ජණසෙවන නිවාස 25,000 ඉලක්කය සපුරයි

2012 ජනවාරි මාසයේ සිට අගෝස්තු  මාසය දක්වා “ ජනසෙවණ ” නිවාස දසලක්ෂයේ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ රටපුරා නිවාස 25000 (විසිපන් දහසක) ඉදිකිරීම් කටයුතු ආරම්භකර තිබෙන බව ඉදිකිරීම්, ඉංජිනේරුසේවා, නිවාස හා පොදු පහසුකම්  අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා තවත් නිවාස 20000 (විසි දහසකට) අධික සංඛ්‍යාවක් රටපුරා ඉදිකිරීමට නියමිතයි. දැනට ඉදිකෙරෙමින් පවතින නිවාස විසිපන් දහසෙන් මුළුමනින්ම වැඩ අවසන්කර ඇති නිවාස ජනතා අයිතියට පත්කර ඇති අතර අනෙක් නිවාසවල වැඩ කඩිනමින් අවසන් වෙමින් පවති.

මෙම කරුණු අනාවරණය වුයේ පසුගියදා පැවති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ය. මෙය විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ බත්තරමුල්ලේ පිහිටි ඉදිකිරිම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ “ මහින්ද චින්තන ඉදිරි දැක්ම ”  වැඩසටහන යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන ‘ජනසෙවණ’ නිවාස දසලක්ෂයේ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ මෙම නිවාස ඉදිකෙරේ. ජනසෙවණ  රාජ්‍ය සේවක උපහාර, ජනසෙවණ විසිරි, ජනසෙවණ සසුනෙන් සෙවණ, ජනසෙවණ කැපකරු ඇතුළු නිවාස වැඩසටහන් රැසක් රටපුරා මේ වන විට ක්‍රියාත්මක වේ. තවද උතුරු නැගෙනහිර ත්‍රස්තවාදි ගැටුම් හේතුවෙන් නිවාස අහිමි වු පවුල් වෙනුවෙන්ද නිවාස වැඩසටහන් රැසක් එම පළාත්වල ක්‍රියාත්මක වෙමින් පවතින අතර මේ වන විටත් යළි පදිංචි වු පවුල් රැසකට නිවාස ලබා දී ඇත. මීට අමතරව තවත් අමාත්‍යාංශ කිහිපයක් මගින්ද නිවාස වැඩසටහන් රටපුරා ක්‍රියාත්මක කර තිබේ. එම නිවාස වැඩසටහන් සමගින් මේ වසරේ රටපුරා ඉදිකිරිමට අපේක්ෂිත නිවාස සංඛ්‍යාව 50000 (පනස්දහසකි).

2011 වසර තුළ ජනසෙවණ නිවාස වැඩසටහන ඇතුළු රටපුරා ක්‍රියාත්මක වු නිවාස වැඩසටහන් මගින් ඉදිකරන ලද මුළු නිවාස සංඛ්‍යාව 39000 (තිස්නව දහසකට) අධික වේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවන් මෙහිදි කියා සිටියේ ජනසෙවණ නිවාස දසලක්ෂයේ වැඩසටහන සමග සම්බන්ධ වී නිවාස ඉදිකර ගැනීම සඳහා රටපුරා ජනතාව තුළ විශාල උනන්දුවක් පවතින බවයි. ඉදිරියේදී ක්‍රියාත්මක කිරිමට අදාල නව නිවාස ව්‍යාපෘති වලට අදාළ කරුණුද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. එම නිවාස ව්‍යාපෘතිවල වැඩ කඩිනම් අවසන් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ලබා දෙන ලදී. ඊට අමතරව ඇතැම් ව්‍යාපෘතිවලට අදාල ඉඩම් සම්බන්ධයෙන් හා යටිතල පහසුකම් සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටළු දිස්ත්‍රික් කළමනාකරුවෝ කිහිපදෙනෙක්ම මෙහිදි පෙන්වා දුන්හ. එම ගැටළු වලින් සැළකිය යුතු ප්‍රමාණයකට අමාත්‍යවරයා මැදිහත් වී ඒ අවස්ථාවේදීම විසඳුම් ලබාදුන් අතර අනෙක් ගැටළු ඉතා කඩිනමින් විසඳිමට අවශ්‍ය පියවර ගන්නා‍ ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් අදාළ බළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

මීට අමතරව නිවාස ණය අයකර ගැනීම සම්බන්ධයෙන් වසර ගණනාවකට පසුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේවන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. එම ප්‍රගතිය ලබා ගැනීමට මේ වන විට අසමත් වී ඇති දිස්ත්‍රික්ක කිහිපයක කළමනාකරුවන් ප්‍රකාශ කර සිටියේ ඉදිරි කාලය තුළ එම ප්‍රගතිය ලබාගැනීම සඳහා වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කර ඇති බවයි. නිවාස ණය අයකරගැනීමේ ක්‍රියාවලිය තුළින් ලැබෙන ප්‍රගතිය අනුව නිවාස නොමැති තවත් විශාල පිරිසකට නිවාස ණය ලබා දීමට වැඩි අවස්ථාවක් හිමිවන බවද මෙහිදි අවධාරණය කෙරිණ.

වසර ගණනාවක් තිස්සේ තමන්ට මුහුණදීමට සිඳුවු බරපතල ප්‍රශ්න රැසකට විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත කඩිනමින් විසඳුම් ලැබුණු නිසා වැඩි කාර්යක්ෂමතාවයකින් යුක්තව ජනසෙවණ නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට දායකවීමට හැකි වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයාට තම ස්තුතිය පළකරන බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවෝ මෙහිදි ප්‍රකාශ කළහ.

ඉදිකිරීම්, ඉංජිනේරුසේවා, නිවාස හා පොදු පහසුකම්  අමාත්‍යාංශයේ ලේකම් පි.එච්.එල් විමලසිරි පෙරේරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ උපසභාපති ඒ. ඩබ් දයානන්ද, එහි සාමාන්‍යාධිකාරි බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, ජනසෙවණ මහ ලේකම් කාර්යාලයේ උපදේශක ලක්විජය සාගර පළන්සූරිය යන මහත්වරුන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියළුම දිස්ත්‍රික් කළමනාකරුවෝ මෙම අවස්ථාවට සහභාගිවුහ.

2,310 Viewers

4 Comments to “ජණසෙවන නිවාස 25,000 ඉලක්කය සපුරයි”

  1. aristotal says:

    thadi boru

  2. lion-KADUWELA says:

    COME AND SEE…bloody aristotal FOOL.

    all are 100% corect…

  3. R.Dias says:

    පරිස්සමින්…ඔබතුමාගෙ අදහස හොදයි. ඉතා අගෙයි..ඒවාගේම පීඩිත මිනිසාගේ හිතට නිදහසක්…පක්ශ පාට නොබලන්නේ නම් පමණි. නුමුත් ක්‍රියත්මක කිරීමේ ගෑටලු තිබේ..එය මූලිකව යටිතල පහසුකම් තුලින් මතුවන්නකි..
    මුදල්;
    නිවාස. 50,000 යනු එක් නිවසක් අවම ව.අඩි 600 වුවහොත් = ව.අඩි 30,000,000….එක් ව.අඩි. ඉදි කිරීමට අද පවතිනා මිල අනුව රුපි 1,500 වෑය වන්නේ නම් = රුපි.450,000,000,000 නොහොත් රුපි කෝටි 4500 ..නෑතිනම් ඈ.ඩො.මිලි.360 ඈවෑසියි..
    පිරිස් ;
    නිවසක් තෑනීමට මිනිසුන් 20.. දින 30 .එක් අයෙක් පෑ.10 බෑගින් = මිනිස් පෑය 6,000 එවිට පෑය 72,000 තුල තෑනිය හෑකි වන්නේ නිවාස 12 පමණි….මෙය දෙගුණ කලහොත් නිවාස 24 තෑනිය හෑක..වර්ශයක මිනිස් පෑය 72,000 තුල තෑනිය හෑක්කේ නිවාස 24 නම්.. එවනි කන්ඩායම් 100 නෑතිනම් මිනිසුන් 2,000 යෙදුව හොත් මිනිස් පෑය මිලි 7.20 යොදවා තෑනිය හෑක්කේ නිවාස 2,400 පමනි..එයද ප්‍රිස වෑඩි නිසා දෙගුණයක් කලහොත් නිවාස 4,800 වසරකට තෑනිය හෑක…එවිට ඉලක්කය සදහා අවු. 10 ගතවනු ඈත…

    ඔබතුමාගෙ අදහස් හිටපු ජනපති ප්‍රේමදාස මෑතිතුමාගෙ අදහස් වලට ඉතා සමානයි..සමහරවිට ඔබද ඔහු නියෝජනය කරනා පන්තිය නිසා විය හෑකියි…අමනාප නොවන්න.අපහාසයක් නොවේ..නුමුත් මෙය ක්‍රියාත්මක කිරීමට පවතිනා දේශපාලනයා තුල ඉඩ තිබේ දෑයි කියා දන්නේ ඔබ පමණි.. ප්‍රේමදාස මෑතිතුමා සලාදයක් කල වෑනි කණ්ඩායම් අදද ඔබ අප අතරේ ගෑවසෙනා බෑවිනි..

Leave a Comment