‘අතේ පත්තුවීම’

September 6, 2012 at 12:02 am | Lanka C News.

‘අතේ පත්තුවීම’

කරන වැඩ “බැක්‌ෆයර්” කරගන්න එපා යෑයි සමහරු අවවාද දෙති. ඒ වැඩේ “බැක්‌ෆයර්” වුණා යෑයි තව සමහරු මැසිවිලි නඟති. “වැඩක්‌ බැක්‌ෆයර් වුණා” යෑයි කියන්නේ අනුන්ට ගහන්න ගිය බෝම්බයක්‌ තමන්ට පත්තු වුණා වගේ වැඩක්‌ය. මහින්දගේ ආණ්‌ඩුවට එරෙහිව විපක්‍ෂය කරන දේවල් ද ටික කලකින්ම, ඒ කියන්නේ බලාගෙන සිටියදීම විපක්‍ෂයට බැක්‌ ෆයර් වෙන ගතියක්‌ තිබේ. මෙසේ දිගින් දිගටම බැක්‌ ෆයර් වීම නිසා විපක්‍ෂයට සිදුවී තිබෙන හානිය විශාලය.

චෝදනාවක්‌ හෝ විරෝධතාවක්‌ ආණ්‌ඩුවකට එරෙහිව ගොනු කරන විට, විපක්‍ෂයක්‌ විසින් එය දිගින් දිගටම ඇදගෙන යා යුතුය. එවිට ආණ්‌ඩුව විසින් විරෝධතාව සමනය කර ගැනීම සඳහා අදාළ කාරණය හකුලා ගත්තා නම් හෝ සංශෝධනය කළා නම් එය විපක්‍ෂය විසින් ලබාගත් ජයග්‍රහණයක්‌ ලෙස ලියාගත යුතුය. දිගින් දිගටම ආණ්‌ඩුව තම මතයේ සිට විරෝධයට කන් නොදේ නම් ඒ සඳහා පළල් ජනතා එකමුතුවක්‌ ඇතිකරගෙන වැඩේ දිගටම ඇදගෙන යැම විපක්‍ෂයේ කාර්යය. මෙසේ ආණ්‌ඩුවකට එරෙහිව නඟන චෝදනා, විරෝධතා පෙළගස්‌සවා තීරණාත්මක අවස්‌ථාවකදී රටට මතක්‌ කරදීම මගින් එම අවස්‌ථාවේ වාසිසහගත බවක්‌ විපක්‍ෂයට අත්කර ගත හැකිය.

2005 සිට ගතහොත් පවතින විපක්‍ෂයට එසේ ගොනු කරගත් චෝදනා හෝ විරෝධතා ලේඛනයක්‌ නැති තරම්ය. ඊට හේතුව වී ඇත්තේ “බැක්‌ෆයර්” වෙන අන්දමේ කටයුතුවල විපක්‍ෂය යෙදීමය. ඒ සඳහා වන නවතම උදාහරණය “කොම්පියුටර් ජිල්මාට්‌” කතාවය.

සරත් ‍ ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරාජය වූ විගසම, විපක්‍ෂය කිව්වේ ආණ්‌ඩුව කම්පියුටර් ජිල්මාට්‌ එකක්‌ කරලා ඡන්දය දිනාගත්තා කියලාය. ජ.වි.පෙ. නායක සෝමවංශ අමරසිංහ එය එළිපිටම කීවේය. එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක ද ඒ කතාවම කීවේය. සරත් ‍ ෆොන්සේකාගේ පරාජයෙන් බිමට වැටී සිටි එජාප, ජවිපෙ පිරිස්‌ ද ඒ කතාවම මතුරන්නට වූහ. එම පාර්ශ්වවලට හිතවත් මාධ්‍ය කම්පියුටර් ජිල්මාට්‌ එක සිදු වූ ආකාරය ද වාර්තා කළේය. කම්පියුටර් ජිල්මාට්‌ කතාව මුලින්ම “බැක්‌ ෆයර්” වන්නට ගත්තේ සරත් ‍ෙෆාන්සේකා ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමත් සමඟය. පරාජය සඳහා ප්‍රධාන හේතුව කම්පියුටර් ජිල්මාට්‌ කියමින් සිටි පිරිස, ඒ පිළිබඳව එක වචනයක්‌වත් මැතිවරණ පෙත්සමේ සඳහන් කර නොතිබිණි. එවිට ආණ්‌ඩුව පැත්තෙන් අසන ලද ප්‍රශ්නය වූයේ “ජිල්මාට්‌ කතාව පෙත්සමේ නැත්තේ ඇයි” කියාය. මේ වන විට එයින් ඉදිරියට ගොස්‌ මංගල සමරවීර විසින් කම්පියුටර් ජිල්මාට්‌ කතාව බොරුවක්‌ යෑයි ප්‍රසිද්ධියේම කියන තැනට පත්ව තිබේ. එයින් ජනතාව තේරුම් ගන්නේ මේ විපක්‍ෂය ඊයේ කියපු දේ අද නැහැ කියන මට්‌ටමේ පිරිසක්‌ බවය. මුලින් චෝදනාවට ලක්‌වූ ආණ්‌ඩුව වෙනුවට අවසානයේ චෝදනාවට විපක්‍ෂය ලක්‌වන තැනට මේ නිසා පැමිණීම සිදුවෙයි. මුල් වතාවේ කම්පියුටර් ජිල්මාට්‌ කතාවට පිළිතුරු දෙන්නට ආණ්‌ඩුවට හෝ ආණ්‌ඩු පාක්‍ෂිකයාට සිදුවී තිබුණත් දැන් එයට පිළිතුරු දෙන්නටත් බොරු කතා ගොතන බවට වරද පිළිගන්නටත් විපක්‍ෂයට හා එම පාක්‍ෂිකයාට සිදුවී තිබේ.

ආණ්‌ඩුව විසින් යුද්ධ කරන කාලයේදී විපක්‍ෂය කිව්වේ ද මේ ජාතියේa කතාය. ඒ කතා ජනමතය තුළට කෙතරම් කිදා බැස ඇද්ද කිවහොත් ඒවා නූතන ජනකතා බවට පත්ව තිබේ. ඒ කාලයේදී මංගල සමරවීරලා කිව්වේ ආණ්‌ඩුව හා එල්. ටී. ටී. ඊ. ය අතර එකඟතාවක්‌ තිබුණු බවය. ඒ සඳහා “සාක්‍ෂි” ද ඔවුන් ඉදිරිපත් කළේය. එසේ කියන හැම විටම ආණ්‌ඩුව විසින් යුද්ධ කරමින් එල්. ටී. ටී. ඊ. යට දරුණු පරාජයක්‌ අත්කර දෙන ආකාරයම රටට දකින්නට ලැබුණේය.

ජ.වි.පෙ. ප්‍රධානීන් තම හිතවතුන් හමුවේ පැවසුවේ “මේ යුද්ධය කිලිනොච්චියෙන් එහාට යන්නේ නැහැ” කියාය. නමුත් කතාව අවසන් වූයේ විපක්‍ෂයට යුද්ධයක්‌ ගැන කතා කිරීමටවත් නොහැකි ලෙස එල්. ටී. ටී. ඊ. ය පරාජය කර ආණ්‌ඩුව ජය ලැබීමෙනි. ත්‍රස්‌තවාදීන්ගේ පැත්තට කතා කළා වැනි චෝදනාවක්‌ ද විපක්‍ෂයට එල්ල වී ඓතිහාසික යුද ජයග්‍රහණයේ තනි හිමිකරු බවට ආණ්‌ඩුව පත්වී තමන් විසින් යුද්ධය දිනන්න බැහැ, ආණ්‌ඩුව හා එල්. ටී. ටී. ඊ. ය අතර එකඟතාවක්‌ තිබෙනවා වැනි විපක්‍ෂය විසින් මුලින් කියූ කතා විපක්‍ෂයට සරදම් කරනු පිණිස ආණ්‌ඩුව විසින් ප්‍රචාරය කරන තත්ත්වයට ඒ මාතෘකාව විපක්‍ෂයට බැක්‌ ෆයර් වී තිබිණි.

ගැලවීමේ හමුදාවටවත් සරත් ‍ෙෆාන්සේකා හොඳ නැතැයි මංගල විසින් පවසන ලද්දේ යුද්ධය කාලයේදී හමුදාපති වැඩක්‌ නොකරන කිසි දෙයක්‌ බැරි අයකු යෑයි කීමටය. එහෙම කියා ටික කලක්‌ යද්දී ගැලවීමේ හමුදාවට හොඳ නැතැයි කියූ සරත් ‍ෙෆාන්සේකා, ජනාධිපති කරන්න යෑයි මංගලලා විසින්ම කියාගෙන ගියේය. මංගල විසින් සරත්ට හමුදාපති ලෙස සිටින විට කියූ කතාවලට සරත් ද මංගලට දුන්නේ එවැනිම පිළිතුරුය. මේ දෙදෙනා එකම වේදිකාවට ඇවිත් මහින්දට එරෙහිව තරග කරන විට ආණ්‌ඩුව විසින් කළ යුතුව තිබුණේ වසරකට පමණ පෙර දෙදෙනා ගැන දෙදෙනා කියූ කතා ප්‍රචාරය කිරීම පමණකි. 2005 දී රනිල් ගත් ඡන්ද ප්‍රමාණය ගන්නටවත් නොහැකිව 2010 දී පොදු අපේක්‍ෂක ‍ ෆොන්සේකා පරාජය වන්නේ මෙවැනි බැක්‌ ෆයර් වීම් හේතුවෙන් ලත් හානිද විශාල නිසාය.

කපිලවස්‌තු සර්වඥ ධාතු කතාව ද මෙවැනි ගනයේ එක්‌ බැක්‌ ෆයර් විය හැකි කතාවකි. විපක්‍ෂය විසින් චෝදනා ගොනු කරනු ලැබුවේ සර්වඥ ධාතු පෙන්වා ආණ්‌ඩුව විසින් ඡන්දය කරන බවය. සර්වඥ ධාතු වැඩම කරවීම හෝ පෙන්වීම රටට කරන නරකක්‌ නොවන්නා සේම එවැනි දෙයකින් පළාත් සභා ඡන්දයකට ගත හැකි වාසියක්‌ නැති බව ඕනෑම කෙනෙකු දනියි.

එසේ තිබියදී කපිලවස්‌තු සර්වඥ ධාතු වැඩමවීම ද ආණ්‌ඩුව ඡන්දයට ආයුධයක්‌ කර ගත්තා යෑයි කීමෙන්ම එය ඡන්දයට ආයුධයක්‌ වීම වළකා ගත නොහැකිය. විපක්‍ෂය එසේ කියන විට මිනිසුන් සිතන්නේ ධාතු වැඩමකරවීම ආණ්‌ඩුව කරන ලද හෙයින් එයට විපක්‍ෂය විරුද්ධ වී තිබෙන ලෙසය. ධාතු බැලීමට ආ මහ සෙනඟ ධාතූන් වහන්සේලා වැඩමවීමේ ගෞරවය ලබාදෙන්නේ නිතැතින්ම ආණ්‌ඩුවටය. වැදගත් ආගමික කටයුත්තක්‌ ලෙස සාමාන්‍ය පරිදි කරගෙන ගිය දෙයක්‌ දේශපාලන කටයුත්තක්‌ ලෙස හඳුන්වා දී කොහේ හෝ තිබූ දෙයක්‌ ආණ්‌ඩුවේ වාසියට හේත්තු කරන්නට විපක්‍ෂය සමත් වී තිබේ.

විපක්‍ෂයක්‌ විවේචනයේදී හා විරෝධයේදී පරිස්‌සම් සහගතව එය කළ යුතුය. එජාපය ගතහොත් ඔවුන් ද ශ්‍රී ලංකාව වාර ගණනකදී පාලනය කර තිබේ. මේ ආණ්‌ඩුවට ඔවුන් චෝදනා කරන විට තමන්ගේ පාලන වාරයන්වලදී ඒ දේ වුණාද යන්න ගැන ද කල්පනා කළ යුතුය. නැතහොත් වන්නේ එම අතීතය සමඟ තත්ත්වය ගලපන්නට පවතින ආණ්‌ඩුව සමත් වීමය. එවැනි පරිස්‌සම් වීම් සාමාන්‍ය වන අතර වත්මන් විපක්‍ෂය විසින් “අතේ පත්තු” කර ගැනීම් සිදුකිරීම නම් අතොරක්‌ නැතිව කරගෙන යන බව පෙනේ.

මෙයින් ඇත්තටම අමාරුවේ වැටෙන්නේ විපක්‍ෂයේ සිටින ක්‍රියාශීලීන්ය. ඕනෑම පක්‍ෂයක හෝ තැනක සිටින්නේ ක්‍රියාශීලීන් සුළු පිරිසකි. එම පිරිස කරගෙන යන ඇදගෙන යැම නොවන්නට ඒ දෙය පවතින්නේ නැත. විපක්‍ෂයේ ඉහළින් සිටින ක්‍රියාශීලීන් සංවිධායක කටයුතු, වාද විවාදවල යැම් වැනි තම මතය රටට ගෙන යන කටයුතුවල නිරත වෙති. කවුරුන් හෝ අතේ පත්තු වන වැඩ කරන විට ඒවාට පිළිතුරු දීමට සිදුවන්නේ අර ක්‍රියාශීලීන් පිරිසටය. පහළ මට්‌ටමෙන් වුවද තත්ත්වය එයයි.

දුම්රියේදී, කාර්යාලයේදී විපක්‍ෂය නියෝජනය කරමින් කතා කරන පුද්ගලයාට සිදුවන්නේ බැක්‌ ෆයර් වීම් මගින් ඇදවැටීමටය. එසේ විටින් විට ඇදවැටුණොත් විපක්‍ෂයට රට තුළ හඬක්‌ නැති තත්ත්වයක්‌ මතුවිය හැකිය.

මංගල සමරවීරට නම් තමන් කළ සියල්ලම බැක්‌ ෆයර් වී තිබිණි. රනිල්ට හා එජාපයට එරෙහිව මඩ, අපවාද, චෝදනා, විරෝධතා වසර 10 කට වැඩියෙන් එල්ල කර රනිල් ළඟට ඔහු ගියේය. ඒ කාලයේ එජාපයට හා රනිල්ට ඔහු කියූ කතා අනුව මංගලට අද කියන කතා ගැන කතා කිරීම ද ඵලක්‌ නැත. නමුත් ඔවුන් අද කියන කතාවලින් බැක්‌ ෆයර් වන්නේ තමාට පමණක්‌ නොව සමස්‌ත විපක්‍ෂයටම වීම සලකා බැලිය යුතුය.

- මනෝජ් අබයදීර / Divaina

34,759 Viewers

16 Comments to “‘අතේ පත්තුවීම’”

  1. U.K from U.K says:

    මේකගෙන් රටට වැඩකුත් නැහැ මුට වැඩකුත් නැහැ හොඳ කොල්ලෙක්( a boy ) හොයල කසාද බැදගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතුව මගුලක් කරනවා…

  2. Nishan says:

    දේශපාලනයේදී නොසිතූ විරූ දේ සිදුවීම මම හොඳින් අත්දැක ඇත්තෙමි. චන්ද්‍රිකා සමග අමනාප වූ ඔසීත්, ඔසී සමග අමනාප වී චන්ද්‍රිකා සමග මහජන පක්ශෙන් ඉවත්වී වෙනම පෙරමුණක් හැදූ රාජිතත් නැවතුනේ යූ.එන්.පී. එකේය. එතැනදී දෙදෙනාම හොඳ යහලුවෝ වූහ. මැතිණිගේ ප්‍රජා අයිතිය අහෝසියේදී අත් දෙකම ඔසවා කැමැත්ත පල කල ජී.එම්.ප්‍රේමචන්ද්‍ර දෝශාභියෝගයෙන් පසුව මැතිණිය සමග එකම වේදිකාවේ ඉඳගත්තේය. අවුරුදු 17ක යූ.එන්.පී. ශාපයට විරුද්ධව සටන් කල වමේ නායකයන් සියලු දෙනාද දෝශාභියෝගයෙන් පසුව එම ශාපයේ ප්‍රධාන කොටස්කරුවන් වූ ලලිත්, ගාමිණී කන්ඩායම සමග එකට හිඳ ගත්තේය. එපමනක් නොව තම සැමියාගේ ඝාතකයන් යැයි චන්ද්‍රිකා විසින්ම හංවඩු ගැසූ ජේ.වී.පී. කාරයෝ චන්ද්‍රිකාගේ ආන්ඩුවේ කොටස්කාරයන් විය. මෑත කාලයේදී මේ අපිට දකින්නට ලැබෙන පරිදි, රනිල්ට සහ යූ.එන්.පී. යට නොව ඉඩම් මංකොල්ල කෑවායැයි රනිල්ගේ අම්මාටද බැන්න මංගල සමරවීර අද රනිල්ගේ හොඳ උපදේශකයෙක්ය. එදා වැඩකරන ජනතාව වෙනුවෙන් සටන් කොට පෙලපාලි ගොස් ඔලු පලාගත්, සිරබත් කෑ, මරණ භයෙන් හැංගිමුත්තන් කල වික්‍රමභාහු කරුණාරත්න අද ඒ යූ.එන්.පී. වේදිකාවේ ප්‍රධාන කථිකයෙකි. අද ඔහු සටන් කරන්නේ තමුන් එදා පෙනීසිටි රටේ පොදු ජනතාවට එරෙහිවය. මෙ සරත් ෆොන්සේකාගේ සිද්දියත් ඒ වගේමය.
    මේ බැනගන්න එරෙහි වෙන සියලු දෙනා අවසානයේදී අරයාගේ මගුල් ගෙදර මෙයාගේ පාටි එකේදී, අර මන්දිරේදී, මේ මැදුරේදී එකට එක්වී එකාවන්ව අත්පුඩි ගසමින් සින්දු කියමින්, මදුවිත තොල ගාමින් සාමීචියේ යෙදෙමින් සතුටු වන්නේය, එකෙක් සින්දු කියනවිට අනෙකා නටන්නේය.
    ඔවුන් වෙනුවෙන් පිල් බෙදී ගුටිකෙලගෙන, වෙඩිතියාගෙන, ගිනිතියාගෙන, බෙලිකඩාගෙන සටන් කරන චන්දදායකයෝ අවසානයේදී කාවාඩි නටන්නේය, තමුන් විසින්ම තමුන්ලාටම කොකා පෙන්වා ගන්නේය.

  3. Nayana says:

    GOSl ekata pakshawa liyanawa kiyala nam pehediliy…

    • gamaya says:

      I’m supporter of GOSL. I’m Sri Lankan and I can’t support to GOI or GOUSA. I’m openly supporting GOSL. You have any problem. .

  4. තුරුම්පු ආසියා says:

    මූට හරියට නියම ගල කරයෙක්ගෙ පෙනුම තියෙන්නෙ

  5. මං ගල says:

    මගේ නමේම තියනවනේ මම කව්ද කියල
    මං + ගල

  6. වළිකුකුළා says:

    මූ කොහොමත් එහෙන් මෙහෙට ආවේ ඔය ටික කරලා, තව වඩ 7-8කුත් කරගෙන යන්න තමයි…

    ඕකට අතේ පත්තුවීම කියන නම වැරදියි…හෙඩිම දාන්න තිබ්බේ “පත්තුකිරීම” කියලා…

  7. hewwel says:

    මෙයා ගේ තියෙන්නේ ගල් කටයුතු නෙවේ සූප්පු කටයුතු .

  8. Nariya alscaff says:

    Fonsi..Ranil…JVP ….all are in shit now…becos of this gay…..good work done by him

  9. Nalin you are perfectly correct. i totally agreed with you. you have well said. Dear readers please get an idea from this article. at last we will be the Victims in this frame.

  10. Sarat fonsekage kaapu kane pahare tharama kiwwoth muge oluwa eka eka welaawata wenas wenas widiyatai wadakoranne. moo katinui passa paththenui depaththenma kathaa korana napunsakayek.

  11. andruuuu... says:

    ඕකා ත් චන්ද්‍රිකා ගෙ ආන්ඩුවෙ හොද කාබාසිනියාතුමෙක් තමා…මුන් හිතනවා ඇති අපි මෑරිල ඉපදිලා කියලා…කාලකන්නියා…ආයේ නම් තොට බලයට එන්න නොලෑබේවා…

  12. YAKADAYA says:

    (MAN..GALA)NAMTA HARIYANA WADAK KARANA KENEK MAMA DAKKA MAI.

  13. ohu kala weradi saha boru ohu lawama niweradikalayuthu

Leave a Comment