‘වර්ල්ඞ් ටේ‍්‍රඞ් සෙන්ටර් බ්ලාස්ටර්’ ශ‍්‍රී ලංකාවට

ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය පිපිරවීමට කුමන්ත‍්‍රණය කල බවට චෝදනා එල්ල වූ බිලාල් පිලිප්ස් නැමැති අන්තවාදී ඉස්ලාමීය පුජකවරයා කටුනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණෙන්නේද යන්න ගැන විමර්ශණයෙන් සිටින්නැයි ආගමන විගමන බළධාරීන් විසින් විසින් ඊයේ කටුනායක ආගමන විගමන ඒකකය වෙත දන්වා ඇත.

මොහු මෙම පස්වැනිදා කොළඹ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා සංචාරකයෙකු ලෙසින් පැමිණීමට නියමිත බව බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ. කැනඩාවේ පුරවැසියෙකු වන මොහු කටාර් රාජ්‍යයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයිද වාර්තා වී ඇත.

ඕස්ටේ‍්‍රලියානු රජය විසින්ද මොහු පිටුවහල් කර තිබිනි.

17,849 Viewers

——

cnewsgossip99_22_0gossoplanka8g

Add-here-new

contactus-n