මේ කතාව වාර්තා වෙන්නේ අමෙරිකාවේ විස්‌කොන්සින් (wisconsin) නගරයෙන්. ජෝන් අන්ගර් (John unger) කියන පුද්ගලයා සහ ඔහුගේ සුරතල් සුනඛයා ශ්රූප් (Schreep) තමයි කතාවේ චරිත දෙක. මීට වර්ෂ 19 කට කලින් ජෝන් තම පෙම්වතිය සමග ගොඩාක් ආදරෙන් බැඳිලා හිටියා. මේ කාලෙදි තමයි මේ දෙන්න පුංචි බලු යාළුවෙක් හදාගන්න තිරණය කළේ. සතියක් විතර හොයලා මාස 08 ක විතර සුරතල් බලු පැංචෙක් මේ දෙන්නට හම්බ වුණා. ඊට පස්‌සෙ එයාට නම තිබ්බා “ශ්රූප්” කියලා. “ශ්රූප්” කියන්නේ විස්‌කොන්සින් නගරයේ ප්‍රසිද්ධ අයිස්‌ක්‍රීම් සහ පැණි රස වෙළෙඳ නාමයක්. මේ දෙන්නාගේ ආදරයේ සංකේතය වුණේ ශ්රූප්. මෙහෙම කාලයක් ගතවුණා. හරියටම අවුරුදු 10 කට පස්‌සේ ජෝන් සහ ජෝන්ගේ සහකාරිය වෙන් වෙන්න තීරණය කළා. මේ තීරණය නිසා ජෝන් ගොඩාක් කණස්‌සල්ලට පත්වුණා. ජෝන් කියන විදියට තම සහකාරිය නොමැතිව ගතවුණු එම පළමු රැය හිතාගන්නවත් බැරි තරම් වේදනා සහගතයි. එය ඉතා දිගුයි. මේ කණස්‌සල්ල නිසාම ජෝන්ට සිය දිවි හානි කරගන්නත් සිතී තිබෙනවා. මේ සියලු වේදනාත්මක දේවල් වෙනකොට තමන්ට හෙවණැල්ල වගේ හිටියේ එකම කෙනයි. ඒ තමා “ශ්රූප්”. තමන්ගේ දුක බෙදාගෙන නිතරම තමන් ළඟ දැවටෙමින් ශ්රූප් තම ආදරණීය ස්‌වාමියා ළඟින්ම හිටියා. ඒ ආදරය තම සහකාරියගේ ආදරේ පරයා යන මට්‌ටමටම තිබුණා. මේ නිසා තමයි ජෝන් සඳහන් කරන්නේ මේ මිතුරා නිසා තමයි අද මම ජීවත් වෙන්නේ කියලා.
දැන් මේ බලු යාළුවාට වයස අවුරුදු 19 ක්. එයාට වයසයි. අසනීප ගතියෙන් තමයි ඉන්නේ. එයාට හන්දි අමාරුව වගේම ආතරයිටිස් තත්ත්වයකින් පීඩා විඳිනවා. මේ තත්ත්වයත් එක්‌ක ශරීරයේ බර දරන්න අමාරුයි. එහෙම වෙද්දි දෙපාවලට දැඩි වේදනාවක් දැනෙනවා. සාමාන්‍යයෙන් මිනිස්‌සුන්ට වුණත් වෛද්‍යවරු නිර්දේශ කරනවා ජලයේ සිටීමෙන් ශරීරයේ බර දැනෙන ප්‍රමාණය අඩුවන බව. තම සෙවණැල්ල මෙන් සිටි මිතුරාට කලගුණ සලකන්න ජෝන් ඔහුව රැගෙන සුපීරියර් (Superior) විලට යනවා. “ශ්රූප්” තම සිරුර මත තබා ගනිමින් ඔහු ජලය මත බැසගෙන සිටිනවා. තම සිරුරේ බර නොදැනීම නිසා වේදනාව අඩුවී සුනඛ මිතුරා ජෝන්ගේ ශරීරය මතම නිදා ගන්නවා. සමහර වෙලාවට මේ ආකාරයෙන් පැය ගණනක් ජෝන් සිටිනවා. මේ සුන්දර අවස්‌ථාව ඡායාරූප ගතකළේ ජෝන්ගේ මිතුරියක් වන හානා ස්‌ටෝන්නවුස් හඩ්සන් (Hannah Stonehouse hudson) විසින්. ඇය ඡායාරූප ශිල්පිනියක්. මෙම ඡායාරූපයෙන් අවංක ආදරය, කාරුණික බව මිනිසෙකු සහ සුනඛයා අතර ඇති විශිෂ්ට සබඳතාව මනාව පැහැදිලි වන බවටයි හනා ප්‍රකාශ කළේ.
මේ විල මත සිටිනා ඡායාරූපය ෆේස් බුක් වෙබ් අඩවියේ පළවූ පසු අන්තර්ජාල අවකාශයේ ඉතා
ඉක්‌මනින් පැතිරී ගියා. ලොව පුරා මිලියන ගණනක් දෙනා එය නරඹා ඊට තම ප්‍රතිචාර ද දක්‌වා තිබුණා. ලොව පුරා ජනතාවගේ හදවත් කම්පා කළ කඳුළකින් නෙත තෙමුණු දසුනක් බවටයි මෙය පත්වුණේ. ශ්රුප්ගේ ප්‍රතිකාර සඳහා බොහෝ පිරිස් මුදලින්ද තමාට උපකාර කරන බවට ජෝන් ප්‍රකාශ කළා. අදට ද මේ සුන්දර කතා පුවත ඉතා ජනප්‍රිය ලෙසට සමාජ ජාල වෙබ් අඩවිවල ව්‍යාප්ත වෙමින් පවතිනවා. තමන්ට එදා සවිය ගෙන දුන් මේ පාද හතරේ මිතුරාට කලගුණ දක්‌වන්න ජෝන් කළ මේ සද්ක්‍රියාව මිනිස්‌කමේ සැබෑ පෙනුමද ලෝකයටම අභිමානයෙන් එළිදරව් කරනවා.
- කුමුදු අබයදීර / Divaina
ඒකනම් ඇත්ත. ගෑනි, දරුවො දාල ගියත් බල්ලා නෙවෙයි අපිව දාල යන්නෙ. ඒත් අපි උන්ට කලගුන සලකනවද?
100% Correct!
“මිනිසාට නොතේරුණත්, සුනකයා යනු ස්වභාව ධර්මයෙන් මිනිසා වෙත ලැබුණු උතුම් ත්‍යාගයකි.”
තම ස්වාමියාට සැබෑ ලෙන්ගතු වූ ආදරණීය සුනකයෙක්, ඒ ආදරණීය බව වෙනුවෙන් කාලගුණ සලකන උතුම් මිනිසෙක් වටා සංවේදී කතා පුවතකි.
ඔබට දීර්ගායුෂ පතමි.
බල්ලන්ට ජයවේවා…
ඕකුන්ව මරල දාපියව්.. කාලකන්නි සත්තු ජාතියක්… බල්ලො ලෝකෙන් වඳ වෙලා පල..
මොහොමඩ් උඹල වගේ උන් ගැන නෙමේ බන් මේ Article එකෙන් කියන්නේ ඔරිජිනල් බල්ලෝ ගැන ….
මචං මුට බනින්න එපා. මුගේ නමම මොහොමඩ් නේ. ඒකයි අවුල.
-මචං මොහොමඩ් උබත් තරහවෙන්න එපා. මම ඇත්තනේ කිවුවේ.
Very Sensitive… Imotional moment.!
Ithain aiyubowan mathura, siyalu adgaraniya bandeem dhawasaka bandiyala yana aka sanskara dharmaiyanga anithaiya bawa nisa,apitha dhukatha paith wana wanawa neaiyatha lasama, aith kalaghuna salakeema ithama wathinawa,dhawasaka priya screep wanawala yana dhuka dharaghana shakithaiya labewa kiyala pathami.
මේ ජායාරූපය සමග තිබෙන සOවේදී කතාව කියවනවිට ඇහැට කදුළු එන්නේ නැතිනම් එම තැනැත්තාට හදවතක් නොමැත…!
මම කතාව කියෙව්වා. ඈත්තටම ස0වේදී කතාවක්. ඒ උනාට මට කදුලු ආවේ නෑනේ. ඒ කියන්නේ මට හදවතක් නෑද්ද ?? හත් දෙයියනේ ……
මේකෙන් කියන්නෙ ගෑණු බල්ලොන්ටත් වඩා අන්තයි කියලද බං ,….. හික්෴ස්
අපොයි දෙයියනේ ඔය සුනකයෝ, බළල්ලු වගේ සත්තු එක්ක නිදාගන්න එකනම් භයානක වැඩක්. මුන්ගේ රෝම වලින් බොහොම භයානක ලෙඩ හැදෙන්න පුළුවන්. විශේෂයෙන් පුංචි ළමයිට. හැගීම් වලට වහල් වෙන්න එපා. සබ්බේ සංකාරා අනිත්‍යා. දුක බව ඇත්ත.
balla kiyanne anda gaththa gaman inna sathek…ekane yaman kuwa gaman enne…yana thanak ahanne naha…
ඇත්තටම සංවේදී කතාවක්
මේ හා සාමන කතවක් තමඊ HMV ( His Master Voice ) ඉන්දියවේ, කල්කටා නගරයේ එක් සංගීත තැටි නිෂ්පාදක වරයෙක් සුරටලේට පාරේ යන බල්ලේක් ට දින පතා කෑම දුන්නා. එක් තාරා දිනක මෙම සංගීත තැටි නිෂ්පාදක වරයා මිය ගියා. ඉන්පසු ඔහුගේ පවුලේ උදවිය සැම දිනකම හවස නිෂ්පාදක වරයා ගේ කට හඩ වාදනය කළා. මෙය අසන බල්ලා කොහේ සිටියත් දුව ගෙන එනවා ලු ඔහු ගේ ලගට. බල්ලා දන්නේ නේ ඔහු මිය ගියා බව . HMV ( His Master Voice ) තැටියේ කතාව එකඊ. තැටියේ බල්ලා ගේ රුපය්කුත් තියනවා.
This is wonderful story. By the way it is incorrect to say that this story is from city of Wisconsin in USA.Actually John Unger and his dog are from Bayfield, Wisconsin. Bayfield is a city in Bayfield County, Wisconsin, United States.Wisconsin is the name of the state.
බල්ලෙකුට ඔබ එක දවසක් රසවත් යමක් දුන්නොත් යලි දින 100ක් යමක් නොදුන්නද ඒ හැම දිනකම කෘතුගුණ සැලකීමට වලිගය වනයි. බුරා නොපනි.
ගහනියෙකුට දින 100ක් සලකා එක දිනක් මග අරුණ හොත් ඔබ මේ ලෝකේ සිටින නරකම පිරිමියා බවට පත් වේ. හප නොකතත් බුරා පනිනු ඇත.
කසාද බැඳලා නැති අයට මේක බොරුවක් වගේ පෙනෙයි. බැඳලා කාලයක් ගියාම බලන්නකෝ .
———-
ගැහැනියක් විවාහ කරගත් විවාහක පිරිමි 100 ක ගෙන් නැවත අතීතයට ගොස් මෙම ගැහැනියම විවාහ වීමට කැමතිද ඇසුවහොත් 90% කම පිළිතුර වන්නේ නැත යන්නය.
බල්ලෙක් ඇති කළ පිරිමින් 100කගෙන් මෙම බල්ලා ම නැවත ලබාගැනීමට කැමතිද ඇසුවහොත් 99%කම පිළිතුර වන්නේ ඔවු යන්නය.
අනේ සහතික ඇත්ත මචං, කසාදයක් බැඳල මං විඳින දුක දන්නෙ මං විතරයි. පෙර පවක් ගෙවනව කියල හිතාගෙන ඉන්නව. දහස් වාරයක් හිතිල තියෙනව, මේ අවුරුදු ගාණට බැල්ලියෙකුට කන්න ටිකක් දුන්න නං ඌ අඩු ගානෙ වලිගෙවත් වනයි හවස ගෙදර එනකොට කියල.
තව එකක්: විස්කොන්සින් කියන්නෙ මිචිගන් විල අයිනෙ තියෙන ඇමෙරිකාවෙ පාන්තයක්. නගරයක් නෙවෙයි. මේ ලින්ක් එකේ තව විස්තර තියෙනව: http://www.huffingtonpost.com/2012/08/08/man-dog-lake-superior-photo-_n_1755609.html
පුංචි බලු රාලේ-මන් ගෙදර නැති වේලේ
කව්ද මගේ බෝලේ-පෙරල පෙරලා උන්නේ මිදුලේ
More pictures and details on their Facebook page:https://www.facebook.com/Schoep.and.John
බල්ලෝ වුණත් සුද්දෝ ආශ්‍රය කරනවා නම් උතුම් ගුණ පිහිටන බව මේ කතා පුවතෙන් අපිට පේනවා. eken පෙන්නේ සුද්දගේ තියෙන අවංක ආදරය, දයාව සහ කරුණාවයි. මගේ නම් අදහස ගැහැණියට වඩා බැල්ලිය උතුම් කියන එකයි.
බැල්ලියක ළඟ ඇති ගුණ යහපත් බවවත් ගැහැණියකට පිහිටත්වා !
සුද්දට ජය වේවා !
මේ වගේ තව කතාවක් තමයි “Hachiko – A Dog’s Tale” මූවි එක. ඒක ජපානයේ සිදුවුනු ඇත්ත සිද්ධියක්. තවමත් ජපානයේ Shibuya Station එකේ හාම්පුතා එනතුරු බලාගෙන ඉන්න හචිකෝ සුරතලාගේ පිලිරුවක් තියෙනවා. මිනිස්සු ඒකට වන්දනාමාන කරනවා.
pawe
mama nam mage doggy buwata pana wage adarei machanla…sirawata ballo godak hondai kellonta wada..wali ne ..goori ne… fit unoth uth pana wage tamai apita…