Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

මිරිස් ආනයනය නතර කරයි

August 29, 2012 at 2:41 am | Lanka C News.

මිරිස් ආනයනය නතර කරයි

දේශීය මිරිස් ගොවියා ආරක්ෂා කිරීම සඳහා මිරිස් ආනයනය නතර කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

දේශීය මිරිස් ගොවියා දිරි ගැන්වීමේ වැඩසටහන් හා මිරිස් නිෂ්පාදනය වැඩි කිරීමේ වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කර මිරිස් ආනයනය නතර කිරීමේ මුලික පියවර තබන බවද අබේවර්ධන මහතා සඳහන් කරයි.

දේශීය ගොවියා ආරක්ෂා කිරිම වෙනුවෙන් මේ වන විටත් රජය ආනයනික ලොකු ළුණු සහ අර්තාපල් සඳහා බදු පනවා තිබෙන බවත් පවසන ඒ මහතා මිරිස් ඇතුලු දේශීය නිෂ්පාදනවල අස්වැන්න වර්ධනය කිරීමේ අරමුණෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නවීන තාක්ෂ‍ණයෙන් යුතු කෘෂිකර්මාන්තයක් ගොවි ජනතාවට හදුන්වා දී තිබෙන බව කීයා සිටී. එමඟින් එට ස්වයංපෝෂිත කර වාණිජ කෘෂිකර්මාන්තය නංවාලීමේ උත්සාහයක ද දෙපාර්තමේන්තුව නියැළි සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

1,533 Viewers
Print
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English