පසුගියදා වාහන බදු වැඩි කිරීමෙන් පසුව මෙරට වාහන ලියාපදිංචිය විශාල වශයෙන් අඩු වෙමින් තිබෙන අතර එහි නවතම දත්ත හෙළිවේ.
ජේබී සෙකියුරිටීස් සමාගම විසින් නිකුත් කර තිබෙන දත්ත වලට අනුව 2012 ජූලි මාසයේදී වාහන ලියාපදිංචිය ගිය වසරේ අදාළ කාලයට වඩා සියයට 55 කින් අඩුවී තිබෙන අතර ලියාපදිංචි වී තිබෙන වාහන ප්‍රමාණය 26,799 කි.
2011 ජූලි මාසයේදී වාහන 41,481 ක් මෙරට ලියාපදිංචි වී තිබුණි.
මේ වසරේ පළමු මාස හත තුළදී අළුත් හා පාවිච්චි කරන ලද මෝටර් රථ ලියාපදිංචිය 18,376 ක්වී තිබෙන අතර එය ගිය වසරේ මුල් මාස හත තුළදී 31,462 ක් විය.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව එන්ජින් ධාරිතාවය 1000cc වලට වඩා අඩු මෝටර් රථ ලියාපදිංචිය මේ වසරේ මුල් අර්ධයේදී 7,343 ක් දක්වා අඩුවී තිබෙන්නේ 2011 වසරේ මුල් අර්ධයේදී වූ 12,432 ක මට්ටමක සිටයි.
කර්මාන්තයේ නියුතු පිරිස් විශ්වාසය පළකරන්නේ මේ වසරේ මෙරට වාහන ලියාපදිංචිය වාහන මත බදු විශාල ලෙස වැඩිකිරීම නිසා සියයට 40 කින් පමණ ගිය වසරට වඩා අඩුවනු ඇති බවයි.
ලාංකේය වෙළඳ පොළේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය වන Maruti Alto අලෙවිය ගෙවුණු ජූලි මාසයේදී විශාල ලෙස අඩුවී තිබෙන අතර විකිණී තිබෙන්නේ මෝටර් රථ 127 කි. ගිය වසරේ ජූලි මාසයේදී මෙම මෝටර් රථ 858 ක් විකුණා තිබුණි.
ජේබී සිකියුරිටීස් දත්තයන්ට අනුව මේ ජූලි මාසයේදී Maruti/Suzuki මෝටර් රථ 236 ක් දක්වා අලෙවිය පහත වැටී තිබෙන්නේ 2011 ජූලියේදී අලෙවි වූ මෝටර් රථ 1373 ක මට්ටමක සිටයි.
මේ ජූලි මාසයේදී විකිණී තිබෙන්නේ නිසාන් මෝටර් රථ 03 ක්, ටොයොටා මෝටර් රථ 27 ක් හා චෙරි මෝටර් රථ 04 කි. 2011 ජූලි මාසයේදී මෙම මෝටර් රථ පිළිවෙලින් 58 ක්, 66 ක් හා 41 ක් විකිණී තිබුණු බව මෙම දත්ත අනාවරණය කරයි.
මේ අතර, 2012 ජූලියේ යතුරු පැදි අලෙවිය 11,315 ක් දක්වා අඩුවී තිබෙන්නේ 2011 අදාළ කාලයේදී වූ 20,460 ක මට්ටමක සිටයි.
- vimasuma
niyamai thawa adu wewa ethakota apita hodin pare behela yanna puluwan
ela ela….. mata nam marama happy………
ඉතින් යකෝ ගන්න ඕන උන් ගත්තට පස්සේ වෙන කවුද ගන්න ඉන්නේ!! මොකද එකම මිනිහා වාහන දෙකක් තුනක් ගන්නද?? නැත්තන් වෙන ලෝකෙක ඉන්න උන් මෙහෙට ඇවිල්ලා වාහන ගන්නද?? පුදුම කතාවක්නේ යකෝ හැම අවුරුද්දෙම එකම ගානන වාහන විකිනෙන්න ඕනෙ කියන එක,,
අම්මෝ මොලේ තමයි මොලේ, වැස්සට තෙමෙන්න එලියට යන්න එපා
බටහිර සුද්දෝ හඳුන්වාදීපු කාර් නිසා අපේ දේශීය කරත්තය අභාවයට ගියා. දැන් බලන්න මේ කාර් පාවිච්චිය නිසා අපිට කොච්චර අතුරු පල ලැබිල තියනවද කියලා. මේ කාර් නැත්නම් අපිට තෙල් අවශ්‍ය වෙන්නෙත් නැහැ. අනික මේ කාර් අනතුරු වෙලා මිනිස්සු කිදාහක් අවුරුද්දකට මැරෙනවද/ කරත්තෙක හැප්පිලා මැරුණු එක මිනිහෙක් කියපන්. ඒක නිසා මේ සුද්දෝ හඳුන්වල දීපු කාර් පාවිච්චිය අඩු වෙන එකමයි හොඳ. කාර් වල යන්නේ සුද්දට කඩේ යන අධිරාජ්‍යවාදියෝ. අපේ දේශප්‍රේමී සහෝදරයින්ගේ වෙනත් අසහස් තියනවනම් දන්වන්න කම්මැලි වෙන්න එපා හොඳේ.
මේ වැඩේ හොඳයි, පහුගිය කාලේ වාහන ගෙන්නපු විදියට ලංකාවට වාහන ගෙනාවනම් අපිට පාරවල්වල යන්නවත් බැරිවේවි. රනිල්ගේ “මල පහ” උනත් සුවඳයි කියන උඹලාවගේ යූ.එන්.පී ගොන්නුන්ට මේවා තෙරුම්ගන්න බෑ.
නියම පොරවල්, උඹලට රටේ දේශප්‍රේමින් ඉන්නඑක තමයි ප්‍රස්නේ, ත්‍රස්තවාදී කොච්චර හිටියත් ප්‍රස්නයක් නැහැ! කොටින්ටයි, NGO කාරයන්ටයි විරුද්ධව එක comment එකක් දන්නේ නැහැ, කවුරුහරි දේශප්‍රේමිත්වය ගැන කතාකලොත් තමයි උඹලට තදවෙන්නේ!!
නිකන් මෝඩ චූන්වෙන කතා කියන්න එපා , තමුසෙටත් සල්ලි තියෙනවනම් කාර් එකක් ගනීවි , අනික තමුසේ , කතරගම ඉඳලා කොළඹ එන්නේ කරත්තෙන්ද ?
HARIYATA HARI. APE PERANI DOLAAWA NEVATHA PAAVICHCHIYATA GENEEMEN REKIYAA PRASNAYATA LOKU VISANDUMAK LEBENAVA. VISAALA REKIYAA PRAMAANAYAK KSANIKAVA MEVENAVA.
අනිවා කරත්ත අලුතෙන් හදන්නම ඕනැ
නැත්නම් ලංකාවේ බත් කන කකුල් දෙකේ හරක් චන්ද දායකය ගැට ගහන්නේ කොහෙද ?
දැන් කාටද මේකෙන් සතුටු..??????
අප්‍රමාන සන්තෝෂයි.
kalisama galawala amudayak gahaganing, kalisamath suddage.
METIKAHARI API GATHTHE
JVP and NGO ‘s behind this
එක පාර ටැක්ස් අඩු කරපු එක (කිසිම දීර්ඝ කාලීන සැලැස්මක් නැතිව) මහ අමන වැඩක්. ඒනිසා වුනේ හතවුරුද්දක් බඩගින්නෙ හිටපු එකා හත්දවසෙ දානෙගෙදරට පැන්න වගේ- ඉස්මුරුත්තෙ හැදෙනකම් වාහන ඉම්පෝර්ට් කරපුඑක (වෙළෙන්දොයි අපියි දෙගොල්ලම )- බිලියන ගානක් මේ රටේ වැඩකරන (නොකරන ) මිනිස්සු ඉතුරුකරපු විදේශ විනිමය ජපනටයි සක්කිලින්ටයි පූජ කලා
ඇත්තටම සාමාන්‍ය මට්ටමේ සෙකන්ඩ් හෑන්ඩ් කාර්වල මිල අඩුවුනේ බොහොම සුළු ප්‍රමානයකින් – මොකද ජපන් ඔක්ශන්වල අපි පොර කකා ලන්සු තිව්වනෙ- වාසිය ගියේ ජපනට. (මේක ඔප්පු වෙනව- ටැක්ස් එක පස්සෙ වැඩිවුනාට ඒ හිතපු තරම් මිල ඉහල ගියෙත් නෑ- ඇයි, දැන් ඔක්ශන් එකේ පොරකන්න අපේ අය අඩු නිසා )
ටැක්ස් එක වැඩි කරපු එක මම හරි කියන්නෙ නෑ- මොකද ඒකත් වුනෙ අතීසාරෙට අමුඩගහනව වගේ නිසා.
මේ වගේ ආර්ථිකයට ඉතා සංවේදී තීරන ක්‍රමානුකූලව ක්‍රියාත්මක කලයුතුයි. ක්ෂනික ආප්ප දානව වගේ ක්ෂනික ආශ්චර්‍යා පෙන්නන්නගිහින් තමයි ඔය ඇනගත්තෙ.
ඉන්දියන් හුචක්කු නම් නැති වෙන තරමට හොඳයි
ඊටත් වැඩ කරදරේ තමයි ත්‍රී වීලර්
Samanya janathawata wahanayak ganne baha badu wadi nisa. Namuth, Rajage paulata yanna helicopter 14 genna hadanawa. Kathai neda wade.