ශ‍්‍රී ලංකාව 286/5

July 28, 2012 at 6:45 pm | Lanka C News.

ශ‍්‍රී ලංකාව 286/5

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර අද පැවැත්වෙන තුන්වැනි එක් දින තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු  ඕවර 50 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 286ක් ලබා ගෙන සිටී.

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහේල ලකුණු 65ක්, සංගක්කාර ලකුණු 73ක්, මැතිවුස් නොදැවී ලකුණු 71ක්, ජීවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 45ක් ලබා ගත්තේය.

එක් අවස්ථාවක මුල් පෙල කඩුළු තුනම ලකුණු 20කට බිඳ වැටී සිටියදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පලපුරුදුම පිතිකරු යුගල වන මහේල සහ සංගක්කාර එක්ව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 141ක් දක්වා ඉහල දැමීය.

තවත් අවස්ථාවක ලකුණු 182ට කඩුළු 05ක් ලෙස අසීරු අඩියක සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම ජීවන් මෙන්ඩස් සහ මැතිවුස් එක්ව ලකුණු 104ක නොබිඳුනු සම්බන්ධතාවයක් පවත්වමින් ලකුණු 286ක් දක්වා ගෙන ඒමද විශේෂත්වයකි.

සජීවී ලකුණු පුවරුව මෙතනින්

 

3,613 Viewers

One Comment to “ශ‍්‍රී ලංකාව 286/5”

  1. asanka says:

    Malinga Hondata ball karala pennala anthima mohothe game eka wikunanna ball karai ada

Leave a Comment