රාවණා ඇල්ල ගල් පර්වතයෙන් පුරාණ උමඟක් මතුවේ

ඇල්ල රාවණා ඇල්ල රක්‍ෂිතයේ උඩකිරින්ද ගල් පර්වතයක් තුල උමගක් හමුව තිබේ.

කැලයට ගිය ප‍්‍රදේශවාසීන්ට හමුවී බව කියන මෙම උමඟ පිළිබඳව දැන ගැනීමෙන් පසු ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කණ්ඩායමක් යවා පරීක්‍ෂා කල බවත් වැඩිදුර විමර්ශණ සඳහා ජාතික උරුමයක් පිලිබඳ අමාත්‍යංශයට හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

උමගේ සමහර තැන් අඩි 15ක් පමණ උස කාමර ලෙසින් නිර්මාණය වී තිබේ. රාම රාවණා පුරාවෘත්තය හා බැඳුණු කතා රාවණා ඇල්ලේ හා ඊට උඩින් ඇති ගුහාවකින් අනාවරණය වී ඇති නිසා මෙම උමං මාර්ගයද එවැනි ඉතිහාසගත තොරතුරු අනාවරණය කරගත වියහැකි බවද පැවසේ.

28,112 Viewers

17 Comments to “රාවණා ඇල්ල ගල් පර්වතයෙන් පුරාණ උමඟක් මතුවේ”

  1. එළියස් says:

    මෙන්න මීවනයෝ……

  2. කබ්‍රාල් says:

    ඉවරයි දැන් රාවනාකාරයො ආයෙත් දෙයි ඇට්ටිහැලෙන ලිපිටිකක්

    • ඈතුලාන්තය says:

      ඈත්ත තිත්ත උනත් එය පිලිගන්න.

      • පොඩි කොල්ල says:

        ඔය රාවණ කියල මොකෙක් හරි හිටියනං උගෙ ගැන හම්බ වෙලා තියන එක පුරාවිද්‍යාත්මක සාක්ෂියක් කියපන්කො බලන්න.

        • කොල්ල says:

          ඔක්කොටොම කලින් මේ පොත පොඩ්ඩක් කියවල බලපන්කො…

  3. හිත හොඳ පිස්සා says:

    රාවනා උමග දැන් නම් මීයාට හොඳ මී ගුලක් වේවි……

  4. පෛසර පීතර චින්තර යන්තර මන්තර says:

    යකොව්, ඕක තමයි රාවණා රජතුමාගේ සබන්, ෂැම්පු, කන්ඩිෂනර්, තුවා, රේසර්, ශේවින් ක්‍රීම්, අෆ්ටර් ෂේව්, හෙයා ජෙල් ඔක්කොම ගබඩා කරලා තිබුන ගබඩා උමග. ඕක හනුමටත් හොයා ගන්න බැරි උනා. බොරුනම් වරිග පුරනිකාව බලාපියව්.

  5. කැලෑ කොල්ලා says:

    මුන් දැන් කියයි ඕක රාවණ රජ්ජුරුවන්ගෙ දඩුමොනර ගරාජ් එකක් කියල.

  6. maama says:

    ඕකෙත් නිදන් හොයයි දැන්

  7. FACE THE TRUTH or run away says:

    රාවණා කථාව ලියන්නේ වාල්මිකී නම් ඉන්දියානුවා විසිනි.එය මේ රටේ අන්තවාදීන් පිළිනොගන්නේ එය පිළිගන්නවාට වඩා පල්ලිය හදලා දීපු බෙදුම්වාදයත් ත්‍රස්ථවාදයත් එම පල්ලියම ජාතක කල සමාජවාදයත් ලිබරල්වාදයත් නැමැති නිවුන් සොහෝයුරෝත් මැවුම්වාදී දෙවියන්ගෙන එන නිසාය. කෙසේ වෙතත් දකුණු ආසියාවේ සිට අග්නිදිග ආසියාවේ රටවල් දක්වා තාමත් පිළිගන්න ඉතිහාසික පුරාවිද්‍යාත්මකව ඔප්පුකළ හැකි රාවණා කතා පුවත ලෝක උරුමයකි.

  8. රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth? – http://sathsamudura.blogspot.com/2012/08/king-ravana-was-real-or-myth.html

  9. sumindha says:

    ඔය උමගයට මම ගියෙ මීට අවුරුදු 20 කට කලින්. ඔක අලුත් දෙයක් නෙවෙයි. ඒ පැත්තේ කවුරුත් ඕක ගැන දන්නවා. මිනිස්සු කියන්නේ රාවනා ගෙ යුගයට අය්ත් උමගක් කියලා. කොහොමටත් ඒක ස්වාභාවික උමගක් නෙවෙයි . එක මිනිස්සු හාරපු එකක බව පැහැදිලිව කියන්න පුලුවන්. ඔතන උමන් මාර්ග තුනක් තිබුණා.

  10. මහත්තයා.. says:

    රාවණා ගැන දැනගන්න ඕන අය මේ පොත කියවල බලන්න..

    http://www.mediafire.com/?6wpswpdm1oph3yk

Leave a Comment