හැකි නම් මට නඩු දමනු – පී‍්‍රමා සමාගම ගැන විමල්ගෙන් හෙළිදරවුවක්

ත්‍රිකුණාමලයේ පිහිටා ඇති ප්‍රීමා පිටි සමාගමට  අයත් කර්මාන්ත ශාලාවට ගෙන එන තිරිගු වලින් පොත්ත සමග පෝෂණය සහිත කොටස ඒ නැවේම නංවා යළි පිටරට යවා පෝෂණයෙන් තොර කොටස ශ්‍රී ලංකාවේ පරිභෝගිකයින්ට ලබා දෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දහම් පාසල් දරුදැරියන්ට පෝෂණයෙන් පිරී දේශීය උදෑසන ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “මේ ප්‍රවෘත්තිය මාධ්‍යවලින් ප්‍රචාරය වූවාට පසුව ප්‍රීමා සමාගමේ මහත්වරුන්ට අවශ්‍යනම් මට නඩු පවරන්න පුළුවන්. ප්‍රීමා පිටි කම්හල තියෙන්නේ ත්‍රිකුණාමලය වරාය අසල. මේ කර්මාන්ත ශාලාවට දවස් 5කට වතාවක් විතර විශාල නැවක් එනවා. ඒ නැවෙන් ගෙන එන තිරිගු ප්‍රීමා කම්හල ඇතුළට ගොඩබානවා. ඊට පස්සේ නැව  දවස් 5 ක් පමණ නිකන් නතරකර තබාගෙන ඉන්නවා. විශාල ලාභයක් නැත්නම් නෞකාවක් නිකරුණේ නැංගුරම්ලා වරායේ නතර නොකරන බව ඕනෑම කෙනෙකු දන්නවා. ඒ නැව එසේ දවස් 5 ක් නිකන් තියාගෙන ඉන්නේ අර ගෙනාපු තිරිගුවල ගුණය තිබෙන පොත්ත සහිත කොටස ඒ නැවටම දාගෙන යළි රැගෙන යන්නයි. ඒ අනුව පොත්ත සහිත පෝෂණය තියෙන කොටස යළි යුරෝපා ජාතියට ලබාදී අපිට ලබාදෙන්නේ ගුණයෙන් තොර රොඩ්ඩයි. ඒ කියන්නේ අපට දෙන්නේ සීනි තියෙන දියවැඩියා ප්ලස් තිරිගු පිටි ටිකයි.

යුද්ධයෙන් විනාශයට පත්වූ  ජපානය යළි නැගී සිටියේ කොහොමද?  ජපන් ජාතිකයාගේ මොළය මේ තරම් තාක්ෂණික නිෂ්පාදන  නිපදවන තත්ත්වයට  දියුණු වුණේ කොහොමද? ජපානය ඔවුන්ගේ ආහාර පරිභෝජන රටාව  හා අධ්‍යාපන රටාව වෙනස් කළා. අපි කෑවොත් උෂ්ණයි කියලා ඉවත දමන “බලයා” මාළුවා  ජපනා හැම තැනකින්ම අල්ලාගෙන යනවා. ඒ මාළුවා අපට  විශවෙන්නේ  අපි  ඒ මාළුවා  පැය ගණනක් නිකන් එළිමහනේ  තියලා ආහාරයට ගන්න නිසා.  ඒත් අල්ලාගත් අවස්ථාවේ ඉදන් අධිශීතකරණයෙන් අධිශීතකරණයට ගිහින් ඒ වගේම ශීතරකණයක තබා ජපන් ජාතිකයාගේ ආහාරවේලට එකතුවන  බලයා  තරම්  මොළය වර්ධනට වීමට උපකාරවන තවත් මාළු වර්ගයක් නැති තරම්. ජපන් ජාතිකයා ඒ නිසා අපේ බල මාළු ටිකත්  අල්ලගෙන ගිහින් ඔවුන්ගේ ආහාරයට ගනිද්දී අපි උෂ්ණයි කියලා අපේ දරුවන්ට  බල මාළු කවන්නේ නෑ.  ඒ අනුව ජපානයේ එතරම් ඥාණවන්ත දරුවන් නිර්මාණය වුණේ ඔවුන් මාළුන් ඉතා විශාල වශයෙන් ඔවුන්ගේ ආහාර පරිභෝජනයට එකතු කිරීම නිසයි. ඔබ දකින්නට ඇති පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය විකාශය වන අවධියේ  ඉන්දියානු රජයෙන් පළ කළ එක්තරා වෙළඳ දැන්වීමක්. ඒකෙන්  කියවුණේ  බිත්තර  වැඩි වැඩියෙන් ආහාරයට ගන්න කියලා. ඒ ඇයි බිත්තර මොළය වර්ධනයට උපකාර වන නිසා. ඒ නිසා  ඉන්දියාව බිත්තර ආහාරයට ගැනීම ප්‍රචලිත කරනවා. ඒත් අපට කියලා තියෙන්නේ බිත්තර ආහාරයට ගත්තහම කොලෙස්ටරෝල් වගේ  ලෙඩ එනවා කියලා. ඒත් පාම්පිටි කෑමෙන් සීනි එනවා කියලා කවුරුත්  කියන්නේ නෑ. මොළයට මොනවාහරි ලැබෙන ආහාරයක් කෑවොත්  මොනවාහරි කියලා ඒක නවත්වන්න උත්සාහ කරනවා. ඒත් පොත්ත පිටරටට දීලා  රොඩ්ඩ අපි කන පාන් කෑවහම වෙන්නේ මොනවද කියලා කවුරුවත් කියන්නේ නෑ.මේ රටේ ජනමාධ්‍ය ආයතන බොහොමයක් මේ මහා සමාගම් ජාලය විසින් ඔවුන්ට නතුකරගෙන තියෙන්නේ. ඒ නිසා අපිට අද  සිදුවෙලා  තියෙනවා වෙනත් අරගලයක් මේ වෙනුවෙන් කිරීමට. ඒ අනුව මේ වගේ කුඩා ජන කණ්ඩායම්  අතර ගෙනයන කතිකාවක්  ඒ සඳහා  අවශ්‍යයි.

ඒ අනුව අපි අපේ දරුවන්ට අපේ අනන්‍ය ජීවන රටාව කියාදිය යුතුයි. ඒ පන්නරේ ඇති දරුවෙකුට පමණයි ලෝකය ජයගන්න පුළුවන්. චීන ජාතිකයා අද  ලෝකය ජයගන්නේ  ඔවුන් තුළ තියෙන  චීන අනන්‍යතාවය නිසයි.  ඔහු ලොව කොයි  රටට ගියත්  කන්නේ ඔවුන්ට  උරුම කෝටු කෑලි දෙකෙන්. අපි තමයි  කොහේ ගියත් අත පැත්තක දාලා ගෑරුප්පුවෙන්, හැන්දෙන් ඇණ ඇණ ඉන්නේ.

ඒ අනුව  අපට ඒ වෙනස අවශ්‍ය නම් ඒ වෙනස මේ දරුවන්  තුළින්  තමයි  ඇති කළ යුතු වන්නේ. ඒ නිසා  අපි ඔවුන්ගේ මනසට ලබාදිය යුතුයි,  අපේ අතීත මුතුන් මිත්තන් ආහාරයට ගත් ආහාර රටාව. සුදු ජාතිකයන් වෙල්ලස්ස අරගලය නතර කරන්න අපේ හේන්, කුඹුරු, ගෙවතු සියල්ල විනාශ කළේ මෙන්න මේ හේතුව නිසා. අද වන විට අපි ආහාර අතින් ස්වයංපෝෂිත නෑ. අපේ කඩ සාප්පුවල පිරිලා තියෙන්නේ විදේශ රටවලින් ආනයනය කරන භාණ්ඩ. අපේම  ජනතාව වෙළඳ පොළකින් දේශීය නිෂ්පාදනයක් මිලදී ගන්න දක්වන්නේ අකමැත්තක්. මෙන්න මේ වගේ පටු මනෝභාවයන්ගෙන් මිදුනු සමාජයක්  ගොඩනංවන්න බැරිනම්  රටක යහපත් පරිවර්තනයක් කරන්න  කොතෙක් අපි උත්සාහ කළත්  එය සාර්ථක ව්‍යායාමයක් වන්නේ නෑ”

මෙහිදී  අමාත්‍යවරයා  ශ්‍රී ලංකික ජනතාවට උරුම වූ අතීත අනන්‍යතාවය පිළිබඳව ද මෙසේ කරුණු දැක්වීය. “ අද  බොහෝ විට කොළඹ ආශ්‍රිතව  ජීවත්වන ජනතාවගෙන් ඇහුවොත් සිංහල බෞද්ධකම කියලා කියන්නේ මොකක්ද කියලා ඔවුන්ට ඒ  සම්බන්ධයෙන් දෙන්න උත්තරයක් නෑ. අපේ රට  අනන්‍යතාවයක් ඇතුව ගොඩනැගුනු රටක්. මේ රට ලෝක දැනුමට තමන්ගේම වූ දැනුම දායාද කළ රටක්. එහෙම නැති බොහොමයක් රටවල්  තියෙනවා. දැන් අපි කතාකරන මැදපෙරදිග රටවල් කියන ඒවා අතීතයේ විශාල කාන්තාර. මේවා  බොහොමයක් අතීතයේ මංකොල්ල කාරයින් විසින් අල්ලාගත් ප්‍රදේශ. තවත් සමහර  රටවල් තියෙනවා හිරකාරයින් ගෙනත්දාපු ප්‍රදේශ. ඕස්ට්‍රේලියාවත් එහෙම  රටක්. ලෝකේ සෑම රටක්ම ඉතා විශිෂ්ට ඉතිහාසයක්, ලෝකයට දායාද කළ රටවල් නෙවෙයි.

එහෙත් අපි අති ශ්‍රේෂ්ඨ ජාතියක්. අපි අක්ෂර මාලාවකුත් එක්ක භාෂාවක් නිර්මාණය කරගත් රටක්. ලෝකයේ බොහෝ භාෂාවල් තියෙනවා. එහෙත් අක්ෂර මාලාවක් නිර්මාණය වූ භාෂාවල්  ලෝකයේ  තියෙන්නේ ඉතා අඩුවෙන්. යුරෝපයේ  වුණත් බොහොමයක් භාෂා තිබුණට ඔවුන්ට අයත් අක්ෂර මාලාව වන්නේ ඉංග්‍රීසි අක්ෂර මාලාව. ඒත් සිංහලයා කියන්නේ  අපටම කියලා භාෂාවක් අපටම කියලා අක්ෂර මාලාවක් බිහිකරගත් ජාතියක්.

ඒ වගේම තමයි අපිට කාගෙවත් අනුන්ගේ කෑම කන්න ඕනෙ නෑ. අපි අපටම කියලා ආහාර පරිභෝජන රටාවක් ගොඩනගා ගත් ජාතියක්. අපේ පොළොවේ  වැවෙන ශාක එක්ක බැඳුනු, අපේ ජීවන රටාවට සරිලන, අපේ දේශගුණයට ගැළපුණු ආහාර රටාවක් අපිට තිබුණා. ඒ වගේම අති දියුණු වෛද්‍ය දැනුමක් අපි නිර්මාණය කරගෙන  තිබුණා. එය අපේ රටට  අනන්‍ය වෛද්‍ය දැනුමක්. ඒ නිසා තමයි  ලොකේ පළමුවන විධිමත් රෝහල අනුරාධපුර රාජධානියෙන් හමුවන්නේ. අපේ‍ මහා සංඝරත්නය කියන්නේ එක්තරා  යුගයක  ඒ  මා හැඟි වෛද්‍ය දැනුම පරපුරෙන් පරපුරට දායාද කළ පිරිසක්. ඔවුන් වෛද්‍යවරු වශයෙන් තමන්ගේ කාර්ය ඉටු කළා වගේම ඒ දැනුම පුස්කොළ පොත්වල ලියලා අනාගත පරපුරට දායාද කළෙත් උන්වහන්සේලා.

ඒ විතරක් නොවෙයි. කාලයාගේ ඇවෑමෙන් වුවත් විනාශයට නොයන අසිරිමත්ම මිනිස් නිර්මාණය කළ ජාතියත් අපි. ඒ තමයි වැව නිර්මාණය කිරීම. වෙන ඕනෑම නිර්මාණයක් අවුරුදු සිය දහස් ගණනක් ඇවෑමෙන් වැනසෙන්න පුළුවන්. ඒ සියල්ල විනාශ වුණත්  අන්තිමටම විනාශවෙන මානව නිර්මාණය විය යුත්තේ වැව. ඒකට හේතුව වැව කියන්නේ සොබාදහමට බලෙන් පටවන ලද නිර්මාණයක් නොවීමයි. සොබාදහම හා වැව අතර තියෙන්නේ  ඉතා සොදුරු මිතුදමක්. මේ වැව අපේ නිර්මාණයක්. අනුරාධපුර, පොළොන්නරු රාජධානි යුගවල තියෙන වාර්මාර්ග පරීක්ෂා කළහම  අපට පේනවා මොනතරම්  වාරි ඉංජිනේරු දැනුමත් අපේ මුතුන්මිත්තන්ට තිබුණද කියලා.

ඒ විතරක් නොවෙයි අපේ ආදිතම අගනුවර චෙව්ව අනුරාධපුර නගරයේ තිබූ බදු ක්‍රම, නීති රීති, පාලන රටා ආදිය අධ්‍යනය කළ විට අපට වැටහෙනවා කොයිතරම්  දේශපාලන දැනුමක් මේ රටට අතීතයේ  උරුමවෙලා තිබුණද කියලා. ඒ දැනුම තමයි එදා අධිරාජ්‍යවාදීන්  විශාල වශයෙන් විනාශ කළේ. මේ රටේ අපටම කියලා සටන් කලාවක් තිබුණා අංගම්පොර කියලා.

ඒ අනුව බලනකොට අපිටම කියලා භාෂාවක්, අක්ෂර මාලාවක්, ආහාර සංස්කෘතියක්, වෛද්‍ය දැනුමක්, සටන් කලාවක්. සෞන්දර්ය කලාවක් අපිට තියෙනවා.  වානේ නිපදවීමට ලොකයේ පැරණිම තාක්ෂණය තිබුණේ අපේ රටේ. සීගිරිය ආසන්නයේ අද  ඉන්නේ ඒ ක්‍රිස්තු පූර්ව යුගයේ අරාබි ජාතිකයාට “ ඩමෙස්කස් ”  කඩුව හදන්න පිරිසිදු වානේ නිපදවූ අපේ මුතුන් මිත්තන්ගේ පරපුර.

එහෙත් සුදු අධිරාජ්‍යවාදීන් කළේ ඔවුන් ගිය ගිය යටත් විජිතවල දැනුම කොල්ලකාපු එක. එහෙම කොල්ල කාගත් දැනුම පසුව ඔවුන් ඔවුන්ගේ දැනුම වශයෙන් ලෝකයට ඉදිරිපත් කළා.දැන් ඉස්කෝලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයකට ගියත්  ඒක නිවේදනය කරන ශිෂ්‍යයා හෝ ශිෂ්‍යයාව ඒ නිවේදන කාර්ය කරන්නේ ඉංග්‍රීසියෙන්. දහම් පාසලක උත්සවයකට ගියත්  ඒකෙන් ඉංග්‍රීසි කතාවක් තියෙනවා. එයින් පේන්නේ ඉංග්‍රීසිය පාචිච්චි කරන්න උගන්වනවට වඩා දැන් ඉංග්‍රීසි සංස්කෘතියට අපි අපේ දරුවන්ව රැගෙන යමින් ඉන්නවා කියන කාරණයයි. ලෝකයේ  ඉහළම කෝටිපතියන් කිහිපදෙනා අතරින් කෙනෙක් වූ මයික්‍රොසොෆ්ට් සමාගම් හිමිකරුවා කියන්නේ තමන් තමන්ගේ දරුවන් තිදෙනාගෙන් දියණියන්  දෙදෙනාට   අවුරුදු 13 වෙනකන් ජංගම දුරකථන භාවිතයට ඉඩ නොදෙන බවයි. 13 දී ජංගම දුරකථන භාවිතා කිරීමට ඉඩ දුන්නොත් 13 සිට 16 වන තෙක් ඔවුන් දුරකතනයෙන් කරණාදෙය පිළිබඳව තමා හා තම බිරිඳ නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න බවයි.  ඒ කියන්නේ  අවුරුදු 16 වෙනකන් ඔහු ඔහුගේ පාලනයට යටත්වයි  තම දියණියන්ට ජංගම දුරකතන ලබාදෙන්නේ. මේ දුරකථනය කියලා කියන්නේ ළමයින්ගේ  ළමා කාලය නැතිකරන මෙවලමක්. ළමයින්ට ළමා කාලයට අයත් ජීවිතයක් තිබිය යුතුයි. එහෙත් අද ළමයි බැළුවොත් ඔවුන් එක්කෝ ජංගම දුරකථනයෙන් මොනවාහරි ඔබනවා නැත්නම් කොම්පියුටරය ඉදිරියේ භාවන කරනවා” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

දෙල්ගහවත්ත ශ්‍රී ජිනවංශාරාමය දහම් පාසල, හේනවවත්ත ශ්‍රී මහින්ද දහම් පාසල හා ශ්‍රි රාහුල මහා විද්‍යාලයේ ශ්‍රි රාහුල දහම් පාසල යන දහම් පාසල් වල දරු දැරියන් 600 කට අධික පිරිසකට පෝෂණයෙන් පිරි ගුණාත්මක ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන මෙදින ආරම්භවිය. ප්‍රදේශයේ ධානපතියන්ගේ හා දෙමාපියන්ගේද ආධාර උපකාර ඇතිව මෙම සමාජ සත්කාරය මෙහෙයවනු ලබන්නේ පංචායුධ පදනම විසින් වන අතර 2013 වර්ෂය පුරා මෙය අඛන්ඩව සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.

w-prima

47,511 Viewers

89 Comments to “හැකි නම් මට නඩු දමනු – පී‍්‍රමා සමාගම ගැන විමල්ගෙන් හෙළිදරවුවක්”

  1. මාතර ආතර says:

    විමල් කොලුවො,

    උම්බෙ කතාවෙ

    සින්හල-බොදු සාර දර්ම වලට විරුද්ද-මාලු බිත්තර ගැන
    ඇරෙන්න,

    අනිත් ටික නම්
    එල.

    • ටික්කා... says:

      ඔන්න ඉතින් ගොං මැට්ටෙක් උඩින්ම කොමෙන්ට් කොරල… ”’සින්හල-බොදු සාර දර්ම වලට විරුද්ද-මාලු බිත්තර ගැන
      ඇරෙන්න”’ අනේ ගොනෝ බුදු දහමේ කොහෙවත් නෑ මස් මාළු කන්ට එපා කියල .. දෙවදත්තය බුදුහාමුදුරුවන් ගෙන් ඇවිල්ල ඉල්ලාපු ඉල්ලීම් 5 න් එකක් තමා ඔය..
      භික්ෂු සංඝයා
      1. මස් මාංශයෙන් තොර විය යුතුයි.
      අනිත් 4 තමා ,

      2.ආරණ්‍ය වාසි විය යුතුයි..
      3. වෘක්ෂ මුලික විය යුතුයි..
      4. පිණ්ඩපාතික විය යුතුයි..
      5. පාන්ශකුලික සිව්රු දැරිය යුතුයි..


      බුදුරජාණන් වහන්සේ ඔය ඉල්ලීම් 5 ප්‍රතික්ෂේප කරලා තියනව ..
      ඉතින් බොලව් අපේ බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුභවය භික්ෂු සංඝයාටත් අකැප දෙයක් නොවෙයි කියල සඳහන් කරලා තියනව .. ඉතින් ගිහියන් වන අපට මස් මාළු අනුභවය අකැප දෙයක් නොවෙයි… ඔය උදවිය ශික්ෂාපද හදාගන්න උවමනා වෙන්නේ නෑ ..
      භාග්‍යවතුන් වහන්සේ තුන් කල් දක්නා නුවනින් තමා ඔය දේ දේශනා කරලා තියෙන්නේ .. ඉතින් අපේ සමහර මෝඩ පිරිස් ඔහොම ශික්ෂා පද හදාගන්නවා .. භාග්‍යවතුන් වහන්සේ දේශනා කල ධර්මය මුල මැද අග නිරවුල්… ඉතින් ඒ ගැන අපි කව්රුවත් සැක ඇති කරගන්න ඕනේ නැහැ..

      තවත් දෙයක් .. අපේ සිංහලයෝ අලුත් අවුරුද්ද කියල සමරන උත්සවේ අපිට අයිති දෙයක් නොවේ.. කාලිංග මාඝ ආක්‍රමණයෙන් පස්සේ සිංහල ජන සමාජයට උන් බලහත්කාරයෙන් ඇතුල් කරපුව … නැකත් ශාස්ත්‍ර , ශුභ මුහුර්ත , අපිට අයිති දේවල් නෙවෙයි.. ඕව මිත්‍යා දෘෂ්ටියට අයිති දේවල්.. අපේ භෞද්ධය ඉස්සර ඉඳලම අලුත් අවුරුද්ද කියල සමරුවේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල .. එතන ශුභ නැකත් කේන්දර ශුභ මුහුර්ත නෑ .. අන්න නියම ”සිංහල භෞද්ධයා ” .. ”සිංහල බොදු සාරධර්ම” කිව්වේ ඕවට .. ඒකයි මේ ජාතිය මෙච්චර කල් නොනැසී ආවේ ..

      • Kishan says:

        මට පේන්නෙ ඔබතුමා මහමෙව්නා නිකායෙ කෙනෙක් වගේ. සිංහල අවුරුද්ද අපේ නෙවෙයි කිය කිය කෑගහන්නෙ ඒ අය තමයි

        සිංහල අවුරුද්දත් ඒ හා බැඳුණු චාරිත්‍රත්, නැකැත් ශාස්ත්‍රය කියන සියල්ලම රාවන රජතුමාගෙ කාලෙ ඉඳන් පැවතගෙන එන දේවල් ..බුදුදහම හඳුන්වාදෙන්ඩ කලින් නෑයකුන් පිදීම, හිරුදෙවි නැමදීම වගේ ඇදහීම් තමා මේ රටේ තිබුණෙ. සිංහල අවුරුද්ද කියන්නෙ හිරු දෙවියන්ඩ වන්දනා කිරීමේ පුරාන සිව්හෙළ චාරිත්‍රයේ විකාසනයක්

        ඉතිහාසයක් හරියට දන්නෙ නැති ඔහෙලා කරන්නෙ බුද්ධ දර්මය විකුනගෙන් කන එක. ඒකදිවට සිංහල කොල්ලො කෙල්ලොන්ට ගිහි ජීවිතේ එපා කරවනවා, සිංහලයගෙ ලේ උරුමෙන්ම එන දේවල් සිංහලයගෙ නෙවෙයි කියනවා. තුමුසෙලත් අර ජේවිපිකාරයො වගේම මහ පාහර ජාතිද්‍රෝහියො .කිසිම වෙනසක් නෑ

        • බුදුන් වහන්සේ මස්මාළු කන්න එපා කියලා නීති පනවලා නැහැ. ඒක පසුකාලිනව අපේ රටේ බෞද්ධයන් විහින් පනවා ගත්ත නීතියක්. ඒවගේම රාවනා කියලා ර‍ජෙක් හිටියා කියලා තවම ඔප්පු වෙලා නැහැ.ඒක සමහර විට වාල්මිකීගේ රාමායණය කියන පොතේ තිබුන චරිතයක් පමණක් වන්නටත් පුළුවන්. එහෙම හරියටම ඔප්පුවෙලා නැති රාවණා වගේ චරිත සිටියාය කියනවා නම් නවකතා වල කතුවරයන් විසින් මවපු හැම චරිතයම සැබෑ චරිත ලෙසම ලෝකයේ ජීවත් වුනා කියලත් තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවගේම යල්පැන ගිය රාවණා සංකල්පයක් තුල ජීවත්වීමේ ඇති ඵලයකුත් නැහැ.
          http://sathsamudura.blogspot.com/2012/08/king-ravana-was-real-or-myth.html
          http://sathsamudura.blogspot.com/2012/08/blog-post_26.html

        • ටික්කා... says:

          ක්‍රිෂාන් මහත්මයෝ,

          ඔබ තුමා හැම දේම පටලවාගෙන ඉන්නේ ,
          බුදු කෙනෙක් ලොව පහල වීම කියන්නේ අතිශය දුර්ලභ දෙයක්…උන් වහන්සේ කෙනෙක් ලොව පහල වෙන්නේ සසරේ ගමන් කරන හැටි කියල දෙන්න නෙවේ.. සසර ගමන නවත්වන හැටි කියල දෙන්න .චතුරාර්ය සත්‍ය ධර්මය ලොවට දේශනා කරන්න .. සෝතාපන්න උන පමණින් සත්වයා සතර අපායෙන් නිදහස් වෙනවා .. ඉතින් සෝතාපන්න උණු රජවරු ඉඳල නැද්ද ?? අනාගාමී සිටුවරු ඉඳල නැද්ද .. ඒ හැමෝම බුදුරජාණන් වහන්සේ දුටු පමණින් සසර කලකිරිලා මහන උනාද? ධර්මය නිසා 100 ක් දෙනා ධර්ම මාර්ගයේ ,ගිහිව ඉඳල නීති පන්සිල් පොහොය අට සිල් සමාදන් වෙලා යහපත් කෙනෙක් වෙලා ගිහිව ඉඳල මග ඵල ලබන්න මහන්සි ගන්න අතරේ එක් අයෙක් සසරේ කල පුණ්‍ය කර්මයක් නිසා කෝටියක් පාරිශුද්ධ ශිලය රකිමින් මහණ දම් පුරන්න මහන්සි ගන්නවා .. ඒකට යොමු වෙනවා .. දැන් කියන්න පුළුවන් දුස්සීල ශ්‍රමණයෝ ඉන්නවනේ කියල .. ඔව් ඉන්න පුළුවන්. ඒ කලෙත් හිටිය ..දැනුත් ඉන්නවා ..අපි දානයක් දෙද්දී ඒක පුජ කරන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට මිසක් එක එක භික්ෂුන්ට නෙවේ.. එහෙම කරනවා නම් එක .වැරදි. අපි එතකොට භික්ෂු සංඝයා කියල සිහි කරන්න ඕනේ සැරියුත් ,මුගලන් ,කාශ්‍යප මහා රහතන් වහන්සේලා..
          ඔබ තුමා රාවණා සරණ ගිය පුත්ගලයෙක් වගෙයි මට පෙන්නේ ..

          තෙරුවන් සරණ ගිය කෙනෙක් කියන්නේ බුදුරජාණන් වහන්සේව අදහගන්න ඕනේ .. උන්වහන්සේගේ දැනුම අදහගන්න ඕනේ .. භාග්‍යවතුන් වහන්සේ විතරයි සම්මා දිට්ටිය දේශනා කරන්නේ .. උන් වහන්සේ වැරදි දෙයක් දේශනා කරන්නේ නෑ ..
          ඉතින් ඔය ශුභ නැකත් ,මුහුර්ත ,කේන්දර අයිති වෙන්නේ මිත්‍යා දෘෂ්ටියට .. මන් නෙවේ මේක කියන්නේ .. භාග්‍යවතුන් වහන්සේ … මිත්‍යා දෘෂ්ටිය තියන කෙනෙක්ට උත්පත්ති දෙකයි තියෙන්නේ .. එකක් තිරිසන් අපාය .. අනික නිරය ..මන් මේ කියන්නේ මගේ අදහසක් නෙවේ..බුදු මුවින් දේශනා කරපු දේ..
          තම තමන් කැමති සියලු දේවල් කරපින්නාගෙන නකතුත් බලාගෙන ශුභ නැකත් කේන්දරත් බලාගෙන ,චුට්ටක් සිලුත් අරගෙන , බණත් චුට්ටක් අහල . අනේ මහත්තයෝ එහෙම නම් මේ සසරෙන් එතර වෙන්ට අමාරුයි.. හැකි හැම වෙලේම වීර්ය කරන්ඩ ඕනේ හිත කය වචනය සංවර කරගන්ඩ .. හරි අමාරුයි කරන්ට ..මොකද කල්ප ගානක් සසරේ පුරුදු කලේ වැරදි දේවල් නේ .. නමුත් උත්සහ කලත් පිනක් රැස් වෙනවා .. තේරුනාද ?
          මහත්තයෝ , තුන් කල් දක්නා නුවනක් තිබුණු, සත්වයාගේ චුත වන ස්වභාවය යලි උපදින ස්වභාවය අතැඹුලක් සේ දැනගත්ත ,ආශ්‍රව ප්‍රහාණය කරන විදිහ දැනගත්ත ,ලෝකෙට පහල වෙන ඒ උතුම්ම සම්බුදු කෙනෙක් ගෙ මුවින් වදාළ දේශනාවකට වඩා. ඔය පත්තර කාරයෙක් , බමුණෙක් , නක්ෂස්ත්‍ර කාරයෙක් කියපු දෙයක් ලොකු වෙන්නේ කොහොමද ? ? ඔයා රාවණා ව දැක්කද ? කව්රු හරි පෘතක්ජන මනුස්සයෙක් කියපු එකක් නේ ඔය කරපින්නාගෙන දඟලන්නේ .. රහතන් වහන්සේ නමක් දේශනා කරපු දෙයක් විතරයි බොරුවක් නොවේ කියල අදහගන්ඩ පුළුවන්..කොහේ හරි දේශනාවක සඳහන් වෙනවද ඔය නැකත් ශාස්ත්‍ර හරී කියල ..
          බුදු සසුනේ අනුභාව තියෙන්නේ ,ධර්මයේ පිහිට තියෙන්නේ ,සසරෙන් එතෙර වෙන්ට උත්සහ කරන්නේ ,උඩුගම් බලා පිහිනන්ට උත්සහ කරන්නේ , තෙරුවන් සරණ තමන්ගේ එකම සරණ කරගන්නේ ශ්රුත්වත් ආර්ය ශ්‍රාවකයෙක් විනා අශ්රුත්වත් ප්රුතක්ජනයෙක් නොවේ .. බුදු මුවින්ම දේශනා කරලා තියනව නිය සිලට ගත් පස් පිඩක් වගේ කියල එහෙම පිරිස .. මහා පොලොව වගේ පිරිසක් ඉන්නවා ඔබ වගේ .. ඒක නිසා ”ප්‍රඤ’ඤවන්තයින් පමණයි තෙරුවන් සරණ පිහිට කරගන්නේ”
          කියන බුදු වදන සත්‍යක් මයි…

        • Sith says:

          බුදුදහම හා සිංහල බෞද්ධ සංස්කෘතිය යනු දෙකකි. අසපු යන පින්වතුන් පිළිපදින්නේ පිරිසිදු බුදුදහමය. ඒක හරිය. එලෙස ආර්ය ප්‍රතිපදාවේ යන ශ්‍රාවකයා සියල්ල ඇත හැර ඇලීම් ගැටීම දුරලා කෙලෙස් නසා නිවන් දකියි. එවැනි උතුමන්ගෙන් කාටවත් වරදක් කරදරයක් නැත-කාටත් පින් කෙතක්ම වෙති. එහෙත් ප්‍රශ්නය වන්නේ අසපු යන පින්වත් අසපු ශ්‍රාවකයන් නිතරම සිංහල සිරිත විරිත සමග ගැටීමය. මේ පින්වතුන්ගෙන් බේරී සිටීමට සිංහල බෞද්ධයාට සිදුව තිබීමය. මේ පින්වතුන් කෙසේ වෙතත් ඔවුනගේ පින්වත් දරුමුනුපුරන් නම් හෙළ සිරිත හැර දැමු පසු ඇලෙනු ඇත්තේ පල්ලියේය. සිංහල බෞද්ධ සංස්කෘතියට හා හෙළ සිරිතට වෛර කිරීමත් පහර ගැසීමත් නැවතීමට, අසපු පින්වතුන් අද තමන් සැනසුම ලබන දහම දෙදහස් වසක් පසු කර අපට ලැබුනේ කෙසේදැයි මදකට සිතා බැලීම ප්‍රමාණවත්ය.

        • Kishan says:

          @සත් සමුදුර ..රාමායණය බලලා රාවන ගැන නිගමන ගන්න ඔබතුමා වගෙ හුඟක් අය මම දැකලා තියෙනවා . රාවන කියලා කෙනෙක් හිටියය කියන්ඩ ඕනෙව්වටත් වඩා ජනශ්‍රැති සාක්ෂි තියෙනවා .ජනශ්‍රැතිවල දැක්වෙන කරුනු සාහිත්‍ය මූලාශ්‍රවලට වඩා බෙහෙවින් විශ්වාසදායකයි කියන එක මානව විද්‍යාඛ්නයො පවා පිළිගන්න දෙයක් .ඒවයෙ ඉන්න රාවණ රාමායනයෙ රාවණට වඩා හුඟක් වෙනස් . ..අනික මේ රටේම ප්‍රභවය උනු සටන් කලාවක් ලෙස සැලකෙන අංගම් ශාස්ත්‍රයටත් රාවන රජතුමාගෙ නම සම්බන්ධවෙලා තියෙන්නෙ අහඹුවකින් නෙවෙයි.රාවන කියන්නෙ එක පුද්ගලයෙක් නෙවෙයි .රජ පරපුරක් .ලංකාවතාර සූත්‍රයෙ රාවනව රාමායනයෙ රාවනත් එක්ක පටලවගෙන ඉන්නෙ ඒ නිසයි

          @ටික්කා..මම කිය්න්නෙ නෑ නැකැත් පිටුපස යන්න ඕනෙ කියලා.මම උනත් ජ්‍යෝතිශය පස්සෙ යන කෙනෙක් නෙවෙයි .හැබැයි ඒ ශාස්ත්‍රයෙන් නිවැරදි අනාවැකි දෙන්ඩ පුලුවන් කියන කාරනෙ මම පිලිගන්නවා .හැබැයි මනුස්සයකුගෙ ආත්ම ශක්තිය ඒ හැමදේටම වඩා ප්‍රබලයි .බුදුපියානන්වහන්සෙ කොහෙවත් වදාරලා නෑ ඒක බොරුයි කියලා. ඒව පස්සෙ යන්නෙ නැතුව තමුන් ගැන විශ්වාසය තියන්ඩ කියලයි උන්වහන්සෙ පෙන්වාදුන්නෙ . නැකැත් ශාස්ත්‍රය අනිවාර්යයෙන්ම දිගටම පැවතියයුතුයි , සිංහල ජාතියෙ උරුමයක් ලෙස.
          ඔබ කියනවා කාලිංග මඝගෙන් අලුත් අවුරුද්ද උරුම උනුබවක්. කිසිම සාහිත්‍ය මූලාශ්‍රයක එහෙම දෙයක් සඳහන් වෙන්නෙ නෑ. හැබැයි සාහිත්‍ය මුලාශ්‍රවලටත් වඩා හුඟක් සත්‍යයට සමීප ලෙස සැලකෙන ජනශ්‍රැතියෙ බොහෝ සාක්ෂි තියෙනවා අලුත් අවුරුද්ද ප්‍රාග් බෞද්ධ යුගයෙ යක්ෂ ගෝත්‍රයෙන් ලැබුණු දායාදයක් ලෙස පිළිගැනීමට

        • ටික්කා... says:

          @ sasith ,

          මේ පින්වතුන් කෙසේ වෙතත් ඔවුනගේ පින්වත් දරුමුනුපුරන් නම් හෙළ සිරිත හැර දැමු පසු ඇලෙනු ඇත්තේ පල්ලියේය.
          මෙය වැරදි මහත්මයා , බුදු දහම නිසාම හෙළයා ,සිංහල , සිරිත් විරිත් රැකුණා විනා සිරිත් විරිත් නිසා බුදු දහම මේ රටේ රැකුනා නොවේ..

          සිංහල සිරිත් විරිත් යනු ”හින්දු අලුත් අවුරුද්ද ” කියල ලඝු කරලා ගන්ට එපා.. සිංහල හින්දු කියල කට්ටිය හදාගෙන තියෙන්නේ පස්සෙනේ ..
          හරි ,මෙක මට කියන්න .. අලුත් අවුරුද්ද සිංහලයටම අනන්‍ය වූ දෙයක් නම් ,අනාදිමත් කාලයක සිට පැවත එනවා නම් ,ඒ ප්‍රෞඪ ඉතිහාසයේ ආඩම්බර ජාතියක් වූ සිංහලය මොකටද ”සිංහල හින්දු අලුත් අවුරුද්ද ” කියල හින්දු අයව ගාවගත්තේ .. ඕක හින්දු අලුත් අවුරුද්ද .. අපේ රටේ නිසා අපේ ”සිංහල” කියන එක ඉස්සරහට දාගත්ත .නැත්නම් හරි නැනේ …

          අපේ සිරිත් විරිත් කිව්වේ ,ඉස්සර ගොයමට වස විස යොදාගත්තේ නෑ .. පන් සිල් සමාදන් වෙලා කුඹුරට බැස්සේ ..සත්තු මැරුවේ නෑ .. පිරිත් කරලා වතුර ඉස්ස කුඹුරු වලට .. කොහොඹ කොළ ඉස්ම යොදාගත්තා කෘමි උවදුරු වලට … හරකට කෙලෙහි ගුණ සැලකුව … වයසට ගියාම මසට වික්කේ නෑ ..සත්තුන්ට මැරෙනකල් කන්ට දීල බලාගත්ත උන් වයසට ගියත් .. අපේ සීයත් එහෙම කරල තියනව.. කෙතට බැතට අමනුෂ්‍ය බලපෑම් ඒ කලෙත් තිබ්බ .. දෙවියන්ට පින් දීල තමන්ගේ අස්වැන්න ආරක්ෂා කරලා දෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලුව .. බෝධි පුජා තිබ්බ .. අස්වැන්නෙන් පළමු කොටස බුදුන්ට දෙවෙනි කොටස ගම්බාර දෙවියන්ට .. අනෙක් කොටහ තම අනෙක් ඒවාට පාවිච්චි කොලේ … නිතරම පන්සල් ගියා… පන්සලත් එක්ක ,පන්සලේ හාමුදුරුවොත් එක්ක ළඟ සමීපකමක් තිබ්බ … ප්‍රශ්නයක් උනාම ඉස්සෙල්ලම ගියේ පන්සලේ හාමුදුරුවෝ හම්බ වෙන්න .ඒ කරලා ගමේ ප්‍රශ්න විසන්දගත්ත … හදි හුනියන් කැපිලි තිබ්බේ නෑ … අමනුස්ස බලපෑම් වලට පිරිත් කිව්වා .. වැවයි දාගැබයි .. ගමයි පන්සලයි.. එච්චරයි තිබ්බේ කොහ්ව්වත් නෑ දේවාලයයි කැල්ලක්… බුදුන් සරණ කරගත්ත ,තෙරුවන් සරණ කරගත්ත.. දෙවියන්ගේ පිහිට ආරක්ෂාව බලාපොරොත්තු උනා .. දැන් මොකද වෙන්නේ ? තෙරුවන් අතෑරලා .. සරණත් දෙවියන්ගේ ..පිහිටත් දෙවියන්ගේ .. සිංහලයට උදව් කරන දෙවිවරු තෙරුවන් සරණ ගිය පිරිසක් .. තෙරුවන් සරණ කරගත්තොත් විතරයි ඒ දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ .. සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගේ පිහිට ලැබෙන්නේ .. අසුරයින්ට තමා ඔය හින්දු අය වන්දනා කරන්නේ .. එයාල ට ඔය පුද පඬුරු දීලා වැඩ කරගන්න පුළුවන් .. එයාල උග්‍ර සැප සම්පත් විඳින පිරිසක් නමුත් සතර අපායෙන් එකක්..අසුර අපාය .. ඔවුන්ට ධර්ම අවබෝධ කරන්න බෑ .. එයාලට තමා ඔය බිලි පුජා ,ලේ ගොටු තියල වැඩ කරගන්නේ .. එහෙම වැඩ කරගන්ට පුළුවන් කියල බුදුහාමුදුරුවෝ කියල තියනව . නමුත් ඒ පුද සත්කාර අඩු උන ගමන් එයාල මිනිස්සුන්ට වින කරනවා .. මොකද එයාල අට ලෝ දහමට කම්පා වෙන පිරිසක්.. එකනේ ඔය සමහර යට පහන් පත්තු කරලා එක පාරටම නවත්තපුවම නරක දේවල් වෙන්නේ .. ඒවා බොරු නෙවේ.. ඒවා ඇත්ත .. නමුත් මිනිස්සුන්ගේ හිත සුව පිණිස වෙන්නේ නෑ . මොකද ලොකු බරක් නේ හිතට .. පහන තියන එක නැවත්තුවොත් කෝප වෙයි කියල .. නමුත් බුදු පහන හැමදාම තියන මනුස්සයෙක් ට එහෙම කරදර එනේ නෑ .මොකද එය ගාව ඉන්නේ පිහිටට එන්නේ දෙවිවරු. එහෙම නැතිව බලි ,බිලි, ලේ ඉල්ලන අසුරයෝ නෙවේ..
          දෙය්යනේ ඒ කාලෙයි මේ කාලෙයි කොච්චර වෙනස් ද? ඇයි මේ සිංහල සිරිත් විරිත් කියල අලුත් අවුරුද්ද්දේ නැකත් වලට බනිනවා කියල ලඝු කරලා ගන්නේ .. මෙහෙමට වත් සිංහල ජාතිය ආරක්ෂා උනේ මන් ඔය කලින් කියපු සිරිත් විරිත් නිසා නේද? එහෙම නැතිව නැකතට වැඩ පටන් ගත්ත එකටවත් ,ශුභ මොහොතෙන් ලිප ගිනි මෙලෙව්ව නිසාවත් නෙවේ නේද?

        • Sith says:

          @ ටික්කා…:

          —–“…සිංහලය මොකටද ”සිංහල හින්දු අලුත් අවුරුද්ද ” කියල හින්දු අයව ගාවගත්තේ .. ඕක හින්දු අලුත් අවුරුද්ද…”—–

          සිංහල-හින්දු අවුරුද්ද යන යෙදුමම නොගැලපීමක් බව ඔබට පෙනෙනු ඇත. මා දන්නා තරමින් මෙය ඇරඹෙන්නේ ඉංගිරිසි පාලන සමයේදී රජයේ නිවාඩු දින සම්මත කිරීමේදී එවකට සුදු නිලධාරීන් අවුරුදු නිවාඩු දිනට දුන් නමෙනි. වෙසක් නිවාඩුවක්ද බොදුනුවන් වූ සිහළුන්ට ලැබෙන බැවින් සිහළ-දෙමළ දෙපිරිසට එකම මට්ටමෙන් සැලකීමේ (හෙවත් සිහළ සංස්කෘතියට රටේ හිමි තැන බාල්දු කිරීමේ) බිරිතානි ප්‍රතිපත්තිය අනුව එලෙස නම්විය. සිංහලයා අවුරුද්දට ලක ලෑස්ති වෙන්නේ සති ගණනාවක සිටය. අවුරුදු සිරිත් ද දින ගනනාවක් තිස්සේ කෙරේ. හින්දු නිවසක මෙය පොඩි සිද්ධියක් බව එදින දෙමළ මිතුරෙකුගේ ගෙදරකට ගොස් ඔබට වටහා ගත හැකි වනු ඇත. හින්දුන් පමනක් නොව බොහෝ ආසියානු ජාතීන් මෙ ළඟ දිනවල සම්ප්‍රදායික අවුරුද්ද සමරති. ඒ හැම තැනම මා දන්නා තරමින් මෙය එක්දින උළෙලකි. පෙරදිග ජෝතිසය අනුව හිරු මේෂ රාශියට පැමිණ රජවීම මෙදින සිදු වේ. හිරු මුල් කරගෙන කළ මේ සැමරීම (අරිසෙන් අහුබුදු ආදීන් කියන ලෙස) සිරිලකෙන් ලොවටම ගියාද යනු මා නොදනිතත් ඉපැරණි බොහෝ සංස්කෘතීන් හිරු මුල් කරගෙන මේ සැමරීම කර ඇත. සිංහයාගේ හුදු ‘අවුරුද්ද’, ‘සිංහල අවුරුද්ද’ වන්නට ඇත්තේ ජනේරුව ‘අවුරුද්ද’ වීමෙන් පසුවය. අපේ දේ අත හැරිය විට අනාගත පරපුරට ඇත්තේ විකල්ප දෙකකි. එකක් අමෙරිකන්‍ ය. අනෙක හලාල් ය.

          ඔබ දක්වන (විශේෂයෙන් ගොවිතැන හා වෙදකම සම්බන්ධ) සිංහල සිරිත් විරිත් ජෝතිෂය හා බැදී පවතී. ජොතිෂය යනු යම් ආකාරයක දැනුම් පද්ධතියකි. (පෙරදිග විද්‍යාවකි.) එය හින්දු වත් පිළිවෙත් හා බැදී ඇත. එහෙත් බෞද්ධ වූ සිංහලයා ගත යුතු දේත් හල යුතු දේත් දැන සිටියේය. ඒ එදා තත්වයයි. එමෙන්ම එදා භික්ෂුව දම් දෙසුමට පමණක් නොව ගැමියාගේ කොයි දේටත් විවිධ ආකාරයෙන් සහය විය. එහෙත් අද පොෂ් වූ ගිහියා ඉන්නේ ලොව ඇති සියළු දේ දැන උගෙන අයිති කරගෙනය. මෙලෙස පොෂ් වූ (බටහිරකරණය වූ) ගිහියාට අද භික්ෂුවගෙන් අවැසි වෙනත් සේවා නොව බනදහමය. ඒ අනුව අසපු වලට ඉල්ලුම හා සැපයුම ක්‍රියාත්මක වේ. අද අපගේ ජීවිතය බටහිර දැනුම (විද්‍යාව), තාක්ෂනය හා බැදී පවතී. එම බටහිර දැනුම් පද්ධතිය යුදෙව් හා කිතුනු ඇදහිලි හා සම්බන්ධය. එහෙත් අද සිංහලයාට පමණක් නොව ලෝකයේ කාටවත් එයින් ගත යුතු දේ හා හල යුතු දේ තීරණය කිරීමට දැනුමක්වත් නිදහසක්වත් හැකියාවක්වත් නැත. (අප කලින් ලියුවක් ඔබට ඇතැම් විට ප්‍රයෝජනවත් වියහැක => lankacnews.com/sinhala/main-news/89376/#comment-453361) කල්ප අසංක ගණන් පෙරුම් පුරා බුදුවරු ලොව පහල වන්නේ සසරින් මිදෙන මග පෙන්වා දීමටය. ඒ මගත් ඒ ඒ කාලවලදී ලොවේ පවතින වෙනත් ලෞකික වූ දැනුම් පද්ධතිනුත් පටලවා නොගත යුතුය.

          සතර අපාය යයි කී විට තිරිසන්, ප්‍රේත, අසුර හා නිරය වශයෙන් දැක්වේ. එහෙත් පෙළ දහමේ දැක්වෙන සුර-අසුර යුද්ධය දෙවියන් දෙපිරිසක් අතර මිස දෙව්ලොවක් හා අපායක් අතර නොවේ. එමෙන්ම රාහු නම් අසුරයා ගැන කියවෙන සුත්‍රයේද ඇත්තේ අපාගත සත්වයෙක් ගැන නොවේ. (ඔබ දක්වා ඇති අනෙක් බොහොමයක් කරුණු ගැන අපගේ වාදයක් නැත්තේය.)

          @සත් සමුදුර:

          රාවනා සිටි බව ඇතැම්හු විශ්වාස කරති. ඇතැම්හු නොකරති. පුදුමය නම් වසර හත්දහසකට පමණ පෙර ලෝකය මැවූ දෙවි කෙනෙකු සිටින බවත් ඇතැම්හු විශ්වාස කරති. ඇතැම්හු නොකරති. ජේසුස් වහන්සේ වැඩ සිටි බව අද බොහෝ දෙනා විශ්වාස කරති. තව වසර දහස් ගණනකට පසුව ජේසුස් වහන්සේ යනු බයිබලය නම් වූ නවකතාවක හුදු ෆැන්ටසි චරිතයක් බව බොහෝ දෙනා විශ්වාස කරනු ඇත. ඕව ඔහොම තමාය.

      • nilik says:

        ඕක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගී වෙත්වා කියලා ඊට පස්සේ සතෙක් ගෙ හුස්ම ගැනීමේ අයිතිය නැතිකරන්න පුලුවන්ද ( මාලුවා ) .
        ආරන්ය සේනාසන වල ප්‍රශ්නය වෙනස්. ස්වාමීන් වහන්සේලා රැකියාව නොකරන නිසා දෙන දෙයක් හෝ ලැබෙන දෙයක් කන්න ඕනා, හැබැයි මස් හදන්න කියලා අනුබල දෙන්න බෑ. එක සැරයක් බුදුන්ට ම කියා දානයට් මන්ශ අහාර පිසලා ඒ කෑම බුදුන් නොවලඳලා තියනවා. ඒ කියන්නේ මේ සතා මිය ගියේ තමා වෙනුවෙන් නොවේ කියන එක සහතික විය යුතුයි. මේක පාවිච්චි කරලා කට්ටිය කියනවා කඩේ තියන කුකුලා මරලා තියන්නේ මටම කන්න නෙවෙයි කියලා. ඒත් ඒක මිලට ගැනීමෙන් අපි කරන්නේ මරන්න ඉන්න් කුකුලන්ටකොන්ත්‍රාත් එක දෙන එක. සමාජය සන්කීර්න වෙද්දි සමහරු සාමූහික වගකීමෙන් මිදෙන්නේ මේ ආකාරයටම තමා.
        සමන්තභද්‍ර මහණ තැන ලස්සන කතාවක් කියනවා එ ආර සත්තු ගනනාවක මස් කන්න එපා කියූ කතාවක් ( අලිමස්..ව්‍යාග්‍ර මස්… ඇතුලු ) ඒ කියලා තියන්නේ අර් ආරන්ය වල වැඩ ඉන්න හාමුදුරුව්නට මැරිලා හිටියත් කන්න එපා කියපු ආහාර.
        මහමෙ— සම්ප්‍රදාය බවුන් වඩලා රහත් වෙන්නේ දානෙට සොසේජස් කාලා. අපි උඩ බලාගන කෙල ගහගන්න ඕන නෑ,
        ඉස්සරනම් මිනිස්සු පිලිගත්තා සසරින් මිදෙනවා නම් අඩු ගානේ මස් මාලු වත් නොකෑ යුතුයි කියලා. ඒකනේ වන්දනාගමන් යද්දි පේවෙලා ගියේ.

        දැන් එහෙම නෙවෙයි හැම්බර්ගර් එක කන ගමන් බලෙන් නිවන් යන්න රහත් වෙන්නත් හදනවා. ඒ මාකට් එකට් හරියන්න ශ්‍රමන කුලයකුත් බිහි වෙනවා.

        බුදු හාමුදුරුවෝ කොහෙද කියලා තියන්නේ ————? කියලා පටන්ගන්න ප්‍රශන ගනනාවක් තියනවා. බුද්ධාග්ම කියන්නේ අසීමිත මෛත්‍රිය පෙරදැරි කරගත් ආගමක් ඒක කිව්වාට පස්සෙ තව වෙන දේවල් කියවන්න ඕන නෑ.

        පාරෙ තියන මඩ ගුලි මූනෙ අතුල්ලගන්න එපා කියලා අපේ අම්මලා කවදවත් කියල නෑ. අශූචි කන්න එපා කියලා කියා දෙනෙන්ත් නෑ. ඒවා කියන්නත් ඕනද. මේ එක එක දේවල් වලට එපා එපා එපා එපා කියපු දර්මයක් නෙවෙයි බුද්ධාගම, ඒක දිවි පෙවතක්. ඔය එපාඅ කීව ඒවත් කියලා තියන්නේ කෙනෙක් ඇහුඅවාම කියන කරුනු අනුව.

        දෙවදත් තෙරගේ යෝජනව ඉවත දැම්මේ බික්ශු සමාජයට මොකද එහෙම නූනා නම් හාමුදුරුවන් ට ගොවි තැන කරන්න වෙනවා. දැන් වගේ දානෙ ගේන්න කට්ට්යිඅ නෑ. ඒ ගේන අයට සත්තුන්ගෙ කෑලි උයාගන එන්න එපා කියල කියන්න හොඳටම හැකියාව තියෙද්දි මස් මාලු ගේන්න ඉඩ ඇරලා හොඳට බුදිනවා. ඒවා බොදු පිලිවෙත් නෙවෙයි.

        මාලුවගේ ඇහැ දිහා බලන්න වර්තනාංකය 1.33 ට හැඩ ගැහුනු උගේ ඇහැ ට මොනවා පේනවා ඇද්ද , හුස්ම හිර වෙලා පැය ගානක් දුක වුඳලා මැරෙනවා.ඒක වේදනාකාරී මරනයක්. හරකකුට වඩා දුක් විඳිනවා. අපේ බොදු කම බීෆ් බෞද්ද කමක්, බීෆ් කන අය අපායේ චිකන් මට්න් ෆිශ් එග්ස් ගොඩ.

        මේවා ගැන හිතන්න
        සතෙක් තමන් වෙනුවෙන් මැරුනෙ නෑ කියලා හිතෙනකොට දැනෙන්නෙ ආත්ම අභිමානයක්.
        දරුවන්ට දෙන්න මුරුන්ගා කොල, ගොටු කොල. දෙන්න දන්දින්න අල, …. සත්තු ඉන්නෙ තිරිසම් අපායේ නම් ඒ අපායෙන් යැපෙන අපි මොනුන්ද? ජීවිතය කෙටියි, නිසි පිලිවෙත වටියි.

        ඒත් ඉතින් විමල්ගේ කතාවට මුකුත් වරදක් කියන්න නම් බැහැ මොකද ඇමති කෙනෙක් කතා කරන්න ඕන, මුලු සමාජයටම ඉතින් අපී ක්‍රිස්තු ඉස්ලාම් ලබ්දිකයො මෙන්ම බීෆ් බෞද්දයො. ඉතින් ඒ අයට පෝශනය ගැන කියලා දෙන කොට අරවා අමතක කරන්න බෑ.

        • ටික්කා... says:

          මහත්තය සර්පයා වලිගෙන් අල්ලගත්තොත් ඌ දෂ්ට කරනවා ..ධර්මය හරි තැනින් අල්ලාගන්ට වැරදි තැනින් අල්ලගත්තොත් මිත්‍යා දෘෂ්ටියටමයි යන්නේ .. අමුතුවෙන් කියන්ට ඕනේ නෑ කියල කියන්නේ ඔබ තුමාගේ මතයක් නේ .. ඔය මස් මාළු තර්කය හරි ගොන් තර්කයක් නෙව .. ඔබ තුමා අකමැති නම් නොකා හිටියට ප්‍රශ්නයක් නෑ .. බුදු රජාණන් වහන්සේ ආහාරයට නුසුදුසු මස් මාංශ පිළිබඳව දේශනා කරලා තියනව .. ඒ ඇයි කියල හේතුත් දක්වල තියනව .. ඉතින් නිර්මාංශ විය යුතුයි කියල කොහේ හරි කියල තියනව නම් අමුතුවෙන් මේ මස් ආහාරයට නුසුදුසුයි , ඒ නිසා වැලකි සිටින්න කියල දේශනා කරන්ඩ ඕනේ නැනේ .. නේද?

      • Kishan says:

        //හරි ,මෙක මට කියන්න .. අලුත් අවුරුද්ද සිංහලයටම අනන්‍ය වූ දෙයක් නම් ,අනාදිමත් කාලයක සිට පැවත එනවා නම් ,ඒ ප්‍රෞඪ ඉතිහාසයේ ආඩම්බර ජාතියක් වූ සිංහලය මොකටද ”සිංහල හින්දු අලුත් අවුරුද්ද ” කියල හින්දු අයව ගාවගත්තේ .. ඕක හින්දු අලුත් අවුරුද්ද .. අපේ රටේ නිසා අපේ ”සිංහල” කියන එක ඉස්සරහට දාගත්ත .නැත්නම් හරි නැනේ … //

        ඔබේ දැනුම මේ කතාවලින්ම පේනවා .සිංහලයාගෙ අලුත් අවුරුදු දිනයේම හින්දු භක්තිකයින්ද අලුත් අවුරුද්දක් සැමරීම ගැන නොව ඔබ කතාකරන්නෙ උන්ගේ දෙයක් අපි හොරකම් කළ ගානටයි. හින්දුන්ගේ උත්සව වෙන්නෙ තයිපොන්ගල් සහ දීපාවලි. නමුත් සිංහල අලුත් අවුරුදු කාලෙටම ඔවුන්ද උත්සවයක් පවත්වනවා .මේකත් පැරති උත්සවයක්.නමුත් සිංහල මිනිස්සු දෙමල අයගෙන් අලුත් අවුරුද්දක් උරුම කරගත්තෙ නෑ .ප්‍රාග් බෞද්ධ යුගයෙ පටන් පැවතුනු අලුත් අවුරුදු උත්සවයට බුදුදහම හඳුන්වාදීමෙන් පසු බෞද්ධ සිරිත්විරිත් ද එකතුවුණා

        ඔබ ඔලුවෙන් හිටගෙන කීවත් සිංහලකමක් නැතිනම් මේ රටේ බුදුසසුනක් නෑ.ඒ වගේම බුදුදහම නැතිනම් සිංහලයාත් නෑ. මේ කරුණු දෙක කිසිසේත්ම වෙන්කරලා දක්වන්ඩ බෑ.

        //නමුත් බුදු පහන හැමදාම තියන මනුස්සයෙක් ට එහෙම කරදර එනේ නෑ .මොකද එය ගාව ඉන්නේ පිහිටට එන්නේ දෙවිවරු. එහෙම නැතිව බලි ,බිලි, ලේ ඉල්ලන අසුරයෝ නෙවේ..//

        ඔබ සිතින් මවාගත් කරුණු දැක්වීමට පෙර පොතපත සහ ජනප්‍රවාද කියවන්න .අසුරයො මත්වතුර පානයටත් බිලිපූජා ආදියටත් විරුද්ද අය විදියටයි සඳහන් වෙන්නෙ

        • ටික්කා... says:

          ක්‍රිෂාන් ,
          ”ඔබ සිතින් මවාගත් කරුණු දැක්වීමට පෙර පොතපත සහ ජනප්‍රවාද කියවන්න .අසුරයො මත්වතුර පානයටත් බිලිපූජා ආදියටත් විරුද්ද අය විදියටයි සඳහන් වෙන්නෙ.. ”

          කොහෙද සඳහන වෙන්නේ ?? ඇත්තටම ආසයි වැරද්දක් තියනව නම් හදාගන්ඩ .. වැරදි දෙයක් මන් හිතාගෙන ඉන්නවා නම් ඒ අදහස වෙනස් .කරගන්ඩ ..කරුණ කරලා කියන්න ”අසුරයො මත්වතුර පානයටත් බිලිපූජා ආදියටත් විරුද්ද අය විදියට කොහෙද සඳහන් වෙන්නේ ? ??
          මං , අසුරයෝ බලි බිලි තොවිල් වලට ආස කරන පිරිසක් කියල සඳහන් වෙන්නේ පුජ්‍ය කිරිබත්ගොඩ ලොකු ස්වාමින් වහන්සේ ගේ ” අසිරිමත් දෙවවරු ” කියන පොතේ සඳහන් වුනු දේ .. ඒ පොතේ සඳහන් වෙනවා බුද්ධ දේශනාවේ කොතනද එහෙම සඳහන් වෙන්නෙත් කියල . මං ඊයේ ඒ පොත කියවපු නිසා මට හොඳට මතකයි.. ඔබත් පුළුවන් නම් කියවන්න 200/- ක් විතර වෙනවා ..
          සහ මන් මෙතන කියල තියන ධර්මය ගැන සියලු දෙයක්ම බුද්ධ දේශනාවේ තියන ඒවා .. මගේ අදහස් ටිකයි තියෙන්නේ ..

          දැන් කරුණාකරලා මට කියනවද කොහෙද අර විදිහට සඳහන් වෙන්නේ කියල .. මට අසයි කොහෙද එහෙම සඳහන් වෙන්නේ කියල දැනගන්න ..

        • Kishan says:

          ඔබ කිරිබත්ගොඩ ස්වාමින්වහන්සෙගෙ පොත්වලින් ඔලුව පුරවගෙන ඔය කතා සේරම කියන බව මට මුලින්ම තේරුනා :)))

          කිරිබත්ගොඩ හාමුදුරුවො අසුර කියලා හැඳින්වුවේ අමනුෂ්‍ය විශේෂයක්ද කියලා මම දන්නෙ නෑ .මම කියන්නෙ හෙළ අසුර කියන මනුෂ්‍ය කොටසක් ගැන .ලංකා ඉතිහාසයේ හෙළයුගය, සීගිරි පුරාණය සහ රාවණ රාජධානිය වගේ පොත්වල සඳහන් වෙනවා අසුරයො ගැන.සූරිය ගුණසේකර මහතාත්, ආරියදාස සෙනෙවිරත්න මහතාත් ජනශ්‍රැති මත පදනම්ව තමයි ඒ කරුණු දක්වන්නෙ. ඊට අමතරව තවත් පොතක් තියෙනවා ජනශ්‍රැතිවලින් හෙළිවන සිංහල සමාජයේ ඇරඹුම කියලා. ඒ පොත තවමත් ප්‍රකාශයට පත්වෙලා නෑ .නුදුරු දිනකදි එය පළවෙයි .අන්න ඒකත් කියවන්න

          හැබැයි ඉතින් මොනව කියෙව්වත් මහමෙව්නා මතවාදෙම මූලික කර සලකනවනම් ඒ පොත් නොකියවා ඉන්න එක වඩා හොඳයි

    • ADOO මුඛ says:

      බාල තිරිගු පිටි ගෙනවෙ අපිද?
      බාල ඩීසල් ගෙනවෙ අපිද?
      බාල පෙට්‍රල් ගෙනවෙ අපිද?
      බාල සිමෙන්ති ගෙනවෙ අපිද?
      බාල ඉන්ජෙක්ශන් ගෙනවෙ අපිද?
      අනික, සුපිරි කියලා අපි මොනවද හදුවේ
      විල මැද බන්ගලාවෙ ඉදගෙන මොනවද කෙරුවේ!

      • ගල් වැද්දා .. says:

        එංගලන්තෙ …..එංගලන්තෙ …. එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ ….//

    • ටික්කා... says:

      හැකි නම් මට නඩු දමනු – පී‍්‍රමා සමාගම ගැන විමල්ගෙන් හෙළිදරවුවක්

      අනේ බොල විමලෝ…, හෙළිදරව් කොරන්ටෙයි උඹල ඉන්නේ .. ආණ්ඩුවේ හැමෝම හෙළි කොර කොර ඉන්ට ගියොත් ඒවාට විරුද්දව මොකුත් කොරන්ට කව්රුත් නැති වෙනවා නෙව.. උන් උඹට නඩු දණ්ඩ කලින් ආණ්ඩුවෙන් දාපන්කෝ නඩු උන්ට විරුද්දව .. මිනිස්සු ඉස්සරහ නම් ඇවිල්ල සිංහ නාද පවත්වනවා … ඒ උනාට ඒවාට වගකියන්ට ඕනේ මිනිස්සු ඉස්සරහ බලු කෙඳිරිලි… ඕව ඉතින් හොඳයි අපේ මෝඩ ජනතාවට … ඔය වගේ ලස්සන කතාවක් කිව්වම අනේ අපේ විමල් මහත්තය .. හරි ෂෝයි කියන්ට විතරයි දන්නේ .. මොලෙන් කල්පනා කරපල්ලකෝ .. මුන් මේ අපිට සුරඟන කතා කියා කියා ඉන්නවා විතරයි .. ඒවගෙන් කොමිස් මුටත් ඇති සමහරවිට … ඔච්චර ලොකු කතාවක් කරන වෙලාවේ ගිහින් පැමිණිලි කොරපන්කෝ.. කොරල ඇවිල්ල මන් මෙහෙම වැඩක් කොලා කියල .. නොදකින් අවස්ථාවාදියෝ ..

      • Sith says:

        ඇමති තුමාගේ හෙළිදරව්ව සිරිලක හුදී ජනයා නම් හෙළිකරගෙන බොහෝ කල්ය. ප්‍රීමා පමණක් නොව වසවිස සමාගම්, පෝර සමාගම්, බෙහෙත් සමාගම්, කිරිපිටි සමාගම් ඇතුළු බහුතරයක් බහුජාතික සමාගම් හම්බ කරන්නේ ජාතියට වස විස කැවීමෙන් පෙවීමෙන්ය. මේ සඳහා මඟ එලි පෙහෙළි කරේ වාමාංශික ආණ්ඩුය. ඒ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් සිය වෙර විරියෙන් ගොඩ නැංවූ ව්‍යාපාර ජනසතු යැයි කියා රජයට පවරා ගැනීමෙනි. අද පවා ඒ සැලකෙන්නේ මහා වීරකමක් හැටියටය. අද තොග වෙළඳාම දෙමළ-මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව අතය. ඉතිරි හරියෙන් වැඩි හරිය බහුජාතික සමාගම් අතය. සමස්තයක් ලෙස ජාතික ආර්ථිකය අන් සතුය. හලාල් නම් නම බලලා අයින් කළ හැක. බටහිර දැනුම, ඉඳුරන් පිනවීමේ පෘතග්ජන ආසාව හා වෙළඳ ප්‍රචාරණය පටලැවී ඇති මෙම නොපෙනෙන මාෆියාව ගැන විටින් විට කැගැසීම හැර අන් යමක් කිරීමට විමල්ට-චම්පිකට පවා බැරිය. බලවත් වූ සැඩ පහරක ගසාගෙන යන මිනිස් කැලක අයෙක් තමන් යන්නේ වැරදි දිසාවේ බව දැනගෙන උඩුගං බලා පිහිනයි. එහෙත් සැඩ පහරේ වේගයට පහළටම ගසාගෙන යයි. සැඩ පහරේ පහළට චුන් එකේ පීනා යන, ඒ දකින තව පිරිසක් ඔහුට සිනා වෙති. අපහාස කෙරෙති. මෙම දැවැන්ත ව්‍යාපාරික ජාලය (මාෆියාව) පරදා රටට ජාතියට හිතැති ව්‍යාපාරික ජාලයක් ඇති කර ගත යුතුය. ඒ සඳහා මඟ රජතුමා යන මඟ නොවේ.

      • nilik says:

        ප්‍රෂන්යක් තියනවා කියල කියන් එකත් වැරදිද? උඹ කියන්නේ සුපර් මෑන වගේ ප්‍රශ්නේ ගැන ඉයල එව්ල්ව්ම අර එන නැවට අප්යින් ගල්හලා එලවන්න කියලද? මවා කියන්නේ ජනමතය ඇති කරන්න. ඊම නැති නුනොත් උඩම් ඉන්න අයයි බහු ජාතික සමාගමුයි අකුලගන්නේ නෑ.

        කියන එක ත් එක්ක තට අඩියක් ඉස්සරහට යන්වා වෙනුවට ” එහෙන ම්තෝම කරපියකො ” කියනවා, ඕක කියන එකේ අගය අඩු ගානේ ඕවා අහන ලමයෙක් වත් පාන් නොකා ඉඳියි. ඒකත් ජයග්‍රහනයක්. ලමයි උඹලා වගේ ඇට්ටර වෙලා නෑනේ. තර්කානුකූල හෙය්ක කීවාම පිලිගන්නවා. උඹලා එහෙම නෙවෙයි උඹලා අකමැති මිනිහාට ගහන්න ඌ හරි දෙයක් කිව්වත් කමක් නෑ.

        ලෙමන් පෆ් බෑයක් වත් දැකලා නෙවෙයි නේ මේ මිනිහා ලෙමන් පෆ් කෑවා කිව්වේ . ලෙමන් පෆ් දන්න පාවිච්චි කල කාඩ්බෝඩ් පෙට්ටියක් තිබ්බ නිසානේ. තමන් අකමැති මිනිහාට ගහන්න ඒ පෙට්ටියත් ප්‍රමානවත්.

        • ටික්කා... says:

          හික්ස්ස්ස් අය්යෝ… මෙන්න විමල් ගොයියත් වෙන නමකින් කොමෙන්ට් කොරල… හොර ගෙඩියා… අද අහු උනා… :D

      • මෝහිණීගේ හොර මිනිහා says:

        ඔබවැනි අය ඉන්න එකත් ලොකු දෙයක්. අපේ ගොන් මිනිසුන්ට මේ දේශපාලුවන්ගේ හැටි තාම තේරෙන්නෑ. විමල්ට රට ගැන කැක්කුමක් ඇති. නමුත් ඔහුත් මේ දූෂිත ආන්ඩුවේ ලොකු කොටස් කරුවෙක්. ප්‍රීමා එකට විරුද්දවෙන්න පුලුවන් ආන්ඩුවට ඒ අය වරදක් කරනවනන්… අනික තමා අද විමල් අපේ අනන්යතාවයක් කියනවා. එය ඉතා හොඳයි. නායකයන් වශයෙන් මම විමල්ගෙන් අහන්නේ ඔහු අද යුරෝපීය ඇඳුම අඳිනවාද? ලොකු තැන්වලදී කන්නේ අතින්ද? විශ්ව භාෂාවක් ලෙස ඉන්ග්‍රීසි පිලිගන් නැද්ද?..බටහිරින් හමන ගෝලීයකරනය හමුවේ අපේ අනන්යතාවයක් තියාගන්න නන්; (1) අපි අධික නය බරින් නිදහස් විය යුතුයි (2) අඩු ගනනේ සහලින් ස්වයන්පෝශිත විය යුතුයි.. මේ ඉලක්ක දෙක සපුරා ගැනීමට රට වැසියන් නොරවටන, හොරකන් නොකරන නායකයින් අවශ්යයි.. එහෙවු නායකයන් බිහි කිරීමට මොලේ තියන, ‘දෙශප්‍රේමී’ කෙබරයට අසු නොවෙන ජනතාවක් අවශ්යයි..

    • Sith says:

      @ මාතර ආතර:

      සිංහල බෞද්ධයෝ මාළු බිත්තර දඩමස් ආදිය කෑවෝය. ඒ ඉඳලා හිටලාය. අතරින් පතරය. මස් නැතුව බත් කන්ඩ බැරි කමක් තිබුනේ නැතය. ප්‍රශ්නය මස් මාළු කෑම නොව ඒකට ගිජු වීමය. මේ පෙරේතකම වසා ගන්නේ වෙනම තියරියකින්ය. මස් මාළු රසට දිව ඇබ්බැහි වන ගතියක් මිනිසාට තිබේය. මින් පල නෙලා ගන්නේ බහුජාතික සමාගම්ය. කන බොන දේ ගැන කියන්ඩ බටහිර රටවලනම් පෝෂණවේදීන් යයි පිරිසක් ඉන්නවාය. (උපාධි පිට උපාධි ගැසූ පෝෂනවේදීන්ගේ කයිවාරු අපේ ආච්චිගේ හැඳිමිටට පරාදය.) ලංකාවෙනම් එකත් කරන්නේ (සේල්ස් රෙප්) දොස්තරලාය. හැමෝම නොවේය. ටීවී වලත් පත්තර වලත් බෙහෙත් දෙනකොටත් කියන්නේ මස් මාළු කිරි බිත්තර කන්ඩ කියලාය. පිටිකිරි ජාතියේ නමත් කියනවාය. දොස්තරගෙන් දොස්තරට ඒකනම් වෙනස්ය. ‘අපිට මොලේ ඕනෙය – මොලේ හැදෙන්ඩ ප්‍රෝටීන් ඕනෙය – ප්‍රෝටීන් ගන්ඩ මස් මාළු කන්ඩ ඕනෙය.’ දඹල, මුං ඇට, කඩල, කව්පි, පරිප්පු කන්ඩ කියන්නේ නෑය. ඒ ඇයි කියා ඇහුවොත් දොස්තර කියන්නේ මෙහෙම දෙයක්ය. ‘මොලේ (හරි ඇඟේ හරි මොකක් හරි වැදගත් කැල්ලක්) වැඩෙන්ඩ !@#$%^& (ඉංගිරිස් හරුපයක්) ඕනෙය – ඒක තියෙන්න මස් වලය – මේක විද්‍යාත්මකව ඔප්පු කරලා ඇති දෙයක්ය.’ බටහිර දැනුමෙන් අපේ දිවත් කටත් බඩත් සාක්කුවත් සියල්ල පාලනය කරන්නේ එසේය. ඇමතිතුමා පවා ගිල ඇති ලනුව ඒ ආකාරය. ප්‍රශ්නය ඇත්තේ කෑමේ බීමේ වගේ පෙනුනාට විසදුම ඇත්තේ සෛද්ධාන්තික භෞතික විද්‍යාවේය. උසස් අධ්‍යාපනය තහනම් කර බමුණු කුලේ රැකීමෙන් රැකෙන්නේ පවතින ක්‍රමයය.

    • බණ්ඩා අයියා says:

      මේ බිත්තර කතාව ඇත්ත. මේ ලිපිය මම උපුටා ගත්තේ මට ආපු විද්යුත් ලිපියකින්.

      ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර විසින් ලියන ලද ලිපියක්

      http://www.divaina.com/2013/02/03/feature15.html

    • ගල් වැද්දා .. says:

      වීරවංශ කතන්දර මාම කතා කියනවා…..දොයි දොයි …බබා …..දොයි …

    • මෙයා මේ බයිලා කියවනවා අපි පාන් පිටි මිල වැඩිකරන්න කලින් පාන් කහට වතුරත් එක්ක පොඟවල ළමයින්ට බඩගිනි වෙලාවට කැව්වා දැන් බත් සදල ගන්න කොපමණ මුදලක් යනවද මේ දවස්වල කැඳ තමයි දරුවන්ට පොවන්නේ එකටත් සාදන්න වෙලාවක් යනවා ළමයින්ට ඉක්මනින්ම බඩගිනි වෙනවා මේ මෝඩයා දන්නේ නෑ තිරිඟු පිටිවල ප්‍රෝටීන් තියෙනවා තිරිඟු පිටි වතුරත් සමග කලවම් කලාම ඇලෙන ගතියක් එන්නේ එම නිසා

    • manek says:

      ithin wimal ayiye oya wade mahinda ayiyata kiwwanam nawaththala daayine…moko apita kiwwa kiyala owa nawathwanna api kawuda….?

    • dragon says:

      සිංහල බවුද්ධයට මස් මාළු කිරි බිත්තර කන්න එපා කියන එක NGO කාරයින්ගේ වැඩක්. මස් කන්නේ නැත්නම් අඩු වානේ මාළු සහ බිත්තර වත් කන්න ඔනේ. බවුද්ධයා දුර්වල කර මන්දපොෂණයට ලක් කිරීමේ මේ වැඩපිළිවෙල සාර්ථක වෙලා තියනවා. මාතර ආතර වගේ මෝඩ හරක වැඩ පිළිවෙල දන හෝ නොදැන ක්‍රියාත්මක කරනවා.
      බුදුන් කියල තියනව භාවනා කර හිත එකඟ කරගන්න කියල. ශරීරය පිරිහුනොත් භාවනාව පිහිටන්නෙත් නැහැ.

  2. මම says:

    ඔබේ කථාව මසුරන් වටිනවා මහත්මා. මක්නිසාදයත්, මා වෙසෙන රටෙත් පරිභෝජනයට යොදා ගැනෙන පාන්, තිරිගු පොත්ත ඇති සහ නැති ලෙස දෙවර්ගයක් ඇත. ඉන් පොත්ත සහිත අධි ගුනත්මකතාවයෙන් යුත් පාන් බොහොමයක් පරිභෝජනයට ගනු ලබයි. එහිද මිළ ගණන් වල ඇත්තේ සුළු වෙනසකි. තවද තිරිගු පොත්තෙන් වෙනම බිස්කුට් වර්ග සාදන අතර බොහොමයක් ” ” ලෙස ජනප්‍රියය. මේ රටේ තිරිගු පොත්තෙන් උපරිමයෙන්ම වැඩ ගන්නේ එහි ඇති ගුණාත්මක භාවය නිසාවෙන්මය. එහෙත් අපේ රටේ කරුමයට පහල වූ ආර්ථික ක්‍රමය තුල වැදගැම්මකට ඇති කිසිවක් අප රට තුල නොරැදෙන අතර සියලු කුණු දහ ජරාව පමණක් අපට ඉතිරිව ඇත. මොනතරම් ඇත්තක් උවත් වගකිවයුතු පාලකයින් නොදරුවන් ලෙස හිදීමට තරම් පාපයක් ලාංකිකයෝ ලෙස අප කර ඇත්තෙමු.

  3. මෝඩ මිහරකා says:

    ඔබතුමා තාම විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් වගෙනෙ කතාව…ඔබ තුමාට අමතක වුනාද ඔබ තුමා 2/3 බලයක් තියන ප්‍රබල ආණ්ඩුවක ප්‍රබල ඇමතිවරයෙක් කියලා …..

    • unlucky says:

      මෙයා සාස්තර කියනවා,අනාවෑකි කියනවා.ඔය වගේ එවා කොච්චර කියලා තියෙනවාද.උපවාසයක්වත් කලානම් අපිටත් උදව් කරන්න තිබ්බා.බොරු බයිලා.

  4. කට ඈද අගමෑති says:

    නඩු දෑම්මට මොකද? ඇගවිනිසුරුත්…(ඉතිරි ටික ලිඋවොත් මට නඩු දාවි…)

  5. daruwa says:

    thopi wage gobbayo nohiti nisayi japana diwunu wune.

  6. භූතයා says:

    අයියට කියන්න මල්ලියි………

  7. ගමේ කොල්ලා says:

    නියම කතාව

  8. Kala says:

    Oya dakune ewunta mole wadi bala maalui rath kekulu bathui kala

  9. නරියා says:

    ඕක හෙළි කල එක හොඳයි. එත් අපි කියල මොනවා කරන්නද? ඔබ තුමාලට චන්දෙ දුන්නේ මොනවා හරි කරන්න. ඉතින් මේ ගැන මොනවා හරි කරන්නකෝ.

  10. පියල් says:

    මේක ඇත්ත මමත් ප්‍රීම එකේ ඉන්නේ

  11. පියල් says:

    දොස්තර වරු ,මහාචාර්ය වරු ,පෝෂණ වේදීන් කියන බොරුකාරයෝ මේක පෙන්නා දෙන්න ඕන උනත් නැත්තේ ඇයි. මුන්ට මොකද වෙලා තියෙන්නේ.දේශපාලකයෝ පෙන්නා දෙනකම් ඉන්නේ.

    මෙයා කියපු විදිහට බුද්ධිය පිටි නිසා නැතිවෙලා ඇති ,ටයි කෝට් ගහපු උන්ගේ මොලේ බෝල් වෙලා ද ?

    ලංකාවේ බුද්දිමත් කොටස බත් බැලයෝද ?
    කොදු කඩලාද? උන්ම කඩාගෙනද?

    • මෙයා මේ බයිලා කියවනවා අපි පාන් පිටි මිල වැඩිකරන්න කලින් පාන් කහට වතුරත් එක්ක පොඟවල ළමයින්ට බඩගිනි වෙලාවට කැව්වා දැන් බත් සදල ගන්න කොපමණ මුදලක් යනවද මේ දවස්වල කැඳ තමයි දරුවන්ට පොවන්නේ එකටත් සාදන්න වෙලාවක් යනවා ළමයින්ට ඉක්මනින්ම බඩගිනි වෙනවා මේ මෝඩයා දන්නේ නෑ තිරිඟු පිටිවල ප්‍රෝටීන් තියෙනවා තිරිඟු පිටි වතුරත් සමග කලවම් කලාම ඇලෙන ගතියක් එන්නේ එම නිසා ha ha

  12. dxx says:

    කියලා තියෙන දේවල් ඇත්ත තමා ඉතින්.

  13. Saman D. says:

    Wimal is the MASTER OF CONSPIRACY THEORIES……good food for the patriotic masses……..Jayawewa Siri lanka….!!!

    • chinaman says:

      උපන් ගෙයි දැස් අන්ධයන්ට පෙනීම දීමට හැකි දිනයක් උදා වුවත් මානසික අන්ධයන්ව ඉන් ගලවා ගැනීම කල නොහැකිය.

      • Saman D. says:

        Truth hurts, isnt that so…?? At least Wimal is bagging millions and billions by laying this GAME into the hands of un-informed patriots (evidence: building of a castle-like house and educating his son in UK from grade 4 )….where is money for this former JVPer? WHAT DO YOU GET…..???

  14. නරක ළමය says:

    තායිලන්තේ මිනිස්සු කිරිපිටි බොන්නේ නැහැ… පාන් පිටි ගිලින්නේ නැහැ…. පරිප්පු අර්තාපල් ආනයනය කරලා ගිලින්නේ නැහැ…. සෞඛ්‍ය අතිනුත් මිනිස්සු දියුණුයි… රටක් හැටියට ලෝකෙට නයත් නැහැ…. අපි විෂ දාපු කිරිපිටි බොනවා. … නයට පාන්පිටි ගිලිනවා…. පරිප්පු අර්තාපල් කාල ලෝකෙට නය වෙලා පරම්පරා ගනානාවක් නය කාරයෝ වශයෙන් අභිමානයෙන් කයිවාරු ගහනවා…

    • chin says:

      නරක ළමය ඉන්නේ තයිලන්තේද ?
      තායි මිනිස්සු අපි බ්වගේ බත්, පිටි , කිරි පිටි බඩ පැලෙනකම් ගිලින්නේ නැහැ .
      බත් උනත් ටිකක් කාල එළවලු කනවා වැඩිපුර.
      ඉතින් ඇඟ ගානට , හැම තැනක්ම සිනිඳුවට ලස්සනට තියෙනවා අවුරුදු 30-40 .අයත් 20-22 වගේ.

      අපේ කෙල්ලෝ බැඳලා අවුරුදු 2-3 වෙනකොට ඉවරයි.
      ඇඟ වෙහෙසල වැඩක් කලත් නොකලත් කොත ගහල බත් ගිලල පිටි මුට්ට වගේ ආරනවා.

      අපි රටක් වශයෙනුත්, පුද්ගලිකවත් අනවශ්‍ය අගුණ දේවල් කෑමට අනවශ්‍ය ලෙස වියදම් කරලා ඊට පස්සේ ලෙඩ වලට වියදම් කරනවා .

  15. a says:

    patta toka moo thani gamak adagena yanne

  16. Samitha says:

    බල මාලු ගැන කථාව සහතික ඇත්ත , ඉන්දියාවේ රජය බිත්තර ප්‍රමෝට් කරන්නේ පූර්ණ වශයෙන් නිර්-මාංශ හින්දූන්ගේ දරුවන් අතර තියන මන්ද පෝෂණ තත්වය නිසා , ඒ වගේම ඉන්දියාවේ රට ඇතුලට වෙන්න මුහුදු මාලු ඉතාම දුර්ලභ දෙයක් , ඕනි කමක් තිබුනත් . ලංකාවේ අය කුකුල මස් , මාලු කන නිසා බිත්තරම අවශ්‍ය නෑ ප්‍රෝටීන් අවශ්‍යතා සපුර ගන්න

  17. sam says:

    wimal kiyanne hoda deshiya gathi guna dekmak thibena kenek.ekata jvp eke inna harak tika munge mole thibenne ado pargaya peththeda manda?methuma karana sewaya prashansaneeyai.janathawage hadawathata denenna katha karana eanuwa weda karana jana nayakayek.obata sada jaya.

  18. urulewa says:

    muslim brain ekata mokada une

  19. ddkumara says:

    ela elam katawa

  20. Nishan says:

    නිකො පොර talk දී දී ඉන්නේ නැතුව.. වැඩක් කරපියව්.. අපි චන්දෙ දීල උඹලව ඔතනට යැවුවේ කතන්දර අහන්න නෙවේ.

    • chin says:

      That is what he is doing.

      Before making foolish comments, you must learn about Medical mafia, food mafia, power mafia, arms mafia …. etc. of this world

  21. chin says:

    පිට්ටු, රොටි ආදිය ආදිය හදන විට ආතා පිටි එකතු කරන්න.
    අඩු ගානේ 1:1 අනුපතෙට
    ආටා පිටි කියන්නේ සම්පුර්ණ තිරිඟු අටේ අඹරල හදන පිටි. එහි ප්‍රෝටීන් මිනරල් අඩංගුයි.
    අටා පිටි කිලෝ එකක් 105/- සිට 175/- දක්වා තියෙනවා.
    වැඩිපුර ගෙවන්න එපා. අපි ගන්නේ “7 Star” brand සෙරෙන්ඩිබ් ෆලෝ මිල්ස් හදන පැකට් එක. 1kg ක් = Rs. 105/-
    ගුණයි, බඩටත් හොඳයි.
    ඉන්දියාවේ චපාති ආදිය හදන්නේ මේවා යින්.
    ශුද්ධ කරපු පන් පිටි කාල ලෙඩ හදා ගන්න එපා.
    විමල් ගේ කතාව් සම්පුර්ණ ඇත්ත.
    තිරිඟු ඇටේ හොඳ හරිය 500g රු 3000. /- ගානේ බෝතල් කරලා ආපහු විකුනනවා

  22. දේශීය චින්තකයා says:

    හුගක් වැදගත් කතාවක්. කරුණාකර මෙහි හඬ පටය එකතු කරන්න. මෙතුමාගේ හඬින් ම අහන්න කැමතියි

    • මෙයා මේ බයිලා කියවනවා අපි පාන් පිටි මිල වැඩිකරන්න කලින් පාන් කහට වතුරත් එක්ක පොඟවල ළමයින්ට බඩගිනි වෙලාවට කැව්වා දැන් බත් සදල ගන්න කොපමණ මුදලක් යනවද මේ දවස්වල කැඳ තමයි දරුවන්ට පොවන්නේ එකටත් සාදන්න වෙලාවක් යනවා ළමයින්ට ඉක්මනින්ම බඩගිනි වෙනවා මේ මෝඩයා දන්නේ නෑ තිරිඟු පිටිවල ප්‍රෝටීන් තියෙනවා තිරිඟු පිටි වතුරත් සමග කලවම් කලාම ඇලෙන ගතියක් එන්නේ එම නිසා hi hi

      • කලවැද්දා says:

        උඹගේ දරුවන්ට කැඳවත් ලැබුනොත් ලොකුදෙයක්.

  23. පොල් පැලේ says:

    ගොනා හැරෙන්නේ පොල් පැලෙට වගේ.
    ඊලග සංශෝධනයේදී පිටි ඇමති කෙනෙක් එනවෝ…

  24. chin says:

    බල මාලු උෂ්නයි කියන්නේ හිස්ටමින් හැදිලා සමහර අයට ඇලජික් ගතියක් එන්න පුළුවන් නිසා.
    දකුණේ අය බල මලු එක්ක හොඳට පොල් කන්නේ මේ විස නැසෙන්න.

    ඒ වගේම ගොරක වල හිස්ටමින් නැතිකරන රසායන තියෙන බව බටහිර විද්යක්නයින් මැතක සොයා ගත්ත.
    අපේ ගෙවල් වල බල මාලු හොඳට ලුණු ගොරක දමා ඇඹුල් තියල් කරන්නේ ඇයිද කියා දැන් තේරෙනවා.

    ගොරක පෙති 50 බෝතලේ රුපියල් 2,500/- ට බටහිර බෙහෙතක් ලෙස ඒ රටවල දෙනවා . හිස්ටමින් අඩු වෙන්න , මේදය අඩු වෙන්න.
    අපිට නොමිලේ වගේ සාම්ප්‍රදායික ආහාරයෙන්ම ඒවා ලැබුණා .

  25. kavan says:

    wimal than umbe puta study karanne koheda? England walada? wimal sahodaraya ki sarayak USA, UK walata gihilla tiyenawada?

  26. Nirmal says:

    Unn Nawe geniyanne thirigu poththa witharak nemei….
    Nawa purawagena Wathura geniyanawa kiyala kawada danne? mewa rate minissu dana ganna one….
    Mee raten kochchara wathura pramanayak pita yanawada kiyala oya amathiyek wath danne nahe…..

  27. somalal says:

    අපෙන් චන්දේ අරං උඹලා අපිවම කාපල්ලා
    රට ජාතිය හා ආගම බල්ලට දාපල්ලා
    බුද්ධාගම සිංහලකම විනාශ කරපල්ලා
    කවදාහරි උඹලාටත් වැඩේ දෙන්නෙ ‘***************‘

  28. soldier says:

    ආණ්ඩුවේ කටු ලෙව කන නිසා ආණ්ඩුවට දැන් මෙය බනින්නේ නැහැ. ප්‍රීම එකෙනුත් පිටි මිටියක් වත් දුන්නොත් මෙය කට අරින්නේ නැහැ අයෙත්

    • sd7 says:

      මෙයා උන්ප් එකේ හිටපු ,ඉන්න උන් වගේ නෙමෙඉ , කෝටි ගණන් පගාව ගත්තු උන් ඉන්න පක්ෂේ නන්නත්ටර වෙලා ඉන්නේ , රටට ආදරය කර න මිනිහෙක්

  29. ජහමනයා says:

    විමල්ගෙ පුස් ටෝක් ..ඔව්ව කියලා හැමදාම මිනිස්සු රවට්ටන එක විතරයි මෙයා කරන්නෙ

  30. kusal says:

    මෙතුමාට වෑසිකිලියට යන්න බෑරි වුනත් ඒක විදේශ බලවෙගයක්.

  31. Yohan Dinesh Perera says:

    Dear Minister

    Our own farmers spray fertilizers just before vegetables are released to the market. Those vegetables are very harmful, as it sticks on the fruit. Also in the market farm oil mixed with coconut oil. Our own patriot Sinhalese poison each other for small benefits. We should correct our mistakes than pointing finger to others. Anyway blame others is one characteristic of 2600 years historical people.

  32. සුපුරි සිංහලයෙක් says:

    දහම් පාසැල් උත්සවයක මේ වගේ කථාවක් කිරීම සුදුසු නෑ. මොකද, ඒ දරුවන්ව මාලු , බිත්තර කන්න පොළඹවනවා. ඒක් හොද නෑ..මාලු කියන්නේත් සතෙක්, බිත්තර කියන්නේ සත්ත්ව කළළයක්, මහා පව් කාර වැඩක්. කන්න ඕන වුනහාම (සමහර සිංහලයින්ට විශේෂයි ) කබරයා තලගොයා නොවී, සත්ත්ව ඝාතන සම්පූර්ණයෙන්ම හෙලා දකින්න ඕන.. බොදු බල සේනවට කොම්ප්ලේන් එකක් දාන්න වෙයි විමල්ව වට කරන්න . .. අමතකවුනා //// කුකුළනුත් අතුලුව !!!

    • මාතර ආතර says:

      @සුපිරි සින්හලයෙක්
      @Sith

      1.
      කොහොමත් ?මාසෙකට සැරයක්?
      බිත්තරයක් පිට කරන-කිකිලිට

      කුකුලෙක් එක්ක සෙට් වෙන්න නොදී හිටීම
      පවක්.

      2.
      එහෙම සෙට් වුනත්
      ඊලන්ගට එන බිත්තරෙ කලලයක් තියෙනවද නැද්ද කියල,

      ගෙදරදී හරි කඩෙදී හරි
      පරීක්ශනයක් කරල බලන්න ක්‍රමයක්

      තවමත් සොයා ගෙන නැතිය.
      3.
      බැරිවෙලාවක්වත්,කලලයක් තිබෙනවා නම්,බිත්තරෙ කන කොට එම කලලය නැසී යයි.
      එවිට කොපමන අකුසලයක් වන්නෙද කියා
      නොදනිමි.

  33. කළු සිංහ says:

    උපවාස ලෙමන් පෆ් හදන්නේ මොන පිටිවලින්ද?

    මේ කතාවට නම් නඩු දාන එකක් නැහැ. මොකද තිරිඟු පිටි නිපදවන හැම රටක්ම මේ වැඩේ කරනවා. හැබැයි උන් නිවුඩ්ඩ තියෙන හා නැති පාන් ලෙස දෙවර්ගයක් හදල එකම කඩේට දානවා කැමති කෙනෙක්ට ගන්න. නිවුඩු පාන් රසෙන් අඩු නිසා අපේ රටේ ඉල්ලුම අඩුයි. ඒකට කොම්පැනි කාරය මක් කරන්නද?

    ජපානෙට පටවන්නේ කිලෝ 20 ට වැඩිය බර ටුන මාළු. ඒකෙන් වැඩි හරිය කෙලවල්ලෝ. කොම්පැනි කාරයෝ ලාබෙ තියෙන තැනටයි යන්නෙ. අනුන්ට බැන බැන ඉන්නවට වඩා අපි කල යුත්තෙ අපට උරුම දේශීය අහාර රටාව අගය කරමින් එයට පන දෙන එකයි.

  34. msa says:

    good speach

  35. Sira says:

    ඔබතුමාටම Prima එකට විරුද්දව නඩු දාන්න පුලුවන්නෙ ඔච්චර විස්තර දන්නවනම්. අපිට කියලා මොනවා කරන්න

  36. chandana says:

    you are exactly correct. but you have to do something.

  37. Nariya alscaff says:

    CID wimal

  38. මාතර ආතර says:

    @Sith

    @බන්ඩෙ අය්ය

    E W අදිකාරම් උතුමන් අපෙ කාලො ප්‍රොපා සමග
    නවසිය පනස්/හැට ගනන්වල ගුවන්විදුලි සකච්චාවල නිතරම

    ‘ශාක ප්‍රොටීන පමනක් ගැනීම අප ශරීරයට අහිතකරය’ යන බටහිර මිත්යාව ගැන
    වාද කලෝය.

    අන්තිමට අපෙ E W අදිකාරම් තුමන්
    තමන්ගෙ සාමාන්ය බුද්දියෙන් කියනලද දේ හරිය කිය බටහිර විද්යාවෙන් ඔප්පු කල විට,

    අපෙ කාලො ප්‍රොපා බටහිර සිසුනට
    එම මිත්යාව උගන්වපු සිලබසය
    වෙනස් කලේලු!

    • මාතර ආතර says:

      @සුපිරි සින්හලයෙක්
      @Sith
      1.
      කොහොමත් ?මාසෙකට සැරයක්?
      බිත්තරයක් පිට කරන-කිකිලිට

      කුකුලෙක් එක්ක සෙට් වෙන්න නොදී හිටීම
      පවක්.

      2.
      එහෙම සෙට් වුනත්
      ඊලන්ගට එන බිත්තරෙ කලලයක් තියෙනවද නැද්ද කියල,

      ගෙදරදී හරි කඩෙදී හරි
      පරීක්ශනයක් කරල බලන්න ක්‍රමයක්

      තවමත් සොයා ගෙන නැතිය.
      3.
      බැරිවෙලාවක්වත්,කලලයක් තිබෙනවා නම්,බිත්තරෙ කන කොට එම කලලය නැසී යයි.
      එවිට කොපමන අකුසලයක් වන්නෙද කියා
      නොදනිමි.

  39. harsha says:

    මේ රටේ තිබුන හැම දේයක්ම විනාශ කරන අයට දර දිය ඇද්ද තවමත් එලෙසම කරන මෙතුමා කටේ තොලේ නොගෑවි මේ කරන ප්‍රකාශ දුටු විට හිතට එන අදහස් කිසිවක් වචන වලට හරවගන්න අමාරුයි. අපිට වැරදිලාද මෙතුමාට වැරදිලාද කියලවත් හිතාගන්න බෑ

  40. R.Dias says:

    ඔය කියනා දේ ” ප්‍රීමා සමාගම ” ආරම්භ කල කාලයේ පටන් සිදුවූවක්..එය ඔවුන්ගේ ව්යාපාරයක්…සමාජ සේවය නොවේ. අශ්වයන්ට පවා කෑමට යවනවා “කුරුට්ට…” තිරිගු ඈටයේ කිසි දෙයක් ඉවත දමන්නේ නෑහෑ. කෙදිනකවත් ඔවුන් මෙම කියන දේ බොරු කියා කියලා නෑහෑ..ඒවා සත්යයි. දෑන් ගෑටෑලුව තියෙන්නේ කුමක් ද අපිට උවමනා කියනා දේ..

    ප්‍රීමා කම්හල ගොහින් බලන්න වටිනා කර්මාන්ත ශාලාවක්. නෑවක් පුරවා ගෙනෙනා තිරිගු ඈට නෑවේ සිටම ඔවුන්ගේ යන්ත්‍ර තුලට පොම්ප කරනවා..අවසන සියල්ල නිශ්පාදනයේ නොයෙක් අදියර තුලදී ඈවෑසි දෑ වෙන් කරගන්නවා. ඊට පසුව එම නෑවටම ඈවෑසි දෑ පටවා ගෙන අරාබියට යනවා….දෑනට අවුරුදු 30 විතර ඔය තිරිකුණාමලයේ ඔවුන්ගේ කම්හල පවත්වාගෙන යනවා..යුද්ධයක් තිබූ කාලයේදි පවා මෙය නිරුපද්‍රිතව තිබුනා..

    ඔවුනට ලංකාව මිලදි ගත හෑකි තරම් වත්කම් තිබෙනවා..ඉතින් අපි මේ කරන කියන දෑ තුලින් හිතන්න ඔවුන් බුරුමයට අකුලගෙන් ගියහොත් සිදුවන්න කුමක්ද කියා..? එවිට නඩු දමන්න කියා ඔවුන්ගෙන් ඉල්ලන්න වෑඩෑක් නෑහෑ….අනෙක් වෑදගත් කාරණය තමයි ඔවුන් චීන ජාතිකයින් වීම.

    ” කෑමෙන් හොද කෑම ඉල්ලාගෙන කෑම….”

  41. sam says:

    ඒත් අපේ රටට මුං ඇට. කඩල ගේන්නෙත් ඉන්දියාවෙන් නේද…?

  42. kapila says:

    Ayya Meya mara porakne

  43. no says:

    ela Talk eka. patta pata pata

  44. lamaya says:

    MEYA HALALL VELA INNE……KATA ARINNE NA SALLI WALATA.

  45. premasiri says:

    ඉතින් යකෝ තෝ ඇමති කෙනෙක් නේද කැබිනෙට් එක ඇතුලේ බම්බු ගහනවද අස්වෙලා පලකො

Leave a Comment

——–

Add-here-new

then

contactus-n