පෝක් සමුද්‍රය ආශි‍්‍රත මුහුදේ මත්ස්‍ය සම්පත් කොල්ලකෑමෙහි යෙදී සිටින තමිල්නාඩුවේ ධීවරයන් පාලනය කිරීමට තමිල්නාඩු රජය අසමත්වීමෙන් පෙනී යන්නේ ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාව කෙරෙහි සාධනීය ආකල්පයක් සහ ගුණාත්මක බලපෑමක් කිරීමට ඔවුන්ගේ නොහැකියාව බව ද ශී‍්‍ර ලංකාව දෙමළ ජනතාව පිළිබඳව තමිල්නාඩු දේශපාලඥයන් සැබැවින්ම සැළකිලිමත් වේ නමි පෝක් සමුද්‍ර සන්ධියෙන් එතෙර සිටින සහෝදර දෙමළ ජනයා තම සගයන් ලෙස සැළකීමට ඔවුන් දිරිමත් කළ යුතුය යි ද හින්දු පුවත්පත කියයි.
ඇතැම් ධීවරයන් මේ බව අවබෝධ කර ගෙන සිටිති. ශී‍්‍ර ලංකා රජය එරට දෙමළ ජනයාට තාඩන පීඩන කරන බවට කෑමොර ගසන තමිල්නාඩු දේශපාලඥයන් ජනයාගේ හැගීම් ඇවිස්සීමට ක‍්‍රියා කරයි. එහෙත් එම අනුකම්පාව වැදගත්ම කාරණය වන – ජිවිකා වෘත්තිය පිළිබඳ ගැටළුවේදී ශී‍්‍ර ලංකා දෙමළ ධීවරයන් වෙත දක්වන්නේ නැතිවීම විමතියක් බව නිරුපමා සුබ‍්‍රමනියම් පවසයි.
ශී‍්‍ර ලාංකික දෙමළ ජනයා කෙරෙහි තමිල්නාඩු දේශපාලඥයන්ගේ සැබෑ වේදනාවක් තිබේ නමි ඔවුන් සාධනීය පියවර මගින් ක‍්‍රියා කළ යුතුය. පාසල් කී‍්‍රඩකයන් සහ සංස්කෘතික කණ්ඩායම් ආපසු හරවා යාම මගින් සිදු වන්නේ තමිල්නාඩුවට පැමිණෙන ශී‍්‍ර ලාංකිකයින්ගේ සිත්තැවුල් ජනිත කිරීම පමණකි.
දෙරටේ ජනයා අතර සම්බන්ධතා ඉතා ගැඹුරුය. ඉතා ශක්තිමත්ය. එම සම්බන්ධතා විනාශ කිරීම ඵල රහිත වේ. චෙන්නායි වෙත දිනපතා පැමිණෙන කොළඹ සුළු වෙළෙදුන්ට මේ තත්වය ඉතා අහිතකරය. එමෙන්ම ශී‍්‍ර ලංකාවේ රැුකියා කරන අයෝජනය කර ඇති දශක 4-5 තිස්සේ එහි ජිවත් වන ඉන්දීය ජනයාට ද මෙම තත්වය අහිතකරය.
තම පටු දේශපාලන වාසි තකා මෙබඳු පියවර නොගෙන දෙරටේ ධීවරයන්ගේ යහපත වෙනුවෙන් ක‍්‍රියා කිරිම තමිල්නාඩු දේශපාලඥයන්ගේ අරමුණ විය යුතුය යනුවෙන් හින්දු පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ.
නියමයි මේක තමයි ඇත්ත. ඉන්දියාවේ වාර්තා කරුවෙකුට මේක තේරුන එක ලොකු දෙයක්. හොඳ Article එක.. උම්ම්ම්ම…
FACE OF TOIILET NAADU
NUDE OF JAYALALITHA GOVERMENT