තමිල්නාඩුවේ වේලක්‌කන්නි හි වන්දනාවේ ගිය කතෝලික බැතිමතුන් පිරිසක් රැගත් බස්‌රථ කීපයකට එල්.ටී.ටී.ඊ. හිතවාදී කල්ලි විසින් එල්ල කළ ප්‍රහාරය මේ වන විට ලෝක අවධානයට පත් ප්‍රවෘත්තියකි. ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පැමිණෙන කුමන මට්‌ටමේ අයකුට හෝ විරෝධය පෑම එල්.ටී.ටී.ඊ. හිතවාදී කල්ලි පමණක් නොව තමිල්නාඩු දේශපාලන නායකත්වයේ ද පුරුද්දක් බවට දැන් පත් වී ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසකට තමිල්නාඩු ගුවන් හමුදා පුහුණු කඳවුරක දී පුහුණුව ලබා දීමට එරෙහි වූ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා මධ්‍යම ආණ්‌ඩුවට විරෝධය පෑම හේතුවෙන් එම නිලධාරීන් දිල්ලියට ගෙන්වා පුහුණුව ලබා දීමට ඉන්දීය රජයට සිදු විය. එමෙන්ම ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශවලට ඉන්දියාවේදී කිසිදු පුහුණු කටයුත්තක් සිදු නොකළ යුතු බවට තමිල්නාඩු නායකයන් විසින් දැඩි විරෝධයක් පළකරන ලදී. මේ සම්බන්ධයෙන් සිය ස්‌ථාවරය පළ කළ ඉන්දියාවේ ආරක්‍ෂක ඇමැතිවරයා කියා සිටියේ තමිල්නාඩු විරෝධය කුමක් වුවත් ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් සඳහා ඉන්දියාවේදී සිදු කෙරෙන පුහුණු කටයුතු නවතා දමන්නේ නැති බවයි. තමිල්නාඩුව තරහ කරගැනීම කොංග්‍රස් ආණ්‌ඩුවට එතරම් හිතකර තත්ත්වයක් නොවුවත් ශ්‍රී ලංකාව හා පවතින මිත්‍රත්වයට හානියක් කර ගැනීමට ද ඔවුන්ගේ බලාපොරොත්තුවක් නැති බව මෙයින් පැහැදිලි වෙයි.
කෙසේ වුවද මේ දිනවල ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ජීවත්වන නැගෙනහිර පළාත ද ඇතුළත්ව පළාත් තුනක පළාත් සභා මැතිවරණය පැවැත්වෙන හෙයින් දිගින් දිගටම ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ දී සිදුකෙරෙන විරෝධතා මැතිවරණය ඉලක්‌ක කරගත්තක් දැයි සිතෙන්නේ නැගෙනහිර පළාත් සභාව තුළ දෙමළ ජනතාව බහුතරයක් නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය සිය බලය තහවුරු කරගැනීමේ දැඩි උත්සාහයක පසුවන හෙයිනි. දෙමළ ජාතික සන්ධානය මෙන්ම බහුතර මුස්‌ලිම් ඡන්දදායකයන් පිරිසක් නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ද නැගෙනහිර පළාත් සභාවේ බලය තහවුරු කර ගැනීමේ දැඩි උත්සාහයක පසුවෙයි.
විසුරුවා හරිනු ලැබූ නැගෙනහිර පළාත් සභාවේ පිල්ලෙයාන්ගේ සභාපතින්වයෙන් යුතුව එක්‌සත් ජනතා නිදහස් සන්ධානය බලය තහවුරු කරගෙන සිටියේ එක් ආසනයකිනි. නැගෙනහිර එල්.ටී.ටී.ඊ. බලය මුළුමනින්ම බිඳ දමා ජයග්‍රහණයේ උණුසුමත් සමග පැවැති එම නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය මැතිවරණයට තරග කළේ නැත. ඒ අනුව එක්‌සත් ජනතා නිදහස් සන්ධානයට නැගෙනහිර බලය දිනා ගැනීමේ එතරම් ගැටලුවක් පැවැතුණේ නැත. එහෙත් 2012 මැතිවරණය සන්ධානයට එබඳු පහසු ජයග්‍රහණයකට ඉඩ තබතැයි විශ්වාස කළ නොහැක. නැගෙනහිර පළාත සඳහා තරග වදින දේශපාලන පක්‍ෂ සංයුතිය විමසා බලන විට කිසිදු පක්‍ෂයකට තනි ජයග්‍රහණයක් ලැබීමේ අවකාශයක් ලැබේ යෑයි කීමට ද හැකියාවක් නැත. නැගෙනහිර පළාත තුළ මුස්‌ලිම් බහුතරයක් ජීවත් වන නිසා මුස්‌ලිම් කොංග්‍රසය එම ඡන්ද දිනා ගැනීමට අපේක්‍ෂාවක පසු වෙයි. එහෙත් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ බහුතරයක් ලෙසත්, ත්‍රිතුණාමලය දිස්‌ත්‍රික්‌කයේ 1/3 ක පමණ ප්‍රමාණයකුත් දෙමළ ජනතාව ජීවත් වන නිසා දෙමළ ජාතික සන්ධානය එම ඡන්ද දිනා ගැනීමේ අපේක්‍ෂාවක පසුවෙයි. ගියවර මැතිවරණයේ දී ලද ජයග්‍රහණයත් සමඟ ආණ්‌ඩු පක්‍ෂය ද කිසියම් බලාපොරොත්තුවක් තබාගෙන සිටින අතර එක්‌සත් ජාතික පක්‍ෂය උතුරු නැගෙනහිර ප්‍රදේශවල තමන්ගේ සුපුරුදු ඡන්ද පදනම සමඟම ආණ්‌ඩුව කෙරේ වන ජනතා විශ්වාසය පිළිබඳ වන තක්‌සේරුව මත ද නැගෙනහිර පළාත් සභාව තුළ සැලකිය යුතු ආසන ප්‍රමාණයක් දිනා ගැනීමේ බලාපොරොත්තුවක් තබාගෙන සිටී.
අප දකින්නට, අසන්නට අකැමැති වුව ද නැගෙනහිර පළාත් සභා මැතිවරණයත් සමඟ තිරය පිටුපස තිබූ වාර්ගික අරගලය දැන් තිරයෙන් ඉදිරියට පැමිණ ඇති බව කාටත් පෙනෙයි. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ස්‌ථාවරය පසෙකින් තබා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ දේශපාලන ස්‌ථාවරය විමසා බැලීම වඩාත් යෝග්‍ය යෑයි හැඟෙයි. මන්ද දෙමළ ජාතික සන්ධානය ‘උපතින්ම’ දෙමළ බලය තහවුරු කෙරෙන පාලන ඒකකයක් බලාපොරොත්තු වන වාර්ගිකත්වය මත පදනම් වූ පක්‍ෂයක් බව අපි දනිමු. ඒත් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය හෝ මුස්‌ලිම් ජාතිකයන් නියෝජනය කරන වෙනත් දේශපාලන පක්‍ෂ හෝ කණ්‌ඩායම් මෙවර තරම් කිසිදු අවස්‌ථාවක වර්ගය මත පදනම් වූ පරිපාලන ඒකකයක් මේ රටෙන් බලාපොරොත්තු නොවූ හෙයිනි. ශ්‍රී ලංකාව පුරා සියලුම පළාත්වල දෙමළ ප්‍රජාවටත් වඩා ව්‍යාප්තව ජීවත් වනුයේ මුස්‌ලිම් ප්‍රජාව ය. බොහෝ ප්‍රදේශවල සිංහල ප්‍රජාව සමඟ සහයෝගයෙන් සිය සංස්‌කෘතික හා ආගමික අනන්‍යතාව ආරක්‍ෂා කරගෙන ජීවත් වීමට මේ රටේ මුස්‌ලිම් ප්‍රජාවට හැකි වී ඇතැයි කිවහොත් ඊට විරුද්ධව තර්කයක් ගෙන ආ හැකි කිසිවකුත් සිටිය නොහැක. අගනුවර කේන්ද්‍ර කරගත් වෙළෙඳපළද වැඩි නියෝජනයක් කරන්නේ මුස්‌ලිම් ප්‍රජාව ය.
එල්.ටී.ටී.ඊ. බලය පැවැති සමයේ මුස්‌ලිම් ප්‍රජාවට තිබූ ප්‍රධාන ගැටලුව නම් උතුරු නැගෙනහිර ප්‍රදේශ පසුබිම් කොට ගත් තම ගම්බිම් හැරදමා යන්නට සිදු වීමය. එල්.ටී.ටී.ඊ. ය මන්නාරමෙන් පලවා හැරි මුස්‌ලිම් පවුල් බොහෝ ප්‍රමාණයක් අදටත් පුත්තලම ප්‍රදේශයේ ජීවත් වෙයි. එල්.ටී.ටී.ඊ. ය ඇතුළු බෙදුම්වාදී දෙමළ නායකයන්ට මුස්‌ලිම් ජනතාව අවශ්‍ය වූයේ උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන බහුතරය පෙන්වා තම නිජබිම් අයිතිය තහවුරු කර ගැනීමට පමණය. 2002 වසරේ පැවැති සාම සාකච්ඡා අතරතුර ඔවුන් ලෝකයට මේ පණිවුඩය ප්‍රබල ලෙස රැගෙන ගියේ ය. එවක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතුව පැවැති සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද හමුදා පාලනය කිලෝමීටර ගණනකින් ආපස්‌සට යවන්න සමත් වූ එල්.ටී.ටී.ඊ. ය එක්‌සත් ජාතීන්ගේ සම්මුති ප්‍රකාරව වෙනම පරිපාලන ඒකකයක් පිහිටුවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන අංගයක් ලෙස එකම භාෂාවක් කතා කරන ප්‍රජාවක් සිටින බව පෙන්වීමට මුස්‌ලිම් ප්‍රජාව අතකොළුවක් බවට පත් කර ගත් බව අද මුස්‌ලිම් නායකයන්ට අමතකව තිබීම ද පුදුමයකි. කොහොම වෙතත් නැගෙනහිර පළාත් සභාව සඳහා මුස්‌ලිම් ජාතික මහ ඇමැතිවරයකු පත්කොටගෙන මුස්‌ලිම් ජනතාවගේ අයිතීන් දිනාගත යුතු යෑයි මුස්‌ලිම් කොංග්‍රස් නායකයන් අද දැඩි මතයක සිටින්නේ ඇයි ද යන්න පිළිබඳ විමසා නොබලතොත් එය අඩුවකි.
විසුරුවා හරින ලද නැගෙනහිර පළාත් සභාවේ පාලනයෙන් එම පාලන කලාපයේ ජීවත්වන බහුතර මුස්‌ලිම් ජනතාවගේ ජීවන අවශ්‍යතා ඉටු නොවූ බව මුස්‌ලිම් නායකයන් එල්ල කරන ප්‍රධාන චෝදනාව කි. පළාත් සභාවේ මහ ඇමැතිවරයා දෙමළ ජාතිකත්වය මත පදනම් වූ පුද්ගලයකු වීමත් මේ චෝදනාවට හේතුවක් වුණා යෑයි කීමේ වරදක් ද නැත. ඔහුගේ ක්‍රියාකලාපය ද නැගෙනහිර පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ පාලනය පිළිබඳ බහුතර මුස්‌ලිම් ප්‍රජාව කලකිරවන්නට හේතු වූ බවටද බොහෝ තොරතුරු වාර්තා විය, කෙසේ වෙතත් අවසාන ඵලය බවට පත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ තවත් කොටසකට තවත් වාර්ගික පදනමක් මත පාලනය කිරීමේ වුවමනාවක් ඇති කිරීම ය.
දෙමළ ජාතික සන්ධානය ගිය වර නැගෙනහිර පළාත් සභාවට ඉදිරිපත් නොවූ අතර මෙවර ඉදිරිපත් වන්නේ ද උතුර නැගෙනහිර දෙපළාත එක පරිපාලන ඒකකයක් විය යුතුය යන ස්‌ථාවරයේ පිහිටා බව අප දන්නා දේශපාලනය ය. එම පදනමේ සිට ඔවුන්ගේ උත්සාහය වන්නේ නැගෙනහිර පළාතේ බලය තහවුරු කොටගෙන ‘දෙමළ නිජභූමිය’ නමැති නාමකරණයෙන් පමණක් වියුක්‌ත කළ දෙමළ වාර්ගිකත්වය මත පදනම් වූ පරිපාලන කලාපයක් පිහිටුවා ගැනීමය. දෙමළ නිජභූමිය වෙනුවට ඔවුන් මෙය හඳුන්වන්නේ දෙමළ ජනතාව විසින් ම පාලනය කරනු ලබන පාලන ඒකකයක් කියා ය. එසේ වාර්ගිකත්වය ඉස්‌මතු කළ පාලන කලාපයක් තුළ නැගෙනහිර පළාතේ ජීවත් වන බහුතර මුස්‌ලිම් ප්‍රජාවගේ හා අම්පාර, ත්‍රිකුණාමලය බඳු ප්‍රදේශවල ජීවත්වන සිංහල ප්‍රජාවගේ අයිතීන්ට වන්නේ කුමක්‌ද යන්න පිළිබඳ ඔවුන්ට පැහැදිලි විසඳුමක් නැත.
දෙමළ ජාතික සන්ධානය මෙම මැතිවරණයේ දී ප්‍රධාන සටන් පාඨය බවට පත්කරගෙන තිබෙන්නේ ආණ්‌ඩුව උතුරු නැගෙනහිර ප්‍රදේශ සඳහා දේශපාලන විසඳුමක් ලබා දීමට තවමත් ප්‍රමාද වීම පිළිබඳවයි. ඒ අතරම තම ජනතාව ජීවත් වන ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත් නොකිරීම, සිංහල කරණය, නැවත පදිංචි කිරීම් ප්‍රමාද කිරීම ආදී චෝදනා මල්ලක් කරේ ලාගෙන දෙමළ සන්ධානය පසුගිය දිනවල මැතිවරණ ප්‍රචාරණයේ නිරත වුණි. තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගොඩනැගෙන එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ විරෝධතාත් මේ මැතිවරණයේ තුරුම්පු ලෙස පාවිච්චි කිරීමට ඔවුන් අකැමැති වුණේ නැත. එල්.ටී.ටී.ඊ. යට එරෙහි යුද්ධයේ අවසන් අදියරේ දී සිදු වූ මානව හිමිකම් කඩවීම්වලට එරෙහිව ශ්‍රී ලංකාවට දඬුවම් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු දේශපාලනය ගෙනයන අතිශය ග්‍රාම්‍ය වූ විරෝධතා ඔස්‌සේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව තුළ තම රටට ම එරෙහිව හඬක් ගොඩ නැඟීමට ඇතැම් දෙමළ නායකයන් ද උත්සාහ දරන බව රහසක් නොවේ. මේ මැතිවරණ සමයේ ඒවා වඩාත් පැහැදිලිව පෙනෙන්නට වී තිබේ.
නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටු වීම පිළිබඳ ආණ්‌ඩුව ද දැන් පසුවන්නේ පීඩනයක ය. නැගෙනහිර පළාත් සභාව සඳහා ඉදිරිපත්ව සිටින දේශපාලන පක්‍ෂවල ඡන්ද පදනම පිළිබඳ සලකා බලන විට කිසියම් ප්‍රධාන පක්‍ෂයක් තවත් පක්‍ෂයක් සමඟ එක්‌ව පළාත් සභාවේ පාලනයක් පිහිටු වීමේ අවශ්‍යතාව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ. ගැටලුව ඇත්තේ දීග කන්නට කැමැති වන්නේ කවුද යන්න ය. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන අරමුණු ගෙන බලන කල මුස්‌ලිම් කොංග්‍රසය ඔවුන් හා එක්‌ව නැගෙනහිර පළාතේ ආණ්‌ඩුවක් පිහිටුවාවි යෑයි සිතිය නොහැක. තම පක්‍ෂය ට මහා ඇමැති ධුරය බලාපොරොත්තු වන කොංග්‍රසය ආණ්‌ඩුව හා සමඟ එක්‌ව පාලනයක් පිහිටුවාවි යෑයි ද බලාපොරොත්තු විය නොහැක. එබඳු එකඟතාවක් ඇති වුණි නම් මුස්‌ලිම් කොංග්‍රසය මේ මැතිවරණයට ඉදිරිපත් වන්නේම සන්ධානයේ ඡන්ද සලකුණ යටතේ ය. ආණ්‌ඩුවට ද පිල්ලෙයාන් සාධකය ඉවත් කර බලය පිළිබඳ තීරණයකට එළැඹීමේ හැකියාවක් නැත. මේ නිසා මැතිවරණ ප්‍රතිඵල මත ඇතිවන බල සංයුතිය විසින් නැගෙනහිර පළාත් සභාව පාලනය කරන්නේ කවුරුන් ද යන්න තීන්දු කරනු ඇත.
නැගෙනහිර පළාත් සභාව සඳහා කුමන හෝ දේශපාලන පක්‍ෂයක් හෝ පක්‍ෂ දෙකක් හෝ කීපයක් එක්‌ව පාලනයක් පිහිටුවුව ද එය උතුරු පළාත් සභාව සඳහා මොනයම් හෝ උත්තේජනයක් කිරීම අනිවාර්ය තත්ත්වයකි. නමුත් පවතින තත්ත්වය මත රට තුළ යළි වාර්ගිකමය බෙදීමක් ඇතිවේදොaයි යන සැකය මතුව තිබේ. එල්.ටී.ටී.ඊ. යේ බෙදුම්වාදී ම්ලේච්ඡ ජන සංහාර ක්‍රියා අවසන්ව රට තුළ දැන් පවතින සාමයිකත්වයට මේ තත්ත්වය එතරම් ගුණදායක වන්නේ නම් නැත.
එහෙයින් තිබුණාටත් වඩා දරුණු ලෙස ගොඩනැගෙන්නට උත්සාහ කරන මෙම වාර්ගික බෙදීම ලත් තැනම ලොප් කිරීමේ වගකීම ඇත්තේ මේ ආණ්‌ඩුවට ය. නැගෙනහිර ඇතුළු මැතිවරණය පැවැත්වෙන අනෙකුත් පළාත් සභා දෙක කල් පිරෙන්නට වසරක පමණ කාලයක් තිබිය දී, විසුරුවා හැරීමට පෙර ආණ්‌ඩුව කළ යුතුව තිබුණේ අඩුම තරමින් යුද්ධයෙන් ලද ජයග්‍රහණය තහවුරු කෙරෙන සුදුසු දේශපාලන විසඳුමක් යෝජනා කරන්නටවත් ආරම්භයක් ගැනීම ය. නමුත් ආණ්‌ඩුව එම වගකීම ගැන බරපතළ ලෙස තැකීමක් කළ බවක් පෙනුණේ නැත. අද නැගෙනහිර බලය දිනා ගැනීමේ අරගලයේ දීද ආණ්‌ඩුවට පාරාවළල්ලක් බවට පත්ව ඇත්තේ එම වගකීමෙන් තොර හැසිරීම ය. ඒත් උතුරට යන්නට පෙර හෝ ආණ්‌ඩුව තමන් බුද්ධිමත් වීමේ වැදගත්කම නොසලකා හැරියහොත් රට හැරෙන දිශාව එතරම් සුබදායක නොවනු ඇත.
- නිරෝෂන් හැඳලගේ / Divaina
MUSLIM DO NOT VOTE TNA
TAMIL Tiger rebels blocked Muslim civilians fleeing fighting in Sri Lanka’s north-east and killed at least 100 of them,
The victims were shot dead as they tried to escape fighting in the Muslim town of Muttur
“While displaced families were fleeing Muttur seeking safety, the Tigers blocked them at Pachchanoor area and killed over 100, including women, youth and children
ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මකව ඇත්තේ ජනවර්ගය වන දෙමළ හා මුස්ලිම් ප්‍රජාවට අයත් ඒක පුද්ගලභූමි ප්‍රමාණය ඉහලදමා ගැනීමයි.එයට යුද්ධ,කේවල් කිරීම්,පැති මාරු කිරීම්,සන්ධාන ගතවීම්,අන්ත්වාදය,ජාතිවාදය,වෙනම කළාප,මහ ඇමැතිකම් ලබා ගතයුතුය. ඒ ඔස්සේ යන ගමන සිංහලයා වඳකරමින්,ඔහුගේ දේපළ තුට්ටුදෙකට මිලට ගනිමින්,හෙළ තරුණ්‍යට කුඩු ගස්වමින්,ඔඅම්මලා,නංගිලා මෙහෙකාර සේවයට රටයවමින්,නගර අත්පත් කරමින් අපට කලගුණසලකමින් තිබේ.ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මේවා බහුවාර්ගික විවෘත සමජයේ උත්කෘශ්ඨ ප්‍රතිලාබයන් ලෙස සිංහලයාට පිළිගන්නා ලෙසා විධාන කෙරෙමින් තිබේ.
හම්බයොන්ට උන්ගේ එවුන් මරාදාපු හැටි අමතකද දන්නේ නෑ කාත්තන්කුඩියේදි. හම්බයෝ කියන්නේ මහ ගුණමකු එවුන් ටිකක්. උන්ට තමන්ගේ ජාතිය විතරක නෙවෙයි අමමා අප්පා පවා විකුණාගෙනකෑමට පුලුවන් නිසා දෙමළු එක්ක සංධාන ගහගෙන සිංහල ජනතාව වඳ කිරීමට කටයුතු කරයි.
මට නම් පර දෙමළුත් එකයි හම්බයොත් එකය
නෙගනහිරේ ආණ්ඩුව පිල්ලයාන්ගේ නායකත්වයෙන් තරග වදින බව කිවහත් ඔහුත නෙගනහිරේ තිබන්නේ චන්ද 15,000 දාකට අඩු ප්‍රමාණයක් ය. නමුත් ආණ්ඩුව සමග තරග කරන රිෂාඩ් බදියුද්දීන් ගේ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට චන්ද 60,000 කට නො අඩු සහ අතාවුලාගේ පක්ෂයට චාන්ද 40,000 කට නො අඩු චන්ද බලයක් තිබන අතර මුලින් ආණ්ඩුව සමග තරග කිරීමට අනුමත කල මුස්ලිම් කොන්ග්‍රසය චන්ද 140,000 ද තිබේ. තත්වය මෙසේ තිබියදී ආණ්ඩු පක්ෂයෙන් මුස්ලිම් මහා ඇමති කමක් ඉල්ලා සිටීම සාදාර වේ. මන්ද චන්ද සොච්චාමක් තිබන සහ මුස්ලිම් හට නොසලකන පිල්ලයාන්ට මහා ඇමතිකම ලබා දීම මුස්ලිම් පක්ෂ අනුමත කලත් මුස්ලිම් ජාතිකයන් කෙසේ අනුමත කරයි ද? පිල්ලයාන්ට වඩා සිංහල චන්ද ද ආණ්ඩුවට තිබේ. එසේනම් පිල්ලයාන්ට මහා මැතිකම ලබා දීම අනුමත කල නොහැක. ගිය පළාත් සභා වේදී වේදීම නියෝජිතයන් මුස්ලිම් ජාතිකයන් ආණ්ඩුවට ලැබුනත් සහ මනාප අතරින්ද හිස්බුල්ලාහ් පරමුනට ආවත් ජනාදිපතිතුමා වැඩි මනාප ලේබන කෙනාට මහා මැතිකම ලබා දෙන බවට ලබා දුන් පොරාන්දුව ද කඩ කරමින් පිල්ලයාන්ට මහා මැතිකම ලබා දුන්නේ හිස්බුල්ලාහ් හට නියෝජ්‍ය ඇමතිකම් ලබා දී ඔහුගේ කට වසමින්ය.
මෙවර ආණ්ඩුව ද නෙගනහිර චන්ද යෙදී ආසන 13 ක් , දෙමල පක්ෂ ආසන 12, මුස්ලිම් කොන්ග්‍රසය ආසන 7 සහ එක්ෂත් ජාතික පක්ෂයට ආසන 3 ක් ලැබේ.
ආණ්ඩුව පිහිතු වීමට ආසන අඩුම වශයෙන් 18 අවශ්‍ය වන අතර මුස්ලිම් කොන්ග්‍රසය ආණ්ඩුවට සහය ලබාදෙම්මට වැඩි අවකාශයක් තිබේ. මන්ද පොදු කාරනා වන්හි ( සිංහල කරණය, ඉඩම් ප්‍රශ්න, හමුදා ඉඩම් ආක්‍රමණ, බලය බෙදා දීම…) මුස්ලිම් කොන්ග්‍රසය දෙමල පක්ෂ සමග එකට වැඩ කලත් ඔවුන්ට ආණ්ඩුවක් පිහිතුවාගෙනීමට ඉඩ සලසා දීමෙන් බහුතර සිංහල ජනතාවගේ අකමැත්තට පාත්‍රවීමට ඔවුන් අකමැති වේ. මන්ද තවම දෙමල පක්ස සිංහල ජනතාවගේ සිත් තුල කොටි පක්ෂය ලෙස රැදී සිටීමය්ට.
කෙසේ නමුත් මෙවර මහා ඇමති කම ලබා දීම ආණ්ඩුවට ප්‍රබල ගතළුවක් වන අතර මෙම ක්‍රියා මුල් කර ගෙන මෙම කිසි පක්ෂයට එම තනතුරු නොලබා ආණ්ඩුවේ නියෝජිතයකු (අලි සාහිර් මවුලානා) එම තනතුර ට පත් කිරීම ට වැඩි අවකාශ තිබේ.
History of Islam in Sri Lanka
Distribution of Islam in Sri Lanka based on 2001 and 1981 (cursive) census
Ummu zavaya at Lafir mawatha,Colombo the head Quarters of Shazuliyya sufi order
With the arrival of Arab traders in the 8th century, Islam began to flourish in Sri Lanka. The first people to profess the Islamic faith were Arab merchants and their native wives, whom they married after converting to Islam. By the 15th century, Arab traders had controlled much of the trade on the Indian Ocean, including that of Sri Lanka. Many of them settled down on
MUSLIM NEED TO THANKS SINHALEASE
The island in large numbers, encouraging the spread of Islam. However, when the Portuguese arrived during the 16th century, many of their descendants – the Sri Lankan Moors – were persecuted.The Sinhalese ruler King Senarat of Kandy gave refuge to the Muslims in the central highlands and Eastern Province, Sri Lanka.[3]
During 18th and 19th centuries, Javanese and Malaysian Muslims bought over by the Dutch and British rulers contributed to the growing Muslim population in Sri Lanka. Their descendants, now the Sri Lankan Malays, adapted several Sri Lankan Moor Islamic traditions while also contributing their unique cultural Islamic practices to other Muslim groups on the Island.
Do not vote TNA ,Blood Thirsty Eelamst
Genocide Muslim Isam
http://www.youtube.com/watch?v=sRK-RyH01Eo
Brahmins recapture power in Tamil Nadu ( Jayalalithaa )Srilanken Tamil have no
chance there
යුධ ජයග්‍රහණ මානසිකත්වය සිංහල ජනයා තුලට කා වද්දමින් ජාතිවාදී මඩ ගොහොරුවට ජනතාව දක්කාගෙන ගියේ කව්ද යන්න දැන් මේ ලේඛකයාට අමතක වී ඇති සැටියකි.
රටේ ඔඩු දුවන ආර්ථික හා සාමාජීය ප්‍රශ්න වලින් කට්ටි පැනීමට, අධිරාජ්‍ය විරෝධී, ජිනීවා විරෝධී, ඉන්දීය විරෝධී ආදී මෙකි නොකී හැම විරෝධයක්ම ජනතාවගේ ඉහ මොළ ඇතුලට රිංගවූ ආණ්ඩුව අද ඒවායේ ප්‍රතිපල දෙස බලා හූල්ලති.
තවම හරියට වුනේ නැත. වූ දාට ඔය කොයි ..පක්ෂත් නවතින්නේ ඇමරිකාවේය. ….වන්ෂත් දැන් ඒ ගොඩේය. ජනතාවට ගොඩ ඒමක් ඇත්තෙම නැත
යුධ ජයග්‍රහණ මානසිකත්වය සිංහල ජනයා තුලට කා වද්දමින් ජාතිවාදී මඩ ගොහොරුවට ජනතාව දක්කාගෙන ගියේ කව්ද ?………… thawamath eka siduwemin pawathinawa…
ලක්මිණ ඔබ ඉතා නිවෑරදි ලෙස යථාව ග්‍රහණය කරගෙන ඈත…ඔබ කියන්නාසේ ජනතාව අගාධයකට ගමන් කරමින් සිටී….රට එකතෑන පල්වෙමින් තිබේ….සියල්ල ඈණහිට ඈත…
නොපෙනෙනා දේට වඩා පෙනෙනා දේ ග්‍රහණය කර ගෑනීම මනුශය ස්වභාවය නිසා සියලු ජනයා වල්මත් වී ඈත…කසාවත් හෑදියන් පීඩා විදිනා ජනයා වෙනුවට දේශපාලුවන් හට මාර්ග ඵල අත්පත් කර දීමට වෙහෙසෙයි….බෑලුවහම ඔවුන්ද වල්මත් වී ඈත…මොකෝ ඔවුනුත් නොපෙනෙනා බුදු දහමට වඩා පෙනෙනා භොව්තික ලෝකයට ලොබ බෑද ඈති බෑවිනි..
ඉන්දීය රජය දෙමළ ජාතිවාදයට ආධාර කළත් බටහිරයන් ඉන්දියාව පිටුපස සිටියත් අප චීනය දෙසට තල්ලු විය යුතු නොවේ. චීනය ද අද දූෂිත රටකි.
අද එහි බලයේ ඇත්තේ සංස්‌කෘතික විප්ලවයේදී බටහිර නූතනත්වය වෙනුවෙන් ක්‍රියා කළ අයගේ දරුවන්ය. ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් ගත කරන කාමසුඛල්ලිකානු ජීවිත ගැන ඉඳහිට දැනගන්නට ලැබෙයි. ලැබෙන ප්‍රවෘත්තිවලට අනුව නම් එහි නායකයන් අතර තාවෝවාදය අද අභාවයට යමින් පවතියි.
ඉන්දියාවේද නායකයෝ හා ඊනියා උගතුන් සහිත මධ්‍යම පංතිය බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය පසුපස යති.
එහෙත් චීනයේ හා ඉන්දියාවේ අතිමහත් බහුතර ජනතාව තවමත් එසේ නොවීම ලෝකයේම යහපතට හේතු වෙයි.
අද චීනය ද බලන්නේ ආසියාවේ අනෙක් රටවල් තම අණසක යටතේ තබා ගැනීමට ය.
කිසිම රටකට නොබැඳී දෙමළ ජාතිවාදය පරාජය කිරීමටත් රටේ ස්‌වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීමටත් අපට හැකි විය යුතුය.
අප ජයලලිතාගේ බලලෝභී බෙදුම්වාදී දේශපාලනය හඳුනාගෙන කටයුතු කළ යුතුය. අප ඇයට කිසිම ඉඩක් දිය යුතු නොවේ.
Prof Nalin de Silva
Divaina 09/09/12
Indiawedi ape minissunta gahapu ekata ara bahuwa,jayalath jayawardana,mano muntika dan saddayak na aduma tharame hela dakalawath na.bari wela hari oya wage deyak lanka we ape minissu atin demala minissunta unanam balanna thibuna munge sadde.
”Illankai Tamil Arasu Kadchi (ITAK) MP M. A. Sumanthiran urged the Commonwealth Parliamentary Association (CPA) to go ahead with the appointment of a Commissioner for Democracy, the Rule of Law and Human Rights .”
I am of the opinion that we should encourage the setting up of such a commission with the proviso that the Commissioner for Democracy should also investigate the atrocities committed by the British, the so called colonial masters who ravaged, abused and plundered all member states of the Commonwealth now assembled in Sri Lanka. Such an investigation of the British should not be difficult because the human rights violations of the British are well documented.
Even Australia now crying foul at the ‘boat people’ converging on Australia should vote for a Commission of this nature even though the original ‘boat people’ were indeed the Australians now masquerading as ‘natives’ of Australia and sitting at this conference as representing Australia. The only difference is, at the time the boat people lead by Captain Cook landed in Australia they sent the natives to Christmas Island. Today the boat people are sent to Christmas Island.
As far as Sri Lanka is concerned my simple question is ‘why should we fear’ an investigation? Delegates attending the CPA conference should make use of this opportunity to travel incognito to any area of their choice to see for themselves the situation.
Rontjen Perera
The Island
14/09/12