කන්නන්ගර යුගයෙන් පසුව අධ්‍යාපනය වෙනුවෙන් මේසා කතිකාවක් ගොඩනැගුනු යුගයක් තව නොතිබෙන්නට ඇත. මාස දෙකක්ද ඉක්ම ගොස් ඇති විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැටුප් හා සම්බන්ධ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉතා දැඩි ලෙස ජන මනස අවදි කරමින් සිටී. දිනපතා පත්තර, සති අන්ත පත්තර, ගුවන් විදුලිය, රූපවාහිනිය, ෆේස් බුක්ඊ, මේල් ආදී සෑම අස්සක් මුල්ලක් නෑරම මෙම ගින්නෙහි දුමාරය පැතිරෙමින් පවතී. නමුත් මාගේ වෑයම එම වෘත්තීය ක්‍රියාමාර්ගය නිවැරදිද යන්න සාකච්ඡා කිරීම නොව එයද ඉසෙඩ් ස්කෝර් අවුලද පදනම් කරගනිමින් බොහෝ දෙනා ප්‍රකශ කරන රටේ අධ්‍යාපන අවුල සම්බන්ධයෙන් විමසා බැලීමයි.
රටක අධ්‍යාපනයේ සාර්ථක භාවය මනින විවිධ මිනුම් දඬු පවතී. සමහරෙකු පවසන පරිදි එම මිනුම් දඬු අනුව අපි ඉතා ඉදිරියෙන් සිටිමු. තවකෙකු පවසන පරිදි අපි ආශ්චර්යමත් ලෙස අධ්‍යාපනයේ මිනී වල කපමින් සිටිමු. එනම් එක් කලෙක ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ අධ්‍යාපනය අද අභාවයට ගොසිනි. මෙම කුමන නිර්නායක තිබුනද මා විශ්වාස කරන පරිදි අධ්‍යාපනය යන්න රටේ ප්‍රගමනයට දායක විය යුතුය. පරපුරකින් පරපුරකට රට භාර කිරීමේ මාධ්‍ය අධ්‍යාපනයයි. නිදහසින් පසුව අප රට පරම්පරා ගණනාවක් පසුකර ඇත. නමුත් ඒ කිනම් කලෙක හෝ මෙම රට යහපත් රටක් හෝ යහපත් දිශාවකට ගමන් කරන රටක් වශයෙන් පැවතියේද?
ආර්ථික අංශයෙන් ගතහොත් අපි දිනෙන් දිනම දරිද්‍රතාවයේ පතුළට ගමන් කරමින් සිටිමු. රටේ කෘෂිකර්මය, නිශ්පාදනය වර්ධනය කිරීමේ ක්‍රම තබා අඩුම තරමින් මහවැලි කලාපයේ ක්‍රමවත් භෝග විවිධාංගීකරනයක් පවා නැත. නිදහසින් පසු මුළු ඉතිහාසය පුරාවටම සෑම රජයකටම උපදෙස් දුන් ආර්ථික විශේෂඥයන් සිටියද දිනෙන් දිනම රට ආර්ථික ඝාතකයින්ගේ උගුල් වල පැටලෙමින් තිබේ. වර්ථමානයේ තබා අතීතයේදීවත් රටට එහි පරිසරයට දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන අයුරින් සැලසුම් කොට ක්‍රියාත්මක ඌ ව්‍යාපෘතියක් තිබුනිදැයි සැක සහිතය. දැන් දැන් රට මුහුන පාන ඉඩෝර කාලගුණික තත්ත්වයන්ට හේතුව කඩිනම් මහවැලි ව්‍යාපෘතිය තුළ බිහිවූ ජලාශ පද්ධතිය බවට නැගෙන චෝදනාව සුළු පටු නොවේ. කවර කලෙකවත් අප ආර්ථික අතින් සවිමත් නොවිණි. ඊට හේතුව ආර්ථිකය මෙහෙයවන දේශපාලකයන්, ආර්ථික විශ්ලේශකයන්, උපදේශකයන්, නිලධාරීන් ආදීන්ගේ නොහැකියාව මිස අන් යමක් නොවේ.
මේ මා පවසන ගැටළු වලට හේතුව දේශපාලකයන් බව බොහෝ දෙනා සිතනු ඇත. නමුත් දේශපාලකයන්ද මේ ජරාජීර්න සමාජයේ එක් පාර්ශවයක් පමණි. යම් තරමකට හෝ එම දේශපාලකයන්ද ඔවුනට ඡන්දය දෙන ජනතාවද මේ අධ්‍යාපන ක්‍රමයේම ප්‍රතිඵලයකි. සමස්ථයක් ලෙස ගත්කළ අප සියල්ලෝම මේ දෙසට තල්ළු වනුයේ අප ලබන අධ්‍යාපනයට අනුවය. වසර හැටක් පුරා අප වැපිරූ දෙයෙහි අස්වැන්නයි මේ.
මෙම ලිපිය කියවන ප්‍රධාන පාඨක කොටස් දෙකක් පිළිබඳව මම දනිමි. ඉන් එක් කොටසක් ආචාර්යවරුන්ගේ වර්ජනයට කැමැත්ත පළ කරන්නෝය. ඔවුන් සිතනු ඇත්තේ මා මේ තැත් කරන්නේ ඔවුන් පෙන්වාදුන් ඉසෙඩ් ස්කෝර් අවුල ගුරු වැටුප් ප්‍රශ්න ආදිය කේන්ද්‍ර කරගත් අධ්‍යාපන අවුල යන්නට වෙනම අර්ථකථනයක් දෙමින් එම ව්‍යාපාරය අකර්මන්‍ය කිරීමට බවයි. ඒ සමඟම රජයට පක්ෂපාත කොටස් සිතනු ඇත්තේ මෙය වැල් බයිලාවක් බවය. එබැවින් මගෙන් ඔවුනට අභියෝගයක් නැතිබව පමනක් ඔවුන් සිතනු ඇත. කවුරුන් කෙසේ සිතුවත් දිනෙන් දිනම රටත් ජාතියත් වල පල්ළට ඇද වැටීමේ ප්‍රධාන හේතුව ඉතිහාසයේ කිසිඳු කලෙක අපට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැතිවීම බව මම කියමි. එය ඇතිවූයේ අද ඊයේ නොවුනද ඒ පිලිබඳව කතිකාවක් ගොඩ නැගීමට මේ සුදුසු මොහොතකි.
දේශපාලනයේද මේ අවුල මෙසේමය. උගත් නූගත් භේදයකින් තොරව බොහෝ අය දේශපාලකයන් ලෙස දකිනුයේ සුදු හැඳගත් දත් තිස්දෙකම විළිස්සා සිනාසෙන බඩ තඩි පිරිස පමනි. නමුත් දේශපාලන ක්ෂේත්‍රය ඉන් බොහෝ ගැඹුරට දිව යයි. මැති ඇමතින් පමනක් නොව ජනමාධ්‍යවේදීන්, රජයේ උපදේශකයන්, පරිපාලන නිලධාරීන්, ආචාර්යවරුන් ආදීහුද දේශපාලකයෝම වෙති. රට ඉදිරියට දිවෙනුයේ මෙම සමස්ථ පිරිස විසින් පෙන්වාදෙන මාවත ඔස්සේය. මොවුන් සාර්ථක විචාරකයන් විනිනම් මෑතකදී අවසන් වූ යුද්ධය වසර තිහක් පුරා ඇදී යාමට හේතුවක් නැත. සති අන්ත ජාතික පුවත් පත්හි මැද පිටු වෙන් වන්නේ මෙම බුද්ධිමත් පිරිස වෙනුවෙනි.ජන මනස සැකසෙන්නේ ඒ අනුසාරයෙනි. 2005 ට පෙර පුවත් පත්හි ලිපි නැවත කියවා බැලුවහොත් පෙනෙනු ඇත්තේ ඉන් 90%ක පමනම විසඳුම ලෙස ඉදිරිපත් කර ඇත්තේ ඊනියා සාම ක්‍රියාදාමය බවයි. ජාතික ප්‍රශ්නය ජනවාර්ගික අර්බුධය ජාත්‍යන්තර දේශපාලනය ආදී හර බර වචන මගින් එය සාධාරනීකරණය කර ඇත. ඒ අනුව ක්‍රියා කලේනම් මේවන විට ද රට ලේ විලකි. අද වුවද බොහෝ අය කියනුයේ බලය බෙදාහැරීමේ දේශපාලන විසන්දුමක් ඉදිරිපත් කළ යුතු බවයි. මේ නම් සමස්ථ අධ්‍යාපනයේ ඇති මහා අර්බුධයයි. උපතින් ගෙනා බුද්ධියක් හේතුවෙන් උපාධි තාන්න මාන්න ලැබුවද රටට ගැලපෙන අධ්‍යාපනයකින් ඔවුන්ගේ මනස් පෝෂණය වී නැත.
මෑතකදී අස්ගිරි මහ නාහිමියන් ප්‍රකාශකර තිබුනේ උපැවිදි වන තරුණ භික්ෂූන්ගේ සන්ඛ්‍යාව දිනෙන් දින වැඩිවන බවත් ඊට ප්‍රධාන හේතුව පිරිවෙන් අධ්‍යාපනයේ ඇති දුර්වලතාවය බවත්ය. මිශ්නාරී පාසැල් රජයට පවරාගත්තද පිරිවෙන් විශ්ව විද්‍යාල මට්ටමට උසස් කළද ඉන් එහා ගිය දැක්මක් කිසිවෙකුටත් නොවිනි. තෙරුවන් පිලිබඳ ශ්‍රද්ධාවත් පන්සිල් රැකීමේ වැදගත්කමත් ගිහියන්ට කෙසේ වෙතත් භික්ෂූන් වහන්සේට කියා දුනිනම් මේසා සමාජ පරිහානියක් සිදුවීමට ඉඩක් නැත. අධ්‍යාපන අර්බුධයක් ගැන මැත දොඩන්නන් අඩුම තරමින් මෙවන් ප්‍රශ්නයක් ඇති බවක්වත් දනිද්ද? රට ජාතිය ආගම පමනක් නොව කලාව සාහිත්‍යයද අද වල පල්ලට ගොසිනි. ටවර්හෝල් යුගයේ ගීවලට අද ඇත්තේ පෞරාණික වටිනාකමක් පමණි. මේ නැඹුරුව මෙසේම පැවතුනහොත් අමරදේවගේ නන්දා මාලිනීගේ ගී වලටද අත් වනුයේ එම ඉරනම පමණි. අද ඇත්තේ එවන් පරිහාණියකි. ඊට පිළියම් යෙදීමට ඔවුන් තබා ඔවුන්ට ගී ලියන මහාචාර්යවරුවත් දනිතැයි මම නොසිතමි.
අධ්‍යාපනය මගින් පරපුරක් වෙනස් කළ හැකිබව සිතන්නෝ වෙත්නම් ඒ රාජ්‍ය නොවන සංවිධාන, ජාතිවාදීන් සහ මූලධර්මවාදී ආගමික කල්ලි පමනි. අතිමහත් බහුතරයක් වූ ආචාර්යවරු, මහාචාර්යවරු, අධ්‍යාපන විශේෂඥයන්, ප්‍රාමානික බුද්ධිමතුන් ආදීන් මේසා සමාජ විකෘතියකට දෙන විසඳුම කුමක්ද? මිනී මැරුම් වන්චා දූශණ හොරකම් පමනක් නොව අඩු වයස් විවාහ සමාජ රෝග ආදියද හද කම්පා කරවන අයුරින් ඔඩු දුවා ඇත. සමාජ අසහනය මානසික විකෘතීන් වර්ධනය වී ඇත. මේවාට විසඳුම් යෝජනා කරන්නෝ කවරහුද?
රජරට ගොවීන් මරු තුරුළට යවන වකුගඩු රෝගයද මේ සමාජ කෲරත්වයේ තවත් එක් පැතිකඩකි. ඊට විසඳුම් ලෙස දේශීය විද්වතුන් විසින් දේශීය විසඳුමක් යෝජනා කළවිට ඊට එරෙහිව අවි අතට ගත්තෝ මැති ඇමතිවරු පමනක් නොවෙති. තවමත් එම අනාවරණය යට ගැසීමට තැත් දරන නිර්ලජ්ජී බුද්ධිමතුන් අප විශ්ව විද්‍යාල පද්ධතිය තුළ හිඟ නොවේ. එය හුදෙකලා විරෝධයක් පමනක් ලෙස සලකා ඉවතලිය නොහැක්කේ විද්‍යාභිවර්ධන සංගමය ආදී ආයතන කැළණිය විශ්ව විද්‍යාලයේ උපධිය පවා අභියෝගයට ලක් කරමින් නිකුත්කළ ප්‍රකාශ දෙස බලන විටය. කෘෂි රසායන ගෙන්වන සමාගම් මහා ධන කුවේරයන්ය. ධනයට බලයට යටවන්නේ යැයි දේශපාලකයන් වෙත එල්ල කරන ඇඟිල්ලම මේ පාර්ශව වෙතද එල්ල නොකර සිටීමට කාරනයක් මටනම් සිතගත නොහැක.
අද අධ්‍යාපනය මගින් අප වෙත දායාද කරන දැනුමේ විශාල අඩු පාඩුවක් වෙයි. එය කිසි සේත් රටේත් ජාතියේත් ප්‍රගමනයට දායක වන්නේයැයි කිව නොහැකිය. සෑම ක්ෂේත්‍රයක් තුලම දිගින් දිගටම සිදිවන පරිහාණිය ඊට සාක්ෂි දරයි. බටහිර රටවල අධ්‍යාපන ක්‍රමවේදයන්, ඔවුන්ගේ උපදෙස්, නිර්නායකයන් තුළ සිරවී සිටින අපි දිනෙන් දිනම ඔවුන්ගේ ග්‍රහණයට නතුවෙමින් සිටිමු. ඊට වගකිව යුත්තේ පාසල් සරසවි ජනමාධ්‍ය මගින් අපවෙත ලබාදෙන දැනුමයි. දේශජ දැනුමක වටිනාකම අඳුනාගන්නා තෙක් රටට පැවැත්මක් නැත.
රාජ්‍ය සේවකයකු වන මා බොහෝ කලක සිට අවබෝධ කරගත්තක් වෙයි. මේ රටේ දැවෙන ප්‍රශ්න වලට දේශපාලනය එක් හේතුවක් පමනි. සියල්ලම ඊට ඌණනය කළ නොහැක. රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් විචාරකයින් බුද්ධිමතුන් කියාගන්නවුන්ට විශාල වගකීමක් පැවරී ඇත. රාජ්‍ය නිලධාරීන්ට සහ සේවකයන්ටද රටේ ගමන්මඟ තීරණය කිරීමේ හැකියාව ඇත. අංග විකල අධ්‍යාපනයකින් පෝශණය ලද මේ සියල්ලෝම රට විනාශ කරමින් සිටිති.
මේ අර්බුධයෙන් ගොඩ ඒමට පළමුකොටම මනා කතිකාවක් ඇතිවිය යුතුය. එහිදී කේවට්ටයන්ගේ උපදෙස් වලට මුළා නොවී ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට රජය යොමුකළ භික්ෂුන් වහන්සේ ප්‍රධාන ජාතික බලවේගයන්ට විශාල කර්තව්‍යයක් පැවරේ. නිසි අවස්ථාවක නිසි තීරණ මත ක්‍රියාත්මක ඌ එම බුද්ධිමතුන් කෙරේ විශ්වාසය තැබිය යුතුයැයි මම සිතමි. නමුත් එය සාර්ථක කරගැනීමටනම් එම ජාතික බලවේගයන්ට යන්තමින් වුවත් ඇහුන්කන් දෙන රජයක් පැවතිය යුතුය. අධ්‍යාපනයේ මෙම සැබෑ අර්බුධය පිළිබඳව කතිකාවක් ගොඩනැගීමට මෙය සුදුසුම මොහොතයැයි මා පවසන්නේ එබැවිනි.
- ඉඳුනිල් ප්‍රසන්න
මෙහි දක්වා ඇත්තේ දශක ගණනාවක් පුරා පවත්වා ගන යන අධ්‍යාපන ක්‍රමය පිලිබඳ අදහසකි. “ඊට වගකිව යුත්තේ පාසල් සරසවි ජනමාධ්‍ය මගින් අපවෙත ලබාදෙන දැනුමයි.” මෙහි ඊට යනු නුතන භෞතික දියුණුවත් සමාජ පරිහානියත්ය.
හේතුව මෙයයි. බටහිර ඇත්තේ දැනුම පමණක් නොවේ. ඒ මිනිසුන් ගොඩ නැගු ශිෂ්ඨාචාරයක් හා සභ්‍යත්වයක් වෙයි. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අප කර ඇත්තේ ඔවුන්ගේදැනුමෙහි භෞතිකවාදී කොටස ගිරවා දැමීම හා අනුකරණය (අපට හැකි පමණ) කිරීමයි. එසේ කිරීමේදී ඔවුන්ගේ සංස්කෘතිය හා වටිනාකම් අපි වැළඳ ගෙන නැත. (ඉංග්‍රීසියෙන් ලියු පොතක් සිංහලට හැරවූ විට දැනුම ලැබේ නමුත් සංස්කෘතික වටිනාකම් නොලැබේ.) මෙසේ කිරීමේදී අප සතුව තිබු බුදුදහම මත පදනම් වූ වටිනාකම් පද්ධතියට පහර දීමත්, රාවණ රජ දවසටත් පෙර සිට පැවත එන සිංහල සම්ප්‍රදායන්ට පහර දීමත් (අපට හැකි පමණ) අප කර තිබේ. ඒ අපේ හීනමානයත්, බටහිර දැනුමත්, අපේ දැනුමත්, බටහිර සිරිතත්, හෙළ සිරිතත් පිලිබඳ අපේ නොදනුමත් නිසාවෙනි. ප්‍රතිපලය එක වසරට යන විට පන්තියේ ගුරුතුමියට බුලත් අතක් දී වැඳ පන්සිල් ගෙන අධ්‍යාපනය පටන් ගන්න දරුවා විශ්ව විද්‍යාලයට ගොස් නවක වදයත් දී, ප්‍රොපාලාව හිර අඩස්සියේත් තබා උගත් මැරයෙකු වී සමාජයට පැමිණීමයි.
පෙර රජ දවස සමාජයේ උගතුන් (විඤ්ඤූන්) වූ භික්ෂුන් සිල්වත්ද විය. අද උගතුන් (විඤ්ඤූන්) ලෙස සැලකෙන ආචාර්යවරු ආදීන් බොහොමයක් තුල ශීලය නැත. එහි අඩුව උගත්කමේ හපන්කමින් හා කපටිකමින් වැසේ. උගත්කම් නැති වූ ජනයාගේ සීලයේ අඩුව ජනමාධ්යේ දොරේ ගලයි. පින් පව්, හය හතර (දිවය ලෝක හය, අපය සතර) හා යුතුකම් මත පදනම් වූ අපේ සංස්කෘතිය හා සමාජ වටිනාකම් වැනසී ගොස් ඇත. (උගතුන් රටට කලේ මොනවාදැයි අසන අයට පිළිතුරකි.) බයිබලය, නීතිය, හා අනෙකාගේ අයිතිය මත පදනම් වූ බටහිර සංස්කෘතිය හා සමාජ වටිනාකම් මෙහි පැල පදියම් වී නැත. 60% පමණ වන බෞද්ධයන් අතර මෙය ප්‍රකටව පෙනේ.
මින් ගොඩ ඒමට භික්ෂුන් වහන්සේ ප්‍රධාන ජාතික බලවේගයන්ට විශාල කර්තව්‍යයක් පැවරේ යයි ලියුම්කරු කියයි. ද්වේශය හා ඊර්ෂ්‍යාව මත පදනම් වූ වර්ජන තර්ජන හා උද්ගෝෂණ මෙහෙයන්නේ දඹර අමිල නම් භික්ෂුවකි. සරු දේත් නිසරු දේත් පටලවගන අධ්‍යාත්මය සිඳගත් ජාතියක් ගැන ඉගෙන ගන්න ලංකාවට ඉදිරියේදී මහාචාර්යවරු පැමිණෙනු ඇත.
විඤ්ඤූන් ලෙස සැලකිය හැක්කේ සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ ගිහි පැවිදි පිරිස් මිස මාක්ස් වාදය ආදී අන්‍ය මිත්‍යාදෘශ්ඨික මතවාද වලින් හිස පුරවාගත් අය නොවේ. දඹර අමිල හිමියන් ගැන කීමට ඇත්තේ එයයි.
oya kes palena thara idiripath karana, maha silwath parapura ai danne ne anduwata ekkahu wela kiyanne neththe api lasthi lamainta ugannanna, paper mark karanna, lectures karanna kiyala. thawa ithin oya parana note kiyawanawa kiyala ke gahana ayata puluwan nawa paatamala wala salasum, vishayamalawa, ugannana padam, lecture notes ehema nidi maran hadala genath denna. samaharunta ee tharam ma andenawane. Anduwa salakai hondata. Thawa anduwe upadeshaka thanathuruth dei wigahata. wahanekuth dei yanna enna fuel allowance ekakuth ekka. ehema sanwidhanayak enawa nam issarahata bara gananwa nam wede mama nam onna rassawa tibba eliyata giya. saduuu sadhuuu saduuu, kawuruth na mal wattiyata atha gahanna thiya eka hadannawath
ඔහේ ආචාර්ය කෙනෙක් වෙන්න ඇති. ඒ නිසා මම කණාගාටු වෙනවා මෙහෙම කථාකරන්න වීම ගැන. ඇත්තටම විය යුකුව තිබුණු දෙය නෙමෙයි මේ සිද්ද වෙන්නෙ. අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයක් ශ්‍රී ලංකාව තුල විය යුතුයි කියන එක ගැන කිසි විවාදයක් නැහැ. ඒ සඳහා අනිවාර්ය අංගයක් තමන් වැඩි මුදලක් වෙන් කිරීම. ඉතින් මේ වැඩ වර්ජනය හරහා ඒ කථිකාව වෙනුවෙන් අනගි අවස්ථාවක් ඇතිවෙලා තිබුණත් විශ්ව විද්‍යාල වල ඉන්න බොහෝ අචාර්ය වරු සහ සිවිල් සමාජය ඒ අවස්ථාව ප්‍රයෝජනයට නොගැනීම කණගාටුවට කරුණක්. ඒ වෙනුවට සිද්ධ වෙලා තියෙන්නේ ගැටළුව විසඳීම වෙනුවට තවත් උග්‍ර වෙන දිශාවට තල්ලු වෙලා යන එක. විශ්ව විද්‍යාල ආචාර්යවරු සමහරක් හිතනවා තමන් හැර මේ රටේ වෙන උගතුන් නැහැ කියලා. හැබැයි අපි කෘෂිකර්මය අරගෙන බැළුවොත් ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන වල සිටින නිහඬව සේවය කරන පර්යේෂකයින් හොයා ගත්ත දෙයක් ඇරුණහම මොනවද විශ්ව විද්‍යාල වලින් රටට දීල තියෙන්නේ. මොකවත් නැහැ. ඒ වගේ තමයි අනික් ක්ෂේත්‍ර ගත්තත්. ඔය ආචාර්ය වරු සමහරු කවදාවත් අළුත්වෙන අය නෙමෙයි. හැබැයි මතක තියාගන්න සමහර විට ඒ වගේ පර්යේෂණ ආයතන වල ඉන්න උදවිය සමහර විට විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ටත් වඩා පර්යේෂණ සිදුකරල ඒවා ජාත්‍යන්තර සඟරාවලත් පළ කරල තියෙනවා වඩා වැදගත් ම දේ ඒ නව දැනුම මේ අපේ ඇස් ඉදිරිපිටම රටේ සංවර්ධනයට යොදවලා තියෙනවා. ඒ වගේම තමන්ගේ දැනුම සොච්චම් දීමනාවකට විශ්ව විද්‍යාල වලට ගිහිල්ල ශිෂ්‍යයන්ටත් උගන්නනවා විසිටින් ලෙක්චර්ලා හැටියට
තව දෙයක් කියන්න ඕනැ ඔය විශ්ව විද්‍යාල ආචාර්ය තුමන්ලා උගැන්වීම හැර කරන ඉතිරි සියළු කාර්යයන් සඳහා ඔවුන්ට වෙනම මුදල් ලැබෙනව, ඒ විතරක් නොමෙයි සමිති සමාගම් වල අනුශාසක වුනත්, සම්මන්ත්‍රණයක් සංවිධානය කලත් වෙනත් පරිපාලන තනතුරක් දැරුවත් ඒ සේරටම ලකුණු හම්බ වෙනවා මහාචාර්ය කෙනෙක් වෙන්න. සමහරු සතියට එක පැයක් වත් ලෙක්චර් කරන්නේ නැහැ, වෙන වැඩ මිසක්, අනිත් එක පර්යේෂණ කරන්නේ හොඳට ගාන කපාගෙන, උදාහරණ ඕනැනම් කියන්නම්
academic department ekaka head kama sahena paripalana thanathurak kiyala obathuma dannawa nam kiyanan balanna hambena gana maseta wadipura 1500i
@lecturer
ඇයි ඕකට 1500ක් විතරද? ඔබතුමාලගෙ පෞද්ගලික දුරකථන බිල් විශ්ව විද්‍යාලෙන් ගෙවන්නෙ නැද්ද? නිල නිවාසයක් ගන්න ඔය තනතුරට අමතර ලකුණු එකතුවෙනව නේද? ඔබතුමා මහාචාර්ය වෙන්න යනකොට ඒකෙ මාකින් සිකිම් එකෙත් හෙඩ් වෙලා හිටියටත් ලකුණු තියෙනව නේද?(මේ ලකුණු වලට මුදල් වටිනාකමක් තියෙනවද?මිල කරන්න බෑ කියලයි මටනම් හිතෙන්නෙ)ගමනක් යන්න නිල වාහන ගන්නත් හෙඩ්ට පුලුවන් නේද?කාලසටහන්,විභාග ප්‍රශ්ණ පත්‍ර හැදිම් ඇතුලු කරන අනික් අතිරේක හැම දේකටම වෙනවෙනම ගෙනවා නේද?ප්‍රශ්ණ පත්තර බලනවටත් වෙනම ගෙවනව නේද?(ෆිල්ඩ් ට්‍රිප් එකක් දාගෙන පිටට ගියාම බිල් දාල වෙනම ගානක් කපාගන්නත් පුලුවන් නේද? ඒ අතරෙ ලිංගික අල්ලස් එහෙමත් ගන්න පුලුවන් නේද? ඩිපාර්ට්මන්ට් එකට බඩු ඕඩර් කරද්දි,ගද්දි කොමිස් වෙනම කැපෙනව නේද?*මේව හැම අංශප්‍රධානියෙකුටම අදාල නෑ.නමුත් බොහොමයකට අදාලයි,සදාචාර විරොධි නොවෙනවනම් විශ්ව විද්‍යාලය,අධ්‍යනාංශය හා අංශප්‍රධානිගෙ නම දාන්නත් පුලුවන්))ඊට අමතරව සතියකට උගන්වන පැය ගානත් අඩුයි නේද?සනාතන සභාවට සහභාගි වෙනවටත් කන්න බොන්න දිල වෙනම ගානක් දෙනව නේද? මේව මුදල් වශයෙන් ගණන් හදල බැලුවොත් තව රු.20000ක් විතර වෙනව නේද?ඒව කියන්නෙ නැද්ද?
@ lecturer : ඔබතුමා දක්වා ඇත්තේ වෙනම අදහසක් මිස මා දැක්වූ අදහසට ප්‍රතිචාරයක් නොවන බව පෙනේ. (තර්ක වැඩක් නැ මේ වැඩේ තෝ කරලා පෙන්නපිය වැනි පිළිතුරක් විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකුට ගැලපේද?) ඔබතුමා මතුවට සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් දාන කොමෙන්ටුවක් වෙතොත් කියවා අවැසි නම් ප්‍රතිචාර දක්වමි. මේ සිංගිරිසි බාසාව මට හුරු නැත. ප්‍රතිචාරත් නැත.
I do not see a problem in your post but I have attached a reply to the person named helaya.
ඔබතුමා විශ්ව විද්‍යාල ආචාර්යය කෙනෙක් හැටියට පෙනෙන නිසාත් මේ ගැන යම් මතයක් ඉදිරිපත් කිරීමට උත්සාහ දරණ නිසාත් මම මේක කියන්නේ. පළමුවෙන්ම මම කියන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වැටුප් සාධාරණ මට්ටමකින් වැඩිවිය යුතුය කියන එක ගැන කිසි විවාදයක් නැහැ (ඒ විතරක් නෙමෙයි රාජ්‍ය සේවයේ ඉන්න අපි කවුරුත් කථා නොකරන කොන්ත්‍රාත් කම්කරුවකුගේ දෛනික මූලික වැටුප රු. 391යි. ඒ මනුස්සයත් ඔබතුමා බඩු ගන්න මාකට් එකෙන්ම බඩු ගන්න කෙනෙක් කියන එකත් අමතක කරන්න එපා. වෙනසකට තියෙන්නේ එයාට හඬක් නැහැ) ඒ වගේම රාජ්‍ය වියදමින් අධ්‍යාපනය වෙනුවෙන් දරණ කොටස වැඩිවිය යුතුයි. මන්ද එහි ප්‍රතිලාභය ඔබත් මාත් ඇතුළු මුළු සමාජයටම නිසා. ගැටළුව තියෙන්නේ එය කොපමණ ප්‍රමාණයකින් ද කියන එක. මට තියෙන ගැටළුව තමයි විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් මෙන්න මේ කාරණයේදී අතාර්කිකව කටයුතු කිරීම. මේක පැහැදිලිවම හොඳ සමාජ කථිකාවතක් ඇතිවිය යුතු, මුළු මහත් සමාජය එක්ව ඉඳගෙන රජයට බලපෑම් කලයුතු කාරණයක්. ඒ වගේම මේ ඉල්ලීම දිනා ගැනීම සමාජයම ලබන ජයක්. එත් ඔබතුමාලගේ මේ ප්‍රවේශයේ ස්වභාවය හා ඊට දී ඇති දේශපාලනික මුහුණ නිසා ඒ අගනා අවස්ථාව අවහිර වෙලා තියෙනවා කියලා මට පේනවා. ලංකාවේ අධ්‍යාපනයට පෞද්ගලික අංශයේ දායකත්වය අල්ප නිසා දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් රජය දැරිය යුතුයි කියන එක අතාර්කිකයි. ඒ වෙනුවට රාජ්‍ය වියදමින් දැනට දරණ 8% ක ප්‍රමාණය 12-15% අතර ගණනකට වැඩි වෙනවා නම් ඒක ඉතාම හොඳ පදනමක්. ලෝකයේ බොහෝ දියුණු රටවල් වගේම අපි වගේ සංවර්ධනය වන රටවලත් තියෙන්නේ ඒ වගේ මට්ටමක්. ලංකාවේ අධ්‍යාපන වියදමින් වැඩිම කොටසක් වෙන් වන්නේ වැටුප් ගෙවීමට. (පුනරාවර්තන වියදමින් 70%) ඒ වගේම ඔබතුමාලගේ සමාජ කථිකාවෙන් පැහැදිලිව පෙන්වලා දෙන්න ඕනැ මේ මුදල ලැබුනොත් මොන විදියේ ගුණාත්මක වෙනසක් නිශ්චිතව ඇති වෙනවද කියන එක. ඒ වෙනස මනින නිර්නායක මොනවද කියල. මෙතනදි මම හිතන්නේ Results based management thinking වැදගත් වෙනවා. අපි මෙන්න මේ ප්‍රතිපලය මේ නිශ්චිත කාලය තුලදී ලබා ගැනීමට මේ මුදල වියදම් කරන්න අවශ්‍යයි කියල.
Since I do not have experience in typing sinhala, I should give a comment on “Results based management thinking” mentioned in your comment. As I understand this issue if their salaries increased universities should be able to recruit more senior lectuerers with group of talented probationary lecturers. It has many advantages first senior lecturers who are coming from industry can excel in various fields which their experience directly involved in the academic matters who is the beneficiary ?? students. then they will be more employable. Young lectuerer will be having more freedom to pursue their higher studies because seniors will shoulder the responsibility of guiding the young probationary lecturers to prepare cutting edge materials. the second advantage is they have allies in the industry where the students will be benifited via training programmes and finding the employement after the graduation. As some people thinks universities are not limited liability companies where there should be profit always we should maintain aesthetic studies courses in the university where there is flair on natural talent in culture and the humanity. It is important that with the management we should promote fine arts too. As you are aware some of the leading companies recruit people who have done arts subjects for recreation of their environment and products with the more humane and colser to culture touch. so we have to run profitable programmes as well as non profitable programmes. It should not be always result oriented as Input — processing — output like of scientific method.
@ Free economy, Dear friend, you didnt understand my comment. any country needs every types pf graduates (art, Science etc) no argument with that. the question is what is our expected outcome from our free education? There may be lot of outcomes. to achieve those, what we need to do? ex. 1. improve the quality of the teachers, 2. change in Student:teacher ratio, 3. improve the physical resources etc etc. after that we have to think that to do all those how much we needed? If you can find it, then you definitely have a plan. based on that plan you can demand from the government. Here you are asking for more money, but do not have a proper plan.
@lecturer
මේ ඉංග්‍රිසි අධ්‍යාපන ක්‍රමය.1948න් පස්සෙයි මේක පටන්ගත්තෙ.හැබැයි ඊට කලිනුත් අපේ රටේ විශ්ව විද්‍යාල තිබුන.ඒව සල්ලි මත්තෙ යැපුනු තැන් නෙවෙයි.අපේ රටේ අවුරුදු දහස් ගානක ලිඛිත ශිෂ්ථාචාරය, වෙදකම ඇතුලු සියල්ල පැවතුනා ඒ විදියට.ඒ නිසා නිකං ඔහේ විශ්ව විද්‍යාෙලට බැදුනු දා ඉදල නෙවෙයි මේ සේරම පටන්ගත්තෙ.තමුන් ලංකාවෙ විශ්ව විද්‍යාෙලක ඉන්න එකම වත් අන්තිම වත් ආචාරියත් නෙවෙයි.ඒ නිසා තමන්ගෙ තරම දැනගෙන ඉදිමෙනවා.
Mamanam kiyanne janadipatitumo, meyka kumantranayak. Moolikayo tikata honda nasnayak denna ona. Wastiyakuth ekkalama.Mokada kochchara dunnath kema paththiyam wenne naha.
paththiyam wechcha oya, udallak aran ennako ape campus eke tiyenawa wal pala tikak udalu gala denna. thawa ona nam lamainta yanna tiyena kakkussiyak kariya repair ekak deella hodala deela giyaki samaja sewayak wath wenna. krushi departhamenthuwak tiyenawa govi kama mokak da kiyala amude andan prayogika parikshanayakuth karanna bariya.
උඔ ඔය ලෙක්චර් කියලා දාන බූරු කොමෙන්ට් දිහා බැලුවම පේනවා කක්කුස්සි හෝදන්න හොඳ කවුද කියලා. සේරටම කලින් ගහන්න ඕනැ තමුසෙව විශ්ව විද්‍යාලයට බඳවාගත්ත එකාට. තමන්ගේ සාධාරණ (හෝ අසාධාරණ වුවද කම්නැත) යයි සිතන මතය සමාජගත කරන්න මෙය වේදිකාවක් කරගැනිම වෙනුවට ගොන් ජෝක් දැමීම මගින් පේනවා තමුසේ කොච්චර දුරට විශ්ව විද්‍යාලයකට ගැලපෙනවාද කියලා
galapenne nathinam eliyata danna bariya. gamarala wasthiyak gana katha karama eka danna kakusiyak nethiwa oyage car eka denwada. mama e point ekata uththarayak dunnama oyaata ridune moko
ඔබට ජය…
ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට රජය යොමුකළ භික්ෂුන් වහන්සේ ප්‍රධාන ජාතික බලවේගයන්??
ethakota hamuduru waru inne yudda nawaththanna newei udda patan ganna?? ane munge baudda kama..
koheda yako haamuduruwo yudde patan gaththe. yudde patangaththe aurudu 30kata issara. yudde iwara kalee haamuduruwange mulikathwayen 2005di arambapu wedapiliwela magin.denwath denaganin
සුද්දන්ට යටත්ව තිබූ රටවලින් දියුනුවක් ලබා ඇත්තේ සිංගප්පූරූව පමනි ඊට හේතුවන්නේ ජපානයට අවුරුදු දෙකක් යටත්ව පැවතීමයි ඒකාලය තුල සියලුම කලු සුද්දන් සහ සුද්දන් හැදු සමාජ තල විනාස කලා.
ජපානය පරමානු බෝම්බයෙන් පරාජය කල පසු නිදහස් සටන මෙහෙයවූ ලී ක්වාන් යූලා අතට බලය යනවා ඔවුන් ලොකය ගැන අද්‍යයනය කර තමාට ගැලපෙන ක්‍රමනක් හදාගන්නවා.
අපරටේ නිදහසින් පසුව බලයට එන්නේ කලුසුද්දන්ය සුද්දා අපව පෑගීමට යොදා ගත් යාන්ත්‍රනය සමාජ පිලිගැනීම් ඒ තුලින් නිර්මානය වූ සමාජ තල මවුබාසාව පහත්ලෙස සැලකීම අපේ රටට නොව සුද්දන් සඳහාම උගතුන් බිහිකිරීම මේ නිසාම හුදී ජනයාගේ කරපිටින් යන උගතා හුදී ජනයාටම පස්ස හැරවීම.සිදුවන අවාසනාවන්ත දේවල්ය.මේ උගතුන් බහුතරයක් රටට යම් සේවයක් කිරීමේ අරමුනින් ඔතනට ගිය අයද?
niyama sinha kiyala nama dammata wedak ne, sinhaya wage weda nathnam, ennako mahathmaya kattiya ekka sinhayo wage, puluwan da balanna lamainta ugannana wede kaju kanawa wage wedak da balanna. lamainta igena ganna tiyena panthi wala ballo, putu themila, kedila, whiteboard makanna dewal ne, black board nam ganna deyak ne. lab tiyenawa badu kadila, oya widyagara hadanwa kiyala haduwata eka awuruddak yanakota badu kadila comis aran bala badu deela.
oya sinhayo wage ke gahana sanwidana walata bariya ke gahilla paththakin tiyala campus wala yatithala pahasukam nanwanna, hostel wala inna lamainta hostel ekak hadala denna ehema. oya panditha katha kiyana apita banina ekkenek wath enne ne ewa balanna kate sadde pamanai.
@ lecturer,
thamuselata pahasukam salli dunnata wadak naha. mona bambuwada me rate hadala thiyenne.
pita rata MSc PhD karanna gihilla prof kenekge passen gihilla goda dagannawa. mehe awilla hena lokkek mola karayo wage apita penwanawa. puh.
සිංහලෙන් ලියන්නත් යටිතල පහසුකම් නැතිව ඇතිනේද? අපේරටේ උගත්තු මේ රට මේ රටේ මිනිස්සු ගැන මීට වඩා උනන්දු උනොත් හොඳයිනේද? මම පිලිගන්නව සාධාරන ප්‍රස්න ඇති මේ රටේ සාරධර්ම වලට ඹබතුමන්ලාගේ ගරුකිරීම අවශ්‍යයි.මේ සටනට ජනතා සහයෝගය අවශ්‍යයි.ඔබතුමන්ලා ජනතාවගෙන් දුරස්වෙලා වැඩියි.
මාරයි නේ !!!!
සුපිරි විදියට වැඩේ යනවා.
හරියට මේක ඇමරිකාවේ ධනවාදී වැඩවර්ජනයක් වගේ.
රු.1000/1500 වෙන ටී ෂර්ට් එකකුත් ගහල.
මොන එන්.ජී .ඔ . එකද දන්නේ නැහැ සාදර අනුගග්‍රහය දැක්වන්නේ.
හරි හරි මේක මේ බුද්ධි +මහාතුන්ගේ වැඩක්නේ.
මොන මගුල උනත් සුපිරියට තිබුනොත් නේ ආකර්ෂණය වැඩිවෙන්නේ.
අනික නිකන් ටී ෂර්ට් එකක් තොප්පියක් වගේදෙයක් දීල මිනිස්සු ගෙන්න ගන්න ලෙසිනේ.
මොනවා උනත් පුර්ණ අනුගග්‍රහය ඇතිව හොද සැලසුමක් ඇතිව කරන වැඩක්.
අවුලක් නෑ..ඔහොම යං!!!
මොකද මේකේ දෙපර්සවයටම ගැටළුවක් නැහැ.
මුන් දෙගොල්ලන් ගේම දුදරුවෝ ඉගෙනගන්නේ පිටරට නේ.
මේ අය දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්. අවුල තුන්වෙනි පාර්ශවයට.මොකද උන් ටික උපාධිය ගන්න කොට වයසට ගිහින්..
ආණ්ඩුවට ගැටළුවක් නැහැ.
මොකද උපාධි කාරයන්න්ට රස්සාවල් දෙන්න ඕන නැහැ.
බුද්දීමතුට ගැටළුවක් නැහැ මොකද මේක කවදා ඉවර උනත් පරණ ඇරියසුත් එක්ක සුපිරි ගනයේ පඩියක් ලැබෙනවා.
අපි කට ඇරගෙන මේ හැමෝගෙම මෙගා නාට්ටිය බලා ගෙන ඉන්නවා.
අනාගතයේදී අපී රටේ සරසවි වලින් පිටවන උපාධිධාරින් වයස අවුරුදු 45/50 වීම නොවැලැක්විය හැකිදෙයකි.!!!!!!
Bohoma kanagatui mitrya oyage tiyena patu akalpawalata. me karana satanil aniwaryaena obe daruwantath yahapatak wenawa
බම්බුව තමයි, මම අහල බැලුව ඔය විශ්ව විද්‍යාල ආචාර්ය සටනේ ඉන්න මගේ මිත්‍රයෙක්ගෙන් ඇත්තටම 6 % ක් ලැබුනෙ නැත්නම් මොකද වෙන්නේ කියල. මිනිහ කියනවා 6% දැම්මේ වැටුප් ඉල්ලීම සාධාරණය කරන්නලු. දැනට 2.2 % ක් මේ අයවැයෙන් වෙන්කරන්න ආණ්ඩුව ප්‍රතිපත්තියක් හැටියට එකඟ වෙනවා නම් ඒ ඇතිලු. දැන් වෙලා තියෙන්නේ බහුතරයක් බුද්ධිමත් රටට හිතැති ආචාර්ය මහාචාර්යවරුන් දැන හෝ නොදැන ටික දෙනෙක්ගේ දේශපාලන අතකොළුවක් වෙලා තියෙන එක. හෙට තියෙන පාගමනට සහභාගීවන්නන්ට සිසිල් බීම සංග්‍රහය බාරගෙන තියෙන්නේ ජේවීපී එක. මංගල සමරවීර පොරොන්දු වෙලා තියෙනවා එයාගේ මිනිස්සු 1000ක් පාගමනට සහභාගී කරවන්න. අනිත් ඔක්කොම වියදම් දෙන්නේ විවිධ එන්ජීඕ වලින්. සමහරු හාල් දෙනව. සමහරු කරවල දෙනවළු, අවසාන අරමුණ සුහර්තෝ පන්නයේ විරෝධතාවකින් ආණ්ඩුව පෙරලා දැමීම. ඒත් කමක් නැහැ මේ ආණ්ඩුව පෙරලලා ඊට වඩා හොඳ දෙයක් රටට ලැබෙනවා නම්. ඒක ඉතින් අර එළුවගේ මොකක්ද එකක් වැටෙනකම් බලා හිටිය වගේ දෙයක් තමයි.
manussayo campus ekaka lab ekakata badu ona kiwwath kiyanne prathipadana na (pudgalika athdakeemakin mama kiyanne awurudu 3k ma illana illana sareta piriwithara yawathkalina karala denawa witharai epa wela nisa me awurudde illuwe ne aparade kale.e tharam epa wela tiyenne), padi illeema giya awurudde indala tiyenne dennam kiwwa magul janawari wala deela na juli wenakam indala thama strike eka patan aran tiyenne (ahuwama kiyanne prathipadana na). padi ne ithin kawuru hari dena ekak ara ganna wenawa mokada aanduwa balanne nene. mage speciality eke hatiyata lamainta denna puluwan uparima denawa namuth prayogika parikshana karanna ida na. JVP,UNP neme TNA eka hari me aragelata udaw karala illem dina ganna udaw denawa nam hondai. mokada 6% kiwwata 2.5% wath dunnoth e campus walata witharak neme ne hodiye panthiye inna lamaintath ekkai labenne. anith eka loku iskolawala pasal sanwardhana samithi walin iskolawalata udaw karata gambada palath wala badata kanna nathi lamainge demawpiyan gen mona aadarada. meka gana nikan colombo manasikathwayen baluwoth waradi namuth gambada iskola wehunama lamai iskole yanne ne moko samahara lamai kumburu karala waga karala iskoleta yalata mahata wath enawa iskole langa nam gewal walata. api me karana de anduwa ahala udaw kara nam oya JVP UNP karayanta meken prayojanayak ganna wenne ne anna eka me anduwe inna mattanta therenne ne
oya mahaththaya upadhidhariyek nam ai danne ne oya rassawa thiyala mekata enne neththe vacancy tiyenawa daala ennako appa ochchara sadde danne kiyanawa wage neme karanna nam amarui
පුරප්පාඩු තියෙනවා නම් ඇත්තටම ගන්නවද, මම දන්න තරමට නම් බඳවාගැනීමේදී අතිශයින්ම දූෂිත අත්තනෝමතික බඳවා ගැනීම් සිදුවන තැනක් තමයි විශ්ව විද්‍යාල කියන්නේ. මම උදාහරණයක් කියන්නම් රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ගැන එතැන ඉන්න ආචාර්ය වරුන්ගේ නෝනලත්/නැත්තම් මහත්වරු ඔක්කොම වගේ ආචාර්ය වරු හැටියට බඳවා ගත්ත. සමහරු බඳවා ගත්තේ කුල පදනමට, සමහරු ගියේ ඉස්කෝලේ නිසා. එක මහාචාර්ය කෙනෙක් ගේ නෝනා කෙනෙක් බඳවා ගත්ත සුදුසුකම තමයි තාවකාලික කථිකාචාර්ය කාලයේදී මැටර්නිටි ලීව් ලබා තිබීම. ඊට පස්සේ ඒ මනුස්සයා පීඑච්ඩී එකක් කරන්න චීනයට ගිහිල්ලා ඒකත් අතරමැදදි දාලා ආව. (පස්සෙ මොලේ අමාරුවක් තියෙනවා කියල සේවයෙන් අයින් කලා) වෙනත් විශ්ව විද්‍යාල වලත් ඔයවගේ අතිශය දූෂිත වැඩ සිද්ද වෙනවා ඕනැනම් ඒවත් කියන්නම්.
හිතන්න. ආචාර්යවරු සටන පරදිනවා. ඇස් බී දිනනවා. ඒලෙවල් උත්තර පත්තර මාක් වෙනවා. ඔහේගෙ පුතා (හෝ මුණුබුරා) කැම්පස් යනවා. එයා පළමු පන්තියෙ සාමාර්ථයක් අරන් පාස් වෙනවා. එයාට ආචාර්යවරයෙක් හැටියට සේවය කරන්න අවස්ථාව ලැබෙනවා.
ඔහේ‍්: මට හරි සතුටුයි පුතා. රටට වැඩක් කරන්න ඔයාට අවස්තාව ලැබිල තියෙනවා.
පුතා: මොන පිස්සුද තාත්තා. මට අර කම්පැනියෙන් ඊට තුන් ගුණයක් ගෙවන්න ලෑස්තියි. මං හෙට ඉඳන් කම්පැනියට යනවා.
පුතා කම්පැනියෙ වැඩට ගියා. දෙවැනි පෙළ සාමාර්ථය ගත්ත එකෙක් විශ්ව විද්‍යාලෙ ආචාර්ය පදවිය ගන්නවා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බොහොමයකට වැඩ බෑ කියන එවුන් හිතන්න ඕනෙ එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියල.
මේක කලින් ලිපියක තිබ්බ එක කමෙන්ට් එකක්. මේ අපේ අධ්‍යාපන අර්බුධයේ එක් දැවෙන පැතිකඩක් කියලා ඇයි තේරුම් ගන්නේ නැත්තේ?
මුදල් ඉපයීමේ ආශාව පෙරදැරි කරගත්තෝ යහමින් මුදල් ඉපයිය හැකි තැන් වෙත යති. මුදල් පසුපස හඹා යන්නෝ පුද්ගලික අංශයට එක් වන්නේ එබැවිනි. ඔවුන් අධික මහන්සියෙන් විශාල අවදානමක් ගෙන සිය රැකියා කරති. ලංකාවෙත් ලෝකයේ අනෙක් රට වලත් ධනවතුන් බිහිවන්නේ ව්‍යාපාරිකයන් ආයෝජකයන් අතරෙනි. විශ්ව විද්‍යාල සේවයට එක් වන්නන් වෙන රට වල නං එලෙස එක් වන්නේ තමන් මුදලට වඩා විෂයටත්, විෂය ඉගෙනීමටත්, විෂය ඉගැන්වීමටත් ආශා කරන බැවිනි. වෙන රට වලත් විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙකුට ලැබෙන්නේ එම රටේම කර්මාන්ත අංශයේ පුද්ගලික අංශයේ සේවය කරන එකම උපාධි සුදුසුකම් ඇති කෙනෙකුට වඩා අඩු වැටුපකි. ඇතැම් විට වෙනස තුන් ගුණයක් වීමටත් පුළුවන. ඉටු කරන සේවයේ වෙනස මත හා ඉල්ලුම සැපයුම මත වැටුප තීරණය වන ආර්ථික ක්‍රමයක් තුල එම රටවල ආචාර්යවරු මෙය අර්බුදයක් සේ නොදකිති.
ලංකාවේ ඇති අධ්‍යාපන තරඟයේ ජයග්‍රාහකයින් වන්නේ වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ආදීන්ය. විශේෂිත චරිත කිහිපයක් හැරුණු කල විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇත්ත වශයෙන් මේ අධ්‍යාපන තරඟයේ පරාජිතයෝය. බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාල ආචාර්යවරු බවට පත්වී ඇත්තේ අහම්බෙනි. අවසානයේදී තමන් ඉගෙනගෙන ඇත්තේත්, උගන්වන්න සිදුව ඇත්තෙත් තමන් ආශා දෙයකට වඩා පවතින ක්‍රමය තුල උරුම වූ විෂයකි. ලංකාවේ විශ්ව විද්‍යාල වල සේවයට එක් වන බහුතරය එසේ කරන්නේ විෂයට ඇති කැමැත්ත හෝ විෂය ඉගැන්වීමට ඇති ආශාව හෝ විෂය ප්‍රගුණ කිරීමට ඇති ආශාව හෝ නිසාම නොව වෙනත් රැකියාවක් සොයා ගත නොහැකි බැවිනි. (විශ්ව විද්‍යාල සේවයට එක්වන විටම ලැබෙන වැටුප අඩු බව දැන සිටිය නේද? අනික මුදල් නම් වැදගත් වැඩියෙන් ගෙවන රැකියාවකට යන්න තිබ්බ නේද ?) ජනතා බදු මුදලින් පමණක් ඉගෙන ගැනීමට සිදුව තිබීමත්, ඉල්ලුම අධික විෂයන් වෙනුවෙන් වැඩි වැඩියෙන් බදු එකතු කර අවස්ථා වැඩි කිරීමට කිරීමට කිසිදු රජයකට බැරි වීමත්, තියෙන මුදලට සරිලන අධ්‍යාපනයක් ලැබීමට වෙනත් විශ්ව විද්‍යාල නැති වීමත්, පිටරට විශ්ව විද්‍යාල වලට යාමට තරම් දැනුමක් හෝ මුදලක් නැති වීමත් මෙයට හේතු වේ. මේ අපේ අධ්‍යාපන අර්බුධයේ එක් දැවෙන පැතිකඩක් කියලා ඇයි තේරුම් ගන්නේ නැත්තේ?
මේ සමඟ කිව යුත්තේ ආචාර්ය වරුන්ගේ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමට අපගේ විරෝධයක් නැති බවයි. එය වෘත්තීය සමිතියක ඉල්ලීමකි. එයට සාධාරණ ප්‍රතිචාරයක් දැක්වීම රජයේ වගකීමකි. (අන් සැපතට ඉරිසියා නොකරන්න යැයි අප ඉගෙන ගෙන ඇත. විශ්ව විද්‍යාලයේදී නම් නොවේ. පන්සලෙනි.) ආචාර්යවරු මේ වැඩි වැටුප ඉල්ලන්නේ ජීවත් වීමේ අමාරුව නිසාම නොවේ. වෙන රටවල තමන්ගේ මිතුරන් විශාල වැටුප් ලබන බවක් ඔවුන් සිතන බැවිනි. පුද්ගලික අංශයේ වැඩි වැටුප් ලැබෙන බැවිනි. දේශපාලකයන් වැඩි වැටුප් වරදාන ලබන බැවිනි. මේ වර්ජනයට සහය දක්වන්නන් සාමාන්‍යයෙන් දක්වන හේතූන්ය. දැන් හිතන්න:
=>ආචාර්යවරු දිනති.
=>SB දිනයි. (පැරදුනත් උන් දිනුම්.)
=>වැටුප් විෂමතා =>සරසවි අනධ්‍යන =>වර්ජන =>වැඩි වැටුප්
=>වැටුප් විෂමතා =>සරසවි සුළු සේවක =>වර්ජන =>වැඩි වැටුප්
=>වැටුප් විෂමතා =>ගුරුවරු =>වර්ජන =>වැඩි වැටුප්
=>වැටුප් විෂමතා =>වෛද්‍යවරු =>වර්ජන =>වැඩි වැටුප්
=>වැටුප් විෂමතා =>හෙදියන් =>වර්ජන =>වැඩි වැටුප්
………………………………………………………………………..
=>කඩේට ගියාම බඩු මිලත් >>>>>>>>>>>>>
=>විනිමය අනුපාත >>>>>>>>>>>>>>>>>>
=>අයිත් මුලටම
6% නං සන්ධාන රජයේ නිලයකට දුන් මාරු පහරකි. (classic) මෙය වෘත්තීය සමිතියක ඉල්ලීමක් විය නොහැක. දේශපාලන කාරණාවකි. එහි පල නෙලා ගෙන එජාපෙ රජයක් පිහිටුවා ගැනීම ගැනීම ජවිපෙ, පෙරටුගාමීන්, හා NGO දක්වන දක්ෂතා මත රඳා පවතී. (ජනතාවත් රජයත් දෙපිරිසම කොහොමත් නින්දේ බැවිනි.)
එල කමෙන්ටුව . ඕක තමයි තිත්ත වුනත් ඇත්ත කථාව
මම අහන්නේ මේ රටේ දක්ෂ තරුණ කථිකාචාර්යවරු බදවා රදවා ගැනීමේ අර්බුදයක් නැද්ද? ( නැත්නම් ඉතින් තව දුරටත් වාද කරන්නට ඔනෑ නෑ) තියෙනවා නම් ඒ වෙනුවෙන් ඔබේ විසදුම් මොනවාද?
එවන් ගැටළුවක් තිබේ. එයට හේතුවත් පිලියමත් මා දැක්වූ ඉහත සටහනේ ඇත. නැවත කෙටියෙන් කියතොත් පුද්ගලික අංශයට අධ්‍යාපනය විවර කල යුතුය. ඊට අමතරව දක්ෂයන් විශ්ව විද්‍යාල මග හරින මුදල් නොවන (නවක වදයේ සිට මුට්ටි දක්වා) හේතුන් ඉවත් කල යුතුය. සවිස්තරාත්මක සටහනක් පසුවට.
The Government is so far absorbed in winning the elections and developing roads and setting up grounds, harbors and hotels. Even though there are necessity of doing those stuff It has to balance the spending otherwise the kids of the country will starve and there will be no people to go on those roads. Other countries will buy this entire country in retail.
Education problem is not a problem that suddenly came up it was on the pipe line for so long and unlike other people the academic community has been waiting patiently by only requesting the government via normal methods of demands by writing letters news paper articles etc. The Government has not responded adequately to the problems at hand and just kept them at bay by setting up committees and those committee reports are in dustbin. the reduction of talented HR in universities was a huge problem because of retirement of good people but the replacements are not in any means are in the path way to go towards that caliber. That we have to accept. It shows from most comments posted here. Instead of being independent going behind politicians is a bad behavior of even lecturers on administrative posts. There are demand list put forward and the government has to respond it in a concrete fashion to the trade union and suppress it if necessary if they can replace them without problem. otherwise we have to accept their demands and what they say that they are not replaceable like ordinary worker.
My personal opinion to what you say is your analysis on these problem is some what true because the government has allowed the extreme groups to exploit the situation. Earlier lecturer union was on their own to request for demands and government has not resolved the problem and adopted delaying tactics, even blamed this is a international and NGO conspiracy which was not in any way the cause behind it. because of the governments adamant nature Then the trade union had to utilize political affiliations of some of the members to get the support. Now problem is escalated into un necessary proportions which could have nipped in the bud. Ultimately what will happen is the remaining people who are in likes to be a good academics will leave for different jobs as I did.
If anyone says that there is no problem in this education system.. he or she should be an alien. I came to do my higher studies to one of the best universities in the world and i dont have words to describe the gap between sri lankan universities and world class universities.. while the education is rapidly growing across the world,we are arguing about a question which is obvious.. Every time when i see school children in my village , i feel so sad. because i know within current education system, these innocent kids wont have a better future, the highest place they can go within the country has become a hell. however, I really respect support and admire the effort which have been made by FUTA to save the state education..this should have done much earlier and all citizens should support this struggle.. there are thousands and thousands of people in Sri Lanka who suffer every day just to ensure their kids will have a better future than them. As the people who know about situation, issues FUTA is doing the great work for the country. Government can spend billions of dollars for useless things and corruption, but they simply dont wont innocent parents’ children to be educated..Sri lanka has got many media but not journalism which will ensure peoples’ freedom and self governance through truth and information.. We salute FUTA, Students, Parents Union leaders and all people who support the struggle. and We hope people will understand this is not a problem of government but a problem of whole Sri Lankan citizens, and its future. GOOD LUCK FUTA.. AT THE END OF THE DAY TRUTH IS TRUTH ALWAYS
මහින්දය්යේ,
අර්බුදය පැහැදිලිය.
ගොඩ ඒමට ඇත්තේ
මාර්ග දෙකක් පමණි.එනම්,
1.
මේ රටේ පස විනාස කරන වස පොර නැවතී,
‘අපේ නලින් ප්රොපාගේ-කැලණියේ ඇත්තෝ භාවනා කර-මේ රටේ අපරදිග ඩොකාලගේ වැඩ පෙන්නන ලෝකය ’ බිහි වී,
එම නිසාවෙන්,පරිසරයට අහිතකර ලෙස,අපේ කූරිය ගැසූ දේහයන් බෙහෙත් ගෝනි කර පොළොවට පස් කරන,
මේ රටේ Chinese Restaurentsවලට වඩා වේගයෙන්,හතු මෙන් පිපෙන
පාමසි සහ පුද්ගලික සහ රජයේ බටහිර ඉස්පිරිතාල වැසී ගොස්,
මෙතෙක් පිටරට ගිය විදේශ විනිමය ඉතුරු වන තෙක්,
අප කවුරුත්,තදියම් නොවී
ඉවසීමෙන් බලා සිට,
2.
වාද පිටියේ අපේ නලින් ප්රොපා කීවාක් මෙන්,
අද රටේ විසේෂිත පුද්ගලයන් වන,රෑ පුරා දැල්වී ඇති ජාතියේ මුර දේවතා එලි වන,රට රට ජාතිය රකින
රණ විරුවන්ගේ
දු දරුවන්ද,
අප සැමගේ දහදිය මහන්සියෙන් ආයෝජනය කරන,
බටහිර වන්දනා උගෙනුමට දඟලමින් පරිප්පු කා තටමන්නේද,
බොහෝ විට,
‘මෙවන් මුලික පඩියකට අහසේ මාලිගා තනමින් අත වනන’ සරසවි ඇදුරෙක් හෝ බටහිර ඩොකෙක් හෝ වීමට
නිසා,
ඉහත 1.සඳහන් කාරනා සම්පුර්ණ වන තෙක්,
කිසිම ජාති වාදයකින් තොරව එක් සේසත්ව,
මේ සරසවි ඇදුරන් /බටහිර ඩොකාල ඉල්ලන දේ සාධාරණ නිසා,
අපේ මහින්දයය විසින් ඒවා දීල දැමීමය.
jathyanthara sangara wala pala wena pathrika anumatha wena piliwela gana mama hondata danna nisa obathuma kiyana samahara karana walata mama ekanga wenne ne.
samahara departhamenthuwa la inna aya aluth nowenawa athi habai ewa ehema wela tiyenne spirit eka bandawa ganana tharam wisheshita padiyak me rassawata nomathi nisa. bandawa ganeeme patipatiye tiyena palamu kande aya enne nethikota 3 weni kande aya bandawa gatthamma oka wenawa.
obathuma visiting ayage sochcham deemanawa gana kiwwa eka hondai, oya nikan ahala balannako eyalata full time campus eke weda karanan kiwwoth enawada kiyala. goda denek enne ne. vishwa widyala walin niyamita output eka enne nethi wenna eka hetuwak thama adu padi nisa bandawa gena inna daksha aya wenath visiting wada walata yaama meka genuine comment ekak. hamoma kiyanne lectuer rassawa hondai visiting ekakuth kara ganan bariya kiyala but hithala balanna, thamge wishwa widyale lamainge paryeshana karawanna yodawanna tiyena kale wena wedakata yodawanna wunama paryeshana karanna bari wenawa. gedara aya araka meka illanakota denna bari unama visiting yanna wenawa onna okai thathwe, mama me obathuma kiyapu karana walata wiruddawa katha karanawa neme namuta aththa ithama darunui.
@ උදක:
“නිදහස් අධ්‍යාපනය තියෙන්නේ අපේ රටේ විතරක් නෙමෙයි. නෝර්වේ ඇතුළු රටවල් ගනනාවක නිදහස් අධ්‍යාපනය තියනවා.”
නොර්වේ හෝ ඒ වෙනත් (කලක් සමාජවාදී යුරෝපිය) රටවල් කිහිපය හා ලංකාව සැසඳිය හැකිද ? ජන ගහනය, ආර්ථික සංවර්දනය එකම නොවේ.
“හැමදාම තේ දළු කඩල, ගාමන්ට් රට යවල, ගැනුන්ව මැදපෙරදිග යවන්න ඕනේ නම් තුට්ටු දෙකට වැඩ කරන ආචාර්යවරු මේ රටට සෑහෙනවා.”
මොකක්ද මේ කියන්නේ? තේ දළු කඩල, ගාමන්ට් රට යවල, ගැනුන්ව මැදපෙරදිග යවල සල්ලි හොයන්ඩ වෙලා තියෙන්නේ ආචාර්ය වරුන්ගේ පඩි මදි කම නිසාද? ආචාර්යවරුන්ගේ පඩි වැඩි කල පසු තේ දළු කඩල, ගාමන්ට් රට යවල, ගැනුන්ව මැදපෙරදිග යවල සල්ලි සෙවීම නතර වෙනවද? කරුණාකර පැහැදිලි කරන්න.
අපි හැමෝම කතා කරන්නේ මේ රට දියුණු කරන හැටි. ඇත්තටම රටක් දියුණු කරන්නේ කොහොමද? එහෙමත් නැත්නම් රටක් දියුණු කරන්න අපි ඉස්සෙල්ලාම අනුගමනය කරන්න ඕනේ මොකද්ද? මම නම් හිතන්නේ රටේ අධ්‍යාපනය තමයි වැදගත්ම සාධකය. මොකද අධ්‍යාපනය තමයි මිනිස්සුන්ගේ ආකල්ප නිවැරදි මගට ගන්නේ. රටට වැඩදායක මිනිස්සු බිහිකරන්නේ. අපේ සීයලාගේ කාලේ ගුරුවරයෙක් කියන්නේ ඉතා වැදගත් පිළිගැනීමක් තිබ්බ වෘත්තියක්. සාපේක්ෂව ඉහළ වැටුපකුත් තිබ්බා. ඒකාලේ දක්ෂ මිනිස්සු හුගක් ගුරුවෘත්තියට ගියා. ඒත් අද?? අද ගුරුවරු වෙන්නේ වෙන රස්සාවක් නැති නිසා නම් පමණයි. අන්න ඒ තත්වය විශ්ව විද්‍යාලත් දැන් දැන් ඇති වෙමින් පවතිනවා. මට අවුරුදු 31ක් වෙනකොට මගේ ආචාර්ය උපාධිය ඉවර කරන්න පුළුවන්. මගේ දැන් වැටුප රුපියල් 44,000 යි. ඔයකාලෙ වෙනකොට මම ලක්ෂ 17ක් විතර ඉතුරු කරල තියෙයි. එනකොට මගේ වැටුප රු 75000ක් විතර වෙයි. ලංකාවට මම එනකොට මට ඉඩමක් නෑ ගෙයක් නෑ වාහනයක් නෑ. හැබැයි බිරිදක් ඉන්නවා, ළමයෙක් ඉන්නවා. ඔබතුමා හිතනවාද මට අවුරුදු 35-40 වෙද්දී ඔය පඩියෙන් මගේ අව්‍යශතා සපුරාගන්න පුළුවන් කියලා? ඒ විතරක් නෙමෙයි පොතක් , පර්යේෂණ පත්‍රිකාවක් ගන්න 10,000ට වැඩිය යනවා. මේක මුදල් කෑදරකම කියල හිතනවා නම් මට කරන්න දෙයක් නෑ. ඉතින් මම ආපහු ලංකාවට ඇවිත් ආපහු ජීවිතේ මුල ඉදලම පටන් ගන්නවාද කියන එක හිතන්න වෙනවා. මට අවුරුද්දකට විශිෂ්ඨ ඉංජිනේරුවන් 10ක් මේ රටට දායාද කරන්න පුළුවන්නම් ඔවුන් අර අහිංසක ගෘහසේවිකාවන් 100 දෙනෙකු උපයන මුදල මේ රටට සොයාදේවි. අන්න එහෙමයි රටක් ගොඩ නැගෙන්න ඕනේ.
අපි නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේ උගන්වන එක. එතකොට උසස්පෙළ අසමත් වෙන අයට මොකද වෙන්නේ. බටහිර රටවල මුදල් ගත්තත් තමන් කැමති දේ කැමති වයසකදි ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න ණය ලබා ගන්නත් පුළුවන්. මම ඒ රටවල් ගැන කිව්වේ නිදහස් අධ්‍යාපනය අපේ රටේ විතරක් තියෙන අරුම පුදුම දෙයක් නොවන බව පෙන්වන්නයි
ඔය ගැන තර්ක කරන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම පඩි වැඩි විය යුතුය. මොකද නිදහස් මනසක් නැති මිනිහෙක් ගෙන් හොඳම දේ බිහි වෙන්නේ නැහැ. ගෙදර ප්‍රශ්ණ තියාගෙන හොඳ පර්යේෂණ කරන්න බැහැ. මම නම් කියන්නේ හොඳම විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට තම වැටුප වෙනුවෙන් කේවල් කරන්නත් අයිතියක් තියෙන්න ඕනැ. හැබැයි ප්‍රශ්නෙ එතන නෙමෙයි. හැමෝම ලඟ ඔය කැපවීම තියෙනවද කියන එක. ඒ වගේම අමතක කරන්න එපා ඔබතුමාල ඉගැන්වීමෙන් යම් ආත්ම තෘප්තියක් ලබනවා නම් එයටත් වටිනාකමක් (මිළක්) තියෙනවා කියෙන එක. දැන් ඔය පෞද්ගලික අංශයේ ඉතා ඉහළ වැටුප් ලබනවයි කියන අය ඒ තෘප්තිය ලබනවද, අනිත් කාරණය මට තේරුම් ගන්න බැහැ ඇයි විශ්ව විද්‍යාලයන්ට ජාත්‍යන්තර ශිෂ්‍යෙයා එන එකට ඔබතුමාලා විරුද්ධ කියලා. තරඟකාරී පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති වෙනවට විරුද්ධ ඇයි කියල.
එතනදී වෙන්නෙ මෙහෙම දෙයක්. රජය දිගින් දිගටම අධ්‍යාපනයට කුඩම්මාගේ සැලකිලි දකවනකොට පුද්ගලික අධ්‍යාපන ආයතන පැමිණිමෙන් රාජ්‍ය විවි පද්ධතිය බිද වැටෙන්න පුළුවන්. ශක්තිමත් රාජ්‍ය විවි ඇතිවීමෙන් පසුව පමණයයි පුද්ගලික අංශ ගැන හිතන්න පුළුවන. අනිත් කාරණය තමයි අපේ සිසුන්ට 2500ක් දීලා පිටරට සිසුන්ට 30000ක් දිම උචිත නෑ. ඒ සිසුන්ව තෝරගන්න විවි ආචාර්යවරුන්ව හරියට සම්බන්ධ කරගත්තේත් නෑ
ඕනැම රටක බොහෝවිට ඔය වැඩේ වෙන්නේ පියවර දෙකකින්. පළමුවෙන් ඉල්ලුම් කරන ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන සුදුසුකම් අනුව විශ්ව විද්‍යාල මගින් සුදුසු ශිෂ්‍යෙයා තෝරනවා, ඊලඟට ශිෂ්‍යත්ව ලබාදෙන රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනය මගින් ඒ තෝරගත් අය අතරින් සුදුසු අය තෝර ගන්නවා. ඉතින් ලංකාවේ තෝරා ගැනීමට තියා ඉල්ලුම් කරන්නවත් අවස්ථාවක් දුන්නේ නැහැනෙ. අනික දැන් ඔය දීමනාව ගැන තියෙන විසඳුම ලංකාවේ අයටත් 30000 ක් දෙන එකද විදේශ විශ්ව විද්‍යාලවලත් හැමෝටම එක විදියට ශිෂ්‍යත්ව දෙනවද, උදාහරණයක් කියනවා නම් වාගනින්ගන් විවි දේශීය ශිෂ්‍යයන්ට එක මුදලක් යුරෝපා රටවලින් එන අයට එක ප්‍රමාණයක් වෙනත් අන්තර්ජාතික ශිෂ්‍යයන්ට ඊට වඩා වැඩි ප්‍රමාණයක්,
ඔයාලා පෙන්වන්න හදන්නේ අපි කුහක කමට විදෙස් සිසුන් එනවට අකමැතියි කියලා. අපිත් කැමතියි දක්ෂ විදෙස් සිසුන් විවි වලට එනවට. හැබැයි ගන්නේ කාවද කියන එක තීරණය කරන්න ඕනේ විවි මිසක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නෙමෙයි. (විවි තොරන ළමුන් ප්‍රතික්ෂේප කරන්න ඔවුන්ට පුළුවන් හැබැයි ඔවුන්ට යෝජනා කරන්න බෑ)එහෙම ක්‍රමයක් තවම ඇත්තේ නෑ. ඉන්න ළමයින්ටවත් ඇති වෙන්න වියදම් කරගන්න බැරි අපි කොහොමද ඒ ළමයින්ට 30000ක් දෙන්නේ. ගෙදර මිනිස්සු කාලා ඉන්න ඕනේ අනිත් අයට කන්න දෙනවනම්.
අපේ රටට වෙලා තියෙන දේ පේනව නේද? අපි දෙමල මිනිස්සුන්ට වෙන අසාදාරන ගැන කතා කරනව අපිට වෙලා තියෙන අසාදාරනය.
ඔය වගේ තැනක ඔය වගේ උපදෙස් ගන්න පුළුවන් කියල කොතනකවත් ප්‍රසිද්ද කරල නැහැ ඒවිතරක් නෙමෙයි මේ උඅගත්තු නේද මේ අපේ කුනු කොල්ටෙ ඩැහැගෙන යන සම්පත් බේරගන්න ඕනෙ. දැනුම අන්තර් ජාලයට එකතු කරන්න ඕනෙ.
මේකත් හරියට නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටෙකුත් ටිකක් ඕනෙ කිවුව වගේ හත් පට්ටෙම හොයාගන්න පුළුවන් ඒත් ටික හොයාගන්න බැහැ මොනව පුළුවන්ද මොනව බැරිද පරවිත්ත විජානනයෙන් බලල තමයි යන්න ඕනෙ මතක තියාගන්න ඕවට වියදම් කරන බහුතරයක් තාම සිංහලයෝ.නැතුව එස් බී නෙමෙයි
රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය බිදවැටෙනවා කියන එක අර හැම එකකටම වගේ දිය කොරහෙ කිඹුල්ලු දැකිමක්.දැන් රටේ ජාත්‍යන්තර පාසල් තිබුනට අනිකුත් රජයේ පාසල් බිදවැටිල නෑනෙ.අනික් අතට විශ්ව විද්‍යාලයට විදේශ සිසුන් තොරන්න දෙනව කියන්නේ දැනටත් විශ්ව විද්‍යාල වල ඉන්න පිරිස කරන වංචා දෙගුණ තෙගුණ කරගන්නවා කියන එක.අධ්‍යයන දෙපාර්තමේන්තුවක තියෙන පුරප්පාඩුවක් පන්ති සාමාර්ථයක් ගත්තු සාමාන්‍ය දක්ෂ ශිෂ්‍යෙයකුගෙන් නොපුරවා ඊට කණිෂ්ඨ බැච් එකේ ඉන්න ආචාරියෙක්ගෙ ළමයෙක් පාස් අවුට් වෙනකම් ඉන්නවා ඒ පුරප්පාඩුව පුරවන්න.(හැම තැනම නෙවේ)හැමට විනිවිද පෙනෙන විදිහට අයදුම්පත් කැදවලා සුදුසු මණඩලයක් මගින් (උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විශ්ව විද්‍යාල වලින් සැදුම්ලත්)ළමයි තොරගන්න තියෙන්නෙ. විදේශ සිසුන් එන එක වැලැක්විම මේකට විසදුම නෙවෙයිනෙ.
1.මේ ඔබ නොකියා කියන්නේ ආචාර්යවරුන්ට පඩි අඩු නිසා දැන් විශව විද්‍යාල වලින් බිහිවෙන ඉංජිනේරුවන්,වෛද්‍යවරුන් හොද මට්ටමේ නෑ කියලද?
2.ඔබ ලංකාවට ඇවිත් බිහිකරන ඉංජිනේරුවන් හොද තත්ත්වයේ අය වේ යැයි උපකල්පනය කරමු.ඒ සදහා ඔබ හොද මට්ටමේ ඉංජිනේරුවෙක් විය යුතු අතර එසේ බව පෙනේ.ඔබ බිහිවුයේ ආචාර්යවරුන් අඩු පඩි ලබමින් උගැන්වු කාලයේ නම්, හොද උපාධිධාරියෙක් බිහිකරන්නට වැඩි පඩි අත්‍යාවශ්‍ය නැති බව නේද හැගෙන්නෙ??
3.මුදල් (පඩි) ඇතුලු පිරිවැය මතම අවසන් නිශ්පාදනයේ (උපාධිදාරියාගේ)ගුණාත්මක බව රදාපවතින්නේද? එසේ නම් නැවතත් මෙතෙක් ලංකාවෙ බිහිවු සියලු ක්ෂෙත්‍රවල උපාධිදාරින් ගුණාත්මක බවින් අඩු අයද?
4.දැනට සිටින ආචාර්යවරුන්ගෙන් 98%කටත් වඩා වැඩි පිරිසක් කාර්යාල සේවකයන්සේ පැමිණ දේශණය පවත්වා යනවා විනා දැනට ඇති සම්පත්වලින් හෝ පර්යේෂණ කරනවාද? ඒ ගැන ඔබ සෑහිමකට පත්වෙනවාද?
5.ඔබ කියනා ලෙසින් බිහිකරන හොද ඉංජිනේරුවන් පවුල් පිටින් රට හැර ගොස් ජිවත්වනවා විනා ගෘහ සේවිකාවන් මෙන් තමන් උපයන දේ ආපසු රටට නොඑවන බව ඔබ දන්නවාද?
6.ඔබලා ඔය ඉල්ලා සිටින වැඩි පඩි මෙන්ම දැනට ගෙවන පඩිය දෙන්නේද ඔබලා විසින් 8 පාස් හෝ නූගතුන් ලෙස ගරහන මේ ගාමන්ට් සේවිකාවන් හා විදේශ ගෘහසේවිකාවන් රටට ආපසු එවන මුදලින් බව ඔබ දන්නවාද?
පළවෙනිම කාරණය විවි ඇදුරන්ට වැටුප් ප්‍රශ්නයක් නෑ කියල හිතනවා නම් මේක මෙතතනින් එහාට කියවන්න එපා මොකද මට වාද කරන්න වෙලාවක් නෑ. ඔබතුමා මුලින්න අපේ ඉංජිනේරු පීඨ වලට ගිහින් බලන්න ආචාර්ය උපාධිය සම්පූර්ණ කරල ආපු වයස 35ට අඩු ආචාර්යවරු කී දෙනෙක් ඉන්නවාද කියලා? හුගක් දෙපාර්තමේන්තු පහුගිය අවුරුදු 10 තුළ එක තරුණ කථිකාචාර්යවරයෙක් බදවා ගන්න අසමත් වෙලා තියෙනවා. මේකේ ප්‍රථිඵල තව අවුරුදු 10-20 කින් බලා ගන්න පුළුවන්. මම ශිෂ්‍යයෙක් විදිහට ඉන්න කාලේ තමයි දක්ෂ තරුණ ආචාර්යවරු දෙන්නේක් වෙන වෘත්තියකට ගියේ. ඔව් ඉංජිනේරුවෝ රට අතහැර යන එක ප්‍රශ්නයක්. ඒ මිනිස්සු රට යන්නේ සුදුසු රස්සාවක් මේ රටේ නැති හින්දා. රස්සාවල් නැතුව ඉංජිනේරුවෝ මොකටද? එහෙනම් ඉතින් ආචාර්ය වරුත් ඕනේ නෑනේ. (මහත්තයෝ මම නම් කාටවත් 8 පාස් නෑ කියලා අපහස කරල නම් නෑ)
@උදක
මහත්තයා ඔබතුමාලගෙ හැටිමද මන්දා මම කරුණු 6ක් විතර කිව්වාම ඔබලට අදාල වැටුප් ප්‍රශ්ණය ගැන විතරක් කතාකරල තියෙනව.
ඊට පස්සෙ මොකද්ද කතාවක් කියල තියෙනව.ඔබලට වඩා අඩු වැටුප් ගන්න කොපමණ ජනතාවක් රටේ ඉන්නවද?ඒ අය ගැන කවුද කතාකරන්නෙ?
ගුණාත්මක බවින් වැඩි උපාධිධාරියෙක් බිහිකරන්න පිරිවැය ප්‍රශ්ණයක් නෑ කියන එක මම කියල තියෙනව.ඒක නෑ කියන්න ඔබට සාධක නෑ.
ඉංජිනේරුවන් රට හැරයාම ප්‍රශ්ණයක් නෙවෙයි.මොකද අපට ඉංජිනේරුවන් හිගයක් නෑ.රටට අවශ්‍ය පමන වාත්තිකයන් ඉදල අනිත්අය පිටරට යන එක සාමාන්‍ය දෙයක්.ඔබට අවශ්‍යත් හොද ඉංජිනේරුවො10ක් රට යවන්නනේ නේද?මම කියල තියෙන්නෙ වෙනත් දෙයක්.පිටරටවලට ගිහින් හොද වැටුපකට රස්සාවක් කරනවනම් හොදයි.ඒත් හැමෝටම පිටරටවලින් රස්සා දෙන්නෙත් නෑ නේද ලංකාවෙ උපාධියට.
ඉන්දියාව වගේ රටවල් කරන්නෙත් එයාලගෙ උගත්තු රට යවන එක.අන්තිමට ඔබට මම කියා තියෙන කරුණුවලට දිගන්න පිලිතුරක් නෑ නේද?
ටී ශර්ට්ස් ඇඳගෙන ප්‍රොෆෙශනල් විදියට මේ වැඩේ කරන්නේ නම් ශුවර් එකටම එන්.ජී.ඕ. සපෝට් එක තියෙනවා. මුන් මේ 6% ඉල්ලන්නේ ලමයින්ට තියෙන ආදරේකට නෙවෙයි උන්ගේ මඩිය තර කර ගන්න. ඒ කෙසේ වෙතත් ආන්ඩුවට මේ ප්‍රශ්නෙට විසඳුමක් දීගන්න බැරුව දඟලන එක ගැන තියෙන්නේ කෝපයක්. මොකද එයාලා මේ ප්‍රශ්නේ මොන විදියෙන් හරි විසඳන එකෙන් දුක් විඳින්නේ අසරන ලමයි නිසා. මෙහෙම මාස ගනන් ඇදි ඇදී යන්න රටේ ප්‍රශ්න ගොඩ ගැහෙනව නම් ආන්ඩුවක් මොකටද? ආන්ඩුවේ බැරි බැරියාවෙන් පැත්තක ඉන්න කබ්බෝ ෆෝම් වෙනවා. රටේ පොදු ජනතාව දුක් විඳිනවා.
රටට ආදරය නොකරන ජාතියට ගරහන නිර්මාල් රන්ජිත් දේවසිරි වැන්නවුන් අතට මේ සටන පත් වූයේ අද්‍යාපන අර්බුද හමුවේ දෙශප්‍රෙමී බලවේග දැස් ඩෙකන් වසා සිටි නිසාය ,එම නිසා දැන් ඔවුන් කල යුත්තේ රජයට විරුද්ද වන්නනන්ට දේශ ද්‍රෝහීන් කිය හන්වඩු ගැසීම නොව මෙම ව්‍යාපාරයේ පාලනය තමන් අතට ගැනීමය ..එවිට සාදරන ජනතා ප්‍රස්න මතින් බෙන්ගාසි පන්නයේ කුමන්ත්‍රන කරලියට ගෙන ඒම වැලැක්වෙනවා පමනක් නොව අද්‍යාපන අර්බූදයටද විස්දුම් ලැබේ
ඉඩි අමීන් මැරුණේ කොහොමදැයි ඔබ දනී , ගඩාෆි මැරුණේ කොහොමදැයි ඔබ දනී , හොස්නි මුබාරක්ට සිදු වුනේ මොකද්දැයි ඔබ දනී , හිට්ලර්ට හා මුසොලනීට වුන දේද ඔබ නොදන්නවා විය නොහැක….
නෙල්සන් මැන්ඩෙලා , විලදිමීර් ඉලීච් ලෙනින් , ඒබ්‍රහම් ලින්කන් , ජවහර්ලාල් නේරු , හට හිමි තැනද ඔබ දනී නම් අසන්නට ප්‍රශ්නයක් ඇත මහින්ද මාමා ගෙන් …….
“”දෙසීයකට වැඩි උපදේශකයන් (පිල්ලෙයාන් ඇතුළුව ) පිරිසක් , අධ්‍යාපනය සම්බන්දව ඇමතිවරු
, උපදේශක ඇමතිවරු , සම්බන්ධීකරණ මන්ත්‍රීවරු ඇතුළු 8 දෙනෙක් ඔබට සිටී . එත් අධ්‍ය
ාපනය හා රට ඉවරය. අරාබි වසන්තය උදාවුයේ වඩේ කඩයකට රජයේ මැරයෝ චන්ඩි පාට් දැමීම නිසා ඇතිවූ අසාධාරණයට එරෙහි පිබිදීමෙනි . ජනතාව අද ජොන්ස්ටන්ගේ කුඩා නීතියෙන්ද , රොෂේන් චානක බිලිගත් අන්දමේ හොර පනත් වලින්ද , බදු මිලෙන්ද , බදු වලින්ද , ජාල – විදුලි බිල් වලින්ද හෙම්බත්ව සිටී … එරෙහි මත දරන ෆෙඩ්රිකා ජෑන්ස් දොට්ට දමා ඇත , සංජීව බණ්ඩාර හිර කර ඇත . නිර්මාල් දෙවසිරිට මරණ තර්ජන කර ඇත , සරත් ෆොන්සේකාගේ අයිතිවාසිකම් උදුරාගෙන ඇත , ජනතාව කබලෙන් ලිපට දමා ඇත . ඔබ ව්‍යවස්තාව සංශෝදනය කරගෙන ඕනා තරම් කල් බලයේ ඉදීමට මාන බලති . අධිකරණ සේවා කොමිෂමට තර්ජනය කරති . අගවිනිසුරුට අනතුරු අගවති . දිවි නැගුම කෙටුම්පත තුලින් සමුර්ධිය මුදල් කොල්ලකෑමට සැරසෙති. ඒ අතර කුඩා දරුවන් වඩාගෙන ඉඹ ,කොනිත්තා අයි ටී එන් එකේ ‘විමසුමෙන්’ මහින්ද අබේසුන්දරලා ලවා මඩ ද හෝදා ගනිති —————— ජනතාව 20 -20 ක්‍රිකට් බලා ස්වප්නවල ගිලී කොට්ටය බදාගෙන නිදියති.
මේ නිදිගැට හැර අවදි විය යුතු කාලයයි.!!!!!!!!!!!!!!!
ඔය කී දේවල් ආන්ඩුවට කරන්න අනියමින් උදව් කලේත් ඔය කියපු උදවියමය. ජනතාව දෙසට හැරී, “බලන්න මුන් අරුන්ගේ උදවු අරන් උඹලා පත් කරගත්තු ආන්ඩුවට විරුද්දව කුමන්ත්‍රනය කරනවා” යැයි කීමට ආන්ඩුවට හේතු සාධක සැපයුවේ, ඇමරිකන් එම්බසි, නෝර්වේ එම්බසි ගානේ රිංගමින් උන්ගේ උපදෙස් වලට නටපු, උන්ගෙන් සල්ලි ගත්තු ඔය කියපු උදවියමය. ආන්ඩුවට කිඹුල් කඳුලු සලමින් ජනතාව රැවටීමට හැකිවී ඇත්තේ ඒ නිසාය.
ඔබ වාගේ ලදරුවන්ට ලෝකය කොම්ප්ලිකේටඩ් වැඩිය්
අපි මේ තත්ත්වය තේරුම් ගත්තේ මිට බොහෝ කලින්.ඒත් ඔබලා වැනි ආචාරින්ට මේ තත්ත්වය තේරුම්ගන්නට පඩි මදිවෙනකල්ම ඉන්න උනා.ඒ වගේම ඔබලාට අවශ්‍ය පරිදි ආණ්ඩුව නැටවෙන්නේ නැති බව දැනගත්තාට පසුවයි මේ සියල්ල මතක් උනේ.ඊට පෙර අපි මහා උගතුන් කියමින් රටේ ඇති තාක් පත්තර වල මේ අය පත්කරන්න යැයි කියම්න් ලිපි ලියා සම්මුඛ සාකච්ජා ලබාදි පිටු ගනන් පත්තර පිටු අත්සන් වලින් පිරෙවිවා ඔබට මතකද?
අහෝ ඛේදයකි….!!!!!
ඒ සියල්ල පාරාවලල්ලක් වි තිබේ.දැන් මේ ආණ්ඩුව හොද නැතිලු.දහසකුත් එකක් දූෂණලු.ප්‍රශ්ණලු. මේවා ගැන දැන් කෑගසන්නේ අවංකවමද යන්න ජනතාව ප්‍රශ්ණකල යුතු කාලයයි මේ.
යම් හෙයකින් ඔබලාට පඩි ඉල්ලුලෙස වැඩිවිනම් මේ කිසිදු ප්‍රශ්ණයක් නෑ නේද? ආණ්ඩුව හොදයි නේද?
සීයට හය ඉල්ලන්නෙ ඔය කියන දාහකුත් එකක් රටෙ තියන ප්‍රශ්නවලට විසඳුම විදිහටද? විශ්ව විද්‍යාල වලසිටින මැටි මොළුන්ගේ තරම එයින්ම වැටහේ.
ජනතාව දැවෙන ප්‍රශ්න වලට හඬ නගන විට එයින් ආරක්ෂාවීමට වත්මන් ආණ්ඩුව ලක්ෂවාරයක් ජීවන් කරන මන්ත්‍රය හා රාජ ඉසුරු රකින මන්ත්‍රය වී ඇත්තේ–
“විජාතික කුමන්ත්‍රණ ” ”බටහිර කුමන්ත්‍රණ” ‘කොටි ඩයස්පෝරාව” නමඃ නමඃ නමඃ ….!!!!
ඔබ වැනි මෝඩ නමුත් මොළ කාරයෙකු යයි සිත ගෙන සිටි මොලේ හොදා ගත් දහස් ගණන් ළදරුවන් අපි 1971 සිට මේ දක්වා දැක ඇත්තෙමු. ඔබ වැනි බබාලට පිළිතුරු දීමත් වැඩක් නැති එකකි. තව ලොකු උනාම මේ වෙන්නේ මොනවද කියල තේරෙයි.
සංජීව බණ්ඩාර ….., ඔබ පළඳින්නේ දුප්පතාගේ රබර් සෙරෙප්පු දෙකය .. ඔබ උදේට කෑවේ රොටී කැල්ලක් පමණි .. නමුත් ඔබ වැදූ අම්මා පෙවූ රන් කිරේ ජවයෙන් දහස් ගණනකට නායකත්වය දෙමින් යුක්තිය උදෙසා හඬ නගන මාවත් තෝරා ගත්තාය …. නමුත් ඔබ විලංගු ලා හිරගෙට රැගෙනයි ……………………
මාලක සිල්වා….. , ඔබ පොෂ් ය … පළඳින්නේ සුසුවඳ අලුත් ඇඳුම්ය , සම්භාහන මධ්‍යස්ථානය ඔබේ නිවාස බඳුය … පීසා කයි , සුරා බොයි, ගණිකාවන්ගේ පහස ලබයි , ඒ හයියෙන් රණවිරුවාට වුවද හොම්බ කට පොඩිවෙන්නට ගසයි … අවසානේ ඔබ නිදොස් කොට නිදහස් වෙයි. ඉතින් මේක ආසියාවේ අශ්යර්ය නොවේද …. ?
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සටන් කරන්නේ තමුන්ගේ පඩිය ලක්ශ ගනනක් කර ගැනීමට මිසක් සංජීව බන්ඩාරලාගේ මහපොල, බර්සරි වැඩි කරන්න කියලා නෙවෙයි. කැන්ටිමේ දෙන පතුල පේන බත් එකේ ගාන අඩු කරන්න කියලා නෙවෙයි. සරසවි සිසුන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් දෙන්න කියා නෙවෙයි, පහසුකම් සහිත නේවාසිකාගාර හදලා දෙන්න කියා නෙවෙයි. සිසුන්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුනු කරලා දෙන්න කියා නෙවෙයි, ලැබ් පහසුකම් වැඩි කරලා දෙන්න කියා නෙවෙයි. ඒ කිසිම දෙයක් නිසා නෙවෙයි. තමුන්ටත් පොශ් විදියට ඉන්න, හොඳ වාහනයක යන්න එන්න, ලොකු මාලිගාවක් වගේ ගෙයක් හදාගන්න සරිලන පරිදි ලක්ශ ගනනට පඩිය වැඩි කරලා දෙන්න කියාය. ඒ දේ ලැබුනොත් අවංකව රස්සාව කර සිසුන්ගේ අධ්‍යාපන තත්වය උසස් කරනවා යැයි සහතිකයක්ද දෙන්නේ නැත. එය ලැබුනොත් සංජීව බන්ඩාරලාව අමතක කරන්නේ නැත කියා කියන්නේද නැත. රටේ බහුතරේකට හරියට තුන්වේලවත් කන්න නැතුව ඉන්නකොට ලක්ශ ගනනින් රටට නොගැලපෙන පඩි ඉල්ලන ආචාර්ය වරුන්ට කඩේ යන්න එපායැයි සංජීව බන්ඩාරලාට කියන්න.
දේශපාලකයන්ට දෙන පඩි රටටගැලපෙන ඒවාය.මහාචාර්ය වරුන්ට දෙන පඩි රටට ගැලපෙන්නේ නැත. 8 පාස් ඇමතිවරු යටතේ අමාත්‍යංශ ලේකම් ලෙස වැඩ කරන්නේ ඉහල අධ්‍යාපන සුදුසුකම් ඇති අයයි.දෙගොල්ලන්ගේ වැටුපේ වෙනස දන්නව ඇති නේද?උගතුන්ට අඩු පඩි නූගතුන්ට වැඩි පඩි ඔයාගෙ කතාවත් නරකම නැහැ.
උගතුන්ට වැඩි පඩි දෙන්නත් නූගතුන්ට අඩු පඩි දෙන්නත් කියා තිබෙන්නේ කොහේද?(දේශපාලුවන්ට ලබා දෙන පඩි පිලිබද මගේ එකගතාවක් හෝ කැමැත්තක් නැත.මේ දේශපාලුවන්ගේ පඩි සාධාරණිකරණය කරන්නට ගන්නා උත්සහයක්ද නොවේ)උගතා යනු කිසියම් ක්ෂෙත්‍රයක වැඩි දැනුමක් ලබා ගත්තැනැත්තායි.එය ඔහුගේ පුද්ගලික කාරනාවක් මිස එය පඩියට අදාල කාරනාවක් නොවේ.ශ්‍රමය වර්ග දෙකක් ඇත.මානසික ශ්‍රමය හා කායික ශ්‍රමයයි.මෙහිදි කායික ශ්‍රමයට වඩා මානසික ශ්‍රමය ඉහල හෝ වැදගත් යැයි කියන්නේ කෙසේද?ඔබලා කියන අට පාස් හෝ නූගත් නගරයේ කුණු ඉවත්කරන්නන් එම රාජකාරිය ඉටු නොකලොත් ඔබලාට ජැන්ඩියට හැද පැලද පර්මිට් වාහනයෙන් කකුල්වල කුනු නොගැවි නහය අතින් වසා නොගෙන ගමනක් යා හැකිද?
තමන් මහා උගතුන් යැයි කියම්න් රටේ අනික් සියල්ලන් පහත්කරමින් පඩි වැඩිකරන්නයැයි කියන ඔබලාගේ මානසික තත්ත්වය වටහා ගැනිම නුදුරේදිම ජනතාව විසින් සිදුකරනු ඇත.
දැනුම ලබා ගැනිම එක් එක් කෙනාගේ කැමැත්ත වන අතර විදේශ රටවල මෙන් ශ්‍රමය මත පදනම්ව(මානසික හෝ කායික)වැටුප් ලබාදිම සිදුකලයුතුය.දියුණුරටවල නම් වැඩි මුදලක් උපයන්නේ කායික ශ්‍රමය සපයන්නන්ය.එංගලන්තයේ,ඇමරිකාවේ හෝ ඔස්ටේ්‍රලියාවේ ට්‍රක්රථ රියදුරෙක්,මාර්ග කම්කරුවෙක්,විදුලි ජලනල කාර්මිකයෙක් එරට විශව විද්‍යාල ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙකුට වඩා මුදලක් උපයන බව ඔබ දන්නවාද?(ඔබලා මේ ගැන දැනගෙන නොදන්නවා සේ රගපාන බව හැගිමයි)තවමත් යටත්විජිතවාදි හා වැඩවසම් යුගයේ ගති ලක්ෂණ වලින් නොමිදුන ලංකාව තුල සිටින ඔබලා රටේ ජනතාව රවටමින් ඔබලා සියල්ලන්ට වඩා ඉහල බවත් සියල්ලන්ට වඩා වැඩි වැටුප් ලැබිය යුතු බවත් පවසති.මේ තත්ත්වය මුලාවක් මිස සත්‍යයක් නොවන බව ඔබලා හොදින් දැන දැනත් ජනතාව රැවටිම පිලිකුල්සහගතය.
සමහර මැටි මෝලුන්ට නොතෙරුනද ලොව දියුනු වී ඇත්තෙ උගතුන්ට අවශ්‍ය ගෞරවය හා පිලි ගැනීම ප්‍රමානවත් පරිදි ලබාදුන් රටවල්‍ය .,.,කම්කරුවෙකුට හා විශ්ව විද්‍යාල අචාර්‍ය වරයෙකුට යුරෝපා රටවල ලැබෙතයි කීම අමු කෙප්පයකි ..සමන්‍යයෙන් ලෝකයේ කම්කරුවෙකු හා විශ්ව විද්‍යාල අචර්‍ය වරයෙකුගේ වැටුප අතර අනුපාතය 1;12කි (රාජ්‍ය සේවයේ ඉහලම හා පහලම වැටුප් අනුපාතය ).
නෝර්වේ රටේ හිටපු පාලකයෙක් කියල තියෙනවා තරුණ වියේදී සමාජවාදියකු නොවන්නා හදවතක් නැත්තෙකි, මහළු වියේදී ද සමාජවාදියකු වන්නා පට්ටපල් මෝඩයෙකි, කියල
ubata oeka thearenna sudhdhek kiyanakamma inna unaadha?
thopi wagea katapaadam karana gonnunta thamayi me ratea ugaththu kiyalaa kiyanne
උබට ඕක තේරෙන්න සුද්දෙක් කියනකම්ම ඉන්න උනාද?
තොපි වගේ කටපාඩම් කරන ගොන්නුන්ට තමයි මෙ රටේ උගත්තු කියලා කියන්නෙ
මාලකද සන්ජීවද එන්නේ එකම පන්තියෙන්. මාලකගේ පියා බන්ඩාරනායක වලව්වේ වැඩකාරයාය. සන්ජීවගේ පියාට වඩා උත්සාහයෙන් හොඳින් හෝ නරකින් ඔහු දියුනු විය. එම නිසා මාලක සන්ජීවගේ පන්තියට පොශ්ය. එහෙත් කොලඹ පොශ් පැලැන්තියට මාලක ගොඩේය. මොකද ඒ පොශ් එක සල්ලි වලට ගන්න බැරි නිසාය. සන්ජීව රබර් සෙරෙප්පු දැම්මත් මාලක රීබොක් දැම්මත් උත්පත්ති නුහුගුනය සියල්ල අභිබවා පෙරට එයි. (මේ නුහුගුනය පන්තියේ වරද නොව හැදියාවේ වරදයි ) සාමකාමී වැදගත් ජනතාවට මොවුන් දෙදෙනාම දිරවන්නේ නැත. එම නිසා කාට සාපේක්ශව කාව අගය කලත්, දෙදෙනාම උපහාසාත්මකව රිජෙක්ට් වේ.
සම්පුර්ණ ඇත්ත.සල්ලි හා දේශපාලනබලය නිසා පුම්බගෙන හිටියට ඉහල පන්තිය කියන පිරිස ඔය කියන සිල්වලාව ගනන් ගන්නෙ නෑ.
දේශප්‍රේමි කියාගෙන ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය කියාගෙන කෑ ගැහුවට දේශපාලන පක්ෂයක න්‍යායපත්‍රය වෙනුවෙන් කෑගහන සංජිවව ලංකාවෙ සාමාන්‍ය ජනතාව ගනන්ගන්නෙ නෑ.
නියම විශ්ලේශනය
විශ්ව විද්‍යාල ඇදුරන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගයට එරෙහිව අදහස් පළකරන බොහෝ දෙනා විශ්ව විද්‍යාල පර්යේෂණ තුලින් වැදගත් දෙයක් සොයා ගෙන ඇත්දැයි ප්‍රශ්න කරති. ඔවුන් සොයාගැනීම් ලෙස අදහස් කරන්නේ ග්‍රැහැම් බෙල් දුරකථනය සොයාගැනීම, ලොගි බෙයාඩ් ටීවී එක සොයාගැනීම වැනි දේ විය යුතුය.
සිංහලෙන් සරළව සොයාගැනීම් ලෙස හැඳින්වුවත් ඉංග්‍රීසියෙන් නම් discovery, invention, innovation, research finding වැනි විවිධ අදහස් ඇති වචන භාවිත වේ.
discovery යනු ලෝකයේ දැනට පවතින නමුත් මිනිසාගේ (අවබෝධයෙන්) නෙත නොගැටුණු දේවල් සොයාගැනීමයි. නව සත්ත්ව හා ශාඛ විශේෂ, ඓතිහාසික හා පුරා විද්‍යාත්මක සොයාගැනීම් ආදිය මීට අයත් වේ.
Invention යනු ලෝකයේ දැනට නොපවතින දෙයක් මිනිසා විසින් නිර්මාණය කිරීමයි. ඉහත සඳහන් කල දුරකථනය, ටීවී එක වැනි භාණ්ඩ මීට අයත් වේ.
Innovation යනු ඉහත සඳහන් කල invention මිනිසාගේ පහසුව පිණිස වැඩි දියුණු කරන ආකාරයේ සොයාගැනීම් වේ. දුරකථනය මොබයිල් එක දක්වා වැඩි දියුණු වන්නේත්, ටීවී එක කලුසුදු, වර්ණ, පැතලි තිර ලෙස වැඩි දියුණු වන්නේත් එලෙසිනි. අද අප භාවිතා කරන බොහොමයක් භාණ්ඩ මීට අයත් වේ.
මේ සියලු සොයාගැනීම් “ගෙඩිය පිටින්” දකින අපේ මිනිස්සු ඒවා පමණක් වැදගත් සොයාගැනීම් යයි සිතති.
research finding යන කොටසට ඉහත “ගෙඩි” සොයාගැනීමට පාදක වූ දහසකුත් එකක් සොයාගැනීම් අයත් වේ. නමුත් ඒවා ඇත්තේ විශ්ව විද්‍යාල ඇදුරන්ගේ හා අනෙකුත් විද්‍යාඥයන්ගේ පර්යේෂණ පත්‍රිකා තුල බැවින් ඔවුන් වැදගත් දේවල් සොයා ගෙන ඇත්දැයි අපේ මිනිස්සු අසති.
උනට පැනඩෝල් පෙත්ත දෙන වෛද්‍යවරයාට දෙවියන් මෙන් සලකන මිනිස්සු, එහි අඩංගු පැරසිටමෝල් හොයාගත්තේ කවුද, එය පෙත්තක් මෙන් සකසන ආකාරය හොයාගත්තේ කවුද, එය මිනිසාට සුදුසු යයි හොයාගත්තේ කවුද, එය පර්යේෂණාගාර මියන්ට අත්හදා බැලුවේ කවුද, මීයන් හා මිනිසුන් අතර කායික විද්‍යාත්මක සමානකම් හොයාගත්තේ කවුද, යන දහසකුත් එකක් සොයාගැනීම් පමණක් නොව වෛද්‍යවරයාට පෙත්ත දීමට ඉගැන්වුයේ කවුද කියාවත් නොදැන තම ඉල්ලීම් දිනා ගැනීමට පාරක් පාරක් ගානේ බෝඩ් ලෑලි උස්සන් රස්තියාදු වන ඇදුරන්ට නින්දා කිරීම ත්‍රාසජනක විහිළුවකි.
ඔයා එක දෙයක් උඩින් කියලා ඒ දේම ප්‍රශ්න කරන දෙයක් පහතින් කියනවා. බොහොම හොඳයි. ඔයාම පොයින්ට්ස් දෙන නිසා බොහොම ස්තූතියි. ඔය කියන පෙති, දෙන විදිය, ගිලින විදිය එකී මෙකී නොකී විදි සොයා ගත්තේ අපේ රටේ ඇදුරන්ද? එයාලගේ පත්‍රිකාවල ඒවා ගැන තිබුනාද? ඒ පර්යේශණ කලේ ලංකාවේ විශ්වවිද්‍යාල වලද? ඔයා කියන හිතන විදියේ කිසිම සොයාගැනීමක් අපේ විශ්වවිද්‍යාලෙක උනා කියලා ඔයාටම කියන්න පුලුවන්ද? ලෝකේ හොඳම විශ්වවිද්‍යාල 100 ඇතුලේ අපි ඉන්නවාද? 500 ඇතුලේ ඉන්නවාද? අඩු ගානේ 1000 ඇතුලෙවත්? අපේ අය ඉතින් පඩියට සටන් කරනවා මිසක් ඒ පඩිය අරන් කලයුතු යුතුකම ඉශ්ඨ කරනවාද කියන එක ඒ දෙයින්ම පැහැදිලි නේද?
Thama padiya aran nene. Padiya gaththama campus diyunu karai.
Our final year research project cost us 200,000 Rs. But we only got 10,000 Rs as research funding from our great government. Now please tell me how to do research in this university system.
If they got more salary at least more money would have gone to research. You don’t know the background. Small production industry in our country is not interested in funding for research.
කොයි එකාද බන් තමන්ගේ පඩියෙන් පර්යේෂණ කරන්නේ? එහෙම එකෙක් ඉන්නවා නම් නමවත් කියපන්කො අපිට දැනගන්න. උඹ විතරක් නෙමෙයි අපිත් විශ්ව විද්‍යාල වලට ගියා, අපි නම් ඔය කියන ජාතියේ අය දැකලා නැහැ.
That’s what I’m saying. Salary is too low and no research funding available. How do you except uni lecturers to do a good research.?
There are many researchers who do research with their own money. Most of the research students use their own money. Not every research is funded. Definitely Not everybody can do that. For that your family need to have money.
@im
තමන්ගෙ මුදලින් රිසර්ච් කරන කාගෙ හරි නමක්වත් කියනවද? නිකං බොරු එපා.ඔහෙල ඕවගෙ ඉගැන්නුවට අපිත් ඕවගෙ ඉගෙනගෙන තියෙනව.එකම දේ වමාර වමාර ඉන්න පිරිසක්නෙ ඔහේල. අඩු තරමෙ විශ්ව විද්‍යාල බොහොමයක රසායන ද්‍රව්‍ය,අවශ්‍ය පරික්ෂණ උපකරණ තියෙනව.ඒවගෙන් හරි සැලසුම්කරල පර්යේෂණ කරන ආචාරියෙක් ඉන්නවද? හැබැයි තමන් ඉන්න නිල නිවාසෙට ඉන්ටර්නෙට් විශ්වවිද්‍යාෙල ගානෙ ගන්න,විශ්ව විද්‍යාෙල ඇතුලෙ තමන්ගෙ වාහන දාන්න ආවරණය කරපු රථගාල් හදාගන්න,තමන්ට ඉතා අඩු මුදලට දිල තියෙන නිල නිවාසෙ ටැප් එකක් කැඩුනත් ඒක විශ්වවිද්‍යාෙල ගානෙ දාගන්න නම් මෙයාලට වෙලා තියෙනව.
1000 නෙමෙයි 2000 ඇතුලෙවත් නැහැ. ඔය පර්යේෂණ ගැන කියනවනෙ. ලංකාව කෘෂිකාර්මික රටක් හැටියට කියන්නකො බලන්න විශ්ව විද්‍යාල වලින් හොයා ගත්ත එක වී ප්‍රභේදයක්. එහෙම නැත්නම් වැඩිදියුණු කරපු එක භෝගයක්.
මම මීට පෙරත් මේ ප්‍රස්නයම ඇහුව පිලිතුරු නැහැ ලොකු ලොකු බයිලා එපා මිනිරන් මේ රටේ කුනුකොල්ලෙට නිදහස ලැබීමටත් පෙර සිට රට පටවයි.අපිට පැන්සල් කූරක් හදන්න දැනුම ගන්න පුලුවන්ද? එහෙම තැනක් තියෙකවද? වටිනා දැනුමක් මේ රටේ මවුබසට අකැපද මුලු ජනතාවම සුද්දන් විය යුතුද?
මේ රටේ මනුස්සයෙක්ට මොකක් හරි ඔය වගේ දැනුමක් අවශ්‍යනම් අන්තර්ජාලය හරහා හෝ කෙලින්ම විවි ගොසින් හෝ ඒ ආචාර්යවරු මුණ ගැසී ඒවා ගැන කතා කරන්න පුළුවන් කියල වගකීමකින් කියන්න පුළුවන්ග (මොකද අපි ගාවට නමි එහෙම මිනිස්සු එන නිසා)
එහෙනං අන්තර් ජාලෙ තිබුනහම ඇතිනේද? හැබැයි අන්තර් ජාල නැති ඉංග්‍රීසි නැති මොනව හරි කරන්න උනන්දුවක් තියෙන දක්ෂකං තියෙන කෙනෙකු අසරනය නේද? මම කියනවඑහෙම දන්න කෙනෙක් නැතුවා විතරක් නෙමෙයි බොහෝවිට
ඔච්චර සිංහල ඕනේ මනුස්සයාට සිංහල තේරෙනවා ටිකක් හොරයි වගේ නේද? මම කියල තියෙනවානේ කෙලින්ම විවි ගිහිල්ලා හම්බවෙන්න පුළුවන් කියලත්.
එහෙනං අන්තර් ජාලෙ තිබුනහම ඇතිනේද? හැබැයි අන්තර් ජාල නැති ඉංග්‍රීසි නැති මොනව හරි කරන්න උනන්දුවක් තියෙන දක්ෂකං තියෙන කෙනෙකු අසරනය නේද? මම කියනව එහෙම දන්න කෙනෙක් නැතුවා විතරක් නෙමෙයි ඒගැන කිසිම පරීක්ෂනයක් ලංකවේ කරල නැහැමම ඔය හැම තැනටම ගිහිල්ල රස්තියාදු වෙලා කලකිරුන කෙනෙක් අන්තර්ජාලයේත් තියෙනව හැබැයි කොලේ වහල
අනතර් ජාලයේ සිංහලෙන් පමනක් පරිවර්තන නැහැ හැබැයි මහලොකු උගත්තුනං ඉන්නව මට පේන්නෙ නැහැ එහෙම ජනතාව ගැන හිතන අය ඉන්නව කියල
ඔබතුමා මොරටුවේ material / chemical engineering අංශවලට ගියාද? කාවද හම්බ වුනේ? කොයි කාලෙද? අපි බැදිලා ඉන්නේ මිනිස්සුට ඕනේ දේ දෙන්න හැබැයි නිකම් හිතෙන හිතෙන දේ සිංහලට පරිවර්තනය කරන්න නම් වෙලාවක් නම් නෑ මහත්තයෝ.
ඇත්තටම?? පහුගිය අවුරුදු පහටම ඔය මහත්තයා එහෙම ආපු කිදෙනෙකුට උපදෙස් දුන්නද? ඔය මහත්තුරු වැටුප් වැඩිකරගන්න ජනමාධ්‍ය වලින් දිල තියෙන ප්‍රචාරෙ කවදහරි දිල තියෙනවද රටේ මහජනතාවට මේ වගේ කාරණා ගැන ඇවිත් විශ්ව විද්‍යාල ආචාරියො හම්බවෙලා අවශ්‍ය උපදෙස් ගන්න කියල? කවදා මොන ජනමාධ්‍යෙයද ඒ දැන්විම තිබ්බෙ? නිකං කටට එනවට බොරු කියන්න එපා ආචාරියෝ.
මට මෙතනට බොරුවට පම්පෝරි ගහන්න ඕනේ නෑ. ඇත්ත අපි කොහෙවත් කිය කිය යන්නේ එන්න ඇවිත් හම්බ වෙන්න කියලා. හැබැයි අපි එහෙම නොකිව්වත් සැබෑ උවමනාවක් තියෙන මිනිස්සු මාසෙකට 10-20ක් විතර එනවා අපිව හම්බ වෙන්න. වැඩි සාක්ෂි අව්‍යශනම් ඔබතුමාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්න.
@ උදක ….ඔබතුම කියන දේට මාත් එකගයි ….මොරටුව කැම්පස් එකෙ ද්‍රව්‍ය ඉන්ජිනේරු අන්ශයට සතියකට 10ක් 15ක් අදාල තාක්ශනික උපදෙස් ගන්න එනව ….ඒ අයට අදාල උපදෙස් අපේ ගුරුවරු සින්හලෙන්ම ලබා දෙනව ..ඒ අරුනම කර්මාන්ත සන්වර්දන මන්ඩලයෙන් ,,විදාත අයතන මගින් අවශ්‍ය කෙනෙකුට විශ්ව විද්‍යාල හා සම්බ්හන්ද වෙල අවශ්‍ය උපදෙස් ගන්න පුලුවන් ….සුලු සුලු කර්මාන්ත කරුවො විතරක් නෙවෙ ..මහපරිමාන කම්හල්වල අයත් ඔනෙ තරම් අවශ්‍ය උපදෙස් ගන්න විශ්ව විද්‍යwාල අලට එනව ..වැස්සකට වත් කැම්පස් නොගිය උන්ට ඔව්ව තේරෙන්නෙ නති එක අහන්නත් දෙයක් නැ
මේ රටේ මිනිසුන්ට පිටරටින් එන ඔලුව කැක්කුමත් ලොකුය මේ දීන අදහසින් ජනයා මුදා ගැනීම පැවරෙන්නේ උගතුන්ටය.ඔවුන්ට තම හැකියාවන් හා දැනුම යොදවා මේ දීන මනස සකස් කරනවා වෙනුවට ඔවුන් තව තවත් දීනයන් කරයි දේශීය දේට පාරම් පරික දේට හා මේ රටේ ජනයාගේ මවු බසට වැඩිපුරම කෙනහිලිකම් කරන්නේ ඊනියා බුද්දි මතුන්ය.
සමාජයේ ඇගයීම් සහ වටිනා කම් මනින්නේ වැරදි මිනුම් දන්ඩකිනි මේ මිනුම් දන්ඩ නිසා මුලු සමාජයම අවුල්ව ඇත මත්ද්‍රව්‍ය වෙලෙන්දාද ලොක්කෙකි වැරදි දේශපාලකයාද ජනතාව අත ඇති වැරදි මිනුම් දන්ඩේ ප්‍රතිපලය ජනයාගේ කුඩා කල සිට මනස සකස් කරන තැන අධ්‍යා පන ආයතනයි.
මේ උගතුන් මේ රටේ ජනයා කරගසා බිහිකරන්නේ ඉංග්‍රීසි කතාකරන රටවල සේවයටද? දරන වියදමට සරිලන ප්‍රතිලාබයක් පොදුජනයාට ලැබේද?
බුදු දහම පැවත ආ බසකට පිටුපස හරවන සුද්දන් සඳහාම සේවය කරන කුහක පැලැන්තියක් අදෙසා ජනතාව වද විය යුතුද?
ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම දිනනවා කියලා දැන දැනත් දේශපාලනික වශයෙන් පාරාජිකා වෙලා හිටපු SB කියන බඩගෝස්තර වාදී මනුස්සයාවත් මැදට ඇදලා දාගෙන තමන් ගෙන යන වැඩ පිළිවෙල අපිරිසිදු කරගත්ත එක තමයි ජනාධිපති තුමා කරපු ලොකුම මොඩකම
ඇත්තටම මේ අවුල ජනාධිපති තුමාම විසදන්න ඕන. අධ්‍යාපනය වගේ වැදගත් විෂයක් මේ වගේ පුස් මිනිහෙකුට බාර දීලා ජනාධිපති තුමා මේ මොන මොඩ කමක්ද කරන්නේ?
කොහොම වුනත් මේ විශ්ව විද්‍යාල ආචාරවරුන් තමන් යන්නේ කොහෙද කියලවත් නොදැනයි මේ නැට වෙන්නේ. මේ අයට තම තමන්ගේ ගුරුවරුන්ගෙන්, පොත පතින් ලබා ගත් දැනුම ඇර, ලෝකයට වෙලා තියෙන දේ ගැන කිසිම දැනුමක් නෑ
සිංහල ජාතියේ පොදු සොභාවයම තමයි, මේ ගොල්ලන්ට මුල මතක නෑ. අනික නිර්මාලුයි, දඔර අමිලයි කාගෙ අතකොලුද කියලා අවබෝධයක් නෑ. කොහොම හරි මේ අය පඩි වැඩි කර ගනියි
මේ මෝඩයෝ අද ගැන හිතලා රටේ අනාගතය විනාශ කරනවා. අන්තිමට බෞද්ධ ඡන්ද ටික දෙකට බෙදිලා අෂ්රොප්ලට, සම්බන්ධන්ලට ඕන හැටියට නැටවෙන ආන්ඩු බිහි වුනාම, තොපිට ඔක්කෝම අයිතිවාසිකම් ලැබෙයි.
කටපාඩම් කරන ගොන්නුන්ට තමයි මෙ රටේ උගත්තු කියලා කියන්නෙ
I found this in the web titled Oyayi Mamayi ,
වෙනස බලාපල්ලා දැන්වත් ළිං මැඩියන් නොවී ලෝකේ දිහා බලපන්
ලංකාවේ විශ්විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය දැන් සැසදෙන්නේ ඇවිදින ඇටසැකිලි සිටින අප්‍රිකාවේ අසාර්ථක රජයන්ගේ අධ්‍යාපනික ආයතන වලට සාපේක්ෂවය. ලංකාවේ උසස් අධ්‍යාපනය බේරා ගැනීමට පොරමඩුල්ලේ එස්බියාවත් , අන්තරේ හීනමාන චාටර්කාරයන්වත් , තුන්වේල යහමින් කා කිරෙන් අත සෝදාගන්න නාමල් බෙබිවත් එන්නේ නැත. ලංකාවේ උසස් අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙන ආ හැක්කේ එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පමණි. පිකටින් යාම, දේශපාලන පක්ෂ වලට කඩේ යාම, පර පිඩක ආතල් එකෙන් නවක වදය දීම, ලිංගික අතවර කිරීම මේ සෑම දෙයක්ම කරන මොවුන් කරන නමුත් නොකරන එකම දෙය හරි හැටි අධ්‍යාපනයේ නියැලීම පමණි.
නරඹන්න කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පොලු පිහි අතැතිව උසස් අධ්‍යාපනයේ නියැලෙන අයුරු
(කොහොමද ලී කෙලි සෙල්ලම සහ පිහිය? කොහොමද ඩිග්‍රිය කරනකම් සිවුර පටලවාගෙන පිරිවෙනෙන් පිනට ලඩා ගහගෙන පින් බත් කෙලින ගරුතර සංගරත්නය හැසිරෙන හැටි )
http://www.youtube.com/watch?v=lfxrReGbYNU
මෙන්න රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිකටින් කරන හැටි
(අයියලා එන්න කීවාම යන්න ඕනේ , නැත්තනම් පෝරියල් තමයි)
http://www.youtube.com/watch?v=eIyVk3pRwKk&feature=related
මෙන්න අර නලින් ද සිල්වා සීයා නිතර කියන ගර්හිත ජරාජීර්ණ බටහිර (ඇමරිකාවේ ) විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා ලංකාවේ ළමයි සාමකාමිව උත්සවයක් සමරන හැටි.
(පේනවද මුන් කොකා කෝලද මොනවාද බොන හැටි , ඕවා ඉස්සර කොළඹ විශ්ව විද්‍යාලයේ බොන්න තහනම් )
http://www.youtube.com/watch?v=ri0erYYQ5dE
දැන් ඉතින් මේවා වලට ඉරිසියා නොවී එක්කෝ උඹලගේ හරක් මඩු ටික හොඳ තත්වයකට අරගෙන වරෙල්ලා නැත්නම් ලබන ආත්මෙවත් උඹලා දැන් ඉන්න වදකාගාර වලට යන්න නොලැබී මේ වගේ එල තැන වල උසස් අධ්‍යාපනයේ දීමට හැකි වේවා කියා කටපුරා සාදුකාරයක් දීපන්.
වෙන රටවල පෙරටුගාමියො නෑ. ජේවීපී ඔල්මොරොන්දම්කාරයො නෑ. ඉතින් උන් හොන්දට ඉගන ගන්නව. ඇපේ කොල්ලොයි ලෙචාලයි දෙගොල්ලොම උන්ට කඩේ යනව. ඉතින් කැම්පස් වහල. ඉතාම සරලයි. නලින් ප්‍රොපා කියන්නෙත් ඔය ටිකම තමයි
සරසවි ආචාර්යවරුන් එලියට බැස්සේ සරසවි සිසුන්ට හෝ මෙරටේ ජනතාවට ඇති ආදරයකින් නොවන බව අප දනිමු. ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය කඩා වැටී තිබේ. ලංකාවේ විශ්ව විද්‍යාලවල සිසුන්ට පුස්තකාල , සෞඛ්‍ය , ක්‍රීඩා යනාදී පහසුකම් නොව පෙට්ටි කඩෙන් ලාබෙට ගන්නා ඉටි කොලේ ඔතපු එක ව්‍යංජනයේ නීරස බත් එක කා අත හෝදගන්නට හරි හමන් ටැප් එකක් පවා නැත. එවැනි පහසුකම් සිසුන්ට ඇති කර දීමට සරසවි ආචාර්යවරුන් එලියට බැස්සේ නැත. එලියට බැස්සේ තමන්ගේ ආත්මාර්ථකාමී අභිලාෂයන් සඳහාය.
පිටරට විශ්ව විද්‍යාල වල මෙන් ලංකාවේ විශ්ව විද්‍යාල වල සරසවි ආචාර්යවරු සහ සරසවි සිසුන් අතර දැනුම , අනාගත වෘත්තිය දැනුම වර්ධනය කර ගැනීමේ කතිකා නැත. ඇත්තේ හූව, කැලෑ පත්තර සහ ගුටි ඇන ගැනීමේ සන්නිවේදන කලාවයි. එම නිසා අපේ විශ්ව විද්‍යාල වලින් ගැඹුරු මිනිසුන් බිහි වෙන්නේ නැත. ලිංගික අසහනය , පන්ති වෛරය සහ හීනමානය යන තුන් කලාව පිරි ඇති ලංකාවේ විශ්ව විද්‍යාලවලවලට සුදුසුකම් ලැබුවද දැන් ඇති හැකි එවුන් එන්නේ නැත. උන් යන්නේ ඇමරිකාවේ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලටය. හීනමානය සහ අසහනය ඇති එවුන් සිත් සේ නවක වධ කියා අමු අමුවේ මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කරති. (මෙවැනි පරිසරයක් විශ්ව විද්‍යාලවල තිබීම ජෙප්පන්ට නම් කල්ල මරේය) ඒවා නැවැත්වීමටවත් සරසවි ආචාර්යවරුන්ට දැක්මක් නැත. අන්තිමේදී එයත් භාර ගත්තේ මිලිටරියයි. ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව සාක්ෂරතාවය අඩු අප්‍රිකාවේ රටවල විශ්ව විද්‍යාල වලටත් වඩා පසු පස සිටින නිසා පෞද්ගලික අංශයේ රැකියා පවා ලැබෙන්නේ බටහිරට ගොස් ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමාවක් හෝ ලබාගත් තැනැත්තාටය. අවශේෂයන් ඉසුරුපාය හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගොඩනැගිල්ල ඉදිරියට ගොස් පිනට ආණ්ඩුවෙන් රැකියාවක් දෙන තුරු උපවාස කාල යුතුය. ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන් 40,000 රැකියා දුන් නමුත් ඔවුන්ගෙන් රාජ්‍ය කාර්යක්ෂමතාවට වූ පිටුවහලක් නැත. ගිරා දැනුම මිස ප්‍රයෝගික දැනුම බහුතරයකට නැත. මෙය අමිහිරි නමුත් සත්‍ය යථාර්තයයි.
ලංකාවේ විශ්ව විද්‍යාලවල මෙවැනි පහත් තත්වයකට වැටී ඇති බව එස්. බී පමණක් නොවේ රජතුමාද හොඳින් දනියි. එම නිසා එලදායිතාවක් නොමැති අපගේ විශ්ව විද්‍යාල තව අවුරුදු පහක් වසා තැබුවත් එය රටට පාඩුවක් නොවන බව මේ දෙපොල හොඳින්ම දනිති. එම නිසා අවශ්‍ය වුවහොත් විශ්ව විද්‍යාල තව අවුරුදු පහක් වුවද වසා තබන බව එස් .බී පාරම් බෑවේය. වෙනත් රටක ඇමතිවරයෙක් (විශේෂයෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයා ) එසේ කිවේ නම් මුළු විශ්ව විද්‍යාල ප්‍රජාවම විරෝධතාව දැක්වීමට ඉඩ තිබුණි. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාලවල කෙරෙන්නේ සහ තමන්ද කරන්නේ බොරුව බව සරසවි ආචාර්යවරු දනිති. එම නිසා එස් බී ගේ කතාවට කිසිම විරෝධතාවක් නාවේය.
සරසවි ආචාර්යවරුන් තමන්ගේ පර්මිට් වාහනයට දක්වන්න සැලකිල්ලෙන් සහ අවධානයෙන් සියයට එකක් තමන්ගෙන් ඉගෙන ගන්නා සරසවි සිසුවාට යොමු කළේ නම් ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව ලංකාවේ විශ්ව විද්‍යාල මෙතරම් පහලට වැටෙන්නේ නැත. බොහෝ සරසවි ආචාර්යවරුන් තමන්ගේ ළමුන්ව උසස් අධ්‍යාපනය සදහා ඇමරිකාවේ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලට යැවීමට සැලසුම් හදනවා මිස තමන් උගන්වන විශ්ව විද්‍යාල වලට තම දරුවන් ඉගෙන ගැනීමට එනවා දැකීමට අකමැතිය. ඊට හේතුව මෙතන සිදුවන්නේ බොරුව බව හොඳාකාරවම දන්නා බැවිනි.
සරසවි ආචාර්යවරු උගන්වන්නේ පරණ දැනුමය. ඔවුන් අලුතින් යමක් නොකියවති. ටියුෂන් දීමට හා දේශපාලන පක්ෂ වලට කඩේ යාමට තිබෙන නිසා එසේ කියවීමට කාල වේලාවද නැත. තමන්ගේ ගුරා තමුන්ට දුන් නෝට්ස් ටික ගෝලයන්ට දෙති. ගෝලයන්ද ඒවා ගිරවුන් මෙන් කටපාඩම් කර ගනිති පරිගණක යුගයට ගැලපෙන නවීකරණයක් නැත. යමක් අධ්‍යනය කරන්නේ හෝ බුද්ධි කලම්බනයක් ප්‍රොජෙක්ට් එකක් කිරීමට හෝ උත්සහයක් නැත. වෙනත් රටවල විශ්ව විද්‍යාල වල මෙන් තමන් උගන්වන විෂයේ විෂය පාඨමාලා ප්‍රසිද්ධ කරන්නේ නැත. ඒවා රස රහස් ය. ඇතැම් සරසවි ආචාර්යවරු සිසුන් ගේ ප්‍රශ්න පත්‍ර ලකුණු කරන ක්‍රමය අපුරුය. කාමරයේ විදුලි පංකාව උපරිමයට දමා පිළිතුරු පත්‍ර උඩ දමති. මධ්‍යට වැටෙන පිළිතුරු පත්‍ර වලට වැඩි ලකුණුද ඈතට පාවී යන ඒවාට අඩු ලකුණුද ලැබේ. බොහෝ විට පන්ති සාමාර්ථයක් ලැබීමට ආචාර්යවරයා සමග යහන් ගතවිය යුතුය. සමහර කථිකාචාර්යවරු සිසුවියන්ගෙන් ප්‍රසිධියේ ලිංගික අල්ලස් ඉල්ලති. වැඩි පඩි ඉල්ලා මිස විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය වර්ධනය කිරීමට සහය වෙයව් කියා සරසවි ආචාර්යවරුන් එලියට බසින්නේ නැත. එසේ ගුණාත්මකබව වැඩි කිරීමට ඔවුන්ට උවමනාවක් ද නැත. අවසානයේදී අයිවෝ ජෙනිග්ස් සහ අයිවෝ ඩෙනිස් අතර වෙනස නොදන්නා බුද්ධිමය අතින් ලාමක ගිරා පෝතකයන් පරපුරක් පමණක් බිහි කිරීමට දායක වී තිබේ. මෙය අද දවසේ අපි හමුවේ ඇති කටුක සහ විපරිත සත්‍යයි. (byslg)
@සිතිවිලි
@සිත් @Para
1.
මෙතන ප්රශ්නය තියෙන්නේ කන්නගරගේ මහත්තය ලබා දුන් හිනිමග නැග,
Shakil කියන්නැහේ
campas යන්න තියා කිසිම දේකට බැංකු නයක් ගන්න බැරි බහුතරයට අයත්,
සල්ලි බාගේ නැති සිංහල දෙමල මුස්ලිම් ගොඩයන්,අද බටහිර ඩොකාල වී විරාජමානව සිටින එක ගැන,
එකල කන්නගර මහතාට විරුද්ද වූ ‘පල්ලි පිල්ලි’ඇතුළු
ප්රලභූන් ගේ එරිසියාව වෙන්න බැරිද?
2.
මුළු ලොවේම බටහිර වෙද විදුහලකට ඇතුළු වීමට ‘පුදුම තරඟයක්’ තිබේ.
merit ලිස්ට් එකේ,medical පැකල්ටියට නොතේරුන dental පැකල්ටියට තේරුණා වූ පළමුවන ළමයාගෙන්,’මුදල් ගෙවා පුද්ගලික වෙද විදුහලට යාමට කැමති දැයි’ අසා බැරිය කීවොත්,
‘පුළුවන්’ ය කියන දෙවනියා තෝරණ ,
සම්මුඛ පරීක්ෂණ තියා රහසින් නොතෝරණ, transparent entry system ඇති පුද්ගලික වෙද විදුහල් ක්රරමයකට මාගේ විරුද්ධත්වයක් නැතිය.
3.
මාගේ මිතුරු බටහිර ඩොකෙක් කියපු ලෙස,ඉහත 2 වන කරුණේ සඳහන් යෝජිත ක්රේමයට රාගම පුද්ගලික වෙද විදුහලට සම්මුඛ පරීක්ෂණ නැති ක්රේමයකින් ?1978 සිසුන් තේරුවා නම්/JRකැමති වුනා නම්,
තිරිමවිතන වැනි අතුරුදහන් වුන ?10ක් වෙද සිසුන්,අද ඩොකාලය.
4.
අනික,?1976 දී දිස්ත්රිනක් quota ගෙනෙන ලද එක ප්රකධාන හේතුවක් නම්,ජන අනුපාතෙට වෙද /ඉංජිනේරු අංශ වලට සිසුන් ඇතුළු කර ගැනීමටය.
එම ක්රනමය නිසා කොළඹ සිංහල සිසුනට යම් පාඩුවක් වුනත්,ඊට කලින් අසාමාන්යම ලෙස එක භාෂා මාධ්ය යකින් ඇතුළු වුන සිසුන්ගේ ප්රකමාණය අඩුවී,ජන අනුපාතයට ආසන්න ව සිසුන් තේරුණි.
එලි පිට නොකීවත්,USA ,UK ,AUSTRALIYA වැනි රටවල,INTERVEW PANAL වල 99% ක්ම බටහිරයෝ හිඳිමින්,සම්මුඛ පරීක්ෂණ තබමින්,ජන අනුපාතයට ආසන්න වශයෙන් ළඟාවන ලෙස සිසුන් ඇතුළු කර ගනී.
5.
වාද පිටියේ අපේ නලින් ප්රොපා කීවාක් මෙන්,
අද රටේ විසේෂිත පුද්ගලයන් වන,රෑ පුරා දැල්වී ඇති ජාතියේ මුර දේවතා එලි වන,රට රට ජාතිය රකින
රණ විරුවන්ගේ,ජාතික ජීවනාලියට අයත්,
දු දරුවන්ද,
අප සැමගේ දහදිය මහන්සියෙන් ආයෝජනය කරන,
බටහිර වන්දනා උගෙනුමට දඟලමින් පරිප්පු කා තටමන්නේද,
බොහෝ විට,
‘ජාති වාදේ නැතිව,එක් සේසත්ව
මේ සරසවි ඇදුරන් ඉල්ලන මුලික පඩියකට අහසේ මාලිගා තනමින් අත වනන’ සුදු කරපටි අඳින සරසවි ඇදුරෙක් හෝ බටහිර ඩොකෙක් හෝ වීමට නිසා,
මේ ඇත්තන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා දිය යුතුය කියා සිතේ.
6.
මේ රටේ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට / වඩවා ගැනීමට නම්,
(අ.)
මේ රටේ දරු පවුල් විනාස වී ආරවුල් ඇතිවීම වලකින,දැනට ප්රරධානම විදේශ විනිමය උපයන,
මැද පෙරදිග ගොස් අඩු පඩියට කඹුරන කම්කරුවන් සහ මෙහෙකාරියන් හට,දැනට ලබන මාසික පඩිය වහාම රජයෙන් ගෙවා,
ඒ ඇත්තන් ලවා,රජයේ වතුවල,වස පෝර නොදමන,මෙරටේ කුඹුරු ගොවිතැනට /එළවලු පලතුරු ගොවිතැනට යොමු කර දැමිය යුතුය.එම පලදාව අපිත් කා,වැඩිපුර ටික පිට රටද යවා,මීට වඩා විදේශ විනිමය ද උපයා ගත හැක.
(ආ)
මේ රටේ 1948 පටන් සර්පිලාකාරව දේශපාලකයන් ගහන ලද ගැහිලි අඩුවුණා ට පසු,
ඉහත කී ක්රනමයන් ට,ළමුන් ඇති කරන ලංකාවේ රජයේ වෙද විදුහල් වලට ඇතුළු වීමට,
ලංකාවේ english A/L වලට සල්ලි දී වාඩි වීමට
මුළු ලෝකෙන්ම තරඟයකට දුවනවා මෙන,සිසුන් එනවා සිකුරුය.
7.
අද රටේ සිදුවන බටහිර ඩොකාලගේ තරඟය මෙසේ හුවා දක්වයි.
http://www.divaina.com/2012/09/23/nimna02.html
පුද්ගලික බටහිර වෙද විදුහල් මේ රටේ ඇරුන පසු,
මෙවන් ප්රෙශ්න /අවුල් /වියවුල් තවත් වැඩිවී,ලෙඩුන් ද වෙදුන්ද කබලෙන් ලිපට වැටෙනු ඇත.
8.
මේ රටේ සිංහල ථෙරවාදී බුදු සසුනේ හරයන්ට විරුද්ධව,
‘දුබල නවකයන්ට ප්රබල ජෙෂ්ටයන් දෙන නවක වදේ’ සහ
මේ රටේ කුඩු උවදුර නැති කිරීමට,අපේ ‘ඒ ගෝටා’ සහ ‘ඒ සරත්’ නැවත එකතු වී ,
‘නන්දිකඩාල් ගිය අන්දමේ ක්රෙමයක්’ අනුගමනය කල යුතුය කියා සිතේ.
නැත්නම්,
‘නවක වදේ දී හසුවුනොත් සිසු බව අහෝසි වේ’යන ලියවිල්ලකට සිසුන් කැම්පස් ඒමට පෙර
අත්සන් තැබිය යුතුය.
9.
@සිතිවිලි
@සිත් @Para
9.
අනික,ඔය කියන ‘කැම්පස් research ‘ බටහිර රටවල නිකම්ම වෙන්නේ නැතිය.
Pharmaceutical කොම්පැනි වලින්,charity වලින්,ආණ්ඩුවෙන්,පල්ලි වලින්,අරහෙන් මෙහෙන් Funds ගලා ඒ.
නැත්නම් ඒවායේ ඉන්න එකම lecturer කෙනෙක් වත්,’පිනට’තමන්ගේ කාලය වැය නොකරන බව,
ඒ රටවල ‘කට්ට කාපු’ මා හොඳින් දනී.
10.
ඕනෑම journal publication එකක private funds ආපු විදිය declare කල යුතුය.
මේ රටටත් එසේ ආණ්ඩුවෙන් Funds දෙනවනම් අපේ පොරවල් ද,යටි මඩි නොගහ, වැඩ පෙන්නනවා සිකුරුය.
ඒ වගේම වාද පිටියේ අපේ නලින් ප්රෝපා සමග වාද කල ජයවර්ධන පුර වාණිජ අංශයේ ඇදුරට,research එකක් කරන්න පොඩි ගානක් වත් fundsඉල්ලුවට දුන්නේ නැතිය කියා කී බවත් මට මතකය.
හැබැයි ඉතින් බොහොමයක් publications පල වෙන්නේ ”publish or perish ” යන සංකල්පය යටතේ මෙන්ම,අපේ නලින් ප්රොපා කී පරිදි, අද පලවෙන ?30% කට වඩා publications හෙට පිළිගන්නේ නැතිය.බටහිර economy එක ‘නය මත’ දුවන්නේ එහෙමය!
100% agree bro …….
Nirmal Ranjith Dewasiri (also spelled Devasiri) born in 18 October 1965 is Senior Lecturer of the department of history at the University of Colombo, Sri Lanka.[1]
He Explores that, Sinhala Society has been built under four Mythologies. Buddha`s visit to Sri Lanka, Advent of Prince Vijaya, advent of (Reverent)Arahath Mahinda Thero and King Dutugemunu`s war to vanquish King Elara.
Mehew Drohiyoth ekka ekata inna puluwan Drohiyonta misak wena Katada??????
මම කෙටියෙන් අපේ බහුතර මහාචාර්ය ,ආචාර්ය, කථිකාචාර්ය ගැන කියන්නම්.
1) microsoft word කොටා ගන්න පුළුවන් , රජයෙන් ලැබුන slt නෙට් එකෙන් NGO වලට , විදේශ ශිස්‍යත්ව වලට APPLY කරගන්න පුළුවන්.
2)ලස්සන කෙල්ලෝ දැක්කම කටේ දෙපැත්තෙන් කෙල බේරන්න පුළුවන්. උන් මැටි හරකියෙක් උනත් 1ST අපර එකක් දෙන්නත් පුළුවන්.
3)ආර්ට් එකේ උන්ට වල නැතිනිසා CLASS කරලා හොයන්න පුළුවන් .
4) ලොකු කොම්පැනිවලට අනිත් උන් කොන්සල්ට් වැඩ කරලා මේ අදත් ලොකු ගතම් ගන්න පුළුවන්.
5) උපාදිය ගතපු වැඩ පුළුවන් වී. විද්‍යාලේ හොඳට උගන්වන එවුන් කපන්න ඕනෑම කැත වැඩක් කරන්න පුළුවන්.
6) රට ජාතිය කෙසේවෙතත් තව එකෙක් තැනගේ තැනට එනවනම් කුජිතුවෙන්න කපන්න පුළුවන්.
7) උගන්නන්න ඕන නිසා ඔහේ ඇවිත් මොනවහරි පොතක තියෙන දෙයක් කියවල , ආණ්ඩුවට බැනල, ගෙදර ගිහින් බුදියගන්නත් පුළුවන්…..
@සිතිවිලි
@සිත් @Para
පුද්ගලික බටහිර වෙද විදුහල් ඇරියම,
ඊට ඇතුළුවන සල්ලි වල පීනන ආතල් ගත් සල්ලි කාර පොරවල් ගේ
පුතුන්ගේ හෝ ඉන් පිට වන ඩොකාලගේ හෝ ලින්ගික අපරාද අඩු වෙන්න පුළුවන් කමක් නැතිය.
මුළු ලෝකයේම සිටින බටහිර ඩොකාල මෙන්ම,පූජක වරුන්ද සම ලිංගික අපරාධ සහ බාල අපරාධාර පවා කර හසු වී ඇත.
ඊට ප්‍රති කර්මය පුද්ගලික පූජක වරුන් බිහි කිරීමද?
@Para
@සිතිවිලි @ සිත් @ udiro @ Nishan @chin
@මේ රටේ ප්‍රශ්න හඳුනා නොගෙන-කනා පොට්ටේ විසඳුම් දෙන-මහදැනමුත්තනි,
මේ රටේ නවක වදේ නැති කිරීමටත්,
සරසවි ඇදුරන් ඇතුළු බටහිර ඩොකාල අතලොස්සකගේ ලිංගික කොටු පැනීම ඇතුළු ලිංගික අපරාධ නැති කිරීමටත්,
විසඳුම
පුද්ගලික බටහිර වෙද විදුහල් අරින එක නොවේය.
එය හරියට,හුදී සිංහලයට නැති හුදී දෙමල සහ හුදී මුස්ලිම් ඇත්තන්ට පමණක් ඇති ප්‍රශ්න හඳුනා නොගෙන,සුදු බමුණන්ගේ ලනු කා, උතුර සහ නැගෙනහිර එකතු කර,පොලිස් සහ ඉඩම් බල තල කපටි දේශපාලුවන් අතලොස්සකට දෙනවා හා සමානය.
එවිට අපි කබලෙන් ලිපටය.
.ඕකුන් මෙහි කොමෙන්ටු දමනුයේ රට හැදීමට හෝ අද්‍යාපනය ගැන කැක්කුම නිස නොව හුදෙක් තමා පරාජය වූවා සේ සැලකෙන උසස්පෙල හා පය ගැසීමට හෝ වරම් නොලද සරසවිය පිලිබද තමා තුල වූ කුහක හැගීම් නිසාය
ඔබතුමා මොරටුවේ material / chemical engineering අංශවලට ගියාද? කාවද හම්බ වුනේ? කොයි කාලෙද? අපි බැදිලා ඉන්නේ මිනිස්සුට ඕනේ දේ දෙන්න හැබැයි නිකම් හිතෙන හිතෙන දේ සිංහලට පරිවර්තනය කරන්න නම් වෙලාවක් නම් නෑ මහත්තයෝ. මේ,, උදක,,නමින් ලියන වී වී ඇදුරා,,ජනහිතට ,,කල ප්‍රකාශයක්
මට මේක බලල අපේ සිංහල මිනිස්සු ගැන ඇතිවුනේ මහා සංවේගයක් තමන්ගේ රටේ තමන්ගේ මුදලින් යැපෙන ආයතන වලට පුද්ගලයො ලඟට හිඟන්නෙක් වගේ කොන්දේසි වලට යටවෙලා යන්නවෙලා ඇත්තටම සිංහලයිනි ඔබ දන්නවාද ඔබේ මානව අයිති වාසිකම් තමන්ගේ රටේ වත් නෑ කියල උපකල්පන ශක්තියෙන් අනූන නිර්මාන හැකියාවන් ඇති එහෙත් බාසාඤානය අඩු අයට කාගේවත් පිහිටක් නැහැ නේද?
මෙතනදී ඇත්තටම කියන්නේ ඇදුරාට උවමනාදේ මිස එමපුද්ගලයාගේ අවශ්‍ය තාවයට දැනුමක් ලබා ගත නොහැකි බව නේද?
රයිට් සහෝදරයන්ට දුනුම ලැබුනේ තමන්ගේ බාසාවෙන් පොත පත ඇසුරැ කරමින් දැනුම ලබා ගන්න පුලුවන් වූ නිසයි එසේ නොවන්නට අද ගුවන්යානයක් නැත ඇත්තෙන්ම අධ්‍යාපන මට්ටමින් ඔවුන් උගතුන් නොවෙයි. මේ එක උදාහරනයක් පමනයි
මම දන්නා තරමින් තාක්ශනික දැනුම ගැන ලංකාවේ පොත පත ලියා ඇත්තේ විශ්ව විද්‍යාෙල ගිය අය නොවෙයි දැනුම් ගවේශකයෝ
ඇත්තෙන්ම අපේ විශ්ව විද්‍යාල අපිට මොනවටද කියල හිතෙනව මේවා ඉංග්‍රීසි බාසාවෙන් වැඩ කරන රටවලට ලාබෙට ආචාරීන් සපයන ආයතන නොවෙයිද?
පළවෙනි කාරණය මම කොතනකවත් කියලා නෑ හිගන්නෝ වගේ එන්න කියලවත් කොන්දේසි වලට යටත් වෙන්න කියලවත්. මේ සිංහලෙන් දැනුම හොයන මිනිස්සුන්ට සිංහල තේරෙනවා හොරයි නේද? දැන් ඔබතුමා කියන්නේ ඔබතුමාට යමක් ගැන ඉගෙන ගන්න ඕනේ වුනොත් අපි ඒක ඒ වෙන කොට ඔබතුමාට පහසුවෙන් ලබා ගත හැකි තත්වයකට පත් කරලා තියෙන්න ඕනේ කියලද? ඒක එහෙම කරන්න අපිට ඔබතුමාගේ හිත් කියවන්න බෑ නේ. හුගක් වෙලාවට කෙරෙන්නේ මහා පරිමාණ හෝ සුළු පරිමාණ ව්‍යාපාර හෝ පුද්ගලයෝ තමන්ට අව්‍ය්‍ශ්‍ය දැනුම ගැන සාකච්ඡා කරලා ලබා ගැනීම. සාමාන්‍යෙයන් එයට බාධාවක් නෑ.
නිල වශයෙන් ඔබකියන කිසිම දෙයක් ප්‍රසිද්ද කරල නැහැ නිල නොවන මට්ටමින් කෙරෙන දේවල් වල මම කියපු දේවල් වලින් එහාට දෙයක් නැහැ එසේ යන පුද්ගලයාට මොන විධියට සලකනවද කියල කවුරුත් බැඳිල නැහැ පුද්ගලිකව මමත් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට කැමති නැහැ ඒත් මේවා නැවැත් විය යුතුයි. ජනතා සහයෝගය ඔබ ලබාගත යුතුයි මේ රටේ අසරන මිනිසුන්ට ඔබේ උපකාරය අවශ්‍යයි මෙතෙක් කල් හැමොම වැඩ කලේ පුද්ගලිකව මට මොනවද යන්න සඳහා පමනයි ගියදේ ගියා ඉදිරියට දේශපාලකයන්ට වත් බහුජාතික සමාගම්වලටවත් මේ රට යට වෙන්නෙ දෙන්නෙ නැහැ කියන අදිටන ඇතිකරගන්න ඔබ අපේ වන්නේ නම් අපි ඔබේ වන්නෙමු.
ඔබනොපිලි ගත්තාට මේ රටේ වි වි පරිබාහිර බුද්දි මතුන්ද ඇත හිතේ කහටක් නැත්තං ඒ අය සමගත් බද්ද වීමට බලන්න ඔබ අපට සම්පතක් වන්න.
තම බසට දැනුම එක් නොවන්නේ නම් එය මෙලොවින් තුරන් වේ නිකම්ම නොව ඒ ජාතියත් සමගය.
අපේ විශ්වවිද්‍යාල ලොව හොඳම විශ්ව විද්‍යාල අතර නැතැයි තර්ක කරන්නේ වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට නොගිය අය බව පෙනේ. විශ්වවිද්‍යාල ශ්‍රේණි ගතකිරීම විවිධ ආයතන මගින් සිදුකරන අතර එක් ආයතනයක ප්‍රතිඵල අන් ආයතන මගින් පිලි නොගනී. මෙය අපගේ මාධ්‍ය ආයතන මගින් තමන් හොඳයයි කියාගැනීමට සිදුකරන සංගණනවලට සමානය. සංවර්ධිත යයි කියාගන්නා රටවල් මගින් සිදුකරන මෙම ශ්‍රේණි ගතකිරීම්වලින් සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉහලට ඒමේ හැකියාවක් නැත. මෙවැනි බොහෝ දර්ශක භාවිතා කරන්නේ, ඉගැන්වීමේ මාධ්‍ය, විශ්වවිද්‍යාලවල සිටින ජාත්‍යන්තර සිසුන් ප්‍රමාණය, මහාචාර්යවරු ප්‍රමාණය, භෞතික පහසුකම්, ජාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකා ප්‍රමාණය වැනි මිනුම් දඬු ය.
ජාත්‍යන්තර සිසුන් ප්‍රමාණය වැඩි වීමට නම් ජාත්‍යන්තර භාෂාවකින් ඉගැන්විය යුතුය. අප රටේ ඉංග්‍රීසියෙන් උගන්වන්නේ බොහෝවිට විද්‍යා විෂයන් පමණි. නමුත් ඔය දර්ශකවල අපට ඉහළින් සිටිනවා යයි කියන අප්‍රිකානු රටවල් මෑතදී නිදහස ලැබූ යටත් විජිත වන අතර මව් බසින් ඉගැන්වීමක් නොකරයි. යටත් විජිතවාදයේ ප්‍රතිඵලය ලෙස ඉංග්‍රීසියට හැමවිට මුල් තැන ලැබේ. විද්‍යා හා තාක්ෂණ කටයුතු ඉතාමත් දියුණු ජර්මනිය, ප්‍රංශය, ජපානය වැනි රටවලුත් හැමවිට ඇමරිකාවට හා එංගලන්තයට පිටුපසින් සිටී. අපේ විශ්වවිද්‍යාලවල භෞතික පහසුකම් ගැන නම් කවර කතාද? ඉන්න මහාචාර්යවරුද සැලකිල්ලේ හොඳ කමටම රට හැර යති. අපේ විශ්වවිද්‍යාලවල තනතුරු කථිකාචාර්ය ලෙස පටන් ගන්නා අතර උන්ගේ රටවල එය සහය මහාචාර්ය ලෙස පටන් ගනී. එබැවින් එයද නිර්වචනය කලයුතු වේ. මේ සියලු සාධක මත ජාත්‍යන්තර සිසුන් අප රටට එන්නෙත් නැත.
ජාත්‍යන්තරව පිළිගත් පර්යේෂණ පත්‍රිකා පලකිරීමේ ඇති මාෆියාව ගැන පර්යේෂණවල යෙදෙන්නන් හොඳින් දනී. එවැනි පර්යේෂණ පත්‍රිකා පලකල අයට චන්ද්‍රිකා ආණ්ඩුවෙන් රුපියල් ලක්ෂ දෙකක මුදල් ත්‍යාග ද පිරිනැමුණි. නමුත් වත්මන් ආණ්ඩුවෙන් දෙන්නේ සහතිකයක් පමණි. අපේ විශ්ව විද්‍යාලවල එවැනි සොයාගැනීම් සිදුවෙන බව මෙතන කොමෙන්ට් දාන අමනයින් නොදන්නවා වුනාට තම අතින්ම සහතික පත් 800 කට වඩා පිරිනැමූ ජනාධිපති නම් හොඳින් දනී. ප්‍රශ්නය වන්නේ එතුමා අඳ ගොළු බිහිරි ලාදුරු රෝගියෙක් මෙන් හැසිරීමයි.
1.ආචාරියෝ හරියට පර්යේෂණ කරනවාය. ඒක වසරකට 800කටත් වැඩිය. එතකොට මේ ප්‍රතිපාදන නෑ කියම්න් තප්පුලන්නේ බොරුවටද? වසරකට පර්යේෂණ 800ක් කරන්නේ නම් එය උවමනාවටත් වැඩිය.
2.අපේ විශ්ව විද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරිමේ 1600ටත් වඩා පහලින් ඇත්තේ ඒ ශ්‍රේනිගතකිරිම්වල ඇති දුර්වලකම නිසා මිසක අපේ ආචාරියන්ගේ යල්පැනගිය පැරනි දැනුම නිසා අපේ දැනුමේ ඇති ගුණාත්මකබවේ අඩුව නිසා නොවේ.
3.තමුන් ඉතා නිවැරදිය.සියල්ල දත්තෝය.උගත්තුය.ඒ නිසා රටේ අනිත් මෝඩයින් මේ සියල්ල දත් උගතුන්ට රටේ වැඩිම පඩිය ලබාදි වෙනම වරප්‍රසාදිත පංතියක් නිර්මානයට සහය දියයුතුය.
@Chinthaka
@Fernando
කොහේ ගියා දැයි සොයා ගන්න බැරි
ඔබ දෙපලටද
මේ සන්වාදයට අරාධනා කරමි.
මට කියන්න තියන්නේ මේ කොමන්ට් කල ලංකාවේ ජීවත් වෙන හැමෝගෙම ලමින්ට සල්ලි නැත නම් ඉගෙන ගන්න තියන්නේ ඔය වැඩක් නේ කියන විශ්ව විදියල වලින්ම තමා.එක නිසා එක ගැන හිතල කතා කරන්න,
@ මාතර ආතර says:
මේ රටේ දරු පවුල් විනාස වී ආරවුල් ඇතිවීම වලකින,දැනට ප්රරධානම විදේශ විනිමය උපයන,
මැද පෙරදිග ගොස් අඩු පඩියට කඹුරන කම්කරුවන් සහ මෙහෙකාරියන් හට,දැනට ලබන මාසික පඩිය වහාම රජයෙන් ගෙවා,
ඒ ඇත්තන් ලවා,රජයේ වතුවල,වස පෝර නොදමන,මෙරටේ කුඹුරු ගොවිතැනට /එළවලු පලතුරු ගොවිතැනට යොමු කර දැමිය යුතුය.එම පලදාව අපිත් කා,වැඩිපුර ටික පිට රටද යවා,මීට වඩා විදේශ විනිමය ද උපයා ගත හැක.
මේ මිනිහා මහා මෝඩයෙක්
ආණ්ඩුව දුවන්නේ මැදපෙරදිග හවුස් මේඩ් ලා එවන සල්ලි වලින් , ඒ සල්ලි වලින් තමයි මර්වින්ලා මොන්ටෙරෝ වල යන්නේ
උන් රැකියා නවතා ලංකාවට අ විට උන්ට ගෙවන්න මුදල් ලංකාවේ නැත , මේ දේවත් නොදන්නා මිනිසුන්ද මෙහි කොමෙන්ට් පල කරති
@Para
1.
මේ රටේ ‘ප්‍රශ්න හඳුනා නොගෙන-කනා පොට්ටේ විසඳුම් දෙන-මහදැනමුත්තල’ වගේ කතා කරන්න එපා.
Quantitave Easing කර dollar ට්‍රිල්ලියන් වලින් භාණ්ඩාගාර නය පිය වීමට තිබෙන-USA ,සහ UK කොපි කරමින්,ඒ පඩි ගෙවන එක අපේ මහින්ද්දයට මහ කජ්ජක් නොවේය.
2.
අපේ ගම් වල කොටු පනින-පවුල් අවුල් වී,මැද පෙරදිග මෙහෙකාරියගේ වැඩ කර කඹුරන තම බිරියගේ පඩියෙන් මිනිසුන් අරක්කු බි බී….etc, මේ රට ට යන ‘දීර්ග කාලීන වියදම’ නවතා,එසේ වවන ලද ඉඩම් වලින් ලැබෙන පලදාව අපත් ලාබෙට කා,රටත් පටවන්න පටන් ගත්ත ගමන්,විදේශ විනිමය දෙගුණ තෙගුණ වෙනවා සිකුරුය.
3.
තව පොඩ්ඩක් ඉවසලා,අපේ නලින් ප්රෝපාගේ කැලණියේ ඇත්තෝ භාවනා කරලා වැඩ පෙන්නුවම,පාමසි වලට යන විදෙස විනිමේත් නිකම්ම නවතිනවාය.බටහිර ඩොකාලත් ‘පරිසර හිතකාමී-අපරදිග වෙදකම’ඉගෙන ගන්නවා සිකුරුය.
4.
ප්‍රේමදාස ජනපති A J රණසිංහ නමැති ‘සෙරෙප්පු සුපා’ ලං කරන හිටිය වගේ,අපේ මහින්දය්ය මාලක ගේ පියා නං ගෙන් ‘ආව තේව’ වැඩ කර ගන්නත්,අන්දරේ කෙනෙක් ලෙස මහජනයට විහිලු සපයන්නත් තමයි,එයාව ලඟින් තියන් ඉන්නේ!එයා ගැනවත්,එයාගේ ළමයි ගහන ‘ගැහිලි’ ගැනවත්,කුඩු දුමිය රැකපු ‘මේ ගොට’ ගැනවත්,බොරු සුදු කොඩි කතා කියපු ‘ඒ සරත්’ ගැනවත් මට පැහැදීමක් නැතිය.
.@ කටපාඩම් උගතා ….පුලුවන් නම් කටපාඩම් කරල උසස්පෙල සන්යුක්ත ගනිතයයි ,,හෞතික විද්‍යාවෛ පාස්වෙල පෙන්නපන් ….උබට එක්සැම් පාස් වෙන්න බැරි උනා කියල අනිත් උන්ට අපහාස කරන්න එපා. උබ කටපාඩම් කරල එක්සැම් පාස් වෙන්න බැරි උනාම් උබ හිතනව පාස් වෙන්න ඇත්තෙ හොදටම කටපාඩම් කරපු උන් වෙන්න ඇති කියල ….අනෙ යකො කටපාඩම් කරල ඔනෙ නම් ගනිත අන්ශෙන් s3..ක් ගන්න පුලුවන් වෙයි අමාරුවෙන් ….ඉන්ජිනියරින් මෙඩිසින් යන්න බැ යකෝ කටපාඩම් කරපු පලියට ….ගනන් හදන්න පුලුවන්ද යකෝ කටපාඩම් කරල ….උබ ලන්ඩන් AL පේපර් එකකුයි අපේ රටේ එකකුයි අරන් බලපන් තේරෙනවනම් මොකක්ද වැඩිය අමාරු කියල ..කටපාඩම් කරල ලියන්න පුලුවන්ද කියල
@shakil
Ela
‘මුදලාලිලාට’දෙන්නට සල්ලි බාගේ ඇත-නමුත් ගෙවිය යුතු බදු ගෙවන්නට/ඒ බදු වලින් රට ගොඩ නංවන්නට කැප වෙන්නට තරම් හිත් නැති මිනිසුන් නැති ලොවක් වෙත මා ගෙන යනු මැන!
මේ ‘මුදලාලිකරණය’කාගේ අනුහසක් මත සිදු වන්නේද යන්න සොයා බලාපියව්!
@=/?
@සිතිවිලි
සිතිවිලි කියන පරිදි,
ස්විස්ස් බැංකු වල පොට්ටනි හන්ගන් ඉන්න-ලෝකේ ඉන්න investors ල දෙන නය,
දුප්පතුන්ට ඉගෙනීමටය අරකටය මේකටය කියා දීමත්;
USA සහ UK qauantitative easing කියමින්,අපේ මහින්දය්යත් කොපි කරන,
එම රටවල භාණ්ඩගාරවලට ට්‍රිල්ලියන් ගණන් වලින්
නය,
සර්පිලාකාරව වැඩිවන,
සිංහල තෙරවාදී බෞද්ධ සංකල්පයට ඉඳුරාම විරුද්ධ,
බටහිර-නය මත දුවන-පුස් ආර්ථිකේ හැටි ඔහොමය!
සරසවි ඇදුරන් බොහෝ දෙනකුට අවශ්‍ය වී ඇත්තේ නූගත් අඳබාල දේශපාලන බලවතුන් හා අමානුෂික විශේෂඥ වෛද්‍යවරුන් මෙන් සුඛෝපභෝගී සම්පත් ලබා ගැනීම වුවත් ඔවුන්ගේ ඉල්ලීම් අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය නගාසිටුවීම, අධ්‍යාපනය පුළුල් කිරීම ආදී යහපත් ඉල්ලීම් ද තිබෙන හෙයින් ආණ්‌ඩුව වහාම කළ යුත්තේ සරසවි ඇදුරු සංගම් මගින් කියා සිටින ආකාරයට අධ්‍යාපනය සඳහා රජයෙන් වෙන් කරන මුදල දෙගුණයකින් වැඩි කිරීමය.
දැන් යුද්ධය ද අවසන් වී ඇති හෙයින් එසේ කළ හැකි බවට සැකයක් නැත.
අධ්‍යාපනය සඳහා රජයෙන් වෙන් කරන මුදල දෙගුණයකින් වැඩි කළ යුතු වුවත් ඒ වැඩි කරන මුදල්වලින් වැඩි කොටසක් යෙදවිය යුත්තේ විශ්වවිද්‍යාලවල රසායනාගාර පහසුකම්, පුස්‌තකාල පහසුකම්, පර්යේෂණ අංශ, ශිෂ්‍ය නේවාසිකාගාර, ක්‍රීඩා පහසුකම් වෛද්‍ය පහසුකම් පුළුල් කිරීම සඳහා මෙන්ම දුප්පත් සිසුන්ට ලබාදෙන ශිෂ්‍යාධාර වැඩි කිරීම සඳහාය.
අනගාරික ධර්මසේකර
දිවයින
25/09/12
@Para
@සිතිවිලි
@Fernando @Chinthaka
”සුදු බමුණන්ගේ ලනු ගිල,මේ රටේ ප්‍රශ්න හඳුනා නොගෙන-කනා පොට්ටේ විසඳුම් දෙන-මහදැනමුත්තා ක්‍රමවේද 3”
සහ අතුරු පැන 3;
1.
ප්‍රශ්නය;
”ආණ්ඩුවේ විශ්ව විද්‍යාල බොහෝ බටහිර වෙද සිසුන්ට විනය නැත.ලිංගික හිංසාව ඇති නවක වදේ දෙයි,ඉන් පිටවෙන බොහෝ බටහිර ඩොකාල සල්ලි පස්සේ දුවන,ලෙඩුන්ට කතා කරන හැටි නොදන්නා,තුන් වන සිල් පදේ කඩමින් කොටු පනින,ලිංගික අපචාර කරන එවුන්ය.”
විසඳුම;
”පුද්ගලික බටහිර වෙද විදුහල් ඇරියම ඔය ඔක්කොම නැතිවේ. ඒවාට ඇතුළු වන සිසුන්ගේ විනය තිබේ.නවක වදේ නොදේ.ඒවායින් පිට වෙන,සල්ලි වල පීනන ආතල් ගත් සල්ලි කාර පොරවල් ගේ පුතුන් ඩොකාල වී සල්ලි පස්සේ දුවන්නේ නැතිය,ලෙඩුන්ට කතා කරන හැටි දනී,කොටු නොපනී,ලිංගික අපචාර නොකරයි!”
අතුරු පැනය;
”මුළු ලෝකයේම සිටින බටහිර ඩොකාල මෙන්ම,පූජක වරුන්ද සම ලිංගික අපරාධ සහ බාල අපරාධාර පවා කර හසු වී ඇත.ඊට ප්‍රතිකර්මය ‘පුද්ගලික පූජක’ වරුන් බිහි කිරීමද?”
2.
ප්‍රශ්නය;
”අන් බටහිර රටවල නැති මේ රටේ පමණක් ඇති,විසඳිය යුතු ජන වාර්ගික ගැටළුවක් තිබේ.”
විසඳුම;
හුදී සිංහලයන්ට වත් නැති,උතුර නැගෙනහිර එකතු කර-පොලිස් සහ ඉඩම් බලතල-ඒවායේ ඉන්න ‘කපටි / ප්‍රභූ දේශපාලුවන්’අතලොස්සකට දුන්නම,ජන වාර්ගික ගැටළුව නැති වේ.
අතුරු පැන;
(අ) හුදී සිංහලයට නැති,හුදී දෙමල සහ හුදී මුස්ලිම් ඇත්තන්ට පමණක් ඇති හඳුනා ගත් ප්‍රශ්න මොනවාද?
(ආ)උතුර සහ නැගෙනහිර එකතු කර,පොලිස් සහ ඉඩම් බල තල,කපටි / ප්‍රභූ දේශපාලුවන් අතලොස්සකට දුන්නම,අන් පළාත් වල ඉන්න හුදී දෙමල සහ හුදී මුස්ලිම් හුදී ජනයාගේ ‘ජන වාර්ගික ගැටළුව’ විසඳෙන්නේ කොහොමද?
3.
ප්‍රශ්නය;
”මේ රටේ ඉතිහාසෙට අනුව ප්‍රධාන ආගමට සහ ප්‍රධාන බසට හිමි තැන දීම වැරදිද?”
විසඳුම;
ඔව්,එය වැරදිය:සිංහල බෞද්දයගේ ඇරෙන්න අන් සැමගේ සිත්,ඉන් පෑරේ!1978 වයවස්තාව නැතිකර එය වහා නිවරදී කල යුතුය.”
අතුරු පැනය;
බටහිර රටවලට ගොස් පුරවැසිකම ගත් මේ රටේ සමහර දෙමල /මුස්ලිම් /අබෞද්ධ ඇත්තෝ,NGO පොරවල් ඒ රටවල ඉතිහාසෙට අනුව,එම රටවල ප්‍රධාන බසට සහ ආගමට ඇති හිමි තැන වැඳලා පිලි ගන්න ගමන්,මේ රටේ එහෙම වෙන එක වැරදිය කියන්නේ මොකද?
තව පොඩ්ඩක් ඉවසලා,අපේ නලින් ප්රෝපාගේ කැලණියේ ඇත්තෝ භාවනා කරලා වැඩ පෙන්නුවම,පාමසි වලට යන විදෙස විනිමේත් නිකම්ම නවතිනවාය.බටහිර ඩොකාලත් ‘පරිසර හිතකාමී-අපරදිග වෙදකම’ඉගෙන ගන්නවා සිකුරුය.
this guy is a moron
@Para
@සිතිවිලි
1.
තවද,
එර්දි බලෙන් එහී මෙහා යාමට පුළුවන් වන නිසා,
පොලොව යට තිබෙන තෙල් අස්වාභාවික ලෙස හාරා පරිසරය විනාශ වන ලෙස පුච්චන එකද නැවතී,
(යලිත් සරලව ජීවත් වන-ශරීර සවුක්කියට ගුණ-බර කරත්ත ජීවන ක්‍රමය පන ගැන්වී)
නය මත දිවෙන ආර්ථිකයේ-බොරු ශෝක් -කාර් බාර් වලට යන
විදේශ විනිමයද ඉතිරි වනවා ඇත!
2.
අපේ ගුණදාස අමරසේකර නම් බටහිර දත් ඩොකා ගේ අනාවැකියට අනුව,
සිංහල ථෙරවාදී බුදු සසුනේ හරයන්ට සම්පුර්ණයෙන් ප්‍රති විරුද්ධ-අපේ මහින්දය්යත් කොපි කරන-සල්ලි අච්චු ගසමින් මේ නය මත දුවන,භාණ්ඩාගාර නය ඩොලර ට්‍රිලියන ගණන්වලින් සර්පිලාකාරව වැඩිවන-බටහිර පුස් ආර්ථික රටාවෙන් මිදී,
ඇමෙරිකාවද,යලිත් සරලව ජීවත් වන-ශරීර සවුක්කියට ගුණ,’බර කරත්ත යුගයට’ යනු ඇතිය!!
@Para
@සිතිවිලි
අපේ E W අදිකාරම් තුමා එකල අපට අවවාද කළා සේ,
පරිසරය විනාශ කරන,(by preventing the emission of more Greenhouse gases )
මස් මාළු වලට සතුන් බෝ කරන ක්‍රමය වහා නවතා,
ඇමරිකාවේ ප්‍රභූන් මස් මාළු නොකා එළවලු පලතුරු විතරක් කනවා නං,මෙහෙ ප්‍රභුනුත් එයම කොපි කරනවා සේ,මෙහෙ ප්‍රභූන් කොපි කර මේ රටේ හුදියොත් එයම කරනවා සේ,
මේ රට නැවත ශරීර සවුක්කියට හිතකර- සිංහල තේරවාදී බෞද්ධ හර පද්දතියට අනුකුල-සරල ජීවන ක්‍රමයක් කරා ගමන් කරනු ඇතිය.
@Para
@සිතිවිලි
සිහින ලොවෙන් මිදී
ලොව පවතින යතාර්තයට මුහුණ දෙමු.
1.
ඔය කියන ‘කැම්පස් research ‘ බටහිර රටවල නිකම්ම වෙන්නේ නැතිය.
Pharmaceutical කොම්පැනි වලින්,charity වලින්,ආණ්ඩුවෙන්,පල්ලි වලින්,අරහෙන් මෙහෙන් Funds ගලා ඒ.
නැත්නම්,
ඒවායේ ඉන්න එකම lecturer කෙනෙක් වත්,
’පිනට’එක තත්පරයක් වත්,
තමන්ගේ කාලය වැය නොකරන බව,
ඒ බටහිර රටවලට පස්චාත් උපාධිය කෙරීමට ගොස්,
‘කට්ට කාපු’ මා හොඳින් දනී.
අධෝවාතයක් ගියත් එරටවල එය ‘බිස්නස් කේස්’ එකක් ය!
ඕනෑම journal publication එකක private funds ආපු විදිය declare කල යුතුය.
මේ රටටත් එසේ ආණ්ඩුවෙන් Funds දෙනවනම් අපේ පොරවල් ද,යටි මඩි නොගහ, වැඩ පෙන්නනවා සිකුරුය.
ඒ වගේම වාද පිටියේ අපේ නලින් ප්රෝපා සමග වාද කල ජයවර්ධන පුර වාණිජ අංශයේ ඇදුරට,research එකක් කරන්න පොඩි ගානක් වත් fundsඉල්ලුවට දුන්නේ නැතිය කියා කී බවත් මට මතකය.
හැබැයි ඉතින් බොහොමයක් publications පල වෙන්නේ ”publish or perish ” යන සංකල්පය යටතේ මෙන්ම,අපේ නලින් ප්රොපා කී පරිදි, අද පලවෙන ?30% කට වඩා publications හෙට පිළිගන්නේ නැතිය.බටහිර economy එක ‘නය මත’ දුවන්නේ එහෙමය!
2.
වාද පිටියේ අපේ නලින් ප්රොපා කීවාක් මෙන්,
අද රටේ විසේෂිත පුද්ගලයන් වන,රෑ පුරා දැල්වී ඇති ජාතියේ මුර දේවතා එලි වන,රට රට ජාතිය රකින
රණ විරුවන්ගේ,
ජාතික ජීවනාලියට අයත්,
දු දරුවන්ද,
අප සැමගේ දහදිය මහන්සියෙන් ආයෝජනය කරන,
බටහිර වන්දනා උගෙනුමට දඟලමින් පරිප්පු කා තටමන්නේද,
බොහෝ විට,
‘ජාති වාදේ නැතිව,එක් සේසත්ව
මේ සරසවි ඇදුරන් ඉල්ලන මුලික පඩියකට අහසේ මාලිගා තනමින් අත වනන’ සුදු කරපටි අඳින සරසවි ඇදුරෙක් හෝ බටහිර ඩොකෙක් හෝ වීමට නිසා,
මේ ඇත්තන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා දිය යුතුය කියා සිතේ.
USA UK කොපි කර-සල්ලි අච්චු ගහන (Quantitative easing )
අපේ මහින්දය්යට ඕක නම්,
මහා කජ්ජක් වෙන්න නම් බැරිය!
3.
මේ රටේ සිංහල ථෙරවාදී බුදු සසුනේ හරයන්ට විරුද්ධව,
‘දුබල නවකයන්ට ප්රබල ජෙෂ්ටයන් දෙන නවක වදේ’
(සහ
මේ රටේ කුඩු උවදුර නැති කිරීමට,)
අපේ ‘ඒ ගෝටා’ සහ ‘ඒ සරත්’ නැවත එකතු වී ,
‘නන්දිකඩාල් ගිය අන්දමේ ක්රෙමයක්’ අනුගමනය කල යුතුය කියා සිතේ.
නැත්නම්,
‘නවක වදේ දී හසුවුනොත් සිසු බව අහෝසි වේ’යන ලියවිල්ලකට සිසුන් කැම්පස් ඒමට පෙර
අත්සන් තැබිය යුතුය.
@Para
අද්යාපන අර්බුධයේ තවත් පැත්තක්.
1.
බස් වල යන කොට සිංහල FM නාලිකා වල ‘සින්ගිරිස්’ උච්චාරණය කරන එවුන්ගේ
සිංහල බසේ උච්චාරණය ඇහෙන කොට,
‘කේමදාසගේ /අනුලා බුලත්සිංහල දොනියන්දගේ සිංහල ඔපෙරා’ ඇහෙනකොට වගේ,
මට ඔක්කාරෙට එනවා.
එනිසා නාකි මන් EAR PHONE (?කර්ණ-දුරබනන-කැබලි)
කනේ ගහ ගෙන යන්නේ,ඉංග්‍රීසි FMනාලිකා අසා ගෙන.
අනේ එවා යේ ඉන්න අපේ සිංහල / දෙමල නිවේදික/නිවේදිකාවන් නම්
එක සිංහල හෝ දෙමල වචනයක් බේතකට වත් කියන්නේ නෑ.
ඒකට හේතුව මොකද?
2.
මේ රටේ ප්‍රභූන්ට නම්,නිකන් ඉන්ගේරීසි කතා කරලත් මදි;අද ප්‍රභූන්ගේ විලාසිතාව වෙලා තියෙන්නේ
‘සුද්ද වගේ ඉංගිරීසි එලකියුෂන්’
සල්ලි දීල හිට තමුන්ගේ ළමුන්ට උගන්වන මී පොර තරඟයක්.(අනේ කාලේ වනේ වාසේ!)
මේකටත් හේතුව මොකද?
රටට ආදරය කරන උගත් සරසවි ඇදුරනි ….
මම දේශපාලන ඇසකින් බලා මෙම සටහන නොතැබූ බව පළමුවම ඔබට අවදාරණය කරමි..
ඔබ බොහෝ දෙනා දැන හෝ නොදැන ඔබගෙන් රටට කලයුතු සේවය අතපසු කර ඇත ….
සිතන්න…. ඔබ මේ ඉල්ලන ඉල්ලීම ප්‍රයෝගිකව ඉටුකළ හැකි ඉල්ලීමක්ද?….
එය දැනට අප රට පිට රටවලට ගෙවන ණය සහ පොලිය ගෙවීමෙන් පසුව ඉතිරි සොච්චමෙන්
කල හැකිද?…..
රජයේ සේවයේ නියුතු අනෙකුත් සේවකයන් හා ඔබගේ වැටුප් අතර පරතරය හා සසදන කල ඔබ
කොතරම් ඉහල වැටුපක් ලබනවද?… ඔබ දන්නවද ?….
එසේනම් ඔබට වගේම අනෙකුත් ආයතනවලත් වැටුප් වැඩිකලයුතුයි නේද.?….
එහෙම නම් ඒවාටද මේ ලෙසම 6% ,7% මුදල් වෙන් කිරීමට මුදල් තීනවද?….
ඔබ දැනට ගන්න වැටුපට සරිලන සේවයක් අද්ධ්‍යපනයට සිදු වූවානම් ලංකාවේ සරසවි වල
ගුණාත්මක බව මීට වඩා තිබිය යුතුයි නේද..?
අඩුම තරමේ ලෝකයේ හොදම සරසවි දහස අතරටවත් ඒමට නොහැකි උනේ ඔබලාගේ
ඉගැන්වීමේ හොද කම නිසා නේද…
එහෙමනම් ………..ඔබලාට …… රෙදි ඇදගෙන…….මේ විදියට …..පාරවල්වල ……..
ඩෙගා නටන්නට…. සාදාරන හේතුවක් …..තිබේද……
උගත් …….. ම…හා…ත්…ව….රු…නේ…….. සිතන්න … ඔබ මේ දැන් ….රටට කරන දේ…..
හරිද…… තීරණය …..අවංකවම …..ඔබේ ..හදවත …..ඔබට ….කියාවී……..
අවංකවම ඔබේ හදවත ඔබට පවසන දේ ……රට වෙනුවෙන් ඔබ හෙට දිනයේ ඉටු කරන්න ….
ඒ හොදටම ඇති ……
@nakalanda
වාද පිටියේ අපේ නලින් ප්රොපා කීවාක් මෙන්,
අද රටේ විසේෂිත පුද්ගලයන් වන,රෑ පුරා දැල්වී ඇති ජාතියේ මුර දේවතා එලි වන,රට රට ජාතිය රකින
රණ විරුවන්ගේ,
ජාතික ජීවනාලියට අයත්,
දු දරුවන්ද,
අප සැමගේ දහදිය මහන්සියෙන් ආයෝජනය කරන,
බටහිර වන්දනා උගෙනුමට දඟලමින් පරිප්පු කා තටමන්නේද,
බොහෝ විට,
‘ජාති වාදේ නැතිව,එක් සේසත්ව
මේ සරසවි ඇදුරන් ඉල්ලන මුලික පඩියකට අහසේ මාලිගා තනමින් අත වනන’ සුදු කරපටි අඳින සරසවි ඇදුරෙක් හෝ බටහිර ඩොකෙක් හෝ වීමට නිසා,
මේ ඇත්තන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා දිය යුතුය කියා සිතේ.
USA UK කොපි කර-සල්ලි අච්චු ගහන (Quantitative easing )
අපේ මහින්දය්යට ඕක නම්,
මහා කජ්ජක් වෙන්න නම් බැරිය!
පොරොන්දු ඉටු කිරීම පිණිස මාතර ආතර ඉල්ලා සිටි පිළිතුරු : (මේවා ගැන සිතුවිලි හා වෙනත් අය පිළිතුරු දී තිබිණ.)
මාතර ආතර says:
“පුද්ගලික බටහිර වෙද විදුහල් ඇරියම, ඊට ඇතුළුවන සල්ලි වල පීනන ආතල් ගත් සල්ලි කාර පොරවල් ගේ පුතුන්ගේ හෝ ඉන් පිට වන ඩොකාලගේ හෝ ලින්ගික අපරාද අඩු වෙන්න පුළුවන් කමක් නැතිය. මුළු ලෝකයේම සිටින බටහිර ඩොකාල මෙන්ම,පූජක වරුන්ද සම ලිංගික අපරාධ සහ බාල අපරාධාර පවා කර හසු වී ඇත. ඊට ප්‍රති කර්මය පුද්ගලික පූජක වරුන් බිහි කිරීමද?”
මාතර ආතර says:
“මේ රටේ ප්‍රශ්න හඳුනා නොගෙන-කනා පොට්ටේ විසඳුම් දෙන-මහදැනමුත්තනි, මේ රටේ නවක වදේ නැති කිරීමටත්, සරසවි ඇදුරන් ඇතුළු බටහිර ඩොකාල අතලොස්සකගේ ලිංගික කොටු පැනීම ඇතුළු ලිංගික අපරාධ නැති කිරීමටත්, විසඳුම පුද්ගලික බටහිර වෙද විදුහල් අරින එක නොවේය. එය හරියට,හුදී සිංහලයට නැති හුදී දෙමල සහ හුදී මුස්ලිම් ඇත්තන්ට පමණක් ඇති ප්‍රශ්න හඳුනා නොගෙන,සුදු බමුණන්ගේ ලනු කා, උතුර සහ නැගෙනහිර එකතු කර,පොලිස් සහ ඉඩම් බල තල කපටි දේශපාලුවන් අතලොස්සකට දෙනවා හා සමානය. එවිට අපි කබලෙන් ලිපටය.”
මා දන්නා පරිදි පුද්ගලික වෛද්‍ය විදුහල් සඳහා ඉඩ දෙන්න යයි කියන්නේ වෛද්‍යවරු වැඩියෙන් බිහි කර ගැනීමට මිසක මේ රටේ නවක වදේ නැති කිරීමටත්, සරසවි ඇදුරන් ඇතුළු බටහිර ඩොකාල අතලොස්සකගේ ලිංගික කොටු පැනීම ඇතුළු ලිංගික අපරාධ නැති කිරීමටත්, විසඳුම ලෙස නොවේ. (වෛද්‍යවරු ලිංගික අපරාධ කරත් නම් වෛද්‍යවරු ගණන වැඩි වනවිට ලිංගික අපරාධ ගණනද වැඩි වනු ඇත. මා දන්නා ගණිතයෙනි.) නවකවදය නැති වීම අතුරු පලයක් ලෙස සිදු වනු ඇත. ඔබගේ අධ්‍යාපනය හා උතුරු නැගෙනහිර සංසන්දනය මට නොතේරේ. පුජකවරු බිහි කරන අයුරු මා නොදනිමි. ඒ ගැන ඔවුන් ගැන මට වඩා හොඳින් දන්නා මෙහි සිටින සුබාරන්චිකරුවන්ගෙන් අසා දැන ගන්න.
@Sith
1.
මුළු ලොවේම බටහිර වෙද විදුහලකට ඇතුළු වීමට ‘පුදුම තරඟයක්’ තිබේ.
merit ලිස්ට් එකේ,medical පැකල්ටියට නොතේරුන dental පැකල්ටියට තේරුණා වූ පළමුවන ළමයාගෙන්,’මුදල් ගෙවා පුද්ගලික වෙද විදුහලට යාමට කැමති දැයි’ අසා බැරිය කීවොත්,
‘පුළුවන්’ ය කියන-දෙවනියා තෝරණ ,
සම්මුඛ පරීක්ෂණ තියා රහසින් නොතෝරණ,
transparent entry system ඇති-පුද්ගලික වෙද විදුහල් ක්රරමයකට
මාගේ විරුද්ධත්වයක් නැතිය.
මේ රටේ පුද්ගලික වෙද විදුහල් සාදා
බටහිර වෙදුන් වැඩිකර ගත යුත්තේ
එවන්-පාරදෘශ්‍ය-සාධාරණ ක්‍රමයකට සිසුන් තෝරා ගැනීමෙන් මිස,
සම්මුඛ පරීක්ෂණ තියෙන-හොර පාරෙන් නොවේ.
2.
මාගේ මිතුරු බටහිර ඩොකෙක් කියපු ලෙස,
ඉහත 1 වන කරුණේ සඳහන් යෝජිත ක්රේමයට රාගම පුද්ගලික වෙද විදුහලට සම්මුඛ පරීක්ෂණ නැති ක්රේමයකින්
?1978 සිසුන් තේරුවා නම්/JRකැමති වුනා නම්,
කනේ පරාල ඇන යවා මරා දමන ලද තිරිමවිතන වැනි අතුරුදහන් වුන ?10ක් පමණ බටහිර වෙද සිසුන්,
අද ඩොකාලය.
(ඒ කාලේ ලංකාවේ හිටි USA UK ඇමබසි ලොක්කෝ
/NGO / හිර කරුවන් ගේ මානව හිමිකම් ගැන සහ බොරු සුදු කොඩි කතාවේ LTTE නායකයන්ගේ මානව හිමිකම් ගැන උඩ පනින උන්,
පුද්ගලික බටහිර වෙද විදුල වලට විරුද්ධ එවුන්ගේ කන් වලට නැවත පරාල අරින්න පටන් ගත්තොත්,
නැවතත් හොර නින්දට යනවා සිකුරුය!)
3.
අනික,?1976 දී දිස්ත්රිනක් quota ගෙනෙන ලද එක ප්රකධාන හේතුවක් නම්,ජන අනුපාතෙට වෙද /ඉංජිනේරු අංශ වලට සිසුන් ඇතුළු කර ගැනීමටය.
එම ක්රනමය නිසා කොළඹ සිංහල සිසුනට යම් පාඩුවක් වුනත්,
ඊට කලින් අසාමාන්යම ලෙස එක භාෂා මාධ්ය යකින් ඇතුළු වුන සිසුන්ගේ ප්රකමාණය අඩුවී,
ජන අනුපාතයට ආසන්න ව සිසුන් තේරුණි.
එලි පිට නොකීවත්,
USA ,UK ,AUSTRALIYA වැනි රටවල,INTERVEW PANAL වල
99% ක්ම බටහිරයෝ හිඳිමින්,සම්මුඛ පරීක්ෂණ තබමින්,
ජන අනුපාතයට ආසන්න වශයෙන් ළඟාවන ලෙස
සිසුන් ඇතුළු කර ගනී.
@Sith
‘අරාබි වසන්තේ’මේ රටට ගෙන්වා-’නන්දිකඩාල් ගමන’ ආපසු හැරවිය හැකි ඒකායන මාර්ගයක් වන-පරාල ඇන කරුවන් නැවත කැඳවා
පුද්ගලික බටහිර වෙද විදුහල් වලට විරුද්ධ එවුන්ව පරලෝ යවන්න පටන් ගත්තොත්,
ඒ කාලේ වගේම,
මේ රටේ USA UK ඇමබසි ලොක්කෝ
/NGO / හිර කරුවන් ගේ මානව හිමිකම් ගැන සහ බොරු සුදු කොඩි කතාවේ LTTE නායකයන්ගේ මානව හිමිකම් ගැන උඩ පනින
උන්,
නැවතත්
හොර නින්දට යනවා සිකුරුය!
සරසවි වල දැනට
එක්සේසත්ව ජාති වාදයක් නැතිව සමගියෙන්
කර ඇති එකම
‘අමන වැඩේ’ නම්
නවක වදේය