අධික වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් පිලිපීන ජන ජීවිතය කටයුතු අඩාල වී ඇතැයි විදෙස් පුවත් සේවා පවයි. ජල ගැල්මෙන් වැඩිම බලපෑමක් සිදුව ඇති එරට මැනිලා අගනුවර අවට ප‍්‍රදේශ වල මාර්ග වැඩි සංඛ්‍යාවක් ජලයෙන් යටවී ඇති අතර දස දහස් සංඛ්‍යාත පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත්කරනු ලැබ තිබේ.
මැනිලා අගනුවර පාසල්, වානිජ ව්‍යාපාර ආයතන සහ රජයේ කාර්යාල සියල්ල වසා දමා තිබේ.
මිලියන 15 ක පමණ ජනතාවට ජල ගැලීම්වලින් බලපෑම් එල්ල වී ඇතැයිද විදේශ ප‍්‍රවෘත්ති සේවා සදහන් කරයි. අවතැන්වු පිරිස අතර කුඩා ළමයි රැසක් සිටිති. ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට පිලිපීන ආරක්ෂක හමුදා යොදවා තිබේ.
විදුලිබල සැපයුම සහ සන්නිවේදන සේවා අක‍්‍රීය වී ඇත.
මැනිලා අගනුවර ස්ථාන කිහිපයකම මහල් නිවාසව, යටි මහල සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී ඇතැයි ද සහන සේවකයෝ පවසති. දෙවන හා තුන්වැනි මහල්වල සිරවී සිටින පදිංචි කරුවන්ට සහනාධාර සැපයීමට පියවර ගෙන තිබේ.