ශ‍්‍රී ලංකාවේ රජයත් දමිළ ජාතික සන්ධානයත් අතර බිඳ වැටී ඇති සාකච්ඡා නැවත ආරම්භ කිරීමට දකුණු අප්‍රිකානු රජය ගත් උත්සාහය සාර්ථක නොවූ බව දකුණු අප්‍රිකාව පවසයි.
රජයේ ආරාධනයෙන් පැමිණි දකුණු අප්‍රිකානු නියෝජිතයන් පිරිසක් ඉකුත් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක් නිම කළේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය සඳහා පූර්ණ සහයෝගය සහතික කරමින් බව ශ්‍රී ලංකාවේ රජය ප්‍රකාශ කරයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයේ නියෝජිතයන්ද, ආර් සම්බන්ධන් ගේ නායකත්වයෙන් යුත් දමිළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ද මුණගැසුණු නියෝජිත පිරිසට නායකත්වය දුන් දකුණු අප්‍රිකානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඉබ්‍රහිම් ඉබ්‍රහිම් බීබීසී සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ දෙපාර්ශවය අතර සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රගතියක් ඇති කරන්නට ගත් උත්සාහය සාර්ථකත්වයකින් නිම නොවූ බවයි.
“ආණ්ඩුව කියන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වාඩිවන්නට පෙර ද්වි පාර්ශවීය සාකච්ඡා පැවැත්විය නොහැකි බවයි. ආණ්ඩුවේ අදහස නම් තේරීම් කාරක සභාව බහු පාක්ෂික සභාවක් නිසා ද්වි පාර්ශවික සාකච්ඡා කලින් පැවැත්වීම නුසුදුසු බව. කාරක සභාවට විසඳා ගත නොහැකි ගැටළු වේ නම් ඒවා ද්වි පාර්ශවිකව විසඳා ගන්නට ඉඩ තිබෙන බවයි රජයේ මතය. පක්ෂ දෙක අතර මුලින් එකඟතාවක් ඇති කර ගත යුතුය කියන දමිළ ජාතික සන්ධානයේ අදහස අපට තේරුම් ගන්නට පුළුවන්. එහෙත් රජය ඒ ගැන උනන්දුවක් දක්වන බවක් මම හිතන්නේ නැහැ,” දකුණු අප්‍රිකානු ඇමතිවරයා සඳහන් කළේය.
- BBC
නොර්වේ2 = දකුණු අප්‍රිකාව
Thopi anunge kunu hoyanne nethuwa, Thope rate ara wedi thiyala marapu minissu gena hoyapiyaw
ඔව් ඔව් මොකද අප්‍රිකානු මෙහෙයුම් සාර්ථකයි දැනට කම්කරුවන් 33න් මරා දමා ඇති ….. ඇයි යකෝ ලංකාවේ මෙහෙම වෙන්නේ නැත්තේ …..