මාසයකට අසාන්න කාලයක් පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගමාලවේ ඌව සහ නැඟෙනහිර අතර අවසන් මහා තරගය අද(31) රාත්‍රි ආර්.ප්‍රේමදාස පිටියේදී පවැත්වේ.
ඌව නෙක්ස්ට් කණ්ඩායම තිළිණ කණ්ඩම්බිගේ නායකත්වය යටතේ තරග වදින අතර දිල්හාර ප්‍රනාන්දු, උපුල් තරංග, සචිත්‍ර සේනානායක සමග උමාර් ගුල්, ශිවනාරින් චන්දර්පෝල්, ජේකබ් ඕරාම් ඇතුලු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් නියෝජනය කරති. ඇන්ජෙලෝ මැතිව්ස් මෙහෙයවන නැඟෙනහිර නාගාස් කණ්ඩායමට අජන්ත මෙන්ඩිස්, සුරාජ් රන්දීව්, අහමඩ් ෂෙහ්සාඩ්, මුෂ්ෆිකාර් රහීම්, ට්‍රෙවිස් බර්ට් වැනි පළපුරුදු ක්‍රීඩකයන් එක්ව සිටිති.
පළමු අවසන් පුර්ව තරගයේදී ඌව කණ්ඩායම විසින් වයඹ කණ්ඩායම ලකුණු 20කින් පරදවමින් අවසන් තරගයට පිවියේය.
දෙවන අවසන් පුර්ව තරගය පෙරේදා (29) නැඟෙනහිර සහ කඳුරට අතර පැවැත්වීමට නියමිතව තිබුනත් අයහපත් කාලගුණය හේතුවෙන් තරගය අත්හැර දැමීමට සිදුවිණි. තරගාවලියේ නිතීරිතී අනුව ලකුණු සටහනේ කඳුරට පිලට වඩා ඉදිරියෙන් සිටීමට නැඟෙනහිර පිල සමත්වීමත් මුලික වටයේ කඳුරට පිල සමග පැවැති තරගයෙන් නැඟෙනහිර පිල ජය ගැනීමත් හේතුවෙන් අවසන් තරගයට පිවිසිමේ අවස්ථාව නැඟෙනහිර කණ්ඩායමට උදාවිය.
ඒ කන්ඩම්බි නායකයෙක්ද ඈ ?
hope this 20 -20 continue every year. we can find good srilankan boys for main team. this time proff same and taken 2 people.
ayyo salli
Weldone DilshN munaweera you are the next Sanath Jayasuriya