රාජකීය විදුහලේ විදුහල්පතිට විරෝධය

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා අධ්‍යාපන සේවාවන්ගේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වර්ධනය කිරීම පිළිබඳ ආයතන කටයුතු සමාලෝචනය කිරීමේ කමිටුවට පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පලකරන බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ රාජකීය විදුහල සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමේ මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමද මේවන විට පරීක්ෂණ පවත්වන බැවින් අදාළ කමිටුවට රාජකීය විදුහලේ විදුහල්පතිවරයා පත් කිරීමෙන් එහි විශ්වාසනීය භාවයට හානියක් වන බවයි.

සම්පූර්ණ නිවේදනය මෙසේය.

2013.08.18 වෙනි දින ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අධ්‍යාපන සේවාවන්ගේ කාර්යක්ෂමතාවය වර්ධනය කරනු වස් එකී කටයුතු සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත්කර ඇත.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් මහින්ද මඩිහේවා මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වශයෙන් අධ්‍යාපන ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උපාලි මාරසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වීරතුංග, මුදල් කොමිසමේ සභාපති ආරියරත්න හේවගේ, ආයතන අධ්‍යක්ෂක, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ නියෝජිතයන් ඇතුළුව රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතාද අදාළ කමිටුවට ඇතුළත්ය.

2013.09.06 වෙනි දින අදාළ කමිටුවේ පළමු කාර්යය වශයෙන් ගුරු සේවා ව්‍යවස්ථාව අනුමත කිරීමට අදාළව කරුණු නිරාකරණය කර ගැනීමේ සාකච්ඡාවක් සඳහා සියලූ ගුරු වෘත්තීය සමිති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාල රැස්වීම් ශාලාවට කැඳවා තිබුණි.

එම රැස්වීමේදී මෙම කමිටුවට රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ඇතුළත් කර තිබීම පිළිබඳව අප දැඩි විරෝධය පළ කළෙමු. මේ වන විට රාජකීය විදුහල සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමේ මෙන්ම අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ ද පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයටද රාජකීය විදුහල්පතිවරයාට එරෙහිව විවිධ පැමිණිලි ගොනු වී ඇති තත්ත්වයක මෙම කමිටුවට ඔහු පත් කිරීම පිළිබඳ අප දැඩි විරෝධය පළ කළෙමු.

එසේම රාජකීය විදුහලේ විදුහල්පතිවරයා වෙනුවට මෙම කමිටුව වෙනත් සුදුසු නිලධරියෙකු පත් කරන ලෙස අප විසින් ජනාධිපති ලේකම්තුමාට ද ලිඛිතව දැනුම් දී ඇත්තෙමු. වර්තමාන රාජකීය විදුහලේ විදුහල්පතිවරයා එම කමිටුව තුළ කටයුතු කිරීම අදාළ කමිටුවේ විශ්වසනීයත්වයට හානිකර වන බව තවදුරටත් ප‍්‍රකාශ කරමු.

13,070 Viewers

——

cccccgossip99_22_0gossoplankamuthupini

Add-here-newe-poster

contactus-n