අද විවිධාකාර වූ ගෝලීය ත‍්‍රස්තවාදයේ තර්ජනයට ලොව මුහුණපාමින් සිටින බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියලූම ආකාරයේ ත‍්‍රස්තවාදයන් පිටුදැකීමටත් සාමය හා ආරක්ෂාව වැඩිදියුණු කිරීමටත් ගන්නා බහුපාර්ශවීය ප‍්‍රයන්තයන්ට ශී‍්‍ර ලංකාව නොකඩවා සහාය ලබා දෙන බව පැවසීය.
ප‍්‍රධාන වශයෙන්ම තම ව්‍යායාමයන් තුළින්ම වසර තුනකට පෙර ත‍්‍රස්තවාදී අභියෝග අවසන් කිරීමට ශ‍්‍රී ලංකාව වාසනාවන්ත වූ බව ද මෙහිදී සඳහන් කළ රාජපක්ෂ මහතා මෙවන් තර්ජනයක් නිමා කිරීමට හා එවැනි අවස්ථාවල පශ්චාත් අර්බුද අභියෝග ජයගැනුමට ශී‍්‍ර ලංකාව මෙන් තමන් විසින් ම සකසා ගත් හා ජනතාව පදනම් කරගත් ප‍්‍රවේශයක් අවශ්‍ය බව තමා දැඩිව විශ්වාස කරන බව ද පැවසීය.
නොබැඳි ව්‍යාපාරයේ රාජ්‍ය නායකයින්ගේ 16 වන සමුළුව අමතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ රාජපක්ෂ මහතා මේ බව පැවසීය. ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ටෙහෙරාන් නුවර සමුළුව ආරම්භ විය.
ජනාධිපතිතුමා එහිදී මෙසේ ද පැවසීය.
‘ත‍්‍රස්තවාදී තර්ජනයන්ට මුහුණ දී සිටින රටවලට ජාත්‍යන්තර ප‍්‍රජාව සහයෝගය දැක්විය යුතුමය. මෙම ව්‍යවසනය අප විසින් තුරන් කිරීමට නම් දෙබිඩි ප‍්‍රතිපත්තීන් හෝ යම් කොටසකට පමණක් වාසිවන ප‍්‍රමිතීන් හා ප‍්‍රතිපත්තීන් නොතිබිය යුතුය. ස්වාධිපත්‍යයට ගරු කළ යුතුය යන ප‍්‍රතිපත්තිය අප විසින් පිළිගත යුතු අතර සියලූ දෙනාටම එක ලෙස සැලකිය යුතු වෙමු. එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥ්ප්තියේ හා නොබැඳු ප‍්‍රතිපත්හීන්හි පැහැදිලි ලෙස දක්වා ඇති පරිදි රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතුය යන්න ස්ථිර ප‍්‍රතිපත්තිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිළිපැදිය යුතුය.’
ලෝක මූල්‍ය ව්‍යුහය නැවත පිළියෙල කිරීමේ දැඩි අවශ්‍යතාවය ද පෙනවා දුන් ජනාධිපතිතුමා වර්තමානයේ ජාත්‍යන්තරය තුළ සිදුවන වෙනස්කම් ගෝලීය මුල්‍ය ආයතනයන් තුළින් පිළිඹිඹු විය යුතු බවත් අනේකවිධ අභියෝගයන් හමුවේ තමන්ගේ ආර්ථිකයන් සාර්ථක ලෙස කළමනාකරණය කරගනු ලබන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් පමණක්ම නොවන අතර ගෝලීය මුල්‍ය බලය පවා කාර්මිකරණය වු උතුරේ සිට දකුණේ බලකේන්ද්‍රයන් වෙත ගමන් කරමින් සිටින බව ද එහිදී පෙන්වා දුන්නේයග ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ගෝලීය ව්‍යුහයන් තුළ ද මෙම වෙනස්වීම පිළිඹිඹුවීමට කාලය එළඹී ඇති බවයි.
ලෝක මූල්‍ය ව්‍යුහය යනු කුමක්ද?එය නැවත පිළියෙල කරන්නේ කෙසේද?
හිස්බුල්ලා ගරිල්ලන්වත් පුහුණු කරන ලෝකයේ ලොකුම ත්‍රස්තවාදියා ඉරානයයි. මහින්ද කරන මේ වැඩේනම් හොබ්නෙන් යන වැඩක්.
ඉරානේ අපේ මිතුරෙක් තමයි හැබැයි උන් මහ අන්තවාදී සෙට් එකක්. එක හොඳක් තියෙන්නේ මුන් ෂියා මුස්ලිම්. කාලකණ්ණි සුන්නි මුස්ලිම් පරයන්ට වඩා ටිකක් හොඳයි. හැබැයි චුට්ටම චුට්ටයි
Hisbulla haduwe USA
මහින්දය්යේ
‘අනුන්ගේ ගෙවල්’ සුද්ද කරන්න ඉස්සෙල්ල ‘අපේ ගෙදර’ තව වැඩ තියෙනවා කරන්න.
මොකක්ද බන් අර අන්තිම චේදයෙන් කියලා තියෙන අපබ්‍රන්සේ?
moo kiyanne ape rate salli okkoma un tikama gilina widihatama mulu lokema economy eka set kala yuthu bawai. ethakota mun witharak horu kiyala penenne ne.ethakota horu kiyala jathiyak nethi wenawa.
මහින්ද මහත්තයෝ පුලුවන්නම් රටේ වෙන අපරාද, ලමා අපචාර, වන්චා දුශන ටික නවත්වනවද.
එදා ක්‍රිස්තියානි කසකස්තානය අද මුස්ලිම්. බ්‍රසල්ස්වල 35%-40% මුස්ලිම්.
මොකද වෙන්න යන්නෙ කියල තේරෙනවද.අපිට බනින අයටත් ලගදිම කොනකපාලල වෙන්න වෙනව.
හිලරි වාගේ වෙන්න එපා මහත්තයෝ- මේ ගෙදර තියෙන කුණු කන්දල් ටික අහක් කරලා සුද්ද පවිත්‍ර කොලා නම් මුලින්,කයිවාරුව පස්සේ බැරුවය!