දයාසිරි කේන්දරය බලවගන්න… ගිලෙන නැවකට කවුරුවත් පනින්නෑ

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා කුරුණෑගලදී පැවති එජාප දිස්ත‍්‍රික් බල මණ්ඩල රැස්වීමක් අමතමින් පැවසුවේ දයාසිරි ජයසේකර යනු වාසනාවට වඩා අවාසනාව තිබෙන පුද්ගලයකු බව මේ වනවිට ඔහු විසින්ම ඔප්පුකර අවසාන බවයි.

ඔහුගේ දේශපාලන තිඹිරිගෙය යැයි පවසන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියදී ප‍්‍රාදේශීය සභා මැතිවරණයකදී වැඩිම මනාප ඡුන්ද ලබා ගත්තද, ඔහුට පඩුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ සභාපති තනතුර තබා උප සභාපති  තනතුරවත් නොලැබුණු බව තිස්ස අත්තනායක මහතා පැවසීය.

රූපවාහිනී මෙගා ස්ටාර් ගායන තරගයෙන් ඔහු ජයග‍්‍රහණය කරතැයි මුළු රටම බලා සිටියද, එයද ඔහුට අහිමි වූ බව පෙන්වා දුන් ඒ මහතා, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකකම සදහා පැවැත්වු ඡුන්දයෙන් ඔහු පරාජයට පත්වූ බවද පවසා සිටියේය.

පසුගිය මහසභා මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ වැඩිම එජාප ඡුන්ද සංඛ්‍යාව ඔහු හිමිකර ගත්තද,තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ නොකරන බව අත්තනායක මහතා පැවසීය.

මේ වනවිට සන්ධානයෙන් වයඹ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ජයසේකර මහතාට වඩා වැඩි මනාප ඡන්ද සංඛ්‍යාවක් ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ පුත් ජොහාන් ප‍්‍රනාන්දු හිමි කරගන්නා බවට රාජකීය දෛවඥයා වන සුමනදාස අබේගුණවර්ධන මහතා විසින් අනාවැකියක් පළකර තිබීමෙන්ම ජයසේකර මහතා කොතරම් අවාසනාවන්තයෙක් දැයි පැහැදිලි වන බවද එජාප මහලේකම්වරයා පැවසීය.

ගිලෙන නැවකට කිසිවකු පනින්නේ නැති බැවින් දයාසිරිගේ කේන්දරය බලවා ගන්නා ලෙස ඔහුට දන්වා සිටිනවා යැයිද අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.

10,504 Viewers

34 Comments to “දයාසිරි කේන්දරය බලවගන්න… ගිලෙන නැවකට කවුරුවත් පනින්නෑ”

  1. lokka says:

    අත්තන ඇට කාපු තිස්සයො උබෙයි උබේ පිම්පි නායක්සයාගෙයි කෙන්ද්‍රය බලා ගත්තොත් නරකද? උබලා හින්දා අවාසනාවන්ත වෙන්නේ උබල නෙමෙයි මෙ රටේ විපක්සයට චන්දය දුන්න මිනිස්සු. එකෙ නෙමේයි රාජකිය දයිවනක්යා කියලා නැද්ද ආන්ඩුව විෂිස්ට ලෙස විපක්ෂය පරදලා ජය ගන්නා බව.දායාසිරිගේ අවාසනාව ඇති කරෙ උබලා එ අවාසනාව පසුගිය 23 වෙනිදා අවසන් උනා.

  2. mithila says:

    දයාසිරිගේ කේන්දරේ කෙසේ වෙතත් විපක්ෂේ කෙන්දරේනම් ඉක්මනට බලා ගන්න වෙයි වගේ.

  3. koluwa says:

    හරියට හරි……

  4. අසරනයා says:

    පරදින්නෙ කවුද ගිලෙන නැව මොකක්ද? කේන්දර බලව ගත්ත යුත්තේ කවුද කියලා මුලු රටම දන්නනවා
    ඒක ලග එන ඡන්දෙත් හැමෝටම බලාගන්න පුලුවන්
    මුලින්ම ආසන එකක් හරි දිනා ගන්න ක්‍රමයක් හොයන්න

    • Max Madugalle says:

      මේ සැරේ මට පෙනෙන විදිහට …කාරයෝ ඉතිහාසගතවෙන වාර්තාවක් තියලා පරදිනවා.

    • Max Madugalle says:

      මේ සැරේ මට පෙනෙන විදිහට UNP කාරයෝ ඉතිහාසගතවෙන වාර්තාවක් තියලා පරදිනවා.

  5. Asiri says:

    තිස්ස අයියාට ජෙලස් දයාසිරි අයියා ආණ්ඩුවට ගිය එකට……දුක් වෙන්න එපා සුදෝ ඔයත් එන්න.

  6. ඥානසාරු says:

    දයාසිරි ගැන දුකයි. මහඇමතිකම යන්නෙ අපේ ජොන්ස්ටන් ඇමතිතුමාගෙ පුතාට. ජොන්ස්ටන් ඇමතිතුමාට ජයවේවා. එතුමා හැම අවුරුද්දෙම මට විස්කි කේස් එකක් එවනවා.

    • නෙව්ස් says:

      මෙහි ඥානසාර නමින් අදහස් දක්වන මුස්ලිම් සහෝදරයා වැනි ලංකාවේ වෙසෙන මුස්ලිම් වරුන් ජිහාඩ්, අල්කයිඩා, තාලිබාන්, මුජහදීන් වැනි අන්තවාදී කල්ලි දේවත්වයෙන් සලකයි. එහෙත් ඒබව නොපෙන්වයි. . කවදාවත් මෙයාල එවැන්නන් හෙලා දකින්නේ නැත .. අන්තවාදී කියන්නේ නැත ..මොහුගේ අදහස්වලින් ඒබව හොදට පහදිලිවෙඊ .. බොහෝවිට මොහුත් අල්කයිඩා, තාලිබාන්, වැනි ම්ලේඡ්ච සන්විදනයක ඉත්තෙක් වෙන්න පුළුවන් .. අන්තවාදීන් ෂරිය නීතියගෙන්න දගලඊ… එටපස්සේ ඒවා රටේ නීතිවෙනවා බවට පත්වෙඉ එතකොට සිංහල දෙමල අයට මුහුද්හට තමඊ පනින්න වෙන්නේ .

      • ඥානසාරු says:

        යකො මම උබෙ මුස්ලිම් සහෝදරයා නෙවේ. මගෙ මස් ගිලල හැදුන ශරීරය දැකල මූ රැවටිලා. මේ නෙව්ස්ගෙ එක කුස උපන් මුස්ලිම් සහෝදරයා හොයල දීපල්ල. උගෙ අම්මවත් මුස්ලිම් බාප්පවත් දන්නෙ නැතිලු ඌ ඉන්නෙ කොහෙද කියල.

  7. Max Madugalle says:

    පව් අප්පා තිස්ස අත්තනායක (UNP කාරයෝ) සාස්තර කාරයෝ පස්සේ යන්නත් පටන් අරගෙන වගේ .

    අන්තිම අසරණ උනාමනේ කෙනෙක් ඔය වැඩේ කරන්නේ.

  8. nishani says:

    මෙයාලා දැන් ආණ්ඩුවට බනින එක නවත්තලා දයාසිරිට බනින්න පටන් අරන් තියෙන්නේ ඇයි දන්නේ නැහැ.විපක්ෂේ කට්ටියගේ ඔක්කොම වැඩ එලියට දාපු නිසාද කොහෙද?පේනවනේ දයාසිරි අයියා වගේ තමා අනිත් අයත් නොබැන බැරිකමට ආණ්ඩුවට බනිනවා.

  9. 13 කපොතියි says:

    Tissa don’t day dreaming……

  10. PAPPA says:

    THISSA,THISSA,OYAGE NAYAKAYA KEE WATHAWAK PARADUNADA? A GANATH RATATAMA KIYANNANKO ANE.

  11. nirosha says:

    ගිලෙන නැව විපක්ෂය තමයි කියල හැමෝම දන්නවා . මේ ගොල්ලෝ නොදන්නවට .ඒකවත් දන්නේ නැති මිනිස්සු ටිකක් නේ මේකේ ඉන්නේ

  12. විජේසිරි says:

    කාගෙවත් කේන්දර බලන්න කලින් ඔයාගේ කේන්දරේ බලා ගන්න…..

  13. gayan says:

    දයාසිරිගේ කේන්ද්‍රය නෙමෙයි ඔය පක්ෂයේ ඉන්න අයගේ කේන්ද්‍රය බලව ගන්න එක නම් හොඳයි .දැන් එන්නේ හොඳ කාලේ නම් වෙන්න බෑ

  14. namalee says:

    මිනිස්සු අසරණ වුනාම ඔයවගේ ඒවා හිතෙන එක සාමාන්‍ය දෙයක් ..හිත හදා ගන්න හරි ඔහොම හිතන එක හොඳයි .නැත්නම් ඔහොම හිතල මොනවා වෙයිද දන්නේ නෑ

  15. nimali says:

    පව් තමන් ඉන්නේ කොතනද කියල වත් තාම හිතා ගන්න අමාරුයි වගේ ….හිතාගෙන ඉන්නේ තාම ගිලිලා නෑ කියලද ….කට උඩිනුත් වතුර යන්න ලඟයි .තාමත් නිදගෙනද ඉන්නේ

  16. Jujaka Bamuna says:

    මයිනෙක් වගේ කියවන්නේ ඇයි තිස්ස
    ආයෙත් වරක් ඇනගන්නට දෝ පස්ස
    ගෑනුන් බලන් ඉන්නවා අරගෙන කොස්ස
    යන්නට එපා ගම්වල නැතිවෙයි හොස්ස

  17. randil says:

    මෙගා ස්ටාර් වෙන්න බැරි උනේ, විනිසුරුවන්ට පගාව දෙන්න මුදල් තිබුනේ නැති නිසා.

  18. යතාර්ථය says:

    තමුන්ගේ කේන්දරේ බැලුවනන් නරකද? මොකද ඔය නැගලා ඉන්නේ ගිලෙන නැවක.

  19. assazin says:

    says by a party that’s being mummified by it’s own leader.sour loosers,bluffing ang gambling on innocent people’s votes.hell with you all.

  20. කොඩිතුවක්කු says:

    ඇත්ටටම මූ මොකෙක් ද බං..දයාසිරි පැරදුන ඒවා සේරම කියල අන්තිමට…..
    “පසුගිය මහසභා මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ වැඩිම එජාප ඡන්ද සංඛ්‍යාව ඔහු හිමිකර ගත්තද,තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ නොකරන බව අත්තනායක මහතා පැවසීය.”
    මට නම් හිතා ගන්න බෑ මේ යකාව එජාපෙ මහා ලේකම් කලේ කව්ද කියල.

  21. සුරියබණ්ඩාර says:

    මිස්ටර් මොට්ටනායක අන්න තවත් හයක් ආණ්ඩුවට යන්න හදනවලු.

  22. සුවාරිස් says:

    ඔබතුමාගේ හතර කේන්දරේ පාලුයිලු නේද…….සෑර්

  23. වෙඩිසිංහ says:

    ඔය වගේ කතා කීමෙන් එජාපය තව තවත් වලපල්ලට යනවා මිසක ගොඩ ඒමක් නම් පෙනෙන තෙක් මානයක නොමැත.

  24. UNP කාරයා says:

    කේන්දරේ බලාගන්න වෙලා තියෙන්නේ උඹල වගේ නපුංසකයින්ට ඡන්දේ දුන්න අපි වගේ මෝඩ හරක්ගේ මහත්තයෝ.

  25. හෙලයා says:

    මෙයාට කිසි ප්‍රශ්නයක් නෑ. මෙයා ආවෙ චන්දෙන් නෙමෙයි. මෙයාගෙ ළමයි ඉගෙන ගන්නෙ එංගලන්තෙ. මේ පාරත් චංදෙ පරාද වුන ගමන් මෙයා එහෙයයි නිවාඩුවට මහන්සි අරින්න.

  26. Max Madugalle says:

    මේ තිස්ස අත්තනායක දේශපාලනේට රිංගුවේ අමුතුම කපටි වැඩකින්. දැන් කාලේ හුගදෙනෙක් දන්නෙත් නැති නිසා කියන්නම්.

    මෙයා ආවේ උඩුදුම්බර කියන ආසනෙන් (මහියංගනේ පැත්තේ). ඒ කාලේ UNP ආණ්ඩුව JR ගෙන් ඉවර වෙලා ප්‍රේමදාස අතට ගියා හෝ යන්ට කිට්ටුව. ඒ කලේ උඩුදුම්බර ආසනේ හිටියේ A.M.R.B.අත්තනායක කියලා කෙනෙක්. JR යටතේ නියෝජ්‍ය ඇමති කෙනෙක්. එයා ප්‍රේමදාසගේ බෝ… පොලිෂ් කළේ නෑ නිසා ප්‍රේමදාස ඇතුලතින් එතරම් කැමැත්තෙන් නෙමෙයි හිටියේ. නමුත් ප්‍රේමදාස එකපාරටම A.M.R.B.අත්තනායක අයින් කලොත් පාඩු වෙයි නිසා මේ තිස්ස අත්තනායක කියන තරුණ මිනිහාට ටිකට් එක දීලා උස්සලා තිබ්බා. උඩුදුම්බර ආසනේ මිනිස්සු හිතුවේ මේ අර A.M.R.B.අත්තනායක පුතා කියලා. මෙයත් ඒ විදිහටම රගපෑවා. ඒ චන්දෙන් ආණ්ඩු මාරුවක් උනේ නෑ . දිගටම UNP එක බලයේ හිටියා. මෙයා හෙමීට A.M.R.B.අත්තනායක කපලාම දාලා බලයට ආවා.

  27. kumara says:

    ගිලුන නැවකට වඩා ගිලෙන නැව හොදයි කියල ඒකාට තේරෙන්න ඇති

Leave a Comment

——–

anigif

Add-here-new

st

contactus-n