ශ‍්‍රී ලංකා හමුදාව පුහුණු කිරීමට අපි සූදානම් – චීන ආරක්‍ෂක ඇමති

ශ‍්‍රී ලංකා ආරක්ෂක විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා චීනය ඉදිරිපත්ව සිටී. මේ සඳහා අදාළ ගිවිසුමකට ආරක්ෂක අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණ.

ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන ජාතික ආරක්ෂක අමාත්‍ය ජනරාල් ලියැන් ගුඅන්ග්ලි මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගිවිසුමට අත්සන් තැබූහ.

ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය සඳහා චීනයෙන් ලැබෙන සහාය අගය කළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ පිළිබඳ සිය බලවත් ප‍්‍රසාදය පළ කර සිටියේය.

කෙටි කාලයක් තුළ ශී‍්‍ර ලංකාව ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳව චීන ජාතික ආරක්ෂක අමාත්‍යවරයා සිය ප‍්‍රසාදය මෙහිදී පළ කළ අතර ඉදිරියේ දී ක‍්‍රීඩා සහ හමුදා පුහුණු වැඩසහන් සඳහා චීනයේ සහාය ශී‍්‍ර ලංකාවට ලබා දෙන බවට ජනරාල් ලියැන් ගුඅන්ග්ලි මහතා මෙහිදි සහතික විය.

14,548 Viewers

19 Comments to “ශ‍්‍රී ලංකා හමුදාව පුහුණු කිරීමට අපි සූදානම් – චීන ආරක්‍ෂක ඇමති”

  1. danu says:

    wka;sug wmsg Ök;a bf.k.kak fjhs o ?
    Anthimata China Bashawath igena ganna weida ?

  2. lasantha says:

    ඉන්දියාවට කෙලියා.

  3. හොඳට නරකට says:

    කොටිත් එක්ක යුද්ද්දෙදිත්, යුද්දය අවසානයේත් , පසුකාලීනවත් පුළුවන් තරම් අපේ රටට, රටේ නායකත්වයට කෙනෙහිලිකම් කරන ජරා ඉන්දියන් කාරයන්ගෙන් මිදිලා, විශේෂයෙන්ම අපිරිසිදු තමිල්නාඩු ගෝරනාඩුවෙන් මිදිලා චීනයත් සමග පුළුවන් තරම් සහයෝගයෙන් වැඩකිරීම අපේ රටෙත්, රටේ ජනතාවගේත් අනාගතයට විශේෂයෙන්ම රටේ ආරක්ෂාවටත් ඉතාම යහපත්. මුළු ලෝකයම චීනය දෙසට හැරී ගමන් කරන නිසා ඊට සමගාමීව අපත් ගමන් කිරීම තමයි හොඳ. ඉන්දියන් කාරෝයෝ අතීතයේත්, වර්තමානයේත්, අනාගතයේත් රඟපාන්නේ “කපටි ආරක්ෂකයා”ගේ චරිතය පමණයි.

  4. සිංහල මාක් says:

    අර මූසල ඉන්දියන් කාරයන්ගෙන් පුහුණුව ගන්නවට වඩා චීනෙන් පුහුණුව ගන්න එක හොඳා… ඉන්දියාවට හෙන ගහපිය.. චීනෙට ජයවේවා !

  5. තොමස් says:

    චීනයේ මීලග ප්‍රන්තය ලංකාව වේවා.

  6. Sunil says:

    APITA PULUWAN INDIA WATA PAADAMAK UGANWANNA

  7. sarath jb says:

    අපගේ ,අවංක මිතුරා චීනයයි,,ඉන්දියාවට කියමු උබලගේ වැඩක් බලාගෙන,,, හිටපන් පුලුවන් නම් වැසිකිලි ටිකක් හදපල්ලා අහස් කූරු හදන්න කලියෙන්,,

  8. sandundhammikaperera says:

    Just loving Chinese skin color, and Chinese kunfu films and Music does not mean
    that we want to be a part of China. Neither we love communism. We are a capitalistic
    democratic nation and we love to keep it that way.

    We don’t welcome Chinese in diplomatic way.

  9. ලක්මාල් says:

    චීනය සමග ශ්‍රී ලංකාව පවත්වන සමීප සබඳතාවයත් අමෙරිකාව අපේ රටට විරුද්ධ වීමට ප්‍රධාන හේතුවක්.ඉන්දියාවේ චීන විරෝධයත් ප්‍රයෝජනයට අරගෙන දැන් අමෙරිකාව අපේ රට අස්ථාවර කිරීමට උත්සාහ දරනවා.අපේ රටේ සැබෑ මිතුරා චීනය මිස ඉන්දියාව නොවේ.

    • Harsha says:

      අමෙරිකාවයි චීනයයි හොඳ මිත්‍රයෝ

      • සමනලයා says:

        මෙහෙමයි. චීනය සහ ඇමෙරිකාව ව්‍යාපාරික ලෝකයේදී ගජ මිතුරෝ. ඒත් ලෝක බලය පිළිබඳ ප්‍රශ්නයේ දී ඇමෙරිකාව චීනයට සහ රුසියාවට වටකරලා පහර දෙනබව හොඳට පේන දෙයක්. ඉදිරියේ දී චීනයට පමණක් නොවේ රුසියාවටත් අග්නිදිග ආසියේ ස්වාවරත්වයක් ගොඩනගා ගත යුතු වෙනවා. ඒ සඳහා ඉරානයත් ඉව අල්ලන් ඉන්න බව අපි අමතක නොකළ යුතුයි. ඉන්දියාව අග්නිදිග ආසීයාවේ බලවතා කියලා ඇමෙරිකාව ඉන්දියාව මුදුනත්තේ තියලා තියෙන්නේ නිකම් නෙමේ. ඉන්දියාවනම් අපිට කිසිම දවසක මිතුරෙක්නම් නොවේ. අපිට මිතුරෝ හිටියානම් හිටියේ ඉන්දියාවේ නම් නොවේ. දඹදිවයි. ඒත් ඒ දඹදිව ඉන්දියාව කියන බටහිර රූකඩය තුළ කොහෙත්ම දැකගන්න පුළුවන් කමක් නැහැ. අපි ඉතිහාසයේ ඉන්දියාව කියලා රටක් තිබිලාත් නැහැ. ඒ නිසා අපි කළ යුත්තේ මෙන්න ලෝක බලවතුන්ගේ මෙන්න මේ තරඟය පාවිච්චි කරලා ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් අපිට එන බලපෑම පරිපාලනය කිරීමයි. හැබැයි අපි චීනයටවත්, ඉරානයටවත්, රුසියාවටවත් අපිව පාලනය කිරීමේ බලය කිසි දිනක ලබා නොදිය යුතුයි. අපි කළ යුත්තේ අපිට වාසිගත ලෙස මොවුන්ගේ මෙම තරඟය කලමනාකරණය කිරීමයි. අපිටත් අපේම වූ ක්‍රමයකින් ස්වාදීනව සිටිය හැකි බව මේ සියළුම දෙනාට පේන ආකාරයට රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතු වෙනවා. ඒත් ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ පරිපාලනය කොතරම් ප්‍රමාණයක් සූදානම්ද යන්න නම් ප්‍රශ්නයක්.

        • sandundhammikaperera says:

          >> ඒත් ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ පරිපාලනය කොතරම් ප්‍රමාණයක් සූදානම්ද යන්න නම් ප්‍රශ්නයක්.

          They even don’t know how to talk to a person nicely.
          So what else we have to talk about handling complex diplomacy?

  10. gamini says:

    Ela………………Elaaaaaaaaaaaaaaaaaa.

  11. ගොහොජ්ජා says:

    හොඳයි, හැබැයි පරිස්සමින්. ලෝකේ කිසිම රටක් අනුකම්පාවට හෝ 100% සද්භාවයෙන් තව රටකට උදව් කරන්නේ නැහැ. අන්තිමට වෙන්නේ අපේ රට ලෝක බලවතුන්ගේ තවත් සීතල යුද්දෙකට යුධ බිම වෙන එකයි.

  12. kabba says:

    that what we want to join with strong country. India no use. it is very clear. Yes go ahead .

  13. හූන චිත්තා says:

    දැන් එතකොට යුද්ධෙ කලේ අපේ කොල්ලො , මොන රටින් පුහුණු වෙලාද? උන්ගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවද අපේ උන්ට

Leave a Comment