Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

රජයේ නිලධාරීන්ට තවත් පුරුදු කරයි

August 16, 2012 at 2:20 am | Lanka C News.

රජයේ නිලධාරීන්ට තවත් පුරුදු කරයි

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (1919) කාර්යක්‍ෂමව සහ විධිමත්ව තොරතුරු ලබාදීම පිලිබදව අදාල නිලධාරීන්ට පුහුණුවක් ලබා දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පියවර ගෙන තිබේ.

මේ අනුව රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට තොරතුරු ලබා දීම සදහා  රාජ්‍ය ආයතන වල පත්කර සිටින නිලධාරීන්ට මෙම පුහුණුව ලබා දෙන බව නියෝජිතායතනය පවසයි.

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ නිල වෙබ් අඩවිය වන www.gic.gov.lk වෙබ් අඩවියේ අඩංගු තොරතුරු යාවත්කාලීන කිරීම සහ   නව තොරතුරු වෙබ් අඩවියට ඇතුලත් කිරීම ගැනද මෙහිදී  පුහුණුව ලබා දෙන බව නියෝජිතායතනය සදහන් කරයි.

වෙබ් අඩවියක් හසුරුවීම පිලිබදව තාක්ෂණික  පුහුණුව පරිගණක ආරක්‍ෂණය ගැන පුහුණුවක් මෙන්ම තොරතුරු බෙදාහැරීම පිලිබද පුහුණුවක් ද මෙයට අයත් වන බව  නියෝජිතායතනය පවසයි.

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මේ වන විට රාජ්‍ය ආයතන දෙසිය අනුවක පමණ තොරතුරු ජනතාවට ලබා දෙමින් සිටින බවද නියෝජිතායතනය සදහන් කරයි.

859 Viewers
Print
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English