Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

ඉල් මැස්සාගේ හානියට ‘චන්යෝ’ වෙතින් විසඳුමක්

May 21, 2012 at 2:06 am | Lanka C News.

ඉල් මැස්සාගේ හානියට ‘චන්යෝ’ වෙතින් විසඳුමක්

එළවලු පළතුරු වගා කේෂ්ත්‍රයන්හිදී විවිධාකාර පලිබෝධකයින් හමු වෙති. අවුරුද්දේ නොයෙකුත් කාලවකවානුවලදී සිය ජීවන චක්‍රය ගත කිරීමට මේ සතුන් පුරුදු වී සිටිති. ගොවීන් මේ තත්වය හඳුනා ගෙන සිය වගාවන් ආරක්ෂා කර ගැනීමට පෙළඹෙති. නමුත් වර්තමානයේ තත්වය එසේ නොවේ. නොයෙකුත් රසායනික පලිබෝධ නාශක භාවිතා කිරීමට ගොවීන් වැඩි උනන්දුවක් දැක්වීම නිසා පරසරයේ විකෘතිතා ඇතිවී මනුෂ්‍ය ජීවිතද ලෙඩදුක් වලට භාජනය වී ඇත.

පළතුරු ඉල්මැස්සා( Fruit fly ) පළතුරු වලට පමණක් නොව එළවුලු වලට ද හානි කරන පලිබෝධකයෙකි. ඉල් මාසේ වගාවන්ට නොහොත් වී වගාවෙන් පසුව එළඹෙන මාස් පස්ස ගොවිතැනේ දී බහුලව හානිකරන සතා ඉල් මැස්සා වෙයි. ලෝකයේ මේ සතාගේ ප්‍රභේදයන් දෙකක් හමුවන බව වාර්තා වේ. ඒ අතරින් ලංකාවේ  වගාවන්ට හානි කරනු ලබන්නේ ( Tephritidae ) නමින් හඳුන්වන විශාල ඉල්මැස්සාය. දෙවැනි ප්‍රභේදය ආසියානු ඉල්මැස්සා යනුවෙන් හැඳින්වීමක් ලැබුවද ලංකාවේ එය හමු නොවේ. පළමු වැනි වර්ගය අතර ද ප්‍රභේද රාශියක් හමු වන බව වාර්තා වේ. ඒවා ගණනින් හාරදහසකට අධිකය. ලෝකය පුරා විසිරී සිටින මේ පලිබෝධකයා  ගෙවතු පවා විනාශ කරන්නෙකි. එම නිසා විද්‍යාඥයින් දිගු කලක සිට මේ සතා පාලනයට උපක්‍රමයන් සොයති.

ආරම්භ කරන ලද එළවුලු වගාවකදී හෝ කේෂ්ත්‍රයේ තිබෙන පළතුරු වගා අතර සැරිසරන මේ ඉල් මැස්සා මල් එළියට පැමණෙන අතර වාරයේම සිය බිත්තර එයට ඇතුල් කරති. ගෙඩිය ලොකු මහත් ව‍න විට කීටයා නොහොත් පණුවන් ද වර්ධනය වන් අතර නෙලා ගන්නා ගෙඩිය තුල මේ පණුවන් විශාල වශයෙන් හමු වේ. ඒ නිසා පළතුරු කුණු වීමකට ලක් වේ. කැකිරි පිපිඤ්ඤා වැටකොලු වැනි ගෙඩි තුලද දින හයක් පමණ කාලයක් මේ සතා ගත කරයි. එවිට ගෙඩි භෝගය හානියට පත් වේ.  ගෙඩි කුණු වූ පසු ගොවීන් මේවා පරිසරයට මුදා හැරීම නිසා කීටයා පස තුල දින හතක් අටක් පමණ ජීවත් වෙමින් පරම්පරාව ඉදිරියට ගෙනයන අතර මැස්සාගේ බෝ වීම ඒ මගින් සිදු වේ.මේ සතා කිලෝ මීටරයක් පමණ එපිටට ගමන් ගන්නා අතර ඒ වපසරිය තුල තිබෙන බොහෝ වගාවන් ආක්‍රමණය කරයි. කේෂ්ත්‍රය පිරිසිඳු ව තබා ගැනීම මගින් ද පෙරමෝන උගුල් මගින් ද පිරිමි මැස්සන් ආකර්ෂණය කොට විනාශයට පත් කිරීම පසුගිය කාලයේ බහුලව කෙරුණි. ඊට අමතරව ප්‍රෝටීන් ඇමක් යෙදීමෙන් ඉල් මැස්සියන් අකර්ෂණය කොට විනාශ කිරීමද කළ බව අසන්නට ලැබේ. මේ අතර අධික විෂ සහිත කෘෂි රසායන වර්ග ද වගාවේ මල් පිපෙන විට ඉහින ගොවීන් ද සිටිති. මේ සියුල උපක්‍රමයන් තාවකාලික ප්‍රතිකර්ම පමණකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කාලයක් තිස්සේ මේ ඉල් මැස්සා වඳ කිරීමට ප්‍රයත්න දරති.

පළතුරු හා සාම්ප්‍රදායික එළවුල භෝග ඇරුනු කොට විවිධ වානිජ වගාවන් ට හානි කිරීම නිසා ගොවීන් පමණක් නොව සමාගම් ද අසීරුතාවයට පත් වූ අවස්ථා එමටය. මීට ස්වල්ප කාලයකට පමණ ඉහතදි ගර්කින් වගාව රට තුල ප්‍රචලිත කිරීමට උත්සාහ ගත්තේ දිවයිනේ ප්‍රකට සමාගමකි. මේ වගාව ට හානි කරන ප්‍රබලතම පළිබෝධකයා බවට පත් වන්නේ ඉල් මැස්සාය. මහියංගන ප්‍රදේශයේ  සිය වගාව පවත්වාගෙන ගිය එම සමාගම දැල් ගසා පරිසරයෙන් බැහැරව වගාව පවත්වාගෙන යාමට ලක්ෂ දෙසිය තිස්හයක් වියදම් කීරීමට ලක ළැස්ති වී තිබුණි. එහිදී ධෛර්යමත් තරුණයින් දෙදෙනෙකු මේ ඉල් මැස්සා ගේ ග්‍රහණයෙන් ගර්කින් වගාව බේරා ගැනීමට ඉදිරිපත් විය. චන්දන ප්‍රසන්නජිත් හා ගීතානන්ද උදයසිරි යන නමින් හඳුන්වන මේ දෙදන සිය උපන් ගම වන කලුතර දිස්ත්‍රික්කයේ ඉද්දගොඩ හිරිකැටියේ චන්යෝ නමින් පර්යේෂණාගාරයක් පවත්වා ගෙන ගියහ. එහි විවිධ නව නිපයුම් කිරීමට පර්යේෂණ පැවැත්වෙන අතර කලකට ඉහත ඉල් මැස්සා ගේ හානියට ද ඔවුන් අතින් ශාකසාරයක් නිපද වී තිබුණි.2009 වර්ෂයේදී යටකී සමාගම සමග ගිවිසුමකට එළඹුණු ඔවුහු ඉල් මැස්සන්ගේ හානියට ලක් වූ පළතුරු කීපයක් ගෙන අවරණය සහිත කේෂ්ත්‍රයක් තුල ඇති දැඩි කරමින් සිය අත්හදා බැලීම ආරම්භ කළහ. එහිදී ආරවරණය කල දැලේ එක් ස්ථානයක රවුමක් ලකුණු කොට පෙරකී ශාකසාරය ආලේප කොට විවිධාකාර ලෙස මැස්සන් එයට යොමු කරලීමට උත්සාහ කරන ලදී. නුමුත් ඒ කිසිම අවස්ථාවක මැස්සිය ඊට ලන් වීමට උත්සාහ නොගත් බව වාර්තා විය. මේ අයුරින් පර්යේෂණයේ සියයට හැත්තෑ පහක් ම සාර්ථක කරගත් මේ දෙදනෙ මහියංගනය බලා ගියේ. කේෂ්ත්‍ර නිරීක්ෂණය පිණිසයි.

වස්ගමුව ආසන්නයේ හෙට්ටිපොළට නුදුරින් දයාරත්න මල්දෙණිය නම් ගොවිමහතෙකුගේ වගා බිමක මාස එකහමාරක් පමණ ගත කරන්නට ඔවුන්ට සිදු විය. තමන් විසින් නිපදවූ ශාක සාරය ට සියයට විසි පහක් පමණ ජලය කලවම් කොට තනුක කොට ගත් මිශ්‍රණය ද සාන්ද්‍ර මිශ්‍රණයද වශයෙන් විවිධ වූ මිශ්‍රණ කීපයක්මේ ගර්කින් වගාවට යෙදීමට කටයුතු කරන ලදී. සමස්ත වගා භූමියෙන් වෙන් කොට ගත්  කලාපයක ඉසීම කොට ප්‍රතිඵලය නිරික්ෂණය කෙරුණි. ගර්කින් වගාවේ මල් පිපෙන අවස්ථාවේ සිට අස්වනු නෙලන අවස්ථාව දක්වාම මේ දියරය වගාවට ඉසිමට කටයුතු යෙදුණි. එහිදී  හාත්පස වගාවන් වල සිටින ඉල්මැස්සන් ඉගිලී විත් මේ වගාවට හානි කිරිමට ලන් වන ආකාරය ඔවුන් විසින් නිරීක්ෂණය කරන ලදී. චායාරූප ගැනීම වීඩියෝ ගත කිරීම දෛනික සටහන් තබා ගැනීම මෙහිදී කෙරුණි. එහිදී කිසිම ඉල්මැස්සියකට මේ කේෂ්ත්‍රය තුල තිබෙන ගර්කින් වැලක බිත්තර දැමීමට නොහැකි වූ බව පෙනී ගියේය. වගාවට ලන් වෙන විටම එයින් ඉවත්වයන ඉල් මැස්සිය මේ කලාපයෙන්ම බැහැරව යන ආකාරය පෙන්නුම් කර ඇත.

නව නිර්මාණයක් ලෙසින් එළි දුටු මේ ශාක සාරය අද වෙළෙඳ පළට ඉදිරිපත් නොකෙරේ. ඊට හේතුව ඉතා ආයාසයෙන් බිහි කරන ලද දුර්ලභ නිර්මාණයන් කොල්ල කෑමට වානිජ සමාජය ලක ලෑස්ති වී සිටීමයි. ඒ වෙනුවට චන්යෝ සහෝදරයින් දෙදන තමන් ළඟට පැමණෙන ගොවීන්ට සහ අවශ්‍යතාවය තිබෙන්නන්ට මේ මිශ්‍රණය සාදා දෙති. සැබවින්ම සැබෑ පර්යේෂණ සිදු කෙරෙන්නේ විශ්ව විද්‍යාල තුල නොව හපන් කම් තිබෙන ගැමියන් අතර බව මේ ප්‍රතිඵලයෙන් මනාව පැහැදිළි වේ. වැඩි විස්තර අවශ්‍ය නම් 0777115749 අංකයෙන් ලබා ලබා ගත හැකිය.

- මතුගම සෙනෙවිරුවන්

8,571 Viewers
Print

11 Comments to “ඉල් මැස්සාගේ හානියට ‘චන්යෝ’ වෙතින් විසඳුමක්”

  1. ගුණසිරි says:
    May 21, 2012 at 4:01 am

    මෙන්න රටට වැඩක් කරන තවත් වටිනා පුතුන් දෙන්නෙක්,

    Reply
  2. චංචල සිතුවිලි says:
    May 21, 2012 at 12:41 pm

    හිත ඇත්නම් පත කුඩාද!ජයෙන් ජය වේවා. අපේ දේවල් සිරුරට මෙන්ම මනසටද යහපත්ය.

    Reply
  3. කුමර අගුන රත්නම් says:
    May 21, 2012 at 2:32 pm

    රටට වෑඩක් කරන එඋන්ට මේ රටෙ කොහෙද තෑනක්

    Reply
  4. siraa says:
    May 21, 2012 at 10:16 pm

    නියම කොල්ලො දෙන්නෙක්.

    Reply
  5. madhu says:
    May 22, 2012 at 9:12 am

    Be careful. Chemical Companies will obtain a sample through farmers and they will analyze the chemical composition of the sample. Prepare same with artificial chemicals. After that such companies will get the whole benefit. Pls obtain correct instructions and apply.

    Good Luck. We, Sri Lankans need personnel like you two.

    Reply
  6. නොදකින් says:
    May 22, 2012 at 8:08 pm

    Get a patent before you do anything!!!

    Reply
  7. suma says:
    May 22, 2012 at 8:24 pm

    හකිතාක් ඉක්මනට ඔකට පේටන් බලපත්‍රය ගන්න,නැත්නම් සමාගම් කරයො ඕක කොල්ල කයි.

    Reply
  8. A380 says:
    May 23, 2012 at 10:08 pm

    get a patent, as soon as possible.if u guy,s have financial difficulties i am willing 2 help u

    Reply
  9. මාතර ආතර says:
    May 25, 2012 at 5:26 am

    මගේ සුභ පැතුම්!
    වස පෝර වලින් පස විනාස නොවන රටක් බිහිවේවා!

    Reply
  10. Pissaa says:
    May 25, 2012 at 9:26 am

    eka honda wedak arayata meyata, anduwe bayyanta kiya kiya inne nethuwa thamanma meka hadala dena eka.

    nethanam okatath ara dengu maduru mardanaya wage wewi.

    HEBEYI “PALIBODHA NASHAKA” KOMPANY KARAYINGEN PARISSAM WENNA WEWI.

    Reply
  11. chandana says:
    June 7, 2012 at 3:05 pm

    thamunge dakshatha honda wedakata yomukarapu eka godak hondai

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English