“අගවිනිසුරුවරියට සපෝර්ට් එකට ඔබාමාත් අපිත් එක්ක” – JVP

අගවිනිසුරුවරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එල්ල වී ඇති දෝෂාභියෝගය වහාම ඉල්ලා අස් කරගත යුතු බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත ,අගවිනිසුරුවරිය රැකගැනීම වෙනුවෙන් ඇමරිකන් ජනාධිපති බැරැක් ඔබාමාද ඉදිරිපත් වී ඇතැයි පවසා තිබේ.

මෙරට තුල අගවිනිසුරුවරියට එරෙහිව එල්ල කල දෝෂාභියෝගයට විරුද්ධව නොයෙක් දෙනා බලපෑම් කලත් ඒ බලපෑම් කිසිඳු සැලකිල්ලට නොගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හිටි හැටියේ දෝෂාභියෝග වාර්ථාව ස්වාධීන කමිටුවකින් නැවත පරීක්ෂා කිරීමට යයි කියන්නේ ඇමරිකන් ජනාධිපතිවරයාගෙන් ලැබුනු දුරකථන ඇමතුමක් නිසා යැයි පවසයි.

ඊයේ(12) පලවත්ත ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙ අදහස් පලවිය.

එහිදී අදහස් පලකල අනුර කුමාර දිසානායක මහතා “ජනාධිපතිවරයා විසින් දෝෂාභියෝගය සම්බන්ධ පාර්ලිමේන්තු කමිටු වාර්තාව පිළිබඳ සොයාබලන්න ස්වාධීන කමිටුවක් පත්කරන බවට ප‍්‍රකාශයක් සිදුකර තිබෙනවා. නමුත් අපේ රටේ නීතිය අනුව, ව්‍යවස්ථාව අනුව කිසිදු තැනක සඳහන් නොවන බලාත්මක නොවන දෙයක් තමයි මේ කියන්නේ. සාමාන්‍ය ක්‍රියා පටිපාටිය තමයි දෝෂාභියෝග යෝජනාව ගෙනඒමෙන් පසු, එය විභාගකොට කමිටුව විසින් සකස් කරන ලියවිල්ල මාසයක් ඇතුළත විවාද කොට ජනාධිපතිවරයාට භාරදීම සහ ඉන් අනතුරුව ඔහු විසින් තීරණයක් ගැනීම. ස්වාධීන කමිටු හෝ වෙනයම් නාඩගමක් කළ යුතු නැහැ.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයට ඇහුම් කන් නොදුන් රාජපක්ෂ, අධිකරණ විනිසුරුවරුන්ට, නීතිඥයින්ට සහ අනෙකුත් නිලධාරීන්ට ඇහුම්කන් නොදුන් රාජපක්ෂ හිටි හැටියේ නින්දෙන් නැගිටලා වගේ මෙසේ නන්දොඩවන්නේ බැරක් ඔබාමාගෙන් කෝල් එකක් ආපු නිසයි.එයට බය වෙලයි.” යනුවෙන් පැවසීය

තමන් අධිරාජ්‍ය විරෝධීන් යැයි නිතර දෙස් දෙවොල් තබව ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීම්ම බැරැක් ඔබාමාම සිදු කරන්නේ ඇයිද යන්න පිලිබඳ කිසිවක් සඳහන් නොකිරීමට මන්ත්‍රීවරයා වග බලා ගත්තේය.

දෝෂාභියෝගය හමුවේ අගවිනිසුරුවරියගේ හැසිරීම පිටුපස බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම බටහිර රටවල්ද එක්ව ක්‍රියා කරන බවට බොහෝ දෙනා නැගූ චෝදනාව අනුර කුමාර මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශයෙන් තහවුරු වන බව විශ්ලේෂකයෝ පවසති.මීට පෙර මේ ආකාරයටම සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ පසුව ඔහු අධිරාජ්‍යවාදී ඉත්තෙක් ,බෙදුම්වාදයේ ගැත්තෙක් ලෙස හංවඩු ගසා නොසලා හැර දැමීය.

කෙසේ වෙතත් දෝෂාභියෝගය ගෙන එන්නට පෙර අගවිනිසුරුවරියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් මහතාට එල්ල වූ ඉතිරි කිරීමේ බැංකුවේ වංචාව ගැන පාර්ලිමේන්තුවේදී අදහස් පලකර අනුර කුමාර මන්ත්‍රීවරයාම ප්‍රදීප් කාරියවසම් මෙන්ම ඔහුගේ බිරිඳ වන අගවිනිසුරුවරියද වහා ගෙදර යා යුතු බව ප්‍රකාශ කර තිබිණ.

– යටියන ප‍්‍රදීප් කුමාර

 

20,164 Viewers

——

ceeeegossip99_22_0gossoplankamuthupini

Add-here-newe-poster

contactus-n