හෙජින් පාඩුව මහවැලි ව්‍යාපාරයේ වියදමට සමානයි

කඩිනම් මහවැලි ව්‍යාපාරයට වැය වූ මුදලට සමාන මුදලක් හෙජින් ගිවිසුම නිසා රටට අහිමි වී ඇතැයි පෙරටුගාමී පක්‍ෂය පවසයි.

එහි පුබුදු ජාගොඩ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දැක්වීය.

‘කඩිනම් මහවැලි ව්‍යාපාරයට වැයවූ මඅදලය සමාන මුදලක් හෙජින් ගිවිසුම නිසා අපට අහමි වුනා. හෙජින් ගිවිසුමෙන් අපේ රටට දැවැන්ත පාඩුවක් සිදු වුනා. ගිවිසුමෙන් සත පහක පාඩුවක් සිදු නොවූ බව මහ බැංකු අධිපති කබ්රාල් මහතා පැවසුවත් ඉන් කෝටි 50,000කට අධික මුදලක් පාඩු වෙලා. ඒක සිදු වුනේ ආණ්ඩුවේ අදුරධර්ශී ක‍්‍රියාපිළිවෙත නිසා. ගිවිසුම අලූත් නොකර හෝ අතරමඟ නතර කිරීමට අවශ්‍ය නීති ක‍්‍රියාමාර්ග ගැනීම කරනවා වෙනුවට ආණ්ඩුව කලේ අදාල බැංකුවලට ගෙවිය යුතු මුදල් නොගෙවා ඉන් අයින් වීමයි. දිගින් දිගටම තමන් කරගෙන යන සූදුවලින් පරාද වුනත් ආණ්ඩුව ඒවායින් ඉගෙන ගන්න බවක් නම් පේන්නේ නෑ’

9,174 Viewers

13 Comments to “හෙජින් පාඩුව මහවැලි ව්‍යාපාරයේ වියදමට සමානයි”

  1. Saman says:

    Ithin Harakune ai Cabraal ta wiruddawa neethimaya piyawara ganne neththe? Mata nam dan me rajapaksha samagama epama wela. Api mona tharam Mahindawa wiswasa kalasda deiyane! Mona tharam nam janatha balayak sinhala bauddayo ekathuwela mahindata dunnada….api ada asarana wela

  2. Boga says:

    ආණ්ඩුව හිතන් හිටියේ මේකත් අපිට තල් ගහත් පොල් ගහ විදියට පෙන්නනවගේ, ගොඩයන්න වෙන්න ඇති. රට යන විදිහ ගැන තියෙන කලකිරීම මෙතෙක් යයි කියන්න බැ. මේවා නිවරදි කරයි කියල හිතපු ආණ්ඩුවේ ඉන්න අයත් කරබාගෙන ඉන්න එකයි පුදුමේ.

  3. දුමියගෙ යාලුවෙක් says:

    මෙච්චර දෙයක් වෙලා අමන ජනාධිපති බලා ඉන්නවාට හෙන ගහපිය සුනාමි හොරො.. බ්‍රසිල්ගෙ කෝටි 14320ක් ස්විස් වල තියෙනවා. අපි දාන්නම් වෙලාවට.. දුමින්දගෙ සිංගපූරුවෙ වීඩියෝවකුත් දාන්නම් බලා ගන්නකො එතකොට

  4. බිල්ලා says:

    ලෝක වෙලඳපොලේ තෙල් මිල ඉහලයන කොට ලංකාවෙත් තෙල් මිල වැඩිකරන්න වෙනවා. මේ පරම සත්‍ය ලංකාවේ මෝඩ මිනිස්සුන්ට වගේම, එම මෝඩ මිනිස්සු අතරින් තේරී පත්වන දේශපාලුවන්ටත් අවබෝධවෙලා නෑ.

    මම මේරටේ සුවහසක්වූ තකතීරුවන්ගෙන් ඉල්ලන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩිවෙනකොට, තෙල්මිල අඩුකරන්න කියලා පවතින ආන්ඩුවකට බල කරන්න එපා කියලා. ඒකෙන් කෙලවෙන්නේ අපිටමයි.

    • චතුවා says:

      අනේ මෝඩයො, අපි තෙල් වලට වැඩිපුර ගෙවන්නෙ ලෝක වෙළඳ පළේ මිල නිසා නෙවෙයි. සංස්ථාවෙ ඉන්න අතිරික්ත සේවකයන්ටයි. ලංගමට පිනට දෙන ගානටයි, එයාරලයින් දෙකට දෙන ගනං වලටයි එක්ක. මෝඩය මොළයක් නැද්ද.

    • Gama says:

      බිල්ලා 100% හරි.

      ලෝක වෙලඳ පොලේ තෙල් මිල වැඩි වෙන කොට, ආන්ඩුව තෙල් වලින් ගන්න බදු සහ වෙනත් සහන එම ප්‍රමාණයටම තියා ගන්නවා නං, ලංකාවෙ තෙල් විකුණන මිලත් වැඩි කරන්න ඔන. ලෝක වෙලඳ පොලෙ තෙල් බැරලයක් $50 නම්, ආන්ඩුව තවත් $50 ක බදු මුදලක් අය කර ගන්නවා නං, ලංකාවෙ වෙලඳ පොලට තෙල් බැරලය එන්නෙ $100 ට. දැන් ලෝක වෙලඳ පොලේ තෙල් බැරලය $130 ක් දක්වා ඉහල නගින කොට, ආන්ඩුව පරණ විදියටම $50 ක බදු අය කර ගත්තම, ලංකාව ඇතුලෙ තෙල් බැරලය $180 කට නගිනවා.

      ආන්ඩුව අය කරන බදු වලින් තමයි ඉස්කෝල, පාරවල්, ඉස්පිරිතාල නඩත්තු කරන්නෙ. ඒ නිසා ලෝක වෙලඳ පොලේ තෙල් මිල වැඩි වෙන කොට, ලංකාවෙ ආන්ඩුව ගන්න බදු අඩු කරන්න කියන එක උත්තරයක් නෙවෙයි.

  5. ඕව ගෙවන්නෙ කබ්බ නොවෙයිනෙ අපි වගේ මේ රටේ සාමානය්ය ජනතාව.

  6. පිට එකා says:

    ඉතින් ඔය හොර ගනුදෙනුව කරපු යූ ඇන් පී එකට හෙනම ගහපිය ..

  7. hewwel says:

    අලි බබා සහ හොරු 225

  8. බත් කන එකා says:

    @ Saman ,

    “Ithin Harakune ai Cabraal ta wiruddawa neethimaya piyawara ganne neththe? ” -
    හෙහ් හෙහ්, ඇත්තටම උඹ ලංකාවේ නෙමෙයිද හිටියෙ පහුගිය කාලෙ? කවුද බන් කැමති සුදු වෑන් වල යන්න.

  9. Potheguru says:

    ලෝක වෙළෙදපොළේ තෙල් මිල ඉහළ යන කාලයේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙරට පෞද්ගලික බැංකු සමග ඇති කර ගත් හෙජිං ගිවිසුම සම්බන්ධයෙන් ලන්ඩන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ප‍්‍රතික්ෂේප කර තිබේ. කොමිස්‌ ගැසීමේ චේතනාවෙන් අත්සන් කළ ඉතිහාසයේ දූෂිතම ගනුදෙනුව වන හෙජින් ගනුදෙනුවේ තීන්දුව අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ස්ටෑන්ඩර්ඞ් චාර්ටඩ් බැංකුවකට ගෙවිය යුතු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 162ක් (රුපියල් කෝටි 2,200ක් ) සහ ඊට අමතරව එය නොගෙවා සිටි කාලයට අදාළ ‍පොළියද ගෙවියයුතු වේ. මීට පෙර මෙම මුදල ගෙවන ලෙස දෙන ලද නඩු තීන්දුව අභියෝග කිරීම සඳහා නඩු ගාස්තු ලෙස රජය විසින් වියදම් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2කට හෙවත් රුපියල් කෝටි 25කට අධික ය. . මෙම හෙජින් ගිවිසුම අත්සන් කරන ලද්දේ 2008 ජූලි මාසයේදී ය. ඒ. එච්. එම්. ෆවුසි ඛනිජ තෙල් විෂයභාර ඇමැතිවරයා වශයෙන් සිටියදී තෙල් සංස්ථාව වෙනුවෙන් අසන්ත ද මෙල් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කරුණාරත්න විසින් අත්සන් කරන ලදි. හෙජින් ගිවිසුම්ව ගෙන ඒමට මුලිකව ක්‍රියා කල අසන්ත ද මෙල් සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපන සුදුසුකම් ඇති පුද්ගලයෙකි. මහබැංකු අධිපති අජිත් කබ්රාල් ඩබ්ලිව්. එම්. බී. විඡේසේකර, ( ශ්‍රී ලංකා මහ බැංකුව) , ඒ. එච්. එන්. තේනුවර, ( ශ්‍රී ලංකා මහ බැංකුව) සාලිය රාජකරුණා, , කපිල ආරියරත්න, කාන්ති විඡේතුංග, ලලිත් කරුණාරත්න, කනක සභාපති යන යද මේ දුෂිත ගිවිසුම යට සිටිති. දැන් මේ මුදල අය කරගන්නේ සාමාන්‍ය ජනතාවගෙනි. රට ආර්ථික වශයෙන් අගාධයට හෙළු මේ කාලකන්නීන් සහ ඒවාට එකඟතාවය දුන් ලොක්කන් කොමිස් මුදල් වලින් තව පරම්පරා දෙක තුනක් ගොඩ දා ගනු ඇත. නමුත් පාපය විඳිය යුත්තේ සාමාන්‍ය ජනයාය.

  10. සුද්දට ටි 56..සුද්දිට පෝලිම ..තවත් සභාපතියෙක් says:

    ලංකාවේ දේශපාලුවෝ මැරුණම
    අපායේ යම රජු බාරගන්නෙත් නැහැ
    දන්නවා අපායත් විකුනනවා කියලා

  11. Harsha says:

    තෙල් සංස්ථාවට වැඩිපුරම ණය විදුලිබල මණ්ඩලය මිස ඔය කියන ඒවා නෙවෙයි. අනෙක සේවක වැටුප්වලට යන්නේ ආදායමෙන් 1%කටත් අඩුවෙන්.

Leave a Comment