තොරතුරු නොදුන් අයටත් අවස්ථාවක්

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (1919) මෙතෙක් තොරතුරු ලබා දී නොමැති රාජ්‍ය ආයතන ඒ සදහා වහාම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ඉල්ලා සිටියි.

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අමතන මහජනතාවට ඇවැසි දුරකථන අංක සහ තොරතුරු නොමැති වීමෙන් ඔවුන් පත්වෙන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම කරන බව නියෝජිතායතනය පවසයි.

ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියට අනුවද මෙම තොරතුරු ලබා දීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන් බැදී සිටින බවද නියෝජිතායතනය පවසයි.

රාජ්‍ය ආයතන මගින් ඉටු කෙරෙන මහජන සේවාවන් පිලිබද තොරතුරු රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙත ලබා දෙන ලෙසත් එම ලබා දෙන තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමේ වැදගත්කම පිලිබදවත් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මැතිතුමා රාජ්‍ය නිලධාරීන්ට අවධාරණය කළ බවද නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.

මෙසේ තොරතුරු හා දුරකතන අංක රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙත  ලබා දීමෙන් විශේෂයෙන් රාජ්‍ය ආයතන වලට කිහිප ආකාරයකින් වාසියක් වන බවද නියෝජිතායතනය පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍යංශ දෙපාර්තමේන්තු අධිකාරී ඇතුලු ආයතන 290 ක පමණ තොරතුරු සහ දුරකතන අංක රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සතු බවත් දිනකට මහජන ඇමතුම් 5500ක් පමණ ලැබෙන බවත් නියෝජිතායතනය ප්‍රකාශ කරයි.

 

2,133 Viewers

Leave a Comment