කොටි සමුළුවේදී වෙනම රාජ්‍යයක් ගැන කීවොත් කරුණානිධිට නඩු

තමිල්නාඩුවේ දී පැවැත්වෙන ද්‍රවිඩ ඊළාම් සමුළුවේ දී ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වුවහොත් තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැති එම්. කරුණානිධිට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමා ඇතුළු විශාල පිරිසක් සූදානම් බව ඉන්දීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා අවධාරණය කරයි.

එම සමුළුවේ දී ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් සම්බන්ධයෙන් කතා නොකරන්නැයි අනතුරු ඇඟවීමක් කර තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා එසේ වුවහොත් ඔහුට එරෙහිව අවශ්‍ය පියවර ගැනීම සඳහා කිසිවිටෙකත් පසුබට නොව බවද සදහන් කරයි. එම අනතුරු ඇඟවීමත් සමඟ බෙදුම්වාදී අඳහසින් බැහැරව සමුළුවක් පවත්වන බවට කරුනානිධි ප්‍රකාශකර තිබෙන බවද හෙතෙම කියාසිටී.

සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ජනතා පක්ෂයේ නායකයා මේ බව සදහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් කරුණු දැක් වූ ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා සදහන් කළේ ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ ජනතාව අතර පවත්නා සමඟිය, සහෝදරත්වය හා මිතුදමට බාධා කිරීම සඳහා කිසිඳු බාහිර බලවේගයකට නොහැකි බවත් ඒ වෙනුවෙන් කිසිඳු අයිතියක් නොමැති බවත්ය.

තමිල්නාඩුවේ ඇතැම් කණ්ඩායම් ගෙනයන ව්‍යාපාරයන් සාර්ථක නොවන බව පැවසූ ඒ මහතා ඇතැම් දේශපාලඥයන්ට කොටි හිතවාදීන්ගෙන් හා දෙමළ ඩයස්පොරවේ අන්තවාදීන්ගෙන් මුදල් ලැබෙන බවද ඒ නිසාම ඔවුන් ශ්‍රී ලංකා විරෝධී බව පෙන්නුම් කරන බවද සඳහන් කළේය.

මේ අතර ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පෙන්වා දුන්නේ සිනමා කර්මාන්තයේ නිරත ඇතැමුන් ද කොටි හිතවාදීන්ගෙන් වාසි ලබා ගන්නා බවයි. එසේ වුවද මොවුනට පුළුල් ජනතා සහභාගිත්වයක් නොමැති අතර මැතිවරණ පවත්නා සෑම අවස්ථාවකම ඔවුන් පරාජයට පත්වන බවද හෙතෙම කීවේය.

මෙවැනි අවස්ථාවක තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැති එම්. කරුණානිධි ද්‍රවිඩ ඊළාම් සමුළුවක් කැඳවා තිබෙන බවද ඒ මහතා පැවසීය.

9,994 Viewers

9 Comments to “කොටි සමුළුවේදී වෙනම රාජ්‍යයක් ගැන කීවොත් කරුණානිධිට නඩු”

  1. kalawedda says:

    Really appreciate Mr.Subramaniam swami’s statemment.

  2. one in a billion says:

    indiawa apiwa me dawaswala hurathal karanne hondakata newei… Sure ekata ara seepa da mkakdo eka sign karagannakan wenta ati. Ape maha ekaa denatamath bageta andilane inne.. Sampoornayenma andaganeeda dan na..

  3. gamaya says:

    All indians are same, all they do is to gain political advantage. India is no friend of Sri Lanka.

    • Fernando says:

      Not even China or Pakisthan. They all have ulteror motives.

      • Barrak says:

        100% correct. We are going to much after China & Russia. As a developing & independent country should be in the middle path. Unfortunately our leaders can not understand the reality.

      • මාතර ආතර says:

        @Fernando
        1.
        PhD එක සමග ‘තෑගී’ දෙන්න සෝම හාමුදුරුවෝ, ?අපවත් කල සිද්දියේ,
        වෙබ් අඩවිය වසා දැමුවේ
        රුසියාවේදී.
        2.
        ලොව පුරා විසිරී ඇති දෙමල ජනයාට,
        ඉස්සෙල්ල ‘ලංකාවේ Federal ප්‍රාන්තයක්’,පසුව දෙමල රාජ්ජයක් දීල දාන්න
        ලංකාවෙන් පුළුවන් නම්,ඉන්දියාවේ ‘සුදු බමුණන්’ඊට කැමති වේවී.
        ඊට පස්සේ ඒකට,
        තමිල් නාඩුව ඉන්දියාවෙන් වෙන්වී,
        United States of Tamil Elaam කියල යා වුනොත්,
        ඇමෙරිකාවයි / චීනෙයි / පකිස්තානෙයි කැමති වේවි!
        ඉන්දියාවේ ‘සුදු බමුණන්ට’ තරු පෙනේවි!
        3.
        තමිල්නාඩු උතුර නැගෙනහිර එකතු කරලා,
        ත්‍රිකුනමලේ වරය
        දෙමල ජාතිවාදීන් ගත්තොත්,
        මුස්ලින් ජාතිවාදීන් අම්පාර ඉල්ලනවා සිකුරුයි.
        ඊට යටින් වරායක් ඉල්ලලා,ඒ අය පාකිස්තානේ ට,United States of Sunni Muslimsසැදීමට එකතු වේවි.
        4.
        චීනේ අපට මොකක් කොරයිද මන්ද?

  4. labbo says:

    me subramanyam swamita lankawe sinhalayoa gana danne naha munta bokka eliyata aran pennuwath wadakne anith jathinwa balanne wapara ahen irsiyawen

  5. duminda says:

    Subramanium Swami & Pacha Bahu meet unoth monawa weida….Mata therenne nathi hindai ahanne…

  6. SUNIMAL says:

    Indian fantasy story

Leave a Comment