ආසියානු බර ඉසිලීමේ ශූරයා ස්වර්ණාභරණ කොල්ලකා තලංගම පොලීසියේ

ස්වර්ණාභරණ අලෙවිසැල්වලින් රන් භාණ්ඩ කොල්ල කෑමක නිරත වූ බර ඉසිලීමේ ශූරයෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විසි එක් හැවිරිදි මොහු මාතලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඉන්දියාවේ පැවති බර ඉසිලීමේ තරඟාවලියකදී දකුණු ආසියාවෙන් දෙවැනි ස්ථානයට පත්වන්නටද ඔහු සමත්ව තිබේ.

මොහු මාතලේ සිට පැමිණ මහරගම, බත්තරමුල්ල වැනි ප‍්‍රදේශවල ස්වර්ණාභණර අලෙවිසැල්වලට ගොස් වටිනා රන් ආභරණ පෙන්වන ලෙස කියා ඒවා රැගෙන එක්වරම පළාගොස් ඇතැයි ප‍්‍රශ්ණ කිරීම්වලදී හෙළිව ඇත.

බත්තරමුල්ල ප‍්‍රදේශයේදී ගත් මෙවන් උත්සාහයකදී එහි සේවකයන්ට මොහු ගැන සැක සිතී තලංගම පොලීසියට දන්වා ඇති අතර වහාම එම ස්ථානයට පැමිණ ඇති පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

13,302 Viewers

10 Comments to “ආසියානු බර ඉසිලීමේ ශූරයා ස්වර්ණාභරණ කොල්ලකා තලංගම පොලීසියේ”

  1. උලමා says:

    සමහරවිට චන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් ඇති.
    Qualifications වැඩි කරගන්නව

    • Kasun says:

      ඔව් දැනටත් මේ ආණ්ඩුවේ චේන් කඩපු, නැව් වල යකඩ ගිලපු අය එහෙම ඉන්නවනේ ..

      • නරක ආතා says:

        එතකොට විපක්ෂයේ ඉන්නේ ඔක්කොම හතර පෝයට සිල් ගන්න උපාසක මහත්තුරු ටිකද?
        විපක්ෂයේ ඉන්නෙත් ආණ්ඩුවේ වගේම හොරු සෙට් එකක් තමා
        අපේ දේශපාලනයේ කොහොමත් ඉන්නේ හොරුම තම ආණ්ඩුවේ වුනත් විපක්ෂයේ වුනත්

        • Kasun says:

          කවුද කිව්වේ දැන් විපක්ෂේ ඉන්නේ බෝධිසත්වයෝ කියලා.. මෙයට ඒක පාරට දේශප්‍රේමේ ඉස්මොල්ලේ ගිහින් නේ .. අනික විපක්ෂේ හිටපු හොරුන්ගෙන් 3/4 ක් දැන් ඉන්නේ ආණ්ඩුවේ නේ ..

      • rukmal says:

        අනේ රත්තරනේ ඔවානම් කියන්න එපා හරිය

  2. නරක ආතා says:

    මේ කොලුවා බලන්න ඇත්තේ මේ රත්තරන් බඩු බරද කියල වෙන්න ඇති, එකේ බර, “උස්සල” බලන්න හැදුවම මුන් හිතල එව්වා හොරකම් කරන්න හැදුව කියලා

  3. donga says:

    තවත් ‘රත්තරන්’ කෙනෙක්.

  4. Boga says:

    බර ඉසිලීමේ ශුරයාගේ තාත්තා.
    ඇත්තටම අපි මාතලේ කොස් දෙල් කාල හැදුනු මිනිස්සු. අපි අත්තලා මුත්තලල මාතලේ විහාර කලේ යකඩ /ගල් කණු උස්සගන දුවගන ගිහිල්ල. ඒ ශක්තිය ජවය අපේ පරම් පරාවේ තියෙනවා. මගේ පුතා ජව සම්පන්නයි. ඉතින් උ මේ රත්තරන් බඩු උස්සන් දුවල බැලුව. මු ආසියානු ශුරයෙක් නිසා කුමන්ත්‍රණ කාරයෝ මඩ ගහනවා.මමවත් මගේ පුතාවත් මේවගෙන් වට්ටන්න බැ. අපි මාතලේ මිනිස්සු.

    • ගාල්ලේ සමන් says:

      ඒ කියන්නේ මේකා ආචාර්ය එම්.සිල්වාගේ ඥාතියෙක්?

  5. MunK says:

    poor srilankans, what to do men, thats your fate

Leave a Comment