හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පසුගිය කාලයේ බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූයේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් සටන් වදින දිරිය දියණිය ලෙසිනි. ඇය එවකට පළකළ අදහස් සමග බොහෝ දෙනෙක් ඇය ගැන එසේ සිතුවද හිටි හැටියේ එජනි සන්ධාන වේදිකාවක හිරුණිකා දැකීමත් සමග ඇයගේ ස්‌ථාවරය වෙනස්‌වී ඇතැයි බොහෝ දෙනෙක් තුළ කුතුහලයක් මතුවිය. මෙසේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමග සංවාදයක යෙදුණේ ඇය අද සිටින ස්‌ථාවරය ඇතුළු සියලු තතු දැන පැහැද ගැනීමටය.
ඔබේ පියා ඝාතනය වූ අවස්‌ථාවට පසු ඔබ සිටි ස්‌ථාවරය දැන් වෙනස්‌ද?
නෑ. කොහෙත්ම නෑ. තවමත් මම සාධාරණය ඉල්ලා කතා කරන එක නවත්තලා නෑ. ගොඩක් අය එහෙම හිතන්නේ මම පොළොන්නරුවෙදි එජනිස සන්ධාන මැතිවරණ වේදිකාවට ගොඩනැඟුණු නිසා. ඒත් එහෙම හිතන අය හිතන්නැති දෙයක් තමයි මම මීට මාස ගණනකට කලිනුයි ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ සාමාජිකත්වය ගත්තෙ කියන එක. මම මගේ ස්‌ථාවරය වෙනස් කළා. කියල කවුරුහරි හිතනවානම් ඔය ප්‍රශ්නය නැඟෙන්න තිබුණේ ඒ දවස්‌වල. ශ්‍රී ලංකා මහජන පක්‍ෂය කියන්නේ සන්ධානයේ තවත් එක් පක්‍ෂයක්. අනික අපේ තාත්තා දේශපාලන ගමන ආරම්භ කළෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්.
නමුත් ඊට පස්‌සෙ තාත්තගෙ තිබුණ රැඩිකල් අදහසුත් එක්‌ක විඡේ කුමාරතුංග එක්‌ක එකතුවෙලා ශ්‍රී ලංකා මහජන පක්‍ෂය හදාගත්තා. තාත්තා පාර්ලිමේන්තුවට ගියෙත් මහජන පක්‍ෂයෙන්. ඉතිං මට පැහැදිලි අයතියක් තියෙනවා ඒ පක්‍ෂය ආරක්‍ෂා කර ගන්න.
නමුත් ඔබේ පියා ශ්‍රී ලංකා මහජන පක්‍ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එනවා?
ඔව්…. ඒ ආවේ වමේ ඉඳලා දකුණට නොවෙයි. අපේ තාත්තා එදා ඉඳලම කළේ වාමාංශික දේශපාලනය. තාත්තා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එන්නෙ චන්ද්‍රිකා මැතිනියගෙ ආරාධනයත් එක්‌ක. ඉතිං තාත්තා වමෙන් වමට ගියා මිසක් වමේ ඉඳලා දකුණට ගියේ නෑ. අපේ පවුල හැමදාමත් වාමාංශික දේශපාලනය කරන පවුලක්. තාත්තා අවුරුදු තිහක් තිස්‌සේ මහන්සියෙන් ගොඩනඟපු පක්‍ෂයක ඉන්න මට පැහැදිලි අයිතියක් තියනවා කියල මම විශ්වාස කරනවා. ඉතිං ඒ පක්‍ෂයෙන් මම කවදාවත් අයින් වෙන්නෙ නෑ.
පියාගෙ ඝාතනයට සාධාරණයක් ඉල්ලා නිතර හඬ නඟමින් සිටි ඔබ ඇයි හිටි ගමන් පාලක පක්‍ෂයේ මැතිවරණ වේදිකාවට ගොඩවෙන්නෙ?
ඇත්තටම මම පොළොන්නරුවෙදි සන්ධාන වේදිකාවකට ගොඩවෙන්නෙ මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමාට උදව් වෙන්න. මම දන්න විදියට මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමා කියන්නෙ දේශපාලනේදී අත්වල ලේ ගාගත්තෙ නැති කුණු ගාගත්තෙ නැති පිරිසිදු දේශපාලනඥයෙක්. අනික අපේ තාත්තත් එක්‌ක ඉතාමත් හිතවත්. තාත්තට මේ වෙච්චි සිදුවීමත් එක්‌ක අදටත් බොහොම කණගාටුවෙන කෙනෙක් එතුමා. පෞද්ගලිකවත් එතුමා අපට බොහොම උදව් කරල තියෙනවා. ඉතිං ඔහු වෙනුවෙන් මට අපේ තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් කෘතගුණ සැලකීමක් තමයි එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් වෙන එක. මම ඉටු කළේ ඒ යුතුකම. මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමාගෙ දැත් ශක්‌තිමත් කරන්න කියල මම බොහොම පැහැදිලිව වේදිකාවෙදි කිව්වෙ ඒකයි.
ඔය කීව කාරණාව හැර ඔබට ලැබුණ ආරාධනාවක් නිසා නොවෙද සන්ධාන වේදිකාවට ගොඩවෙන්නෙ?
ඔව්. ආරාධනාවකුත් තිබුණා. ඇමති කෙනෙක් මට ආරාධනා කළා.
ඇමැති කෙනෙක් පමණද ආරාධනා කළේ. ඊට වඩා ඉහළ තැනකින් ආරාධනාවක් ලැබුණේ නැද්ද?
නෑ. ඊට වඩා ඉහළ තැනකින් ආරාධනයක් ලැබුණේ නෑ. මට ආරාධනා කළ ඇමැතිවරයා කීවෙ “දුව මේක ඔයා අවස්‌ථාවක් කරගන්න කියලා.” මොකද එදා උදේ ප්‍රචාරය වෙලා තිබුණා මම ඒකාබද්ධ විපක්‍ෂයක් හදන්න එනවා කියල. නමුත් මම කිසි තැනක එහෙම එකක් ගැන කතා කරල නෑ. ඒ කියන අයට වුණත් මම කියන්නෙ මම එහෙම දෙයක් කියල තියෙනවනම් පැහැදිලිව සාක්‍ෂි ඇතිව පෙන්වන්න කියල.
ඇත්තටම හේමකුමාර නානායක්‌කාර මහතා සමග එවැන්නක් ගැන සාකච්ඡා කළේවත් නැද්ද?
නෑ. කිසි දවසක එහෙම දෙයක් ගැන සාකච්ඡා කර නෑ. මට පුදුමත් හිතුණා. එතුමා ඇයි මාව සම්බන්ධ කරල එහෙම දෙයක් කිව්වේ කියල පස්‌සෙ මම එතුමාගෙන් කතා කරල ඇහුවා ඒ ගැන. එතුමා එතකොට කිව්වෙ “දුව මම ඒ කීව දෙයින් අදහස් කළේ අපි හතර දෙනාට පුළුවන් රටේ පොදු ප්‍රශ්නයකදි පක්‍ෂ හතරින් අපි හතර දෙනා එකතුවෙලා ඒ ප්‍රශ්නය වෙනුවෙන් හඬක් නගන්න.” එහෙමලු එතුමා කිව්වේ. ඒකලු වැරදියට අදහස් කරල තියෙන්නෙ කියලයි එතුමා කිව්වෙ.
ඒ කොහොම වෙතත් මම කොහෙදිවත් එහෙම දෙයක් කියල නෑනෙ. මමනෙ මගේ දේශපාලන ගමන තීරණය කරන්නෙ. වෙන කවුරුත් නෙවෙයිනෙ. මම කියල තියනවනම් ඒ වගේ දෙයක් ගැන කතා කරන්න මම ලෑස්‌තියි කියල ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් වෙන කවුරුත් කියන දෙයකින් මම එවැනි තීරණයක් ගත්ත කියා හිතන එකත් වැරැද්දක්. අනික මම කොහොමද එහෙම යූඇන්පියට හරි ඡේවීපි එකට හරි යන්නෙ. යූඇන්පී ආණ්‌ඩුව කාලේ නැක්‌සලයිට් කියල තාත්තා මාස හයක් හිරේ දාල තිබුණා. මම ඉපදිලා අවුරුද්දක් වෙද්දි ඡේවීපී එකෙන් තාත්තා මරන්න හැදුවා. අසූ ගණන්වල ඉඳල ඒ දුක් ගැහැට විඳගෙන ගොඩනගා ගත්ත පක්‍ෂය දාලා ඇයි මම වෙන තැනකට යන්නෙ. මේක අපේ පක්‌ෂෙ.
නමුත් ඒ පක්‍ෂය තුළම ඔබේ පියාට බොහෝ අසාධාරණකම් සිදුවූවා කියා ඔබ කිහිප විටකදීම ප්‍රකාශ කර තිබෙනවා?
ඔව්. ඒක ඇත්ත. තාත්තට අනන්තවත් අසාධාරණකම් සිදුවුණා. තමන්ගෙ බඩ වියත රැකගන්න වෙන පක්‍ෂයක ඉඳල පිටින් ආව පුද්ගලයෙක් නිසා අන්තිමේ තාත්තට මේ ඉරණම අත්වුණා. නමුත් ඔහුගෙයි තාත්තගෙයි වෙනස තමයි තාත්තට මිනිස් බලය තිබුණා. ඔවුන්ට සල්ලි බලය තිබුණා. අපේ තාත්තල දේශපාලනය කළේ ගෙයින් ගෙට ඇවිදල. ඒත් දැන් එහෙම නෙවෙයි. අද සල්ලි තියෙනවනම් දේශපාලනය කරන්න පුළුවන්. වරප්‍රසාද ලැබෙන්නෙත් ඒ අයට. ඒත් ඒක එහෙමයි කියල මගේ ස්‌ථාවරය වෙනස් වෙන්නෑ. වැරදි තැන වැරදි කියන්නත් හරි තැන හරි කියන්නත් අපට පුළුවන්කම තියෙන්න ඕන. ඒක මට ආණ්‌ඩුවෙ පැත්තෙ ඉඳගෙන හරි එහෙම නැත්නම් පුරවැසියෙක් විදියට හරි කරන්න පුළුවන් වෙන්න ඕන.
පියාගෙ මරණයත් එක්‌ක දේශපාලනයට එන ඔබ සාධාරණයක් ඉල්ලා සටන් කරනවා. ඔබ සාධාරණයක් ඉල්ලන්නෙත් පාලක පක්‍ෂයෙන්. පාලක පක්‍ෂය තුළ ඉඳගෙන ඒ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන්ද?
මම හිතනවා මේ ප්‍රශ්නෙදි උනත් අපි පෙන්නන්න ඕන තවමත් අපත් සමග ජනතාව ඉන්නවා කියන එක. තවමත් සාධාරණය වෙනුවෙන් ජනතාව ඉන්නවා කියන එක. අනික තාත්තා වෙනුවෙන් ඉන්න ජනතාව ඔක්‌කොම ඉන්නෙ මේ පක්‍ෂය ඇතුලේ. මම ඒ ජනතාව ඔක්‌කෝම එක්‌කාසු කරගෙන අපි සමග ජනතාව ඉන්නවා කියා පෙන්වන්න ඕන. එතකොට කාටත් තේරෙයි හරි තැනයි ජනතාව ඉන්නෙ කියල. ඉතිං මම හිතනවා ජනතාව කා සමගද ඉන්නෙ කියල අපි පෙන්නුවොත් ඔය හැමදේම වෙනස් වෙන්න පුළුවන්.
ආණ්‌ඩුව ඇතුළෙ ඉඳගෙන එය විවේචනය කරමින් දේශපාලන ගමනක් යන්න පුළුවන් කියා හිතනවද?
අපේ තාත්තත් කළේ ඒකමනෙ. අන්තිමට තාත්තගෙ මරණයට විශාල ජනතාවක් ඉතිරි වුණේ තාත්ත ප්‍රතිපත්තියක් ඇතිව දේශපාලනය කළේ. මමත් මගේ ප්‍රතිපත්ති වෙනස් කරන් නෑ. ප්‍රතිපත්ති වෙනස් නොකරන තාක් මිනිස්‌සු අපි සමග ඉන්නවා. මම කොන්ද කෙළින් තියාගෙන කතා කරන එක වෙනස් කරන්නෙ නෑ.
ඔබ චෝදනා කරන පුද්ගලයිනුත් (පියාගෙ ඝාතනය සම්බන්ධව) ඔබත් දැන් සිටින්නෙ එකම පක්‍ෂයේ. ඉදිරියේදී ඔවුන් සමග එකම වේදිකාවක දේශපාලනය කරන්න වුණොත්?
ඒ දේ මම කවදාවත් කරන්නෙ නෑ. මම කොහොමද මට තාත්තව අහිමි කළ අය එක්‌ක. එක වේදිකාවකට නගින්නෙ. එහෙම වුණොත් එදාට මගේ හඬ මීට වඩා ප්‍රබලව නගනවා.
ඔබ දේශපාලනයට එන්නෙ “තාත්තගෙ මරණයට සාධාරණයක්” යන කාරණය මත පමණක් නම් ඔබේ දේශපාලනය ජනතාවට යහපතක් වන්නෙ.
මම හැමවේලේම පළමුව කතා කරන්නෙ තාත්තාගෙ මරණයට සාධාරණයක් සිදුවිය යුතුයි කියල. ඒක වෙන්න ඕන දෙයක්. නමුත් ඒ සමග මගේ දේශපාලනය ඈඳ ගන්න මට උවමනාවක් නෑ. ඒත් මම දේශපාලනය කරනවා කියන්නෙ තාත්තගේ ප්‍රතිපත්ති සහ තාත්තට අවශ්‍යවූ දේශපාලනය ඉදිරියට ගෙන යනවා කියන එක සිදුවෙනවා. හැබැයි මම මේ සටන අතහැරලා මගේ දේශපාලන අනාගතය ගැන විතරක් හිතන්නෙ නෑ. අවුරුදු දහයක් මේ නඩුව ඇදුනත් මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.
ආණ්‌ඩුවේ ගමන ගැන ඔබට විවේචනයක් තිබෙනවද?
පැහැදිලිවම. නමුත් මම ආණ්‌ඩු විරෝධී පුද්ගලයෙක් නෙවෙයි. පුද්ගල විරෝධී පුද්ගලයෙක්. පාතාලයට සහ කූඩුවලට සම්බන්ධ පුද්ගලයන් එක්‌ක ලොකු විරෝධතාවක් තියෙනවා මට.
තාත්තට හතුරො ඇතිවුණෙත් ඕවා ගැන කතා කරන්න ගිහිල්ලා. ඒක මම දන්නවා. නමුත් මමත් ඒ නිවැරැදි දේ කරනවා.
තවමත් ඔබට බලපෑම් හා තර්ජන තියෙනවද?
මුල් කාලේ තරම් නෑ. මම හැම වෙලේම විවේචනය කරන නිසා ඒ දේවල් ඒ අයට හුරුවෙලා ඇති. ඒත් ගෑනු ළමයෙක්‌ට කරන්න පුළුවන් ලොකුම හානිය තමයි මඩ ගහන එක. ඒ දේවල් නම් තාමත් බහුලව සිදුවෙනවා.
ඔබගෙ ඉදිරි ජීවිතය පූර්ණ කාලීන දේශපාලනය හා බැඳෙනවද?
මෙහෙමයි අපේ තාත්තගෙ හීනයක් තිබුණා මම නීතිඥවරියක් වෙලා නඩුවක් කතා කරනවා බලන්න. ඒකෙන් පස්‌සේ ඔයා කැමති පැත්තකට යන්න කියල තාත්තා කීවේ. ඉතිං මම හිතන් හිටියෙ මම විවාහවෙන්න හිටිය කෙනත් දේශපාලනය කරන නිසා නීතිඥවරියක් ලෙස කටයුතු කරන ගමන් දේශපාලන වැඩවලට උදව් වෙන්න. ඒත් තාත්තගෙ මරණයත් එක්‌ක ජනතාවගෙ ලොකු උනන්දුවක් තිබුණා මාව ඉස්‌සරහට දාන්න. ඉතිං ඒ සිද්ධියත් එක්‌ක මගෙ පෙර බලාපොරොත්තු හැමදෙයක්‌ම වෙනස් වුණා. ඉදිරියෙදි මම දේශපාලනය කරන්න වෙන්නෙ වෙනස්‌ම කාන්තා දේශපාලන චරිතයක් විදියට.
නමුත් නීතිඥවරියක් වීමේ බලාපොරොත්තුවෙ වෙනසක් නෑ නේද?
ඔව්… තාත්තා අද නැති වුණත් ඒ බලාපොරොත්තු ලබන වසරෙදි ඉටුවෙනවා. බොහෝ දුරට නීතිඥවරියක් වෙලා මම කතා කරන පළමු නඩුව තාත්තව ඝාතනය හා සම්බන්ධ නඩුව වේවි.
එදාට වඩා ඔබේ පෞද්ගලික ජීවිතයත් අද වෙනස්‌ද?
ඔව්. එදා සරලව හිනාවෙලා හිටපු ගෑනු ළමයා නෙවෙයි අද මම. මගේ පෞද්ගලික සබඳතාව පවා අද නෑ. මම හැම දෙයක්‌ම මේ ඉදිරි ගමන වෙනුවෙන් කැප කරල තියෙන්නෙ.
ඇත්තට එදා මැතිවරණ වේදිකාවෙදි සඳ දිය උතුරා ගීතය ගැයුවේ ඒ පෙර සබඳතා මතක් වෙලාද? නැත්නම් ඒ ගීතයෙන් ඔබ ඇමතුවෙ කාටද?
ඒ මොනවත් නෙවෙයි මට ගීතයක සම්පූර්ණ පදවැල් මතක තිබුණෙ ඔය ගීතය විතරයි. ඒකයි මම ඒ ගීතය ගැයුවෙ. ඒත් නාමල් මන්ත්‍රීතුමා සම්බන්ධ කරල පසුගිය කාලෙ මට කටකතාවක් පැතිරිල තිබුණා. රන්දිම මන්ත්‍රීතුමාත් එහි සිටියා. මේ කාරණා නිසා සමහර අය ඔය ගැන ලොකුවට හිතුවා. සමහරු විහිළුත් කළා.
තිස්‌ස ගුණතිලක
ඡායාරූප – ගාමිණී මුණසිංහ (Divaina)
——
Daily Morror සම්මුඛ සාකච්චාව
——-
Good……
OYATH THAWATH EKTHARA NATTICHCHIYEK VITHARAI.
ඔබට පබාට, මාලනීට, අනර්කලීට වඩා දේශපාලන දැනුමක්, බුද්ධියක් හා උගත්කමක්ද ඇති බව මට පැහැදිළියි. රටටත් ජනතාවටත් ලැදි දේශපාලනයක් නිරත වීමට ඔබට හැකි වේවා!
dennage mole hari lokuwage
හිරුනිකා දුවේ,
මේවා ගැන
තව විස්තර කරන්න පුළුවන් නම් හොඳයි.
1.
සෝදා පවිත්‍ර කර ගන්න බැරි අසුචි ගොඩක් උඩ,
තවමත් ගන්දස්කාරේ උහුලමින් ඉන්නේ මොකද?
2.
”UNP එකට වත්,’මේ සරත්ගේ’සන්ධානයකටවත් යන්නේ නැතිව,
වමෙන් වමට මාරු වෙනව මිස,
වෙනත් මගක නොයමි”කියන එකේ,
තේරුම මොකක්ද?
3.
‘ඒ ගෝටා ගේ’ හොඳ කියූ ඔබ,
ඔබ හිටන් ඉන්න ‘බිමේ’ අසුචි සෝදන්න දෙන්නේ නැති,
‘මේ ගෝටා’ ත් නොවන,අපේ මහින්දය්යත් නොවන,
ඒ ‘අදිසි හස්තය’ කවුද?
4.
‘?අප හදපු SLFP-?56 දරුවාව’,
‘අසුචි ගොඩක්’ උඩ ඉන්නවය කියමින්,
සොදන්නේ නැතිව-විසි කරන්න බැරි ඇයි?
5.
අපේ මහින්දය්යගේ යටතේ?සම්බන්දීකරන ලේකම්ල 36 ක්,
නිල නිවාස සහ නිල වාහන වර ප්‍රසාද ගන්නවා කියන්නේ ඇත්තක්ද,
ඒ අය කරන ‘මහජන සේවය’මොකක්ද?
6.
”දැනට සහයෝගෙට කට්ටිය හිටියට,
‘දුමිය’ නැවත මේ රටට ආ විටදීම,ඔහුව අත් අඩංගුවට නොගත්තොත්,
ඊට විරුද්ධව මා ගෙන යන සටන් බිමට ගියාම,මට සහයෝගෙට කිසිවකු ඉන්නේ නැති වෙන්න පුළුවන්” ය කීවේ ඇයි?
7.
‘තම මෑණියන්ගේ අභිමත දේශපාලන මගට වඩා,වෙනස් දේශපාලන මගක,මා ඉදිරියේදී ගමන් කිරීමට පුළුවන්’ බවට ඔබ ඉඟි කරන්නේ ඇයි?
අනේ මේ මාතර ගොඩයෝ, මට දුවේ දුවේ කියන්නෙ ඔහේ මගේ අන්කල්ද ? වැඩක් බලාගන්නවා අයිසේ මම කරන්නේ මට ඕනෙ දේ
හිරුනිකා දුවේ,
උඹේ අම්ම හිටියා වගේ හිටපන්,
සංකර නොවී.
එතකොට නාකි අපි වගේ
ගමේ ගොඩේ
සීයල ඔක්කොම
උඹට දුවේ කියා
අමතාවී.
දෝණි,උඹට ජීවිතේටම කව්රුත් දුව/පුතා කියල අමතල නැද්ද? ඩාර්ලින්/හිරු/නිකා…හෙම කියල වෙන්ටැ අමතන්න ඇත්තේ!-මක් කරන්නද දෝණි, ඒක උඹේ ‘ශුද්ධ වූ පාපය’ !
Hirunika akke baila gahanne nethuwa inna.. thathawa oya wikunala iwarai
ok මේකිට චන්දෙ දෙන්න බලාගෙන ඉන්න ගොන් රැළකුත් ලංකාවේ ඉන්නවනේ ඇත්තට.
ලංකාවේ විනාසයට වග කියන්න ඕනේ ලංකාවේම ඉන්න මෙගා බලල හීන ලෝකේ ඉන්න ලස්සන බොළඳ කමට වශී වෙලා චන්දෙ දෙන මෝඩ මිනිස්සු තමා.
උඹට චන්ද ඕනෙ නම් උඹත් චන්දෙ ඉල්ලපන්. උඹේ ගෑනි නොදුන්නත් මම උඹට චන්දෙ දෙන්නම්.
And yako Siri Lanket ekata giya kala …… PABA , Anarkali , geetha , sabeetha , Malini , Wasanthi …… Dan tawa ekak Hirunika
Thuttu deke hulijja sakkara wattam walata yana kala …. ! Jayaweva !!
Duweee..Obata Suba Anagathayak..
මෙයා බය නැතිව කෑ ගහන්නෙ අංකල් හින්ද වෙන්න ඇති.නැත්නම් මේ කියපුවගෙ හැටියට මැරිච්ච තැන්වල ගසුත් පැල වෙලා.ගෑනු කම ඉස්සරහට දාගන චන්ඩිකම් ආරෝපනය කර ගැනීම සමාජයේ දැකිය හැකි දෙයක්.ගෑනියෙක් හින්ද ගහන්නෙ නැති බව දන්නවනෙ.ඊට අමතරව මාධ්‍ය වලින් මෙයා පුම්බනව.පබාට චන්දෙ දීපු රටක්නෙ මේක.මෙයාගෙ තාත්ත සුදු චරිතයක් නොවෙයි ඒක කියන්නෙ කොලොන්නාවෙ ශ්‍රී ලංකා කාරයො.දුමින්දත් එක්ක තියන ප්‍රශ්නෙත් බිස්නස් කේස් එකක්ද දන්නෙ නෑ.
රටට අවශ්‍ය මේ වගෙ චරිත නොවෙයි.
එහෙනම් රටට අවශ්‍ය දුමින්ද සිල්වා වගේ චරිතද?
ශ්‍රී.ල.නි.ප එම පක්‍ෂයට දායකවුන දේශපාලකයින්ගේ දූ පුතුන්ගේ දේපලක් නොවේ. එහෙම දෙයක් ශ්‍රී. ල. නි. ප තුළ තිබෙන්න බැහැ. ශ්‍රී.ල.නි.ප අයිතිවන්නේ ශ්‍රී.ල.නි.ප ට ඡන්දය දෙන්නා වූ සියළුම සිංහල බෞද්ධ ජනතාවටයි. මෙම දේපල අයිතිය පිළිබඳ කථාව ලංකාවේ දේශපාලන වේදිකාවට ගෙනාවේ සජිත් ප්‍රේමදාසයි. සජිත්ව යූ. එන්. පී. යේ අවලංගු කාසීයක් වෙනකොට සජිත්ව පුම්බාගැනීම සඳහා ඔහු විසිනුයි මෙම සංකල්පය ඉදිරිපත් කළේ. අද වෙනකොට අනර්කලීන් ශ්‍රී. ල. නි. ප. යේ අයිතිකාරියාක්ලූ. මේ අයිතිය කියන වුන් දන්නවද? සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන එකේ තේරුම. මුන් නිසා ශ්‍රී. ල. නි. ප. විනාශවෙන බවයි අපිටනම් පේන්නේ.
ඔබ හරියටම හරි පක්ෂය පුද්ගලයන්ගේ නෙමේ සිංහල බවුද්ද බලයේ අයිතියක් නමුත් මේ පුද්ගලවාදය නිසා වාමාංශික පිස්සු වලින් ඔලුව කුරුවල් කරගත්තු චන්ද්‍රිකා ගෑනි මේ රටේ ජනාදිපති කරගෙන සිංහලයා වැටුණු තැන අපි දන්නවා තව වාමාංශික ගෑනියෙක්ට මේ පක්ෂයේ උඩට එන්න කිසිම විදිහකින් ඉඩනොදෙමු
භාරත ලක්‍ෂ්මන් කියන්නේ විජේගේ පස්සෙන් ගිය එකෙක්. ඌ බොරු ජාතිකවාදියෙක්. උන් චන්ද්‍රිකාගේ මිනිස්සු. ශ්‍රී.ල.නි.ප. විනාශ කලෙත් කරන්නෙත් චන්ද්‍රිකාගේ මිනිස්සු. මුන්ට තැනක් දුන්නොත් ශ්‍රී.ල.නි.ප. අභසරණං
ආණ්ඩුවේ ගමන ගැන ඔබට විවේචනයක් තිබෙනවද?
පැහැදිලිවම. නමුත් මම ආණ්‌ඩු විරෝධී පුද්ගලයෙක් නෙවෙයි. පුද්ගල විරෝධී පුද්ගලයෙක්. පාතාලයට සහ කූඩුවලට සම්බන්ධ පුද්ගලයන් එක්‌ක ලොකු විරෝධතාවක් තියෙනවා මට.
Daily Morror සම්මුඛ සාකච්චාව
මාලක සිල්වා පොඩි කාලෙ ඉඳන් අඳුනනවා – හිරුණිකා
‘මර්වින් ඇමතිතුමාගේ පුතාත් ඒ ගෙදර කට්ටියත් අපි පොඩි කාලෙ ඉඳන්ම අඳුනනවා. හැම ප‍්‍රශ්ණෙකම දෙපැත්තක් තියෙනව. මම මාලකත් එක්ක වගේම දුමින්ද එක්කත් හැංගිමුත්තන් , හොරාපොලිස් , ඔට්ටු සෙල්ලන් , හිරුනිකාගේ කළුනික හොයන සෙල්ලම් ඔක්කොම ඇති වෙන්න කරලා තියෙනවා …
මෙයා හදන්නේ ජනතාව ඉස්සරහට දාගෙන මෙයාගේ ගේම ගහගන්න කියල මම කිවුවේ මිට කලින් මාලකය කැලණිය වඳින්න ගිය වෙලාවේ මෙයත් උන් එක්ක ගිය නිවුස් එක දැකලයි … කතාව ඇත්ත කියල දැන් පැහැදිලියි …. එක මෙයාම කියල තියෙනවා …කුඩු බිස්නස් කවුරු කලත් කමක් නැ … දුමිය තාත්තව පාරේදී පරලොව ඇරපු එක තමයි මෙයාට ප්‍රශ්නේ …ඒක මෙයා කියල තියෙන්නේ මට තියෙන්නේ පුද්ගල ප්‍රශ්නයක් කියලනේ …. දැන් මේ ප්‍රශ්නෙදි මෙයා ජනතාවට වඳිනවා ඇවිත් උදවු කරන්න කියල ….මෙයාට උදවුවට යන සාමාන්‍ය ජනතාවටම මෙයාගේ අඳුනන මාලකය වගේ එකෙක්ගෙන් කරදරයක් උනොත් එදාට මෙයාට වැන්දත් උදවු නම් හම්බවෙන්නේ නැ පුතෝ …පුද්ගලික ප්‍රශ්නයක් හින්දා රටේ ජනතා සහයෝගය අරන් දේශපාලන ප්‍රවාහයට ඇතුල් වෙන්න බලන මේ වගේ කට්ටම්මලගෙන් තමයි ජනතාව බේරිය යුත්තේ …. මෙයාගේ දේශපාලන දැනුම හොඳයි හැඳි මිටට … මෙයා දේශපාලනය කරනවා තියා පරිප්පු හොද්දක් වත් උයන්න දන්නවද කියල මටනම් විශ්වාස නැ …හැබැයි ඉතින් අනර්කලිලා , පබාල , සනත්ලා , මර්වින්ලා මේ දේශපාලන බිමේ චන්ද දිනිද්දී මෙයාටත් ඉල්ලුවොත් දිනින්න බැරි වෙන එකක් නම් නැ ….
ඇයි උඹේ ලිස්ට් එකෙන් රන්ජන් රාමනායක, ජයන්ත කැටගොඩ, තිලක් කුමාර රත්නායක හැලුනේ. උඹ උපන් ගෙයි යූ.එන්.පී. කාරයා නිසාද?
තිලක් කුමාර රත්නායක දැන් යූ.එන්.පී. නෙවෙයි.
මෑය හරි ආත්මාර්තකාමියි.දුමින්ද විතරක් නෙමෙ මෑර දෙශපාලනය කරන්නෙ.තවත් ගොඩක් අය සන්දානෙ ඉන්නව.මෙයාට ඔනෙ රටෙ මෑර දෙශපාලනය නවත්වන්න නෙමෙ.දුමින්දගෙන් විතරක් පලි ගන්න.මොකද තාත්ත මෑරුවෙ එයා නිසා.එකයි මෙයා කියන්නෙ තමන් පුද්ගල විරොදි පුද්ගලයෙක් කියලා.මෙයා දුමින්දගෙන් පලි ගතයි කියමු.එතකොට මෑර දෙශපාලනයෙන් අනාගතෙදි මිය යන සාමාන්ය වෑසියා වෙනුවෙන් හඩක් නගන්නෙ කවුද???
මෙ අනුව මෑය ආත්මාර්තකාමිව කටයුතු කරන අතර මෙලෙස කටයුතු කරන දෙශපාලන කරන්න හදන කෙනෙක්ට ජනතාව චන්දය දෙනවනම් මෙ රටෙ ඉන්නෙ කොච්චර මෑටි හරක්ද?
දුමින්දගෙන් පලි ගත්ත දවසට මෙයා මෑර දෙශපාලනය වෙනුවෙන් නගන හඩත් නවතිවි.රටෙ ප්‍රශ්න එතනමයි….
දන් ඔයා කියන විදියට දුමින්ද මැර දේශපාලනෙන් මිය යන සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් සටන් කලා? මොනාද ඕයි මේ කියවන්නේ? හීනෙන් දොඩවනවද? නැත්නම් දුමින්දගේම කුඩු ගහලද?
We do not care you…When you talk we can understand who are you…
pudgalika prashna walata apiwa gawa ganna epooooooooo.
කෙල්ලෙක් වෙලත් හිරුනිකා කොන්ද කෙලින් තියාගෙන මෙහෙම කතා කරන හැටි දැක්කම ආඩම්බරයි. අද ආණ්ඩුවේ විතරක් නෙමෙයි විපක්ෂේ ඉන්න හුඟ දෙනෙකුටත් මෙහෙම කොන්දක් නෑ. උන් දන්නේ දෙකට නැමිලා සර් සර් කියන්න විතරයි.
මෙතන හිරුනිකාට බනින සමහරු හිරුනිකාට බනින්නේ තමන්ගේ දේශපාලන අභිමතාර්ථ නිසා. හිරුනිකා තාම පොඩි කෙල්ලෙක් වුනාට නීතිඥවරියක් වෙන්න ඉන්න ශිෂ්‍යාවක් විදියට හිරුනිකාට තියෙන දැනුම සහ කෙලින් අදහස් ප්‍රකාශ කිරීම අතින් ගත්තම අද පාර්ලිමේන්තුවේ ඉන්න හුගක් දෙනෙක්ට වඩා හිරුනිකාට අද වුනත් රට වෙනුවෙන් අවංකව සේවයක් කරන්න හැකියාව තියෙනවා. විපක්ෂේ හිරුනිකා වෙනුවෙන් පෙනී ඉන්න හැදුවේ භාරත්ගේ මරනෙත් එක්ක ඇති වෙච්ච විරෝධාවේ එක්ක හිරුනිකා තමන්ගේ පැත්තට හම්බන්ධ කරගෙන දේශපාලන වාසියක් ගන්න. නැතුව හිරුනිකාට ආදරේට නෙමෙයි. ඒක නිසා ඒ දවස් වල විපක්ෂෙට කඩේ යන web sites වල හිරුනිකාගේ ගුණ වර්ණනාවම තමයි තිබ්බේ. එත් දැන් ඒ අය බලාපොරොත්තු වෙන දේ හිරුනිකාගෙන් නොලැබෙන නිසා ඒ අයම දැන් හිරුනිකාට බනිනවා රටේ නැති දේවල් කියල. අනිත් අතට විමල්, චම්පික වගේ කොන්ද කෙලින් තියෙන කීප දෙනෙක් ඇරුනම ආණ්ඩුවේත් ඉන්නේ තමන්ට ඉහලින් ඉන්න දේශපාලනඥයට ඕන දේකට එහෙයි එහෙයි කියන්න බලාගෙන ඉන්න කට්ටියක්නේ. ඒ කට්ටිය කවදාවත් තමන්ට ඉහලින් ඉන්න දේශපාලනඥයෙක් විවේචනේ කරන්න බයයි එහෙම වුනොතින් තමන්ට අද ලැබෙන වරප්‍රසාද අහිමි වෙයි කියල. අන්න ඒ වගේ අයත් හිරුනිකාට බනිනවා තමන්ට ඉහලින් ඉන්න දේශපාලඥයන්ගෙන් ලකුණු ටිකක් දා දන්න. මෙච්චර පොඩි කෙල්ලෙක් වෙලත් හිරුනිකා කොන්ද කෙලින් තියාගෙන බය නැතුව කතා කරන විදියයි අපේ පරිනත දේශපාලඥයෝ කොන්ද නමාගෙන ඉන්න විදියයි දැක්කම ඒ පරිනත දේශපාලඥයෝ ගැන ඇති වෙන්නේ ලැජ්ජාවක්
වාමාංශික අදහස් තිබෙන දනවාදී හැසිරීම් තිබෙන . පුද්ගලයන්ට බලය ලැබීම රටට ජාතියට ඉතාම අහිතකරයි හොඳම උදාහරණය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග .ඔය ගෑනි මේ රට ජාතියට විරුද්දව වැඩකලේ ඔන්න ඔය වාමාංශික කලවම නිසා. වාමාංශික දේශපාලකයෝ කියන එවුන් මේ රටට විනයක් උන් තමයි බහු ජාතික බහු ආගමික බන කියලා අපේ ජාතිය වලපල්ලට ඇරලා තියෙන්නේ උදාහරණ .තිස්ස විතාරණ ,ඩිව් ගුණසේකර ,වාසුදේව ,වික්‍රමබාහු ,චන්ද්‍රිකා විජය කුමාරණතුංග අපිට තව වාමාංශික දෙහ්ස්පාලකයෙක් එපා රට ජාතිය රැකගැනීමට ප්‍රතිඥ්යා දෙන දේශපාලකයන් විතරයි අද අපට ඕනා . අපි බහුජාතික බහු ආගමික බන කියකියා ඉන්නවෙලාවේ හබ්බයෝ අපිව විනාශකරලා දාවි
Kudu kudu…
avi gaththo aviyen ma nasiii
kudu..kuku.. kudu
කුඩු ගැහුවනම් පැත්තකට වෙලා නිදා ගන්නවා ඕයි.
දුමින්දයා කෙසේ ., මාලක අයිය , මර්වින් , අන්කල් හරිම හොදයි , ඒගොල්ල්ලෝ කුඩු විකුනන්නේ තියා , කුඩු කියන්නේ මොනවද කියලවත් දන්නේ නැහැ ,ඒගොල්ලෝ ඉස්සර ඉදන් මගේ තාත්ත එකක් බුසිනේස්ස් කරා, ඒවා ලීකුඩු බිස්නේස්ස් , මොරටුවෙන් ලි ගෙන්නල්ල ඉරල , ලීකුඩු වික්ක. හරිම අහිසක විදිහට ,
මමත් අහිසකයි , පබා , මලානි , කියන්නේ නිලියෝ , මම කරන්නේ MODELING මම උසස්ස්,
ඒවගේම මම උගත් , මගේ A/L result , හෙළිකරන්නේ දුමින්දය කටුනායකට අවහම , ,
මට අඩන්නත් පුළුවන් , දැක්කද මගේ boyfriend මේ ඉන්නේ කියල එදා මම අඩපු හැටි ,
“පාතාලයට සහ කූඩුවලට සම්බන්ධ පුද්ගලයන් එක්‌ක ලොකු විරෝධතාවක් තියෙනවා මට” එක හින්ද මම එදා මාලක අයිය , මර්වින් , අන්කල්ටයි , තරයේ අවවාද කරා, ඔය කුඩු සම්බන්දව ,
ඕයි මේ ලියන මගුලක් හරියට ලියන්න ඉගෙනගන්නවා ඉස්සෙල්ලම. මඩ ගහන්න ෆුල් ට්‍රයි එක දෙනවා ඒත් ලියාගන්න බැහැ. කුඩුගහලද ඕයි මේකට එන්නේ? කාලකන්නි….තුක් නොදකිං….
@Nishan.. Ane ban umba ada ipadichchi ekek wage.. Mewage minissu rate inna kan ratak goda yanne koheda!!
ඇයි දැන් රටට මොකද වෙලා තියෙන්නේ. හෙණ කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහගේ කාලෙට වඩා නම් හොඳයි.
@ Nishan,.. අනේ පව් , ගොන් බුරු පොන්සි නිශාන්ට හොඳටම රිදිලා.
@ Trader ,.. නියම comment එක. ලග හිටියනම් දානවා කටට සුකිරි අහුරක්.
@trader එල කොම්මේන්ටුව, එයා කියන දේ එයාවත් විශ්වාස කරන්නේ නැහැ.
පොඩි කෙල්ලෙක් වෙලා හිරුණිකාට තියෙන කොන්ද මේකෙ කොමන්ට්ස් දාන සමහර පිම්පියන්ට නැතිවීම ගැන ජාතියක් ලෙස කණගාටු විය යුතුය. හිරුණිකා කී දේ අත් දෙකම ඔසවා අනුමත කරමි. බහුතර ජනමතය ඇය පසුපස බව පෙනේ.
Ane mehemath mooda minissu!!! Kawada me rawateemen goda eida? oba wage minissu thamai dan bahutharayak inne. Ane lankawata giya kala!!!!!!!)):
මෙයාගෙ කොන්ද? මෙයා කතා කරන්නෙ එයාගෙ ප්‍රශ්නය උඩින් එයා ප්‍රසිද්ද වෙන්න ඕනෙ නිසා. එයාට රටේ අනික් මිනිස්සුන්ගෙ ප්‍රශ්න වැඩක් නෑ.
ඔයා කොහොමද ඒක තේරුම් ගත්තේ?
WHAT HAPPEN TO BLACK AMERICAN BOY IN UK SHE IS NOT GOOD
nishan, if she really mean it, hats off, but just see those around her, do you think she is serious ?? or just after money like her mother ?? is she to take serious is to proof, let her do it as so far to comment she plays a dobbel play, come out you littel lady, ” monataram wes bandath natanna one elliye”.
DONT COME TO POLITIC IF YOU HAVE NO BRAIN
SHE HAS A BRAIN.
Where ?
where ?? between ???
මහින්ද අන්කල්…. අම්මි තාත්ති ……මහින්ද අන්කිල් …..මර්වින් අන්කිල්….. මේගොල්ල හරිම ස්වීට් නේද මෙයා? හික් හික් හික්……
මේ දුවේ…. ගොටාභයට බනින්න එපා…. වැරදි තිබුනත් හරියට යමක් කරන්නේ එයා විතරයි…. ඔයාගේ මහින්ද අන්කල් වගේ තොත්ත බබා පාට් දාන්නේ නැහැ….
හැබැයි එයාව හොඳට අන්ඳවන්න පුලුවන්.
හිරුනිකා වෙබ් site සුද්ද කිරීමේ contract එක බාරදීලා තියෙන්නේ ගොන් හරකෙකුට , මු මොනවහරි ලියල හිරුනිකගෙන් සල්ලි ගන්නවා ඇති , අයියෝ සල්ලි , කුඩු සල්ලි
Ow ow army eke kollekta gahala yanakal balan hitiya?? hariyata wada karana minissu mehema wenna athi? ane ban mee
හරියට හරි විජේ, නියම උත්තරේ !
Why didn’t she speak in English in the interview with the Daily Mirror which is an English newspaper? Can anyone clarify?
The reason is, she knows that mostly the English speaking people can understand the reality and she wants to cheat on overwhelming majority of poor people. They don’t know the game she is playing.
can you confirm that all of rich people can speak English ?? LMAO
rala you are correct, take an ex. the polititions, even the bosses and their heir. yahoooo
She was questioned in Sinhalese by the interviewer. So she answered in Sinhalese. Whats wrong with that mate?
Then why did not the host question her in English. English newspapers usually conducts their interviews in English.
Reply to Harsha
She is real Sinhalese, no need to speak other language in her own country
Don´t talk nonsense
The newspaper had published the English translation of the interview. The original meaning of a statement is usually distorted in the translation. If she had given the interview in English it would be fairer to the readers as they could have directly read her original views. I can accept your contention if the Daily Mirror were a Sinhalese newspaper. According to your contention the Sinhalese people should refrain from speaking in English within Sri Lanka.
උඹ කවුද ගෑනියේ ගොටාබයට දොස් කියන්න උඹ මොනවද රටට කරලා තියෙන්නේ ? ඔය අඩි දෙකක් විතර පළල කට ඇරලා අඩුගානේ කොටින්ට විරුද්දව උද්ගෝෂණය කරලා තියෙනවද ? අනික බාරත හිටියේ චන්ද්‍රිකාගේ පැත්තේ මිනිහා ඒකාලේ හිටියේ සිරස පැත්තේ සුදුවැන් ගැන අතුරුදහන්වීම් ගැන මංගල සමරවීර සමාන අදහස් තිබුණු කෙනෙක් ඔය වාමාංශික බාරත ලක්ෂ්මන් .තමුනුත් ඔය එන ජි ඔ අම්මණ්ඩි කෙනෙක් වේවි දවසක මේ රටේ සිංහල බවුද්දයට විරුද්දව වැඩකරන .කොනොමත් වර්ගේ නහගත්ත තමුන් වගේ ගෑනු කොහොමත් මේ රටට මේ රටේ සංස්කෘතියට කැමති නෑ
මගෙ සුදු පුංචා ..ඔයාගෙ චූටි මොලේට මෙ පත්තර කාරයා වද දීලනෙ පැටියෝ.
makige kata dakkama amapalla haradala kakkussi katak wanuwata ranna hitanawa makige katata.ohmayaman kalle araliya madura pattata adata tatala,puttu,mamala, atata patwana ganiyak wai pabata,anarkalita una sinduwa obatath labavi badakata pura?
ඇත්තටම මම නම් මේක කියවන්න කාලය නාස්ති කලේ නෑ. මම කියෙව්වේ මේකෙ කමෙන්ට්ස් ටික විතරයි. මෙයා මේ තමුන්ගෙ පුද්ගලික ප්‍රශ්නෙ ගැන කතාකරනවා මිසක් වෙන දෙයක් කරන්නේ නෑ. ඒ ප්‍රශ්නෙත් තමුන්ගෙ ප්‍රසිද්ධියට හරවාගෙන. නීති ශිශ්‍යාවක් නිසා අනික් අයට වඩා යම් දැනුමක් ඇති. ඒත් මම නම් දකින්නේ මෙයාව අවස්ථාවාදියෙක් විදියට. දැන් ඉතින් නිශාන් මේකට උත්තර දෙයි, මොකද මිනිහා හිරු ෆෑන් කෙනෙක්, නැත්නම් ඒ හිරුම තමයි
ane bola kelle mama ne danne ubata karapu dewal
මේ කෙල්ල මාව පිස්සු වට්ටනවා….!
මෙකි හදන්නේ අහිංසක මිනිස්සු අවුස්සලා , අවස්ථාවෙන් ප්‍රොයෝජන ගන්න.
පව්! තාත්ත දුවව රට (UK) ඇරියේ සීයාගේ බුදලෙන්ද දන්නේ නැහැ. අපි නොදන්නා භාරතගේ පගා bissness !!!!
තම ඉන්නේ අන්ධුවෙන් මාසෙකට Rs 1,30,000 කුලිය ගෙවෙන කොළඹ 07 ගේක.
මෙකි ලංකාවටම හොඳ විෂබීජයක් වෙනවා සිකුරුයී .
hapoi මේ නිශාන් කියන ගොනා හරක කවුද
තාත්ත මැරිච්ච දවසේ ඉඳලම ගොන් කතා කිව්වේ තතගේ මරණය මාර්කටින් කරලා ගොඩයන්න දඟලන එකියක් මේ.
මේකිගේ මෝඩ කමේ තරම කියන්නේ මේකිගේ කටින්ම ගොන් කතා කිව්වා ” අපිට ඉන්න ගෙයක් නැහැ මට රස්සාවක් නැහැ මල්ලි තම ඉගෙන ගන්නවා , එක නිසා මන් දේශපාලනයට එනවා ”
මෙකි වගේ උන්ව උඩ දාන ගොන්නු ලංකාවේ ඉන්නවා. උන්තම ලංකාවේ විනාසෙට වග කියන්න ඕනේ
ඔයා අනාගෙන…නාගෙන ඉවරයි නoගි…
කොහොමවෙතත් ඔයාගේ ඇත්ත තත්වය ජනතාවට කලින්ම පෙන්නපු එකට නම් බොහොම ස්තූතියි..නැත්නම් මිනිස්සු අපරාදේ ආපහු කෙනෙකුගේ මළමිණියක් උඩින් ගොඩයන්න හදපු තක්කඩියෙකුට අහුවෙනවා…
කාන්තාවට ගරු කරන මාතෲ මුලික සමාජයට ගිය කලක්? ජේවීපී සහ යූ.ඇන්පී කාරයෝ හරුණ ගැහඇනු ලමයෙකුට කරන අවමන් බලන්න.77′ ඇරඹුණු විනශයක මහත.මාක්ස්වාදී සහෝදරවරුන්ගේ “සහෝදර ප්‍රේමය” දිහ විමසීමෙන් බලන්න. මේ අදමිටු කුහක පක්ශවල න්‍යායාචාර්යව් හොරුන් විසීන් සමාජයට මුදාහැර ඇට්ය්හි වෛරයේ දේශණාවල අනුගාමිකයින් ඔබට පෙනේද? මාතෲභීමිය තුල වැන්දඹුවකුට,තාත්තා නැති ගැහැණුදරුවෙකුට ලැබෙන නින්දා අපහස බලන්න.අප ප්‍රගමනය කරා මේ ජරාජීරණයවී රතු කොල නාකි බජාර් එක සමග යා හැකිද? මුදාගත යුතු ජනතාව තවත් රටේ ඇත. ඔවුන් බේරාගැනීම හෝරාවේ අවශ්‍යතාවයයි.
කාන්තාවට ගරු කරන මාතෘ මුලික සමාජයට ගිය කලක්? ජේවීපී සහ යූ.ඇන්පී කාරයෝ තරුණ ගැහැණු ලමයෙකුට කරන අවමන් බලන්න.77′ ඇරඹුණු විනශයක මහත.මාක්ස්වාදී සහෝදරවරුන්ගේ “සහෝදර ප්‍රේමය” දිහ විමසීමෙන් බලන්න. මේ අදමිටු කුහක පකශවල න්‍යායාචාර්ය හොරුන් විසීන් සමාජයට මුදාහැර ඇති වෛරයේ දේශණාවල අනුගාමිකයින් ඔබට පෙනේද? මාතෘභූමිය තුල වැන්දඹුවකුට,තාත්තා නැති ගැහැණු දරුවෙකුට ලැබෙන නින්දා අපහස බලන්න.අප ප්‍රගමනය කරා මේ ජරාජීරණයවු රතු කොල නාකි බජාර් එක සමග යා හැකිද? මුදාගත යුතු ජනතාව තවත් රටේ ඇත. ඔවුන් බේරාගැනීම හෝරාවේ අවශ්‍යතාවයයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික පක්ෂයක්ලු…පු…