ගොවි ණය අයකර ගැනීම අත්හිටුවයි

නියගයෙන් පීඩාවට පත් ගොවි ජනතාව රාජ්‍ය බැංකුවලින් ලබාගෙන තිබු ණය අයකර ගැනීම 2012 සහ 2013 මාස් කන්නයේ අස්වනු නෙලා ගන්නා තෙක් අත් හිටුවන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයට නියෝග කර තිබේ.

ඒ අනුව ලංකා බැංකුව, මහජන බැංකුව, ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමූපකාර ග‍්‍රාමීය බැංකුව නියඟය බලපෑ ප‍්‍රදේශවල ගොවීනට දුන් ණය අය කර ගැනීම 2012/2013 මාස් කන්නයේ අස්වනු නෙලන තෙක් අත් හිටුවනු ඇත.

මේ අතර නියඟයෙන් පීඩාවට පත් ජනතාවට ලබන කන්නය සඳහා බිත්තර වී සහ පොහොර නොමිලයේ ලබා දීමට ද රජය තීරණය කර තබේ.

1,052 Viewers

One Comment to “ගොවි ණය අයකර ගැනීම අත්හිටුවයි”

  1. Senkadagala says:

    එහෙමවත් ලොකු දෙයක්.නමුත් මේ නය ඔක්කොම එකතු කලත් එක ඇමැතියෙකුගේ මාසෙක වියදම තරම් වත් නැති වෙයි.අත්හිටවන්න නෙවෙයි සම්පුර්ණයෙන් කපාහරින්න වටිනා මොහොතක්.අපිව ජීවත් කරවන මිනිස්සු ටිකට සලකන සැලකිල්ල හිතාගන්න පුළුවන්නේ.

Leave a Comment