ඊළාම් සමුළුවට එන්න හැදු කොටි හිතවාදීන් 20කට වීසා නෑ

තමිල්නාඩුවේ චෙන්නායිහිදී අද පැවැත්වෙන ඊළාම් සහයෝගිකා සමුළුව සඳහා ඇරයුම් ලබා සිටි කොටි හිතවාදීන් 20 දෙනෙකුට ඉන්දියාවට පැමිණීම සඳහා ඉන්දීය රජය අවසර දී නැත.

මෙම සමුළුව සඳහා ඇරයුම් ලබා සිටි ඇතැම් පුද්ගලයන් සඳහා ඉන්දීය රජය අවසර ලබා දී ඇත්තේ පසුගිය බ‍්‍රහස්පතින්දායි. මෙලෙස වීසා ප‍්‍රතික්‍ෂෙප වූ විසි දෙනා කොටි ජාත්‍යන්තර ජාලයේ ක‍්‍රියාකාරීන් යයි ඉන්දීය රෝ බුද්ධි සේවා පවසයි.

මේ අතර මෙම සමුළුවට ඊළාම් යන වචනය භාවිතා කිරීමට ඉඩ නොදීමට කොටි ඩයස්පෝරාව දැඩි විරෝධය පල කර තිබේ.  ඊළාම් සමුළුවේදී ඊළාම් යන වචනය භාවිතා කිරීමට ඉඩ නොදීම නිසා ඉන්දීය රජය අපේ අරමුණු සුන් කලා යයිද කොටි ඩයස්පෝරාව පවසා ඇත.

6,076 Viewers

2 Comments to “ඊළාම් සමුළුවට එන්න හැදු කොටි හිතවාදීන් 20කට වීසා නෑ”

  1. A380 says:

    oya apita adareta neme. tamilnadu india walin kadei kiyana bayata

  2. gadol says:

    NO VISA FOR CEPA

Leave a Comment