වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට මෑතක සිට මත්කුඩු සහිත දෙහි ගෙඩි වැටෙන්නට පටන් ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
කාන්තා නිලධාරිනියන් නොමැති අවස්ථාවල වනාතමුල්ල දෙසින් දිනපතාම පාහේ මෙම දෙහිගෙඩි වැටෙන බවද පැවසේ. එසේ වැටෙන දෙහි ගෙඩි ඇහිඳ ගැනීමට යාමේදී ජාවාරම්කාර කාන්තා රැඳවියන් අතර ගුටිබැට පවා හුවමාරු වන අවස්ථාද ඇතැයි වාර්තා වේ.
ජංගම දුරකතන මඟින් කෙරෙන සංඥාවන් අනුව ගැනුම්කරුවන්ට ලැබෙන සේ ඒ ඒ ස්ථාන වෙත මෙම දෙහි ගෙඩි පතිත කෙරේ.
දෙඩට පලන ලද මෙම දෙහිගෙඩි තුලට මත්කුඩු පුරවා ඒවා නැවත සූක්‍ෂම ලෙස සකසා ඇතැයිද කියැවේ.
ලංකාව අද විහිලුවක් වෙලා.මහලොකුවට ත්‍රස්තවාදය පරාජය කළා කියලා පාරම් බානවා.කුඩු ගහන වනචර ගානියෙක්වත් මෙල්ල කරගන්න බැරි ආරක්ෂක සේවයක් අද තියෙන්නෙ. ඔය තියෙන සිර කඳවුරු ගෙනියන්න ඕන පාලු පති වලට.
එකනෙ ලොක්ක කියනවා…එය දකුණු අප්‍රිකාවට එන්න එපා කිව්වාලු.. නුමුත් මෙවෑනි දෙයක් නතර කර ගන්න බෑරි එක නොවෑ පුදුමෙ..