ශ‍්‍රී ලංකාවට එරෙහිව ඩයස්පොරාවේ කොටි පහක් ජිනීවා යති

අද ජිනීවාහිදී ආරම්භ වීමට නියමිත 22 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව චෝදනා යොමු කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් කොටි ඩයස්පෝරාවේ කණ්ඩායමක් ජිනීවා වෙත පැමිණ ඇත.

විශ්වනාත් රුද්‍රකුමාරන් විසින් එවා ඇති එම කණ්ඩායම මානව හිමිකම් සමුළුවේ බලධාරීන් හමුවී පවා ඇත්තේ තමන් හැර වෙන කිසිවෙකුටත් ද්‍රවිඩ ඊළාම් ජනතාව නියෝජනය කිරීමට ඉඩ නොදෙන ලෙසයි.

මෙම කණ්ඩායම විසින් රුද්‍රකුමාරන් ලබා දුන් ලිපියක්ද යොමු කර ඇති අතර මේ නිසා සමුළුවේ අසුන් ගැනීම සම්බන්ධයෙන් කොටි ඩයස්පෝරාව තුල බරපතල ගැටුම්කාරී තත්වයක් මතුව තිබේ.

8,707 Viewers

Add-here-new

contactus-n