කොළඹ බංග්ලාදේශ තානාපති කාර්යාලයට පහර දීමක්

කොළඔ 07 වෝඞ් පෙදෙසේ පිහිටි බංග්ලාදේශ තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහර දීමක් සිදුකර තිබේ.

බංග්ලාදේශයේදී බුද්ධ ප‍්‍රතිමා, පන්සල් ආදියට එල්ල වූ ඉස්ලාම් ආගමිකයන්ගේ ප‍්‍රහාරට විරෝධය දක්වන්නන් පිරිසක් විසින් මෙම ප‍්‍රහාරය එල් කර ඇත.

පහර දීම සිදුකර ඇත්තේ වතුර බෝතල් වලිනි.

‘බොදුබල සේනා සංවිධානය’ විසින් මෙම විරෝධතාවය සංවිධානය කළ බව කියැවේ. එම සංවිධානය විසින් විරෝධතා පෙත්සමක් භාරදීම සඳහා බංග්ලාදේශ තානාපති කාර්යාලය අසළට පැමිණීමෙන් පසු කිසියම් පිරිසක් විසින් තානාපති කාර්යාලයට මෙම ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද සදහන්ය.

ප‍්‍රහාරයෙන් තානාපති කාර්යාලයේ ජනේල කිහිපයකට සුළු ආලාබ හානි සිදුව ඇති අතර පොලීසිය තත්වය පාලනය කරමින් සිටී.

27,683 Viewers

——

ccnews

Add-here-new

contactus-n