ඉන්ධන මිල ඉහල යාම බඩුමිලට ඉක්මනින්න බලපාන්නේ නෑ – ජොන්ස්ටන්

ඉන්ධන මිල ඉහල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල කෙරෙහි යම් බැලපෑමක් ඇති කලද කියන තරම් වේගයෙන් ක්‍ෂණිකව සිදුවිය නොහැකි බව සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ තොග විශාල ලෙස තිබෙන නිසාත්, එළවළු පලතුරු අවශ්‍ය තරම් තොග නිරන්තරයෙන් ලැබෙන නිසාත් ඉන්ධන මිල ඉහල ගියද විශල ලෙස මිලෙහි වෙනසක් ඇති විය නොහැකි යයිද හෙකෙතම කියා සිටී.

සමූපකාර අමාත්‍යංශය සතු ස.තො.ස. වෙළඳ ජාලය තුලින් සියළුම භාණ්ඩ ඉතා සාධාරණ මිලට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට අවශ්‍ය උපදෙස් මේ වන විටත් නිළධාරීන්ට ලබා දී ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

6,458 Viewers

——

cnewsfefrrgr

Add-here-new

contactus-n