ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට එරෙහිව රුසියාවෙන් ප‍්‍රති යෝජනාවක්

ලබන මස ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාවට එාහිව ඉදිරිපත් කරන බව කියන යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර ලෙස වසර 30ක් තිස්සේ ශ‍්‍රි ලංකාවේ සිදු වූ යුධ අපරාධ සහ ඊට සහාය වූ රටවල් ගැන සෙවිය යුතු බවට යෝජනාවක් රුසියාව විසින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

රුසියාවේ මෙම යෝජනාවට චීනය සහ පාකිස්ථානයද සාහාය සහාය දක්වන බවට සඳහන් කර තිබේ.

වන්නි මෙහෙයුමෙන් පසු අත්අඩංගුවට ගත් කොටි අවි අතර ඇමරිකානු, නෝර්වේ සහ බි‍්‍රතාන්‍ය යුධ උපකරණ තිබීමද මෙම යෝජනාව සෑදීමේදී සැලකිල්ලට ගෙන ඇත. එම ඇතැම් උපකරණවල එම රටවල හමුදාවන්ගේ අනුක‍්‍රමික අංක පවා සඳහන්ව ඇතැයි සඳහන්ය.

18,687 Viewers

——

ccnews

Add-here-new

contactus-n