අම්මා ඉදිරියේදී යම් යම් ක‍්‍රියාමාර්ග ගනීවි – අගවිනිසුරු පුත්

තම මව ඉදිරියේදී රටේත්, ජනතාවගේත් නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරණායක කාරියවසම් මහතා පවසා තිබේ.

තම මවට එරෙහිව ගෙන එන ලද දොෂාභියෝගය සම්බන්ධයෙන් ඔහු තම ෆේස්බුක් පිටුවේ තබමින් මේ බව පවසා ඇත.

“මගේ අම්මා සැලෙන කාන්තාවක් නොවෙයි. ඇය මේ කාරණයේදී කෙලින් ඉන්නවා. ඇය නිවැරදි දේ වෙනුවෙන් සටන් කළ කාන්තාවක්. ඉදිරියටත් නොසැලී ඉන්නවා. ඇය ඇගේ අවසන් හුස්ම‍ පොද දක්වාම සටන් කරාවි. මම මේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ වෙනුවෙන් පෙනී සිටින්න කියලා.

අවුරුදු 200කට වැඩි ඉතිහාසයක් ඇති අපෙරටේ අධිකරණ ක්ෂේත්‍රයේ 43වන අග්‍රවිනිසුරු මෙන්ම අගවිනිසුරුවරියක් වූ පළමු කාන්තාවද මගේ මවයි. ඇය මනා අධ්‍යපනයක් ලද තැනැත්තියක් මේන්ම නීතිය පිළිබඳ PhD උපාධිධාරිනියක්. ඇය කිසි දිනක දේශපාල‍නයේ නිරවූ තැනැත්තික් නොවේ. දේශපාලනය ගැන මනා අවබෝදයක් ඇති තැනැත්තියක්.

මගේ අම්මා ඇගේ වසර 54ක ජීවිත කාලය තුළ වසර 32ක් රටේ විවිධ රැකියාවල නිරතව සිටියා. එහෙත් ඇය කිසිදිනක රටත් ජනතාවත් පාවාදී නැහැ. නමුත් හැමදාම රටත්, ජනතාවත් පාවාදුන් මිනිස්සු අද රට පාලනය කරනවා. ඒ වාගේම ජනතාවත් තමන්ගේ පාලකයන් ලෙස ඔවුන්ව තෝරා පත්කරගෙන තියෙනවා.

මගේ අම්මා ඉදිරියේදී රටේත්, ජනතාවගේත් නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග ගනීවි. එම ක්‍රියාමාර්ග අනුව රටේ මහජනතාව සහ අද ඉදිරියට පැමිණ සිටනි අය තීරණය කරන්න ඔබ නියෝජනය කළ යුත්තේ කුමන පැත්තක්ද යන්න” යනුවෙන්ද ඔහු සටහන් තබා ඇත.

48,053 Viewers

——

cnews

Add-here-new

contactus-n