පාසැල් දැරියක් ජනපතිට කියු ‘වැහි පීලි’ කතාවක් ගිය දුර

රටේ දරුවන්  ගැන හිතන දරුවන්ගේ හඩට කන්දෙන පාලකයෙකු වශයෙන් අතිගරු ජනාධිපතිතුමා දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු පාසල්  සංවර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බව  ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පාසල් පද්ධති ප්‍රතිනිර්මාණය කිරීමේ  ඒකාබද්ධ ජාතික සංවර්ධන වැඩසටහන යටතේ   කඩුවෙල ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසය වෙනුවෙන්  තලංගම එම්.ඩී.එච්. ජයවර්ධන ප්‍රාථමික විද්‍යාලයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් දින එම විද්‍යාලයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “පාසල් වෙනුවෙන් දියයුතු ප්‍රතිපාදන මේ දක්වා සෑම රජයක්ම දිය හැකි උපරිම ප්‍රමාණයෙන් දීලා තියෙනවා.  නමුත්  එය ප්‍රමාණවත් නොවන විට,  පාසල්වල අවශ්‍යතා වැඩි වන විට දෙමව්පියන්, ආදිශිෂ්‍යයන් බොහොම  ස්වේච්ඡාවෙන් එම  සංවර්ධන කටයුතුවලට දායක වීමේ  සංස්කෘතියකුත් අපේ රටේ තියෙනවා. ඒක අපි අධෛර්යට පත්කළ යුතු නැහැ.  රුපියල් ලක්ෂ 5 ක් අද මෙම පාසලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කෙරෙනවා. නමුත් එසේ නොවුණොත් තමයි බොහෝ වේලාවට එම මුදල දරුවන්ගෙන් එකතු කරගන්න විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට සිදුවෙන්නේ. මේ ප්‍රශ්නය විසඳන එක ක්‍රමයක්  තමයි  අපි අද මේ ආරම්භ කරලා තියෙන්නේ.  සාමාන්‍යයෙන් පාසලක  නඩත්තුවට ලැබෙන  කුඩා ප්‍රතිපාදනයකට අතිරේකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මඟින්, පළාත් සභා මන්ත්‍රීවරු මඟින්, විවිධ ඇසුරින්  පාසලේ කටයුතු වෙනුවෙන්  යම් යම් ප්‍රතිපාදන ලැබෙනවා.  සෑම පාසලකටම ඒකාකාරීව නොවුණත්  යම් යම් ඇසුරින්   පාසල්වලට ඒ උපකාර ලැබෙනවා.  ඒ සියල්ල ලැබුණත් අඩුපාඩු තිබෙනවා. එවැනි අවශ්‍යතා පිළිබඳ   අවබෝධයෙන්,  දෙමව්පියන් තුළ  බර පටවන්නේ නැහැ කියන අවබෝධයෙන්, පාසලේ දියුණුව වෙනුවෙන්  දියහැකි උපරිම  ප්‍රතිපාදන දිය යුතුයි කියන මතයේ  ඉදලා තමයි අතිගරු  ජනාධිපතිතුමා  හා  බැසිල්  රාජපක්ෂ අමාත්‍යතුමා  හා  අධ්‍යාපන අමාත්‍යතුමා ඔවුන්ගේ  මේ  කරුණ පිළිබඳ  අවධානය යොමුකරලා මෙම වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ.   මේ  ආකාරයට කලින් කලට  පාසල්වල තියෙන ප්‍රධාන අවශ්‍යතා තෙරුම් අරගෙන මෙවැනි යම්කිසි වැඩසටහනකට එම  මුදල් ප්‍රමාණය  ලැබුණහම විදුහල්පතිවරුන්ට කිසි ලෙසකින්වත් දෙමව්පියන්ගේ පිහිට පතන්න අවශ්‍යවෙන්නේ නැහැ.  කොහොම වුණත් පාසලයි, පන්සලයි අපිට බොහොම සමාන හැඟීම් දැනෙන ස්ථාන දෙකක්. පාසලෙනුත් අපේ දරුවන් හික්මවනවා. පන්සලෙනුත් අපේ දරුවන්  හික්මවනවා.  සිත, කය, වචනය කියන තුන්දොර  සංවර කරගත්තු දරුවෙක් බිහිකරන්න පන්සලෙන් ක්‍රියා කරනවා.  අනෙකුත් ශිල්ප ඥාණය  තිබෙන  දරුවෙක් පාසලෙන් නිර්මාණය කරන්න ක්‍රියා කරනවා.  ඒ සියල්ලටම හැකි සෑම අවස්ථාවේදීම  උදව් කරන්න අපේ දෙමව්පියන්ට   අයිතිය හා යුතුකම තියෙනවා.  එය නීතිමය බැඳීමක් නොවේ.   එම යුතුකම හා වගකීම  අපට පැවරිලා  තියෙනවා.  ඒ යුතුකම සාධාරණය වන ආකාරයට විවිධ සිදුවීම් ගැන කතා කිරීම එතරම් සුදුසු නැහැ.

අතිගරු ජනාධිපතිතුමන් මොනතරම් කාර්යබහුල වුණත් ඈත ප්‍රදේශවලින් පැමිණෙන පාසල් දරුවන් හා ගුරුවරුන්  හමුවී ඔවුන් සමඟ සුහඳව කතා කරන්න, ඡායාරූප ගන්න, ඔවුන්ගේ අඩුපාඩු සොයා බලන්න කාලය වෙන් කරනවා. අන්න ඒ   වෙලාවේදී දරුවන්ට තිබෙන ගැටළු එතුමා දරුවන්ගෙන් විමසනවා. දරුවන් තමුන් මුහුණදුන්  ප්‍රශ්න ගැන ඉදිරිපත් කරනවා. පසුගිය කාලයේ පාසල්වල වැසිකිළි කැසිකිළි පහසුකම් සංවර්ධනය වෙනුවෙන් එකවර මුදල් ප්‍රතිපාදන වෙන්කළෙත් දරුවන් ජනාධිපතිතුමාට තමන්ගේ  පාසලේ පවතින  අඩුපාඩු ඉදිරිපත් කිරීම නිසයි. රුපියල් ලක්ෂ 5 බැඟින් පාසලකට දෙන්නේ මේ දරුවන්ගෙන් ලැබෙන   සන්නිවේදනය නිසා. දරුවන් තමයි අද පාසලේ තිබෙන ප්‍රශ්න කෙළින්ම කියන කණ්ඩායම බවට පත්වෙලා තියෙන්නේ.  දිනක් ජනාධිපතිතුමා හමුවීමට පැමිණි දැරියක් ජනාධිපතිතුමාට කියලා තියෙනවා,  ඩෙංගු බෝ නොවෙන වැහිපීළි නිෂ්පාදනය පිළිබඳ සංකල්පයක් ඇයට තියෙනවා කියලා. ඒ අනුව ජනාධිපතිතුමා ඒ  විෂය සම්බන්ධව කටයුතු කරන්නේ මා නිසා  මට කතාකරලා එම දියණියව මුනගස්වලා මේ පිළිබඳව සළකා  බලලා කටයුතු  කරන්න කියලා අපිව මෙහෙයවලා තියෙනවා. ඒ තමයි දරුවන්ගේ සන්නිවේදනයේ ප්‍රතිඵල.  නැත්නම් මේ රටේ  ආර්ථික අමාරුකම්, දුෂ්කරතා තියෙන  වෙලාවක පාසලකට රුපියල් ලක්ෂ 5 බැඟින් දීලා මෙම කටයුතු සම්පූර්ණ කරන්න අන්න අර  දරුවන්ගෙන් ලැබෙන සන්නිවේදනයේ ප්‍රත්ඵලයක් හැටියට. දරුවන්ගේ  හඬට දරුවන්ගේ ඉල්ලීමට, දරුවන්ගේ වේදනාවට සංවේදී පාලන තන්ත්‍රයක් අද නිර්මාණයවෙලා තියෙනවා. යුද්ධය අවසන් කරලා සාමය උදාකළේ දරුවන් වෙනුවෙන්. ඒ වගේම මේ පාසල් ප්‍රතිනිර්මාණය, දියුණුකරන්නේ මේ දරුවන් වෙනුවෙන්.

අද අපේ රටේ පාසල්  විශාල සංඛ්‍යාවක් එකවර තමන්ගේ ප්‍රධාන දැවෙන අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා  වැඩ අරඹන දවසක්. අළුත් අවුරුද්ද කිට්ටු වන විට අපේ පුරුද්දක් තියෙනවා ගෙවල් දොරවල්වල මැටියෙන් හදපු ගෙයක් තිබුණත් ඒකේ අළුතින් ගොම මැටි ටික ගාලා  ලිප්බොක්ක සුද්ද පවිත්‍ර කරලා  ඒ අලුත් අවුරුද්දක් පටන් ගන්න හැම අතින් අලුත්වෙලා ලෑස්තිවෙනවා. අතිගරු  ජනාධිපතිතුමා  කල්පනා කරලා අපිට ආවේණික සිරිත්  අලුත් අවුරුද්දට පමණක් සීමා කරන්නේ  නැතුව අපේ ගෙවල් දොරවල්වල  ඉන්න දරුවන්  දැනමුතු පිරිසක් බවට පත්කරන පාසලක් අලුත් අවුරුද්දට කලින් අලුත් කිරීමේ වැඩපිළිවෙල පටන් ගන්න ඕන කියලා.  ඒ අනුව තමයි මේ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 19 ක ඒ වගේම  රටේම දහස් සංඛ්‍යාත පාසල් ප්‍රමාණයක  රුපියල් ලක්ෂ 5 බැඟින් එක පාසලකට වෙන්කරලා පාසලේ ඉතාමත්ම කඩිනමින් ඉටුකරගත යුතු දැවෙන අවශ්‍යතා ඉටුකර ගැනීම වෙනුවෙන් රජය මේ ප්‍රතිපාදන ලබාදෙනවා.

පසුගිය දවස්වල අපේ රටේ මාධ්‍යයේ  විශාල ආන්දෝලනයකට ලක්වුණා, එක පාසලක දියණියක්  එම පාසලට යම්කිසි  ආධාර මුදලක් එකතු කිරීමට යැයි කියමින් ඇය අල්ලපු වත්තක පොල්ගෙඩි ටිකක් අරගෙන කියන වරදට පොලිසියෙන්, උසාවියට දාලා,  උසාවියෙන්  මෙම නඩුව විභාග වන විට විශාල සාකච්ඡාවක් මතු වුණා. ඒ වෙලාවේ මාධ්‍ය ප්‍රධාන වශයෙන්ම චෝදනා කළේ  විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට, අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒකෙන් කියවුණේ  පාසල්වල නඩත්තුවට  රජය ප්‍රමාණවත් දායකත්වයක්   දෙන්නේ නැහැ.  එමනිසා පාසල් වලට  මුදල් එකතු කරන්න සිදුවී තිබෙනවා.  නැතිබැරි අහිංසක දෙමව්පියන්ගේ  දරුවොත් ගහක  ගෙඩි කඩලා හරි, හොරෙන් පොල් ගෙඩි කඩලා හරි  මෙම සල්ලි දෙන තත්ත්වයට  වැටිලා තියෙනවා  කියන මතය තමයි එම  මාධ්‍ය වලින් නිර්මාණය කළේ.  නමුත් ඒ සිද්ධිය  පිළිබඳ   ගැඹුරින් සොයා බැලුවොත්  මීට වඩා පුළුල් කාරණාවක් අප ඉදිරිපිට  විද්‍යාමාන වෙනවා.  එකපැත්තකින් එතන බරපතල  කරුණ වුණේ පොලිසිය රටේ පවතින නීතිය අනුව  එම වයසේ පසුවන  දරුවෙකුව උසාවි  ගෙනියන්න කිසිම හැකියාවක් පොලිසියට නැහැ කියලා. හැබැයි පොලිසියේ කාරණයට වඩා වැඩිපුර කතාවුණේ පාසල්වල මුදල් එකතු කිරීම යන කරුණ පිළිබඳව. මෙම පාසල දියුණු කරන්න කැපවෙන විදුහල්පතිනියට හා ගුරු මණ්ඩලයට මෙම ලැබෙන  මුදල විශාල උපකාරවෙයි කියලා හිතනවා. මෙම  පාසලේ ගොඩනැගිල්ලක් වහල  ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස මගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම කටයුත්ත ද ඉදිරියේදී ඉටුකරදීමට කටයුතු කරන බව ප්‍රකාශ කරනවා ”  යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

15,344 Viewers

——

cccccgossip99_22_0gossoplankamuthupini

Add-here-new

contactus-n