ඇමති විමල් නෝම්බු උපවාසය අත්හරින්න එක්වෙයි

කොහිලවත්ත, වැල්ලම්පිටියේ අල් ඉබ්රාහිමියා ජුම්මා ඉස්ලාම් පල්ලිය වාර්ෂිකව 7 වන වරට පවත්වන ලද නෝම්බි උපවාසය අතහැරීමේ 21 වන  දින ඉෆ්තාර් උත්සවය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (10) පස්වරුවේ අල් ඉබ්රාහිමියා ඉස්ලාම් පල්ලියේදී සිදුවිය.

මෙහිදී අදහස් දැක්වූ  විමල් වීරවංශ අමාත්‍යවරයා “ශුද්ධ වූ කුරාණයේ  සඳහන්ව ඇති ආකාරයට  නෝම්බි ඇල්ලීම  සාමාන්‍යයෙන් හඳුන්වන්නේ දුප්පතුන් කුසගින්නේ සිටිද්දී  දැනෙන වේදනාව  සියලුම දෙනාට දැනගැනීමට සැළැස්වීමේ  අරමුණින් ඇති කරනලද  චාරිත්‍රයක් කියන විශ්වාසය අප තුළ තියෙනවා.  ඕනෑම ජනතාවක් තමන්ට වඩා අගහිඟකමින්  අඩු,  නැත්නම්  දුප්පත්කමින් පිරුණු   මිනිසුන්ගේ වේදනාව තේරුම්ගන්න සමත් නම්,  ඒ අයගේ දුක් කඳුළු ගැන වැටහීමක්,  දැනීමක්  අපට ඇතිවෙනවා නම්  එවන් සමාජයක්  ඉදිරියට ගෙනයාම  පහසුවෙනවා. එම නිසා ඉස්ලාම්  බැතිමතුන්ගේ  මෙම චාරිත්‍රය සඳහන් වෙන්නේ  දෙව්ලොවට දොරටු විවරවීමක් හැටියටයි.  එබඳු වටිනාකමකින් යුත්  උසස්  චාරිත්‍රයක් තමයි  මේම අවස්ථාවේ සිදුකොට තිබෙන්නේ.  ඒ උතුම් කාර්යයට දායක වන ඔබ සැමට අපගේ  උණුසුම්  සුබ පැතුම්  පිරිනමමින්  ඉස්ලාම්  ආගමේ සඳහන් විශ්වාසයක්  හැටියට මෙහි සිටින  සියලුදෙනාම  අපේ සමාජයේ  සෙසු මහජනතාවට සේවයකර සතුටින් සාමයෙන්  ජීවත්වෙන්න අවස්ථාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.

සර්ව ආගම් නියෝජනය කරමින්  ආගමික නායකවරුන්, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිතුමා, අල් ඉබ්රාහිමියා ජුම්මා ඉස්ලාම් පල්ලියේ  පාලක සභාවේ මහත්වරුන් හා ප්‍රදේශයේ ඉස්ලාමීය බැතිමත්හූ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

12,011 Viewers

17 Comments to “ඇමති විමල් නෝම්බු උපවාසය අත්හරින්න එක්වෙයි”

  1. වේලාරත්න says:

    ඔරලෝසුවෙ වලොව නම් අවුල වගේ…! නෝම්බු අරින්නෙ හවස 6 ට විතර නේද?

  2. labbo says:

    Marcy vimala giyata passe palliya hodhapalla

  3. sadun says:

    කෝ ලෙමන් පෆ් තියල නැහැනේ.

  4. deshamamaka says:

    මේක දැකලා රංග ජයවර්ධන අන්න වහ කාලලු.

    • chathura says:

      loku deyak

    • දඟයා says:

      ලොකු දෙයක් එහමනං. එහනම තව නොන්බි අරින උත්සවයකට අතුරලිය රත්න හිමිට එන්න කියමු. අත්කොට අප්පුත් පෙරමුණේ රාලත් වහ බොයි/

  5. ඇමති විමල් වීරවංශ මහතා විසින් ලංකාවේ ආගමික සහජීවනය උදෙසා කරන මෙවන් සත්කාර්යයන්ට මුස්ලිම් අපගේ ප්‍රණාමය!

  6. Dr.G.Amarasekara says:

    patta athallllllllll

  7. senaka says:

    ජාත්‍යාන්තර ඉස්ලාම් ත්‍රස්තයන්ට ෙබාක්ෙකන්ම උදවි කරන විමල් වීරවංශට මුස්ලිම් වරුන්ෙග් උපවාසෙන් පසු දෙන ජරාව කන්න දොළ දුකකුත් දෙශපාලන වාසියයි දෙකම ගන්න ගහන තුට්ටු දෙකෙ කුමන්ත්‍රණයක්.

  8. UnEducatedMan says:

    He is going to be a problem.

    The solution is to terminate the problem. But he don’t
    worth that much. But when he become a large problem, US
    will murder him in street like a dog.

    There’s only one god in this world, he is President of
    United Stats.

    good luck

  9. banuka says:

    munta thama kiyanne kalakanni kiyala konda pana neti wessige puthala thoppiyath kapa gattanam thama wada hoda

  10. සත්‍ය දන්න එකා says:

    විමල් වීරවංශ මැතිතුමාට කරන චෝදනා හෙලා දකිනවා.මමත් එතුමගෙ හැම වැඩක්ම අනුමත කරන්නෙ නෑ.ඒත් එතුමා දුරදර්ශී නායකයෙක්.මේ රටට සැබෑ තර්ජනය තියෙන්නෙ මුස්ලිම්වරුන්ගෙන් නොවෙයි.බටහිර සංස්කෘතියෙන්.මෙහෙම කොමෙන්ට් දාපුවම මමත් මුස්ලිම් කෙනෙක් කියල හිතාගෙන සමහරු මට බනිනවා.බටහිර නව ලිබරල්වාදී සංස්කෘතික ආක්‍රමනයත් එක්ක අපේ සදාචාරය ,ගුණධර්ම,වටිනාකම් නැතිවයනවා.කොකාකෝලා බොන විස්කි බොන සමාජයක් ඇති වෙනවා.අනාගත සිසුන්ට උපත් පාලන පෙති අරගෙන පාසල් යන්න වේවි.පොඩිකාලෙ ඉදන්ම නයිට් ක්ලබ් යාවි.බටහිර වෙළැදපොල ව්‍යාජයන් හා සමාජ බලපෑම් නිසා අපේ වැටුප ජීවත් වෙන්න මදි වේවි.
    මානව හිමිකම් ආදී බලපෑම් නිසා බටහිරින් එල්ල වන කරදර බලන්න.බටහිර සංස්කෘතික බලපෑම් නිසා ළමයෙක් හදාගන්න බැරි වේවි.අපේ ප්‍රධාන සතුරා බටහිරයි. එහි දේශීය නියෝජිතයා වන එක්සත් ජාතික පක්ෂයයි.

  11. khan says:

    muslim lankawe neththam buriyani watalappan kanna weida unbalata, denwath irsha karana eka nathara karapalla. adu kule singhalayan hemadama kale okane

Leave a Comment