අද රාත‍්‍රියේ සිට බස් රථ වැඩ වර්ජනයක්

අයථා ලෙස මාර්ග බලපත් ලබාදීමට විරෝධය පලකිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් දිවයින පුරා දුර ගමන් සේවාවන්හි නියුතු බස් රථ වර්ජනයක් අද රාත‍්‍රියේ සිට ආරම්භ කරන බව ලංකා පෞද්ගලික මඟී ප‍්‍රවාහන සේවක සංගමයේ ලේකම් සුමිත‍්‍ර කුමාරදාස මහතා පවසයි.

අර්ථසාධක හා සේවා භාරකාර අරමුදල් ලබා නොදීම, අයථා ලෙස රියදුරු කොන්දොස්තරවරුන් බඳවා ගැනීම, නියමිත නිල ඇඳුමක් ලබා නොදීම, අයථා ලෙස මාර්ගබලපත් ලබාදීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කරන බව ලේකම්වරයා කියා සිටී.

8,044 Viewers

2 Comments to “අද රාත‍්‍රියේ සිට බස් රථ වැඩ වර්ජනයක්”

  1. මිනීමරුවා says:

    එකක් ඉවරවෙනකොට තව එකක්.නටපු නැටුමකුත් නැ ,බෙරේ පලුවකුත් නැ.

  2. බස් මගියා says:

    ප්‍රයිවෙට් බස් කාලකන්නි. ශක්තිමත් රාජ්‍ය ප්‍රවාහන සේවයක් නැති එකේ පව ගෙවන්න වෙලා තියෙන්නේ අපිට.. ලංගම ශක්තිමත් වේවා! ප්‍රයිවෙට් බස් මාෆියාව භංග වේවා!!

Leave a Comment