මොනවද මේ “මෙගා පික්සල්ස්…”

සරළව කියනවා නම් මෙගාපික්සල් එකක් කියන්නේ පික්සල් මිලියනයක්… එහෙනම් පික්සල්
එකක් කියන්නේ මොකක්ද…?

පික්සල් එකක් කියන්නේ පුංචි තිතක්. අපි පරිඝණක තිරයකින් හරි ජංගම දුරකතනයකින් හරි දකින හැම ඩිජිටල් ඡායාවක්ම සැදිලා තියෙන්නේ මේ වගේ පුංචි තිත් සිය දහස් ගණනක් හෝ ලක්ෂ කෝටි ගණනක් එකතු වෙලා. උදාහරණයක් විදිහට ඔයා පාවිච්චි කරන ඩිජිටල් කැමරාව මෙගාපික්සල් අටක කැමරාවක් නම්, ඒක පාවිච්චි කරලා ගන්න ඡායාරූපයක් හැදෙන්නේ අර කිව්ව වගේ තිත් මිලියන අටකට ආසන්න ගාණක් එකතු වෙලා.

අපි වගේ නවකයන් අතර ජනප්‍රිය DSLR එකක් තමා Nikon D3100 කියන්නේ. ඔයාලා Nikon D3100 කැමරාවකින් ගත්තු ඡායාරූපයක් කපන්න කොටන්න කලියෙන් දිග පලළ බැලුවොත් දකීවී 4,608 X 3,072 විදිහට සටහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ඡායාරූපය හැදිලා තියෙන්නේ තිත් 14,155,776 (4,608 X 3,072) කින්. ඒකයි Nikon D3100 එක මෙගා පික්සල 14.2 ක කැමරාවක් කියන්නේ.

මෙගා පික්සල් ගණන වැදගත් වෙන්නේ ඔයාලා ඩිජිටල් කැමරාව භාවිතා කරලා ගන්න ඡායාරූප මුද්‍රණය කරන්න යනකොටයි. ඔයාගේ කැමරාව ඉතා අඩු මෙගා පික්සල ගණනක කැමරාවක් නම්, මුද්‍රණයේදි ඔයාලාට යන්න පුලුවන් ප්‍රමාණය සීමා වෙනවා. නමුත් මතක තබාගත යුතු වැදගත්ම දේ තමා කැමරාවක මෙගා පික්සල ගණන ඒ කැමරාවේ ගුණ අගුණ කියන එකම සාධකය නෙවෙයි. මොකද මෙගා පික්සල පහක කැමරාවකින් වුනත් හොඳ නිමාවකින් යුතු 8×10 ප්‍රමාණයේ ඡායාරූපයක් මුද්‍රණය කර ගන්න පුලුවන්. අනෙක් අතට සමස්ථ කැමරාවේ තත්ත්වය, කැමරා වර්ගය (DSLR ද Compact ද), සංවේදකයේ (Sensor) වර්ගඵලය වගේ වෙනත් සාධක හින්දා එකම මෙගා පික්සල ගණනකින් යුතු කැමරා දෙකකින් ගන්න ඡායාරූප වල පවා මුද්‍රණ නිමාවේ වෙනස් කම් තියෙන්න පුලුවන්. ඒ හින්දා ඩිජිටල් කැමරාවක් මිලදි ගනිද්දි මෙගා පික්සල ගණන පස්සෙම යන එක නුවණට හුරු නැහැ.

මට කොච්චර මෙගා පික්සල ගණනක් ඕනේද…?

ඔයා ගන්න ඕනේ මේගා පික්සල කීයක කැමරාවක් ද කියන එක තනිකරම තීරණය වෙන්නේ අපි ගන්න ඡායාරූපවලින් අපි මොනවද කරන්න හිතාගෙන ඉන්නේ කියන කාරණය මතයි. ඔයා ඔයාගේ පින්තූරයක් මුද්‍රණය කරන්න බලාපොරොත්තුවක් නැත්නම්, පරිගණකයෙන් නරඹන්න විතරක් හිතාන ඉන්නව නම් අඩු මෙගා පික්සල ගණනක කැමරාවක් ඔයාට හොඳටම සෑහෙනවා. නමුත් ඔයාට හොඳ නිමාවකින් යුතු 8 x 10 ප්‍රමාණයේ වගේ ඡායාරූප මුද්‍රණය කරන්න ඕන් නම්
මෙගා පික්සල ගණන ටිකක් වැඩි වෙන්න ඕනේ.

ඔයාට අවශ්‍යය මෙගා පික්සල ගණන තීරණය කරන්න කලියෙන් අපි බලමු මුද්‍රණයෙදි ඡායාරූපයක් නිමාවට බලපාන කාරණයක්. ඒකට කියන්නේ DPI (Dots per Inch) අගය කියලයි. ඒ කියන්නේ වර්ග අඟලක තියෙන තිත් ප්‍රමාණයයි. යම්කිසි ඡායාරූපයක් 300DPI අගයකින් මුද්‍රණය කලොත් සෑහෙන්න හොඳ නිමාවක් ලබාගන්න පුලුවන්. 240DPI කියන්නෙත් සෑහෙන මට්ටමක හොඳ තත්ත්වයක්. ඉතින් මේ ගණන් ටික දාලා ගණන් හදලා බැලුවොත්,

8×10(300DPI) = [8 ‍‍X 300] X [10 X 300] = 2,400 X 3,000 = 7,200,000 = 7.2MP

16 X 20(240DPI) = [16 ‍‍X 240] X [20 X 240] = 3,840 X 4,800 = 18,432,000 = 18.5 MP

ඔයාලට උඩ තියෙන සමීකරණයෙන් මෙගාපික්සල ගණන සහ මුද්‍රිත නිමාවේ ප්‍රාමාණය ගැන පැහැදිලි අදහසක් එන්න ඇති කියලා හිතෙනවා. නමුත් මේ සමීකරණය ටිකක් සංකීර්ණ වෙන්නේ අපි ගන්න ඡායාරූප කප්පාදු කරන්න (Crop) සිදු වුණාමයි. අපි ගන්න ඡායාරූපයකින් ආවරණය වුණු සම්පූර්ණ කොටසම වැදගත් වෙන්නේ බොහෝමයක් කලාතුරකින්. ඉතින් එහෙම අවශ්‍යය හරි නාඹිගත වෙලා හරින තියෙන කොටස විතරක් කපලා කොටලා අරගත්තොත් අපිට මුද්‍රණයෙදි යන්න පුලුවන් ප්‍රමාණ සීමා වෙනවා. නැත්නම් අනෙක් අතින් DPI අගය අඩු කරන්න වෙනවා. එතකොට නිමාවේ තත්ත්වයට බලපානව. ඒ හින්දා වැඩි මෙගා පික්සල ගණනක් ඕනෑ වෙනවා.

– Sampath

13,580 Viewers

13 Comments to “මොනවද මේ “මෙගා පික්සල්ස්…””

  1. bathiya says:

    thanx

  2. Anonymous says:

    good..

  3. nariya-RNLS says:

    thank you …good advice

  4. Induka says:

    Dear Mr. Sampath,

    I am thanking you to publish this artificial. I understand 100% what you want to tell us.

    I am 46 years old male. I recently buy Nikon D90 SLR camera with all the required assessors too. But I have very very small knowledge on photography. But I am very like learn. Pls. help me learn from beginning. My E-Mail address indukans@gmail.com

    Thanks.

    Induka

  5. harsha says:

    පික්සලයක් කියන්නේ තිතක් වගේ එකකට නොවෙයි. තිතක් කියූවිට එය අපට තේරුම් යනනේ වටකුරු දෙයක් ලෙසයි. නමුත් පික්සලයක් හතරැස් ආකාරයටයි තියෙන්නේ. චායාරූපයක් පොටෝෂොප් මෘදුකාංගයෙන් ව්වුර්ත කර එය 1500 පරමාණයක් විශාල කර බැලුවොත් ඉතාම හොඳින්පේනවා මෙහි හතරැස් බව.

    මෙම එක පික්සලයකට තියෙන්නේ එක වර්ණයයි. චායාරූපකට වර්ණ විශාල සංඛාවක් වගේම එම වර්ණවල අඩු වැඩි වීම් විශාල ප්‍රමාණයක් ඇති බැවින් වඩා සාර්තක වර්ණ සංයෝජනයක් සඳහා වැඩි පික්සල් පරමාණයක් අවශ්‍යයි එය මනිනු ලබන්නේ වර්ග අඟලකට ඇති පික්සල ප්‍රමානය මතයි එනම් PPI Pixel per Inch එය වැඩිවන තරමට චායාරූපයේ ගුනාත්මක බව වැඩ්යි DPI ශහ PPI කියන්නේ එකක් නොවේ දෙකක් PPI චායාරූපයෙ ගුනාත්මක බවටත් DPI මුද්‍රණයේ ගුනාත්මක බවටත් බලපානවා

    චායාරූප මුද්‍රණ්යේදී අප බලන්නේ එම රූප්යේ වර්ග අඟලකට ඇති ඩොට් ප්‍රමාණයයි DPI අප බාවිතා කරන මුද්‍රණ් කඩදාසියෙ තත්වය මත මෙමෙ DPI අගය තීරනය කලයුතුයි ඩොට් ප්‍රමාණය වැඩි උනහොත් චායාරූපය බොඳවීමට ඉඩ තියනවා, තිත් අඩු උවහොත් රූපය සුදුපාට වෙනවා. මේවා දැනගනීම අවශ්‍ය අප අපේ මුද්‍රණ යන්ත්‍රයකින් චායරූප මුද්‍රණය කරනවානමි තමයි. කලර්ලැබ් එකකින් එය කරනවානමි ඔවුන් එය තම මුද්‍රන කඩදාසියට ගැලපෙන ලෙස වෙනස්කර මුද්‍රනය කරනවා

  6. Spartacus says:

    Dear Mr. Sampath,

    I would like to thank you for help to improve our knowledge about this subject. This is a very good article.

    And also i would like to invite you please publish more articles about these kind of subjects ( related to IT, Computer, advance technologies……) to improve our knowledge.

    Thank you,

  7. lanka says:

    elazzzzzzzzzzz…

  8. Spartacus says:

    මේ ප්‍රස්නවලට පිළිතුරු දෙන්න පුලුවන්නම් ඔබට ගොඩක් ස්තුතියි.

    1. PPI අගය සහ කැමරාවක් මෙගා පිෂ්කෙල් අගය අතර සම්බන්දතාවයක් තියෙනවද?

    2. කැමරාවක් ගන්නකොට PPI අගය අපිට තීරණය කරන්න පුලුවන්ද?

    3. කැමරාවක් ගද්දි සැලකිලිමත් විය යුතු දේවල් මොනවද?

  9. harsha says:

    Spartacus ට

    1. Digital කැමරාවක මෙගාපික්සල් අගය තීරනය කරන්නේ එය නිපදවන විටමයි. එය එම කැමරාවේ උපරිම මෙගාපික්සල් ප්‍රමාණයයි. කැමරාවේ Settings වලින් එය ඊට වඩා අඩු අගයන්ට වෙනස් කල හැකියි PPI යනු ඔබ ගන්න චායාරූපයේ වර්ග අඟලකට ඇති පික්සල් ප්‍රමාණයයි. චායාරූපයේ Resolution ලෙස හඳුන්වන්නේ මෙයයි. එනිසා මෙම Resolution වෙනස් කිරීමෙන් ඔබ ගන්නා චායරූපයේ ප්‍රමානය size වෙනස් කල හැකියි. මෙය (Resolution) සම්මතයක් ලෙස 300 PPI ලෙස සඳන් උවත් එය එසේවීම වශ්‍යම නෑ . PPI 72 සිට ඉහලට එය වෙනස් කල හැකියි. එය ඔබ ගන්නා චායාරූපයේ ගුනාත්මක බවට බලපානවා. අප අතට අරන් බලන චායාරූපයකට නම් PPI අගය 225-300 ප්‍රමාණය සෑහෙනවා. අප දකින විශාල ප්‍රමානයේ චායාරූප සඳහා PPI අගය 72-180 ප්‍රමාණ ඇති එයට හේතුව එම චායාරූප අපට ලඟ සිට නැරඹ්ය නොහැකිවීමයි ඈත සිට බලනවිට එම චායාරූප ඉතාහොඳින් පේනවා. එනිසා ඔබට විශාල චායාරූප අවශ්‍යනම් ඔබ වැඩි Mega Pixsel කැමරාවකට යායුතුයි. දැන් ඔබට වැටහෙනවා ඇති Mega Pixel යනු කැමරාවේ සම්පූර්ණ පික්සල් දාරිතාව බවත් PPI යනු එහිම අඟලකට ඇති පික්සල් ප්‍රමාණය බවත්.

    2. එය තීරණය වන්නේ ඔබ ගනනා චායාරූපය කොපමන විසාල කරනවාද කොපමන කුඩාකරනවාද යන්න මතයි. Photoshop වැනි චායාරූප සංස්කරනයට බාවිතා කරන මෘදුකාංගයක් මගින් චායාරූපයේ ප්‍රමානය හා PPI අගය ඔබට කැමති ලෙස වෙනස් කරගත හැකියි.

    3. ලෝකයේ නිශ්චල කැමරා වර්ග දෙකක් තියනවා එකක් SLR (Single Lens Reflex) අනික TLR (Twin Lens Reflex) SLR වර්ගය චායාරූප ගැනීම කලාවක් ශිල්පයක් නැතිනම් රැකියාවක් ලෙස කරන අයට යොග්‍යයි එම කැමරාවර්ගය තුලින් ඔබට විවිධ අත්හදා බැලීම් කරමින් ( ආලොකය පාලනයකිරීම, නාබිගතකීරීම් වෙනස් කිරීම වේගය (Shutter Speed) පාලනය කිරීම් Flash Gun බාවිතාකිරීම්) ඉතා අපූරු චායාරූප ගත හැකියි. මෙම කැමරාවල තියෙන්නේ එක ලෙන්ස් එකයි ඒතුලින්ම තමයි ඔබට ඔබ ගැනීමට බලාපොරොත්තුවන රූපය පෙනෙනේ. හැබැයි මෙමෙ වර්ගයේ කැමරා ඉතා මිල අධිකයි. ලෙන්ස් එක නැතිව Camera body එක පමනක් රු ලක්ශයක් වත් වෙයි. විවිද ලෙන්ස් (Normel Lens, Fisheye, wide-angle, Zoom, Tele ) විවිද Filter. හා Flash Gun සමග රු ලක්ශ 5කට වඩා වැඩිවෙනවා.

    අනිත් වර්ගය TLR (Twin Lens Reflex) තමයි ලෝකයෙ වඩාත් ප්‍රචලිත වර්ගය එහි ප්‍රධාන ලෙන්ස් එකට අමතරව අප ගන්න චායාරූපය බලනන් වෙනම ලෙන්ස් එකක් තියනවා. දැන් තියන සමහර Digital කැමරාවල මෙම දෙවනි ලෙන්ස් එක නෑ. මෙමෙ වර්ගයේ කැමරා බාවිතය ඉතා පහසුයි හැම දේම කලින් සකසා කැමරාවට ඇතුලත් කරලා තියනවා අපට තියෙන්නේ අවශ්‍ය දේ තෝරාගෙන ගන්න බලාපොරොත්තුවන රූපය හොඳින් කැමරාවට හසුකර ගැනීම පමනයි

    මම චායාරූප ශිල්පියෙක් නොවෙයි වෙනත් රැකියාවක් කරන අයෙක්. මෙය විනෝදයට කරන දෙයක් මෙහි වැරැද්දක් ඇතිනම් එය නිවැරදි කරන්න

  10. Spartacus says:

    Dear Mr. Harsha,

    OK, Thanks lot for your valuable description. Thanks again.

  11. චීනා says:

    grate article machan

  12. බුරුවා says:

    අඩේ පට්ට පට කිවුවලු මේ හරක් මොනවා කියනවද මන්ද? මට මොන මගුලක්වත් තෙරෙන්නේ නැහැ.. maga pixel කියන්නේ mega star වගේ එකක්ද?

Leave a Comment

——–

Add-here-new

then

contactus-n