ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය කොරියානු භාෂා ප්‍රවීනතා විභාග අයදුම්කරුවන්ට විශේෂ ජංගම දුරකථන සබඳතාවක් සහිත සිම්පතක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
එම විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා අවශ්‍ය තොරතුරු කඩිනමින්,සහ විධිමත්ව හා විශ්වාසවන්ත ලෙස ලබාදීමේ අරමුණින් මෙම සිම්පත නිකුත් කරනු ලැබේ.
මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රී ලංකා මොබිටෙල් දුරකථන සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
කොරියානු රැකියා අක්‍රමිකතා වළකාලීම, රැකියා අපේක්ෂකයින් සඳහා අවශ්‍ය තොරතුරු කෙටි පණිවුඩ මාර්ගයෙන් පහසුවෙන් තොරතුරු ලබාදීම, කාලය හා අනවශ්‍ය වියදම් අවම කිරීම මෙම නව ක්‍රමවේදය මගින් සිදුවේ.