ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක් පිටවු බවට සාක්කි නෑ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයක් පිටවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අතරින් තහවුරු කළ හැකි කිසිදු සාක්ෂියක් මේ වන තෙක් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

පැමිණිලි විසිපහක් පමණ මේ වන විට ලැබී ඇතැයි ප්‍රකාශ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් මේ වන විට ප්‍රකාශ 70ක් පමණ ලබාගෙන තිබෙන බවත් කීවේය.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමින ප්‍රකාශයක් ලබා දෙන ලෙසට දන්වා ඇතත් මේ වන තෙක් ඔහු පැමිණ නැතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය 26 වන ඉරිදා පැවැත්වූ අතර සිංහල දෙමළ මාධ්‍යයන්ගෙන් සිසුන් 316814ක් විභාගය සඳහා පෙනී සිටියහ. අදාළ විභාගයේ විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කළ ප්‍රකාශ සහ පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

4,962 Viewers

11 Comments to “ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක් පිටවු බවට සාක්කි නෑ”

  1. ගමේඑකා says:

    ගමේ එකාට තේරෙන විදියට නම් ප්‍රශ්න කලින් ශිෂ්‍යයෝ දැනගෙන ඉඳලා තියෙනවා. කෙස්පැලෙන තර්ක දාන හොරා පොලිෂ් සෙල්ලමේ තවත් කොමඩි කැල්ලක්.

    ගමේඑකා

  2. දොන් සිරිසේන says:

    මූ හොඳයි රිලා පනික්කියකුට නටවන්න දෙන්න.

  3. coma says:

    muth shishyathwe pitauna paraka pass wechcha ekekda koheda

    • Harsha says:

      පොලිසියට යන්න ශිෂ්‍යත්වේ පාස් වෙන්න ඕනෑ නෑ.

      • coma says:

        kauda bola policiyta yanda shishyathwe pass wenda one kiwwe…man kiwe weradila pass wechcha ekek wennati kiyala.eka noterenne uba passda

  4. mahesh says:

    මූ නම් පොලිස් කාරයෙක් ම තමයි

  5. Harsha says:

    මූ මෙච්චර කල් කියපුවා හැටියට මේ ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

  6. Modaya says:

    ha ha sakki nathi unata wade welane haha

  7. ලංකාවේ සිංහලයව ඕනෑම බොරුවක් කියල ඉක්මනටම අන්දන්න පුළුවන් ….
    ඒ වගේම ඒ බොරුව ඇත්තද කියල හොයල බලන්නේ නැතිව මුළු ලෝකෙටම
    පතුරන්නත් හරිම දක්ෂය්…..
    මිනිසුනේ…. අහන දේ ..සිහි බුද්දියෙන් අහන්න ….
    ඒ කියන දේ නිසා රටට යහපතක් වෙනවද ?….
    එහෙමත් නැතිනම් අයහපතක් වෙනවද ?…. ටිකක් හිතන්න..
    කෝ ..දැන් ප්‍රශ්න පත්තරය පිට උනා කීව කෙනෙක් හොයාගන්න බැ….
    අර tv වල ලොකුවට ප්‍රවුර්ති සාකච්චා තියල මොර ගහපු එකාට උසාවියට
    ඇවිත් තොරතුරු කියන්න කිවම එයට නොගිහින් හැඟෙන්නේ ඇය්….
    වෙනත් ලාබප්‍රයෝජන බලාගෙන මේ වගේ අපරාද කරන්න එපා ..
    මෙවැනි බොරු පතුරන උන්ට එහෙම නොකරන්න…. මතක හිටින
    දඩුවමක් දිය යුතුමය් ….

    • Pora says:

      මගේ දරුවත් මේ පාර විභාගයට හිටියා. සිදුවූ දේ ගැන දන්නා දෙමව්පියන් ගොඩක් (මමත් ඇතුළුව) යම් සිදුවීමක් දන්නවා. එය පත්තරයක වත් පළවුණේ නැහැ. නමුත් හැමෝම කියන්නේ පැමිණිලි කරලා වැඩක් නැහැ කියලයි. හොරාගේ අම්මගෙන් පේන අහල ඇති වැඩේ මොකක්ද? මේ පාලනය, ඇමතිවරු සහ ඉහලම නායකත්වය ගැන එතරම් කලකිරීමක් බොහෝ අය තුල තියෙන්නේ. Z score වලදීත් මුලින්ම කිව්වේ මොකක්ද? එහෙම අසාධාරණයක් වෙලා නැහැ කියල නේද? නමුත් අධිකරණය දුන් තීන්දුව ඊට වඩා වෙනස් නේද? එහෙම වුනේ ඒ සඳහා සාධක තිබු නිසා නොවේද? මේ සිදුවීම වුන ගමන් ඇමති කිව්වේ කීයටවත් විභාගේ අවලංගු නොකරන බව නේද? ඒ කියන්නේ පරීක්ෂණයක් වත් පැවැත්වීමට පෙරයි. ඔවුන් කලින්ම එහෙම තීරණය කරන්නේ කෙසේද? ඔවුන් ඉන්නේ වරද පිළිගන්න ස්ථාවරයක නොවන බවත් එනිසාම පරීක්ෂණ යට ගහන බවටත් තවත් කරුණු කුමකටද? මේ තරම් තිරශ්චීන පාලක රොත්තක් ලැබීමට අප කෙතරම් අවාසනාවන්තයන් ද?

      අවසාන වශයෙන් කීමට ඇත්තේ “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? ” කියා පමණයි.

  8. මෙම comment වල ලියන දෙයක් තමන්ගේ නමින් ලියන්න තරම් කොන්දක් නැතිනම්
    නොලියම ඉන්න ..

Leave a Comment