ශ්‍රී ලාංකික රජරට ජනතාව මෙකල මාරාන්තික වකුගඩු රෝගයකින් පෙළෙති. මේ නිසා මියගිය දහස් ගණනක් දෙනා අහිංසක ගොවි ජනතාවම වෙති. මෙම රෝගයට හේතුව ආසනික් නම් උග්‍ර විෂ ශරීරගත වීම යෑයි නවීන විද්වත්හු පිරිසක් විසින් අනාවරණය කර ඇති නමුදු ප්‍රශ්නයට නිවැරදි විසඳුමක් තවමත් ලැබී නැත.
කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන පළිබෝධ නාශක ශරීරගත වීම වකුගඩු රෝගයට හේතුව යෑයි කියනු ලැබේ. අපගේ අදහස නම් පළිබෝධ නාශක නිසා ඇතිවූ රෝගයක් ලෙස අප සොයාගෙන ඇත්තේ වකුගඩු රෝගය පමණක් බවය. අනාවරණය නොවූ සිය ගණනක් රෝගවලට හේතුව පළිබෝධ, කෘමිනාශක, රසායනික පොහොර ආදිය හරහා විෂ ශරීරගත වීම බව තවත් කලකට පසුව සොයාගනු ඇත. මෙය බරපතල ප්‍රශ්නයකි.
මෙම ප්‍රශ්නයට හේතුව නොව විසඳුම අපේ ඉතිහාසයෙන්ම සොයාගත හැකිය. මෙම විෂ තවමත් නොවැටුණු සිංහරාජ වනාන්තරය ආදී ස්‌ථානවලින් දැකගෙන හෙවත් නිරීක්‍ෂණය කර අවසන් නිගමනයකට පැමිණිය හැකිය. සිංහරාජයේ සශ්‍රීකව මනාව වර්ධනය වී ඇති ගහකොළවලට රසායනික පොහොර දැමූවෝ කවරහුද? එයට පළිබෝධ නාශක ඉසිනු ලැබුවෝ කවරහුද? කිසිවෙක් නැත. ස්‌වාභාවික ලෙස එම වෘක්‍ෂලතා වැඩී ස්‌වාභාවික ලෙසම රෝගවලට ඔරොත්තු දෙති.
හයකෝටියක ජනගහනයක් ලක්‌දිව සිටින බව පැවසෙන රජ දවස අපේ රට කෘෂිකර්මය අතින් සමෘද්ධිමත් විය. එකල ඒ සඳහා මෙවැනි විෂ වර්ග යොදාගෙන නැත. එදා කළ ආකාරයටම අදත් කළ නොහැකිද? පළිබෝධ නාශක නැතිව ගොවිතැන් කළ නොහැකි බවට පසුබාන තත්ත්වයක් වර්තමාන ගොවි ජනතාව තුළ ඇතිවී තිබේ. කාලයක් තිස්‌සේ ඉසින ලද මෙම විෂ පසට උරාගෙන ඇත. එමගින් පසේ සාරවත් කොටස් විනාශවී ඇත. එහෙත් තවදුරටත් මෙම වරද නොකර අපේ මුතුන් මිත්තන් අනුගමනය කළ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම අනුගමනය කිරීම අද කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.
පැරැන්නෝ ගොවිතැන සාර්ථක කර ගැනීමට යොදාගත්තේ පිරිත්, නැකැත්, කෙම් ක්‍රම ඇතුළු නොවරදින සාම්ප්‍රදායික උපක්‍රමයි. අදත් මේවා නොනැසී පවතී. කෘෂිකර්මය උදෙසා විවිධ නැකැත් ක්‍රමවලින් අපේ පැරැණි නක්‍ෂත්‍ර පොත් අංගසම්පූර්ණ වී තිබේ. බීජ වැපිරීමට මෙන්ම මල් වර්ග, අල වර්ග, වැල් වර්ග, පඳුලන ගස් මහ ගස් සිටුවීමට මෙන්ම වැට ගැසීමට ද වෙනම නැකැත් ක්‍රම ඒවායේ අන්තර්ගතය. “සියල්ලන්ගේ පැවැත්මට වැපිරීම මුල් වේ. ඒ හැර ලෝකයාගේ ජීවනය සඳහා කළ යුතු වෙනත් ප්‍රයෝජනවත් දෙයක් නැත” යනුවෙන් කෝණ හරණය නම් නැකැත් පොතේ කියා තිබේ. එක දවසින්ම පැළය වැඩී ගෙඩි හටගන්නා ක්‍රම ගැන ද ජ්‍යෙතිෂයේ සඳහන්ය.
ගොවිතැන සඳහා භාවිත කළ නොවරදින කෙම් ක්‍රම බොහෝය. මේ සඳහා මන්ත්‍ර මෙන්ම පිරිත්ද භාවිත කෙරේ. “සුපටිපන්නෝ යන සංඝයා පුදන ගාථාවෙන් 108 වරක් වතුර මතුරා පලතුරු ගස්‌වලට ඉසීමෙන් සතුන්ගෙන් ගෙඩි ආරක්‍ෂා කර ගත හැක. “වරෝ වරඤ්Cදු වරදො වරාහරෝ යන ගාථාවෙන් 108 වරක් පිරිත් කළ පැන් ඉසීමෙන් ඉපියන් මීයන් ආදී සතුන් මර්දනය වනු ඇත. මේ උදාහරණ පමණි.
කෘෂි රසායන නිෂ්පාදනයන් රුපියල් කෝටි ගණන් වියදම් කරමින් එම විෂ අලෙවි කිරීමට ප්‍රචාරණය ඇතුළු විවිධ අලෙවි උපක්‍රම භාවිත කරද්දී මෙවැනි කුඩා ලිපියකින් සාම්ප්‍රදායික ක්‍රම ගැන කතා කිරීම ප්‍රමාණවත් නැත. මේ සඳහා නටබුන් වී ගිය අපේ පැරැණි වෙහෙර විහාර ගඩොල් ගල් කණු පමණක් නොව ඊට පදනම් වූ පිරිත්, මන්ත්‍ර, යන්ත්‍ර, නැකත්, කෙම් ක්‍රම ආදිය ද ජාතික උරුමයන් සේ සලකා ආරක්‍ෂා කර ගැනීමෙන් සංවර්ධනය කිරීමටත් ඉගැන්වීමටත් සුදුසුම කාලය එළඹ තිබෙන බව රජයේ වගකිවයුතු අයට කාරුණිකව දන්වමු.
- ජ්‍යෙතිර්වේදී සුනිල් ගම්ලත්
Search
Business Name or Keyword
Kings Foods (Pvt) Ltd and Lila food product Please check
Gamlath mahatha mama danna itha daksha prayogika jotheerwediyek… Ohu kiyana lada boho karunu niweradi una awastha mama deka thibenawa.
KATE MASURAN DAMANNA VATINAWA> EKIYAMANA ATHTAK. ETH APEYRATEY INNA MATI MOLLU KAWADADA OKA TEYRUM GANNE. GOVITAN KARAN EVUN PARANI KRAMAYATA HURUUNANAMIWARAINE. ETAKOTA MOKATADA OYAKIYANA VASAVISA VIKUNANNE. UNNIKAMMA AKULAGANEEVI.
මෙයාට හොදටම පිස්සු….සින්හරාජ වනන්තරේ විතරක් නොවෙයි ලෝකෙ තියෙන්නේ…ඈමසන් වනාන්තරේටත් කවුරුවත් පොහොර දාල නෑහෑ…එවාට කියන්නේ ස්වභාවික වනාන්තර කියලා…
අවුරුදු 1500 ඉස්සර ලන්කාවෙ වගා කල ආකාරයට අද වගා කටයුතු කරන්න බෑහෑ…කෑමට තිබෙනා කටවල් සන්ඛ්යාව මිලි 20 ..අවුරුද්දකට එකෙකු හාල් කිලෝ 150 බුදින්නේ නම් හාල් කිලෝ බිලියන 3.0 නෑතිනම් මෙට්.ටොන් මිලි 3.0 උවමනායි…
ඔබ කියනා ආකාරයට වගා කිරීමට ගියෝතින් 1970 – 1977 කාල වකවානුවේ වාගේ ඈවිදින ඈටසෑකිලි දෑකිය හෑකිවේ….ඔබ එය දෑක නෑති නිසා වෙන්නෑති මේ නුවණ පහල වී තිබෙන්නේ..? හෑබෑටම වයස කීයද..?
ගොබ්බ හරකා මේවත් කියවලා බලපන්. කාලකන්ණි NGO $ පක්කලියා
http://www.youtube.com/watch?v=ixx1c3RSw_8
@lionheart…? වුනාට තියෙන්නේ බලු හදවතක්…මොකද ඔය තරම් වයිරයකින් කතා කරන්නේ…ප්‍රශ්නයක් ද…?
මචන් බල්ලන්ට අගව්රව කරන්න එපා !
උබල වගේ NGO $ කාක්කන් එක්ක අපේ ඇයි හොදයි නෑ. උන්ට රිබ යන්ඩ නෙලනවා විතරයි.
යකා
ලිපිය හරියට කියවල ලියපන්
කෝටි දෙකද?කෝටි හයද? වඩා ලොකු
ලංකාවේ පුද්ගලයන් වර්ග දෙකක් සිටිති , එක වර්ගයක් තමන්ට නොතේරෙන තමන්ට විශ්ලේෂණය කිරීමට දැනුම නොමැති ඕනෑම සමාජ ආර්ථික ගැටලුවක් කුමන්ත්‍රණ ( ලෝක බැංකු , අධිරාජ්‍යවාදී ) ලෙස නම් කරති. තවත් කොටසක් ලෝක සමාජ ආර්ථික තත්වයේ වර්තමාන ස්වභාවය , නවීන තාක්ෂණය ගැන ඇති අඩු දැනුම නිසා පවත්නා සමාජ ආර්ථික ගැටළු වලට අතීත කාමය ඔස්සේ පිළිතුරු සැපයීමට උත්සහ ගනිති. මෙවැනි පණ්ඩිතයෙක් වරක් යුද්දයෙන් තුවාල ලබන සොල්දාදුවන්ගේ තුවාල ඉක්මනින් සනීප වීම සඳහා අතීතයේ රජදරුවන් ප්‍රතිකාර කලක් මෙන් පුස් කැවුම් වලින් තැවිය යුතු බව වරක් දිවයින පුවත්පතින් තර්ක කළේය.
ඔර්ගනික් කෘෂිකර්මාන්තය සඳහා ලංකාවේ විශාල භුමි ප්‍රදේශ නැත
රසායනික පොහොර භාවිතය පාලනය කිරීම මිස තහනම මගින් අස්වැන්න දරුණු ලෙස අඩු විය හැකිය
ලංකාවේ මිනිසුන් කෘමි නාශක භාවිතයේදී නියමිත උපදෙස් අනුගමනය නොකරති , මුකවාඩම් නොමැතිව ස්ප්‍රේ කරති , කෘමි නාශක ටැංකි පොදු ජලාශ වල සෝදති. මේ නිසා විෂ රසායනික ශරීරයට එකතු වේ.
ලියුම්කරු පවසන පරිදි “සුපටිපන්නෝ යන සංඝයා පුදන ගාථාවෙන් 108 වරක් වතුර මතුරා පලතුරු ගස්‌වලට ඉසීමෙන් සතුන්ගෙන් ගෙඩි ආරක්‍ෂා කර ගත හැක. ඇරිසෝනා වල අක්කර දහස් ගණනක් විශාල ගොවිපලක් දුටුවෙමි , මේ කෙම ඒ ගොවිපල හිමි සමාගමට දෙන්න , ඔවුන්ට වසරකට ඩොලර් මිලියන ගණනක් පලතුරු සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉසිම් වලට වැයවේ. එම ගොවිපලේ වැඩ කරන මෙක්සිකන් ජාතිකයන්ට මේ කෙම උගන්වා වතුර මතුරා පලතුරු ගස්‌වලට ඉසීමෙන් ඔවුන්ගේ පිරිවැය අඩු කර ගත හැකිය.
Main problem is our people do not know how to use the chemicals !
you are Real patriotic businessmen. You sell the mad ideology and try to get peoples vote. Have you ever think total food requirement. Give us to any country in world, agriculture without pesticide.
මෙන්න මිනිමරුවෝ…!!
http://www.cic.lk/about_us/board_of_directors.php
මෙන්න මිනිමරු ජාලය..!!
http://iaahs.com/members.aspx
මේ හැම දේකටම විසඳුම අපි සරල වෙන එක විතරයි…