Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

සරසවි නායකත්ව පුහුණුවට නව ක‍්‍රියාකාරකම් රැසක්

December 30, 2011 at 2:29 pm | Lanka C News.

සරසවි නායකත්ව පුහුණුවට නව ක‍්‍රියාකාරකම් රැසක්

වර්ෂයේ දී ආරම්භ කිරීමට නියමිත සරසවි නායකත්ව පුහුණු වැඩසටහන සඳහා නව ක‍්‍රියාකාරකම් රැසක් එක්කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සිසුන්ගේ ශාරීරික යෝග්‍යතාවය, ආත්ම අභීමානය සහ ආත්ද ධෛර්යය වර්ධනය කර ගැනීම නායකත්ව පුහුණුවේ අරමුණයි.

2011 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස්පෙල විභාගයෙන් සමත්වූ සිසුන් ලබන ඔක්තෝබර් මාසයේ දී විශ්වවිද්‍යාලවලට ඇතුලත් කර ගැනීමට නියමිත අතර ඊට ප‍්‍රථම අදාල සිසුන් සදහා නායකත්ව පුහුණු වැඩසටහන ආරම්භ කෙරේ.

4,767 Viewers
Print

9 Comments to “සරසවි නායකත්ව පුහුණුවට නව ක‍්‍රියාකාරකම් රැසක්”

  1. saman from galle says:
    December 30, 2011 at 9:01 pm

    සරසවිවල අනන්ත අප්රමාණ අඩුපාඩු තියෙනවා. ඒවා සම්පූර්ණ නොකර මේ කරන විගඩම මේ වරවත් නවත්වා දැමිය යුතුයි. මෙතරම් මුදල් කන්දරාවක් යට කරලා ඉන් ලැබෙන ඵලදායිතාව ගනනය කළ යුතුයි. ඇමති කළමණාකරණය ඉගෙන ගෙන තිබෙනවා නම් මුලින්ම මෙහි ඵලදායිතාව ඔප්පු කොට පෙන්විය යුතුයි.

    ගෙදරම ඉන්දලා පාඩම් කරලා නැහිලා නැහිලා ඉන්න දරැවන්ට මේක ආතල් එකක් විය හැකියි. ඔවුන්ට ඒ ආතල් එක ලබා දෙන්න මේ තරම් විශාල මුදලක් වැය කිරීම සාධාරන ද කියා සලකා බැලිය යුතුයි.

    පුරවැසියනි, මේ පිස්සු ආතල් එකට විරැද්ධ වෙන්න. මේ නාස්ති වෙන්නේ අපේ මුදල්. ඒ මුදලින් විශ්ව විද්‍යාලවල පහුසුකම් වැඩි දියුණු කරන මෙන් ආණ්ඩුවට බල කරන්න. අඩු තරමින් හරිහැටි වැසිකිලි පහසුකම්වත් නැති විශ්ව විද්‍යල මේ රටේ ඇති බව අවධානයට ගන්න.

    ඔබේ දරැවා අද්යාපනය ලබන්න ගියාම පුස්තකාල පහසුකම් නැත්නම්, රසායනාගාර පහසුකම් නැත්නම්, නේවාසිකාගාර පහසුකම් නොලැබේ නම්,තිබෙන සිමීත නේවාසිකාගාරවලත් හරිහැටි පහසුකම් නැත්නම් මුලින්ම කළ යුත්තේ ඒවා සම්පූර්ණ කිරීම මිස fun එකට set වීම නොවන බව අලුතින් තේරෙන සිසුන් ද වටහා ගත යුතුයි.

    Reply
  2. Pencil says:
    December 30, 2011 at 9:20 pm

    sahathika attha

    Reply
  3. Mora says:
    December 30, 2011 at 9:57 pm

    GIYA WATHAWE AAPU NAAYAKAYO DEN ADU PAADU WALATA VIRUDDAWA SATAN KARANAWA. BALANNA ME LINK EKA POWER OF PERADENIYA – http://www.facebook.com/media/set/?set=a.15697073…

    Reply
  4. Anonymous says:
    December 30, 2011 at 11:21 pm

    පලයං බං යන්ඩ.. තාම පටන් ගත්තෙ නෑ. තාම testing.. ළගදිම ගේනවා full ආමි කෝස් එකක්.. නැතුව මුංගෙ විනය හදන්ඩ බෑ. හැමදාව විශ්ව විද්‍යාල වහලා. ඉගෙන ගන්ඩ ගිහින් මෙලව රහක් නැතිව හරක් වගෙ පාරවල් ගානෙ දගලනවා.. එළකිරි ARMY Course එකක් දීලා යැවිවම දැගලිල්ල අඩු වෙනවා. මොලේ පෑදෙනවා. ඒ හන්දා සරසවි නායකත්ව පුහුණු වැඩසටහන ඕනෙ.

    saman from galle දන්නෙ නෑ නායකත්ව පුහුණු වැඩසටහන ගැන. ඒකෙන් කාට නැතත් රටට වැදගත් දෙයක් සිද්ධ වෙනවා. ඒකෙ දේශපාලනය ගෑවෙන්නෙ නෑ. අනාගත පරපුර පිරිපුන් වෙනවා.

    Reply
  5. saman from galle says:
    December 31, 2011 at 12:57 pm

    මම ඔය කියන නායකත්ව පුහුණු වැඩ සටහන ගැන දන්නේ නෑ තමයි. ඒත් ඒක නාස්තියක් බවත්, ඒ නාස්ති කරන මුදල්වලින් විශ්ව විද්‍යාල ක්ෂේස්ත්රයේ දැනට පවතින බරපතල අඩුපාඩු රැසක් යථාවත් කළ හැකි බවත් දන්නවා. ඒ ගැන තමන් නොදන්නවා නම් සරසවි ඇදුරන්ගෙන් අහන්න.

    Reply
  6. Lanka Shakthi says:
    December 31, 2011 at 1:30 pm

    ඒ පලයන් හරකෝ සමන් .පුරවැසියන් හැටියට අපි විරුද්ද වෙන්නේ තොපේ ජවිපෙ අන්තරේ තිරිසනුන් මේ රටේ අහිංසක ළමයින්ට ඉගෙන ගන්න නොදී ඒ ළමුන්ව තොපේ පටු දේශපාලන අවශ්‍ය තාවන්ට යොදා ගැනීමටයි . මේ නායකත්ව පුහුණුව ඉතාම වැදගත් . මෙමගින් සිසුන්ට තමුන්ගේ නියම කාර්යබාරය පිළිබද දැනුමක් ලැබෙනවා . ඒ වගේම ලෝකය පිලිබදව පුළුල්ව හිතන්න ඉගෙන ගන්නවා .

    Reply
  7. saman from galle says:
    December 31, 2011 at 11:12 pm

    තමුං කොහොමද කියන්නේ මං ජවිපෙ ය, අන්තරේ ය කියලා. මං ජවිපෙත් නෙවෙයි, අන්තරෙත් නෙවෙයි, යූ අන්පිත් නෙවෙයි, ශ්රී ලංකාත් නෙවෙයි.මං විශ්ව විද්යාලෙක ඉගෙන ගෙනත් නෑ. මං මේ රටේ සාමාන්ය දුක්වින්දින පුරවැසියෙක් විතරයි. අපිට පේන්නෙ අපෙන් ආණ්ඩුව අය කරන බදු මුදල් මේ වගේ විගඩම්වලට,‍ සෝබනවලට වැය කරලා නාස්ති කරන එකයි. ඇමතිත් ඔබත් කියන්නේ මේ නායකත්ව පුහුණුව වැදගත් කියා පමණයි. ඒක ඔප්පු කරන්නේ කොහොම ද? ඵලදායිතාව සමානයි නිමැවුම බෙදීම යෙදවුම කියලා 'ජ්යාමිතික' සූත්රයක් තියෙනවා නේද? ඒ අනුව මෙය රටට ප්රයෝජනවත් කියලා හැකි නම් ඔප්පු කරන්න. අර ඇමති වගේ නිකං ‍බොරැවට තප්පුලෑවට වැඩක් නෑ. විශ්ව විද්‍යාලවල අඩුපාඩු නැති කිරීමට වඩා මෙයට ප්රමුඛත්වය ලැබිය යුත්තේ මන්ද කියා කරැණු කාරණා ඇතිව පහදලා දෙන්ඩ කරැණාකරලා.

    Reply
  8. suwi says:
    January 1, 2012 at 1:31 am

    ඔය බරපතල අඩු පාඩු නෙවෙයි දැන් තියන එකෙන් වත් ප්‍රයොජන ගන්නෙ නත්තෙ ඇයි ආයිබොවන්ඩ!? විශ්ව විද්‍යාලෙ යන්නෙ නැතුව කැට හොල්ල හොල්ල පොර ටෝක් දෙන්නෙ මොකද ආයිබොවන්ඩ?

    ඔය පුහුනුවෙන් කරන්නෙම ඔය "බොරු සිරත්වය" නැති කරන එක. රට මොන වගේ තිබ්බත් කෙනෙක් ට හිනා වෙන්න තහනම් නෑ. උඹලා කැම්පස් එකට එන කොල්ලා ඉස්සරහා අඳූරු චිත්‍රයක් අඳිනවා ඇඳලා කියනවා මාරදෙයක් වෙන්නයි යන්නෙ, මාර දේවල් වෙලායි තියන්නෙ උඹලා නැගිටපල්ලා කියලා. ඉතින් ඒ මාර වැඩේ වෙන නිසා ඉගන ගන්න වැඩේ කරන්නෙ විභගයක් ගොඩ දාගන්න විතරයි.

    ඉතින් මේ මාර සිරා පොරවල් පාරවල් වල තමයි අධ්‍යාපනය කරන්නෙ. ඉතින් එලියට එන්න කිට්ටු වෙනකොට මත්ක වෙනව දැන් රස්සා ඕන කියලා. ඒකත් අරවගේම කරගන්න හදනවා. ඉතින් ආන්ඩුවත් කිසිම ස්කිල් එකක් අනවශ්‍ය ආන්ඩුවෙ රස්සාවක් දෙනවා, ඒකට වෙලා අරූ රස්සාව දුන්න ආන්ඩුවට බැන බැන ඉඳලා පෙන්ශන් යනවා.

    මෙතන වැරැද්ද කොතනද?

    ආකල්පමය වශයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා වැඩිලා නෑ. තැලිලා පොඩි වෙලා නෑ. අම්මා ව වහලියෙක් වගේ වැඩ අරන් ( මද්‍යම පාන්තික ලමයි ) තනියෙන් වැඩ කරගන්න දන්නෙ නෑ. ඒ ආකල්ප නැත්තම් තමන් ට ලැබෙන දේ අගය දන්නෙ නෑ. ගෙවල් වලත් ඉගන ගන්න එවුන් කියලා මල ගෙදරක නිදිමරන්න වත් යන්න ඕන නෑ කියන හැඟීම දෙනවා. කැම්පස් ආවමත් හිතන්නෙ " අපි වැඩ්ඩො, අපියි ඔක්කොම දන්නී ,ඇමති බූරුවෙක්, ජනපති බූරුවෙක්, අපි කියන එක තමයි හරි " කියන හැන්ගීම. නමුත් ඒ අය දන්නෙ නෑ පුද්ගලික අන්ශයෙ මුද්ලාලිලට වැඩ කරන අය ගැන. ඒකෙ වරදක් නැති බව වත් දන්නෙ නෑ.

    මේ ආකල්ප නැති නිසා තියන පහසුකම් වලින්වත් ප්‍රයොජනයක් නෑ. අවිදිමත් " කුප්පි" වලින් විභාග ගොඩ දානව. පුස්තකාල පාවිච්චි කරන්නෙ නෑ, නව අදහස් ගැන ඉගන ගන්නෙ නෑ, විශය බාහිර දේවල් ගැන මුකුත් දන්නෙ නෑ, තනියම ගැටලුවකට ස්වාධීන මතයක් නෑ ( තමන්ගෙ කල්ලිය කියන දේ ගිරව් වගෙ කියවන්වා )

    ඉතින් ආකල්ප හැදෙන්න ඕන, විශ්ව විද්‍යාල නඩත්තු කරන්නෙ පොලොව කොටන තැන පාර හදන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ ඉන්න මිනිසුන් ය කියන එක වටහ ගන්නෙ නෑ.

    ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ පුලුල් උපාධිදාරියෙක්, ඒ දැනුමෙන් රට හොල්ලන්න පුලුවන් මිනිස්සු, දැනුම විකසිත කරවන මිනිස්සු, අන්න එතනදි දේශපාලනය කරන්න යනවා නම් ඒ දැනුම බුද්ධිය සමග, එයාට මිනිස්සු මල් පුදයි.ඒත් මූලික විශය දැනුම නැතුව ඔහේ කෑ ගහනකොට හිතෙන්නෙ මේ පහසුකම්වත් මොකටද, බාහිර උපාදියක් වගෙ කලා නම් ඇති නෙ කියලා!

    Reply
  9. ShehanDj says:
    April 18, 2012 at 6:02 pm

    @ Saman from galle:
    Thopilage oye anthare kiyana kalakanni dena rag nisa thamai rajayata thopi kiyanna wage wadakata nati nayakathwa puhunuwakata salli wiyadam karanna une. Thopi wage kalakanni ballo campus wala hitiye natnam rajayta tibuna e salli walin pahasukam diyunu karanna.

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English