Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

උතුරු මැද වෛද්‍යවරුන් හෙට වැඩ වර්ජනයේ

September 2, 2012 at 1:31 pm | Lanka C News.

උතුරු මැද වෛද්‍යවරුන් හෙට වැඩ වර්ජනයේ

උතුරුමැද පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හෙට දිනයේදී සංකේත වර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවසයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා පවසන්නේ අනුරාධපුර මහ රෝහලේ වෛද්‍ය චමිල හේරත්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සියලූම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මෙම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවය. අද පෙරවරුවේ රැස්වූ තම සංගමයේ විධායක කමිටුව මෙම තීරණයට එළඹි බවද ඒ මමතා සඳහන් කරයි.

පහරදීම සිදු කළ සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. එහෙත් සිද්ධියට සම්බන්ධ සියලූ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම සියලූදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටී.

පහරදීමට ලක්වූ වෛද්‍යවරයා මේ වන විටත් අනුරාධපුර මහ රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

2,382 Viewers
Print

2 Comments to “උතුරු මැද වෛද්‍යවරුන් හෙට වැඩ වර්ජනයේ”

  1. කැනහිලා says:
    September 2, 2012 at 2:36 pm

    හැම තැනම මැරබලය හොරකම වංචාව තමයි

    Reply
    • shaan says:
      September 3, 2012 at 3:47 pm

      Where are those big mouths who complain against doctors?,,, at this moment the so called public cannot complain against doctors,,,this clearly shows the previous comments made are purely remarks of jealousy,,,

      Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English