මත්තල ගුවන් තොට වෙනුවෙන් ජාත්‍යන්තර පාරිසරික නීති කඩනවා

මෑතකදී ඉදිකරන ලද මත්තල ගුවන් තොටපුල බේරා ගැනීම සඳහා සත්ව වාසස්ථාන විනාශ කිරීමට සහ වන සතුන් හිංසාවට ලක් කිරීම නිසා ජාත්‍යන්තර පාරිසරික අණපනත් උල්ලංඝණය වෙමින් ඇති බව පරිසර සංරක්‍ෂණ භාරය පවසයි.

එහි අධ්‍යක්‍ෂ සජීව චාමිකර මහතා පවසන්නේ මේ හේතුවෙන් වන සතුන් සහ වන සතුන්ගේ භූමි සංරක්‍ෂණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් මෙරටට ලැබෙන ආධාර මුදල් පවා නොලැබී යාමේ තත්වයකට පත්වෙමින් තිබෙන බවයි.

නැගෙනහිර පක්‍ෂි සංක‍්‍රමණික මාර්ගය මත්තල ගුවන් තොටුපල හරහා වැටී ඇති බැවින් එම මාර්ගය හරහා ගමන් ගන්නා පක්‍ෂීන්ගෙන් ගුවන් යානාවලට සිදුවන අනතුරු වළක්වා ගැනීමට විවිධ ක‍්‍රියාමාර්ග ගනිමින් ඇත්තේ යයිද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව මත්තල  ගුවන් තොට අවට පිහිටි වගුරු බිම් සහ පක්‍ෂීන්ගේ ආහාර ඇති ස්ථාන විනාශ කර දමමින් සනහ රතිඤ්ඤා දමමින් පක්‍ෂීන් පලවා හැරීමට කටයුතු කරන බවද පවසන ඔහු ගුවන් තොටුපල සඳහා පවරා ගත් හෙක්ටයාර් 2000ක කොටසට වන සතුන් ඇතුළු වීම වැළැක්වීම සඳහා විදුලි වැටක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයිද කියා සිටී.

33,240 Viewers

——

cnewsgossip99_22_0gossoplankamuthupini

Add-here-new

contactus-n