Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

කලවම් කළ ලිහිසි තෙල් ව්‍යාජ වෙළඳ නාමවලින් මෙරට ජයටම විකුණයි

September 13, 2012 at 9:08 am | Lanka C News.

කලවම් කළ ලිහිසි තෙල් ව්‍යාජ වෙළඳ නාමවලින් මෙරට ජයටම විකුණයි

හොර ලිහිසි තෙල්, කලවම් කළ ලිහිසි තෙල් ව්‍යාජ වෙළඳ නාම යටතේ මෙරට ජයටම විකුණන බවත් එවැනි ලිහිසි තෙල් යෙදීම මගින් වාහන එන්ජින් විනාශ වන බවත් කර්මාන්තයේ නියුතු නිළධාරීන් කියයි.

ලිහිස් තෙල් ආනයනය කිරීම, නිෂ්පාදනය හා බෙදාහැරීම ලංකාවේ බලපත්‍ර ලාභී කර්මාන්තයක් වන අතර ලිහිසි තෙල් මෙරටට නිදහසේ ආනයනය කිරීමට අවස්ථාවක් නොමැත.

කොළඹ පැවති ලිහිසි තෙල් කර්මාන්ත කරුවන් සහභාගී වූ සමුළුකදී අදහස් දක්වසමින් Chevron Lubricants Lanka සමාගමේ ප්‍රධානී කිෂූ ගෝමස් සඳහන් කළේ බලපත්‍ර ලාභී බෙදාහරින්නන් 13 ක් සිටින විට මෙම ව්‍යාපාර කටයුතු කරන තවත් 17 ක් පමණ මෙරට සිටින බවයි.

මෙම සමහර ව්‍යාපාරිකයින් බාල තෙල් යොදා ගනිමින් ලිහිසි තෙල් කලවම් කර විකුණන බවත් පවතින වෙළඳ නාම අනුකරණය කරමින් ව්‍යාජ ආකාරයෙන් වෙළඳ නාම සකසන බවත් ගෝමස් මහතා මෙහෙදී පෙන්වා දුන්නේය.

සමහරුන් මේවා තොග වශයෙන් බැරල්වල බහා කිසිදු වෙළඳ නාමයක් නොමැති විකුණන බවද හෙතෙම සඳහන් කළේය.

අඩුම ගණනේ එක් ව්‍යාපාරිකයෙකු හෝ ලිහිසි තෙල් බලපත්‍රයක් නොමැතිව මෙරටට ආනයනය කර බෙදා හරින බව හෙතෙම මෙහිදී කීය.

මීට අමතරව, තවත් කණ්ඩායමක් පිරවුම්හල් වලින් පාවිච්චි කළ එන්ජින් ඔයිල් ගෙන ඒවා පිරිපහදු කර විකුණන බවද ගෝමස් මහතා සඳහන් කළේය.

මෙවැනි ලිහිසි තෙල් යෙදීම මගින් වාහනවල එන්ජින් වලට හානි සිදුවන බව හෙතෙම පැවසූ අතර මෙරට ලිහිසි තෙල් වෙළඳ පොළේ වසරකට ලීටර් මිලියන 60 ක් පමණ අලෙවි වන බවට ඇස්තමේන්තු කර තිබේ.

මින් ලීටර් මිලියන තුනක් පමණ නීතියට පිටින් තිබෙන වෙළඳ පොළේ විකිණෙන බවට ඇස්තමේන්තු කර ඇත.

- vimasuma.com

9,443 Viewers
Print

2 Comments to “කලවම් කළ ලිහිසි තෙල් ව්‍යාජ වෙළඳ නාමවලින් මෙරට ජයටම විකුණයි”

  1. ජිල්බුවා ආර්ථික විශේෂඥතුමා says:
    September 13, 2012 at 1:23 pm

    මේවා පසට එකතුවෙනවා නේද? ජල මූලාශ්‍ර වලට කෙසේද මෙය බලපානේ? දන්න කෙනෙක් පහදන්න?

    Reply
  2. සරත් රණේපොල says:
    September 13, 2012 at 4:13 pm

    අනේ මුංගේ අනුකම්පාව. රෙද්ද තමයි,මුංගේ කොම්පැණි ලබන අධික ලාභ අඩු කලානං කොයි තරං අඩුවට තෙල් දෙන්න පුළුවන්ද? එක නොකර වැඩි ලාබ හොයන ගමන් අඩු ලාබෙට වැඩි බිස්නස් තියාගෙන කරන වෙළදාමට කෙලවන්න හදනවා. දැන් ඔය කියන කොම්පැණිකාරයින්ගේ තෙල්ම ඇංජිමට දැම්මා කියලා උන් ඇංජිමට සහතික වෙනවද නැහැනේ. මුං මුංගේ වෙළඳ පංගුව වැඩි කරගන්න දඟලන බව නොකියා නීතිවිරෝධී තෙල් වලින් අපේ ඇංජිං සවුත්තු වෙයි කියලා කිඹුල් කඳුළු හලනවා. හනේ ගොයියෝ. මමත් පුංචියට කැබ් සර්විස් එකක් කරගෙන යන එකෙක්.මගේ වාහන වලට වගේම මං කුලී පඳනමට දුවවන අයගේ වාහන වලටත් මංනං ඔය ‍ලොකු කොම්පැණී නාම තියෙන තෙල් දැමීම නවත්තලා දැන් අවුරුදු දෙක හමාරක් වෙනවා. ඒ කාලය ඇතුලත ගණන් හදලා බැළුවොත් මං ලක්ෂ තුනකට ආසන්න ගානක් වියදම අඩු කරගෙන තියෙනවා ලුබ්රිකන්ට්ස් වලින් විතරක්. අපි නොදන්න ඔයිල් :)

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English