බොදු බලසේනා පිටකොටුවේ වෙළෙඳසැල් වටලයි

පිටකොටුවේ වෙළඳසැල් කිහිපයක ජාතික ධජයේ සිංහ රූපය විකෘති කර අලෙවි කිරීම නිසා ඒවා වැටලීමට බොදු බලසේනා සංවිධානය ඊයේ කටයුතු කළ බව එම සංවිධානය පවසයි.

මෙසේ වටලා ඇත්තේ පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණයේ බිම්මහලේ පිහිටි වෙළෙඳසැල් කිහිපයකි.

මෙහි දී වෙනස් කරන ලද සිංහ රූපය සහිත ජාතික ධජ මිලදී ගැනීමේ දී මේවා තොග වශයෙන් රටෙහි සෑම ප‍්‍රදේශයකට ම බෙදාහැරෙන බව ද වෙළෙඳසැල් හිමියන් මඟින් හෙළිදරව් වූ බව එහි විධායක කමිටු සාමජික දිලන්ත විතානගේ මහතා පැවසීය.

‘‘රටක ජාතික ධජය කියන්නේ එහි අනඞ්‍යතාව, ඒ වගේ ම එයට නිසි ගෞරවය හිමි විය යුතු යි. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ ජනමත විවරණයක් නොමැතිව එක එක්කෙනාට මෝස්තර කරන්න පුළුවන් එකක් නො වෙයි. ඒ වගේ ම ජාතික ධජය අද රට පුරා ම ප‍්‍රදර්ශනය කරන්නෙත් එක එක ආකාරයට, නිසි ගෞරවයක් නො ලැබෙන ආකාරයෙන් හිතූ හිතූ ලෙස මෙය වෙනස් නො කිරීමට අපි ශ‍්‍රී ලාංකිකයන් විදිහට වගබලා ගත යුතු යි. අපි ජනාධිපතිතුමාගෙන් හා ආරක්ෂක ලේකම්තුමාගෙන් ඉල්ලා සිටින්නේ ජාතික ධජය මුද්‍රණය කිරීමට, විකිණීමට යම් ක‍්‍රමවේදයක් සකසන ලෙස යි. එසේ ම නිසිලෙස ප‍්‍රදර්ශනය කිරීමට ජනතාව දැනුවත් කරන ලෙස යි’’ යයිද වැඩිදුරටත් අදහස් දැක්වූ දිලන්ත විතානගේ මහතා මෙසේ ද කීහ.

35,936 Viewers

——

cnewsgossip99_22_0gossoplanka8g

Add-here-new

contactus-n