම වේ…එයට වඩා කෙසේද රෝගී මවට කිරි එරෙන්නේ..වියපත් පුද්ගලයින් දුටු විට…ඔබගේ මව ඔබව ආමන්ත්‍රණය කරනා ආකාරය සෙනෙහසින් වූවත් එය ඔබ ඈගේ තනයෙන් කිරි උරා බීමට යන තත්වයකට පත් නොවෙනා බව විශ්වාසයි…ඒය එසේනම් මානසික රෝහලක් වෙත යායුතුයි…

    පුරාණයේ සිටි ජනයාට මවු සෙනෙහස විදහා දෑක්වීමට කියා ඈති උපමා කතා අද එය එසේ සිදුවිනෑයි යන මතයේ සිට යථාර්තය විග්‍රහ කිරීමට යොදා ගෑනීම බුදුන්ගේ දහමට කරනා නිගාවකි..

    Reply
  48. ඈතුලාන්තය says:
    September 10, 2012 at 1:49 pm

    සුන්දරා මෙසෙ පවසයි-”සමහර බික්ෂූන් වහන්සේලා පන්සලේ දැවැන්ත ඉදිකිරීම් කරාට ඒවාට සල්ලි දීපු බවුද්දයෝ කොච්චර අදාර්මිකව ඒවා ඉපයුවාද කියල ගානක් වත් නැහැ” මෙ කතාවනම් පිලිගන්න අමාරුයි.එතකොට පියා මරා රජ උන අජාසත්ත රජතුමා බුදුදහමට උදව් කරන්න ගිහාම එ කාලෙ සන්ගරත්නය (මාර්ගපලලාබින් ) අජාසත්තට විරුද්ද උනා කියල මමනම් අහල නෑ.කවුරු කොච්චර වෑරදි කරල හම්බ කල දනය උනත් යහපත් දෙයකට යෙදවිමට ඉඩ දිය යුතුයි.එතකොටයි එම පුද්ගලයාට වලාකුලින් මිදුනු සද මෙ ලොකය බෑබලවිය හෑක්කෙ..

    Reply
    • boothaya says:
      September 10, 2012 at 3:21 pm

      දැං මෙතන සමන්ට බඩ්ඩ තුමා එහෙම අධර්මයෙන් හම්බ කළාය කියල කවුරුවත් කිව්වෙ නෑ නෙ ලොක්කා. පුහුල් හොරා කරෙන් දැනෙන එක වෙනම කතාවක්.

      Reply
  49. නියම සිංහ says:
    September 10, 2012 at 2:09 pm

    මාතර ආතර
    දයලෙක්තික වාදය බුදු දහම ඇසුරෙන් බිහිවූ බව එහි ස්භාවය තුලින් පෙනේ 18/19 සියවස් වලදී (මේ හේගල් ජීවත් වූ කාලයයි ) ජර්මනියේ දෙශපාලනය තුල බුදු දහමට ඉඩක් නොවීය මේ නිසා බුදු දහමේ අන්තර් ගතය හේගල්ගේ දර්ශනයට ඇතුලත් කර බුදු දහම ගැන සඳහන් නොකරන්නට ඇත මෙයට හේතුවන්නේ අනිත්‍ය වාදය හා හේතු ඵල වාදය මෙහි පදනම වීමයි
    Mathematical logic ගණිත තර්ක ක්රරමය Formal logic රූපික තර්ක ක්රනමය ඇතුලු සියලු තර්ක වල සොභාවය ගොඩ නැගී ඇත්තේ වෙනස් නොවන සරල රේකීය චින්තන රටාවකට අනුගතවය වෙනස් වන වෙනස්වීම නිසාම කාලය හා අවකාශය තුල පවතින ලොකයක් විග්‍රහ කිරීමට මේ තර්ක පොහොසත් නොවේ .
    උදා – මාතර ආතර දැන් වයසය දැන් ඉන්නේ දැනට අවුරුදු විස්සකට පෙර සිටි මාතර ආතරද කියා ඇසුවොත් මේ තර්ක තුලින් දෙන පිලිතුරු දෙස බලමු
    රූපික තර්කයෙන්- ඒ මාතර ආතර වේ හෝ නොවේ යන පිලිතුර ලැබෙනු ඇත වෙ යයි කියන පිලිතුර ගතහොත් අද සිටින මහලු මිනිසාම එදත් සිටියා වෙයි නොවේ යයි ගතහොත් මහල්ලාත් නැත තරුනයාත් නැත

    දයලෙක්තික තර්කයෙන් – ඒ මාතර ආතර වන අතරම නොවේ යන පිලිතුර ලැබෙනු ඇත මෙහි අදහස අද සිටින්නේද ඒ ආතරම වුවද වෙනස්වී ඇත යන්නයි

    බුදු දහමෙන් – ඒ අද සිටින මාතර ආතරත් නොවයි වෙනකෙනෙකුත් නොවෙයි (නච සෝ නච අඤඤෝ) ලෙස පිලිතුරු ලැබෙනු ඇත මේ උත්තරයද දයලෙක්තික පිලිතුරට බොහෝසේ සමාන වුවද දහමෙහි එන පිලිතුරෙහි සම්මුති සත්‍ය ,පරම සත්‍ය ,ක්ශනික මරනය, හේතුඵල දහම හා අනිත්‍ය දර්ශනය කැටි කොට ඇත

    මා නොදුටු මිතුරනි මගේ විග්‍රහය WAD බන්දුලගේ තර්කය හා යථාර්තය නම් ලිපිය ඇසුරෙන් කල බව සලකන්න
    ඔබගේ අදහස්ද මීට එකතු කරන්න

    Reply
    • Joseph says:
      September 10, 2012 at 3:32 pm

      මේවා ගැන මෙලෝ හසරක් මමනම් නොදනිමි. ඔබ කියන දෙයින් උගෙන ගැනීමට උත්සහ කරමි.

      පැරණි භාරතයේ වුයේ චතුස්කෝටික තර්ක ක්‍රමයයි.
      — true (ඇත)
      — false (නැත)
      — true & false (ඇත්තේද නැත්තේද වෙයි)
      — Neither true Nor false (නොම ඇත්තේද නොම නැත්තේද වෙයි)

      බුදු රජාණන් වහන්සේ සමහර කරුණු වලදී මේ චතුස්කෝටිකයම ප්‍රතික්ෂේප කර ඇති නිසා (උදා: තථාගතයාගේ මරණින් පසු තත්වය) එකී භාරතීය දර්ශන වලට චතුස්කෝටිකය ප්‍රමාණවත් වුවත් බුදු දහමට එය පවා ප්‍රමාණවත් නොවුන බව මට සිතේ.

      Reply
    • පිස්සා says:
      September 11, 2012 at 11:10 am

      @Joseph
      හොඳ වෙලාවට “සමහර කරුණු වලදී මේ චතුස්කෝටිකයම ප්‍රතික්ෂේප කර ඇති නිසා” කියල කිව්වේ , මම මෙපම කල් හිතන් හිටියේ චතුස්කොටික වලින් එපිට දෙයක් පැවසිය නොහැකි බවකි . LCN එකේදිම මම අයෙකුට මේගැන තදින් කියාසිටිය මතකය .ඔහු මෙහි comments පල නොකලද මෙම අඩවිය පරිහරණය කරන බව සිතමි . මේ “Anonymous one orig” ගෙන් ඒ පිළිබඳව සමාව ඉල්ලීමට කාලයයි .
      ස්තුතියි Joseph

      Reply
      • Joseph says:
        September 11, 2012 at 3:31 pm

        ඔව් … අප බොහෝ විට නොදන්නා කම නිසා සමහර ගැඹුරු කරුණු ගැන ඔය චතුස්කෝටිකයෙන් එකක් ගෙන වාද කරනවා. එහෙත් බුදු රජාණන් වහන්සේ පිළිතුරු නොදෙන අව්‍යාකෘත ප්‍රශ්න යනු චතුස්කෝටිකයට ගෝචර නොවන දේ බව මගේ අවබෝධයයි. මේ කාරණය, එනම් බුද්ධ ධර්මය චතුස්කෝටිකයට ගෝචර නොවන බව දැන ගැනීම ඉතා සුවිශේෂ දෙයක්. එය මා තුලනම් චින්තන විප්ලවයක් ඇති කළ බව පැවසිය හැකියි.

        ඇනෝ අන්කල් ගෙන් නම් ගන්න ගොඩක් දේ තිබුණා, ඒත් දැන් උන්නැහේ නෑනේ. මම හිතන්නේ ඒ අංකල්ට මාතර මාමගේ සහ අනෙක් පිරිසගේ ප්‍රහාරය සැර වැඩි උනා… පව්, සිංහලේ බේරා ගන්න හිටපු එකම යුග පුරුෂයා අපිට නැති උනා. උන්නැහේට නිවන් සුව පතමු.

        ඔබේ ස්තුතිය මා දිරි ගන්වන බවත් කියමි.

        Reply
        • මාතර ආතර says:
          September 12, 2012 at 12:05 pm

          @Joseph

          Joseph says”පව්, සිංහලේ බේරා ගන්න හිටපු එකම යුග පුරුෂයා Anonymous one orig අපිට නැති උනා”.Joseph

          1.
          ත්‍රිපිටකයේ සඳහන්-පළමුවන චතුරාර්ය සත්‍යයේ ඇතුලත් වන,පෙර භව වල කරන ලද කරුම මෙම භවයේ පඩිසන් දෙන හැටි දක්වන,බුදු බන වනාහි හින්දු කොපියක්ය කියා ලියපු,(දඹර අමිල හිමිත්,ප්‍රසිද්දියේ එහෙම අදහසක් ගම්‍ය වන්නක් කියපු බවක්,සිතිවිලි විසින් ,දඹර අමර හිමියන් කෙරේ ‘ක්‍රෝධයෙන් වෙලෙමින්’ LCN හි ලියා තිබුනා,නමුත්,මා නැරඹු u tube clip වල නම් එතුමන් එහෙම දෙයක් කියන්නේ නැතිය),
          2.
          මහගම සේකර මහාවන්සේ කියවා ලිවූ පරිදි,මේ ‘සිංහල-ථෙරවාදී බෞද්ධ-අපගේ රට’ බේර ගැනුමට,’පිළිම නෙලා නැති සිංහල විරුවන්’ සමග එකට අත්වැල් බැඳ නන්දිකඩාල් ගිය,ඒ කර්තව්‍යයට සිය දිවි පුද කල දෙමල /මුස්ලිම් විරුවන් ගේ නෑ පරපුර ඇතුළු, සියලු දෙමල සහ මුස්ලිමුන් මේ රටෙන් පන්න දැමිය යුතුය කියා ලියපු,
          3.
          බක තපස් රකින බද්දරලා විසින්,මේ රටේ සියලු සිංහලයන්ව ක්සනිකව නිවන් දක්වා,මේ රටේ සිංහල ජාතිය නැති කරනවාය කියා හුඹස් බියක් ඇති කරලීමට දඟලපු,
          4.
          බයිබලයේ රේඛීය චින්තනයට අනුරූපව,මුළු ලොවටම දැනුම සහ වෙදකම බිහි කලේ සිංහලයාය කියා අපව ගොනාට අන්දන්න හදපු,
          5.
          පල්ලි පිල්ලි අපේ ගම් වලට පැමිණ ‘ලෝකේ බේර ගන්න ජගතා ළඟදීම එනවා/වැරදි කරන එවුන්ට දඬුවම් දෙනවා ‘කියා මා කුඩා කල සිට අහපු ලෙස,”සින්හලයව බේර ගන්න දියසේන/හිරු කුමරා ළඟදීම පාත් වෙනවා/සිංහලයට වින කරන එවුන්ට දඬුවම් දෙනවා ” කියා ලනු දීපු,
          6.
          සිංහල බුදු සසුන ගැන සඳහන් මහාවන්සේ අමුම අමු කෙප්පයක්ය කියා ලියපු,
          7.
          ‘මන් වගේ බුලත් නැටි විතරක් කාපල්ලා-ගුණයි,බුලත් කොලේ කෑවොත් මුක්හේ තුවාල වෙලා පිලික හැදෙන්න පුළුවන්ය’ කියා ලනු දීපු

          Anonymous one orig ගැන උඹ ලියා ඇති වදන් දුටු
          විට උඹත් ලනු කන්නෙක් දැයි
          වික්ෂ්ප්ත වුනෙමි.

        • =/? says:
          September 12, 2012 at 6:57 pm

          ඒ විතරක් නෙවෙයි බන්,
          කාමගින්න=දරු ගින්න
          සිංහලයා =දමිලයා
          මව්පියන්ට වැඩිහිටි නිවාස
          අනාගමික ලක්බිමක් හැදීම
          එහෙමත් ඇනෝගේ අභිලාශ වුනා. අනේ මන්ද උඹලට මක්ක උගෙන් අරන් ඉගෙන ගන්නට තුබුනද කියා.ඌට ඕන කලේ ප්‍රසිද්ධිය-හොඳින් හෝ නරකින්-බලන් ගියාම උගේ පැතුමත් ඉෂ්ට වෙලා මොකද ජෝසප්+පිස්සා+මාතර ආතර හෙම උගේ ගුණ වයන්නට ගත්ත නොව!බොලාට මොකැයි මේ උනේ?

      • සිතුවිළි says:
        September 11, 2012 at 10:45 pm

        පිස්සා ජෝසප්,
        චතුශ් කෝටික යනු සතර කොන යැයි කීවොත් හරිද?

        Reply
      • මාතර ආතර says:
        September 12, 2012 at 12:11 pm

        @පිස්සා

        Anonymous orig one ගෙන් සමාව ඉල්ලන්නන ඕන,උඹ ඌට කල,කිනම් වරදකටද කියා කෙටියෙන් පැහැදිලි කළා නම්?

        Reply
        • පිස්සා says:
          September 12, 2012 at 1:41 pm

          මා දිනෙක “ජේසු වහන්සේ මළවුන්ගෙන් නැගිට්ටේ නැතැයි මම නොකියමි ” ලෙස කල ප්‍රකාශයක් ගෙන ඇනෝ විසින් “ඇත්තටම උඹ ජේසුස් මළවුන්ගෙන් නැගිට්ට කියා පිළිගන්නේදැයි ?” අසනලදී . එවිට මා ඔහුට බැණ වැදුනේ බුදු දහමේ චතුස්කෝටික කියා දෙයක් ඇති බවත් එය උගෙන අන්ත වලට නොවැටී මැද නොතැවරී මද්යම ප්‍රතිපදාව පුරුදු කරන ලෙසය . මා සමාව ගත්තේ “චතුස්කෝටික බුදුදහමට අයත් දෙයක් ” ලෙස හැඟවූ ප්‍රකාශයටය .

  50. නියම සිංහ says:
    September 10, 2012 at 3:00 pm

    විඤ්ඤූන්ට කල හැකි දෙයක් ඇතිද? එසේ ඇතැයි මට සිතේ මේ සඳහා ඔක්කන්ති සංයුතියේ ස්කන්ධ සූත්‍රය හදාරන්න බොහො අය මේ ගැන විග්‍රහ ඉදිරි පත්කර ඇත ඒව නිවැරදි නොවන බවයි මගේ අදහස මේවා දහමට ඇතුලුවන තොටුපලවල් ලෙසත් මේවා නුවනින් විමසා බලා තේරුම් ගතයුතු බවත් බුදු හිමියන් අනු දැන වදාරා ඇත.

    Reply
  51. =/? says:
    September 10, 2012 at 4:07 pm

    දිනේ පටන් මා උපන්න- ඔබ විඳි දුක් බැහැ කියන්න
    දොහොත් මුදුන් තබා මෙන්න- වඳිමි අම්මේ/වඳිමි තාත්තේ පව් ගෙවන්න

    අඬන කලට මා නලවා-ආදරයෙන් නිදිකෙරුවා
    කැත කුණු මගේ අතගෑවා -අම්මේ ඔබ/තාත්තේ ඔබ බුදු වේවා

    ජීවිතේ ජය ගන්නට ‘දියුණුව’ වෙත හැලහොල්මනක් නැතිව යන ගමනේදී අපි අමතක කරන්නට දඟලන/ඕනෑකමින්ම නොදැක්ක ගානට ඉන්න බොහෝ දේවල් අතරෙන් මේ වගකීම්/යුතුකම් පෙරමුණ ගන්නවා- මෙය පරාජයට හේතුවක්/අපේ වින්නැහියට හේතුවක් කියල තේරෙන කොට තව පරම්පරා ගණනාවක් විනාශ වෙලා ඉවරයි. මේ ඉරිදා දිවයිනේ තිබුණු ලිපිය ඉලක්ක කලේ මේ පුස් ගමන් මඟ අඳුන ගෙන වගකීම් යුතුකම් අඳුන ගන්න කියන එකයි.බොහොම අර්ථවත් ලිපියක්-අපුරුවට ගොනු කරලා තිබ්බ අම්මගේ ආදරේට පුතෙකුගෙන් ලැබුණු ආදරය.තමන්ගේ දරුවාගේ කිරි සුවඳත්, සුමුදු අත පයත්,මොළකැටි සිනාවත් අම්ම කෙනෙකුගේ හිතේ රැදෙන්නේ ජීවිතය පුරාවටම.තමන්ගේ දරුවා හැඩි දැඩි තරුණයෙක් වුනත් ඒ ආදරය නැවතෙන්නේ අර කිරි දරුවා ළඟ. උනුහුමට තුරුළු වෙලා එකම දේ පනස් පාරක් ඇහුවත් හිනාවෙලා උත්තර දෙන්න පුළුවන් වෙන්නෙත් අම්මට විතරයි. කැත කුණු අත ගාන්න මේ අම්මට මුඛ ආවරණ දාන්න ඕන නැහැ-’නවීන මමාල’ඉන්නවා මුඛ ආවරණ දා ගෙන ඒ වැඩ කරන!කොහෙද?-අපේ ලංකාවේ! උන්ට ඔක්කරේ එනවාලු දරුවාගේ කක්ක සුවඳට! (අතිශයෝක්තියක් නෙවෙයි-දැක ඇත්තෙමි) මුන්ට ‘මමා’ කියලා තමයි කතා කරන්නම වටින්නේ.

    සැබෑ අම්ම කෙනෙකුන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට තරම් හිත හැදෙනවා කියන්නේ දරුවා ඒ ආදරෙන් උපරිම පල ලබා ගත්ත කියන එක. මේ ලිපිය එක එල්ලේ කියවන කොට මට පසක් වුනේ ඒ ටිකමයි. නුමුත්, අපි වියපත් වන විට කල යුතු නොකළ යුතු දේ තේරුම් ගැනෙනවා නම්-උන් වහන්සේ කල දේ හරි හෝ වැරදි යයි කියන්නට මම කව්ද! හැබැයි, වැහැරුණු ඒ ආදරබර අම්මගේ තනපුඩුවේ එල්ලීම ගැන නොලිය හිටියා නම්…! කියා එය කියවූ දෙතුන් වරම හිතුනු බව නම් කිව යුතුය. සැබෑ අම්ම කෙනෙකුට ඉව තියෙනවා-සැබෑ ආදරය දැනෙනවා ඒ දරුවා අම්ම වෙනුවෙන් කරන සත්කාර/උපස්ථාන/කැප කිරීම තුලින්. මම ජීවිතේ ලැබුවේ මගේ අම්මගෙන්, ජීවිතේ අනිත්‍ය ඉගෙන ගත්තෙත් මගේ අම්මගෙන්. සැබෑ ආදරය/බැඳීම වදන් වලට සීමා නොවී ආදර්ශයක් වුයේද මගේ අම්මාය. මගේ දේවියගෙන් දෙවන වරට මව් අගය දුටුවෙමි. පරම්පරා එනවා යනවා- මේ ආදරය මගේ දරුවන් තුලින් හෙට දවසට ආශිර්වාදයක් වුනොත් එය මම මගේ අම්ම පිදීමට උපකාර කර ගනිමි.

    මේ සම්බන්ධයෙන් කෙස් නොඉර ඉමුද- ජෝසප්,මාතර ආතර?
    පැවිදි රුවනට වචන පාවිච්චිය ප්‍රවේසමෙන් R.Dias!

    Reply
    • කල්යානි says:
      September 10, 2012 at 5:52 pm

      මොන මල කෝලම් කතාවක් ද කියල තියෙන්නේ අනේ?මන් නම් පංච කල්යානියක් නොවුනට ඔලුවේ හිසකේ ඔක්කොම පැහුනත් ඩයි ගා ගෙන පන්සල් ගොස් අනිච්චේ දුක්කේ අනාත්මේ කියා භාවනා කරන්නේ වත් අපේ අම්ම සැනසීමටය කියා ඇය ඔත්පලව සිටින විට……

      මගේ මිනිහට ඕව කරන්න දෙන්නෙත් නෑ.මමම නන්දම්මව නාවනවා.

      Reply
      • =/? says:
        September 10, 2012 at 8:37 pm

        කල්‍යාණි නංගියේ,උඹ මෝස්තරේට සුදු වෙන කොණ්ඩේ ඩයි පුරෝ ගෙන, මිනි මස් කාපු ගානට අතයි,කටයි රතු කර ගෙන ‘භාවනා කරන්නට/දහම් සාකච්චා කරන්නටය’ කියා ‘ක්ලික්’ එකක් හදන් අර ආරමෙට/මේ ආරමෙට නොයන එකට ගරු කරමි. උඹේ නැන්දම්මව ආදරෙන් බලා ගනින්-එයම තමයි ගිහියන්ට සිඟාලෝවාද සුතුරෙන් කියන්නෙත්. උඹට හරි දේ කරන්නට ඇති නුවන ගැන සතුටු වෙමි. හැබැයි, උන් වහන්සේගේ මේ ලිපිය අරුත්බරයි-ඒක අමතක කරන්න එපා. අවශ්‍ය නැති කොටහ අල්ලලා විසි කරපන්-දෙවරක් නොහිත. මාධ්‍යකරුවෙකුට මනා නුවනක් අවැසි වේ-ඔහුට ඇති කාර්ය බාර්ය හරි හැටි හඳුනා නොගැනීම හේතුවෙන් මේ පැනය හට ගත් බවක් මට දැනේ. අපි මේ ඉන්නේ පොල් කිරි දාල හදපු රස වැන්ජනේට,පොල් තෙල් බෝතල් කාලක් විතර දාල තෙම්පරාදුත් කරල ‘රසයි’ කියල කියන්න බලා ගෙන ඉන්න මී හරක් යුගයකය!

        Reply
        • කල්‍යාණි says:
          September 10, 2012 at 11:35 pm

          =/?
          අනේ යනවල යන්න ඔයාල නම් කියයි.මන් අම්මව සෝදලා පිරිසිදු කරන කොට අම්මව සනසන්න කියල ඔය වැඩේ කරොත් ඔයාල කියයි මන් හරිම ‘ආප්ප කාරියෙක්’ නේ පරණ පුරුද්ද නැති කර ගන්න බෑනේ කියල.මන් දන්නේ නැද්ද ඔයාලගේ කටවල්.

  52. කල්යානි says:
    September 10, 2012 at 5:53 pm

    මොන මල කෝලම් කතාවක් ද කියල තියෙන්නේ අනේ?මන් නම් පංච කල්යානියක් නොවුනට ඔලුවේ හිසකේ ඔක්කොම පැහුනත් ඩයි ගා ගෙන පන්සල් ගොස් අනිච්චේ දුක්කේ අනාත්මේ කියා භාවනා කරන්නේ වත් අපේ අම්ම සැනසීමටය කියා ඇය ඔත්පලව සිටින විට………..!!!

    මගේ මිනිහට ඕව කරන්න දෙන්නෙත් නෑ,මමම නන්දම්මව නාවනවා.

    Reply
    • සිතුවිළි says:
      September 10, 2012 at 6:40 pm

      සොයුරිය, ඔබට එය කල හැකිනම් ඔබ බොහෝ කුසල් රැස් කිරීමට වාසනාව ලද්දියක්. එහෙත් ඔබ නැන්දම්මාට උවටැන් කිරීමේ අරමුන මෙහි කියා අති දේනම් ඔබ කෙතරම් අවාසනාවන්තියක්ද?

      එකම ක්‍රියාව වෙනස් අරමුනු නිසා වෙනස් පල ලබාදෙන බව සිහි තබාගෙන වඩා යහපත් පල ලබා දෙන ලෙස ක්‍රියාවෙහි නිරත වන්න.
      ජෝසප් කියනා පරිදි හඳගමගේ අක්ෂරය මානසිකත්වයෙන් මෙය නොකියවන්න. ඔබ සසල කල සිදුවීම පසෙක ලා කථාවේ හරය ගන්න.

      තම මව පියා ලෙස සලකා නැන්දම්මාට මාමාටත් සලකන්න. එයත් කුසල් රැස්කිරීමට හොඳ මගක්.

      Reply
      • කල්‍යාණි says:
        September 10, 2012 at 11:31 pm

        =/?
        අනේ යනවල යන්න ඔයාල නම් කියයි.මන් අම්මව සෝදලා පිරිසිදු කරන කොට අම්මව සනසන්න කියල ඔය වැඩේ කරොත් ඔයාල කියයි මන් හරිම ‘ආප්ප කාරියෙක්’ නේ පරණ පුරුද්ද නැති කර ගන්න බෑනේ කියල.මන් දන්නේ නැද්ද ඔයාලගේ කටවල්.

        Reply
  53. සිතුවිළි says:
    September 10, 2012 at 6:32 pm

    ජෝසප් සොයුර,

    http://www.divaina.com/2012/09/09/feature02.html

    ඔබ පලකර ඇති ලිපිය කියවීමට කාලය ලැබුනේ දැනුයි.
    මා දුටු හැටියට ඉතා සංවේදී අයුරින් ලියූ ගඹුරු දහම් කතිකාවතක්.

    එතරම් මවට ආදරය කරන දරුවාගේ ප්‍රාර්ථනය “මේ මව මෙතරම් දුකක් නම් තවත් මවක් මේ සසරෙහිදී එපා”.

    “මව මරනයෙන් ගැලවුනේ මාගේ සත්‍යක්‍රියාව නිසා නොව, කුසල් රැස් කිරීමට තිබූ කුසලය නිසායි, අනිත්‍යය අවබෝධයට කමටහනක් අවැසිව තිබූනිසායි”

    මා ලියූ වචන ලිපියේ වචනම නොවිය හැකියි, එහෙත් මා ඒ දුටුවේ එලෙසයි.
    දවස පුරාම පරිගනකය හා සිටින මට පරිගනක තිරය දෙස බලාගෙන ඇසට කඳුලක් නැගුනි, සිතෙ සංවේගයක් ඇතිවූ බවක් නොවැටහුනද ඒ කඳුලට හේතුව පරිගනක තිරය දෙස එක එල්ලේ බලා සිටීමමදැයි පැහැදිලි නොවුනි.

    නැවත වරක් ඉතා සාවදානයෙන් කියවුවහොත් තවත් අයුරකින් අවබෝද විය හැකි ලිපියකැයි සිතේ.

    මෙවැනි දේ සොයා පලකරනවාටත් එය කියවීමට අප පොළඹවනවාටත් ජෝසප් සොයුර ඔබට පින්.

    Reply
  54. =/? says:
    September 11, 2012 at 12:12 am

    ගොන් නෑම්බියේ,(මීට කලින්”කල්‍යාණි නංගියේ” කියල මොකට උඹව ඇමතුවාද මන්ද!)පුස් වාද නොකර හිටිං.උඹ සැකයේ බීජය වපුරලා පුළුවන් නම් උඹේ කසාදෙත් දික් කර ගනින්-ගෙදර මනුස්සය උගේ අම්ම බලන්න කියල මහ ගෙදර යන කොට පස්සෙන් එල්ලිලා ගිහින්!මම කිසිවිටෙකවත් කතුන්ගේ නුවන හැඳි මිටේ දිගට සම නොකරන්නට වග බලා ගත්තත් ඔන්න උඹට නම් කිව්වා කියල හිතා ගන්!

    Reply
    • සිතුවිළි says:
      September 11, 2012 at 8:20 am

      සොයුර කල්‍යානි නමින් ලියන්නා මනෝ ව්‍යාදියකින් පෙලෙන ගැහැනු නමකින් පෙනී සිටින පිරිමියෙකු යැයි හුදු භාශාවිලාශයෙන්ම සිතමි.
      මෙවන් වැදගත් සාකච්චාවක් තුල මෙවැන්නන්ට පිළිතුරු දීමෙන් වලකින්න. මෙවැන්නන් නිසා හරවත්ව සාකච්චාවේ යෙදෙනවුන් සකච්චාව හැර යාවි.

      Reply
      • මාතර ආතර says:
        September 11, 2012 at 12:17 pm

        @කල්‍යාණි

        පන්සලට ගියාම (මගේ ඇරෙන්න) වයසක උදවියගේ මා දකින,99% ක්ම මා පිළිගන්න,උඹ ලියල තියෙන උඹේ ඔලුවේ ඩයි දාන කතාව ඇරෙන්න,අනික්වා ගැන නම් මට කියන්න තියෙන්නේ,වහාම අංගොඩ ගොහින් උඹේ ඔලුව පරීක්ෂා කර ගනින් කියල විතරයි.

        Reply
      • =/? says:
        September 11, 2012 at 2:13 pm

        සිතුවිළි,මටද එය නොතේරුනා නොවේ-නුමුත්,’ඔහුඇය’පෙන්නු පැත්තත් ඇත්තේය.විශේෂයෙන් පත්තරයකට ලියන කොට ඒ මාධ්‍යවේදියා ආමන්ත්‍රනය කරන්නේ පුළුල් දැනුමැති ලොවකට විතරක් නොවන බව මින් දැනුනා නොවේද? ඉතින් ලියන හැම වචනයක්ම විමසිල්ලෙන් තෝරා ලිවිය යුතු වන්නේය. අද නැත්තේද ඒ සදාචාරය යයි මට සිතේ. පොඩි එකා සන්ධියේ අප්පච්චි සීනි/හකුරු/ගොරක ටිකක් හෙම ඔතන් එන පත්තර කෑලි ප්‍රවේසමෙන් දිග ඇර ගෙන වචනයක් නෑර කියෙව් යුගයක් මට තිබිණි.කඩේ මුදලාලිත් තෝරා බේරා පත්තර කෑලි කර බඩු එතුවාද කියා මා නොදත්තත්,එකල නම් මගේ හිත පෑරු අයුරින් මා වික්ෂිප්ත කර ලියවුනු දෙයක් එහි ගැබ් වී නොතිබුන බව නම් මතකය.

        මේ අරුත්බර වටිනා ලියුම ඇති පත්තර කරදහිය බැරි වෙලාවකවත් බඩුවක් ඔතා පොඩි දරුවෙකුගේ (අද පොඩි දරුවන් බොහොම ‘කාරනා කටයුතු සම්බන්ධයෙන්’ දැනුමත්තෝය-මාධ්‍යට පින්සිදු වෙන්න!) අතට ගියේ නම්, ඔහුත් දිග ඇර ගෙන එය කියෙව්වේ නම්…! අනේ බන් සිතුවිළි, ඒ වගකීම බාර ගන්නේ කව්රුහුද? මාධ්‍යවේදියා අත ඇත්තේ භාර ධුර්ය කර්තව්‍යකි! අපි කොමෙන්ටුවෝ වුවත් අපටත් ඇත්තේ වගකීමක්.

        Reply
        • සිතුවිළි says:
          September 11, 2012 at 3:02 pm

          =/? සොයුර,
          ඔබ කියන්න සහතික ඇත්තය. මෙය කියවන අපට එවැනි අභව්‍ය හෝ නොවිය යුතුව තුබුනු කරුනක් මගහැර කථාවේ වඩාත් හරවත් කොටස ගෙන සාකච්චා කල හැක. එහෙත් ලියැවී මුද්‍රිතව ඇති අභව්‍ය සංසිද්ධිය සැම විට අතට පත් වන්නේ මුහුකුරා ගිය අදහස් ඇත්තන් අතටම නොවන බවට අප අවධිකිරීමට කල්‍යානි නමැත්තිය/ නමැත්තා සමත් වූ බවනම් සත්ත්‍යයකි.
          කථාවක් කියන්නා කෙසේ කීවද, ප්‍රසිද්ධ මාද්‍යයකට ලියන්නා සතුව යම් කිසි විචාරයක් තිබිය යුතුය.

        • කල්‍යාණි says:
          September 12, 2012 at 3:10 am

          මාතර ආතර

          අමාරුවක් තියෙනවනම් ඔයා යන්න අංගොඩ මට නම් එන්න බෑ.ඕව මොන කෝලන්ද මෙයා?ඕගොල්ලෝ ලෝකෙත් එක්ක ඉස්සරහට යන්නේ නැතිව තවමත් පසුගාමී මානිසිකත්වයක නේ ඉන්නේ.දැන් බලන්න ඇමෙරිකාවේ සම ලිංගික විවාහ වලට ඉඩ දෙනවා.ඊට පස්සේ ඒ ගොල්ලන්ට ළමයි ඕනමනන් අනාත කරපු කිරි සප්පයෙක්ව චූටි කලේ ඉඳල හරක් කිරි දීල adopt කරන්න පුළුවන්.ඒ ගොල්ල නාකි වුනාම ඒ අයව නාවන්නේ වෙනම සේවිකාවෝ.එතකොට පොඩිකාලේ බීපු හරක් කිරි මතක් වෙලා ඔය අනවශ්‍ය ප්‍රශ්න මතු වෙන්නේ නෑනේ මෙයා.

        • මාතර ආතර says:
          September 12, 2012 at 9:21 am

          @කල්‍යාණි,

          උඹල පටවන්න ඕන ඇමෙරිකාවටම තමයි.අපේ ‘හණමිටිය-එක තැන පල් වෙනවය’කියල උඹලට පේන සින්ගාලොවාද සුත්‍රය වගේ බන අපට හොඳයි.උඹ එහෙ ගොහින් ඉදිරියටම පල.

          හරක් කිරි විතරක් බීලද කොහෙද හැදුන ගොන් මැට්ටියේ,උඹට හොඳවැන් ලුණු ඇඹුල් ඇතිව,දෙකක් ලීමට Joseph ට භාර කරමි.

        • සිතුවිළි says:
          September 12, 2012 at 11:12 am

          වැදූ මව අනිත්‍ය අවබෝධයට කමටහනක් උනා සේ, මේකිවත් අනිත්‍ය මෙනෙහි කිරීමට යොදා ගනිමු සහෝදරයා.

      • =/? says:
        September 12, 2012 at 2:39 pm

        කල්‍යාණි,උඹ ඒ කාලේ නෙස්ප්‍රේ වෙළඳ දැන්වීමේ හිටියද- හරක් කිරි බීල හැදුන සුදු රැවුල පිහින්න ඇත්තේ උඹ වෙන්න ඕන!
        නොදොකින්..එක තැන පල් නොවෙන්න කියලද හරක් කිරි බීල/ඉපදුන ගමන් ළමයි ගාල් වලට දාල/වැඩිහිටි නිවාස හදල /අපේ සිංහල බොදු සිරිත් විරිත් වලට විරිත්තල/තුන්කාල් ඇඳන්/දුම් වැටි උරන්……උඹ බටහිර වන්දනා කරන්නේ හම්බ කරපු තුට්ටු දෙක දීල? නියමයි-දැන් බටහිර වෙළෙන්දෝ උඹට හරිම ආලේ ඇති! පල එහෙටම.

        Reply
  55. මාතර ආතර says:
    September 11, 2012 at 9:43 am

    @සිතිවිලි

    බවතරණය පොතෙන් උපුට ගෙන,ඔබගේ පහත සඳහන් ලියවිල්ල පැහැදිලි කිරීමට උදාහරණ,කෙටියෙන් ලීවොත්,පින්.

    සිතිවිලි says ,”ඩයස් කියා ඇති පරිදි මාර්ටින් වික්‍රමසින්ංහයන් බෝසතුන් ගේ අධ්‍යාත්මය විග්‍රහ කර ඇති අයුරු විශිශ්ටය.එය මාගේ දැක්ම අවදි කල බව මා අවංකවම කියමි.””සිතිවිලි

    මා මෙසේ ඉල්ලා සිටිනුයේ එම පොත කියවීමෙන් මගේ දැක්මේ කිසිම අවදී බවක් එකල නොවුන නිසාය.

    Reply
    • සිතුවිළි says:
      September 11, 2012 at 3:41 pm

      ආතර අයියේ, ඒකට උත්තරේ හැටියට මට මුළු පොතම මෙතැන ලියන්න වෙයි වගේ, දැං මං මොකද කොරන්නේ?

      Reply
      • =/? says:
        September 11, 2012 at 8:26 pm

        ඈ බන්,උඹ අපේ නියම සිතුවිළි නෙවෙයි නේද, තව ටිකක් දිගට ලියපන් බලන්න.

        Reply
      • සිතුවිළි says:
        September 11, 2012 at 10:40 pm

        =/?,
        භාශා විලාශය පොඩ්ඩක් වෙනස් කරලා ලියන්නහිතුනා, පෙනෙන විද්යට ඔබ තුමන්ලා ඉතා විමර්ශනශීලියි. පොඩි වෙනසත් ක්ශනයකින් ග්‍රහනය කරගන්නවා.

        Reply
      • මාතර ආතර says:
        September 12, 2012 at 9:11 am

        @සිතිවිලි

        බවතරණය පොතේ ‘ආලෝකෝ උදපාදි’ වන
        ඔබට කම්පනයක් ඇති කල,
        අමතක නොවන වාක්‍ය කීපයක් පමණක්
        ලීවම ඇති.

        Reply
  56. මාතර ආතර says:
    September 11, 2012 at 10:19 am

    @නියම සිංහ
    @Joseph
    1.
    ථෙරවාදී බුදු දහමට අනුව,සෑම ක්සනයක්/මොහොතක් පාසා වෙනස් වන අනිත්‍ය දහමට අයත්,නාම සහ සතර මහා භූතයන්ගෙන් සෑදුන රූප ඇතුලත් වන/සියලු සන්සාකර ධර්මයන්ගෙන් සෑදුන සහ පෙර භව වල කරන ලද කරුම නිසා දැන් ‘පරිප්පු කන්නා’ වූ, මේ ක්සනයේ/මොහොතේ කොටන ‘මාතර ආතර,’මේ ක්සනයට/මොහොතකට පෙර සිටි ‘මාතර ආතර’ නම් නොම වෙයි.
    2.
    නමුත්,එම ක්සනයේ/මොහොතේ සිතමතා කරනලද කුසලාකුසල වලට,මේ ක්සනයේ/මොහොතේ වගකිව යුත්තේ ද ‘මාතර ආතරම’මිස,වෙන කෙනෙක්ද නොවන නිසා,මේ වෙන කෙනෙක් ද නොම වෙයි.
    3.
    ‘මාතර ආතර’ මේ ක්සනයේ/මොහොතේ,බැරි වෙලාවක් වත් ‘කූරිය ගැසුවොත්’,ඊළඟ ක්සනයේ/මොහොතේ,’මාතර ආතර’ ද නොවන,වෙනත් කෙනෙකුද නොවන ලෙස (කවදා හෝ නිවන් අවබෝධ වන තෙක්),මේ ක්සනය / මොහොත වන තෙක් ‘ආයෝජනය කරගත්’ කුසලාකුසල කරුම වලට අනුව,ඕපපාතිකව/යක්ෂ/ප්‍රේත/කුම්භාණ්ඩ/නිරයේ/(තිරිසන්/මිනිස්)/දෙවි හෝ රූපාරූප බඹ ලොව වල,ඊළඟ භවය ලබයි.

    ඉහත සඳහන් ප්‍රකාශ සංගත වන්නේ කුමන තර්ක ක්‍රමයකටද?

    Reply
    • =/? says:
      September 11, 2012 at 2:19 pm

      මාතර ආතර, කිසිම තර්කයකට එය අයිති නොවේ-උඹ කියන්නේ ජීවිතයේ ස්වභාවය-බුදු දහම ඇසුරෙන්.

      Reply
    • Joseph says:
      September 11, 2012 at 3:01 pm

      මම තර්ක ගැන වැඩි දෙයක් නොදන්නා මුත් ඔබ ඉදිරිපත් කර ඇත්තේ ‘තර්ක’ නොව ‘ප්‍රකාශ’ බව සිතමි.

      Reply
      • මාතර ආතර says:
        September 11, 2012 at 5:27 pm

        @Joseph
        @නියම සිංහ

        එම ප්‍රකාශ 3 වනාහි,පළමුවන සහ දෙවන චතුරාර්ය සත්‍යය නිසා සිදුවනවාය කියා,මා දැනට තේරුම් ගත් කරුණුය.

        මගේ ප්‍රශ්නය වන්නේ,
        නියම සිංහ සහ ඔබ ලියන ලද කිනම් පුරාන තර්කයක් සමග සමග,
        ඒවා අනුගත / සංගත වන්නේද කියයි.

        Reply
      • නියම සිංහ says:
        September 12, 2012 at 12:13 am

        අන්න හරි ප්‍රකාෂ සහ කර්ක අතර වෙනසක් ඇත අපි හිතමු මාතර ආතර මතුවේ ඔය භවයක උප්පැත්තිය ලැබුවා කියල එතකොට රූපික තර්කයක් නැත එහෙත් ආත්ම වාදීව පිලිතුරු ලැබෙනු ඇත මාතර ආතර කී සියලු භවයන් විග්‍රහ කර ඇත්තේ බුදු දහමේ පමනි හේගල්ගේ දර්ශනයේ කොතනකවත් මතු ආත්මයක් ගැනවත් කතා කර තිබෙනවා මා දැක නැත ඒ නිසා ඒ තර්ක තුලින් කිසිවක් කිව නොහැක
        බුදු දහමේ නම් ඔය ගැන අනන්තවත් විග්‍රහ කර ඇත ඒ තුලින් තමයි අපි අනාත්ම දහම සහ පුනර් භවය තේරුම් ගත යුත්තේ බුදු දහමේ නිත්‍ය ආත්මයක් ගැන කියවෙන්නේ නැහැ වෙනස් විම අනිත්‍යබාවය හැම දහම් කරුනකම අන්තර්ගතයි එසේ නොවන්නේ නම් ඒ දහම විකුර්ති කල තැනක විය යුතුයි
        අවසාන චේතනාව ඊලඟ භවය සඳහා ප්‍රධාන හේතුවයි(පංචානංචරිය කර්මයක් නැතිනම්)කර්මය ඊලඟ හේතුවයි මරනයත් සමගම මාතර ආතරගේ මේ භවයේ ඉහත කී තත්වයන් මුල්කර ගනිමින් භවයක් හට ගනී මරනයත් සමග මාතර ආතරගේ ආත්මයක් ඒ භවයට යන්නේ නැහැ ආත්මයක් යනු වෙනස් නොවන ස්ථිර දෙයකි ඒනිසා ඒ උපදින්නේ මාතර ආතරත් නොවෙයි ඊලඟ භවය හා මුසුවන්නේ ඇති වෙමින් නැතිවෙමින් පවතින ආතරගේ සිතුවිලි පරම්පරාව හා මේ භවයේත් පූර්ව භවවලත් කුසල් අකුසල්ය එමනිසා ඒ වෙන කෙනෙකුත් නොවෙයි (නච සො නච අංචෝ)

        Reply
        • නියම සිංහ says:
          September 12, 2012 at 12:16 am

          නච සො නච අඤ්ඤෝ

        • මාතර ආතර says:
          September 12, 2012 at 9:08 am

          @නියම සිංහ

          එල

      • නියම සිංහ says:
        September 12, 2012 at 11:09 am

        Joseph
        අපේ සමාජය තුල අද නොයෙක් අංශයන්ගෙන් විකුර්තිවී ඇත මුලින්ම එන්නේ වැරදි අද්‍යාපනයයි ඒතුලින් ගොඩ නැගෙන වැරදි පිලිගැනීම් වලින් බුදුදහම තුලින් ගොඩනැගී තිබූ හර පද්දතීන් නොවටිනා ලෙස ඉවත දමා ඒ වෙනුවට ආදේෂ කරඇත්තේ යුරොපයෙන් පැමිනි බෞද්දයන් ප්‍රතික්ෂේප කලයුතු දේවල්ය.
        ඔබ එක්තැනක මෙවැනි දෙයක් කියා තිබුනා මට මතකයි පාසැලේ උගන්වන Atom යනුපරමාණුව සේ ඉගැන්වුවත් එය වැරදි බව මමත් ඒකට එකඟවෙනව
        පරම+අණුව පරමාණුව එනම් තවදුරටත් නොබෙදිය හැකි කුඩාම අණුව යන්න මෙයින් ගමය්‍ය වේ බුදු දහමේ විග්‍රහයන්ට අනුව මෙය සත්‍යයක්ද? නැත අපගේ පරම+අනුව තවදුරටත් නොබෙදිය හැකි අනුව සුද්දාශ්ටයයි සුද්දාශ්ටය හිරු එලියේ සඳ එලියේ ඇතැයිද එනම් ආලෝකයේද ඇතැයි දහමෙහි ඉගැන්වේ එසේනම් සුද්දාශ්ටය උප පරමානු වලටද වඩා කුඩා විය යුතුය.සුද්දාශ්ටයට සාපේක්ෂව පරමානුව විසාල දෙයකි

        Reply
        • Joseph says:
          September 12, 2012 at 8:44 pm

          ඇත්ත, Atom යන්නේ සිංහල පරිවර්තනය ලෙස පරමාණුව යොදා ගැනීම වරදක් යැයි එකහෙලා කිව නොහැකි වුනත් එහි පැරණි අර්ථය මරා දැමීමට නම් සමාවක් දිය නොහැකියි. මේ වගේමයි සක්වල යන වදනත්. ආචාර්ය චන්දන ජයරත්න ආදීන් බටහිර විද්‍යාව විසින් පසුගිය සියවසේ සොයා ගත් චක්‍රාවාට බුදු රදුන් වසර 2500 කට පෙර සොයාගෙන තිබුනා යැයි පාරම් බාන්නේ සක්වල යන්නේ පැරණි අර්ථය නොදන්නා කමින්.

          පැය හා හෝරාව දෙකක්ද එකක්ද? විනාඩිය හා මිනිත්තුව දෙකක්ද එකක්ද? දවසකට පැය කියක් තිබේද? මේවා වැරදි අධ්‍යාපන ක්‍රමය ගැන උදාහරණයි. ජනවාරි, පෙබරවාරි ආදී මාස වලට සිංහල ක්‍රමයට කියන නම් මොනවාදැයි විභාග ප්‍රශ්න වලට පවා අසයි. එසේනම් එක මාසයකට පෝය දෙකක් දී ඇති විට ඒ මාසයට කියන නම කුමක්ද ?

          >>> http://katha32.blogspot.com/2012/08/adhi-binara-poya.html

  57. මාතර ආතර says:
    September 12, 2012 at 9:54 am

    @Joseph
    @නියමසිංහ @සිතිවිලි
    1.
    නිරමාල් සරසවි ඇදුරත් එක්ක වාද පිටියේ වාද කරමින් (u tube ) අපේ නලින් ප්රොපා කියූ ලෙස,
    අද විශේෂිත පුද්ගලයන් වන්නේ නන්දිකඩාල් යන තෙක් බට කෑ ‘ඒ සරත්’ (බොරු සුදු කොඩි කතා කියූ ‘මේ සරත්’ නොව)සහ ‘ඒ ඝෝටා’ (‘කුඩු දුමිය’ රැකපු ‘මේ ඝෝටා’ ද නොව)
    ඇතුළු,මේ රටේ ‘රෑ පුරා දැල් වී තියෙන දේවතා එලි’ නම් වූ දිවි හිමියෙන් රට රකින සොල්දාදුවන් ය.
    මා එයට 100% එකඟය.

    ඉහත ලියමන් හුදෙක් ප්‍රකාශද නැත්නම් පුරාන කිනම් තර්ක වග්ගයකට අයත් තර්කද?
    2.
    “යක්ෂයින් පළවා සරස්වතිය කැඳවමු (II)”ලිපිය යටතේ මවිසින් 10/09/12 දින පස්වරු 1245 ට ලියා ඇති කරුණු 12,එකිනෙක ගෙන සාකච්චා කරමුද?

    Reply
    • නියම සිංහ says:
      September 12, 2012 at 12:34 pm

      මාතර ආතර
      ඔබගේ ඉල්ලීම අපි ඉටුකරමු ඒත් ඊට පෙර අපවිසින් මේ මාතෟකාව අමතක නොකරමු පලමුවෙන්ම අප ඉන්නේ කොතැනද? අප යමින් සිටින්නේ කොහේද? මග වැරදි නම් නිවැරදි කරන්නේ කෙසේද?
      ඒ හරියට දුක, දුක ඇතිබව දැන ගැනීම, දුක නැතිකිරීමේ මාර්ගය අවබෝද කරගැනීම සහ දුක නැතිකිරීම යන බොදු ඉගැන්වීම් ගුරුකොට තබා ගනිමින්ය.
      අප විසින් අපට බල පෑ නොයෙකුත් ජාත්‍යන්තර ප්‍රවන තාවයන් ගැන දැනගත යුතුය. මේ බල පෑම් පිලිබිඹුවන ආකාරය මට පෙන්වා දිය හැකි තැන් මෙතැනම සාකච්චාකර ඇත ඒත් හරියට හඳුනා ගනිමින්ද?
      මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා අදිකාරම්ගේ දේශන හා ලිපි අපි දැනට අපි විමසමු.
      මොවුන්ට බල පා ඇත්තේ බොහො විට මා පෙර කී යුරෝපා දර්ශනනයන්ය
      අපිගමු හේගල්ගේ දර්ශනය එහි හේතුඵල වාදයද අනිත්‍ය වාදයද විඤ්ඤාණ වාදයද අනතර් ගතය මේ තුලින් ගොඩ නගාගත් තර්ක ක්‍රමයක්ද ඇත කාල් මාක්ස් ගේ දාස් කැපිටල් නම් කෟතියට පාදක වන්නේ හේගල්ගේ මේ දර්ශනයයි එහෙත් කාල්මාක්ස් මේ හේගල්ගේ දර්ශනය තුල ඇති විඤ්ඤාන වාදී කොටස ඉවත දමයි මේ ගැන කාල් මාක්ස් කියන්නේ ඔලුවෙන් හිටගෙන සිටි හෙගල්ගේ දර්ශනය තමා විසින් කකුල් දෙකෙන් සිටවූ බවයි.

      මෙ දර්ශනය අදහන්නන් මේ නිසාම බෞතික වාදීන් වීම අරුමයක්ද? අපේ වාමාංශිකයන් මෙන්ම ඒ මග ගමන් ගත් අයද කර්මය පුනර්භවය භවය පිලිගත් අය නොවීය මාටින් වික්‍රමසිංහයන්ට විරුද්ද වූ අයද බැනවැදීම් හා මතුපිටින් විරුද්ද වීම හැරෙන්නට භවතරනය බිහිවීමට පාදක වූ ඔහුගේ සිතුවිලි රටාව අවබෝද කරගෙන ඇතැයි නොපෙනේ හැම විටම හේතුව සොයන්න හේතුව නැතිකරන්න එවිට වැරදි ඵලය අහොසි වනුඇත.

      Reply
      • මාතර ආතර says:
        September 12, 2012 at 5:42 pm

        @නියම සිංහ

        ඔබගේ හේතු පල දැක්වීම වටහා ගත හැක.

        Reply
        • මාතර ආතර says:
          September 14, 2012 at 10:19 am

          @නියම සිංහ

          නිවාඩු පාඩු ඇති විටෙක ඉල්ලීම ඉටු කරන්න.

    • Joseph says:
      September 12, 2012 at 8:45 pm

      නියම සිංහයාගේ ගර්ජනාව සමග එකඟ වෙමි.

      Reply
      • කල්‍යාණි says:
        September 13, 2012 at 2:50 am

        Joseph
        ඥාව් ඥාව් සද්දේ ගර්ජනාවක් වගේ ඇහෙනවනන් ඉක්මනට ENT specialist චැනල් කරන්න කෝ අනේ.

        Reply
  58. amila says:
    September 12, 2012 at 8:01 pm

    I don’t like idea that ‘therawada sinhala bawudda’.Because it makes people idiots.There are people belong to sinhala,therawada and bawudda.also some people belong to sinhala but not therawada bawudda,some people belong to bawudda but not therawada or sinhala.which is greatest among the three words,sinhala or bawudda or therawada bawudda.People who have aim they make their way to success according to riligion or any other path.which word greatest become each other own desire.I will tell all of you 5 things,
    1.I am on my birth therawada sinhala bawudda.
    2.gawuthama budda is greatest indian philosopher.
    3.budda said that one human world on this ‘wishwaye’
    everything depend on that concept which’one human world’.if it is one no need to worry about other things and try your own vimukthiya.if it is two or more what hapend?
    4.I don’t trust indians what so ever ……:)
    5.If i say ‘I trust only one indian and everything in my life depend on him’,what it feels you?

    Reply
    • Joseph says:
      September 12, 2012 at 10:34 pm

      Dear friend,

      Hope you will not be offended by my opinions on your ’5 things’.

      1. That’s okay. You are not alone.

      2. Could you please list down 5 more ‘Indian philosophers’ and 5 more great philosophers’ from rest of the world.

      3. Could you elaborate this “one human world on this ‘wishwaye’” concept please. (මට එය අණ්ඩර දෙමළයකි)

      4. You better trust no one.

      5. Nothing !

      Reply
  59. මාතර ආතර says:
    September 13, 2012 at 12:02 am

    @+/?

    +?says ”මොකද ජෝසප්+පිස්සා+මාතර ආතර හෙම උගේ (Anonymous one orig ගේ )ගුණ වයන්නට ගත්ත නොව!බොලාට මොකැයි මේ උනේ?”+/?

    1.
    දරු ගින්න සහ කාම ගින්න පටලවා ගත්තා වූ Anonymous one orig ,”ගැහැනියක් මිනිහෙක් සමග සංවාසයේ යෙදෙන්නේ දරු ගින්නටය” ; කාම ගින්නට නොවේය යනාදී ලෙස,කිසිම හරයක් නැති බයිලා ලියු එකාගේ ගුණ වගාවක් කිසි දිනෙක නොකලෙමි.එවැන්නක් දුටුවානම් එය උපුටා දක්වන්න.”+/?
    2.
    පොර ‘මාරු වුනාට පසු’,මේ අඩවියේ දිගටම පට්ටි ගොන් කතා කියමින් අපව සිනා සයුරේ ගිල්වීම නැවතූන නිසාවෙන්,ඒ ගැන ‘පාළුවක්’ නම් මට ඇති වුනි.
    3.
    දැනට එම හිස්තැන පුරවන්න ද කොහෙද,උගේ පිල්ලියක් වෙන්න පුළුවන් කල්‍යාණි පාත් වෙලා වගෙයි!

    Reply
  60. කල්‍යාණි says:
    September 13, 2012 at 3:10 am

    මාතර ආතර
    මන් Anonymous one orig කියන බුතයෙක්ගේ පිල්ලියක් වෙන්න ඕන කියල චෝදනා කරන මේ ගමේ ගොඩේ ආතරය නාකිම නාකි පිස්සු හටනක් නේ මෙයා.ඇමරිකාව වගේ දියුණු රටවල අගේ තේරෙන්නේ නැති ඒ ආර්ථිකයට අපහස කරන බූරු හටනක් මෙයා මු.ඒ ගොල්ලන් කොච්චර ඉදිරියට යනවද කියනවනං දැන් ක්‍රිස්තියානි පුජක වරුන් ටත් සිස්ටර්ස්ලාටත් ප්‍රසිද්ධියේ සම ලිංගික විවාහ කර ගන්න නිදහස දෙන්න යනවලු.බලන්නකෝ මෙයාල මොකද වෙන්නේ කියල ඉස්සරහට ඇමෙරිකාවේ ආගම මුළු ලෝකෙම පැතිරෙන කොට කොච්චර ශෝක්ද අනේ.මේ සිංහල බුද්ධගම කියන හනමිටි තියමුකෝ අනේ දැන් බිමින්.

    Reply
    • මාතර ආතර says:
      September 13, 2012 at 12:49 pm

      @කල්‍යාණි,

      උම්බගේත් Anonymous one orig ගේත් එකම වෙනස නම්,උඹ ලියන හරයක් නැති කෙප්ප වල,ඉඳහිට ඇත්ත කතාවක්ද ඇතුලත් වී තිබීමයි. එමනිසා දැනට උඹට ඕනෑම දෙයක් ලියන්න දී, සියලුම,කිසිම හරයක් නැති කෙප්ප එකතු කර,ඒවාට පසුව බැට දීමට තීරණය කලෙමි.

      Reply
      • කල්‍යාණි says:
        September 14, 2012 at 3:19 am

        අනේ නාකි සීයා ආතර
        බන පොතක් කියවල පැත්තකට වෙලා ඉන්නේ නැතිව එනවා මෙතන පොරක් වෙන්න.අන්තිමට මන් ලියන ඒවා ට උත්තර දෙන්න බෑලු පරාදයි නේ හු හ් හු හුuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu………

        Reply
        • මාතර ආතර says:
          September 14, 2012 at 9:48 am

          වයස ගියත් බලා පල්ල මගේ අත පය
          යකඩ වගෙයි,

          අපි වවලයි අපි …//

        • කල්‍යාණි says:
          September 15, 2012 at 3:57 am

          ආතර සීයේ
          ආයෙත් අරවගේ කතාවක් කවුරු හරි ලියල තිබ්බොත් ඔයාගේ පාලුව බිදින්නත් එක්ක එන්නම්කෝ.එතකන් බායි හොඳේ.

        • මාතර ආතර says:
          September 15, 2012 at 3:21 pm

          @කල්‍යාණි,

          හොඳමයි,හොඳමයි.

  61. මාතර ආතර says:
    September 13, 2012 at 11:56 am

    @Joseph @සිතිවිලි @නියම සිංහ
    1.
    ක්ල්යානිට අනුකම්පා කර දැනට ඇයට/ඔහුට ‘බ්‍රහ්ම දණ්ඩය’ දී නිශ්ශබ්ද වෙමි.
    2.
    “යක්ෂයින් පළවා සරස්වතිය කැඳවමු (II)”මෙම ලිපිය යටතේ මවිසින්,10/09/12 දින පස්වරු 1245 ට ලියා ඇති කරුණු 12,එකිනෙක ගෙන සාකච්චා කිරීමට,එම ටිට්ලේ එකට පැමිණෙන මෙන් ඔබ තෙපලට (දෙවනුව ද) අරාධනා කරමි.

    Reply
    • සිතුවිළි says:
      September 13, 2012 at 5:02 pm

      ආතර සොයුර,
      එම ලිපියත් ඔබගේ අදහසත් කියවීමි.
      එම මුල් ලිපියේ ප්‍රස්තුත කාරනාව මා සිත් නොගන්නකි. මේ රටෙ අධ්‍යාපනය ගැන මා සතු කියවීමක් ඇත. මෙම මාතෘකාව පිළිබඳ කථා කිරීමට මැලි වෙමි.

      Reply
      • මාතර ආතර says:
        September 13, 2012 at 5:44 pm

        @සිතිවිලි,

        (කුමටද ‘කුසලට’ කම්මැලි වන්නේ කියා!)
        මේ රටෙ අධ්‍යාපනය ගැන
        ඔබ සතු කියවීම
        අපටත් දැන ගන්නට ලීවනම්?

        ප්‍රස්තුතය පිළිඹදව අපේ නලින් ප්රෝපා සතු ලියවිල්ල මෙන්,
        මේ රටේ බාල පරපුරේ අනාගතය ගොඩ දාන අදහස්
        එහි තියෙන්නට පිළිවන.

        Reply
      • නියම සිංහ says:
        September 13, 2012 at 10:30 pm

        සිතුවිළි
        ඔබට මා පොරොන්දු වූ පරිදි තර්ක ක්‍රම ගැන මා දන්නා දේ හෙලිකරමින් පවතී ඔබගේ යම් අදහසක් ඇතිද? කීමට තව බොහෝ දේ ඇත මට හැකි වෙලාවට ලියන් නම්
        මිතුරනි මේ සංවාද වලට නොගැල පෙන්නන් නොතකා හරින්න

        Reply
        • සිතුවිළි says:
          September 14, 2012 at 8:34 am

          නියම සිංහ සොයුර,
          තර්ක ක්‍රම ගැන ඔබ ලියූ දේත් ඒ සාකච්චාවට ආතර හා ජෝසප් සොයුරන් සම්බන්ද වූ සැටිත් කියවූවෙමි.
          එහෙත් මේ දිනවල සාවධානව කියවීමටත් දීර්ඝ පිළිතුරු ලිවීමටත් ඉඩ හසර මදි කමක් දැනේ,
          පිළිතුරු නොලීවත් මා ඔබ සම ලියන දේ කෙසේ හෝ කියවමි.
          ඉදිරියටත් සකච්චා කරමු.

        • මාතර ආතර says:
          September 14, 2012 at 9:46 am

          ඔහොම යන්.

  62. Ashan says:
    September 13, 2012 at 8:59 pm

    Can any one who believes in god(Christian,Catholic,Hindu,Islam) tell me whether there’s any evidence that an almighty god exists ?
    Coz i was also born as a follower of god, but i just can’t find any evidence to believe that everything is created,governed by some person

    Reply
  63. මාතර ආතර says:
    September 14, 2012 at 4:34 am

    පින්වතුනි,

    ‘දැනුම’ පිලිම්බන්දව
    ‘නිර්මානාත්මක සාපේකෂතාවාදය’නම් වන
    සංගත ප්‍රවාදයක්,
    පළමු වරට ලොවට නිර්මාණය කර ඉදිරිපත් කල
    අපේ නලින් ප්රොපාගේ මේ යොමුවේ ඇති දේ කියවන්න.
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=61427

    Reply
  64. මාතර ආතර says:
    September 14, 2012 at 10:15 am

    @පිස්සා
    @+?

    1.
    විඤ්ඤූන් / තර්ක / සංකල්ප
    පිළිඹඳ සාරාංශයක්
    මේ යොමුවේ ඇති,කියවන්න.
    http://www.vidusara.com/2012/09/12/feature9.html
    2.
    Joseph සහ නියම සිංහ “යක්ෂයින් පළවා සරස්වතිය කැඳවමු (II)”ලිපිය යටතේ මවිසින් 10/09/12 දින පස්වරු 1245 ට ලියා ඇති කරුණු 12 ගැන තවමත් නිස්සබ්දව සිටින අතර,සිතිවිලි,නොපැහැදිලි හේතුවක් දෙමින්,මේ ගැන සාකච්චා කෙරුමට අදිමදි කරයි.

    සමහර විට එම කරුණු වල දඹර අමිල හිමියන් ගැන සඳහන් ව ඇති නිසා,සිතිවිලිට ඒ හිමියන් ගැන තිබෙන කැකෑරෙන ක්‍රෝධය නැවතත් ඇවිස්සී යාවිදෝ කියා සිතිවිලිට බියක් ද තිබෙන්නට ඇතිය කියා මට සිතේ.

    කෙසේ වෙතත් මේ මගේ තෙවන ආරාධනාවයි.Chinthaka ට සහ Fernando ට ද ආරාධනා යැවුවත් උන් දෙන්න දැනට අතුරුදහන් වී ඇත.

    ඔබ දෙපලට අන්තිමට ම බුලත් දුන්නාය කියා නොකිපී,මේ කරුණු 12 කියවා,තම මතයන් ප්‍රකාශ කලොත් අගෙයි.

    Reply
    • Joseph says:
      September 14, 2012 at 10:42 am

      “යක්ෂයින් පළවා සරස්වතිය කැඳවමු ” ලිපියට මා නොඑන්නේ මට කිව යුතු දේ කෙලින්ම කියා ඇති නිසාත්, අලුතින් කීමට දෙයක් නැති නිසාත්ය.

      ඒ ගැන මගේ වැඩි උනන්දුවක් නැත්තේ මුන් දෙගොල්ලන්ම අප රවටන බව මට සිතී ඇති නිසාය. අන්තිමට උන් දෙගොල්ලොම සුදනෝ, පැත්තක් ගත් අසරණ අපි වැරදි කාරයෝ.

      අනිත් අතින් මේ කරුණ ගැන මට වඩා බොහෝ කරුණු දන්නා අය ඒ සාකච්චාවේ සිටී. මට සමාජයට දිය හැකි දෙයක් නැත්නම් නිහඬ වී සිටීම සුදුසු පිළිවෙත බව සිතමි. ඔබේ බලාපොරොත්තු බින්දාට සමා වන්න.

      Reply
      • මාතර ආතර says:
        September 14, 2012 at 11:38 am

        @Joseph,

        1.
        වාද පිටියේ,ගොත ගසමින් කතා කල රාජපක්ස නම් වූ රුහුණු සරසවියේ හිටපු Rajapakse ප්රෝපා ගේ කතාව නම් මට හිතට ඇල්ලුවේ නැතිය.මිනිහ මොනවාදෝ සඟවා කතා කරන්න උත්සාහ දරන ‘typical සුදු බමුනේක්යැ’ කියා මට සිතුනි.
        2.
        ප්‍රස්තුත කරුණු අරබයා එම වාදයට සහභාගී වුන නලින් ප්රෝපාටවත්,
        නිර්මාල් ඇතුළු
        අනිත් අදුරාටවත්,
        අප රවටන චේතනාවක් ඇති බවක් මට නොදැනුන අතර,

        ඔබේ නිදහසට කාරනා පිලිගනිමි.

        Reply
        • මාතර ආතර says:
          September 14, 2012 at 11:46 am

          @Joseph

          තවද ‘අපේ නලින් ප්රොපාගේ ලෝකය’ මේ රටේ බිහිවන තෙක්,
          ඔබ කියන පරිදි,දෙපැත්තෙන්ම තැලෙන,
          අප ඇතුළු අපගේ සහ

          රට රකින රණ විරුවන්ගේ දු දරුවන්ද,

          අප සැමගේ දහදිය මහන්සියෙන් ආයෝජනය කරන,බටහිර වන්දනා උගෙනුමට දඟලමින් පරිප්පු කා තටමන්නේද,බොහෝ විට,

          ‘මෙවන් මුලික පඩියකට අහසේ මාලිගා තනමින් අත වනන’ සරසවි ඇදුරෙක් හෝ බටහිර ඩොකෙක් හෝ වීමට බවත්,මතක තබා ගත්තොත් හොඳය.

    • පිස්සා says:
      September 14, 2012 at 7:42 pm

      මම ඔය ලිපිය තාම කියවව්වේ නැ . පුරුද්දක් විදිහට ටිකක් කියවල වැඩක් නැ වගේ දැනෙනවානම් ඇත ඇරලා දානවා . සම්පුර්ණ ලිපිය කියවලම උත්තරයක් දෙන්නම් .

      Reply
      • මාතර ආතර says:
        September 14, 2012 at 11:00 pm

        @පිස්සා

        හොඳමයි.

        මගේ ආරාධනාව නම්,ප්‍රස්තුත “යක්ෂයින් පළවා සරස්වතිය කැඳවමු (II)”ලිපියට ට වඩා,ඒ යටතේ,
        මවිසින්, 10/09/12 දින පස්වරු 1245 ට ලියා ඇති
        කරුණු 12 ගැන,
        ඔබගේ මතිමතාන්තර ප්‍රකාශ කෙරුමටයි.

        Reply
    • =/? says:
      September 15, 2012 at 1:31 am

      මාතර ආතර,සංකීර්ණ නැති ලොවක් හිතේ ඇත-එය තනා ගන්නට මට බලයක් නැත.උඹට මේ උත්තර නොසැහේ නම් නැවත අහපන්.

      1.එකඟ වෙමි.සරල පරිසර/දෑ හිතකාමී ජීවන ක්‍රමයක් අගයන සිතුවිලි රටාවක් ඇති කර යුතුය. ඒ සඳහා මෙය දුටු වහාම රූප පෙට්ටියත්+පරිඝනක යන්තරත් අල්ලා පොළොවේ ගැසිය යුතු වන්නේය.

      2.හොඳම අදහස! හෙළ වෙදකමත්, හෙළ හෙද කමත් අගයමි- ගුරු මුෂ්ඨි නැති ගුරුපියන් හා රන්මසු වලට ගුරුපියා පාවා නොදෙන සිසුන් කවුරු නම් බිහි කරත්ද? අපේ මව්පියන් වගකීම් අතැර රන්මසු හොයන කල- ‘ගාල් පාලිකාවරු’ හරක් කිරි විකුණයි.

      3. එකඟ වෙමි. මම ‘ඒ ගෝටාටත්’, ‘ඒ සරත්ටත්’, ‘ඒ මහින්දටත්’ අපේ රට රැකි ඒ සෙබලුනටත් ගරු කරමි. ඒ කර්තව්‍ය කරන්නට සහය වුනු අපේම රහසින් වත් පව් නොකරන පැවිදි රත්නයත් අගයමි. සිංහල බොදු පදනම ගොඩ නංවන්නට උඩු ගං බලා පීනු නලින් සර් ඇතුළු ඒ විද්වත් පිරිසටත් ගරු කරමි.

      4.’සාපේක්ෂව’පඩි පත ඉහල යැවීය යුතු යයි මා පිලි නොගනිමි හා මගේ මනාපයක්ද නැත-එහෙත් සරල දිවියක් ගත කරන්නට ඉගෙන ගන්නට උඹ ඔය කියන බටහිර වන්දනා කරුවන්ට ඉඩ නොදෙන්නේ බටහිර වෙලෙන්දෝය-එම නිසා වෙලඳ පොලේ ඉත්තන් නොවීමට තරයේ ඉටා ගත යුතුය.

      5.මෙයට උත්තර මා නොදනිමි-නුමුත් අපේ රටේ මිනිසුන්ට ‘පොදු ලොකු ප්‍රශ්නයක්’ නැති කල මංමුල වී පිස්සන් මෙන් මෙසේ හැසිරෙති.ඉවසීම නැති වී ඇන කොටා ගනී. මේ වෙන්නට යන්නේ එය දැයි හිතේ.

      6.උඹේ උනන්දුව අගේය. උන්ටම කියාපන් දිවිය සරල කර ගන්නය කියා ‘පැදුරු සාජ්ජ’ නොදමා.

      7.ඇත්ත! මේ ප්‍රශ්නෙදි කිසිම ‘ජාති වාදයක්’නැතිව,සැවොම එකා මෙන්,එක සේසත් ශ්‍රී ලංකාවක් තුල නැගී සිටින එකද,අගය කල යුතුය!-නුමුත් පාර වැටී ඇත්තේ ප්‍රපාතයකටය.

      8.අංක 2න් කියන දේ මීට අදාළ කර ගනින්. පස් පව් වැඩි වෙන්නේ නම් තියෙන තන්හාව වැඩි වීම නිසාය-අනෙකා ගැන හිතන්නට තරම් හිතක් නැති වීමය.

      9.රුපියල් 1000 කොලයක් දීපන්-ඒත් මුමුණන හඬ නතර නොවේය.

      10.හ්ම්…උඹ ඉන්නේ තුසිත දෙව් ලෝකෙද?-සන්සන්දන නැති ලෝකයක් කියපන්.

      11.අංක 11 නැතිව 12 ට ගිය උඹට සරදම් හිනාවක් මා මුවගේ ඇති බව දැන ගනුව.

      12.ආරාධනාව නොදැක්ක ලෙස සිටිනු දැනේ.ජෝසප් නම් කොටා ඇති දෙය දුටිමි.

      Reply
  65. නියම සිංහ says:
    September 14, 2012 at 10:56 am

    ඇත්තෙන්ම මාතර ආතර දැනුම සෙවීමට වෙහෙසීම මම අගය කරමි නලීන්ද සිලවා මැතිතුමා ඔහුගේ න්‍යායක් අනෙක් වාට සාපේක්ෂව ඉදිරි පත් කර ඇත මා මෙය අධ්‍යයනය කල යුතුය මේ පෙන්වා දීමට ඔබට ස්තුතියි.

    Reply
    • මාතර ආතර says:
      September 14, 2012 at 11:13 pm

      @නියම සිංහ

      මාක්ස්වාදී ‘හැව’ අත හැර දැමීමයි

      ලක් මෑණිගේ පිනකට මොලේ පෑදීමයි

      මගේ කෙරුම ඒ ‘මිණී’ මෙහි දැක්වීමයි

      පින් දිය යුත්තේ අපගේ ගරු ප්රොපාටයි

      Reply
  66. නියම සිංහ says:
    September 14, 2012 at 11:11 am

    මාතර ආතර ඹබගේ හා එහි ඇති තවත් අයගේ අදහස් අපට අළුත් අප නොදුටු පැත්තක් පෙන්වයි අප ලියන යමක් කාටත් තේරෙන බාසාවකින් ලිවීමට උත්සාහ දැරීම අපගේ යුතුකමය බොහෝ දෙනෙක් අදිරාජ්‍ය වාදීන් අප තුල ඇති කල හීන මානයේ රොගයෙන් පෙලේ. අප සුවපත් විය යුතුය.
    අද ළමයින්ට උගන්වන පෙලපොත් වල කොතෙක් අඩුපාඩු ඇත්දැයි සොයා බලන්න.

    Reply
    • මාතර ආතර says:
      September 14, 2012 at 12:48 pm

      @නියම සිංහ

      කැලණියේ ඇත්තන් භාවනා කර දියුණු කරගත් අපේ පෙරදිග ඩොකාලගේ වැඩ පෙන්වන සඳ,
      අපේ නලින් ප්රොපාගේ
      ‘බටහිර වන්දනාමාන නොවන-හීනමාන නොමැති-සිංහල ථෙරවාදී බෞද්ධ අද්යාපන ලෝකය’
      මේ රටේ බිහිවුන කල,
      අපව කෘතීම රසායනික පෙති වලින් හෙම්බත් කරන,බටහිර ඉස්පිරිතාල මේ රටින් තුරන් වී යනු ඇත.

      එදවස,මා කුරිය ගැසීමට පෙර,මට දැක බලා ගන්නට පුළුවන් වේවාය කියා පතමි.

      Reply
  67. මාතර ආතර says:
    September 14, 2012 at 7:35 pm

    @නියම සිංහ

    සිතිවිලි බවතරණය නව කතාව කියවා ‘සිතිවිලිට ස්ත්යාබෝධයට ලංවනු පිණිස එය ඉවහල් වුනාය’ කියා ලීවට,එයට සාධක පිණිස එහි ඇති,සිතිවිලිට මතක හිටි වාක්‍යය එකක් වත් තවමත්,මා ඉල්ලු පරිදි,කෙටියෙන් ලියා ගන්න බැරි හැඩයි.

    බවතරණය නව කතා පොත කියවා ඉවර වූ විගස,සිදුහත් චරිතයට ඉන් කරන ලද අසාධාරණය ගැන ඉමහත් කම්පාවට පත් වුන ජයසේන ජය කොඩි උතුමන්,එවෙලේම අමා වැස්ස ලියන්න පටන් ගත්තාය කියා,එතුමා පුවත් පතකට ප්‍රකාශ කර තිබුනා.

    සත්යාවබෝධයට ලං වීම කෙසේ වෙතත්,
    මට මතක හිටි
    අමා වැස්සේ දෙබසක් පහත දක්වමි.
    වැරදි නම් හදන්න.

    සිද්ධාර්ථ;”එම්බා බමුණ,මා ස්නානය කරනවට වඩා වෙනස් අයුරින්,ඔබ කිනම් කරුණක් නිසා මෙසේ පේවී,මහත් බැතියෙන්,ගංගානම් ගඟේ ගිලෙමින් ස්නානය කරන්නේද?”

    බමුණා;”මා මෙතෙක් කරන ලද පව්,මේ ශුද්ධ වූ ගංගානම් ගඟේ වතුරෙන් සේදී යන්නේය.”

    සිද්ධාර්ථ;”එවිට ඔබ මෙතෙක් කර ඇති පින් වලට කුමක් සිදු වේද?”

    බමුණා නිරුත්තරය!

    මෙම තර්කන ප්‍රශ්න විලාසය
    අයත් වන්නේ
    කුමන
    පුරාන තර්ක වග්ගයකටද?

    Reply
  68. සිතුවිළි says:
    September 15, 2012 at 12:43 pm

    ආතර සොයුර ඔබ මා වෙත යොමු කොට මා පිළිතුරු නොදුන් කරුනු බොහෝය අමනාප නොවන්න ඔබ නොතකා නොසිටියෙමි. හැකි පමණ පිළිතුරු දීමට උත්සහ ගනිමි.

    අධ්‍යාපනය යන කරුනෙහිදී රතු සහෝදරයින්ගෙ පාලනයට නතුවූ අපගේ ඊනියා නිදහස් අධ්‍යාපනය බොරුවකි. එහෙත් එය ගලවා ගැනීමට ඒ වෙනුවෙන් කැපවූවන්ගේ කුරිරු දේශපාලන දැකම ඉඩ නොදේ.
    ලෝකයේ ධනවාදී රටවල මීටවඩා බොහෝ සාධාරන දක්සයාට මුදල්මත තීරණය නොවී තම අරමුනු කරා යාහැකි මග ඇත. කථා කිරීම් කාලය කා දැමීමකැයි සිතෙනා බැවින් මින් නවතිමි.

    භවතරනය පිළිබඳ කථාවේදී, මාමීට පෙර මාගේ මතකයේ රැඳුනු කොටස් උපුටා දක්වා කථා කර ඇත එම නිසා ඔබතුමාගේ චෝදනාව හමුවේ මා නිවැරදි කරු වෙමි.
    මා සාමන්‍යයෙන් පොතක් කියවූ විට එහි දෙබස් මතකයේ රඳවා නොගනිමි. සිතට කා වැදුනු අදහස් පමණක් රැඳේ.
    භව තරනයෙ සිදුහත් කුමරු යසෝදරාව හා කරනා සකච්චා වලදී යශෝදරාවගේ ලාමක එහෙත් බුද්ධිමත් මනස හඳුනා සිදුහතුන් ගැඹුරු දහම් කරුනු සාකච්චා කරන ආකාරය මා සිත් ගනී. තවද කපිල සමග කරනා සාකච්චා වලදී එවකට පැවති භාරතීය දැනුම ගැන ඔවුන් කරනා සාකච්චා ඉතා හරවත්ය. බෝසතුන් අත්තකිලමතානු යෝගය හැරදැමූ පසු ගොපලු ලියකගෙන් කිරි බඳුනක් දානය වශයෙන් ලැබීමේදී බෝසතුන් තුල හට ගන්නා මානසික තත්වය විග්‍රහ කර අති අයුරු මා සිත් ගත්තේය. මේ ආදී බොහෝ තැන් දැක්විය හැකි උවත් ලිපිය අනවශ්‍ය ලෙස දික්වේ.
    මේ සියල්ලට වඩා කුඩා කළ සිට අප ඉගෙන ගත් සසර කල කිරුනු බෝසතුන් තම කුළුඳුල් පුතුත් ප්‍රිය දේවියත් හැර දමා අත්තනෝමතික ලෙස ගිහි ගෙය හැර ගිය බවට වූ බොරුව, සසර දුටු බෝසතුන් මනා සිහියෙන් යශොදරාවගේ අකැමැත්තෙන් උව අනුමැතියෙන් සසර ගිනි න්වීමේ මග සොයා ගිය වගට අලුතින් සිතීමට මා පොළඹවන ලදී.
    භවතරණය විවේචනය කරන්නන් සුදුහතුන් කෙල්ලකගේ ඇඟිල්ලක් මිරිකීමේ සිද්ධිය හා රජ කුමරකුගේ සරඹ පුහුනුවේ අංගයක් වශයෙන් පියාඹන කුරුල්ලෙකු විද දැමීම හෙලා දකින නමුදු ගිහි ගෙයින් නික්මීමේ දී සිදුහත් චරිතයට වික්‍රමසිංහයන් කර ඇති සාධාරණය නොදැකීම මා පුදුමයට පත් කරයි.

    ජයකොඩි ශූරීන් අමාවැස්ස ලියුවේ භවතරණයෙන් සිදුහත් චරිතයට උවු අසාධාරණයක් නිසාද මා නොදනිමි එහෙත් ජයකොඩි මහතාට පොත් ගැන සාකච්චාවකට කථා කොට වික්‍රමසිංහයන් ඔහුගේ කෘති හෙලා දැකීම නිසා හටගත් තරහත් ඒ නිසාම ඇතිවූ තරඟ කාරී මනසකුත් මෙයට හේතු වන්නට ඇත. ඉතාම සත්ත්‍යවාදි පුද්ගලයෙකු ලෙස ජයකොඩි ශූරීන් විසින් රචිත ස්වයං චරිතාපදානය වූ “රෝස කටු” කෘතියේ මේ පිළිබඳ සඳහන් වේ.
    අදාල සිද්ධියට අනුව වික්‍රමසිංහයන් ඉතා ආඩ්ම්බර අධි මානයකින් හෙබි මිනිසෙකි එහෙත් අප දන්නේ ජයකොඩි ශූරීන්ගේ පැත්ත පමණි වික්‍රමසින්හයන් මෙය උපන් දා සිට හි ලියා නැත, එතුමාට එය වැදගත් කරුනක් නොවන්නට ඇත.

    ඔබට මා යම් පිළිතුරක් දුන් බව සිතමි. ඔබගේ දහස් අගයමි.

    Reply
    • මාතර ආතර says:
      September 16, 2012 at 4:14 am

      @සිතිවිලි,

      ඔබගේ කරුණු දැක්වීම අගය කරමි.

      බවතරණයේ ‘මට නීරස’ වූ
      භාෂා ශයිලිය නිසාදෝ,
      මගේ සත්‍යාවබෝධයට එය කියවීමෙන්
      කම්පනයක් ඇති නොවුනි.

      අපේ සනත් නන්දසිරි ගේ මධුර හඬින්
      ‘සිතේ ඇඳුන කල කිරීම කුමරිය,ඔබ පමණයි දැන සිටියේ පෙර සිට..//’
      ගීතය ඇසෙන විට ද,
      සිදුහත් චරිතයට සාධාරණය ඉටු වුන බව සිතේ.

      ජයකොඩි තුමන්ගේ ‘රෝස කටු’ මා කියවා නැති නිසා,
      එය කියවා,නැවත මේ ගැන ලිවීමට යමක් හැඟුනොත්,
      ඔබ අමතමි.

      Reply
  69. මාතර ආතර says:
    September 15, 2012 at 12:45 pm

    @පිස්සා
    @+/? @Joseph (නියම සිංහ/සිතිවිලි/යකා)

    Joseph සහ +/? විසින් දැනට මට දී තිබෙන පිළිතුරු අනුව,අපේ සංවාද,ඉතාමත් හොඳ,සරල දිවි පෙවෙත අගය කරන සන්දිස්තානයකට ගෙන ගොස් ඇතිය කියා සිතේ.මා මගේ ආරාධනාවට ඔබේ පිළිතුරු ලැබෙන තෙක් මෙසේ ලියමි.

    ලොව ‘සදා නොවෙනස් වන කතන්දරේ’ නම්,

    තිපිටකයේ ඇති පරිදි,’දෙලොවට වැඩ පිණිස-පස් පව් නොකරනු’,'සිත හැරුණු කොට,මේ මුළු ලොව සෑදී ඇත්තේ සතර මහා භූතයන් ගෙනි’,'පෙර ආත්මයේ /භවයේ කරන ලද කරුම මේ ආත්මයේ /භවයේ පඩිසන් දේ’යනාදී ලෙස දෙසමින් සිටින විඤ්ඤූන් කීප දෙනාටත්,අනිකුන්ටත්,

    ‘අමතක’ වී ගිය තිලකුණ සහ විදසුන නැවත ‘මතක්’කර දී,කුසල් සම්පුර්ණ කර ඇති ඇත්තන්ව,සසරින් එගොඩ කරවීමට,බුදු කෙනෙකුන් ගේ පහල වීමයි.’පරිප්පු කකා’ හෝ එවන් කලෙක ජීවත් වීමට ,’ථෙරවාදී සිංහල බුදු සසුන’ බිහිවුන මේ රටේ, මිනිසුන් වී ඉපදීමට අප පෙර කුසල් සම්පූර්ණ කර තිබිණ.

    මේ රට සුමගට යොමු කරන-’විඤ්ඤූන් සාදන ඒකායන මාර්ගය’
    දැන් පහල වී ඇතිද කියා,
    මා අසන ලද පැන/කරුණු 11 ට
    +/? විසින් දෙන ලද ප්‍රතිචාර වලින්,හැඟුනි.

    පටලවා ගැනීම් අඩුකිරීමේ අදහස් පෙරදැරි කරගෙන,පුන්යානුමොධනාවකින් අනතුරුව,ඒවා නැවත ඉදිරිපත් කරමි.
    මාක්ස්වාදී ‘පුස් හැව’ හැර දැමීමයි
    මව්බිමේ පිනට ප්රොපාගේ මොලේ පෑදීමයි
    කෙරුම මගේ ඒ ‘මිණී’ මෙහි දැක්වීමයි
    පින් ටික ‘අපේ කොඳු දිග හැරි’ ප්රොපාටයි

    +? says ,”සංකීර්ණ නැති ලොවක් හිතේ ඇත-එය තනා ගන්නට මට බලයක් නැත.උඹට මේ උත්තර නොසැහේ නම් නැවත අහපන්”+/?

    1.මාතර ආතර says ”ඔය සියේට 6 ‘අපබ්‍රංශ කතාව’ට වඩා,මේ ප්‍රශ්නය ගැන පුළුල් ව බැලිය යුතුය.අපේ නලින් ප්රොපා කියන විදියට,’පුස්සක් වූ බටහිර වන්දනාමාන මේ අද්යාපන ක්‍රමේ’ නැති කර,නැවත සරල-පරිසර හිත කාමී-දිවියකට රට ගෙනිච්චොත් සියේට හයේ ප්‍රශ්නෙත් කම්මුතුය.නමුත් එසේ ඉතා සරලව ජීවත් වීමට, අපේ නලින් ප්රොපා හැරෙන්නට,අප හෝ අපේ මහින්දය්යා හෝ එතුමන්ගේ පුත්‍රයන් හෝ මේ රටේ ඉගෙනීමට මහන්සි වන ගොවි කම්කරු සහ රට රකින ත්‍රිවිද හමුදාවන්ගේ දරුවන් හෝ ….සුදානම්ද?”

    +/? says එකඟ වෙමි.සරල පරිසර/දෑ හිතකාමී ජීවන ක්‍රමයක් අගයන සිතුවිලි රටාවක් ඇති කර යුතුය. ඒ සඳහා මෙය දුටු වහාම රූප පෙට්ටියත්+පරිඝනක යන්තරත් අල්ලා පොළොවේ ගැසිය යුතු වන්නේය.

    2.මාතර ආතර says ”අපේ නලින් ප්රෝපාගේ කැලණියේ ඇත්තන් භාවනා කරලා,මේ රටේ පෙරදිග ඩොකාලගේ වැඩ පෙන්නලා,මේ රටේ බටහිර ඉස්පිරිතාල වැහෙනවා නම් මා ද සතුටු වෙමි.එවිට අපේ පොඩි එවුන් බටහිර ඩොකෙක් වෙන්න දඟලන්නෙත් නැතිය.වැඩ පටන් ගන්න බටහිර ඩොකෙක් එවිට මුලික පඩිය ලෙස රු 90,000/= ඉල්ලන්නේ නැතිව,පෙරදිග වෙදකම ඉගෙන ගන්නවා ඇත.

    +/? says ”හොඳම අදහස! හෙළ වෙදකමත්, හෙළ හෙද කමත් අගයමි- ගුරු මුෂ්ඨි නැති ගුරුපියන් හා රන්මසු වලට ගුරුපියා පාවා නොදෙන සිසුන් කවුරු නම් බිහි කරත්ද? අපේ මව්පියන් වගකීම් අතැර රන්මසු හොයන කල- ‘ගාල් පාලිකාවරු’ හරක් කිරි විකුණයි.”

    3.මාතර ආතර says ”නිරමාල් සරසවි ඇදුරත් එක්ක වාද පිටියේ වාද කරමින් (u tube ) අපේ නලින් ප්රොපා කියූ ලෙස,අද විශේෂිත පුද්ගලයන් වන්නේ නන්දිකඩාල් යන තෙක් බට කෑ ‘ඒ සරත්’ (බොරු සුදු කොඩි කතා කියූ ‘මේ සරත්’ නොව)සහ ‘ඒ ඝෝටා’ (‘කුඩු දුමිය’ රැකපු ‘මේ ඝෝටා’ ද නොව)ඇතුළු,මේ රටේ ‘රෑ පුරා දැල් වී තියෙන දේවතා එලි’ නම් වූ දිවි හිමියෙන් රට රකින සොල්දාදුවන් ය.මා එයට 100% එකඟය.”

    +/? says ”එකඟ වෙමි. මම ‘ඒ ගෝටාටත්’, ‘ඒ සරත්ටත්’, ‘ඒ මහින්දටත්’ අපේ රට රැකි ඒ සෙබලුනටත් ගරු කරමි. ඒ කර්තව්‍ය කරන්නට සහය වුනු අපේම රහසින් වත් පව් නොකරන පැවිදි රත්නයත් අගයමි. සිංහල බොදු පදනම ගොඩ නංවන්නට උඩු ගං බලා පීනු නලින් සර් ඇතුළු ඒ විද්වත් පිරිසටත් ගරු කරමි.”

    4.මාතර ආතර says ”දරු පව්ලක් ඇති කම්කරුවෙකුට,පස විනාස කරන වස පොර නොදමන ගොවියෙකුට අද තිබෙන-බටහිර වන්දනා ක්‍රමයට අනුව ජීවත් වන්නට,අඩුම ගන්නේ මසකට රුපියල් 20,000-30,000 ක් වත් අවශ්‍ය වේය කියා සිතමි.ඒ නිසා ඊට සාපේක්ෂව,අද තිබෙන-බටහිර වන්දනා ක්‍රමයට අනුව,අන් විශේෂිතයන් ගේද පඩිය වැඩි විය යුතුය.පිට රට ගොස් තම දිවී දී තම රට රකින සොල්දාදුවන් ඇති,බටහිර රටවල වන්නේද එයමය.ඊට සාපේක්ෂව ගුරුවරුන්ටද සරසවි අදුරන්ටද ඩොකාලටද හොඳට වැඩි පඩි ගෙවන නිසා,ඒ රට වලද පොඩි එවුන්,මේ රටේ වගේම,ඉගෙන ගන්න ‘පරිප්පු’ කති.”

    +/? says ‘’සාපේක්ෂව’පඩි පත ඉහල යැවීය යුතු යයි මා පිලි නොගනිමි හා මගේ මනාපයක්ද නැත-එහෙත් සරල දිවියක් ගත කරන්නට ඉගෙන ගන්නට උඹ ඔය කියන බටහිර වන්දනා කරුවන්ට ඉඩ නොදෙන්නේ බටහිර වෙලෙන්දෝය-එම නිසා වෙලඳ පොලේ ඉත්තන් නොවීමට තරයේ ඉටා ගත යුතුය.”

    5.මාතර ආතර says ”නැවතත් 1989 දක්වා හෝ 2009 දක්වා හෝ නරක කල දසාවකට යාමට,මේ රටේ reverse gear එකක් වැටෙනවා නම්,’?වෙනත් බටහිර රටවල නැති,මිනිසුන් අතර ඊරිසියාව වැඩි වෙන ඒ හේතු’ පුළුවන් තරම් අඩු කිරීම,අපේ මහින්දය්ය ඇතුළු අප කාගේත් යුතු කමය.නමුත් ?බටහිර රටවල මෙන්, ‘බහින රුපියලේ අගයට,වැඩිවන ජීවන අංකයට’ අනුපාතිකව කම්කරුවාගේ පඩිය සහ ගොවියාගේ සහන වැඩි කර,ඊට සමානුපාතිකව ඩොකාලගේ ,සරසවි ඇදුරන් ඇතුළු softwear engineer යන මෙකී නොකී white collar job කාරයන් ගේ පඩි වැඩිවුණාම,නැවත ඉහත කී reverse gear එකට රට වැටෙන්නේ කොහොමද?

    +/? says ”මෙයට උත්තර මා නොදනිමි-නුමුත් අපේ රටේ මිනිසුන්ට ‘පොදු ලොකු ප්‍රශ්නයක්’ නැති කල මංමුල වී පිස්සන් මෙන් මෙසේ හැසිරෙති.ඉවසීම නැති වී ඇන කොටා ගනී. මේ වෙන්නට යන්නේ එය දැයි හිතේ.”

    6.මාතර ආතර says ”කැම්පස් ගිය කාලේ පටන්,පරණ කටුබැද්දේ engineruwan පසුව soft wear engineers ල වී,නීතිඥයන් සහ බටහිර ඩොකාල වගේම,බටහිර වෙද සිසුන්ට උගන්වන සරසවි ඇදුරන්ද,මගේ මිතුරු වුවන් නිසාත් ,මා මේ ප්‍රශ්නය ගැන උනන්දු වෙමි.

    +/? says ”උඹේ උනන්දුව අගේය. උන්ටම කියාපන් දිවිය සරල කර ගන්නය කියා ‘පැදුරු සාජ්ජ’ නොදමා.”

    7.මාතර ආතර says ”මේ ප්‍රශ්නෙදි කිසිම ‘ජාති වාදයක්’නැතිව,සැවොම එකා මෙන්,එක සේසත් ශ්‍රී ලංකාවක් තුල නැගී සිටින එකද,අගය කල යුතුය!”

    +/? says ”ඇත්ත! මේ ප්‍රශ්නෙදි කිසිම ‘ජාති වාදයක්’නැතිව,සැවොම එකා මෙන්,එක සේසත් ශ්‍රී ලංකාවක් තුල නැගී සිටින එකද,අගය කල යුතුය!-නුමුත් පාර වැටී ඇත්තේ ප්‍රපාතයකටය”.

    8.මාතර ආතර says ” ඔය කවුරුත් පොඩි කාලේ හිටන් පරිප්පු කා,මහන්සි වී ඉගෙන ගත්තේ,දෙමාපියන් තමන්ගේ දාඩිය මහන්සිය ආයෝජනය කලේ,මීයක් කඩා ගෙන අත ලෙව කන්න නෙවේය.(මා දන්නා පරිදි,එසේ නොවුනේ,අපේ E W අදිකාරම් නමැති විරල උතුමෙක් සහ පස විනාස කරන වස පෝර නොදැමූ,සරලව ජීවත් වන ගොවියන් අතලොස්සක් පමණි.) බටහිර ඩොකාලද එසේමය.එමනිසා,බටහිර ඩොකාල,හෙදියන්,සවුක්කිය සේවා කම්කරුවන්,වින්නම්බුවන්,පැරා මෙඩිකයන්,මේ රටේ කිසි දිනෙක පඩි වැඩි කර ගැනීමට,හොඳටම අමාරු රෝග වලින් නොපෙළෙන රෝගීනට තාවකාලික යම් අපහසුතාවයක් ඇති වුනත්, වර්ජනේ නොකර හිටියා නම්,අද ‘හොඳ’ සවුක්කිය සේවකයන් එම රැකියා දමා ගොස්,ලෙඩුන් කබලෙන් ලිපට වැටී සිටිනු ඇතිය.ඒ වගේම කිසිම පොඩි එකෙක් වත් සවුක්කිය සේවෙට ඒමට දඟලන්නේ වත්,උන්ගේ දෙමාපියන් තම දාඩිය මහන්සිය ආයෝජනය කර,එම සේවයට තම ළමුන් දිරි ගන්නනේවත් නැතිය.සමාජයේ සිදු වන පස් පව් වැඩි වීමට හේතුව,සව්වුකි සේවක සේවිකාවන්ගේ හෝ සරසවි ඇදුරන්ගේ ,(බටහිර වෙද විදුහලේ සරසවි ඇදුරන් වන ඩොකාලද සිටි,ඉන් එකෙක් මගේ කැම්පස් කාලේ මිතුරෙකි)පඩි පරතරය ට අනුව,පඩි වැඩිවීම වෙන්න බැරිය.”

    +/? says ”අංක 2න් කියන දේ මීට අදාළ කර ගනින්. පස් පව් වැඩි වෙන්නේ නම් තියෙන තන්හාව වැඩි වීම නිසාය-අනෙකා ගැන හිතන්නට තරම් හිතක් නැති වීමය.”

    9.මාතර ආතර says ”තවද,අපේ පස් සාමාජික පවුලේ එකම මුළු අදායම වූ මා පියාණන්ගේ රුපියල් 300 ත්,බටහිර ඩොකෙකුගේ මුළු පඩිය වූ රුපියල් 800 ත් වූ මා කුඩා කල,පාරේ හිඟා කන කෙනෙක්ට මා දුන් සතේ පවා ඉතා ලොකුය.එකෙන් මොනවා හරි කන්න පුළුවන්ය.”සතේ සතේ එකතු කරලා එකතු කරලා,,කියල ඒ කාලේ කීවට,පාරේ හිඟ කන ඇත්තෙක් ගෙන් ‘හිතෙන් හරි-ලුණු ඇඹුල් ඇතිව මුකුත් අහ ගන්නේ නැති වෙන්න නම්’,අද කාලේ අඩුම ගානේ කීයක් දෙන්න ඕනද?”

    +/? says ”රුපියල් 1000 කොලයක් දීපන්-ඒත් මුමුණන හඬ නතර නොවේය.”

    10.මාතර ආතර says ”විවාහ මංගල උත්සව ආරාධනාවකට ගිය පසු,කම්කරුවෙක් දෙන ගානම,සරසවි ඇදුරෙක්ගෙන් හරි සහ බටහිර ඩොකෙක්ගෙන් හරි ලැබීම ‘සමාජය’ බලාපොරොත්තු වේද?”

    ‘+/? says ”හ්ම්…උඹ ඉන්නේ තුසිත දෙව් ලෝකෙද?-සන්සන්දන නැති ලෝකයක් කියපන්”.

    11.අංක 11 නැතිව 12 ට ගිය උඹට සරදම් හිනාවක් මා මුවගේ ඇති බව දැන ගනුව.

    12.මාතර ආතර සය්ස්”Joseph ට මෙන්ම,මේ සාකච්චාවට,ඔස්ට්‍රලියාව ගැන වනන,දැනට කොහේ ගියා දැයි සොයා ගන්න බැරි Chinthaka ට සහ කැනඩාව ගැන වනන Fernando ට ද ආරාධනා කරමි.”

    ‘+/? සය්ස් ”ආරාධනාව නොදැක්ක ලෙස සිටිනු දැනේ.ජෝසප් නම් කොටා ඇති දෙය දුටිමි.”

    ‘අරාබි වසන්තයක්’කරා රට යෑම වැලක්වීමේ මාර්ගය සොයමු.

    Reply
  70. මාතර ආතර says:
    September 16, 2012 at 1:07 pm

    @සිතිවිලි,
    @නියම සිංහ

    අපේ මාර්ටින් වික්‍රමසිංහය න්
    බටහිරයන්ගේ මත වාද සහ
    (අප කැම්පස් යන කල ගණන් නොගත් ‘ඒ නලින් ප්රෝපා’ මෙන් )මාක්වාදී මතවාද ගිලිමින් සිටි නිසා,
    බවතරණය ලියද්දී,
    ඒවා සිදුහත් චරිතයට එබ්බෙන්න ඇතිය කියා ගම්‍ය වන ලියවිල්ලක් නියම සිංහ විසින් ලියා ඇත.
    මා එය පිලි ගනිමි.

    නමුත් මේ පොළොවේ තිරිඟු ඇට පැල නෙවෙන්නක් මෙන්,
    කිසිම දිනෙක අමා වැස්ස / සිංහල ථෙරවාදී බුදු සසුන මෙන්,
    බවතරණය නව කතාව වත්,
    බටහිරයන් කොපි කරමින් අපේ කේමදාස ශූරින් කල ඔපරාවල් වත් පැල නොවුනි.
    මම ඒ ගැන සතුටු වෙමි.

    Reply
    • මාතර ආතර says:
      September 16, 2012 at 1:10 pm

      මෙය නිවන් අවබෝධයට අදාළ නොවන,
      දෘෂ්ඨියක් පමණක්,
      බවත් පිලි ගනිමි.

      Reply
    • සිතුවිළි says:
      September 16, 2012 at 9:49 pm

      ආතර සොයුර,
      ඔබ කියනා යුරු භවතරනයේ ඇති මාක්ස් වාදී මතවාද හා බටහිර කවුබෝයි දර්ශන කුමක්දැයි උදාහරණ සහිතව දැක්විය හැකිද? කිහිප වරක් එය කියවා ඇති මාහට එවැන්නක් ගම්‍ය නොවීය.
      නියම සිංහයන් විසින් මේ පිළිබඳලියූ ලිපිය මට හමු නොවීය, හැකිනම් එහි ලින්ක් එක දමන්න. කියවිය යුතුයැයි සිතමි.
      කේමදාස ගේ ඔපෙරාව මෙහි මුල් නොඅදින්නට ඇත, එහෙත් එය රස විඳියන්ගේ සිතෙහි පැලපදියම් වී ඇත. නූතනයේ කථන්දරයක් තරම්වත් ගීතවත් බවක් නැති යටි ගිරියෙන් කෑගසන රොක් සංගීතයට සාපේක්ශව මම ඔපෙරාව රස විඳිමි. ඒ අතරිනුත් ඔපෙරා සංකල්පය යටතේ බිහි වූ ටී. එම්. ජයරත්නයන් ගයන “පොළොව කොටන තැන පාර කපන තැන” ගීතය මා ඉතාමත් හොඳින් රස විඳිමි.
      භවතරනය මෙහි පැල වූවද නොවූවද මා දකිනා හැටියට බුදු දහමේ මූලික හරයන් වූ මැදුම් පිළිවෙතත්, දෘශ්ටියෙන් තොරවීමත් ආදී වශයෙන් වූ මූලික පැවතුම් බෞද්ධයන්ගේ මනසින් මුලින් උදුරා දමා ඇතිදැයි මට සැක සිතේ.

      කිතු උපත ගැන පල්ලියේ උගන්වනා ආකාරයට ලිවූ බුදු උපත ගැනත් එහිදී සිදුවූ ආශ්චර්‍යයන් ගැනත් එකේ පන්තියේ සිට උගන්වමින් බොදු දරුවන් බුදු දහම අවබෝදයට නොව ඇදහීමට හුරුකරමින් කරනා බෞද්ධ අධ්‍යාපන මුලාව නිසා අද ශ්‍රද්ධාවන්ත බෞද්ධයා භක්තිමත් බුද්ධාගම් කාරයකු කර ඇත. භවතරනයට පහර දීම නවතා අද බෞද්ධයාට සිදුවී ඇති සැබෑ හානිය දැකීමට අපි සැරසෙමුද?
      අපිත් මේ සකච්චා තුලින්වත් භක්තිය පසෙක ලා සැබෑ ආකාරවතී ශ්‍රද්ධාව අවධිකර ගැනීමට වෙහෙසෙමු.

      භවතරනය කෙරෙහි ඔබ තුල ඇති නොකැමැත්තත් දෘශ්ටියක් බව ඔබතුමාම දැකීම ඉතාමත් ධනාත්මක දෙයකි. මාගේ දහස් වලත් දෘශ්ටි ගැති වූ තත්වයක් දුටහොත් පෙන්වා දෙන මෙන්ද ඔබගෙන් මිත්‍රත්වයෙන් ඉල්ලා සිටිමි.

      අද වන විට රටෙ බෞද්ධ අධ්‍යාපනයට වී ඇති වින්නැහිය ගැන අධ්‍යාපනය කියනා මාතෘකාව ගැන උනන්දුවක් දක්වන ඔබගේ අදහස් දක්වනවානම් එය අර්ථවත් විය හැක.

      Reply
      • මාතර ආතර says:
        September 17, 2012 at 11:58 am

        @සිතිවිලි

        නියමසිංහ;12/09/12 at12.34pm
        යොමුව බලන්න.

        බවතරනය වැනි නවකතා ලිවීමේදී
        ‘වික්‍රමසිංහයන්ට එකල බලපෑ අදිපතිවාදී බටහිර මාක්ස්වාදී චින්තනය’
        එයින් ගම්‍ය වේ.

        අදිකාරම් උතුමන් නම්,
        අධිපතිවාදී බටහිර මාක්ස්වාදී මතවාද තියා බුදු දහමවත්,
        එතුමන් ගේ සාකච්චා වලදී
        ගෙන හැර පෑවේ නැත.

        Reply
  71. නියම සිංහ says:
    September 17, 2012 at 11:35 pm

    මාර්ටින් වික්රයම සිංහයන් භව තරනය ගැන ලියූවත් භවය හෝ කර්මය ගැන විස්වාස කලකෙනෙක් නොවෙයි අපිකවුරුත් දන්නව කොපමන කාලයක් බුදු වෙන්න පෙරුම් පුරා අවසාන භවය මෙත්තා කරුනා මුදිතා ගුණයන් ගෙන් සාමාන්‍ය පුද්ගලයකුට ලඟා විය නොහැකි තත්වයට බොසතානන් වහන්සේගේ විඤ්ඤානය තුල මනස සකස්ව තිබූ බව එහෙත් මාටින් වික්‍රමසිංහයන් ඒවා සැලකිල්ලකට නොගනී දඩයමේ යන තරුනයකුට වඩා උසස් මනසක් බො සතුන් තුල තිබූ බව ඔහු විස්වාස කරන්නේ නැත ඔහුගේ මතය මහාචාර්ය්යඩ කාලෝ පොන්සේකාට වඩා වෙනස් නොවේ
    මාක්ස් වාදියකු වූ ඹහු මියයන තෙක්ම අවංක කොමියුනිස්ට් වාදියෙකි ඔහු ඔහුගේ පිලි ගැනීම තුල මාක්ස් ලෙනින් ස්ටාර්ලින් බුදු හිමියන්ට වඩා බොහෝ ඉහලින් සිටි බව ඹහු ගැන දන්නො දනිති හේගල්ගේ දර්ශනයෙන් විඤ්ඤාන වාදය ඉවත් කර එය නියම මාවතකට යොමු කලේ කාල් මාක්ස් බව ඹහු ඇතුලු එවන් අදහස් දැරූ බොහෝ දෙනාගේ මතයයි එපමනක් නොවෙයි ඹහුගේ කිසිම කෟතියක බුදුදහමේ ගුණාත්මක ලක්ෂන ගැන සාකච්චා කර නැත ජාතකකතා ගැන ඹහු කියා ඇත්තේ ලෝකයේ හොඳම කෙටි කතා පොත බවයි ඔහුත් බුදු දහම අගය කලා ඒ බෞද්දයකු සර්වඤ්ඤයන් වහන්සේගේ දහමට සලකන මිම්මෙන් නොව මහා දාර්ශනිකයකුට සලකන ආකාරයටය ඹහුට ද බුදු හිමියන් යුගපුරුෂයෙකි
    ඔහු ලංකාවට පැමිනි යුරොපිකයන් මෙහි තිබූ වැඩවසම් සමාජ ක්‍රමය බිඳදමා ධනපති ක්‍රමය බිහි කල බව පෙන්වයි එහෙත් ඔහුද අනිකුත් මාක්වාදීන්ද අපේ පැරනි යුතුකම් පෙලක් මත ගොඩනගා තිබූ වටනා සමාජ ක්‍රමයේ අගයන් අද්‍යයයනය කර තිබූ බවක් නොපෙනේ. මෙම තත්වයන් සාකච්චා කිරීමට මෙවැනි කෙටි විග්‍රහයක් ප්‍රමානවත් නොවුනත් යම් පසුබිමක් තේරුම් ගැනීමට ප්‍රමානවත් යයි සිතමි.

    Reply
    • සිතුවිළි says:
      September 18, 2012 at 9:18 am

      නියම සිංහ,
      ඔබ ඉතා මැනවින් මේ කරුනු පහදා ඇත, ස්තුතියි මෙය මා නොදුටු පැත්තකි. මා මුලින්ම භවතරනය කියවන විට , අවුරුදු 15කට පමණ පෙර මාද බොහෝ දුරට භෞතික වාදියෙකි. එහෙත් පසුව ක්‍රමයෙන් එම මුලාවෙන් මිදුනෙමි. නමුත් අදටත් මා භවතරනයෙහි අගය කරන තැන් ඇත ඒ හුදුක් එම පොත තුලම රඳෙමින් මිස වටපිටාව අධ්‍යයනය කිරීමෙන් නොවේ.
      ඔබට ස්තුතියි. පිළිගත හැකි මට්ටමින් ඔබ මෙය කියා ඇත. තව දුරටත් මේ පිළිබඳ ඔබගෙන් දන ගැනීමට කැමැත්තෙමි.

      Reply
  72. නියම සිංහ says:
    September 18, 2012 at 12:09 am

    මාතර ආතර , සිතුවිලි ,Joseph
    මට ලැබෙන විවේකය අඩුයි ඒ නිසා පිලිතුරු ප්‍රමාද වෙනව ලියන්නෙ ටිකක් නිදි මතෙ අකුරු වල අඩුපාඩු හිටිනව තර්ක ක්‍රම ගැන ඉදිරියටත් ලියන්න තිනෙව. අපේ විශ්ව විද්‍යල ගැන කතා කරන්න මම අකමැතියි ඇමතිලත් මාතරගේ බාසාවෙන් කියනව නං ඩොකාලත් හුදී ජනයාගෙන් ඈත්වූ අදිමානයෙන් පිරුනු පිරිසක් ප්‍රති වරෝදී භාවය සහ එකඟ තාවය ඇති දෙකක් අතර ගැටුමෙන් ඒදෙකම වෙනස් වී අලුත් දෙයක් මතුවෙනව.යයි අපොහක වාදයෙන් කියයි.
    උගතුන් යයි සම්මත අය වැඩිදෙනා බටහිර පන්නයේ බුදු දහමෙන් ඈත් වූ අයයි
    යුතුකම් පෙල වැනසිලා හැම කෙනෙක්ම යොදන්නේ බලහත් කාරය. මගෙන් රටට මොනවාද කියන න්‍යයාය වෙනස්වෙලා රටෙන් මට මොනවාද සේ.

    Reply
    • මාතර ආතර says:
      September 18, 2012 at 5:40 pm

      @සිතිවිලි,
      @නියමසිංහ
      1.
      ඔපරා ශයිලිය මඳ වශයෙන් ගෑවුන
      ‘අඳුරු කුටිය තුල’ සින්දුව පමණක් නොව,

      සමහර බටහිර නාද රටා ද සහ පුර්තුගීසි කපිරිච්ගා,ඉන්දියානු කාවඩි තාල රටා අනුසාරය ද අපේ පොළොවේ මුල් ඇදුනි.

      වික්ටර් රත්නායකයන්ගේ ‘රුදුරු තුරු වදුලේ’,ගුණදාස කපුගේ ගයන ‘කුරා කුහුඹි මිනිසා වෙමි මා’,නන්දා මාලිනි ගේ ‘යනවා නං අනේ මන් අරන්’ යන ගීතවල රිද්ම,මින් කීපයකට උදාහරණ යයි සිතමි.

      ඔබ කියන පරිදි,බස් වල යන කොට FM රේඩියෝ වලින් දැන් ඇසෙන,කන් බීරි කරවන සිංහල රැප් වලට වඩා කේමදාස ශූරීන්ගේ සිංහල ඔපරා හොඳ වුනත්,ඒවා අප‍ රටේ මුල් නො ඇදීම ගැන මා සතුටු වෙමි.

      2.
      බවතරණය ලියන ලද බටහිර අනුකාරක භෞතිකවාදී මාටින් මහතා ගේ මනස,නියමසිංහ විසින් මොනවට පැහැදිලි කර තිබේද!

      අපේ ජයසේන ජයකොඩියන් අමා වැස්ස ලියන්න පටන් ගත්තේ එම බවතරණය කියවීමෙන් ගේ හද කම්පා වුන පසුවයි.එයින් සිදුහත් චරිතය ට සිදුවුණ අසාධාරණය ට පිළිතුරු සැපයුවා.

      අමා වැස්සේ මෙන් නොව,මට බවතරණය කොපමණ නීරස වුනාද කියනවනම්, එහි කිසිම වාක්‍යයක් මතක නෑ.
      3.
      මා අමා වැස්සේ ලියා දක්වන ලද සිදුහත් කුමරු බමුණාගෙන් ප්‍රශ්න කරන දෙබස,පුරාණයේ කුමන ප්‍රශ්න කිරීම් තර්ක වග්ගයකට අයත් දැයි නියම සිංහගෙන්,නිවාඩු පාඩු ඇති විටෙක, පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටිමි.

      Reply
  73. නියම සිංහ says:
    September 19, 2012 at 1:02 am

    කාටත් දැන් සුලු වශයෙන් හෝ රූපික තර්කය වැටහෙනවා ඇත අපි බලමු අදිකාරම් තුමා මෙම තර්ක ක්‍රමය භාවිතා කල ප්‍රසිද්ද තැනක්
    මා මීට පෙර නේවාදුන් අදිකාරම් තුමාගේ ප්‍රකාශයක් වූ මෛත්‍රී භාවනාව වැඩකට නැති දෙයක් හැටියට හුවා දැක්වූ මුවාගේ සහ කොටියාගේ තර්කය ගෙන බලමු.
    බුදු හිමියන් සසරදුක නැති කිරීමේ ඒකායන මාර්ගය ලෙස නිවන් මග හඳුන්වා දෙමින් ඒ මාර්ගයට අවතීර්න වන කෙනෙකු තමා තුල ඇති කෙලෙස් තැවීම සඳහාත් ඒ තුලින් මෙත්තා ගුණය වර්දනය කිරීම සඳහාත් හඳුන්වා දුන් භාටනා ක්‍රමය මෛත්‍රී භාවනාවයි.
    මෙම භායනාව කල අය මෙම තත්වය අත්දකියි එය ප්‍රායෝගිකයි
    අදිකාරම් තුමාගේ තර්කයට අනුව කොටියාගේ බඩගින්න නිවීමට තම ආහාරය වන මුවා මැරිය යුතුයි එවිට මුවා දුකට පත්වේ මුවා මරනයෙන් ගැලවී මුවා කොටියාගේ ආහාරය නොවුන හොත් කොටියාගේ කුස ගින්න කොටියා දුකට පත් කරයි. මෙය මා ඉහත පෙන්වූ කරුනු හා සැසඳීමේ දී විහිලුවක් සේ නොපෙනේද?
    නිවන් මගට භාවනා ක්‍රම තුලින් පිවිසෙන්නා වෛරයෙන් ක්‍රෝදයෙන් මිදී සිත ප්‍රසන්න කර ගැනීම මේ දුක් සහිත භවය තේරුම් ගැනීම ඒතලින් දුක නැති කිරීමේ ඒකායන මග තේරුම් ගැනීමට භෞතික වාදයට එංගලන්තයේදී ලබාගත් අාචාර්ය්‍ය උපාදිය හරස්වී ඇත. මෙම තර්ක ක්‍රමය බටහිර උගතුන්(නූගතුන්) අපව හෙලාතලා කතා කිරීමටද භාවිතා කරයි.

    Reply
  74. නියම සිංහ says:
    September 19, 2012 at 1:09 am

    කාටත් දැන් සුලු වශයෙන් හෝ රූපික තර්කය වැටහෙනවා ඇත අපි බලමු අදිකාරම් තුමා මෙම තර්ක ක්‍රමය භාවිතා කල ප්‍රසිද්ද තැනක්
    මා මීට පෙර නේවාදුන් අදිකාරම් තුමාගේ ප්‍රකාශයක් වූ මෛත්‍රී භාවනාව වැඩකට නැති දෙයක් හැටියට හුවා දැක්වූ මුවාගේ සහ කොටියාගේ තර්කය ගෙන බලමු.
    බුදු හිමියන් සසරදුක නැති කිරීමේ ඒකායන මාර්ගය ලෙස නිවන් මග හඳුන්වා දෙමින් ඒ මාර්ගයට අවතීර්න වන කෙනෙකු තමා තුල ඇති කෙලෙස් තැවීම සඳහාත් ඒ තුලින් මෙත්තා ගුණය වර්දනය කිරීම සඳහාත් හඳුන්වා දුන් භාටනා ක්‍රමය මෛත්‍රී භාවනාවයි.
    මෙම භාවනාව කල අය මෙම තත්වය අත්දකියි එය ප්‍රායෝගිකයි
    අදිකාරම් තුමාගේ තර්කයට අනුව කොටියාගේ බඩගින්න නිවීමට තම ආහාරය වන මුවා මැරිය යුතුයි එවිට මුවා දුකට පත්වේ මුවා මරනයෙන් ගැලවී මුවා කොටියාගේ ආහාරය නොවුන හොත් කොටියාගේ කුස ගින්න කොටියා දුකට පත් කරයි. මෙය මා ඉහත පෙන්වූ කරුනු හා සැසඳීමේ දී විහිලුවක් සේ නොපෙනේද?
    නිවන් මගට භාවනා ක්‍රම තුලින් පිවිසෙන්නා වෛරයෙන් ක්‍රෝදයෙන් මිදී සිත ප්‍රසන්න කර ගැනීම මේ දුක් සහිත භවය තේරුම් ගැනීම ඒ තුලින් දුක නැති කිරීමේ ඒකායන මග තේරුම් ගැනීමට භෞතික වාදයට එංගලන්තයේදී ලබාගත් අාචාර්ය්‍ය උපාදිය හරස්වී ඇත.
    මෙම තර්ක ක්‍රම බටහිර උගතුන්(නූගතුන්) අපව හෙලා තලා කතාකිරීමට යොදා ගනී
    කවුරුන් හෝ එසේ නොවන්නේ යයි කියන්නේ නම් ප්‍රති විරුද්ද හේතු දක්වන්න.

    Reply
    • Joseph says:
      September 19, 2012 at 1:48 pm

      අධිකාරම් ඉස්කෝලේ උගන්නන කාලේ කාරෙක මග නවත්වා පයින් ගිය බවක් මා කියවා තිබේ. ඒ පාර හරහා මාරු වූ කඩි පෙරහැරක් කඩින්ගේ ඉලව් පෙරහැරක් වීම වැලැක්වීමට ලු. ඉතින් එවන් ජෛනාකර අවිහිංසාවදියෙක් ඔවැනි තර්කයක් ඉදිරිපත් කළානම් ඒ මහා බොළඳ වැඩකි. මක් නිසාද යත් මෛත්‍රී කරන්නේ කොටියා හෝ මුව හෝ නොව අදිකාරම් බැවිනි. සමහර විට අසරණ අධිකාරම්ට, මා මෙන්ම ‘මුවා’ ද සුවපත් වේවා, ‘කොටියා’ ද සුවපත් වේවා යැයි පැතීම උභතෝකෝටිකයක් වූවා විය හැකියි (මෙය කුඩා කළ අපද පෙලූ උභතෝකෝටිකයක් බව ඔහුට කරන සාධාරණයක් ලෙස පිළි ගනිමි). ඒ එසේ වුවත්, ඔබේ රචනාව කියවා මට නැගුනු ප්‍රශ්නය නම් අධිකාරම් තුමා යනු එතරම් බොළඳ ළදරුවෙක් ද යනුයි. ඔහු ඇත්තටම එවැනි ප්‍රකාශයක් (මෛත්‍රී භාවනාව වැඩකට නැත) කළාද?

      එසේ කළානම් ඔහුට වටහා දිය යුතුව තිබුනේ මෛත්‍රිය යනු ගුණාංග සතරකින් එකක් පමණක් බවත් තවත් ගුණාංග තුනක් පවතින බවත්ය. මෛත්‍රී භාවනාව සේම කරුණා, මුදිතා හා උපේක්ෂාව ද භාවනා ලෙස පුරුදු කළ හැකි/යුතු බවත් කොටියා විසින් මුවා භජනය කිරීම උපේක්ෂා භාවනාව යටතේ ඉවසිය යුතු බවත් ඔහුට කියා දුන්නා නම් ඔහු ඒ මුලාවෙන් මිදෙනු ඇත. (කරුණාව යටතේ ඔහුට මුවා බේරා හත හැකියි. මුදිතාව යටතේ ඔහු කැමතිනම් කොටියාට මුවාව අල්ලා දිය හැකියි. එහෙත් මේ ප්‍රස්තුතයේදී මුවා හා කොටියා යන දෙදෙනාම වියුක්ත සාධාරණ මුවෙක් හා කොටියෙක් වන බැවින් මෛත්‍රිය සේම ඒ දෙක ද වලංගු නොවේ)

      නියම සිංහ, රූපික තර්කයක් හෝ වෙනත් එවැනි දෙයක් හෝ මම මෙහි නොදකිමි. සමහර විට මගේ තර්ක ගැන දැනීම ශුන්‍ය නිසා විය හැක. කරුණා කර වැඩිදුර පැහැදිලි කරන්න.

      Reply
      • මාතර ආතර says:
        September 19, 2012 at 6:05 pm

        @Joseph
        @නියම සිංහ
        1.
        තර්කය වනාහි හුදෙක් හොඳට නරකට දෙකටම භාවිතා කල හැකි ආයුධයක් මිස,සත්‍ය අවබෝධයට කිසි සේත් අදාළ නොවන්නක් වන අතර,බුදුවරයෙක් මේ ලොව පහල වීමට පෙර සිට,වින්ගුන් විසින්”දෙලොව වැඩ පිණිස පස් පව් නොකර හිටිව්” යන අවවාදය ‘තර්ක නොකර’පිළිගැනීමට,සාමාන්‍ය බුද්ධියක් තිබෙන්නෙක්ට පුළුවන් විය යුතුය කියා සිතමි.

        අපේ කාලෝ ප්රෝපා ඇතුළු භෞතික වාදීන්ට නොපෙනෙන /ඒ කට්ටිය සද්ද නැතිව ඉන්න,කාලාම සුත්‍රයේ දෙවන භාගය එයයි.
        2.
        ප්‍රශ්නය තිබෙන්නේ තර්කයත්,නුවනින් විමසීමත්,ප්‍රකාශයත්,ප්‍රශ්න කිරීමත්,උදාහරණ දෙමින්,එකිනෙක වෙන් කර හඳුනා ගන්නේ කෙසේද යන්නයි.

        Reply
      • නියම සිංහ says:
        September 20, 2012 at 12:59 am

        Joseph– crooked thinking’s නම් පොතක් තිබුනා පුලුවන්නම් එය සොයා බලන්න
        මේ අදිකාරම් මහතාගේ දේශනාව කලකට ඉහතදී ඉතා ජනප්‍ප්‍රීය වි තිබුනා මේ කාලයේදී මමත් ඔහු අනුමතකලා ඒ දේශනා වලදී එතුමා පන්සිල් ගත්තේනැහැ ඒ එතුමා එක්වරක් සමාදම් වී ඇති පන්සිල ඒවන විටත් නොකඩවා පිලිපදින බවත් මෛත්‍රී භාවනාව තර්කානු කූල නොවන බවත් තර්කානුකූලව බැලූවිට තමාට පිලිගතනොහැකි බවත් කියා මා පෙර සඳහන් කල තර්කය ඉදිරි පත්කලා ඒ වන විට අපටද ඒත්තු ගන්වා තිබුනේත් අප විස්වාස කලේත් අදිකාරම් තුමාගේ කතාවයි.
        ඔබට ඇති ප්‍රස්නයම එනම් මෙතුමා මෙතරම් බොලඳදදැයි දහමට නැඹුරු වූ පසුව මටද ඇතිවිය. අද අදිකාරම් තුමා සිටියානම් ඔහුටද එසේ සිතෙනු ඇත එක්තරා කාලයක් තිබුනා බුදුදහම හෑල්ලුවට හා හාස්‍යයට ලක්කරන කතා හා කුනු හරුප ගෙතීම ඒවා නිර්මානය වූයේ විශව විද්‍යාල වලයි ආචාර්ය්‍ය වරුද ඒවාම කියමින් සිසුන් සමග රස විඳි අවස්තා බොහොමයි. අද තත්වය එදාට සාපේක්ෂව හොඳයි.එවන් යුගයක බුදු දහම හෑල්ලු කිරීම පැෂන් එකක්ව තිබුනා මෙහිදී වැදගත් කොට සැලකුවේ දැනුමයි ඒ දැනුම නිවැරදි වීමට නම් එදා තිබූ සම්මුතීන් හා ගැලපිය යුතුයි එනම් යුරොපා පිලි ගැනීම්ය මා කුඩා කල පරිසරය එයයි විද්‍යාවට සිතකියා වෙනම දෙයක් තිබුනේ නැහැ සියල්ල මොලය සේ සලකා සියලුම සංකල්ප ඊට ගලපා එයට නොගැපෛන දෙය බැහැර කිරීම තමයි නිවැරදි සේ පිලිගත්තේ ඊනියා උගතුන් බුදු දහම දර්ශනයක් සේ පමනක් සලකා අදටද කටයුතු කරයි කර්මය පුනර් භවය පිලි ගැනීම තම තත්වයට නොගැලපෙනදෙයක් හැටියටයි ඔවුන් සිතන්නේ
        සිත බැහැර කල පසුව මෛත්‍රී භාවනාව තුලින් ඇතිකරන චිත්ත පරිනාමය හා සමාධිය ඉවත් වෙයි මා මීට පෙර පෙන්වා දී ඇති පරිදි වෙනස් වන දෙයක් රූපික තර්කයට නොගැලපේ රූපික තර්කය තම සිතීමේ රටාව කරගත් කෙනෙකුට මේ වෙනස්වන සිත හා බැඳුනු භාවනාව කෙසේනම් ගෝචර වේද පන්සිල් නොගැනීම ගැනම මදක් හිතන්න

        Reply
        • Joseph says:
          September 20, 2012 at 9:58 am

          මේ පැහැදිලි කිරීම සමග එකඟ වෙමි.

        • නියම සිංහ says:
          September 20, 2012 at 10:02 am

          මේ රූපික තර්කයේ සොභාවය තමයි යමක් කියන විට එහි ප්‍රධාන කරුනු යටපත් වන ආකාරයට එමෙන්ම විකුර්ති වන ආකාරයට එහි කොටසක් පමනක් අතිශයෝක්තියෙන් කීම.
          යමකුගේ සමාජ වටිනා කම් සම්මුති වශයෙන් ඒ සමාජය තුල පිලි ගැනීමට ලක් වන්නේ නම් එයද මේ සඳහා පාවිච්චි කිරීම.සහ එම සමාජ වටිනා කම් සහිත සමාජ තලය යම් අදහසක් දරන්නේද එම සමාජය තලයේ සම්මුතීන් දේව වාක්‍ය ලෙස පිලිගන්නා හුදී ජනයාට මේ තර්ක ක්‍රම භාවිතා කරමින් වැරදි සහගත ලෙස යමක් ඒත්තුගැන්විමයි
          බුදු දහමේ පරමාර්ත සත්‍ය හා සම්මුති සත්‍ය වශයෙන් කොටස් දෙකකට බෙදේ මේ පරමාර්ත සත්‍ය කිසිම ආකාරයකට රූපික තර්කයෙන් අවබොධ කල නොහැක තේරුම් කල නොහැක සියලුම භාවනා ක්‍රම මේ සම්මුතියෙන් බැහැරව පරමාර්ත සත්‍ය කරා මෙහෙය වීම සඳහාම වේ විද්‍යා වේදී මේ පරමාර්ත සත්‍ය ඉවත දමයි මනස ඉවත දමයි සියල්ල භෞතිකය සිත වෙනුවට මිනිස් මොලයම පිලිගනී.
          අදි කාරම් තුමාද මේ සමාජයටම අයිති විද්‍යඤ්ඤයෙකි.

        • මාතර ආතර says:
          September 21, 2012 at 10:23 pm

          @නියම සිංහ

          අපේ E W අදිකාරම් තුමා,බටහිර වෙද විද්‍යාවේ කෙල පැමිණි අපේ කාලෝ ප්රෝපාටද,තමන්ගේ සාමාන්‍ය බුද්ධිය පමණක් යොදාගෙන,බටහිර ‘පෝෂණ විද්‍යාව’ ගැන අමතක නොවන පාඩමක් කලෙක ගුවන් විදුලියේ වාද වලදී උගන්වා ඇති නමුත්,බටහිර විද්‍යාව දෙස එතුමා විර්වුත මනසකින් බැලුවා විනා,එයට වහලෙක් වුන විද්‍යාඥයෙක් නම් නොවීය.

          බටහිර විද්‍යාවේ දියුණු බල මහිමයෙන් වැඩි පලදාව ගැනීමටය කියා,මේ රටේ පස විනාස කරන වස පෝර දමන එක ගැන එතුමන් විස්සෝප වීම එයට එක උදාහරණයකි.

    • සිතුවිළි says:
      September 19, 2012 at 2:55 pm

      නියම සිංහ,
      තර්ක න්‍යායන් පැහැදිලි කරමින් ඔබ සාකච්චාව හොඳින් ඉදිරියට ගෙන යයි. මෙය සිතීමට මං විවර කරයි.

      ජෝසප් ගේ පිළිතුර අනුව තර්ක ඥානය හර සුන් හිස් බවට පත් කොට ඇත. මාත් තර්කය පිළිබඳ කිසිවක් න්‍යායාත්මකව නොදනිමි. අවබෝධ කරගැනීමේ හැකියාවෙන් පමණක් තර්කය ගැන කථා කළෙමි.

      ජෝසප් වැඩි දුරටත් කථා කොට ඇති මෛත්‍රී භාවනාව ගැන මගේ දැක්ම ඔබහට ඉදිරිපත් කරමි.

      මෛත්‍රී භාවනාව බොහෝ දෙනා යොදා ගන්නා මූලික අරමුණ සමත භාවනාවක් වශයෙනි. එනම් “සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා” වැනි පාඨයක් සිතින් අරුත දරා දිගින් දිගටම මෙනෙහි කිරීම මගින් සිත එක් අරමුනක තබා ගැනීමට පුහුණු කෙරේ.
      මෙහිදී ප්‍රසන්න අරමුණක් වශයෙන් මෛත්‍රීය යොදා ගත්තාද එය ඉන් එහාට ගිය කර්තව්‍යයක් ඉටු නොකරයි, හුදු ප්‍රාර්තනයක් වූ මෙයින් එසේ ඉටු වනවානම් යැදීමෙන් හෝ පැතීමෙන් ලැබියනොහැකියැයි කියූ බුදු වදනට පටහැනිය.

      එසේම කෙනෙකුට මෛත්‍රීය විදර්ශනාවක් වශයෙන්ද වැඩිය හැකිය. එනම් මෛත්‍රීයට ලක්වන සත්ත්වයා හෝ පුද්ගලයා ඍජුව අරමුණු කොට මෛත්‍රී අරමුනින් විමසා බැලීම හෝ මෛත්‍රීය යන කරුන ඔස්සේ සිත විහිදමින් විමසා බැලීමයි.

      එවිට මා දකින්නේ හුදු තර්කනය ඔස්සේ ගිය අධිකාරම් තුමා පටැලැවී ඇති බවකි. ඔහු කියනා ආකාරයේ සුවපත් වීමක් මෛත්‍රී භාවනාව නිසා ඉටු වනවානම් එය ආශ්චර්‍යයක් ම විය යුතුය.එහෙත් ඔහුද කියා ඇත්තේ එසේ නොවනා බවයි. එහෙත් පැහැදිලි කිරීම අවබෝධයෙන් නොව තර්කය පදනම්වයි.

      Reply
      • Joseph says:
        September 19, 2012 at 4:06 pm

        සිතුවිළි, ඔබේ “එනම් `සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා` වැනි පාඨයක් සිතින් අරුත දරා දිගින් දිගටම මෙනෙහි කිරීම මගින් සිත එක් අරමුනක තබා ගැනීමට පුහුණු කෙරේ. මෙහිදී ප්‍රසන්න අරමුණක් වශයෙන් මෛත්‍රීය යොදා ගත්තාද එය ඉන් එහාට ගිය කර්තව්‍යයක් ඉටු නොකරයි” යන ප්‍රකාශය සමග මම එකඟ නොවෙමි.

        උදාහරණයක් ලෙස, විශාලා මහ නුවරට වැඩි උන් වහන්සේ අමනුෂ්‍යයන් අමතා “මෙත්තං කාරෝථ මානුසියා පජාය” යනුවෙන් වදාළේ උන්ට ගසක් යටට වී ‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා’ කියමින් සිටීමට යැයි ඔබ සිතන්නේද?

        මෛත්‍රී භාවනාව යනු සිත මෛත්‍රියට හුරු කිරීම මිස එක අරමුණකට හුරු කිරීම නොවේ. මෙය එක තැනකට වී බද්ධ පර්යන්කයෙන් හිඳගෙන දෑස් වසාගෙන කරන භාවනාවක් නොවේ. මෛත්‍රී භාවනාව යනු ඔබ අවදි වන, කන බොන, නාන, ශරීර කෘත්‍යය කරන, යන එන, රාජකාරි කරන, සැතපෙන කොටින් කියතොත් ජිවත් වන සෑම මොහොතකම සියලු සත වෙත මෙත් සිතින් විසීමයි.

        මෙත් වඩන ආකාරය ගැන කරණිය මෙත්ත සුත්‍රයෙන් දන ගත යුතුය.

        මෙත්තානිසංශ සුත්‍ර දේශනාවේ දී මෙත් වැදීමේ අනුසස් එකොළහක් දක්වා ඇත.
        1. සැපයේ නිදයි
        2. සැපසේ පුබුදියි
        3. නපුර සිහිනයක් නොදකියි
        4. මිනිසුනට පි‍්‍රය වෙයි
        5. අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි
        6. දෙවියෝ රකිති
        7. ශරීරය ගින්නෙන් හෝ විසෙන් සිදුවන අනතුරු වලින් වලකියි
        8. වහාම සිත එකඟ වෙයි
        9. මුහුණ පැහැපත් වෙයි
        10. මුලා නොවී කලුරිය කරයි
        11. මෛත්‍රී සමවතින් මතු රහත්වන්නට නොහැකිවී නම් මරණින් මතු බඹ ලොව උපදියි

        ඉහත අනුසස් හිත එක අරමුණකට එකඟ කර ගැනීම නිසා ලැබිය හැකිද? නැත. මෛත්‍රිය පුරුදු කිරීමෙන්, මෛත්‍රී සහගත සිතින් දිවි ගෙවීමෙන් පමණි ඒ අනුසස් ලැබිය හැක්කේ.

        මෛත්‍රිය සිව් බඹ විහරණයෙන් පළමු වැන්නයි. එය මනාව පුහුණු කරන, මෛත්‍රී විහරණයෙන් යුක්ත පුද්ගලයාට පව් සිදු වීමේ ඉඩ කඩ අඩුය. රහත් නොවුනොත් ඔහු කලුරිය කළ වහාම නිදා පිබිදියාක් මෙන් බඹ ලොව ප්‍රතිසන්ධිය ලබන බව දහමේ දැක්වේ. (ගරුක කර්ම නැති විට ප්‍රතිසන්ධිය ලබා දෙන්නේ ආසන්න කර්මයයි, එනම් මෛත්‍රී චිත්තයයි.)

        Reply
        • Joseph says:
          September 19, 2012 at 4:10 pm

          8. වහාම සිත එකඟ වෙයි
          සිත එකඟ වීම යනු මෛත්‍රී භාවනාවේ එක අනුහසක් පමණි.

        • මාතර ආතර says:
          September 20, 2012 at 10:01 am

          @Joseph

          Ela

      • සිතුවිළි says:
        September 20, 2012 at 10:32 am

        ජෝසප්,
        ඔබගේ ලිපිය කියවන විට හා ඉහත =/? හා නියම සිංහයන් ලියා අති දෑ කියවන විට මා තුළ යම් පමනකට භෞතිකවාදී හොල්මන් තවමත් පවතින බවක් මටම සිතේ. එය මා විසින්ම තවදුරටත් පහදවා ගත යුතු තත්වයකි.
        කෙසේ වෙතත් ඔබගේ මෛත්‍රී භාවනාව පිළිබඳ වූ ලිපියට මා මුළුමනින්ම එකඟ නොවෙමි. මන්ද, මෛත්‍රීය වැඩීම සමත ආකාරයෙන් කිරීම හා විදර්ශනා ආකාරයෙන් කිරීම යනුවෙන් දෙයාකාරයකට කල හැක, මෙය මා තුල උපන් ගැටයකි. ඔබ පවසන ඵල ලැබිය හැක්කේ විදර්ශනාවෙන් බවයි මාගේ හැඟීම. හුදු සමතයක් ආකාරයෙන් කරනා මෛත්‍රීය, සිත එක්තැන් කිරීමෙන් එහාට ගිය කාරියක් නොකරනු ඇතැයි මට සිතේ. මා වැරදි විය හැක. ඔබගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි.

        Reply
  75. =/? says:
    September 19, 2012 at 7:04 pm

    සිතුවිළි,ඕන් බලාපන් උඹේ මතකේ තරම- ටී. එම් ගේ අඳුරු කුටිය තුල කියන ගීතය මන් මුලින්ම ඇහුවේ 70 දශකයේ මැද බාගේ- ඒකෙ කොහෙද බොල ඔපෙරා සංකල්පය ගෑවිලා තියෙන්නේ? ප්‍රේමසිරි කේමදාස කියන්නේ 90 දශකයේ මැද විතර වෙන කල් අපිට හිටිය අපුරු සංගීතවේදියෙක්/දක්ෂයෙක්. මොකක් නමුත් කරුමෙකට ඔපෙරා පිස්සුවක් හැදුනේ එතුමා මෙලොවින් යන්න වසර 10 ක් විතර තියල- මගේ මතකේ හැටියට. ඒ ‘සිංහල ඔපෙරා’ නම් බලු වටින්නේ නැහැ බන්. 90 දශකයට පෙර කෙරුණු එතුමාගේ සංගීතය නම් ඉතා කන්කලුයි/මනහරයි.

    උඹට ඔපෙරා අහන්නම ඕන නම් ඉතාලි ජාතිකයෙක් උන්න ලුසියානෝ පවරොටි Luciano Pavarotti කියල- මම නම ශබ්ධ කරන හැටි වැරදි ඇති-උඹට ඕනෑම නම් අහපන්-පොඩි එකා සන්දියේ වත්ත පහල හිවල්ලු හූ කියන හඬට අපේ ගෙදර හිටිය බලුහාමිලා කුලප්පු වෙලා උඩුබිරුව සද්දේ මිහිරියට දැනුන මට, ඔය ඔපෙරා මේ ලෝකේ රහක් නැහැ බන්. ඒත් බොලන්, අපේ ‘ඌ-ගත්තු’ නම් කියන්නේ ඔපෙරා රස විඳින්න එසේ මෙසේ පුතයලට මිසක් බැරිලු!- ඒකත් හරියට ශේක්ෂ්පියර් ඔලුවේ උඩ තියා ගෙන මොනේ ගේ ඔළු මලේ චිත්රේ බිත්තියේ ගහ ගෙන ප්‍රබුද්ධකම දර්ශනය කොරනවා වැනිය!

    මාතර ආතර,රුදුරු තුරු වදුලේ -ගයන්නේ සුනිල් එදිරිසිංහ.ඒකෙ කොහෙද බන් ඔපෙරා හඬක් තියෙන්නේ? දන්නේ නැති ඒවා නොකිය ඉඳින්.

    Reply
    • මාතර ආතර says:
      September 19, 2012 at 11:54 pm

      @+/?

      1.
      ඔබේ ලියවිල්ලේ හරය සමග මා එකඟ වෙමි.

      2.
      මා කල වරද නිවරද කිරීම ගැන පින්.නමුත් මා අදහස් කලේ,මා ඇතුළු අපේ ලාංකිකයන් ඉතාමත් රස විඳින ”රුදුරු තුරු වදුලේ” සහ ”කුරා කුහුඹි මිනිසා වෙමි මා”යන ගීත,බටහිර නාද රිද්මයකට මට ඇසෙනවා විනා,ඒවා ‘ඔපෙරා හූව’ වගේ ඇසෙන්නේ නැති බවයි.
      3.
      අපට එම ගීත එසේ ඇසුනා නම්,ඒවා කිසි දිනෙක මේ රටේ මුල් ඇදෙනු නැතිය.එවන් බටහිර රිද්ම වගේම තවත් කපිරිඥ / කාවඩි රිද්ම සහිත ගීත සිංහල හදවත් තුල තවමත් පල වී ඇත.
      4.
      මා තරුණ කාලේ ”අඳුරු කුටිය තුල” එලියට ආපු විගස,එහි රිද්මය මුලින් මට දිරවන්නේ නැති බව හැඟුනත්,පසුව එහි අන්තර්ගතය මා හට ආකර්ෂණය වී,එය අදත් මා හද ගත් ගීතයක් වී පවතී.

      සමහර විට සිතිවිලිට එම ගීතයේ හා හාඅ .ආඅ ..//යන ඇදිල්ල ඔපෙරා ඇදිල්ලක් වගේ ඇසුනත්,එය ‘අපට නොදිරවන’ කේමදාසගේ සිංහල ඔපෙරා වගේ නොවන බව මට සිතේ.

      5.
      කේමදාස ශූරීන්ගේ සහ අනුලා බුලත්සිංහල ගේ දෝණියන්දෑ ඔස්ට්‍රලියා ගොස් උගෙන ඇවිත් ගයපු සිංහල ඔපෙරා, අපේ ජන ගී,සුදු බමුණන් විසින් ඉංග්‍රීසි බසට හරවා,එම ජන ගී තාල වලින්ම,ඉංගිසියෙන් උච්චාරණය කර ගායනයෙන් ඉදිරිපත් කරනවට සමාන අතර,’සුදු බමුණන්’ නම්,කේමදාස තරම් එවැන්නක් කිරීමට මෝඩ නොවන බව,උන් ගැන තරමක් දන්නා මට එක හෙලාම කිව හැක.

      Reply
      • =/? says:
        September 20, 2012 at 2:41 pm

        මාතර ආතර,
        1.හොඳයි.

        2.මට රුස්සන්නේ නැත්තේ අපේ මිනිසුන්ගේ මේ අන්ධානුකරණයයි.උඹ හරි-නාද රිද්මය විතරක් නෙවෙයි-එහි තනුවත්,සරල සුගම වැයුමත් ගීයක කොටස්.මේ තුනම ගැලපුනේ නැත්නම් එතැන ඇත්තේ අර හිවල් හඬට බලු බිරුම එක් කල මුසල රැයක කතාවකි.

        3.ඒකත් හරිය-70දශකයේ ඇසු ගී අප මියෙන තෙක් ඇසිය හැක-දැන් ඇහෙන්නේ හිවල් හඬට මුසු වුනු බලු උඩුබිරුම්ය!එකම වෙනස තමයි බන්,මට පුරුදු වල් බල්ලාගේ හඬ ජර්මන් ෂෙපර්ඩ් නමැති ‘පොෂ්’බල්ලගෙන් වෙනස් වීමය-හෙහ් හෙහ්!

        4.සිතුවිළි මලය කමත් ගී අහල නැතිව ඇති බන්-මොකද අම්බරුවෝ///කියල ලස්සනට ඇදල කවි පද දෙක තුනක් කියනවා අහල තියෙන මට වෝ…//කියන හඬ හරිම හුරුයි.ඒක බන් ඔය හිවල්+බලු සංවාදෙට වඩා ඉහලය! එනිසා ඔය කියන ගීයේ ඇත්තේ නම් හිවල් බලු පොරයක් නොවේමය.

        5.එක තැන පල් නොවෙන්නට කියල උන් ගලා ගෙන ගියා ගියාමම තමයි- අපට දුන් දෙයකුත් නැත-උන්ට ලැබුණු දෙයකුත් නැත.

        Reply
      • සිතුවිළි says:
        September 20, 2012 at 9:56 pm

        =/?, මාතර ආතර, නියම සිංහ සොයුරනි,
        අහෝ ඔබලා මාව කේමදාස වාදියෙකු ඔපෙරා වාදියෙකු කළ හැටි. නැත මා ඉන් එකෙකු නොවෙමි. කේමදාසයන්ගේ සංගීතයෙහි එන නිර්මානාත්මක රසය මා ප්‍රිය කළෙමි. මා දකිනා හැටියට කේමදාසයන් උඩු බුරුලනා “ඔරිජිනල්” ඔපෙරාව කොපි කලේ නැත. එහෙත් ඔපෙරාවෙන් යම් අභාශයන් ලභා සංගීත් නිර්මාන කලේය. ඒතුලින් මා හට රස විඳිය හැකි අගනා නිර්මාන රැසක් මා දුටුවෙමි. මා දන්නා හැටියට කේමදාසයන් ඔපෙරාව භාවිතා කලේ ඔහුගේ අවසන් වසර කිහිපයෙහි නොවේ.
        ඔපෙරාවෙ රසය එතුමා ටී එම් ජයරත්නයන් ගයන උදුම්බරා හිනැහෙනවා හා අඳුරු කුටිය ආදී ගීත සඳහා භාවිතා කර ඇති බව මා අසා ඇත්තෙමි. එහෙත් මට එය ඔප්පු කොට පෙන්විය නොහැක. එම නිසා ඔබ සැම තීරනය කරනවානම් මා පරාද බව මා එය පිළිගන්නම්.
        =/? කියනා පරිදි මට ඉතාලියානු ඔපෙරා ඇසීමට තරම් අමාරුවක්ද නැත, අඩුම ගනනේ බස හොඳි තේරෙන ඉංග්‍රීසි සින්දුවක්වත් රස විඳිය නොහැකි මා ඔය ඔපෙරා සමග කුමක් කරන්නද?
        අපේ හිතවත් =/? සහෝදරයා කියනා පරිදි සිතුවිලි මලයා කමත් ගී අහලා නැතුව ඇති. අනෙ සහෝදරයා මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්න එපා. මොකද මමත් පොලොවෙ පය ගහලා ඉන්න කුඹුරේ බැහැලා අම්බරුවෝ දක්කලා කොලේ පාගද්දී පිදුරු ටිකක් අරන් ගොම්පස් අල්ලලා තියෙන එකෙක් තමයි.
        ඒ වගේම පාසැල් කාලයේ රන්වලයන්ගේ පන්ති වලදී උඩ පැන අනින ටොක්ක කා හොඳින් අම්බරුවෝ ගැන ගයා ඇත්තෙක්මි.

        මෙතැන මා දකිනා කාරනයක් ඇත. එනම් මා සාමාන්‍යයෙන් කිසිවක් ප්‍රථික්ශේප නොකරන්නෙක්මි. එම නිසා මා එසේ ප්‍රතික්ශේප නොකල විට ඔබ සැම මා ඒ පාර්ශවයට බැඳ දමයි. යම් විදියකින් මා අනෙක් පසට කථා කලහොත් මා දැක්මක් නැති මිනිසෙකු බවට පත් වෙයි.
        සත්ත්‍ය වශයෙන්ම මා හැකි සැම විටම සිහියෙන් යුතුව දෘශ්ටියෙන් බැහැරව විසීමට තැත් දරමි.
        සැබෑ බෞද්ධයෙකුගේ දැක්ම විය යුත්තේ එයයැයි මා සිතමි.
        ඔබ සැම තව දුරටත් මේ ගැන කථා කරනවා නම් මැනවි.

        Reply
        • නියම සිංහ says:
          September 21, 2012 at 1:02 pm

          සිතුවිළි/ මම එහෙම කෙරුවේ නැහැ මේ චෝදනාවෙන් මාව අයින් කරන්න.

        • =/? says:
          September 21, 2012 at 1:57 pm

          ප්‍රීතියි ප්‍රීතියි සිතුවිළි මලයෝ! ගමෙන් නගරෙට ගියාම තමන් ආවේ ගමෙන් කියල කියන්නට බැරි තරම් ලැජ්ජාවකින් ඇඹරුණු යුගය හමාර වුනු එකද සැමරිය යුතු වන්නේය.පුදුම පෙරලියක් නොව මෙය.හද්ද පිටිසරේ සිරිය දන්නා,දැනුදු එහි අසිරිය විඳින මට උඹත් එහෙම නම්-ප්‍රීතිය දෙගුණ තෙගුණ වන්නේය.හංවඩු ගැසුවේ උඹට නොවේය-උඹේ හිතුවිල්ලටය-කේමදසයන්ද වැටෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ කුලකයටය:)

        • මාතර ආතර says:
          September 21, 2012 at 10:13 pm

          @+/?

          ‘බමුණු කතුන්’ ගොතා ලියපු,
          ‘පුස් වල්පල්’ සරසන්නට,
          මා පිපුනේ නැත…. අ අ අ…//

        • සිතුවිළි says:
          September 21, 2012 at 10:41 pm

          =/? සොයුර,
          ඔබ කොහැනින් පොට වරද්දාගෙනදැයි මා නොදන්නෙමි.
          මා මාගේ සිංහලකම ගැන කිසි විටෙකත් ඇඹරුනු හිකනලෙකු නොවෙමි. මා සිංහලයෙකුව මේ රටේ (අද වන විට ආඩම්බර විය හැකි කාරනා අහිමි වෙමින් පැවතියද ) බොදු පරිසරය තුල ඉපදීම හැම විටම පිනක් කොට තැකුවෙක්මි. එහෙත් සබෑ බෞද්ධයෙකුව භාවිතයෙන් පැවතීමට වෙර දරන්නෙකු වූයෙමි.
          නිදහසට කාරනා කීමක අවැසි නැත, එහෙත් වැරදි මතයන්හි පිහිටීම ධර්ම සකච්චාවට බාදා පමුණුවයි.

          නියම සිංහ සොයුර,
          ඔබේ නම වැරදි තැනක යෙදීම ගැන සමාව අයැදිමි.

    • නියම සිංහ says:
      September 20, 2012 at 12:01 am

      =/? ඔබේ විග්‍රහය නම් හොඳයි මේකට හේතුවක් තියෙනව අපි අවරුදු දහස් ගණනාවක් තිස්සේ පුරුදු වෙලා තියෙන්නේ පහල හො උච්ච නොවන ස්වර රටා රස විඳින්න ඒ වගේම කලබල කාරී නොවන සංගීතයකට අපිට ඇත්තෙන්ම ඔපෙරා මෙලෝ රහක් නැහැ

      Reply
      • =/? says:
        September 20, 2012 at 2:53 pm

        උඹ මා එක්කල විස්සෝප නැත? ඒක යසයි.
        උඹට පොඩි කාලේ උගුර රිදෙන්න ඇල්ලුවම හෙම්බිරිස්සාව හැදිලා,අම්ම දුන්න නේද ලා උනුවතුරට ලුණු ටිකක් දාල උගුර හෝදපන් පුතේ කියල. මතකද ඒ උගුර හෝදන කොට එන හඬ? ඒ හඬ සමාන කල හැකියි මයේ හිතේ ඔය ඔපෙරා වලට!

        Reply
        • නියම සිංහ says:
          September 21, 2012 at 12:58 am

          =/? මගෙ ගැන උඹ හිතන විධිය වැරදියි මෙච්චර දහස් ගණනකින් අපි වෙනුවෙන් ලියන අය කී දෙනාද ඉන්නෙ මට ඕන කරන්නේ අපි වෙනුවෙන් ඉදිරියට එන අය දැනුවත් කරන්නයි.උඹ හැපුනේ මගෙත් එක්ක නෙමෙයි පැරනි අමිහිරි අත්දැකීම් එක්ක.

  76. මාතර ආතර says:
    September 20, 2012 at 11:04 am

    @Joseph @සිතිවිලි @නියම සිංහ
    1.
    E W අදිකාරම් තුමා,අපේ නලින් සහ කාලෝ ප්රොපා යන ත්‍රිත්වය තරම්,’තර්කය’ නමැති ‘හොඳට නරකට දෙකටම භාවිතා කල හැකි ආයුධය’ ඉතාමත් දක්ෂ ලෙස භාවිතා කරන්නන් මා මුළු ලොවම දැක නැත.
    2.
    අදිකාරම් තුමාට අනුව නම්,’මම’ නැති කොට,මයිත්‍රී භාවනාව පටන් ගන්න තැනම ”මම නිදුක් වෙම්වා”යයි පැතීම අතාර්කිකය.

    නමුත් කුරා කූම්බින්ටත්/තම සතුරන්ටත් /අනුන්ටත් සෑම තත්පරයකම මෙතැ වැඩි අදිකාරම් තුමා,අද අපේ ලියවිලි සහ එතුමා විස්සෝප වුන-මේ රටේ පස විනාස කරන-හිංසා වාදී-වස පෝර නැති කිරීම වැනි උත්සාහයන් දෙස,බඹ ලොව සිට සතුටින් බලන් සිටිනවා ඇතය කියා මට සිතේ.
    3.
    මෙරට පළමුවන විද්‍යා පාරිභාෂික English to Sinhala ශබ්ද කෝෂය නිර්මාණය කරමින්,”බටහිර විද්‍යාවන් නම්,මව් බසින් උගන්වන්න බැරිය”කියපු සුදු බමුණන්ගේ කට වල් වැසූ,එකල අන්වීක්ෂ බටහිර විද්‍යාවේ /ගණිතයේ සහ ත්‍රිපිටකයේ කෙල පැමිණි අදිකාරම් තුමාගේ අවිහිංසා වාදය,”පනුවන් මැරේය”කියා පොලොව නොකොටන,”බැක්ටීරියා /ඇමීබා මැරේය”කියා වතුර උණුකර බොන්නේ නැති ජයිනයන ගේ ‘මෝඩ අවිහිංසාව’ නම් නොවේය;එවැන්නක් එතුමන් ආදර්ශයෙන්වත් පෙන්වුයෙවත්,අපට නොකරන්නය කියාවත් නොකීවේය/නොලීවේය.

    නමුත්,තම morris minor කාරයේ පැටව් දමා ඇති මීයන්ට කරදර නොකර පාඩුවේ ඉන්නට දී,තම මෝටරිය පටු පාරේ පදවන විට දුටු,පාර පනින කූඹී රැලට යන්නට දී,තම කාරය නවතා පයින්ම පාසලට ගිය මේ ලොව සිටි එකම ‘බුද්දිමත් අවිහිසාවාදියා’අපේ අදිකාරම් තුමා නමැති ලොකු ඉස්කෝලේ මහත්තයය කියා මා සිතමි.

    එසේම,පෙර භවයක සීවලී හාමුදුරුවන් කලාක් මෙන්,බඩගින්නේ තම පැටවුන් කෑමට යන බැල්ලියක් දැක,තමන් මොහොතකට පෙර අහාරයට ගන්න ලද කෑම,තම උගුරට ඇඟිල්ල දමා වමනය කරවා ඇයට කන්නට දී,එම පැටව් මරණින් මුදා ගත් අන්දමේ තරම් මෙතක්/කරුණාවක් අපේ අදිකාරම් උතුමන්ටද සමහර විට තිබෙන්නට ඇතය කියා සිතමි.
    4.
    මෙරටට මිහිඳු මහරහතන් වඩින විට,අදිකාරම් තුමන් වැනි,පෙර බුද්ධ දේශනාවන් අසා,මමත්වය නැති කරගත් වින්ගුන් අතලොස්සක් මෙන්ම,සාමාන්‍ය බුද්ධිය ඇති දේවාම් පියතිස්ස වැනි බහුතරයක්ද,සුළුතරයක් වූ ගස්/ගල් පර්වත වඳින ‘මෝඩ රැලක්’ ද වාසය කරන්න ඇත.

    මේ සියල්ලන්ටම ගස් ගල් වන්දනා නොකර,බෝගස සහ බුදු පිළිම වන්දනාවට යොමු කිරීම,’සිංහල ථෙරවාදී බුදු සසුනේ’ ආරම්භය සමග සිදු වුනාය කියා සිතමි.

    එය අන්ධ භක්තියක් නොවන අතර,
    එහි වරදක් නොදකිමි.
    5.
    Joseph ගේ පහත සඳහන් යෙදුම්,
    ‘ත්‍රිපිටකයට,බටහිර විද්‍යාවට හසු නොවන/’බුදුන් නොවදාළ’දේ, ඔබ්බවා ඇත’ කියන
    බටහිර විද්‍යාවෙන් සහ
    කාලාම සුත්‍රයේ මුල් භාගයෙන් පමණක් මත් වුන,
    අපේ කාලෝ ප්රොපා ඇතුළු ඕල්කොට් බෞද්ධයන්ට/භයුතික වාදීන්ට පිළිතුරුය.

    විශාලා මහ නුවරට වැඩි උන් වහන්සේ අමනුෂ්‍යයන් අමතා “මෙත්තං කාරෝථ මානුසියා පජාය” යනුවෙන් වදාළේ……
    අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි”’
    දෙවියෝ රකිති…
    මෛත්‍රී සමවතින් මතු රහත්වන්නට නොහැකිවී නම් මරණින් මතු බඹ ලොව උපදියි….

    Reply
    • මාතර ආතර says:
      September 20, 2012 at 12:08 pm

      ඉහත කියන ලද අවිහිංසාවාදී වැඩ කරන්නට ගොස් පාසලට යාමට පරක්කු වුන අදිකාරම් තුමා,
      පාසලේ ?අම්බ /?සල් ගස යට විනාඩි පහළොවක් හිඳිමින්,තමන් විසින් පාසලට පමා වී එන ළමුන්ට දෙන ලද දඬුවම ම ආදර්ශයෙන් වින්ද බව ද වාර්තා වේ.

      මා ඇතුළු එම ගසට අධිගෘහිත දේවතාව,මෙවැනි දේ දැක සතුටින් සාධුකාර දුන්නත්,තවෙකෙක්,”මේ අදිකාරම් මොන ගොන් හරෙකෙක්ද” කියා සිතීමටද පුළුවන.

      ”මේ රටේ අනාගතේ බිහිවන ලොකු ඉස්කෝලේ මහත්තයලත් එහෙම ආධාරශමත් වුනානම්” කියා
      මා සිහින දකිමි!

      Reply
    • =/? says:
      September 21, 2012 at 3:19 am

      මාතර ආතර,
      1.උඹේ අදිකාරම් තුමා ගැන මට ඇති ප්‍රසාදය කලිනුත් කීව නොව.බොලන් අපේ බුදු දහමෙන් කොටස් අර ගෙන,නමුත් නොගත්තා සේ ඉඳිමින් ඒ තුලට පුස් තර්ක යොදා ඔහු නැටු විගඩම එකලද මට රුචි නොවීය,දැනුදු එසේමය,හෙටද එසේ වන වගත් දනිමි.කාලෝ දොස්තරතුමා මර්සලින් ජයකොඩි පියතුමා මෙන් සිංහල බොදුකමට ප්‍රිය වුවෙක් නොවේය-ඉදින් ඔහු පුස් තර්ක ගෙන එන්නේ දේව මන්දීරේ සිටය. නලින් සර් ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන්නට උපන් හපනෙකි-එතුමාට උඹ කියන පුස් තර්ක යොදා ගෙන ඔප්පු කර පෙන්වන්නට දෙයක් නැත.එමනිසා පින් සිද්ධ වෙයි මේ ත්‍රිත්වය එක කුලකයකට දමා කාල් නොගා හිටු.

      2.මම නැහැ කියල කියන්නේ මේ ගිහි මම හැම මොහොතේම වෙනස් වන නිසා මිසක් මමෙක් නැති බව නොවේය.පටලවන්නේ නැතිව හිටු.උඹේ අදිකාරම් තුමා යම් ප්‍රමාණයකට බටහිරට ලැදි කමක් දැක්වූ අයෙකි.එබැවින් ඔහු උන්ගේ තර්ක ක්‍රමය යොදා හීන් සැරේ පහර දුන්නේ මෙත පෙන්වූ බුදු දහමටය.මෙත වඩන්නට හැමෝටම බැරිය.වස පොහොර සම්බන්ධයෙන්/මව් පිය දූ දරුවන් අතර තිබිය යුතු සෙනෙහස සම්බන්ධයෙන් ඔහු කියූ දෑ ගැන පැහැදීමක් ඇතත් එයට පාදක වූ බුදු දහම මට ලෝකයක් වටී.

      3.එකඟ වෙමි-ආදර්ශය උතුම් කයිවාරුවට වඩා. එක තැන හිටියොත් පල් වෙනවා කියන මතයේ ඇලිල ඉන්න දැන් මුල් ගුරුවරු නම් කුඹි රැලක් නොවෙයි බන් මිනිස්සු රංචුවක් මීමැස්මොරේ හැදිලා පාර හරහා වැටිලා උන්නත් ඒ උඩින් යවන්නේ තම කාරයම තමයි-මොකද වෙලාවට කලින් පාසලට ගිහින් කල යුතු දෑ හොයනවට වඩා වෙලාවටම හරි, පරක්කු වෙලා එන එක හරි තමයි’දියුණුවේ’මොස්තරේ!

      මී පැටව් හැදෙන්නේ කොහොමෙයි බන්,කාර් එක පලා මල්ලක් නොවුනා නම්!ඒ කියන්නේ අපිළිවෙල,අපිරිසිදු කම කාර් එකේ තිබුන කියන්නේ උඹේ අදිකාරම් තුමා අලසයි කියන එකද?උඹට මේක ඉහල උනාට මට නම් කෝලම් නාටකයක් සේ දැනේ.

      4. උඹ හරි.

      5.අද දක්වා මෙහිදී මා කියවූ ජෝසප්ගේ විවරණ/දැකීම දසත හැමිය යුතු සමන් පිච්ච මල් සුවඳට සම කරන්නට හැක. මගේ කට ඉක්මන් කර ගත්ත නොවේ යයි කියා හිතමි/පතමි.

      Reply
  77. නියම සිංහ says:
    September 21, 2012 at 1:33 am

    දේශ පාලන විවාද වලට සවන්දෙන කොට දේශ පාලකයන් මෙම රූපිකතර්කය අනෙකා යටපත් කිරීමට යොදා ගන්නා ආකාරය බොහෝවිට දැකිය හැක ඒ රූපික තර්කය ගැන අවබෝදයෙන්ම නොවිය හැක
    සංක්‍යා ලේඛන හා රූපික තර්කය එකතු කරමින් ඇත්ත යටපත් කරමින් බොරු ඉස්මතුකිරීම් හා රැවටීම් අනන්තවත් කෙරේ
    අපි නොදැනුවත්වම බෞද්ද තර්ක ක්‍රමයක් හා අනුගතව සිතුවිලි ජනන රටාවක් පැවත ආවත් රටේ නීතිය හා අද්‍යාපනය තුලින් තුලින් මේ වටිනා අපගේ සිතුවිලි ජනන රටාව විනාසකර දමයි ඒ ගැන අපගේ අවධානය ඊලඟට යොමුකරමු.

    Reply
    • මාතර ආතර says:
      September 21, 2012 at 9:54 am

      @නියම සිංහ,

      ඔබ ‘පුරාන තර්ක ශාස්ත්‍ර’පිළිඹඳ research කරමින් අපව දැනුවත් කිරීම ගැන පින්.

      (වියුක්ත සංකල්පය,සාධාරණී කරණය,උද්ගමනය,සංයුක්ත චින්තන ?ප්‍රත්‍යක්ෂ,සංවාහක…etc යන කරුණු ගැන අපේ නලින් ප්රොපා මෙවර විදුසරේ අගනා ලිපියක් ලියා ඇත.)
      1.
      තර්කයත්,නුවනින් විමසීමත්,ප්‍රකාශයත්,ප්‍රශ්න කිරීමත්,උදාහරණ දෙමින්,එකිනෙක වෙන් කර හඳුනා ගන්නේ කෙසේද යන්නත්
      2.
      අමා වැස්ස නව කතාවේ ජයසේන ජයකොඩි තුමන් විසින් නිර්මාණය කරන ලද,ගංගා නම් ගඟේ ගිලෙමින් නෑමට සැරසෙන බමුණාගෙන් සිදුහත් කුමරු අසන ලද,එම බමුණා නිරුත්තර වන අපූරු පැන 2,පුරාණයේ කුමන තර්ක ක්‍රමයකට අයත් වන්නද ද යන්නත් දැනගනු රිසියෙමි.

      Reply
      • නියම සිංහ says:
        September 21, 2012 at 11:34 am

        මාතර ආතර.- මෙය ප්‍රති තර්ක ක්‍රමයයි එනම් තවත් තර්කයකින් පලමු අදහස බිඳ දැමීමයි ක්ශනයකින් යථා ස්වාභාවය අවබොධ වන ආකාරයට බුදු හිමියන් අනෙකාගේ හිත සහ සිතුවිලි නුවනින් බලා දුන් මෙවැනි පිලිතුරුද ඇත
        මම මීට පෙර කීවා සේ යමක එක් පැත්තක් පමනක් පෙන්වා සත්‍ය යටපත් කිරීමට රූපික තර්කය මෙසේ යොදා ගනී ඊට ප්‍රතිවිරුද්ද පැත්ත පෙන්වූ විට මනස තුල නිශේදනය වේ බුදු හිමියන් ලැවුගිනි නිවීමට ප්‍රතිගිනි යවන්නා සේ යයි යම් තැනක මෙය විග්‍රහ කර ඇත කොතනදැයි මට මතක නැත.
        මේ සඳහාද දයලෙක්තික වාදයේ විග්‍රයන් ඇත සිංහලෙන් අපෝහක වාදය යන නම දයලෙක්තික වාදයට කවුරුන් හෝ තබා ඇත ඊටම ද්වි ඝටනාත්මක වාදය යයිද කියයි මගේ මතය අපොහක යන නම වඩාත් ගැලපෙන බවයි.බුදු දහමේද ඇලීම ගැටීම නිසා ලොව ඇති හැම දෙයක්ම වෙනස් වෙමින් පවතින බව කියයි.
        මම වෙහෙසෙන්නේ මේවා බරපතල නොවන සරල බාසාවකින් විග්‍රහ කිරීමටයි ඒ සඳහා මගේ මවුබසේ අපමන ඉඩ ඇති බව පෙනේ ඔබගේ අවබොදාත් මක ප්‍රතිචාරය ඊට නිදසුන්ය.

        Reply
        • මාතර ආතර says:
          September 21, 2012 at 6:31 pm

          @නියම සිංහ

          1. ප්‍රති තර්ක ක්‍රමය දැන් පැහැදිලිය.පින්!

          2.රූපික තර්කයක අර්ථ දැක්වීම සහ අනිත් තර්ක වර්ග මොනවාද?

          3.දයලෙක්තික ( අපෝහක වාදය /ද්වි ඝටනාත්මක වාද) වලට උදාහරණ මොනවාද?

    • නියම සිංහ says:
      September 21, 2012 at 4:37 pm

      මිනිසුන්ගේ සිතුවිලි නොකඩවා ජනනයවේ මේවා එක් එක් ආගම් අදහන්නන්ට භෞතික වාදීන්ට ඒ විතරක් නෙමෙයි එකම දර්ශනයක් පිලිගන්නා පුද්ගලයාගෙන් පුද්ගලයාටද වෙනස්ය.
      ඔක්කොම ආගම් එකයයි පිරිසක් කියයි ඒ ඔහු කිසිම ආගමක් නොදන්නා නිසා විය හැක. කාන්තාරයේ ඔටුවකු දකින බෞද්දයකු තුල ජනිතවන සිතුවිලිත් මුසොල් මානුවකුට හා ක්‍රිස්තියානියකුට ඇතිවන සිතුවිලිත් වෙනස්ය. භෞතික වාදියා දකින්නේ ආගමික සංකල්පයන්ගෙන් බැහැරවය. එමෙන්ම ඌරකු දැකීමෙන් ඇතිවන සිතුවිලිත් එකිනෙකාට වෙනස්ය. තර්කයේදී මතුවන්නේ මේ ඔස්සේ ජනනය වන සිතුවිලිය.
      ඔබ මේ ඔස්සේ මදක් ඔබගේ සිතුවිලි ධාරාව අවදි කර බලන්න.

      Reply
  78. මාතර ආතර says:
    September 21, 2012 at 11:16 am

    @+/?

    1.
    +/?says ”බොලන් අපේ බුදු දහමෙන් කොටස් අර ගෙන,නමුත් නොගත්තා සේ ඉඳිමින් ඒ තුලට පුස් තර්ක යොදා ඔහු නැටු විගඩම එකලද මට රුචි නොවීය”+/?

    මීට අවුරුදු 5 කට පමණ පෙර,මා මිතුරු බටහිර ඩොකෙක් කියන ලද කතාවක්,මීට එක හේතුවක් ලෙස ගෙන හැර දැක්විය හැක.

    ඇමෙරිකාවේ New York වල වෙද විදුහල්-University එකක,මනෝ-ලෙඩ ගැන කෙල පැමිණි,හම සුදු-ඇමෙරිකානු-විෂග්න්න ඩොකෙක්,බුදු දහමේ දැක්වෙන භාවනා ක්‍රම උගෙන,ඒවා ඇසුරෙන්,නමුත්,බුදු දහම යන වචන දෙක කිසිම විටෙක සඳහන් නොකර, Meditation classes මහජනයාට සහ සමහර මනෝ ව්‍යාධි ඇති අයට ?නොමිලේ පවත්වයි.

    මෙම භාවනා පන්ති වල ප්‍රතිපල ඉතාමත් සාර්ථක බවත්,සමහර මනෝ ලෙඩ හොඳ වන බවත්,ඒවාට බොහෝ දෙනා උනන්දුවෙන් ඒවාට සහභාගී වන බවත්,එනමුත් තමන් එම භාවනා උගත්තේ බුදු දහමින්ය කියා ප්‍රසිද්ධියේ නොකියන්නේ,එසේ කීවොත් කිසිවකු ඒවාට සහභාගී වන්නේ නැති බව තමන්ට හැඟෙන නිසාය කියා එම ඩොකා බටහිර විද්‍යා සඟරාවකට ලියා තිබුණේලු.

    ඉන්දියාවේ බ්‍රාහ්මණ කුලයක විනිසුරු වරයෙකුගේ ගේ පුතෙකු වූ, වයස ?15 පමණ පටන් එංගලන්තයේ LONDON හි හොඳම පුද්ගලික පාසලක නේවාසිකව ?spoon feed කරමින් ඉස්කෝලේ පාඩම් උගත්,ක්‍රිෂ්ණ මුර්ති තුමා වනාහි,පාඩම් කිරීමට අවශ්‍ය මතක ශක්තිය අතින් හීන-කවදත් ඉගෙනීමට ඉතාමත් අදක්ෂ සිසුවෙක් වුන අතර,අපේ E W අදිකාරම් තුමා ඊට ප්‍රති විරුද්ධව,මතක ශක්තියෙන් අනුන,පාසලේ පාඩම් ප්‍රගුණ කල genius කෙනෙක් වී,තරුණ කල ත්රිපිටකයේද අභිධර්මයේද කෙල පැමිණියෙක් විය.එතුමන් London සරසවියෙන් ලක් බුදු සමයේ ඉතිහාසය ගැන PhD එකද ලබා ගත්තෝය.

    ”ඔබ තුමන් දෙසන්නේ බුදු දහම නේද ?” යන පැනය ක්‍රිෂන මුර්ති තුමන් ගෙන ඇසු විට,එතුමන් නිතර කියා සිටියේ,ධම්ම පදයත් බුද්ධ චරිතය ගැන කුඩා පොතකුත් හැරෙන්නට බුදු දහම ගැන කිසිවක් එතුමන් උගත්තේ නැති බවයි.

    අපේ බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවන් පිට රටකදී ක්‍රිෂ්ණ මුර්ති තුමන්ගේ දේශනයක් අසා,’මේ නම් මතු බුදුවන උතුමෙක් විය හැකිය’කියා අනුමාන කොට,එම දේශනාවන් ඇසීමට යන්නය කියා අදිකාරම් තුමන්ට නිතර ලිපි යවා ඇත. එම ලිපි අපේ අදිකාරම් තුමා ගණන් නොගෙන හිටියත්,හදිසියේ ලැබුන එතුමන්ගේ පොතක් කියවූ අපේ E W අදිකාරම් තුමා ඒ මොහොතේ පටන්,(වයස අවුරුදු ?45) සම්පූර්ණයෙන්ම වෙනස් වී,ක්‍රිෂ්ණ මුර්ති යන මග යමින්,නුගේගොඩ අනුලා ළදරු පාසල අසල ලංකාවේ ක්රිශ්නමුර්ති මුලස්ථානය ගොඩ නගන ලදී.(එතනින් මෙතුමන් දෙදෙනාගේම පොත් මිල දී gatha හැක.)

    අපේ E W අදිකාරම් තුමාත්,Jiddu Krishnamurthi තුමත් උත්සාහ කලේ (සහ මෙතෙක් මෙහි සංවාදයේ යෙදෙන සිතිවිලි ඉඳහිට කිපුනත්,විස්සෝප වුනත්,’දෘෂ්ටි’වලට බර නොවී,අපේ සාකච්චා,අපට ප්‍රත්‍යක්ෂ වන දේ ආධාර කර ගෙන පමණක් ‘හොඳ තැනකට’ ගෙනයාමට උත්සාහ කිරීමත් ) එකම දේ යයි මට සිතේ.
    2.
    +/? says’පින් සිද්ධ වෙයි මේ ත්‍රිත්වය එක කුලකයකට දමා කාල් නොගා හිටු.’+/?

    එම ත්‍රිත්වය-අපේ නලින් ප්රොපා,කාලෝ ප්රොපා සහ අදිකාරම් තුම-මා එක ගොඩකට (කුලකයකට) දැමුවේ,මෙතුමන්ලා තරම් තර්ක කිරීමේ දක්ෂ තිදෙනෙක් මා මුළු ලොවම දැක නැති බව කීමට පමණි.
    3.
    +/? says’උඹේ අදිකාරම් තුමා යම් ප්‍රමාණයකට බටහිරට ලැදි කමක් දැක්වූ අයෙකි.එබැවින් ඔහු උන්ගේ තර්ක ක්‍රමය යොදා හීන් සැරේ පහර දුන්නේ මෙත පෙන්වූ බුදු දහමටය.’+/?

    එතුමන්ගේ සිතිවිලි වල හෝ කතාවල ඔබ කියන්නක් කිසිවිටෙකත් ජනිත නොවූ බව,අපේ අදිකාරම් තුමන් ගේ දේශනා වලට / සාකච්චා වලට සහභාගී වුන මට එක හෙලා කිව හැක.
    4.
    +/?says මී පැටව් හැදෙන්නේ කොහොමෙයි බන්,කාර් එක පලා මල්ලක් නොවුනා නම්!ඒ කියන්නේ අපිළිවෙල,අපිරිසිදු කම කාර් එකේ තිබුන කියන්නේ උඹේ අදිකාරම් තුමා අලසයි කියන එකද?උඹට මේක ඉහල උනාට මට නම් කෝලම් නාටකයක් සේ දැනේ.+/?

    කිසි සේත් වෙන්න බැරිය.යතාවාදී තථාකාරී අපේ අදිකාරම්න් තුමා කීවේ,ගෙවල් පිරිසිදුව තියන්/බඩු අඩුවෙන් තබා ගෙන හිටියොත්,කැරපොත්තන්/මකුළුවන්/මකුණන් සෑදෙන ප්‍රමාණය අඩු වන නිසා, නොමරා සිටීමට ඇති සම්භාවිතාව වැඩි බවය.

    කාරයක ජනේලයක් හැර ඇතුල පිරිසිදුව තබා සිටියොත් ඒක වෙන්න පුළුවන්ය.ගෙදර සිටින්නේ සාන්තුවරයෙක් බව මී අම්මට සිතුන වත්ද?
    5.
    +/?says ‘අද දක්වා මෙහිදී මා කියවූ ජෝසප්ගේ විවරණ/දැකීම දසත හැමිය යුතු සමන් පිච්ච මල් සුවඳට සම කරන්නට හැක. මගේ කට ඉක්මන් කර ගත්ත නොවේ යයි කියා හිතමි/පතමි’+/?

    100% එකඟයි,නමුත් ඔහු ඉඳ හිට Anonymous one orig වනමින් ගන්දස්කාර වාතද පිට කරයි!

    .

    Reply
  79. මාතර ආතර says:
    September 22, 2012 at 11:49 am

    @සිතිවිලි,

    මේ රටේ බහුතර ගැමි (සහ ගොවිකමේ යෙදෙන ) සිංහලයාගේ නස්පැත්තියට හේතුවන්නා වූ
    ‘හිකනල් ගුණ’ කීපයක්,
    මට හිතෙන හැටියට,පහත දක්වමි.
    1.
    ”ඉංග්‍රීසි වේවා,ජර්මනි වේවා සිංහල වේවා දෙමල වේවා,’නැති’ ජාතියක් ගැන කතා කරන්නේ,බෙහෙත් දී හොඳ කල යුතු / අංගොඩ සිටිය යුතු ‘පිස්සන්’ රැලක්ය,එම නිසා මහාවංසය ගිනි තැබිය යුතුය” කියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිංහලයන් සමග නිරූපද්‍රිතව වාසය කල,අපේ E W අදිකාරම් තුමා වැනි
    ‘අස්මිමානය’ දුරු කල ඇත්තෙක් හැරෙන්නට,
    ‘සිහල තේරවාදී බුදු සසුන’ යන පද දුටු විටම කහඹිලියා ගෑවුනා සේ කුලප්පු වන්නන්.
    2.
    ‘සිංහල ථෙරවාදී බුදු සසුන’ නිසා මෙරට ඇතුළු මෙරටේ වාසය කරන සිංහල,දෙමල,මුස්ලිම්,ජා,චීන,burger යනාදී ජනයා රැකුන බවත්;

    මහා වංශයේ සඳහන් වන පරිදි සිංහලයන් නිසා ‘සිංහල ථෙරවාදී බුදු සසුන-මුල් ඇදුන-මෙරට රැකුන බවත්,
    ‘සම කරුණා ගුණ මහිමේ-අප උපදින් ලද උරුමේ’ (තිබෙනුයේ) සහ ‘මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි’ යනුවෙන් මහගම සේකරයන් ලීවේ එනිසා බවත්;

    පිළිම නෙලා නැති සිංහල,දෙමල,මුස්ලිම් විරුවන් නන්දිකඩාල් යන තෙක් තම දිවි දන් දුන්නේ එම පදනම නිසා බවත් මා සිතමි.

    මෙම ලියවිල්ලේ හරය නොහඳුනන්නන්.
    3.
    මෙරට ජාතිවාදී පදනමකින් 2 ක 3 කට කැඩීමට පදනම දමමින්,සිංහලයට නැති දෙමල සහ මුස්ලිම් ජනයට පමණක් ඇති ප්‍රශ්න එලි පිට ප්‍රකාශ නොකර,පිට රට සුදු බමුණන්ගේ ලනු ගිල,හඳුනා නොගත් ප්‍රශ්න වලට විසඳුම් ලෙස උතුර නැගෙනහිර එකතු කර ඉඩම්/පොලිස් යනාදී ‘බලය’ දීම වැනි ‘කනා පොට්ටේ-කබලෙන් ලිපට වැටෙන විසඳුම්’ දෙන ගමන්;

    බටහිර රටවල ඉතිහාසයෙන් එම රටවල ප්‍රධාන බසට සහ ප්‍රධාන ආගමට හිමිතැන ලැබීම වැඳලා පිළිගන්න ගමන්,මේ රටේද ඉතිහාසෙට අනුව,
    එය එසේ වීමට විරුද්ධව කුලප්පු වන සහ අනුන් ද කුලප්පු කරවන වික්‍රමබාහු කරුණාරත්න වැනි
    ‘සිංහල සුදු බමුණන්’/ඕල්කොට් බෞද්ධයන්.
    4.
    පේරාදෙනි ගුරුකුලේ ගැවෙසමින් බටහිර කාමකතා කොපිකරමින් ‘කරුමක්කාරයෝ’වැනි ‘පුස් නවකතා’ ලියු ‘ඒ ගුණදාස අමරසේකර බටහිර දත් ඩොකා’
    සහ ”එම කරුමක්කාරයෝ නවකතාව,සිංහල නවකතාවේ ඉදිරි ප්‍රගමනයට හොඳය” කියා වැනු ‘ඒ සරත්චන්ද්‍ර’ වැනි මහැදුරන්.
    5.
    බුදු බව ලැබීමට පෙර භව වල පාරමිතා පාමින්,අවිහිංසාව ප්‍රගුණ කර ගත්,සසර පුරුද්දක් ඇති සිදුහත් කුමරු,
    ”සෙල්ලමට,පියාඹන කුරුල්ලන්ට ඊතල විද අහක බලාගත්තය” කියා
    බවතරන නව කතා ලියූ,
    පෙර භව ගැන විශ්වාස නොකළ
    ‘ඒ මාටින් වික්‍රමසිංහ’.
    6.
    මේ රටේ පිනට ජාතික චින්තනය බිහිකරමින් නන්දිකඩාල් යාමට පාර සෑදීමට පෙර,
    එකල ‘සිංහල ථෙරවාදී බුදු සසුනට ප්‍රතිවිරුද්ධ’
    මාක්ස්වාදයෙන් මත්ව සිටි ‘ඒ නලින් ප්රොපා’
    7.
    ලනු ගිලිමින් ‘බොරු සුදු කොඩි කතා’ කියා වැඩ අනා ගත් ‘මේ සරත්’.
    8.
    ”මේ රටේ සිංහල සංගීතය එක තැන පල් වෙනවය” කියා,බටහිර ඔපරා කොපි කරමින් සිංහල හඬ ඒවාට කවමින් ඉදිරිපත් කල ‘ඒ කේමදාස ශූරින්’
    සහ ඒවා ඔස්ට්‍රලියාවෙන් විත් ගායන කල ‘ඒ බුලත්සිංහල දෝණියන්දෑ’ .
    9.
    සිංහල ථෙරවාදී බුදු සසුනේ හරයන්ට සම්පූර්ණයෙන්ම ප්‍රති විරුද්ධ ලෙස,
    ‘දුබල’ නවකයන්ට ‘නවක වදේ’ දී ආතල් ගන්නා වූ,මාගේ මිතුරන් ද වූ,’බූරු සිංහල බෞද්ධ ජෙෂ්ටයන්’,
    සහ
    දෙසම්බර් 31 වනදා රාත්‍රී 12 රතිඥා පත්තු කරමින් ආතල් ගන්නා වූ
    මාගේ නෑයන් ද වූ ‘සිංහල බෞද්ධ මෝඩ රැල’.
    (මා මේ රටේ බහුතරයට අයත් සිංහල බෞද්ධයෙක් ලෙස තවමත් ලජ්ජා වන්න වූ කරුණු දෙකකි,මේ!)
    10.
    ඉංග්‍රීසි බැරිව ගමෙන් කොළඹට ආ
    හද්ද ගොඩයේක් වූ,
    කොළඹ පාසලේ දී පන්තියේ ඉංග්‍රීසියෙන් කඩුව දාපු ප්‍රභූ ළමුන්ට,
    තමන් ආ ගම කුමක්ද කියා කීමට ලජ්ජා වූ
    ‘ඒ මාතර ආතර’!

    (මගේ කොන්ද කෙලින් කල
    ‘මේ නලින් ප්රෝපාටත්’/ ‘මේ ගුණදාස අමරසේකර දත් ඩොකාටත්’ මගේ ප්‍රණාමය!!)

    Reply
    • Sith says:
      September 23, 2012 at 3:09 am

      @ මාතර ආතර

      “අපේ E W අදිකාරම් තුමා වැනි ‘අස්මිමානය’ දුරු කල ඇත්තෙක්”

      අස්මීමානය අනාගාමී පුද්ගලයා තුලත් පවතී. අස්මීමානය මුළුමනින්ම දුරුවන්නේ අරහත් පලයේදීය. අධිකාරම් තුමා රහත් පලයට පත්වීද?

      අනෙකුගේ මාර්ග පලයක් නිසැකව දැන ගැනීමට ඔබට ඊට ඉහල පලයක් තිබිය යුතු වේ. ඔබ රහත් වී නැතිනම් අධිකාරම් තුමාගේ අස්මීමානය දුරුවීම පිලිබඳ ඔබට ඇත්තේ ඇදහීමකි.

      බෞද්ධයාගේ ඇදහීම, (ශ්‍රද්ධාව) ඇත්තේ තෙරුවන කෙරෙහි පමණි. බුදුන්ගේත් සැරියුත් මුගලන් ආදී මහා රහතුන්ගේත් නිකෙලෙස් බව අපි අදහමු.

      අධිකාරම් ඇදහිල්ල අත හරිනු. බුද්ධ ඇදහිල්ල අර ගනු. ඔබ නිවනට සමීප වීමට හේතු වේ.

      අධිකාරම් සරණ ගොස් ඇති, අදහන ඔබත් සිරිසමන්තබද්‍ර සරණ ගොස් ඇති, අදහන ඇතුළාන්තයත් (ළඟකදී නොදිටිමි.) අතර වෙනසක් නැත.

      අවිහින්සවාදී භෞතිකවාදියෙකු බව පෙනෙන අධිකාරම් තුමා මම නැති බව තර්කයට යොදා ගෙන අත. මා ද කුඩා කල එලෙස තර්ක කලෙමි. තර්කයෙන් දින්නෙමි. ඒ මෝඩකම හා කපටි කම බව පසුව වටහා ගතිමි. එහෙත් බුදුන් වහන්සේ මේ ගැන තර්ක වලට ඍජු පිළිතුරු දී නැත. මම නැති බව ප්‍රත්‍යක්ෂ ඥානයෙන් අවබෝධ කල යුතු බැවිනි. තර්ක ඥානයට ගෝචර නොවේ. අධිකාරම් තුමා මම නැති බව තර්ක දිනීමට යොදා ගත්තේ තිබුණු අධික මමත්වය නිසාම යයි සිතමි. සිතිවිල්ලලකි.

      Reply
      • සිතුවිළි says:
        September 23, 2012 at 10:55 am

        සිත්,
        අගෙයි සොයුර, ඔබ ඉතා වටිනා අදහස් ටිකක් මතුකොට ඇත. ඔබ වැන්නන්සකච්චා සභාවකට අගනා සම්පත්ය.
        අධිකාරම් තුමා වැනි උතුම් මිනිසෙකු අවංකවම අවිහින්සා වාදියෙකු ලෙස දකිමින් හා බෞතික වාදී කම දකිමින් එහෙත් හෙලා නොදකිමින්, එතුමා ඇදහීමෙහි ඇති වරද පෙන්වා දෙමින් ඔබ ඉතා වටිනා අදහසක් මතුකරයි. බෞද්දයෙකු සතුවිය යුතු මේ ගුනය සැම දෙනම වැඩිය යුත්තකි.

        ආතර සොයුර, ඔබට පිළිතුරක් පසුව ලියන්නම්

        Reply
  80. මාතර ආතර says:
    September 23, 2012 at 2:33 pm

    @සිත්
    @සිතිවිලි
    1.
    අපේ E W අදිකාරම් තුමාත්,Jiddu Krishnamurthi තුමත් උත්සාහ කලේ ද ,මෙතෙක් මෙහි සංවාදයේ යෙදෙන සිතිවිලි මෙන්,

    (සිතිවිලි Anomymous one orig බුදු දහමට විරුද්දව ලියු දේ ගැන නොකිපී,දඹර අමිල හිමි ගැන බුදු බන ගැන කී දේ ගැන පමණක් කිපුනත්,+/? ගේ ලියවිල්ලට අනුව සිතිවිලි ගැන ලියු ‘කේමදාස මෙන් බටහිර අනුකාරක දැක්මට’ විස්සෝප වුනත්)

    ’දෘෂ්ටි’වලට බර නොවී සිටීමට උත්සාහ ගෙන,අපේ සාකච්චා,අපට ප්රිත්ය ක්ෂ වන දේ ආධාර කර ගෙන පමණක් ‘හොඳ තැනකට’ ගෙනයා ම ට
    උත්සාහ කිරීම ම යයි ද /එකම දේ යයි ද,
    එතුමන් දෙදෙනාගේම සාකච්චා වලට සභාගි වූ මට සිතේ.
    මට සිතේ.

    ඉහත සඳහන් ලියවිල්ල දුටු විට
    සිත් විසින් මට මෙසේ ලිවීමට උත්සුක වේද?
    ”මාතර ආතර,සිතිවිලි අදහන්නෙක් නොවෙව්”

    එසේත් නැත්නම්,එය දැක සිතිවිලි මා හට මෙසේ ලියය් ද ?”මාතර ආතර,මාවවත් අදහන්නෙක් නොවෙව්”

    මා හට,ඇදහිලිවලට විරුද්ධව කවදත් කතා කල
    අපේ අදිකාරම් තුමා සහ J ක්රිෙෂ්ණ මුර්ති තුමන් ගැන කිව යුත්තේද
    එයමය.
    2.
    මා කරන්නේ එතුමන් දෙදෙනාගේ කියවිලි /ලියවිලි වාර්තා කිරීමක් මිස
    එතුමන්ලා ඇදහීමක් නම් නොවේ.
    3.
    අපේ අදිකාරම් තුමන්ගේ ඉල්ලීමට විරුද්දව
    විජේවික්රමයන් විසින් ලියන ලද එතුමන්ගේ ජීවිත කතාවත්,

    J ක්‍රිෂ්ණ මුර්ති තුමන් ගේ අවසරය පිට
    Mary Lutyeans විසින් ලියා ඇති J Krishna murthi තුමන් ගේ ජීවිත කතා දෙකම කියවා ඇති මට,

    අපේ අදිකාරම් තුමා J ක්රිලෂ්ණ මුර්ති තුමන්ට වඩා අසමිමානය දුරු කල කෙනෙක් කියා නම්
    කිව හැක.

    Reply
    • සිතුවිළි says:
      September 23, 2012 at 9:59 pm

      ආතර සොයුර ඔබ හා මා අතර මෙන්ම මෙහි සාකච්චාවේ නිරත වන සැම දෙනා අතර ඇත්තේ ඇදහීමක් නොව, එකිනෙකා ගේ අදහස් වලට ගරු කරමින් අවබෝධකරගනිමින් ඇති උනු එක්තරා බැඳීමකි.
      එසේම ඔබ විසින්ම ඔබ සතුවද ඒ “හිකනල්” ගති පැවති බව දැකීම කෙතරම් අගනේද. අප සියල්ලන් තුලම අප් නොදකින් දුබලතා බොහෝය. ඒ අතරින් එකක් දැක ගැනීම කෙතරම් වාසනාවක්ද.
      දුබලතා ශක්තීන් කරගැන්මට එය හඳුනා ගැනීම මූලික පියවර බව ඔබ දනී.
      කෙසේ වෙතත් මා අනෙකෙකුගේ තුල එවැනි දුර්ගුණ ඇතිදැයි නොසොයමි. (අඩු ගනනේ නොසොයා සිටීමට වෙර දරමි ) මා තුල නිතර සොයා බලමි. හමුවූ විට එයට පහර දෙමි. ඔබ යමෙකු පෙන්වා දුන් විට නිවැරදි කර ගැන්මට තැත් දරමි.
      අධිකාරම් තුමාගේ හෝ ක්‍රිශ්න මූර්ති තුමාන් හෝ ජයසේන ජයකොඩියන් තුල එම දුර්ගුන නොදකින ඔබ, කේමදාසයන්, මාර්ටින් වික්‍රමසිංහයන්, සමන්තභද්‍රයන් තුල එය දකියි. එහෙත් දෙවැනුව මා කිවූ තිදෙනා තුල ඔබ විඤ්ඤූත්වයක් නොදකී.
      මේ කිසිවෙකුත් පිරිපුන් විඤ්ඤූන් ලෙස නොදකින මා, ඔවුන් කිසිවෙකුත් “හිකනල් ගනයටද නොදමමි.
      මේ සියල්ලන්ගේම දෙසුම් හෝ නිර්මාණ නොඇලී නොගැටී කියවිය හැකි තැනකට ලඟාවීම අපගේ ජයග්‍රහනයයි.
      රේරුකානේ මහ නා හිමියන් දෙස බලන ඇසින්ම සමන්ත බද්‍රයන් දෙස බැලිය හැකිනම් අප පිරිපුන් මිනිසුන්ය. එහෙත් තවම එයට යා යුතු දිගු දුරක් ඇත.
      යා යුත්තේ කොතැනටදැයි දැන සිටීම ගමන පහසු කරවයි.
      දඹර අමිල නම් වූ පුද්ගලයා කෙරෙහි මා නොකිපෙමි, එහෙත් මට අනුව ඔහු බෞද්ධ භික්ශුවක නොවේ. එම නිසා දහම හා ඔහු අතර මට සම්බන්දයක් නොමැත. බුදු දහම හා බැරැක් ඔබාමා නොගැලපෙන්නාක් මෙන්.
      සත්ත්‍ය වශයෙන්ම මා අදිකාරම් තුමාගේ දෙසුම් හෝ ක්‍රිශ්න මූර්ති දෙසුම් හදාරා නැත. එම නිසා එය ගැන දන්නා ඔබේ මතයට අභියෝග නොකරමි.
      එහෙත් බුදු බන දන්නා අපි බුදු බන නොකියවා ඒ සමාන බණක් දෙසන (ඔබට අනුව ) අරහත් සම්මා සම්බුද්ධ නොවන බව දනිමින් ක්‍රිශ්න මූර්ති දහමක් හැදෑරීම මට නම් කාලය කා දැමීමක් විය හැක. සම්මා සම්බුදු කෙනෙකුන් විසින් මනා කොට දෙසූ දහමක් අප සතුව ඇති බව අප සැම පිළිගන්නා උද්විය යි.
      අට්ට පුරිස පුග්ගලා කොටසට අයත් මහා සංඝයා විසින් දෙසන ලද දහමද ඊට අමතරව අප සතුව ඇත. ක්‍රිශ්නමූර්ති තුමන් අට්ට පුරිස පුග්ගලා යන කොටසට වැටෙන්නෙකුදැයි මා නොදනිමි.
      බුදු දහම හා අසමාන දහම් දෙසූ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් හෝ හින්දු දේව දහමේ ඉගැන්වීම් ඉගෙනීම මාහට ඊට වඩා වැඩදායකය.

      Reply
      • මාතර ආතර says:
        September 24, 2012 at 9:38 am

        @සිතිවිලි,
        1.
        සිතිවිලි says ,”මේ සියල්ලන්ගේම දෙසුම් හෝ නිර්මාණ නොඇලී නොගැටී කියවිය හැකි තැනකට ලඟාවීම අපගේ ජයග්ර,හනයයි.”සිතිවිලි

        පුනභව / කරුම පඩිසන් දීම ඇත්තද නැද්ද කියා නොවැටහෙය කියූ,
        අපේ අදිකාරම් තුමා සහ J ක්රිශ්නමුර්ති තුමාන්ලා කීවේ ද ඕකමය.

        එකල ලංකාදීප පත්තරෙන් අපේ අදිකාරම් තුමා එක්ක වාද කල හාමුදුරුවරු,
        ”අදිකාරම් තුමා,ත්රිපපිටකයේ සුත්ත නිපාතයෙහි ” හි දක්නට ඇති කරුණු පමණක් ගෙන හැර,
        බුදු බන යන පද භාවිතා නොකර,
        එයම දේශනා කරන්නේය කියා ලීවෙලු!
        2.
        සිතිවිලි says ”’රේරුකානේ මහ නා හිමියන් දෙස බලන ඇසින්ම සමන්ත බද්රහයන් දෙස බැලිය හැකිනම් අප පිරිපුන් මිනිසුන්ය.”සිතිවිලි

        ඔබ වනන බද්දර හිමි,බුදු පිළිම කොපිකරමින්,face book හි ‘හස්ත මුද්රාන දමාගෙන/අඩවන් වූ දෑසින්’පොටෝ දා ගෙන ඉන්න ‘අනුන් රැවෙටන සුළු-බක තපස් ලීලාව’ ගැන මගේ කිසිම පැහැදීමක් නැත.
        3.
        සිතිවිලි says ,”දඹර අමිල නම් වූ පුද්ගලයා කෙරෙහි මා නොකිපෙමි, එහෙත් මට අනුව ඔහු බෞද්ධ භික්ශුවක නොවේ”.සිතිවිලි

        මේ සඳහා ඔබ දැනට ලියා ඇති හේතුව නම්,
        ”බුදු රදුන් එකල තිබු සියලු ආගම් වල එකතුවක් ගෙන,තම දහම ඉදිරිපත් කළාය” කියා ඒ හිමි ප්රූසිද්දියේ ප්රතකාශ කල බවයි.

        මෙවැන්නක් අමර හිමි දෙසුවාය කියා මා කිසි පුවත් පතක හෝ Utube හි අමර හිමිගේ ගේ කතාවල හෝ දැක නැති අතර, Anonymous one orig විසින් බුදුබණ වනාහි හින්දි කොපියක් ය කියා LCN හි ලියන විට, ඔබ ඒ ගැන සද්ද නැතිව හිටි එක ගැන මම වික්ෂිප්ත වෙමි.

        Reply
        • සිතුවිළි says:
          September 24, 2012 at 4:14 pm

          1,
          මා ඔබ සමග පුනර්භව සන්කල්පය තවම මට නොවැටහේ යයි කී විට ඔබ මා හා ගැටුණි, මා බුදු බන ප්‍රතික්ෂේප කරන්නෙකු දැයි ප්‍රශ්න කලේය. එහෙත් එයම අදිකාරම් තුමා විමසන විට ඔබ පිළිගනී.
          පුඋර්ව නිගමන ඔබව ගෙන යන හැටි දකින්න.
          කාර්ම සංකල්පය මා යම් දුරකට දැක ඇති නිසා ම එය හඳුනමි.
          ඔබ කියන්නෙහි නිවැරදි බවක් ඇත, එනම් දහමෙහි මුලයන් හඳුනා සිත දියුණු කල කෙනා පවසන දේ තමන් නොකියවූ දහමක් සමග සමපාත විය හැක. ක්රිශ්නමුර්ති තුමන් එවැන්නකු විය හැක. එහෙත් අපට වටහා ගැනීමට බුදු බනම ඇත.
          මෙඅ අනුව අදිකාරම් තුමා සමග වාද කල භික්ෂුන් මෙන්ම එතුමාද නිවැරදි යයි සිතමි.
          2,
          බද්දර හිමි කෙනෙකු ගැන මා කියා නැත, මා කීවෙ “සමන්ත බද්රයන්” කියයි එසේම අනෙක් පසින් කිවේ “රේරුකානේ මහා නා හිමි” කියයි. මෙහිදී මා කීමට තැත් දැරුවේ රේරුකානේ හිමියන් වැනි අතිශය ගෞරවනීය හිමිනමක් හා එහි අනෙක් පස වූ පුද්ගලයෙකු දෙස එකම අයුරින් බැලීමට තරම් අප දීයුනු විය යුතු බවකි. නැතිව මා විසින් ඔබ හෙලා දකින පුද්ගලයා වැනුවා නොවෙයි. තව දුරටත් කිවොත් රහතකුගේ දැක්ම අප විසින් ලඟා කරගත් යුතු බවයි මා කිවේ. දිගු දුරක් යා යුතු බව කිවේ එනිසයි.
          3.
          දඹර අමිලයන් නාරද බක්මීවව නම් නිවේදකයා සමග සහබාගි වූ රුපවාහිනි සාකච්චාවකදී ඔහු මෙසේ පවසන අයුරු මා එම වීඩියෝව නැරඹුවේ “මුරගල” කණ්ඩායම විසින් යවනු ලබූ ඊ-මේල් පණිවුඩයක් මගින් ලැබුණු යු ටියුබ් ලින්ක් එකකිනි. එහිදී ඔහු ඉතා පැහැදිලිව බුදුන් එකල ඉන්දියාවේ තිබු සියලු ආගම් එකතු කර එහි “කරීම්” එක ගෙන බුදහු දහම ලෙස ඉධිරිපත් කල බව පවසයි. අවාසනාවකට මා සතුව එම ලින්ක් එක දැනට නැත.
          කෙසේ උවත් බුදුන්ගේ දහමට උඩින් මාක්ස් ලෙනින් අදහන්නෙකු බොදු බික්ෂුවක විය නොහැකියි මා සිතමි. හුදු බික්ෂුවෙශ්ධාරියෙකු පමණකියි සිතමි.
          මා මෙසේ සිතු පමණින් ඔබ එසේ සිතිය යුතුයි මා නොකියමි. ඔබට එසේ සිතීමට සාක්ෂි ඉදිරිපත් කිරීමටද අවැසි නැත.
          එම නිසා ඔබට ඔහුගැන ඇති දැක්ම එලෙසම තබා ගන්න ඔබ ම දන ගන්නා දෙයින් තීරණ ගන්න.

          ඇනොනිමස් වන් ඔරිග් යනු දහමෙහි අබාශය නොලද හුදු පුහුදුන් දෘෂ්ටි වාදී ගිහියෙකි. ඔහු බුදුනට හෝ දහමට ගරහන්නේ නොදන්නා කමට බව පැහැදිලිය. එහෙත් චීවරයක් දරන්නෙකු එසේ කීම හිතා මතා බෞද්ධයා මුලාවෙහි යෙදවීමකි. එම නිසා මා මේ දෙදෙනා කෙරෙහි පවතින අයුරු වෙනස්ය. ඔබ එය දුටුවා නිවැරදිය.

  81. =/? says:
    September 24, 2012 at 8:50 pm

    මාතර ආතර අයියණ්ඩි,උඹේ ඔය ඔළුවේ වහල ඉන්න කණාමැදිරි දෙන්නව එලව දාපන්. ඔය එළියෙන් පෙනෙන දහමක් මට නම් නැත. දිවිය පුරා දැල්වුණු අකාලික දහමක් අපට ඇත. එය රකින්නට වරෙන්-උඹ ඉස්සර කොලා වාගේ.
    සිතුවිළි මලේ,උඹත් බලාපං ‘ඔය හැමෝ ගාවම ගත යුත්තක් ඇත’කියල-වැනී නොඉන්නට.දොන් නම් දොන් බන්!

    Reply
    • සිතුවිළි says:
      September 24, 2012 at 9:49 pm

      සොයුර, මා තවම ඇලීම හා ගැටීම වලකා නැත. එහෙත් එසේ පැවතීමට වෙර දරමි. අනෙකෙකුගේ මතවාද ලෙස බුදු දහම ඉගෙනීමට කැමැත්තක් නැති උවද, බුදු දහමට වෙනස් ඉගැන්වීම් සිහියෙන් විමසීමට මාහට ආත්ම ශක්තියක් ඇත.
      කා ගාවත් ගත ඇත්තක් ඇත කීමට වඩා කා ගාවත් පිටු දැකීමට දෙයක් නැත කියා මා කියන්නම්.
      සැමෙකකුම දරන මතවාද පහදවා ගැනීමෙන් විවිධාකාර වූ මනෝ භාවයන් තෙරුම් ගැනීමෙන් දහම පහදවා ගැනීමට පහසු වේ.
      එය දොන් හා සිමන්ය
      දොන් හෝ සිමන්ය
      දොන් හෝ සිමන් නොවේය
      දොන් හා සිමන්ද නොවේය

      අන් අය කෙසේ වෙතත් ඔබට මෙය තේරුම් ගත හැකි බව දනිමි.

      Reply
  82. Sith says:
    September 25, 2012 at 4:16 am

    @මාතර ආතර: “ඇදහිලිවලට විරුද්ධව කවදත් කතා කල අපේ අදිකාරම් තුමා සහ J ක්රිෙෂ්ණ මුර්ති තුමන් ගැන කිව යුත්තේද එයමය. මා කරන්නේ එතුමන් දෙදෙනාගේ කියවිලි /ලියවිලි වාර්තා කිරීමක් මිස එතුමන්ලා ඇදහීමක් නම් නොවේ.”

    ‘ඇදහිලි’ යන්න ඔබ යොදන්නේ මා යෙදු අරුතෙන් නොවන බව හැඟේ. හැකිනම් ‘ඇදහිලි’ යන්නට ඔබ දෙන තේරුම පැහැදිලි කරන්න.

    බුදුන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වෙසෙති. අධිකාරම් තුමත්, ක්‍රිෂ්නමුර්ති තුමත් ඒ අසල අසපු වල සිටිති. මේ දෙදෙනාගේ කියවිලි /ලියවිලි වාර්තා කරන (වඩා නිවැරදිව, වර්ණනා කරන) ඔබේ හඬ ඒ අසල පාරේ යන අපට ඇසේ. මිණිකැට අත ගා ඇති ජාතියකට වීදුරු ගල් කුමටද?

    ”අදිකාරම් තුමා,ත්රිපපිටකයේ සුත්ත නිපාතයෙහි දක්නට ඇති කරුණු පමණක් ගෙන හැර, බුදු බන යන පද භාවිතා නොකර, එයම දේශනා කරන්නේය කියා ලීවෙලු!”

    බුදුන් සරණ ගිය ශ්‍රාවකයෝ බුදු ගුණත් බුදු බණත් සිය මිතුරු අන්‍ය දෘෂ්ඨිකයන්ට වැනු තැන් දෙසූ තැන් සුත්‍ර පිටකයෙහි ඕන තරම් ඇත. මේ බුදු බණ යැයි කිවොත් මොව්හු අසන එකක් නැතෙයි කියා සිතා හෝ, බුදු බණ බව නොකියා, තමාගේ බණ මෙන් බුදු බණ දෙසූ බුදුන් සරණ ගිය එකදු සව්වෙකු හෝ මම නොදනිමි. සීල සමාධියට වැටෙන බොහෝ දේ පෙරසිට තිබුනත් ප්‍රඥාවට වැටෙන තිලකුණට වැටෙන මමත්වය නැති කිරීම තමන්ගේ මතයක් ලෙස බුද්ධෝත්පාද කාලයකදී කව්රුන් හෝ දෙසන්නේනම් නම් ඒ වංචා කාරයෙක් විය යුතු නොවේද?

    @සිතුවිළි: “රේරුකානේ මහ නා හිමියන් දෙස බලන ඇසින්ම සමන්ත බද්‍රයන් දෙස බැලිය හැකිනම් අප පිරිපුන් මිනිසුන්ය.”

    බටහිර ද්විකෝටික තර්ක ක්‍රමයට අනුව ඔය වැකියේ දොසක් අත. උදාහරණයක් ලෙස කව්රුන් හෝ මොහොමඩ් කෙනෙකු රේරුකානේ මහ නා හිමියන් හා සමන්ත බද්‍රයන් දෙදෙනාම දෙස අනේ මෙහෙම මිත්‍යා දෘෂ්ටිකයෝ දෙන්නෙක් යැයි එකම ඇසින් බලයි. වැකියට අනුව දැන් මොහොමඩ් පිරිපුන්ය. “අප පිරිපුන් මිනිසුන් රේරුකානේ මහ නා හිමියන් දෙස බලන ඇසින්ම සමන්ත බද්‍රයන් දෙස බැලිය හැකි විය යුතුය” ලෙස සකස් විය යුතුය. උදාහරණයක් ලෙස අරහත් උතුමෙකු පිරිපුන්ය. එමෙන්ම එකම ඇසින් බලයි. දුටු දේ දුටුවා පමණි. වෙන යමක් නැත. (ඔබ කියා ඇති දේ හරියට ගත්විට ඔබ කියන අරුතෙන් හරිය. හරි නොවන අරුතක්ද කාට හෝ දිය හැක.)

    Reply
  83. Sith says:
    September 25, 2012 at 4:18 am

    correction @සිතුවිළි: “රේරුකානේ මහ නා හිමියන් දෙස බලන ඇසින්ම සමන්ත බද්‍රයන් දෙස බැලිය හැකිනම් අප පිරිපුන් මිනිසුන්ය.”

    බටහිර ද්විකෝටික තර්ක ක්‍රමයට අනුව ඔය වැකියේ දොසක් අත. උදාහරණයක් ලෙස කව්රුන් හෝ මොහොමඩ් කෙනෙකු රේරුකානේ මහ නා හිමියන් හා සමන්ත බද්‍රයන් දෙදෙනාම දෙස අනේ මෙහෙම මිත්‍යා දෘෂ්ටිකයෝ දෙන්නෙක් යැයි එකම ඇසින් බලයි. වැකියට අනුව දැන් මොහොමඩ් පිරිපුන්ය. “අප පිරිපුන් මිනිසුන් නම් රේරුකානේ මහ නා හිමියන් දෙස බලන ඇසින්ම සමන්ත බද්‍රයන් දෙස බැලිය හැකි විය යුතුය” ලෙස සකස් විය යුතුය. උදාහරණයක් ලෙස අරහත් උතුමෙකු පිරිපුන්ය. එමෙන්ම එකම ඇසින් බලයි. දුටු දේ දුටුවා පමණි. වෙන යමක් නැත. (ඔබ කියා ඇති දේ හරියට ගත්විට ඔබ කියන අරුතෙන් හරිය. හරි නොවන අරුතක්ද කාට හෝ දිය හැක.)

    Reply
    • සිතුවිළි says:
      September 25, 2012 at 8:54 am

      සිත්
      ඔබගේ නිවරදි කිරීම මා දෝතින් පිළිගනිමි.
      මා කීමට තැත් දැරූ දේ වටහාගෙන භාශා දොස නොදොස් කල ඔබට පින්.

      Reply
      • =/? says:
        September 25, 2012 at 3:19 pm

        පරචිත්ත විජානන නුවන Sithට තිබුනායින් උඹ බේරුනා නෙවේද සිතුවිළි මලේ!
        බද්දරස් සෝවාන් වු බවට අණ බෙර වැයිනි,එනමුත් රේරුකානේ මහා හිමියෝ සෝවාන් වුන බවක් පතල නොවිණි!
        හ්ම්..ඉතින් බොලං,කොහොමෙයි එක ඇහින් ඒ දෙපල දෙස බලන්නේ?

        Reply
        • සිතුවිළි says:
          September 25, 2012 at 4:40 pm

          අනේ සහෝදරයා, ඔබ වැනි හොඳ බෞද්ධයෙකුට මම මේක කිව යුතුදැයි මට ගැටළුවකි. මා කියනා ආකාරයට මේ දෙදෙනා අන්ත දෙකක සිටිනා දෙදෙනෙකි. මා ගත්තේ උදාහරණ පමණකි.
          මා කී දෙයට ඔය උදාහරනය අපැහදිලි නම් අනඳ මහ තෙරුන් හා දෙව්දතුන් කියා යොදා ගන්න. මේ තුළින් මා කීමට තැත් කරන්නේ අරහත් දෘශ්ටිය වඩවා ගැනීම අරමුණු විය යුතු බවක් පමණි.

        • =/? says:
          September 26, 2012 at 3:09 pm

          සිතුවිළි,මාර්ග පල ලබනට තරම් මා සංවර්ධනය වී නැති හෙයින් උඹ ඇතැම් විට ලියන දෑ දැක වික්ෂිප්ත වී දැවී යන සෙයකි. එය උඹේ දොසක් නොවේය, සමාවෙයන් මගේ නොදරු කමට.

  84. මාතර ආතර says:
    September 25, 2012 at 7:11 am

    @Joseph
    @=/?
    @සිතිවිලි
    1.
    සිතිවිලි කියන පරිදි,Anonymous one orig සහ දඹර අමිල යන දෙදෙනාම කියා ඇත්තේ
    ‘බුදු බන හින්දු කොපියක්ය’ යයි ගම්‍ය වන දෙයක් ය.

    ත්රිපිටකයේද සඳහන්,පංච මහා භුතයන්,පස් පව්,පුන භව,කරුම පඩිසන් දීම යනාදිය,
    බුදු රදුන් ඒමට පෙරද,විඤ්ඤූන් විසින් දේශනා කරමින් සිටි නිසා,
    මේ දෙපල එවැන්නක් ගම්‍ය වන දෙයක් කීවා වෙන්න පුළුවන.
    2.
    නමුත්,බුදු කෙනෙක් ලොව පහල වන්නේ,ඊට ඉහත සිටි බුදු රදුන් විසින් දේශනා කර,
    පසුව ‘ලෝකයාට අමතක’ වී ගිය
    ‘තිලකුණ සහ විදසුන’ නැවත ‘මතක් කර’ දී,කුසල් සම්පුර්ණ කර සිටින ඇත්තන්ව, සසරින් එගොඩ කර,ඊළඟ බුද්දෝත්පාද කාලයට,එම බුදු බන පවත්වා තැබීමට
    පමණක් ය.
    3.
    බුදු රදුන් තෙවරක් මේ රටට වැඩ,මිහිඳු/සඟමිත් තෙරුන් විසින් ‘සිංහල ථෙරවාදී බුදු සසුන’ඇති කල නිසා,
    දෙමල සහ මුස්ලිම් සහුර්දයන්ද සමග නන්දිකඩාල් ද ගොස් ‘එහි පදනම’ රැකගත් නිසා,අප
    ඒ ආනුභාවයෙන්/දැනුමෙන්,
    නිරුපද්‍රිතව,මෙසේ කොටමු.
    4.
    සිතිවිලි ලීවා මෙන්,
    ”පුන භව/කරුම පඩිසන් දීම තමන්ට තවමත් ප්‍රත්‍යක්ෂ වී නැති නිසා,”
    ඒවා ”ඇත්ත ද බොරුද කියා නො දනිමි ” කියූ
    අපේ E W අදිකාරම් තුමත්,
    ඒවා ගැන ප්‍රති-ප්‍රශ්න අසමින්-ලිස්සා ගිය,(Utube හි වල්පොල රාහුල සහ JK සාකච්චාව බලන්න)
    J ක්‍රිෂ්ණ මුර්ති තුමත්,
    සිතිවිලිත්,
    ”දෘෂ්ටි අතහැර අපේ සාකච්චාව හොඳ තැනකට ගෙන යමු” යනුවෙන් කියන්නෙත්
    එකම දේය.
    5.
    සුඛෝපභෝගී දිවි ගෙවන-අපාය අද්දර බද්දරලා මෙන්,අනුන් රවටන බක තපස් ව්ර්තය රඟ නො පෑ සහ අපේ නලින් පරොපා මෙන් ඉතා සරල දිවි පෙවෙතක් ගතකල,
    යතාවාදී තතාකාරී අපේ E W අදිකාරම් තුමන්ට
    මා තුල ඇත්තේ අසීමිත බැතියකි.
    6.
    අපේ අදිකාරම් තුමන් තුල අනුන් කෙරේ තිබූ මෙතැ සහ කරුණාව අනුව,
    ජේසු තුමන් කළා මෙන්,එතුමන්ව කුරුසයේ තබා ඇන ගසා මාරු තැනැත්තාට වුනත්,
    කිසි සෙත් වෛර නොකරන සුළු හදවතක් එතුමන්ට තිබුන බව,
    එතුමන්ගේ සාකච්චා වලට සහභාගී වුන මට,
    එකල හැඟුනි.
    7.
    නමුත් ඒ කිසිවක් නිසාවත්,
    අන්ධකාරෙයේ ගිලී සිටින මට,මේ ‘කනා මැදිරි’ එලි දෙක,
    අපේ =/? ට පෙනෙන-බුද්ධාලෝකයට,
    සම කල නොහැක.

    Reply
    • සිතුවිළි says:
      September 25, 2012 at 9:00 am

      ආතර සොයුර,
      බොහෝ දුරට ඔබ හා එකඟ වෙමි,
      දැන් ඔබ අනෙකුන් තුලින් දැක්ම නවතා තමන් තුලින් දහම දැකීමට වෙර දරන්න.

      Reply
    • Joseph says:
      September 25, 2012 at 11:02 am

      Anonymous one orig යනු නුගතෙක් නොවේ. ඔහුගේ පම්පෝරි හා බුදු දහමට පිස්සෙක් සේ බැන වැදීම ඉවත් කළ විට ගත හැකි දෙය ඉතාම අල්ප වුවත් ඔහු කියන දේ වැදගත්ය. ඔහු වැදගත් යැයි දැනෙන්නේ R.Dias වැනි ‘මෝඝ පුරිස’ නිවටුන් ලියන දේ කියවන විටය. Anonymous one orig බුදු දහම දනී, කර්මය, කර්ම ඵලය, හා පුනර්භවය පිලි ගනී. වෙනකක් තබා ‘බුද්ධ’ යන වචනයට මූල වූයේ ‘බුධ’ යැයි ඔහු කියන කීම පවා සත්‍යයකි. ‘අපි බුදුම්හ’ යි කියා ගත් බුදු (බුද්ධ) වරු සදෙනෙක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. Anonymous one orig ට අනුව ‘බුධ’ ට වඩා දැනුමැත්තා ‘ගුරු’ වේ. ඒ කතාව ද සත්‍යයකි. අප බුදු රදුන් හැඳින්වීමට තිලෝගුරු යැයි කියන්නේ එබැවිනි. දැනුම තම වසඟයේ තබා ගත් අය රහත්ය වැනි දෙයක් ද ඔහු කියූ බව මට යාන්තමට මතකයි. එයද සත්ත්යයකි. ‘ශ්‍රමණ භවත් ගෞතමයන් නයින් දමනය කරන අයුරු දනිතත් උන් අප සේ රහත් නොවෙයි’ යනු උරුවෙල් කසුප් ජටිලයාගේ ප්‍රකාශයකි.

      මා ඔබට පෙන්වීමට උත්සහ කරන දේ වන්නේ Anonymous one orig වචන යොදා ගන්නේ අප යොදා ගන්න සන්ධර්භයෙන් පිටත බවයි. ඔහු කියන දේ වටහා නොගෙන ඔහුට පහර දීම වරදක් බව මම තාමත් සිතමි. Anonymous one orig ප්‍රාග් බෞද්ධයෙකි. එනම් බුදු දහම (සිද්ධාර්ථ තවුසා විසින් බෝ මැඩදී අවබෝධ කර ගත් අනිත්‍ය සම්ප්‍රයුක්ත ධර්මය) අධර්මයක් කොට සිතන්නෙකි. ගෞතමයන් දෙසුවේ ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බවයි. Anonymous one orig අදහන්නේ ලෝකය නිත්‍ය, සුඛ, ආත්ම බවයි. අනිත්‍යය අවබෝධ කරගෙන ලෝකයෙන් (සසරින්) එතෙර වීම ඔහු පහත් කොට සලකයි. සොහොන් පිල්ලි ලෙස ඔහු බුදු සව්වන් ට අමතන්නේ නියම බුදු සව්වන් සොහොන් වල භාවනා කළ නිසයි.

      එහෙත් අනිත්‍යය අවබෝධ කර නොගෙන සසර සැපවත් කර ගැනීමේ ප්‍රතිපදාවක් ඔහු සතුය. මටනම්, සැකයක් නොමැතිවම ඒ මාර ප්‍රතිපදාවයි. එසේ වුවත් ඒ මාර ප්‍රතිපදාව R.Dias වැනි අමනයන්ගේ පාපී පල්ලි ප්‍රතිපදාවට වඩා කල්‍යාණ ප්‍රතිපදාවකි. මක් නිසාද යත් Anonymous one orig අපේ පදනම ප්‍රශ්න කරමින් අපේ වැරදි ඇත්නම් හදා ගැනීමට ආරාධනා කරන නිසාය. R.Dias යනු දඩාවතේ යන පර බල්ලෙකි. අපේ කකුලක් සපා කෑම මිස (බාහිර තුවාල) ඌ වැදගත් දෙයක් නොකරයි. ඌ වෙඩි තබා දැමීම හැර වෙන කළ හැකි දෙයක් නැත.

      Reply
      • සිතුවිළි says:
        September 25, 2012 at 11:29 am

        ජෝසප් සොයුර,
        මා අනොනිමස් හා නොගැටී සාකච්චා කලද ඔබ තරම් ගඹුරින් ඔහුව හැඳින නොගත්තෙමි.
        ඔබගේ දැක්ම සතුටක් ඇති කරයි.
        ප්‍රාග් බෞද්ධ සංකල්ප ගැන හොඳ දැනුමක් ඇති ඔබ භවතරනය පොත එක් වරක් කියවා බලනවානම් ඔබහට අපවෙත ඒ තුලිනුත් යමක් දිය හැකි වේවි.
        කාල වේලාව ඔබට ඉඩ දෙනවානම් උත්සහ කර බලන්න.

        Reply
      • =/? says:
        September 25, 2012 at 3:28 pm

        මේ අඩවියේ කාලයක් සැරිසරන කල මෙවන් අතුරු අන්තරා වලට ලක් වන්නේදැයි සලිත වූ මගේ හිත හූ කියමින් වැලපෙන්නේය. අහෝ මා ප්‍රිය ජෝසප් මලයන්ඩියනි,මා කෙසේ නම් මේ දුක් වාවන්නේම්ද!උඹට කුමක් සිදු වුනිද? කාමගින්න =දරුගින්න යයි කියූ’ඌ ගාත්’පට්ටි ගොන් වස්සෙකු පිළිබඳව උඹ ජේද කීපයක්ම ලිව්වා නොව!
        මා ඉතින් යන්න යනවා-මට යන්න අවසරයි…//

        Reply
        • Joseph says:
          September 25, 2012 at 4:47 pm

          =/? අයියන්ඩි,

          මා Anonymous one orig කියූ කිසි දෙයක් පිළි ගත යුතු යැයි නොකීවෙමි. ඔබ මුසප්පු වී සිටින්නේ මන්ද ?

          මා කියන්නේ ඔහුගේ හා අපගේ පිළි ගැනීම් වල සමාන හා අසමාන කම් ගැනයි. ඔබ හා මා අතර අසමාන කම් නැත්ද. අනික් අතින් ඔහු කතෝලික පල්ලියේ මිනී මස් කන ලේ බොන ම්ලේච්චත්වයට පහර දුන්නේ නැත්ද. ඔබලා ඔහු පල්ලි පිල්ලියක් ලෙස හඳුනා ගැනීම මේ වැරදි වැටහීමට මුලයි. ඔහු නිවන නොපිළිගන්නා බැවින් බෞද්ධ විරෝධියෙක් වනු මිස සිංහල සිරිත් විරිත් හා සාර ධර්ම වලට ඔහුගෙන් හානියක් නැත.

          ඔහු මා දුටු එකම බෞද්ධ නොවන සිංහලයාය. සිංහලය ගැන අපට ඇති කැක්කුමම අඩුවක් නැතිව ඔහු තුලත් ඇත. ඔහුට ඒ ගෞරවය හිමිය. ඔහුගේ කතාව අපට හරියට අසන්න ලැබුනේ නම් අප මීට වඩා විමර්ශනශීලි වනු ඇත. එපමණයි, මීට පසු ඔහු ගැන නොකියමි. ඔබ යා යුතු නැත !

    • =/? says:
      September 25, 2012 at 3:51 pm

      මාතර ආතර,
      1.පට්ටි ගොන් සංකල්පයේ පියා දේශනා කල වදාළේ කාමගින්න =දරුගින්න කියාය.ඒ නිසා ඌ ගැන අබ මලක පැහැදීමක් නැත.දඹර අමිල හිමියන් ගැන නොදනිමි-ඒ නිසා කිසිත් නොකියමි.

      2.එකත්පස්ව එකඟ වෙමි.

      3.එසේය-කිසිම වචනයක් නොසොල්ල උඹ කියන දේ පිලිගනිමි.

      4.සිතුවිළි මලයා ළඟ සාපේක්ෂව උපේක්ෂාව ඇති බවක් දැනේ- කෝප නොවී හැම එකටම ඔලුව වනයි- මට නැති ගුණයකි එබැවින් කිසිත් නොකියමි. මම නම් සිංහල බොදු දෘෂ්ටිමතෙකි/පවුල් බර උසුලන්නෙකි.සිඟාලෝවාද සුතුර දිවි හිමියෙන් රකිමි. නිවන මගේද අරමුණකි. ක්‍රමක්‍රමයෙන් ඒ වෙත යමි-එතෙක් සසර සැරි සරමි.

      5.බද්දර්ස් ගැන උඹ කියූ දේ හා එකඟ වෙමි. ඇත්ත ඇති සැටියෙන් දකින නලින් සර්ට පාඩුවේ ඉන්න දීපන්, කුලක වලට නොදා. උඹේ අදිකාරම් තුමාගේ සරල දිවි පෙවත පමණක් මමත් අගය කරමි.

      6.මෙත කරුණාව මුදිතාව උපේක්ෂාව ඇත්තන්ට මගේ බැතියක් ඇත.

      7.ඇති යන්තම් උඹට ඒ බව තේරුණා-ප්‍රීතියකි.උපුටා ගත්තොත් එය කිව යුතු වන්නේය.

      Reply
      • මාතර ආතර says:
        September 25, 2012 at 5:53 pm

        @=/?

        ELA

        Reply
  85. මාතර ආතර says:
    September 25, 2012 at 11:31 am

    @සිතිවිලි
    @=/? @Joseph
    1.
    ‘අත්තාහි අත්තනෝ නාතෝ කොහිනාතෝ පරෝසියා’ යන්න මා හට,
    සිතිවිලි සහ =/? විසින්
    මතක් කර දුන්නට පින්!

    EWA සහ JK යන
    ‘කනා මැදිරි එලි 2′ ගැන,
    ‘අඳුරේ’ සිටින මා,
    වාර්තා කළා පමණි.
    2.
    “අධ්‍යාපනයේ මහා අර්බුධය” යන මාර්තුකාව LCNමුල් පිටුවේ තවමත් ඇති නිසා,
    එහි දැනට මවිසින් හා shakil විසින් ලියා ඇති,මුළු ලොවැ-අධ්‍යාපනය පුද්ගලකරණ-විහිලුව පිළිබඳව සන්වාදයට ඔබ තෙපලට ද ගව්රවයෙන් ආරාධනා කරමි.

    “සමාජවාදී රුසියාවට ගැලපෙන අපට නො ගැලපෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල” මාතෘකාව
    මුල් පිටුවෙන් ගැල වී යාමට ආසන්න නිසයි,
    සිතිවිලිට මේ මගේ දෙවන ඇරයුම.

    Reply
    • මාතර ආතර says:
      September 25, 2012 at 12:00 pm

      @Joseph
      @සිතිවිලි,
      1.
      Joseph විසින් වත් බවතරණයේ අප කාටත් ආලෝකය දෙන වාක්‍යා කීපයක් උපුටා දක්වන තෙක් පුල පුලා බලා සිටිමි.
      2.
      Anonymous one orig ලියු දේ කියවන විට,මට කොපමණ ‘හාස්ය රසයක්’ දැනුනේද කියන වා නම්,ඔහු පලා ගිය පසු,මට මෙහි මහත් පාලු ගතියක් දනින.R.Dias ලියන වල්පල් වල අඩු ගන්නේ එය වත් නොමැත!එම නිසා මා, Anonymous one orig ට විරුද්දව භාවිතා කල වෙඩි උණ්ඩ (Joseph කියන පරිදි)අපතේ යවා නො දැමීමටත්,නොකිපී සිටීමටත්, තීරණය කලෙමි.Anonymous one origනැවතත් පාත් වුනොත්,ඒවා නැවත භාවිතයට පරෙස්සමින් තබා ගෙන සිටිමි.
      3.
      Joseph says ,”Anonymous one orig ගේ පම්පෝරි හා බුදු දහමට පිස්සෙක් සේ බැන වැදීම ඉවත් කළ විට ගත හැකි දෙය ඉතාම අල්ප වුවත් ඔහු කියන දේ වැදගත්ය”. Joseph
      Anonymous one origගෙන් ගත හැකි ඉතාම අල්ප එම දේ,ඔහුගේ ලියමන් වලින් උපුටා දක්වන්න.
      4.
      Joseph says ,”Anonymous one orig බුදු දහම දනී, කර්මය, කර්ම ඵලය, හා පුනර්භවය පිලි ගනී.” Joseph
      එවැන්නක් ගම්‍ය වන දෙයක් Anonymous one orig ලීවා නම්,ඔහුගේ ලියමන් වලින් උපුටා දක්වන්න.
      5.
      =/? ලියා ඇති පරිදි,ඔබ ගේ ලියවිලි වලින් විහිදෙන
      ‘සමන් පිච්ච සුවඳ’ විනාස වන පරිදි,
      ඉඳහිට,Anonymous one orig වනන -’ගන්දස්කාර වාත’ පිට නොකරන්න!

      Reply
      • Joseph says:
        September 25, 2012 at 3:53 pm

        ආතර මාමේ,

        මටනම් මතක හිටින හාස්‍ය රසයක් දුන්නේ සහන් ෆන්-නෑ-ඩෝ ය. ඉතා දුර්වල තර්ක සිත් ගන්නා සුළු අයුරින් ඉදිරිපත් කිරීමට ඔහු හපනෙකි. ඔහු නැති වූ පසු එඩ්වඩ් බාන්ස්, සරදියෙල් වැනි කිහිප නමක් ඒ රසය දෙන්නට උත්සාහ කලත් ඒවා කල් අල්ලා හිටියේ නැත. සහන් භක්තිමත් කතෝලිකයෙකි. Fernando නමින් කොමෙන්ට් දමන්නා කතෝලික නොවන ක්‍රිස්තියානියෙකි. ඔහුද තරමක විහිළු සපයන්නෙකි. එහෙත් අර තරම් නැත.

        Anonymous one orig ගේ උපුටනයක් මගෙන් ඉල්ලීම නොහොබිනා වැඩකි. ඔහු සමග වාද කළේ මා නොව ඔබයි. ඔබ කළ යුත්තේ ඒ පැරණි ලිපි සොයා ගොස් සිහි බුද්ධියෙන් ඒවා කියවීමයි. ඔබ දෙදෙනා වාද කළ තැන් මා මතක තියා ගෙන නැත. එහෙත් ඔහු කී දේවල් වල සාරාංශය ගත් විට ඔහු
        1. කර්මය, කර්ම පලය හා පුනර්භවය පිළි ගන්නා බවටත්
        2. තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය නොපිළිගන්නා බවටත්
        3. ලෝක ස්වභාවය ත්‍රිලක්ෂණය ලෙස නොපිළිගන්නා බවටත්
        4. නිර්වාණය විමුක්තිය ලෙස නොපිළිගන්නා බවටත්
        මට ස්ථිරවම හා පැහැදිලිවම පැවසිය හැක.

        මේවා පිළිගැනීම අවශ්‍ය වන්නේ ලෝකෝත්තර විමුක්තිය පිණිසයි. ලෝකෝත්තර විමුක්තිය නොව ලෞකික සැප සොයන ලෝකයට ඔහු පම්පෝරි ගසන ඔහුගේ දියසේන කුමරා/ හිරු දෙවි දුන් ඔහුගේ දැනුම වැදගත් විය හැක. පම්පෝරියකට හෝ තමන් කිසියම් ජාතියක ගැලවුම් කරුවා වැනි බරපතල ප්‍රකාශයක් කළ හැකි පුද්ගලයින් අතර ඔහු දෙවැනියාය. ඔහුට අප දුන් ගෞරවය මදි බව පමණි මා කියන්නේ.

        Reply
  86. සිතුවිළි says:
    September 25, 2012 at 11:52 am

    http://www.youtube.com/watch?v=aVPn-RJPFmA&feature=youtu.be

    ආතර සොයුර
    මේ ඔබගේ දැන ගැනීම පිනිසයි

    Reply
    • මාතර ආතර says:
      September 25, 2012 at 10:31 pm

      @සිතිවිලි,
      @Joseph,

      යොමුව එව්වට පින්.
      Anonymous one orig ගේ ලියවිලි තරම් ‘ගන්දස්කාරයක්’ අමර හිමියන්ගේ දේශනාවෙන් පිට නොවේ!
      1.
      ”ක්‍රිස්තු පුරවා 6 වන සියවසේ උපනිෂද් ජයින ආගම් වල ‘ක්‍රීම්’ එක අරගෙන ඉදිරිපත් කිරීම යනු
      අන් කිසිවක් නොව,

      පස් පව්/කරුම පඩිසන් දීම/පුන භව/සතර මහා භූත යන,

      ත්‍රිපිටකයට ද ඇතුලත් වුන ,
      බුදු රදුන් ඒමට පෙරත් වින්ගුන් විසින් දේශිත ‘ක්‍රීම්’ එකය කියා
      මාද පිලි ගනිමි.

      නමුත් බුදු කෙනෙකුන් ලොව පහල වීමේ අරමුණ නම් ඔය,
      එකල සිටි දෙලොව වැඩ පිණිස වින්ගුන් විසින් දේශිත,’ක්‍රීම්’ එක
      පෙන්න දීම නම් නොවේ.

      මා සිතන්නේ,බුදු රදුන් මේ ලොවට සපැමිනීමට හේතුව නම් ‘තිලකුණ සහ විදසුන’ කියා දී,
      මෙම ‘ක්‍රීම්’ එකටත් ඇලීම හෝ ගැටීම නවතා,
      ‘මෙම ක්‍රීම් එකත් නැති කර දැමීමටය’.
      2.
      සෑම ගන්ගාවක්ම වෙන වෙනම නම් වලින් පැමිණ එකම ලුණු රසය ඇති,සාගරයට පැමිණි විට,සාගරය නමින් හැඳීන්වෙ.මෙම යෙදුමේ ඇති වරද කුමක්ද?
      3.
      අවබෝදය ඇති වෙන්නේ මොලයෙන් යන්න මා නොපිළිගනිමි.
      4.
      බුදු රැස්,බුදු පිළිම වලින් විහිදීම.
      (බුදු පිළිම සුනාමි වලින් රැකුන බව කියවේ.මේ බුදු රැස් දුටු අය සිටී.අපේ නලින් ප්රෝපාට අනුව,මෙය සිදුවුනේ නන්දිකඩාල් යාම ආරම්භය නිසා බවයි.)
      5.
      බුදු දහමේ හරය පිළිගන්න.100%AGREE
      6.
      ආමිසය නොව ප්‍රතිපත්තිය,දහම අනුගමනය කරන්න.99%AGREE
      7.
      බුදු දහම ගැන පැහැදුනත්,උපාලි ගෘහපතියා විසින්
      නිගන්ට නාද පුත්‍රයන්ට දෙමින් තිබුන දන් වැට නවතන්න එපාය කියා
      බුදු රදුන් අවවාද කිරීම.
      8.
      මහාවංශයේ එළාර සාධාරණ රජෙක්ය
      (නැත්නම්,ඔහු කපටි කමෙන් එකල සිටි ජහමනයට එසේ පෙන්වුවාද?) කියා
      මහානාම හිමි ලියා තැබීම.Controvercy prevails.
      9.
      බුද්ධගෝෂ දෙමල හාමුදුරුවන්ගෙන් ලියවුන අට්ට කතා වැනි දේ නිසා,
      දෙමල ඉන්දියානු ජාතිකයන්ගෙන් වුන සේවය අගය කිරීම.Agree
      10.
      රාජ්යය බුදු සසුන / ආගම රකිනවාය යන්න නොතිබිය යුතුයි.
      (මා මේ සම්බන්දයෙන් කියනුයේ;
      බටහිර රටවල ඉතිහාසෙට අනුව ප්‍රධාන ආගමට සහ ප්‍රධාන බසට,
      ඒ රටවල යම් හිමි තැනක් තිබේද,
      එය දඹර අමර හිමි ඇතුළු
      සුදු බමුණන්,NGO
      වැඳලා පිළිගන්නවානම්,
      මේ රටේද එය එසේ විය යුතුය,කියාය )

      Reply
  87. මාතර ආතර says:
    September 25, 2012 at 12:08 pm

    @=/?

    මතු බුදුබව පතන,අපේ බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවන් නම්,
    E W අදිකාරම් තුමා සහ J Krishnamurthi තුමන් ලා වනාහි,
    මේ ලොවට ‘කනා මැදිරි’ එලිවලට වඩා පොඩ්ඩක් වැඩියෙන් සමාජයට ‘එලිය’දුන්
    සහ ‘සඳුන් සුවඳ’ විහිදපු
    ඇත්තන්ය කියා
    ලියා තිබේ.

    Reply
  88. මාතර ආතර says:
    September 25, 2012 at 5:49 pm

    @Joseph
    @සිතිවිලි,
    1.
    Anonymous one orig ලීවේ

    ”කර්මය, කර්ම පලය හා පුනර්භවය පිළි ගන්නා බව නොව,
    ඒවා හුදෙක්,
    බුදු රදුන් විසින් හින්දුන් ගෙන් කොපි කර ගත් කෙප්ප”

    කියා පමණි.

    තරුණ ඔබට මෙය අමතක වීම ගැන
    නාකි මම පුදුම වෙමි!
    2.
    බුදු රදුන් සිටි කල,වේදය මිස හින්දු දහමක් නොතිබුනත්,

    ‘සදා නොවෙනස්-චක්‍රීය කතන්දරේට’ අනුව,

    වරින් වර නැති වී යන ‘තිලකුණ සහ විදසුන පමණක්’ පෙන්නා දීමට පමණක්-
    මේ ලොවට සපැමිණෙන
    බුදු රදුන් පැමිණීමට
    පෙරද,

    වින්ගූන් විසින් දේශිත,සතර මහා භූතයන්/කර්මය/කර්ම පලය හා පුනර්භවය/පස් පව්
    යනාදිය
    ත්රිපිටකයේද සඳහන් වීමම,

    Anonymous one orig ගේ සහ සිතිවිලි ලියා ඇති ලෙස,
    දඹර අමිල හිමියන් ගේත්
    ‘මෙම නිගමනයට’ හේතු භූත වන්නට පිළිවන.
    3.
    ”මා පුද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධ වන්නේ එරිසියාවටය” කියමින්
    අභූත චෝදනා නගන සිතිවිලිට,

    LCN මුල් පිටුවේ තවමත් ඇති,’අද්යාපනයේ මහා අර්බුධය’ යන ලිපිය යටතේ සංවාදයට,
    මා සමග එක වන මෙන්
    තෙවනුවද ආරාධනය කරමි.

    Reply
    • සිතුවිළි says:
      September 25, 2012 at 9:55 pm

      ආතර සොයුර,
      ඇනොනිමස් මට මාතෘකාවක් වන්නේ ඔහු සමග සාකච්චා කරන විටදී පමණි. නැවත ඔහු පැමිණියහොත් අප ඔහු සමග සාකච්චා කරමු.

      ඇනොනිමස් හෝ අමිලයන් බුදු දහම ගැන මතවාද ඉදිරිපත් කිරීමට ඔවුන් ඇනොනිමස් ගේ වදනින්ම කීවොත් අධි බුද්ධ විය යුතුය.
      එය මාහට වැදගත් නොවන්නකි. මා හට දහම පමණක් හොඳින් සෑ හේ.

      අමිලයන් ගැන සිතුවිලි කියා ඇති දේ ගැන නොවෙහෙසී දී ඇති ලින්ක් එක බලන්න.

      අධ්‍යාපනය යන කරුනේදී මා ඔබට ඉරිසියාකරුවෙකියැයි චෝදනා නොකලෙමි. මාගේ පුද්ගලික මතය කීවා පමණි. වාදයට අකැමැත්තෙමි.

      Reply
  89. මාතර ආතර says:
    September 25, 2012 at 9:22 pm

    @Joseph,

    Joseph says , ”සිංහල සිරිත් විරිත් හා සාර ධර්ම වලට Anonymous one origගෙන් හානියක් නැත.ඔහු මා දුටු එකම බෞද්ධ නොවන සිංහලයාය.සිංහලය ගැන අපට ඇති කැක්කුමම අඩුවක් නැතිව ඔහු තුලත් ඇත. ඔහුට ඒ ගෞරවය හිමිය.”Joseph

    Anonymous one orig says ,”දෙමාපියන් වැඳීම නොසුදුසුය;මා කරන්නා සේ බුලත් නටු පමණක් කන්න,ගුණය,නමුත්,බුලත් කොලේ මුකේට විසය,පිළිකා සැදෙන්න පුළුවන්ය”Anonymous one orig

    ‘සමන් පිච්ච සුවඳ’ හමන දේ ලියන ඔබ,(Joseph ),
    නැවත නැවත Anonymous one orig වනමින්
    ‘ගන්දස්ක්කර වාත’පිට කරන්නේ ඇයි?

    Reply
    • Joseph says:
      September 25, 2012 at 10:41 pm

      http://lankacnews.com/sinhala/main-news/77549/#comment-367296

      Reply
      • මාතර ආතර says:
        September 26, 2012 at 10:04 am

        @Joseph

        Anonymous one orig says ,

        ”දෙමාපියන් වැඳීම නොසුදුසුය;

        මා කරන්නා සේ
        බුලත් නටු පමණක් කන්න,ගුණය,

        නමුත්,බුලත් කොලේ මුකේට විසය,පිළිකා සැදෙන්න පුළුවන්ය”Anonymous one orig

        Reply
        • Joseph says:
          September 26, 2012 at 11:23 am

          “මීට පසු ඔහු ගැන නොකියමි. ඔබ යා යුතු නැත !” කියා මා දුන් පොරොන්දුවක් ඇත.

  90. Sith says:
    September 26, 2012 at 4:24 am

    (Joseph ට ඌනපුරණයකි)
    අප බොදුනුවන් වී සුළු කලකි. වසර දෙදහසක් පමණය. නිසැකවම ඉන් වසර දස දහසක් පමණ ඈතටත් (තාරක, මහබලි, රාවණ රජ සමයන්) බොහෝවිට අදින් වසර හතලිස්දහසක් පමණ ඈතටත් (මනු රජ සමය) අපගේ ආගම අපේ යක්, රක්, නා, දෙව් (සිවු හෙළ) මළවුන් ඇදහීමයි. මහානාම හිමියන්ට ඉතිහාසය විජයගෙන් පටන් ගන්න සිදු වුයේ බුදු දහම රැකීමේදී බොදුනුවන් බවට පත්වූ හෙළයන්ට අතීතය ගැටළුවක් වීම වැලක්වීමට විය හැක. මෙය එකල විඤ්ඤූන් අනුමත කරන්නට ඇත. මහාවංශය ලියන්නට පෙර මෙරට ජනයා ඉතිහාසය දැන ගත්තේ කට වචනයෙනි. මහානාම හිමියන් පොතක ලීවේ එලෙස දැනගත් ඉතිහාසයෙන් උන්වහන්සේගේ අරමුණට සරිලන කොටසයි. මහාවංශය ලිවීමෙන් පසුත් කට වහරේ ආ ඉතිහාස කතාව එලෙසම එයි. රාවණ රජ සමය ගැන අප දැන ගන්නේ එලෙසිනි. අන් බොහෝ දේ මෙන්ම ඉතිහාසයද අපට විශ්වාස කරන්නට සිදුවන දෙයකි. විශ්වාස කිරීමේදී අප දැන් සාමාන්‍යයෙන් කරන්නේ සුද්දා කියන දේ විශ්වාස කිරීමයි. ඒ සුද්දා අපව යටත් කල බැවිනි. පාසලේ දැන් උගන්වන ඉතිහාසය විජයගෙන් පටන් ගන්නේ කොඩ්රින්ග්ටන් පිළිගත් ඉතිහාසය ඒ බැවිනි. තරමක් හෝ අවංක සුද්දා හෙළ ඉතිහාසය පිළිගත් දිනක අනුකාරකයෝ එසේම කරනු ඇත. ජනප්‍රවාදයේ එන රවන පුවතත් රමයනයෙහි එන ඇතැම් කරුනුත් අතර වෙනස්කම් තිබේ. ඒ රාමායනය ලියුයේ යුද්ධය දිනු පැත්ත විසින් බැවිනි. (අද වගේ “අපක්ෂපාති මාධ්‍යවේදියෝ” හිටියේ නැහැනේ ඒකාලේ.)

    @ මාතර ආතර
    (ඊනියා) නිදහස් අධ්‍යාපනය ගැන ඔබ තුමන් ම වෙත කරුණු දක්වා තිබෙනු දුටිමි. විස්තරාත්මක සටහනක් පසුව තබමි.

    Reply
    • මාතර ආතර says:
      September 26, 2012 at 9:51 am

      @Sith
      @සිතිවිලි @Joseph

      කැම්පස් වල මටවත් නවත්ත ගන්න බැරි වෙච්චි නවක වදේ (මා කිසි දිනෙක නවක වදේ නොදුනිමි) දැන් නවතන ක්‍රමය,

      මුළු ලොවම සිටින සමහර පුජක වරුන්ගේ සහ සමහර බටහිර වෙද සිසුන්ගේ සහ සමහර බටහිර ඩොකාලගේ කොටු පැනීම සහ ලිංගික අපරාධ වලට පිළියම,

      අපේ මහින්දයය වත්මන් සරසවි ඇදුරන්ගේ පැනය විසඳිය යුතු විදිය,

      පුද්ගලික බටහිර වෙද විදුහලට සිසුන් ගත යුතු විදිය,

      අපේ ළමයින් ගේ උගෙනුමට පිටරට යන විදේශ විනිමය නවතන අයුරු,

      කැම්පස් වලට තේරීමේදී දිස්ත්‍රික් quota ක්‍රමයට තිබුන සාධාරණ පදනම..etcයනාදිය

      මවිසින්,මුල් පිටුවේ ඇති
      ‘අධ්‍යාපනයේ මහා අර්බුධය’ යන ලිපිය යටතේ සාකච්චා කර ඇත.

      එයට පැමිණ සංවාදයේ යෙදෙමු.

      Reply
      • Sith says:
        September 27, 2012 at 7:07 am

        @ මාතර ආතර:

        “මළවුන් පමණක් නොව ගස් / ගල් අදහපු, ඒවාට වැඳුම් පිදුම් කල ‘යක්කුත්’ මේ රටේ සිටියහ.”

        මට තේරෙන හැටියට නම් හිරු දෙවියන්ට අමතරව අදහාත් පුදාත් ඇත්තේ මළවුන්මය. ගස් ගල් වලට පුද සත්කාර කර ඇත්තේ ඒවායෙහි අරක් ගත් මළවුන් සිටි බැවිනි. ප්‍රාදේශීයව හෝ බලවත්ව සිට මිය පරලොව ගිය රජෙක් වන්නෙක් සිය රැහ උපාදානය කර ගැන්ම නිසා මරණින් මතු අල්පේශාක්‍ය යයි බුදු දහමේ කියන දෙවියන් හෝ (දුගති ලෙස ගැනෙන ප්‍රේත නොවූ) බලවත් වූ යක් කට්ටුවේ අමනුෂ්‍ය කොටස් වල ඉපිද සිය නෑයන් වැසියන් කෙරෙහි හැකි අයුරින් පිහිට වන්නට ඇත.

        දෙතුන් දෙනෙකු හා අල්ලාප සල්ලාපයේ යෙදීමට මට අරුචියක් නැත. මෙම පිටුවේ කොමෙන්ටු දමන්නේ එබැවිනි. ගාලගෝට්ටි රුචි නැත. අධ්‍යාපන පිටුවට නොගියේ එබැවිනි. ඔබ අසා ඇති (ඊනියා) නිදහස් අධ්‍යාපනය ගැන පැන වලට පිළිතුරු මා, සිතුවිලි, chin , දේශපාලුව වැන්නන් දැමු කොමෙන්ටු වල ඇත. දැනට කියා ඇති දේ මත ඔබටම සිතා ගැනීමට අපහසු විය නොහැක. ඔබද ඔය ප්‍රශ්න අසන්නේ පිළිතුරු අපේක්ෂාවට වැඩ සංවාදයත් වාදයත් අපේක්ෂාවෙන් බව පෙනේ. (ඊනියා) නිදහස් අධ්‍යාපනය ගැන මා කොමෙන්ටු දැමුවේ ලංකාවේ ලක්ෂ ගණනක් තරුණ පරපුරට නිදහස් අධ්යාපනයක නාමයෙන් සිදුවන අසාධාරණය තවත් ඉවසීමට නොහැකි වූ බැවිනි. ඔය කොමෙන්ටු කියවා රට හදන කෙනෙක් නැත. අධ්‍යාපනයේ කොමෙන්ටු දැමීමට වැඩි රුචියක් නැත්තේ එබැවිනි. shakil ගැන කීමට ඇත්තේ ඔහුට මොරටුවෙන් පිට ලෝකය ගැන බොහෝ දේ ඉගෙනීමට ඇති බවයි. වසර කීපයක් ගතවනු ඇත. උදක පෙන්වා දෙන්නේ දුවන්නේ මොකක් පසු පසදැයි නොදැන දුවා දිනුවට පසු ඇතිවන ඛේදනීය තත්වයයි. ණය මත දුවන කතාව ගැන කෙටියෙන් ඔබට කීමට ඇත්තේ වැඩි කරන ඇදුරන්ගේ පඩි ගෙවන්නට වෙන්නේ ලෝකෙන් ගන්නා ණය වලින්ම බවත් ඒ ණය ගෙවන්නට වෙන්නේ මැද පෙරදිග වහල් මෙහෙයට යන අපේ ගැනුන් එවන තුට්ටු දෙකෙන්ම බවත්ය. කෙසේ වෙතත් මගේ අදහස විස්තරාත්මකව පසුව දමමි. (හෙළ ඉතිහාසයත් බුදු දහමත් ගැන කොමෙන්ටු දමන්නේ ඔබලාගෙන් යමක් ඉගෙනීමට ඇතැයිද හැකැයිද සිතුනු ලෝබ සහගත සිත නිසාය.)

        Reply
    • Joseph says:
      September 26, 2012 at 11:21 am

      Sith,

      ඔබ හා මින් පෙර සංවාදයක යෙදුනු මතකයක් මට නැත. ඔබ මේ ලිපියට ඉදිරිපත් කළ අදහස් සතරම කියවීමි. ඔබ නියමසිංහ නොවේ යැයි උපකල්පනය කර ඒ සතරින් මගේ නම සඳහන් මේ කොටස ගැන පමණක් වචනයක් කියමි.

      අප බෞද්ධයන් වී ටික කලක් බවටත් ඊට පෙර කාලයක් තිබුන බවටත් ඔබ සමග එකග වෙමි. බලි, තරු, රාවණ ආදීන් ඒ කාලයට අයත් බවට මට ගැටළුවක් නැත. ඊටත් පෙර යුගයක මහා සම්මත මනු රජු මන්නාරමේ සිටි බවට අරිසෙන් අහුබුදු මහතා ප්‍රමුඛ පිරිස කරන ප්‍රචාරය ගැන මගේ පැහැදීමක් නැත. වසර හතලිස්දහසකට පෙර (හෝ තිස් දහසකට පෙර) කළ ධාන්‍ය වගාවන් ගැන පුරා විද්‍යාත්මක සාධක හමු වී ඇති බවනම් කියවා ඇත්තෙමි. ඒ ගැන වැඩි දෙයක් නොදනිමි.

      පහත කොටස උපුටා ගැනීමකි. එය මගේ අදහස 100% නියෝජනය කරන නිසා මෙහි ඉදිරිපත් කරමි. මුල් ලිපියේ රෝමය ගොඩ නැංවූ රොමියුලස්-රිමස් ගැන, මහාභාරතයේ කුරු-පාණ්ඩවයන් ගැන තිබු කරුණු හා තවත් බොහෝ කරුණු ඉවත් කලෙමි. “(ඔබ කියන සිව් හෙළය)” & “(සිංහලයා ඇරඹෙන්නේ විජයගෙන් නොවේ)” යන කොටස මම එකතු කළෙමි.

      —
      “මිහිදු හිමියන් වැඩියේ දේවානම්පියතිස්ස සමයේය. බුදු දහම ස්ථිරවම රාජ්‍යය හා බද්ධ වී රාජ්යාගමක තත්වයට පත් වුයේ ගැමුණු රජ සමයේය. මහාවංශය ලියවෙන්නේ ධාතුසේන රජ සමයේ ය. ඒ එසේ වුවත් මහාවංශය යනු ජනකතා එකතුවක් නොවේ. මහාවංශය පළමුව බණ පොතකි. දෙවනුව බෞද්ධයාගේ සංශිප්ත ඉතිහාසයයි (එය සිංහල ඉතිහාසය නොවේ). සිංහලයා (ඔබ කියන සිව් හෙළය) සම්පුර්ණයෙන් බෞද්ධ වීමෙන් අනතුරුව පමණි මහාවංශ කතාන්තරය සිංහල ඉතිහාසය බවට පත් වන්නේ. එතෙක් බෞද්ධ නොවන සිංහලයාට විකල්ප ඉතිහාස කිහිපයක් පවතින්නට හැකි බව මගේ අදහසයි (නාග ඉතිහාසය, දේව ඉතිහාසය …). මේවා යම් යම් අවස්ථා වලදී එකඟ වීම හෝ නොවීම හෝ සිදු විය හැක. මගේ අදහස නම් මහසෙන් රජ සමය වන විටත් මේ සිංහලයා -> බෞද්ධයා යන පරිවර්තනය සම්පුර්ණ නොවී පැවති බවයි. ධාතුසේන රජ සමය වන විට එය සම්පුර්ණ වන්නට ඇත. මහාවංශය පොතක් ලෙස ලියවුනේත් එය අද දක්වා පැවතුනෙත් ඒ නිසා වන්නට ඇත.

      මහාවංශයට පමණක් නොව ඕනෑම ජාතියකට/කුලයකට ඇරඹුමක් පැනවිය යුතුය. එය අන් ජාතීන්ගෙන් වෙනස් විය යුතුය. එනම් අනන්‍ය විය යුතුය. මහානාම හිමියන් සිංහල ජාතිය ආරම්භ කිරීමට සිංහබාහු තෝරා ගන්නේ වෙනත් මිනිසුන්ගෙන් සිංහලයා වෙන් කිරීම පිණිසය (සිංහලයා ඇරඹෙන්නේ විජයගෙන් නොවේ). සිංහල ජාතියට අනන්‍යතාවය ලබා දෙන්නේ සිංහයාය. සිංහයාගේ පුත් සිංහබාහු සිංහපුරයේ රජ වෙයි. ඔහුගේ බිසව සිංහ සීවලී වෙයි. මොවුන් දෙදෙනාම පිය පසින් වෙන කිසි මනුෂ්‍යයෙකුට ඥාති නොවෙයි. ඒ අනන්‍යතාවයකි. ඔවුන්ගේ පුත්‍රයා තම්බපන්නියට පැමිණ නව රාජ වංශයක් අරඹයි. ඔහුගේ ජාන පරම්පරාව එතනින් අවසන් කරන මහානාම හිමි උන්මාද චිත්‍රාව හා ඔහුගේ වල්ලභයා හරහා ඒ රාජ වංශයට ශාක්‍ය ජාන මුහු කරයි. පණ්ඩුකාභය යනු 75% ශාකයකි. චිත්‍රාව 50% හා දිග ගාමණියා 100% බැගින් ශාක්‍යයෝය. පණ්ඩුකාභයා හැදී වැඩෙන්නේ යකුන් අතරය. ජාන කෙසේ වෙතත් ඔහු හැසිරීමෙන් හා පිළිවෙතින් ස්වදේශිකයෙකි (native). මේ කතාවේ මුල් වරට මුළු දිවයිනම ඒකචත්‍ර කරන්නේ ඔහුය. ඔහුගේ මුනුපුරු දේවානම්පියතිස්සයන් වෙතටයි මිහිදු හිමියන් බුදු දහම පිළි ගන්වන්නේ. ස්වකිය කීර්තිමත් ආදී මුත්තෙකු වූ සිද්ධාර්ථ ගෞතමයන්ගේ දහම පිළි ගැනීම දෙවනම්පියතිස්සයන්ට ආඩම්බරයක් වන්නට ඇත.”

      —

      බලාගෙන ගියාම මාත් අනුකාරකයෙක් තමා. කොහොම උනත් එහි අවසන් වාක්‍යය නැවත උපුටා දක්වන්න මම කැමතියි.

      “ස්වකිය කීර්තිමත් ආදී මුත්තෙකු වූ සිද්ධාර්ථ ගෞතමයන්ගේ දහම පිළි ගැනීම දෙවනම්පියතිස්සයන්ට ආඩම්බරයක් වන්නට ඇත.”

      මෙන්න මේ සම්බන්ධය තමා මහාවංශයේ මා දකින වැදගත්ම අංගය. මළවුන් පුදන/අදහන තිස්සයාට සිය පරම්පරාවේ මහානුභාව සම්පන්න ආදී මුත්තාගේ භෂ්මාවශේෂ හා ලැබී ථුපාරාමය ගොඩ නංවන විට ඔහුගේ සිතේ ඇති වූ ප්‍රීතියෙන් අංශු මාත්‍රයක් හෝ ඔබට සිතේ මවා ගැනීමට හැකිනම් පමණක් මහාවංශය ගැන මා කියන දේ වැටහෙනු ඇත.

      Reply
      • Sith says:
        September 27, 2012 at 6:30 am

        @ Joseph :

        “ඔබ නියමසිංහ නොවේ යැයි උපකල්පනය…”

        උපකල්පනය නිවැරදිය. එහෙත් මෙසේ ලිවීම නියමසිංහ ගේ සිත් තැවුලට හේතුවක් විය හැක.

        “ඊටත් පෙර යුගයක මහා සම්මත මනු රජු මන්නාරමේ සිටි බවට අරිසෙන් අහුබුදු මහතා ප්‍රමුඛ පිරිස කරන ප්‍රචාරය ගැන මගේ පැහැදීමක් නැත.”

        මේ වකවානුව අපැහැදිලි බව ඇත්තකි. වසර හතලිස්දහසක් යනු (දෙදහස් වසකට සාපේක්ෂව) සුළුපටු කාලයක් නොවේ.

        ඔබ දුන් උපුටා ගැනීමත් ඔබ කියූ ලෙසම අවසන් වැකියත් ඊට පසු ඔබ කියූ දෙයත් බෞද්ධ වූ සිංහලයාගේ ඉතිහාසය පිළිබඳ මා දුටු වටිනාම වැකියයි. සිංහලයන්ට බුදුන්ගේ ඇති නෑකම ගැන මට 100% සහතික නැතත් මහානාම හිමියන්ගේ අරමුණ පැහැදිලිය. ධාතුසේන රජ සමය වන විටත් තමන්ට පුරුදු මළවුන් ඇදහීමේ නිරත සැලකිය යුතු තරමක් වූ හෙළයන්ට සිය පරම්පරාවේ මහානුභාව සම්පන්න ආදී මුත්තාගේ භෂ්මාවශේෂ තැන්පත් කොට සැදූ රුවන්මැලි ආදී සෑ දකිත්දී ඇති වූ ප්‍රීතියෙන් අංශු මාත්‍රයක්ද මසිතේ මවා ගැනීමට හැකි විය.

        ජාතියක ඇරඹුම සොයද්දී කතාවක් ගෙතීමට සිදුවීම අනිවාර්ය වේ. අරම්භකයාගේ පියා මිනිසෙක් නම් පුතාගේ ජාතිය පියාගේ ජාතියම වන බැවිනි. මහානාම හිමියන්ගේ කතාව ප්‍රචලිතය. හෙළයන්ගේ ඇරඹුම ගැන කියන අනෙක් කතාවත් ඔබ දන්නවා ඇත. ආදී නම් හිරු කුමරුත් සමනල කන්දත් හා සබැඳේ. මෙය කතාවක් බව හෙළයන් දැන සිටියත් ඔවුන් ඇත්තක් වගේ අරාබියේ සිට මෙහි වෙළදාමේ ආවුන්ට කියන්නට ඇත. මෙය මිනිසාගේ ඇරඹුම ලෙස මැද පෙරදිග විඤ්ඤූන් පිළිගන්නට ඇත. බයිබලයේ එන්නේ මේ කතාවේම ඔවුන්ගේ සංස්කරණය විය හැක. ආදී ආදම් වීමත්, සමනල කඳු මුදුන adams peak වීමත්, කිතු උපතට වසර හැර දහසකට පෙර ලෝකය මැවීමත් මේ හා ගැලපේ.

        රාවණ හා පෙර සමය ගැන වැඩිදුර කියවීමට (පොතකට) ලින්ක් එකක් ඇත්නම් දාන්න. ඔබට පින්.

        Reply
        • Joseph says:
          September 27, 2012 at 11:38 am

          වැරැද්ද ගැන නියම සිංහයාගෙන් සමාව ඉල්ලමි. ‘නියම සිංහ’ යන්න අන්වර්ථ නාමයක් නිසාත් ඔහුගේ ප්‍රතිචාරයක් ටික දිනකින් නොකියවූ නිසාත් මේ වැටහීම ඇති විය.

          වසර හතලිස් දහසකට පෙර යුගය ගැන මගේ පැහැදීමක් නැත්තේ ඒ කතා සංගත නොවන නිසා මිස ඒවා වැරදි යයි සිතන නිසා නොවේ. ලෝකයේ සැම රටකම පාහේ හිරු දෙවි ඇදහිල්ල තිබී ඇත. මිසරයේ රා, ග්‍රීසියේ හෙලිඔස්, රෝමයේ ඇපලෝ, වෛදික සුර්ය දෙවි ආදීහු ප්‍රසිද්ධ උදාහරණයෝය. මේවාට අමතරව දකුණු හා මධ්‍යම ඇමරිකාවේ ස්වදෙශින්, අප්‍රිකාවේ ගෝත්‍රිකයන් හා ඉන්දු-ශාන්තිකර සාගර දුපත්වාසින් අතර මේ ඇදහිල්ල තිබු බවට සාධක ඇත. මේ ඇදහිලි සියල්ල ලංකාවේ ඇති වූ බව කියන, ලංකාවෙන් ඒ සියල්ල ලොවට ගිය බව කියන ඒ වියතුන් ගේ කතා අවුරුදු නිවාඩු කාලයේ නෑ හිත මිතුරන් හා එක්ව කතා කිරීමට සුදුසු මාතෘකා සැපයුවත් ඊට එහා දෙයක් ඒ කතා වල මම නොදුටිමි. ඒවා බොරු යැයි නිගමනයක නොසිටින මුත් සිංහල බෞද්ධයෙක් ලෙස මම මහාවංශය ගැන සෑහීමට පත් වෙමි. මහාවංශයට පෙර ඉතිහාසය ගැන සොයන වියතුන් ඔවුන්ගේ කාර්යය නිවැරදිව කර සංගත කතාවක් ඉදිරිපත් කල විට එය විකල්ප ඉතිහාසයක් ලෙස දැන ගැනීමට කැමැත්තෙමි. ඒ වෙනුවෙන් හැකි විට ඒවා ගැන කියවමි. නමුත් මෙය මා වැඩිදුර දන්නා විෂය පථයක් නොවේ.

          ඔබ ඉල්ලන ලින්ක් එකක් ලැබුනොත් දමමි. දැනට එවැනි දෙයක් මතකයේ නැති වීම ගැන කණගාටු වෙමි. ඊයේ අවසන් වූ පොත් ප්‍රදර්ශනයේ නම් රාවණ ගැන ලියවුනු පොත් බොහෝ ගණනක් දුටිමි. එතුමා නැවත නැගිටීම යනු ඒ කතිකාවත නම් එය දැනටමත් සිදු වී ඇති බව පමණක් කියමි.

          පින්!

  91. මාතර ආතර says:
    September 26, 2012 at 10:01 am

    @සිත්
    @සිතිවිලි

    සිත් ලියා ඇති මහාවංශයට පෙර තිබු ඉතිහාසය ගැන මා එකඟ වන අතර,මළවුන් පමණක් නොව

    ගස් / ගල් අදහපු,
    ඒවාට වැඳුම් පිදුම් කල ‘යක්කුත්’ මේ රටේ සිටියහ.

    මිහිඳු හිමි සහ සඟමිත් ඇත්තන් පැමිණ,
    එම සන්ස්ක්රිතික / ආගමික පුරුදු,
    බෝධි සහ බුදු පිළිම වන්දනාවකට හැරවුහ.

    මෙය සිතිවිලි පවසන,’අප අත හැර දැමිය යුතු දෘෂ්ටි’ සංකල්පය සමග එකඟ නැති වුනත්,
    එහි වරදක්
    මා නොදකිමි.

    Reply
  92. මාතර ආතර says:
    September 26, 2012 at 10:22 am

    @Joseph
    @සිතිවිලි
    1.
    Anonymous one orig
    කර්මය, කර්ම පලය හා පුනර්භවය
    පිළි ගන්නා බව
    කිසිම තැනක ලියා නැතිය.
    2.
    නම අසු පමණින් ඔබ දේපල කුලප්පු වන-දඹර අමිල හිමියන්ට අනුව,
    ත්රිපිටකයේද සඳහන්,
    සතර මහාභූත,පස්පව් යනාදියද ඇතුලත්,
    බුදුරදුන් සපැමිනීමට ප්‍රථම,
    කාලාම සුත්‍රයේ අග භාගයේ ඇති ව්න්ගුන් විසින්,’දෙලොව’ වැඩ පිණිස දේශිත,
    ‘ක්‍රීම්’ එකට නම්
    ඒවා අයිතිය.
    3.
    නමුත් බුදු රදුන් තම කාලය ප්‍රධාන ලෙස වැය කරන්නේ
    එම ‘ක්‍රීම්’ එක ගැන
    දේශනා කිරීමට නොව.

    කාලාම සුත්‍රයේ තිබෙන්නේද
    එම ‘ක්‍රීම්’ එක නොව.

    එම ‘ක්‍රීම්’ එක,
    සමත භාවනා කල වින්ගුන්ටද,

    බුදු රදුන් සපැමිනීමට පෙර
    ප්‍රත්‍යක්ෂ විය.
    4.
    කාලයත් සමග වින්ගූන්ට අමතක වී යන
    ‘තිලකුණ සහ විදසුන’කියා දී,
    කුසල් සම්පුර්ණ කල ඇත්තන්ව සසරින් එගොඩ කරලවීමටය,
    බුදු කෙනෙක් ලොව සම්ප්‍රාප්ත වන්නේ.

    ‘සදා නොවෙනස් එකම චක්‍රීය කතන්දරේ ‘
    මෙයයි.

    Reply
    • මාතර ආතර says:
      September 26, 2012 at 10:31 am

      @Joseph
      @සිතිවිලි

      අපේ E W අදිකාරම් තුමන් සහ Jiddu krishnamurthi තුමන්
      සහ සිතිවිලි විසින්

      ‘දෘෂ්ටි වලට බර නොවී අපේ සංවාද හොඳ තැනකට අරගෙන යමු’

      කියමින් පවසන්නේද,
      එකල පැවසුවේද,
      මා එතුමන්ලාගේ සාකච්චවලට ගොස් සවන් දුන්නේද,

      එකම දේය.

      දඹර අමිල හිමියන් කියන,
      එකල වින්ගුන් විසින්,සමත භාවනා කරමින් ප්‍රත්‍යක්ෂ කරගෙන සිටි
      ‘දෙලොව’ ගැන සඳහන්-කලාම සුත්‍රයේ අග භාගයේ ඇති
      ‘ක්‍රීම්’ එක නම්
      නොවේ ය.

      Reply
  93. මාතර ආතර says:
    September 26, 2012 at 11:03 am

    @සිතිවිලි
    @Joseph

    දඹර අමිල හිමිගේ ‘ක්‍රීම්’ එක දෙසන-විග්ගුන් බිහිකළ නොහැකි
    අද්යාපන අර්බුධයේ
    තවත් පැත්තක්.
    1.
    බස් වල යන කොට සිංහල FM නාලිකා වල ‘සින්ගිරිස්’ උච්චාරණය කරන එවුන්ගේ
    සිංහල බසේ උච්චාරණය ඇහෙන කොට,

    ‘කේමදාසගේ /අනුලා බුලත්සිංහල දොනියන්දගේ සිංහල ඔපෙරා’ ඇහෙනකොට වගේ,
    මට ඔක්කාරෙට එනවා.

    එනිසා නාකි මන් EAR PHONE (?කර්ණ-දුරබනන-කැබලි)
    කනේ ගහ ගෙන යන්නේ,
    ඉංග්‍රීසි FMනාලිකා අසා ගෙන.

    අනේ එවා යේ ඉන්න අපේ සිංහල / දෙමල නිවේදික/නිවේදිකාවන්
    නම්
    එක සිංහල හෝ දෙමල වචනයක්
    බේතකට වත් කියන්නේ නෑ.

    ඒකට හේතුව මොකද?
    2.
    මේ රටේ ප්‍රභූන්ට නම්,නිකන් ඉන්ගේරීසි කතා කරලත් මදි;අද ප්‍රභූන්ගේ විලාසිතාව වෙලා තියෙන්නේ
    ‘සුද්ද වගේ ඉංගිරීසි එලකියුෂන්’

    සල්ලි දීල හිට තමුන්ගේ ළමුන්ට ඉංගිරීසි එලකියුෂන් උගන්වන
    මී පොර තරඟයක්.(අනේ කාලේ වනේ වාසේ!)

    මේකටත් හේතුව මොකද?
    3.
    සිංහල සහ දෙමල බසට,
    අපේ පොඩි එවුනට ‘පරිප්පු’ කවන
    elocution කියල ‘මගුලක්’
    නැත්තේ මොකද?

    Reply
    • මාතර ආතර says:
      September 26, 2012 at 11:22 am

      @=/?

      What remedy might you suggest for the above?

      Reply
  94. සිතුවිළි says:
    September 26, 2012 at 8:29 pm

    තර්කයත් වාදයත් පදනම් කරගත් මේ සාකච්චාව වෙහෙසකරයි. මා තුළ ජය ගැන්මේ රුචියක් නැත. එකම දේ විවිධ අයුරින් ප්‍රශ්න කරමින් ජය ගැන්මට දරන තැත තුල අවබෝධයක් නොමැත.
    ටික කළකට සමුගනිමි. නැවත හමුවෙමු.

    Reply
    • =/? says:
      September 27, 2012 at 2:14 pm

      සිතුවිළියා…සිව් මැලියා අපව දමා යන්න ගියා//

      මලේ සිතුවිළි,එකම දේ කී පාරක් ඇහුවද බන් අපේ පැන්චෝ/පැන්චියෝ අපේ තුරුලට වෙලා- වෙහෙසකරයි කියල අපි උන්ව දාල ගියාද-නැහැ.
      වයසට ගිය ආත්තම්ම්,මුත්තා මේ අහපු එක නැවත ඇහුවේ නැතිද කෝටියක් පාරක්-වෙහසකරයි කියල අපි ඒ දෙන්නව තල්ලු කරලා ගියාද- නැහැ.
      එහෙමනම් බොලන්, ඇවිදින් මෙන්න මෙහෙන් වාඩි වෙයන්.
      දහම් අවබෝධය උඹ කියන අයුරින් දෘෂ්ටියෙන් තොරව ගත හැකි නම් හොඳයි-ඒ වුනාට අපිට රකින්නට පව්ලක්ද පරපුරක්ද තියෙනවා බන්-උන්ව අනාත කරන්න එපා කියලයි මන් උඹට නිතර කිව්වේ. මාතර ආතර වුනත් එකම දේ කියන්නේ ඒකමයි-මාත් ඔහුට එහෙන් මෙහෙන් ආඩපාලි කිව්වට ඔහු ඉන්නේ ඒ දෘෂ්ටියේ වෙන්න ඕන.

      උඹ නිවාඩුවක් අරන් එහෙනම් වරෙන්කො ඔච්චරටම වෙහසකරයි නම්-ඒ එද්දී සිංහල බොදු දෘෂ්ටියෙන් එනවා නම් මහත් උද්දාමයට පත් වෙමි.

      Reply
  95. මාතර ආතර says:
    September 27, 2012 at 10:45 am

    @=/?
    @සිතිවිලි @Joseph

    ඔබ තෙපල ලියන ලද
    පහත සඳහන් ලියවිලි ඉතාමත් නොහොබි.

    තම තම හිසට ගැලපෙන,මෙම ‘නොහොබි-තොප්පි’ අයිති කෙනා,
    එය ගෙන,පලන්දනු මැන.
    1.
    සීලයෙන් අනුන අපේ E W අදිකාරම් තුමන් ද සහ Jiddu Krishnamurthi තුමන් ද ,සිතිවිලි ද මෙම අඩවියේ කොටමින් කියන්නා සේ,(‘මාර’ පරාජයට තිබෙන හොඳම ක්රයමය වන),’’දෘෂ්ටි වලින් බැහැරව ප්රනශ්න දෙස බලා,අපේ සංවාද /සාකච්චා හොඳ තැනකට ගෙන යමු”යනුවෙන් කියන විට /කී විට,
    ඒවාට ‘කනා මැදිරි එලි’ කියා අපහාස කිරීම.

    අපේ බලන්ගොඩ ආනන්ද මයිත්රීිය හාමුදුරුවෝ නම් කීවේ JK තුමා මතු බුදුවෙන කෙනෙක් වන්නට පිළිවන,මුළු ලෝකයේම ‘පාසල්’ විර්වුත කරමින්,මේ දෙදෙනාගෙන්ම (EWA +JK )සමාජයට වුන සේවය ‘කනා මැදිරි’ එලි වලට සම කල නොහැකි බවය.
    2.
    බුදු රදුන් මෙලොවට පහල වීමට පෙර සිට,’පස් පව් කඩකල අයට කරුම පඩිසන් දීම / පුනභවය’ යන ,කලාම සුත්රරයේ අග භාගයේ දැක්වෙන-’දෙලොවට වැඩ පිණිස’-වින්ගුන් විසින් දේශිත-ත්රිපිටකයේද සඳහන් ‘සතර මහා භූතයන් ද ඇතුලත් -’ක්රීම්’ එක/ (මෙම ‘ක්රීම්’ එකද පළමුවන චතුරාර්ය සත්ය යට අයත් ය ) / ලෝ දහම, බුදු රදුන් විසින් හින්දුන් ගෙන් කොපි කරන ලද කෙප්පයක් ය කියා ගම්ය වන ලෙස ලියු;

    නන්දිකඩාල් යාමේදී තම දිවි දන් දුන්,පිළිම නෙලා නැති සිංහල විරුවන් සමග අත් වැල් බැඳගත් දෙමල සහ මුස්ලිම් රණ විරු ඇත්තන්ගේ නෑයන්ද ඇතුළු,මේ රටේ සිටින දෙමල සහ මුස්ලිම් ඔක්කොමලව උන් ආපු රටවලටම පන්නා දැමිය යුතුය කියා ලියු;

    මුළු ලොවටම දැනුම සහ වෙදකම බිහි කලේ ‘සිංහල හිරු දෙවි/දියසේන කුමාර’(?දිෂ්ටිය/මූර්තිය?) බවත් උන් දෙදෙනා නැවත ළඟදීම පැමිණ,(මා කුඩා කල සිටම අපේ ගමට පැමිණි ‘පල්ලි පිල්ලි’ කියුවා සේ) වැරදි කරන එවුන්ට දඬුවම් දෙන බවත් කියා-සිංහලයට ලනු දුන්;

    මිනිහෙක් ගැනියෙක් සමග එක් වන්නේ කාම ගින්න නිසා නොව (දරුවෙක් ගැහැණියකගේ බඩට ඒමට පෙර තියෙන්න බැරි) ‘දරු ගින්න’ නිසා බව කී;

    අපේ සිංහල කමේ එක් අංගයක් වන දෙමාපියන්ට වැඳීම නවතා දැමිය යුතුය කී

    Anonymous one orig ට
    ‘සිංහලයට-මහා කරුණා-සුදු හුණු’ ගෑමට තැත් කිරීම.

    ‘පල්ලි පිල්ලි’ ලේ උරා බොන බව කියා අපට මතක් කර දීමට,අනාගමික Anonymous one orig කෙනෙක් අවශ්යල නැති අතර,මෙහි කොටන Fernando සහ Chinthaka ඔහුට වඩා හොඳ ආගමිකයන් වැනි පොරවල් බවද ,අපේ පන්සලේ පියතුමා යන විරුදාවලි ලත් මර්සලිනු ජයකොඩි වැනි පියතුමන් ලද සිටි බව ද අමතක කල යුතු නැතිය.

    ඉහත සඳහන්,සිහල කමේ හරයන්ට වින කරන ලෙස
    ගන්දාස්කාර වාත පිට කරමින් ලියු Anonymous one orig ව ‘සිහලයට කරුණා-කිරෙන්’සේදීමට තැත් කිරීම,තමන් කලේ වරදක් ය කියා නොපිළිගෙන,
    ”Anonymous one orig ගැන ආපසු නොලියමි” කියා පමණක් කීම,
    ‘සමන් පිච්ච මල් සුවඳ විහිදුවන දේ ලියන කෙනෙක්’ ට නම් නොහොබි.
    3.
    පුද්ගලික වෙද විදුහල් ගැන shakil සමග වාද කරමින්,
    මා ලියු
    බටහිර වෙද විදුහලට සිසුන් ගත යුතු සාධාරණ ක්රමය,
    දිස්ත්රික් පදනමට සිසුන් ගැනීමේ හරය යනාදිය ගැන සද්ද නැතුව සිට,

    එය අතර මග නවතා දමා,’’තමා කලේ තමන් ගේ මතය ප්රනකාශ බවත් දිගටම වාද කිරීමට අකමැති බවත්’’ කියමින් ලිස්සා යාම.

    එසේ කිරීමට අවශ්ය ම නම්,
    මුල්ම වගන්තියෙන්ම ඒගැන declare කළා නම් හොඳය.
    නැත්නම් ඒවා නොහොබි වැඩය.
    4.
    අප කවුරුත් දිනුම් ද නැත පරාද ද නැත.
    කෙටුවේ මේ රටේ ඉන්න කාටත් හොඳක් වෙන්නය.

    වෙහෙස නිවුන පසු,

    දඹර අමිල හිමි ගේ ‘ක්‍රීම්’ එක ගැනත් තව දුරටත් සාකච්චා කිරීමට,
    එම ‘ක්‍රීම්’ එක නැති කිරීමේ මාර්ගය වන,
    දෙවන චතුරාර්ය සත්‍යය ගැන සාකච්චා කිරීමට,

    සිතිවිලිට මා
    ‘මාර පරාජයට ආසන්න වූ’ විවේකයක් පතමි.
    නැවත හමු වෙමු.

    Reply
  96. =/? says:
    September 27, 2012 at 3:09 pm

    බොලන් මාතර ආතර,
    1.මන් කිව්වේ මේ කණාමැදිරි දෙන්නට තිබුනේ ඉලිප්පීමේ ආසාව- ඒක නෙව බටහිරය සතුටු කරන්නට ඕන නිසා බුදු දහම ගැන නොකිව්වේ! මේක නොහොබිනා වැඩක්ම තමයි බොල. නමුත් උඹේ අදිකාරම් තුමාගේ සරල විදි පෙවත අගෙයි-නමුත් මම සරල දිවි පෙවත ඉගෙන ගත්තේ බුදු දහමෙන්. පින්සිද්ද වෙයි නවත්තාපන් උඹේ මේ ගෝරනාඩුව!

    2.ඒ ගෙරියා ගැන මට නම් අපුලයි බන්-නරකද ඒ ගැන කතා නොකර උන්න නම්.මා දසත හැමිය යුතු සමන් මල් සුවඳට සම කල ජෝසප්ගේ දැක්ම/විවරණ ඒ ගෙරියා උලුප්පා පෙන්වීම හේතුවෙන් මා තුල ජනිත කෙරවුයේ මහා කනස්සල්ලක්ය.ජෝසප් කලේ මහා නොහොබිනා දෙයකි. මම නිකරුනේ ආගම් විවේචන නොකරමි නමුත් පල්ලි පිල්ලි හම ගසමි.

    3.බොහොම නොහොබිය.මාත් පැත්තකට වී බලා උන්නේ ‘මුදලාලිකරණයට’ඔලුව වැනෙන අයුරු තමා. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඇති ගම් නියම් ගම් වලට සාධාරණ ලෙස හා සමානව අධ්‍යාපන පහසුකම් නැති කල, රටේ එක් කොටසකට පමණක් ‘මුදලාලිකරණයෙන්’ පෙර පැවති යටත් විජිතවාදි ක්‍රමයෙන් ඔලුව ඉස්සීමට ඉඩ දීම ඉතා අප්‍රසන්නය.

    4.මෙහි කොටන්නේ උඹ හරි උගතා කියන්නට වත්/ජගතා කියන්නට වත් නොවේය. මේවා කෙරිය යුතු කාලින සාකච්චා වේ.නිවන් අවබෝධය සසරේ ඉලක්කයක්.අද සිටම හෙට පරපුර අමතක කිරීම අපට තරම් නොවේය.

    උඹට කොහොමද කියා මන් නොදත්තත් මට නම් බලය+කාසි පනම් විසි කරන්නට නැති හෙයින් මේවා ගැන මා මිතුරන් සමඟ දොඩමලු වන්නේ නැතිය-මා මිතුරන් එක තැන පල් නොවන ගණයට අයිතිවාසිකම් කියන්නෝ වෙත්. ඉදින් මම යුතුකම් ඉෂ්ට කර මෙහි කොටමි. ගත යුත්තක් ඇත් නම් ඒවා අපේ රට දැය සමය වෙනුවෙන් යෙදවීමට ගනිත්වා!
    උඹට ජය.

    Reply
  97. මාතර ආතර says:
    September 28, 2012 at 11:41 am

    @=/?
    1.
    අපේ අදිකාරම් තුමන් අස්මි මානය අඩුකරගත් කෙනෙක්ය කියා කීමට මේවා සඳහන් කරමි.

    තම දහදිය මහන්සියෙන් හම්බ කරගත්,අද රුපියලේ අගය අනුව ?කෝටියක් වන වත්කම් පොට්ටනි නොගසා,කිසිවක් ආපසු බලාපොරොත්තු නොවී,නිර්නාමිකව (තම ලඟම නෑයන්ට නොව) දුප්පත් ළමුන්ගේ අධ්යාබපනයට/අනුන්ට පමණක් දන්දුන් එතුමන්, මිය ගිය පසු,දේහයට කල යුතු අවසන් කටයුතු මොනවාද කියා වත් කලින් කීම ප්ර තික්ෂේප කිරීම. අනුනට ආදර්ශයට කියා තමුන්ගේ ජීවිත කතාව සම්පුර්නයෙන් නොකීම,එය ලිවීමට කිසිවකුට බලය නොපැවරීම.

    මෙම අස්මිමාන-දුරු කල-හැසිරීම,මහා මී හරක් වැඩක් ය කියා තවෙකුකට තර්ක කල හැක.
    2.
    නමුත්,බක තපස් රංගනයේ යෙදෙන-අපාය අද්දර බද්දර-සුකොපභෝගී දිවි ගත නොකළ,එතුමන්,යතාවාදී තථාකාරී ලෙස,සිල්වත් ව,අනුන්ට මෙත් කරුණා වඩමින් දේශනා කිරීම
    ‘කනා මැදිරි එලියක්ය’කියා කීම නම්
    නොහොබී.
    3.
    ඔබ කියන පරිදි,එතුමන් සහ JK උතුමන්,බටහිරයන් සතුටු කිරීමට ‘බුදු බන යන පද’ භාවිතා නොකලය යන්න,එතුමන්ලා ගේ සකච්චාවලට සහභාගී වූ මට පිළිගත නොහැක.
    4.
    වේද හින්දු පොත්වල ඇති ත්රිපිටකයේද ඇති,’පෙර කරුම පඩිසන් දීමට පදනම් වෙන පුනභව’ වනාහි,
    හුදෙක් බයිබලයේ සහ කොරානයේ මුල ධර්ම වලට සම්පුර්ණයෙන්ම පටහැනි නිසා,
    එතුමන්ලා ඒවා හරිද වැරදිද කියා,
    තම මත ප්රණකාශ කිරීමෙන් වැළකී සිටීම,
    සමහර විට,
    ඔබගේ චෝදනාවට පදනම් වුන හේතුව විය හැක.
    5.
    Anonymous one orig බුදුබණ වනාහි හුදෙක් හින්දු කොපියක් ය කියා ලීවේද මේ නිසා වන්නට පුළුවන.
    6.
    දඹර අමිල හිමිගේ ‘ක්රීම්’ එකට අනුව,
    බුදුන් මෙලොවට සපැමිනීමට පෙරද,
    සමතය වඩා එකල විනගුන්,ප්රමත්යරක්ෂයෙන් දැන ගෙන දේශනා කල,
    ‘මෙය සහ පස් පව්,සතර මහා භූතයන’ අයත් වුනත්,
    බුදු රදුන් ගේ ප්රදධාන අරමුණ නම් නැති වී ගිය ‘තිලකුණ සහ විදසුන’පෙන්වා
    එම ‘ක්රීම්’ එක නැති කර දැමීමය.

    Reply
    • පෛසර පීතර චින්තර යන්තර මන්තර says:
      September 28, 2012 at 12:16 pm

      මාතර හරකෝ, ඉස්සෙල්ලාම උඹේ අස්මිමානය දුරු කර ගනින්. මෙතන වැදගත් දෙයක් ලිව්ව සිතිවිලි, Joseph, =/?, Sith වගේ උන්ට ලියන එක එපා කරවන්න එපා. උන් ඇනෝ ගැන ලීවාම උඹට ඩෝන් යනවා. උඹ කොහෙවත් නැති අදිකාරමෙක් ගැනයි මුර්තියෙක් ගැනයි අමිලයෙක් ගැනයි එකම දේ ලියනකොට කාට උනත් එපා වෙනවා තමයි.

      සිතිවිලි, Joseph, =/?, Sith, නියම සිංහ, jesu, පිස්සා,
      ඉන්න තැනකින් වරෝ !
      මේ article එකට බැරිනම් වෙන එකකට වරෝ !!

      Reply
  98. =/? says:
    September 28, 2012 at 7:43 pm

    මාතර ආතර අයියන්ඩි,
    1.ඒ හැසිරීම අගය කරමි-නමුත් මේ හැම දේම තිබුනේ අපේ බුදු දහමේ- මම බොලන් කියන්නේ ඒ ගැන හංගල කරපු පිම්බීම මා අගය නොකරන වගය-ඕන් ඉතින් උඹත් වල්ගේ පාගා ගත්ත නොව! මේ අඩවියේ උඹත්,ජෝසපුත් ලියන දෑ/උඹල දෙන්නගේ දැක්ම/විවරණ අගය කරන කෙනෙක් මම. උඹලගෙන් තනිකර අංග සම්පුර්න දෙයක් බලාපොරොත්තු වීම මගේ නොදරු කමකි! දැන් නවත්තාපන් මේ ගැන උඹේ විලාපය.

    2.බොලන්,දැල් වෙමින් තියෙන අපේ බුදු දහම නමැති පහන් දැල්ලේ එලිය ඔස්සේ යනවා මිසක මට නම් ඔය එක කණමැදිරි එළියක් වත් වැඩක් නැත.බද්දර්ස් ගැන මට ඇති අප්‍රසන්නතාවයද එලෙස වේ. උඹට ඔය කණමැදිරි එළි පස්සේ යාමට අවැසි නැත-උඹ ලියන දේ අනුව උඹට නුවණද/පැහැදීමද/ශ්‍රද්ධාවද ඇති කෙනෙකි. ඔන්න ඔහේ කණමැදිරියන්ට යන්නට දීපන්. තව උන් බෝ නොකර!

    3. එහෙමනම් උඹේ අදිකාරම් තුමා ඉන්නට ඇත්තේ අමු කැවිලා වන්නට ඇත.

    4.බොලන් හරි දේ හරි කියන්නට කොන්ද එපාය-ඒ නැති මිනිසුන් දෙස මන් බලන්නේ අපුලෙනි.

    5. ඔය ගෙරියාට මගෙන් බුරුලක් නැත.

    6.දඹර අමිල හිමි ගැන නොදනිමි-ඒ බව පෙර කීව නොවේද? තිලකුණ හා විදසුන සමඟ එකඟ වෙමි. දුක, දුකට හේතුව, එය නැතිකිරීම, ඒ මාර්ගය පහදා දුන් මග යන්නට අවැසි වන්නේ සන්සුන් වූ හිතකි. හෙමින් ඒ මග යමු බන්-හැබැයි අර ‘ඌ-ගත්තු’ කියන්නහේ අසුරු සැනින් වගකීම්/යුතුකම් පසෙක දා වනගත වනු නම් බැරිය.ඊට හේතුව මන් කෝටියක් පාරක් කියා ඇත්තෙමි.

    ඉතින් එහෙනම් මේ ඇති නොව. උඹට යහපත් සිහිය පහල වේවා!

    Reply
    • මාතර ආතර says:
      September 29, 2012 at 10:09 am

      @=/?

      3.@=/?says,”එහෙමනම් උඹේ අදිකාරම් තුමා ඉන්නට ඇත්තේ අමු කැවිලා වන්නට ඇත.”=/?

      වෙන්න බැරිය.
      කියන්නා කෙසේ කීවත්, යමක් සිහි බුද්ධියෙන්,මට වඩා හොඳින් අසන පුද්ගලයෙක්ය එතුමන්.

      4.@=/?says,”බොලන් හරි දේ හරි කියන්නට කොන්ද එපාය-ඒ නැති මිනිසුන් දෙස මන් බලන්නේ අපුලෙනි.=/?

      මේ රටේ සහ මුළු ලෝකයේ සිටි බලවතුන්,අපේ අදිකාරම් තුමා ව සහ ක් ක්රිශ්නමුර්ති තුමාව ‘මිලයට ගැනීමට’ උත්සාහ කර බැරි විය.සරලව දිවි ගෙවන්න බැරි-කොන්ද නැති පොරවල් එසේ නොවේය;කාටත් මිල දී ගෙන,තමන්ගේ බල පුලුවන්කාර කම් වැඩි කර ගැනීමට,පාවිච්චි කල හැක.

      6.@=/?says,”දඹර අමිල හිමි ගැන නොදනිමි-ඒ බව පෙර කීව නොවේද?”=/?

      මාද ඒ හිමි ගැන නොදනිමි.
      සිතිවිලි එවන ලස U tube යොමුවේ සහ

      අනිත් U tube වල ඒ හිමි ගේ කතා දුටිමි.
      අන් බටහිර රටවල ප්‍රධාන ආගමට සහ ප්‍රධාන බසට ඉතිහාසයෙන් හිමි වන තැන,
      වැඳ පිළිගන්න පොරවල්,ලනු එන සුදු බමුණන් ,NGO ,මේ රටේද එසේ වනවාට විරුද්ධ වෙමින්,
      මේ හිමි සමග අත්වැල් බැඳ ඇති බව පෙනේ.
      එය මට රුස්සන්නේ නැතිය.

      නමුත්,ලෝකයාට අමතක වී ගිය ‘තිලකුණ සහ විදසුන’ නැවත මතක් කර දීමට පමණක්,
      ප්‍රධාන වශයෙන් අරමුණු කර මේ ලොවට සපැමිණෙන බුදු රදුන් ගේ කාලයට මුලින්,
      සමතය වමින් සිටි වින්ගුන් විසින්,
      ”පස් පව් නොකරව්-පෙර කල කරුම පඩිසන් දෙන පුනභවය අපට ප්‍රත්‍යක්ෂය;සතර මහා භූතයන් ගෙන් අප ඇතුළු මේ ලොව සෑදී ඇත”යන
      ත්රිපිටකයේද සඳහන් කරුණු, ‘ක්‍රීම්’ එකක් ලෙස
      ඒ හිමි හුවා දක්වා ඇති ය කියා ,
      සිතිවිලි එවා තිබු යොමුවෙන්,මා නිගමනය කලෙමි.

      Reply
  99. මාතර ආතර says:
    September 28, 2012 at 10:37 pm

    @පෛසර පීතර චින්තර යන්තර මන්තර,
    1.
    මට විහිලු සපයන Anonymous one orig ටද ,
    Chinthaka, Fernando ටත්, මා නැවත සාධරයෙන් ආරාධනා කරමි.

    Joseph තවමත් අපව දමා යන්න ගියේ නැති අතර,

    පුද්ගලික බටහිර වෙද විදුහලට සහයෝගේ දීමට ගොස් shakil එක්ක වාද කරලා ඇති වුන වෙහෙස නිවා ගැනුමට නිවාඩුවක් ගෙන,නැවත ඒමට පමණි,
    සිතිවිලි තාවකාලිකව චුත වුනේ.
    2.
    ”අපේ ද්රුෂ්ටි ඔක්කොම හලා,සාකච්චා හොඳ තැනකට ගෙන යමු” යන
    ‘එකම දේ’ අපේ අදිකාරම් තුමාගෙන් එකල අසා සිට,
    ඒ වගන්තියම සිතිවිලි ගෙනුත් ඇසු නිසා,
    මා පිනා ගොස්,
    ඒ බව පෙන්නා දීම පමණි මා කලේ.
    3..
    අපේ නලින් ප්රෝපා,
    මේ රටේ සිංහල දෙමල මුස්ලිම්-පිළිම නෙලා නැති විරුවන් නන්දිකඩාල් යනකම්ම,
    ‘එකම දේ මැතිරුවා’ උඹට මතකය?
    4.
    අවුරුදු දෙදහස් හයසීයක් ‘පරිප්පු කා’ රැකගත් බිම,
    ලනු දෙන සුදු බමුණන්ගෙන් රැක ගැනුමට,
    සමත භාවනාවන් පමණක් කල -වින්ගුන් ප්රකත්යමක්ෂ කරගත්-දඹර අමිල හිමිගේ ‘ක්රීරම්’එක
    මට එපා වී,නිවන අවබෝධ වන තෙක්,මා ද
    ‘එකම දේ’ ජප කරමි.
    5.
    කරුම පඩිසන් දීම පුන භවය බුදු රදුන් විසින් හින්දුන් ගෙන් කොපි කරන ලද කෙප්පයක් ය කියා ගම්ය වන ලෙස ලියු;
    නන්දිකඩාල් යාමේදී තම දිවි දන් දුන්,පිළිම නෙලා නැති සිංහල විරුවන් සමග අත් වැල් බැඳගත් දෙමල සහ මුස්ලිම් රණ විරු ඇත්තන්ගේ නෑයන්ද ඇතුළු,
    මේ රටේ සිටින දෙමල සහ මුස්ලිම් ඔක්කොමලව
    උන් ආපු රටවලටම පන්නා දැමිය යුතුය කියා ලියු;
    මුළු ලොවටම දැනුම සහ වෙදකම බිහි කලේ ‘සිංහල හිරු දෙවි/දියසේන කුමාර’(?දිෂ්ටිය/මූර්තිය?) බවත් උන් දෙදෙනා නැවත ළඟදීම පැමිණ,
    (මා කුඩා කල සිටම අපේ ගමට පැමිණි ‘පල්ලි පිල්ලි’ කියුවා සේ) වැරදි කරන එවුන්ට දඬුවම් දෙන බවත් කියා-සිංහලයට ලනු දුන්;
    මිනිහෙක් ගැනියෙක් සමග එක් වන්නේ කාම ගින්න නිසා නොව (දරුවෙක් ගැහැණියකගේ බඩට ඒමට පෙර තියෙන්න බැරි) ‘දරු ගින්න’ නිසා බව කී;
    ‘මන් වගේ බුලත් නැටි කාපල්ලා ගුණයි,කොලේ කන්න එපල්ල පිලික හැදෙන්න පුළුවන්” ය කියා ලියු
    අපේ සිංහල කමේ එක් අංගයක් වන දෙමාපියන්ට වැඳීම නවතා දැමිය යුතුය කී
    Anonymous one orig උඹද?

    Reply
    • මාතර ආතර says:
      September 29, 2012 at 9:45 am

      නියම සින්හත්
      පුරාන තර්ක ශාස්ත්‍ර ගැන research කර,

      ඒ ගැන,
      නැවත මේ අඩවියට පැමිණ,
      අපව දැනුවත් කරාවිය කියා බලාපොරොත්තු වෙමි.

      Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English